බුදුන් උපන් හෙළබිම. [බොරු] අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට නුදුරෙහි වු, ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ, පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් දවසක්, එවකට ලක්දිව කොටසේවූ යක්ඛ ගෝත්‍රික මහ රජවරු හතර දෙනා ඇතුලු වගකිව යුත්තන් තම සේනාවන් ද සමග බුදුපියාණන් බැහැදකින්නට පැමිණියා. [මේ බොරු වලට ඔබත් රැවටුනාද?] 

මොවුන් මෙසේ පැමිණියේ යම් විශේෂ කතිකාවක් සඳහායි. ඉතා වැදගත් යමක් ප්‍රකාශ කිරීමටයි.. ඒ එන්නේ බෞද්ධ ජනතාවට යක්ඛ නාගාදීන්ගෙන් වන හිරිහැර නිසා ඉදිරියට එවන්දේ නොවන්නට සම්මුති ගිවිසුමක් ඇතිකර ගන්නයි. මොකද යක්කු බෞද්ධයන්ට කරදර හිරිහැර කරනවා කියල පැමිණිලි ගොඩාක් තිබුනා.. [බොරු] බුදුහාමුදුරුවෝ කියන්නේ මේ හෙළ රටේ හිටි අති උත්තම හෙළ රජෙක්. අප සිටින මේ ශ්‍රී ලංකාවේ බුදුරජුන් වැඩ සිටියේය. එදා මේ සිව්හෙළය දේව, යක්ක (ගාන්ධර්ව යනු ද යක්ඛ හෙළයටම අයිති කොටසකි). පිරිසිදු බුදු දහම. මෙම පහත කොටස රාවන සොයුරන්ගෙන් උපුටාගත් කොටසකි "සිංහලේ නිර්මාණය කරමින් සිව්හෙලයන් එක්කළ ඒ උතුමානන් කවුද? කලබළ නැතිව ඉන්දියානුවොයි ජර්මානුවොයි ලියල දීපු ඉතිහාසෙන් ඔබ්බට ගිහින් නිරවුල් මනසින් හොයල බලන්න [බොරු] 

මෙබඳු බොරු කතා කියන මෝඩයින් සඳහා පැහැදිලි සාක්ෂි සහිතව බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවේ නොව ඉන්දියාවේ බව බුදුන් උපන් තැන නම් PDF පොතේ දක්වා ඇත. මෙහි දක්වා ඇති සාක්ෂි ගණන ගණන් කිරීමටවත් නොහැකි තරම්වේ.  බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ඉන්දියාවේයි. සත්‍ය ඉතිහාසය වෙනස් කිරීමට කිසිවෙකුටවත් නොහැක.

 බොරු ගෙතීමට දක්ෂතාවයක් තිබෙන බැවින් එම කපටි මිත්‍යා දර්ශන පිළිපදින මිනිස්සු බුදුන් උපන්නේ ලංකාවේ, බුදුන් උපන්නේ හෙළබිමේ, හෙලබිම උපන් ගෝතම බුදුන් ආදී වශයෙන් විකාර කථා කියමින් ධර්මය විකෘති කිරීමේ පාපය කරගනියි. මෙහි ප්‍රතිඵලය නම් ඔවුන් මරණින් පසු නිරයේ ඉපදීමයි. 

සුරංගනා කතා - බුදුන් උපන්නේ ලංකාවේ.

පොත දැන්ම Download කරන්න පහත Download Link එක Click කරන්න. එවිට විවෘත වන වෙබ් පිටුව නැවත Reload කරන්න. එවිට Download වීම ආරම්භ වේ. මෙගා බයිට් 4ක PDF පොතකි. 

DOWNLOAD NOW



බුදුරජාණන් වහන්සේ උපන්නේ ශ්‍රී ලංකාවේ බව කියන සුරංගනා කතා වලට ඔබත් නොරැවටෙන්න. 

බුදුන් උපන් තැන පොත කියවන්න.


බුදුන් උපන් තැන (හෙවත් බුද්ධෝත්පාද ස්ථානය.)


(Birthplace of the Buddha.)


ඉනාමළුවේ සද්ධාතිස්ස හිමි සහ මහාචාර්ය වීරරත්නයන් විසිනි.



මෙහි දැක්වෙන කරුණු උපුටා ගැනීමට ඕනෑම අයෙකුට අවසර ඇත. මෙම ග්‍රන්ථය මුද්‍රණය කර බෙදා දීමට ඕනෑම අයෙකුට අවසර ඇත. 



For non-commercial distribution only. - Free for republishing.

මෙම ග්‍රන්ථය නොමිලේ බෙදා හැරීම සඳහායි. විකිණීමට නොවේ.



This book is about the birthplace of Gautama Buddha. We present evidence and facts connected to it. The book has been written in the Sinhala language. Please share this book with Buddhists. -Ven. Inamaluwe Saddhatissa and professor Virarathne.



Ven. Inamaluwe Saddhatissa,

Sambodhi Viveka Senasuna,

05th mile post,

Gomarankadawala.






Table of Contents

පෙරවදන 5

සත්‍ය: 9

අශෝක අධිරාජයා: 22

බැක්ට්‍රියාවේ මිලිඳු රජු: 38

බිම්බිසාර රජු: 41

පසේනජිත් රජු: 49

අජාතසත්තු රජු: 57

විඩූඩභ රජු: 63

තපස්සු-භල්ලික: 65

උපක ආජීවක: 68

Indian Inscriptions: 71

Ancient Vietnam: 77

Relics: 79

Bhattiprolu stupa: 81

Bhattiprolu script: 84

Ancient Ruins: 86

Ancient Stupas: 92

සිතියම්: 122

බටහිර රටවල්: 126

ඊජිප්තුව: 131

දඹදිව ප්‍රශ්නය: 132

ජම්බුදීපපෙයියාලය: 138

ජම්බු ගස පිළිබඳ: 161

සුදු ජාතිකයා: 169

ඉන්දීය ගංගාවන්: 170

මනෝශිලා පර්වතය: 199

හිමාලය කඳුවැටිය: 201

ඉසිගිරි කන්ද: 245

වෙනත් පර්වත: 254

සොලොස් මහා ජනපද: 282

ලංකාව: 435

සාගල නගරය: 439

ගයාව: 442

වාරණාසි නගරය: 447

නාලන්දා නගරය: 472

තක්සිලා නගරය: 483

රාජගෘහ නගරය: 487

කෝසම්බි නගරය: 521

විශාලා නගරය: 529

ශ්‍රාවස්ති නගරය: 535

කුසිනගර් නගරය: 546

නිගමනය: 552

Educational videos: 566

මහාපරිනිර්වාණ සූත්‍රය: 571



පෙරවදන

සියල්ල දන්නා, සර්වඥ බුදුරජාණන් වහන්සේ එක් ජාතියකට, එක් රටකට සීමා කළ හැකි පුද්ගලයෙක් නොවේ. බුදුරජාණන් වහන්සේ විවිධ ලෝකයන්ට සම්බන්ධවූ විශ්වීය පුද්ගලයෙකි.



වැදගත් පුද්ගලයෙකුට නෑකම් කීමට ලෝකයේ බොහෝ දෙනෙක් කැමතිය. බුදුරජාණන් වහන්සේට නෑකම් කීමට කැමති අය අද පමණක් නොව අතීතයේත් සිටියේය. මෙයින් එක් අයෙක් වූයේ සොලොස් මහා ජනපදයන්ගේ එක්තරා රජෙක්වූ කාසී සහ කෝසල යන රටවල් දෙක පාලනය කළාවූ පසේනදී රජතුමායි. මේ රජතුමාගේ ඒ ආශාව කොතරම් විශාල වූයේද යත් හෙතෙම ශාක්‍ය රජ කුමාරිකාවක් සමඟ විවාහ විය. විඩූඩභ නම් පුත් කුමාරයෙක්ද ඔහුට එම විවාහයෙන් ලැබුණේය. එහෙත් බුදුවරයෙක් එක් ජාතියකට අයිති නොවන විශ්වීය පුද්ගලයෙකි. වෙනකක් තබා බුදුවරයෙක් මිනිසුන්ට පමණක් නොව දෙවියන්, බ්‍රහ්මයන්, අමනුෂ්‍යන්, තිරිසන් සතුන්, ගණිකාවන්, මිනීමරුවන් ඇතුළු සියල්ලන්ටම පොදුය. උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ විශ්වයේ ස්වභාව ධර්මයයි.



වර්තමානයේ බුද්ධ ධර්මය ගැන නිවැරදි අවබෝධයක් නැති මිනිසුන් විනාශ කර දැමීමේ මහා පරිමාණ කුමන්ත්‍රණ කිහිපයක් ක්‍රියාත්මකයි. මේ කෛරාටික උපායශීලී මාර්ගයේ ගමන් කරන ප්‍රධාන කණ්ඩායම් 2කි.



එනම්: 1) “සර්ව බලධාරී දෙවියන් වහන්සේ ලෝකය මවනලදී/ මවති. මැවුම්කාර සර්ව බලධාරී දෙවියන් වහන්සේ ලෝකයේ ශ්‍රේෂ්ඨවේ. මැවුම්කරුගේ අනුගාමිකයෝ අපි වෙමු.” යනුවෙන් අදහන අන්‍ය ආගමික මිත්‍යා දර්ශනයක් ඇති පුද්ගලයින්. 



2) “කර්මය කියා දෙයක් නැත. සත්වයෝ නැවත නැවත උපදින්නේ නැත. මැරෙන්නේ එක පාරකි, පිනක් කියා දෙයක් නැත, පවක් කියා දෙයක් නැත. නිවැරදි විමුක්තියක් නැත. මුනිවරු කියා කොටසක් නැත. ඇසට නොපෙනෙන සත්වයෝ නැත. ඇසට නොපෙනෙන ලෝක නැත. දෙවියන් නැත. බ්‍රහ්මයින් නැත. අමනුෂ්‍යයින් නැත. මන්ත්‍ර ගුරුකම් කියා දෙයක් නැත. ධ්‍යාන කියා දෙයක් නැත. ඕපපාතික සත්වයෝ නැත. විශ්වයේ ඇති සියල්ල අපගේ ඇසට පෙනේ අතට අසුවේ. මරණාසන්න අත්දැකීම් කියා දෙයක් නැත. දිව්‍යමය ඇස කියා දෙයක් නැත. සියලු ආගම් බොරුය. සත්‍ය ධර්මයක් නැත. භෞතික විද්‍යාව පමණක් සත්‍යවේ. භෞතික විද්‍යාවට විශ්වයේ සියල්ල අසුවේ. සංකේත මගින් උත්පත්ති අවස්ථාවේ කර්ම සටහන පෙන්වන ජෝතිෂය විද්‍යාව බොරුවකි. හැකිතාක් රස ආහාර අනුභව කළ යුතුය. ජීවත් වෙන ටික කාලයේ හොඳින් විනෝද වෙමින් පමණක් සිටිය යුතුය. හැකිතාක් කාම සැප සම්පත් පමණක්ම විඳිය යුතුය. ස්ත්‍රී ස්පර්ශය හැකිතාක් විඳිය යුතුය, ස්ත්‍රී ස්පර්ශය උතුම්වේ. ස්ත්‍රීන් ශ්‍රේෂ්ඨවේ. මාර දිව්‍ය පුත්‍රයා යනුවෙන් දෙවි කෙනෙක් නැත. මන්ත්‍ර බලයෙන් අමනුෂ්‍යයින් වශී කරගෙන වැඩ ගත නොහැක. මන්ත්‍ර බලයෙන් අනුන් ලෙඩ කළ නොහැක. වශී ගුරුකම් යනු බොරු දෙයකි. ඍධි බලය කියා දෙයක් නැත. අමනුෂ්‍යයින්ට අනුන්ගේ ශරීරවලට ආවේශවිය නොහැක. ඍධි ඇති ඇතැම් අමනුෂ්‍යයින් භාවිතයෙන් ලෙඩ සුවකළ නොහැක. මිනිසෙකුට සමාධියේ බලයෙන් ජලය මත ඇවිදීම කළ නොහැක. සිල් රැකීමෙන් වැඩක් නැත. භාවනා කිරීමෙන් වැඩක් නැත. සමාධි ආලෝකය කියා දෙයක් නැත. සියල්ල භෞතික වේ. ඇසට පෙනෙන දේවල් පමණක් සත්‍ය වේ.” යනුවෙන් අදහන දැඩි භෞතිකවාදීන් වන වැරදි දෘෂ්ටියක් ඇති පුද්ගලයින්.



මේ ඉහත සඳහන් කණ්ඩායම් දෙක බුද්ධ ධර්මය පිළිබඳ ගැඹුරු දැනුමක් නැති සාමාන්‍ය බෞද්ධ පිරිස් විනාශ කිරීම සඳහා අන්තර්ජාලය හරහා අධිකව ක්‍රියාත්මක වේ. (Gaming Web Browsers යනුවෙන් වෙබ් බ්‍රවුසර් විශේෂයක් ඇත. මේවා භාවිතයෙන් ඉතා පහසුවෙන් විවිධ Account ගණනාවකින් විවිධ නම් වලින් පෙනී සිටිමින් comment කළ හැකිය. තවද VPN භාවිතයෙන් වෙනත් රටක මෙන්ද පෙනී සිටීමට හැක. තවද Multi login, Multi-Account Management සහ Anti-Detect Browser වැනි ක්‍රම භාවිතා කිරීමෙන් බොහෝ දෙනෙක් ලෙස එකම තැනැත්තාට අන්තර්ජාලයේ පෙනී සිටීමට හැක. තවද Youtube වල නම් එකම ගිණුමට Channel ගණනාවක් සෑදීමටද හැකිය. මෙයින් ඔබ දැන ගත යුත්තේ මෙයයි, එනම් එකම පුද්ගලයෙකුට වුවත් විවිධ නම් ඇති පුද්ගලයින් 50ක් පමණ ලෙස වුවත් අන්තර්ජාලයේ පෙනී සිටීමට හැකියාව ඇති බවයි. මේ ක්‍රියාවන් කිරීම ඉතා පහසු කාර්යයකි.)



විශේෂයෙන්ම සිවුරු දරාගෙන බුද්ධ ධර්මය විකෘති කරන අයට අන්තර්ජාලය හරහා බොහෝ ප්‍රශංසාත්මකව එම කණ්ඩායම් කථා කරති.



එබැවින් සියලු බෞද්ධයන් උප්පැන්න සහතිකයට පමණක් බෞද්ධ නොවී තම තමන්ගේ ධර්ම ඥානය වර්ධනය කරගැනීමටත්, සමාධි භාවනාවක් පුහුණු කර පැතිරවිය හැකි සුදු වර්ණ සමාධි ආලෝකය තමා විසින්ම අත්දැකීමටත්, සමාධිය උසස් ලෙස දියුණු කරගැනීමටත්, ආර්ය අශ්ඨාංගික මාර්ගයේ එක දිගට ගමන් කොට, කාය – චිත්ත – වේදනා - ධර්මතා යන විදර්ශනා භාවනා වර්ග 4ම වඩා තමාගේ විඤ්ඤාණයෙන්ම නිර්වාණ ධාතුව ස්පර්ශ කොට, නිර්වාණ ධාතුවේ සත්‍යතාව හෙවත් ඇති බව හෝ නැති බව තමා විසින්ම අත්දැකීමටත් උත්සහ ගතයුතුය. 



බුද්ධ ධර්මය යනු ස්වභාව ධර්මය බැවින් නිවැරදිව දිනපතා එකදිගට පැය කිහිපයක් භාවනාවන් පුරුදු කරන්නාට ඉහත සඳහන් ප්‍රතිඵල මාස 6ක් ඇතුළත සාමාන්‍යයෙන් ලැබෙන්නේය. සමාධි භාවනාවන්ගේ ප්‍රතිඵල මෙයටත් කලින් ලැබෙන්නේය. ඔහු විසින් සුදු වර්ණ සමාධි ආලෝකයද දකින්නේය. සත්‍ය ස්වභාව ධර්මය එසේ ප්‍රතිඵල ගෙන එන්නේය. 



මේ ග්‍රන්ථයෙන් බුදුරජාණන් වහන්සේගේ උත්පත්ති ස්ථානය පිළිබඳ පරීක්ෂණ කරුණු සහ නිවැරදි දත්ත සහ නිවැරදි සාක්ෂි, නිවැරදි සාධක ඉදිරිපත් කරනු ලැබේ. 



මේ ග්‍රන්ථය ඔබට හැකියාව ඇති පරිදි බෞද්ධයන් අතර හැකිතාක් බෙදාහරින්න. කරුණාකර මෙම පොත සම්පූර්ණයෙන්ම කියවීමට සියලු දෙනා හට අවස්ථාව සලසා දෙන්න. ඒ වාගේම වැරදි දර්ශන ඇති මිත්‍යාදුෂ්ටික පව්කාරයන් සහ ඔබ සමාන නොවන්න.



84000ක් ධර්මස්කන්ධයෙන් සුළු ප්‍රමාණයක් මේ පොතේ ඇත. බුදුරජාණන් වහන්සේ ඉපදුනේ උතුරු ඉන්දියාවේ බව ඔප්පු කරන මෙහි දක්වා ඇති සාක්ෂි ගණන 100කට අධිකවේ.



මෙයට ඉනාමළුවේ සද්ධාතිස්ස හිමි සහ මහාචාර්ය වීරරත්න.





(ත්‍රිපිටකයට පිවිසීම සඳහා මෙතන Click කරන්න. - https://tipitaka.lk/sn-2-7-2-4)



For non-commercial distribution only. - Free for republishing.







සත්‍ය:

(කරුණාකර මේ පොත අවසානය තෙක් බලන්න.)



වර්තමානයේ එක්තරා මිත්‍යා දෘෂ්ඨික මෝඩ පිරිසක් බුදුරජාණන් වහන්සේගේ ජාතිකත්වය සොයමින් එහෙත් උන්වහන්සේගේ ඉගැන්වීම් අනුව ගමන් නොකරමින් වාසය කරනු පෙනෙයි.



බුද්ධ ධර්මය ආගමක්ද? දර්ශනයක්ද? බුද්ධ ධර්මය ස්වභාව ධර්මයයි.



බුදුවරයෙක් ඉපදුන රට වැදගත්ද? බුදුවරයෙක් ඇමරිකන් ජාතිකයෙක් වුවද, නේපාල ජාතිකයෙක් වුවද, චීන ජාතිකයෙක් වුවද, රුසියන් ජාතිකයෙක් වුවද බුද්ධිමතාට වැදගත් නැත. බුදුවරයෙක්ගේ ජාතිය වැදගත් වන්නේ හිට්ලර් වැනි උග්‍ර ජාතිවාදී මෝඩයින්ටයි. 



වරෙක ඇමරිකානුවෙක්ද, වරෙක මුස්ලිම් ජාතිකයෙක්ද, වරෙක දෙවියෙක්ද, වරෙක තිරිසන් සතෙක්ද, වරෙක අමනුෂ්‍යයෙක්ද, වරෙක රජෙක්ද, වරෙක ස්ත්‍රියක්ද, වරෙක පුරුෂයෙක්ද, වරෙක චීන ජාතිකයෙක්ද, වරෙක ඕපපාතිකයෙක්ද, වරෙක බ්‍රහ්මයෙක්ද, වරෙක මිනිසෙක්ද, වරෙක පනුවෙක්ද, වරෙක නිරි සතෙක්ද, වරෙක රුසියානුවෙක්ද වන්නේය… එබැවින් ජාතියෙන් කවර අර්ථයක්ද? ධර්මයම විශ්වයේ ශ්‍රේෂ්ඨවේ.



සත්වයා මැරෙන්නේය. කළ කර්මයන්ට, අවසන් සිතුවිල්ලට සුදුසු ආත්මභාවයක් ලැබෙන්නේය. ඔහු හා යන රටක් නැත. ඔහු හා යන ජාතියක්ද නැත… එබැවින් ජාතියෙන් කවර අර්ථයක්ද? ප්‍රඥාවම විශ්වයේ ශ්‍රේෂ්ඨවේ. 



දිවැසින් ස්වර්ගයේ සිට පංච මහා බැලුම් බලනා බෝධිසත්වයෙක් සර්වඥතා ඥානය හෙවත් සම්බුද්ධත්වය ලැබ ධර්මය පහසුවෙන් ලෝකයේම පැතිරයාම සඳහා තෝරාගන්නේ දූපතක්ද මහාද්වීපයක්ද? මහාද්වීපයකි. 



දිවැස නැති පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේගේ උත්පත්ති ස්ථානය ගැන කියන විකාර කථා පිළිගත හැකිද? එසේ පිළිගත නොහැක.



ඉන්දියාවේ ඇති අප්‍රමාණ බෞද්ධ නටබුන් කැමති ඕනෑම අයෙකුට අන්තර්ජාලය තුළින් නැරඹීමට හැකිය.



බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ උපන් බවට 84000ක් ධර්මස්කන්ධයන් ඇති අභිධර්ම පිටකය, සූත්‍ර පිටකය, විනය පිටකය සාක්ෂි දරති. ඉන්දියාවේ විවිධ ස්ථානවල නම් සහ ඉන්දියාවේ විවිධ රජවරු බුදුරජාණන් වහන්සේ සමඟ කළ සාකච්ඡාවන්ද සඳහන් වෙති. මේ 84000ක් බුද්ධ ධර්මය ප්‍රතික්ෂේප කරන්නෝ මිත්‍යා දෘෂ්ටිකයෝය. ත්‍රිපිටකය ඉගෙනගැනීමට අන්තර්ජාලයෙන් දැන් ඔබට හැකියාව ඇත. බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන අයට එම කර්මයේ ප්‍රතිඵලයක් ලෙස මුඛ පිළිකාවෙන් මරණයට පත්වන්නට සිදුවන්නේය.



යමෙක් මුනිවරුන්ට අපහාස කරමින් බණියිද, මුඛයෙන් පාප කර්ම කරන්නේද, නිතර පරුෂ වචනයෙන් අනුන්ට බණියිද, ධර්මය විකෘති කරන්නේද, මේවාට සමාන පව්කම් කරන්නේද, හෙතෙම එහි එක් කර්ම විපාකයක් ලෙස මුඛ පිළිකාව දායාදය ලෙස ලබන්නේය. 



යමෙක් අනුන්ගේ නිරුවත බලා සතුටුවෙයිද, කාමුක නැටුම් ආදිය බලයිද, ආලෝකය විනාශ කරයිද, ඇස්, දැනුම හෝ බුද්ධිය විනාශ කරයිද, අනුන්ගේ දියුණුව දකිනවිට ඊර්ෂ්‍යා කරයිද, අසභ්‍ය දර්ශන බලයිද, අනුන් දෙස රාගයෙන් බලයිද, ඇසින් පාප කර්ම කරයිද, මේවාට සමාන පව්කම් කරන්නේද, හෙතෙම එහි එක් කර්ම විපාකයක් ලෙස අක්ෂි රෝග ලබන්නේය.



යමෙක් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේද, සදාචාර විරෝධී ක්‍රියා කරන්නේද, මේවාට සමාන පව්කම් කරන්නේද, හෙතෙම එහි එක් කර්ම ප්‍රතිඵලයක් ලෙස බලය සහ බුද්ධිය රහිත දුර්වලයෙක් වන්නේය.



යමෙක් ධ්‍යානයට සමවදින්නේද, හෙතෙම බ්‍රහ්මයෙක් වන්නේය.



යමෙක් මස් පිණිස සතුන් ඇති කරන්නේද, කුකුලන් - එලු - බැටලු - හරක් මරන්නේද, ඉස්සන් ගොවිපලවල් කරන්නේද, මසුන් මරන්නේද, රැකියාවට සත්වයෝ විනාශ කරන්නේද, අධර්ම රැකියා කරන්නේද, මේවාට සමාන පව්කම් කරන්නේද, හෙතෙම එහි එක් කර්ම ප්‍රතිඵලයක් ලෙස අවාසනාවන්ත මරණයක් දායාදය ලෙස ලබන්නේය. 



යමෙක් අධි ලෝභී තැනැත්තෙක් වේද, දන් දෙන අය එයින් වළක්වන්නෙක් වේද, ධර්මයේ දන් දීම පිළිබඳ සඳහන් කරුණු වලට විරුද්ධ කරුණු දක්වා සත්වයෝ නොමඟ යවයිද, ත්‍යාගවන්තයෙක් නොවේද, දන් දීමට විරුද්ධ මනසින් හැසිරේද, මසුරෙක් වේද, මේවාට සමාන පව්කම් කරන්නේද, ඔහුගේ ධනය අතුරුදහන් වන්නේය. 



යමෙක් අවංක නොවේද, නිතර බොරු කියයිද, වංචාකාරී ක්‍රියාවන් කරයිද, මහජනතාව රවටයිද, ඍජු උතුම් ගතිගුණ නැති අයෙක් වේද, මේවාට සමාන පව්කම් කරන්නේද, හෙතෙම එහි එක් කර්ම ප්‍රතිඵලයක් ලෙස ස්ත්‍රී දරුවන් ලබන්නේය. 



යමෙක් ආලෝකය දන් දේද, දැනුම හෝ බුද්ධිය දන් දේද, පහන් දන් දේද, ගුරුවරයාට අගෞරව නොකරයිද, මුනිවරුන්ට ගෞරව කරයිද, ඇස් දන් දේද, ධර්මයට ගෞරව කරයිද, අධ්‍යාපනය දන් දේද, භාවනා වඩයිද, මුනිවරුන්ගේ ප්‍රඥාවට ප්‍රසංශා කරයිද, මේවාට සමාන පින්කම් කරන්නේද, හෙතෙම එහි එක් කර්ම විපාකයක් ලෙස අධි තීක්ෂණ ප්‍රඥාව ලබන්නේය.



යමෙක් අධිකව ත්‍යාග දන් දේද, ගරු කළ යුත්තාට ගරු කරයිද, ශීලය ආරක්ෂා කරයිද, මුනිවරයෙක්ට ආසනයක් දෙන්නේද, මේවාට සමාන පින්කම් කරන්නේද, හෙතෙම එහි එක් කර්ම ප්‍රතිඵලයක් ලෙස රජකම ලබන්නේය.



යමෙක් අධික රාගයෙන් ස්ත්‍රීන් හෝ පුරුෂයන් ආශ්‍රය කරයිද, කුණු ජීවිතයක් ගත කරයිද, කාමයේ වරදවා හැසිරේද, අශික්ෂිත අසභ්‍ය වැඩ කරයිද, මේවාට සමාන පව්කම් කරන්නේද, හෙතෙම එහි එක් කර්ම ප්‍රතිඵලයක් ලෙස ලාදුරු රෝගියෙක් වන්නේය.



යමෙක් අභ්‍යන්තරයේ පාප ධර්ම සඟවා බාහිරට ගුණවතෙක් ලෙස පෙනී සිටින්නේද, මෙයට සමාන පව්කම් කරන්නේද, හෙතෙම එහි එක් කර්ම ප්‍රතිඵලයක් ලෙස කොකෙක් වන්නේය. 



යමෙක් ද්වේෂ මනසින් ජීවත් වන්නේද, ධර්මය විහිළුවට ගන්නේද, ධර්මයට අපහාස කරයිද, අනුන්ට ද්වේෂ කරයිද, ධර්ම ග්‍රන්ථ පුච්චන්නේද, චෛත්‍ය විනාශ කරයිද, ධර්මය විනාශ කරන්නේද, මේවාට සමාන පව්කම් කරන්නේද, හෙතෙම එහි එක් කර්ම විපාකයක් ලෙස ශරීරයේ මධ්‍යම කොටසින් පිළිකා රෝගයක් ලබන්නේය.



යමෙක් කර්ම ක්ෂය කිරීමේ චේතනාව සමඟ සම්බන්ධවූ පුණ්‍ය කර්ම කරන්නේද, හෙතෙම කර්මය ක්ෂය කරන්නේය.



යමෙක් මුනිවරුන්ට අගෞරව කරන්නේද, එම පාප කර්මයේ විපාකයක් ලෙස ස්ත්‍රීන්ට පරාජය වන්නෙක් හෝ ස්ත්‍රියක් යටතේ සිටින්නෙක් වන්නේය.



යමෙක් ඕපාදූප අසන්නට ආශා කරයිද, අනුන්ගේ වැරදි කියන විට අසන්නට ආශා කරයිද, අනුන්ගේ ඕපාදූප කියවයිද, අනුන් පිලිබඳ නින්දා අගෞරව අසන්නට ආශා කරයිද, අශික්ෂිත ගීත අසයිද, මේවාට සමාන පව්කම් කරන්නේද, හෙතෙම එහි එක් කර්ම විපාකයක් ලෙස කනේ රෝග දායාදය ලෙස ලබන්නේය. 



යමෙක් දානය, ශීලය, භාවනාව නමැති පුණ්‍ය ක්‍රියා වර්ග 3 නිතර පුරුදු පුහුණු කරන්නේද, හෙතෙම එහි එක් කර්ම ප්‍රතිඵලයක් ලෙස ස්වර්ගයේ දෙවියෙක් වන්නේය. 



යමෙක් පිරිස් බිඳවන්නේද, දුෂ්ට මනසින් දෙදෙනෙකු වෙන් කරන්නේද, කේලාම් කියන්නේද, අනුන්ගේ සමගිය නැති කරන්නේද, කොටස් වෙන් කරන්නේද, භේදය සාදන්නේද, මේවාට සමාන පව්කම් කරන්නේද, හෙතෙම එහි එක් කර්ම විපාකයක් ලෙස පක්ෂපාතී විශ්වාසවන්ත මිතුරන් නොලබන්නේය.



එබැවින් තම තමා කරන කර්මයන්ගේ විපාක තමාටම කවදා හෝ ලැබෙන බව මතක තබාගත යුතුයි… එබැවින් පදය පරම කරගන්නා පද පරම පුද්ගලයෙක් නොවී අර්ථය සැලකීමට දක්ෂ විය යුතුය.





2 - 7 බ්‍රාහ්‌මණධම්‌මික සූත්‍රය (සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > සුත්ත නිපාතය > 2. චූල වර්ගය



මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. ඉක්බිත්තෙන් කොසොල් දනවු වැසි ජරාවෙන් ජීර්ණවූ වැඩි මහලුවූ තෙවන වියට පැමිණි පිළිවෙළින් පැසුළු වියට පැමිණි බොහෝ බ්‍රාහ්මණ මහසල්හු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ඒ බ්‍රාහ්මණ මහසල්හු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:



භවත් ගෞතමයන් වහන්ස, මෙකල්හි බමුණෝ පැරණි බ්‍රාහ්මණ යන්ගේ බ්‍රාහ්මණ ධර්මයෙහිලා පැණෙත් දැ?යි.



බ්‍රාහ්මණයෙනි, මෙකල්හි බ්‍රාහ්මණයෝ පැරැණි බ්‍රාහ්මණයින්ගේ බ්‍රාහ්මණ ධර්මයන්හී නොපැණෙත් මැයි.



ඉදින් භවත් ගෞතමයන් වහන්සේට නොබර නම්, භවත් ගෞතමයන් වහන්සේ අපට පැරැණි බ්‍රාහ්මණයන්ගේ බ්‍රාහ්මණ ධර්ම වදාරණ සේක් නම් මැනැවි.



බ්‍රාහ්මණයෙනි, එසේනම් අසවු, මොනොවට මෙනෙහි කරවු. දෙසන්නෙමි.



“භවත්නි, එසේය” යි ඒ බ්‍රාහ්මණ මහසල්හු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.



භාග්‍යවතුන් වහන්සේ මේ කරුණු වදාල සේක.



286. සීල සංයමයෙන් සංයතවූ ඉන්ද්‍රිය සංවරයන් තපස්වීවූ පෞරාණික ඍෂිවරු වූහ. ඔවුහූ පංච කාම ගුණ හැර දමා ධ්‍යාන වඩමින් ආත්ම අර්ථයේ හැසුරුණාහ. (ඉතාමත් ඈත අතීතයේ ඍෂිවරුන් බ්‍රාහ්මණ යන වචනයෙන් හැඳින්වූ බව)



287. තවද අතීත බ්‍රාහ්මණයන්ට සිවුපාවෝ නොවූහ. අමුරන්ද නොවීය. ධාන්‍යද නොවීය. ස්වකීය වේද මන්ත්‍ර අධ්‍යනය කොට ඇති වූහ. (අනුන්ට ඉගැන්වීමෙන් තමන්ට ලැබෙන ධනය හා වී ආදී අස්වැන්නෙන් සෑහීමට පත්වූහ) මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා බ්‍ර‍හ්මනිධිය රැකියහ.



288. ඔවුන් උදෙසා යම් බතක් පිළියෙළ කරන ලද්දේ දොරටුවෙහි එළවා තබන ලද වීද, එය සැදැහැයෙන් පිළියෙළ කරණ ලද්දේ, පිඬු සොයනවුනට දීම සඳහා යයි සිතූහ. (සුළු දෙයින් සෑහීමට පත්විය)



289. උපකරණයන්ගෙන් සමෘද්ධවූ ඒ දනවු රටවැස්සෝද නන් පැහැයෙන් රඳනා ලද වස්ත්‍රවලින්ද සයනාසනයන්ගෙන් හා ආවාසයන්ගෙන්ද පුදමින් බ්‍රාහ්මණයන්ට නමස්කාර කළහ.



290. බ්‍රාහ්මණයෝ, වධයට නුසුදුසු සහ අනුන් විසින් නොදිනිය යුතු සහ ධර්මයෙන් රක්නා ලද්දාහු වූහ. හැමකල දොරටුවෙක්හි කිසිවෙක් කිසි ලෙසෙකිනුදු ඔවුන් නොවැළැක්වූහ.



291. ඔවුහු අටසාළිස් වසරක් (අවුරුදු හතළිස් අටක්) කුමර බඹසර වුසූහ. තවද පෙර බ්‍රාහ්මණයෝ විවිධ විද්‍යා අධ්‍යනය හා සිල් රැකීමද කළහ.



292. බ්‍රාහ්මණයෝ අනුන්ගේ භාර්යාවෝ වෙත නොගියහ. ඔවුහු අඹුවන් මිළට නොගත්හ. අන්‍යොන්‍ය ප්‍රේමයෙන් කැමැත්තෙන් සමග සංවාසයමැ කැමැති වූහ.



293. බ්‍රාහ්මණයෝ නියමිත ඍතුකාලයෙහ් මුත් ඍතුවෙන් මිදුනු අඹුව වෙත අතරතුර මෙවුන්දමට නොගියහ.



294. පෞරාණික බ්‍රාහ්මණයෝ මෛථන විරතිසඞ්ඛ්‍යාත බ්‍රහ්මචර්යාවද, ශීලයද, ඍජු අවංක බවද, මෘදු බවද, කාමයන්ගෙන් වෙන්වීම් සංඛයාත තපස් රැකීමද, ආත්ම දමනයද, කරුණා පූර්වභාගයවූ අවිහිංසාවද, ක්ෂාන්තිය හෙවත් ඉවසීමද, වර්ණනා කළහ.



295. ඔවුනට ශ්‍රේෂ්ඨවූ දෘඪපරාක්‍රම ඇති යම් ඒ බ්‍රහ්මයෙක් වීද හේත් සිහිනෙනුදු මෙවුන්දමට නොගියේය.



296. මෙලොව්හි ඔහුගේ ව්‍ර‍තය අනුව හික්මෙන්නාවූ නුවණැත්තෝ බඹසර ශීලයද ක්ෂාන්තියද යන කරුණු වලට ප්‍රසංශා කළහ.



297. සහල්ද යහන්ද ඇදුම්ද ගිතෙල්ද තලතෙල්ද ඉල්ලා ධර්මයෙන් රැස් කොට එයින් ඔවුහු දන් දීම හෙවත් යාග කළහ. යාගයක් එළැඹි කල්හි ඔවුහු හරකුන් පුමුඛ ප්‍රාණීන් නොවැනසූහ.



298. මවුද පියාද බෑයාද අන් නෑයෝද යම්බඳු වෙත් නම්, ඒ ආකාරයෙන්ම යමකුන් තුළ බෙහෙත් හටගනී නම්, ඒ ගවයෝ අපගේ පරම මිතුරෝ වෙති.



299. මේ ගවයෝ වනාහි ආහාර දෙන්නෝද බල දානය කරන්නෝද වර්ණය දෙන්නාහුද එසේම සැප දෙන්නාහුද වෙති. මේ කරුණ දැන ඔවුහූ ගවයෝ නොමැරූහ. (යම් ආකාරයකින් පස්ගෝරස වළඳනවිට කුසගින්න සංසිඳේ. සවිය වඩයි. සිරුරු සම පැහැපත් වේ. සිරුරෙහි, මනසෙහි සුවය ඇතිවේ.)



300. සිවුමැලිවූද ආරෝහ පරිණාහ සඞ්ඛ්‍යාත මහ සිරුරු ඇත්තාවූද යහපත් ශරීර වර්ණයක් ඇත්තාවූද, සම්පත් ඇත්තාවූද, කටයුතු නොකටයුතු දෙකෙහි උත්සාහවත්වූද බ්‍රාහ්මණයෝ සිය ධර්මයන්ගෙන් යම්තාක් ලෝකයෙහි පැවැතියාහු නම්, ඒ තාක් මේ බ්‍රාහ්මණ ප්‍රජාව සැපයට පත්වූය.



301. 302. අතිශයින් ස්වල්පමාත්‍රවූ පංච කාම ගුණද, රජවරුන්ගේ සම්පත්තියද මොනොවට සැරහුනු ස්ත්‍රීන්ද ආජානීය අසුන් යෙදූ මොනොවට කරණලද විසිතුරු මැහුම් ඇති වාහනද, කොටස් විසින් මැනැ බෙදූ නිවෙස්ද, දැක (පසුව) ඔවුන්ගේ විපර්යාසය සිදුවිය.



303. ගව රංචුවලින් ගැවසීගත්තහුද, උතුම් ස්ත්‍ රීසමූහයාගෙන් යුක්තවූද මහත්වූ මනුෂ්‍ය භොගසම්පත් පතමින් බ්‍රාහ්මණයෝ බෙහෙවින් ලෝභ කළහ.



304. ඒ නිමිති කොට ඒ බ්‍රාහ්මණයෝ (ව්‍යාජ) වේද මන්ත්‍ර‍ ගොතා ඒ ඔක්කාක රජු වෙත එළැඹියහ. යුෂ්මතා අනාගතයෙහි බොහෝ ධනධාන්‍ය ඇත්තෙක් වන්නෙහි, යුෂ්මත්හුගේ බොහෝවූ වස්තුව දානවිෂයෙහි යොදන්න. යුෂ්මත්හුගේ මහත්වූ ධනය දාන විෂයෙහි යොදන්න. (වේදය වෙනස් කර, සුදුසු ලෙස පැවති දැහැමි පැරණි වේද ගාථා ඉවත්කොට, අයුතු පරිදි බොරු ගාථා සකසා)



305. ඉන්පසු බ්‍රාහ්මණයන් විසින් කරුණු ගන්වන ලද මහාරථිවූ රජ අශ්වමේධයද පුරුෂමේධයද සම්මාපාසයද, වාජපෙය්‍යයද නිරග්ගලයද යන මේ ප්‍රාණීන් නසා කරවන යාගයන් කරවා බ්‍රාහ්මණ‍යන්ට ධනය දුන්නේය.



306. 307. ගවයන්ද, යහන්ද, වස්ත්‍රද, මොනොවට සරසන ලද ස්ත්‍රීන්ද, මොනොවට පිළියෙළ කරණලද විසිතුරු පලස් හා ආජානීය අසුන් යෙදූ රියද, මොනොවට කොටස් විසින් බෙදන ලද මනරම් නිවෙස්ද, නොයෙක් ධාන්‍යයෙන් පුරවා බ්‍රාහ්මණයන්ට වස්තුව දුන්නේය.



308. එහිදී ඒ බ්‍රාහ්මණයෝ ධනය ලැබ වස්තු සන්නිධිය හෙවත් වස්තු ගොඩවල් එකතු කර තැබීම රුචිකළාහුය. ආශාවට බැස්සාවූ ඔවුනට තෘෂ්ණාව බෙහෙවින් වැඩුනේය. ඔවුහු එහිදී (සත්‍ය නොවන බොරු) වේද මන්ත්‍ර ගොතා ඔක්කාක රජු වෙත නැවත එළැඹියහ.



309. ජලය හා පෘථිවියද අමුරන් හා ධන ධාන්‍යද යම්බඳු වේ නම් මිනිස්නට ගවයෝද එබඳු වෙති, ඒ වනාහි ප්‍රාණීනට ජීවනෝපකරණයෙකි. යුෂ්මතාගේ බොහෝවූ වස්තුව යාගයෙහි යොදව, යුෂ්මතාගේ බොහෝවූ ධනය දන් දෙවයි කීහ.



310. එවිට බ්‍රාහ්මණයන් විසින් කරුණු ගන්වනලද මහාරථි වූ රජ තවත් නොයෙක් සියදහස්ගණන් ගවයින් යාග සඳහා මරා දැම්මේය.



311. කළ පුරා කිරි දොවන හීලෑවූ එළුවන් බඳුවු ගව දෙන්නු පයිනුදු අඟනුදු අන්කිසිවකිනුදු අනුන් නොපෙළත්මය. රජ ඔවුන් අඟෙන් ගෙණ ආයුධයෙන් ගසා මැරීය.



312. එකල්හි දෙවියෝද බ්‍ර‍හ්මයෝද ඉන්ද්‍රයාද අසුර රාක්ෂසයෝද “යම් හෙයෙකින් ගවයා කෙරෙහි සැත් හෙලී (මැරී) ද එහෙයින් අධර්මය උපනැ”යි හැඬූහ. (බොහෝ කළකිරුණු බවයි)



313. පුරාණයේ ආශාවයැ කුසගින්නයැ ශරීරය දිරීමයැ යන රෝග තුනක් පමණක්ම වූහ, සත්වයින්ට හිංසා කිරීමේ කර්මය හේතු කොට ගෙණ ඒ තුන, අටඅනුවකට (98) පැමිණියේය.



314. සත්වයින්ට හිංසා කිරීම යන යමෙක් ඇද්ද, යාගකරන්නෝ යමක් හේතු කොට ගෙන ධර්මයෙන් පිරිහෙත්ද ඒ මේ පැරණි අධර්මය තුන් කාය දුශ්චරිතයනට ඇතුළත් එකක් විය. (ශරීරයෙන් සිදුවන පවකි)



315. යම් යාගයෙක්හි ජනයා මෙසේ සත්ව ඝාතන යාජකයකු දක්නේද, ගරහන්නේද, මේ පැරණි ලාමක ධර්මය මෙසේ නුවණැත්තන් විසින් ගරහන ලද්දේවේ.



316. 317. (එයින් පසු) මෙසේ ධර්මය විකෘතිවූ කල්හි ශුද්‍ර‍යෝද වෛශ්‍යයෝද බෙහෙවින් බෙදුනේය. බොහෝ රාජකීය ක්ෂත්‍රියයෝද බෙදී ගියහ. බිරිඳ විසින් ස්වාමි පුරුෂයා හෙළා දුටුවාය. ක්ෂත්‍රියයෝද බ්‍රාහ්මණයෝද වෙනත් ගෝත්‍රයෝද තම ජාති සිරිත් නොසලකා කාමයන්ගේ වසඟයට ගියේය. (තවදුරටත් ලෝකයේ ගුණ ධර්මයන්ගේ පිරිහීම සිදුවීම)



මෙසේ වදාළ කල්හි ඒ බ්‍රාහ්මණ මහසල්හු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළාහුය: “භවත් ගෞතමයන් වහන්ස, යටිකුරු වූවක් උඩුකුරු කරන්නේ හෝ වස්ත්‍ර‍ ලද්දක් විවෘත කරන්නේ හෝ මංමුළාවකුට මග කියන්නේ හෝ “ඇස් ඇත්තෝ රූ දකින්නාහුය”යි අඳුරෙහි තෙල් පහනක් දරන්නෝ හෝ යම්සේ නම් එසෙයින්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්‍ර‍මයෙන් ධර්මය ප්‍ර‍කාශ කරණ ලද්දදේය, මේ අපි භවත් ගෞතමයන් වහන්සේද ධර්මයද භික්ෂු සඞ්ඝයාද සරණ යමු. භවත් ගෞතමයන් වහන්සේ අප අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උවසුන් කොට දරණ සේක්වා.



එක්තරා බුද්ධ වචනයක්:



“…..මහණෙනි, ‘වස්ත්‍රය හෝ හිස හෝ ගිනි ඇවිලගත් කල්හි පුද්ගලයෙක් විසින් කුමක් කළයුතුද?’ ස්වාමීනි, වහන්ස, වස්ත්‍රය හෝ හිස හෝ ගිනි ඇවිලගත් කල්හි ඒ වස්ත්‍රයම හෝ හිසම හෝ නිවීම පිණිස අධිමාත්‍ර කැමැත්තෙන් අධික උත්සාහය කළයුතුය. මහණෙනි, ගිනි ඇවිලගත් වස්ත්‍රය හෝ හිස හෝ නොසලකා, ඒ ගැන නොසිතා, අවබෝධ නොකළ චතුර් ආර්ය සත්‍ය අවබෝධ කරනු පිණිස අධිමාත්‍ර කැමැත්තෙන් අධික උත්සාහය කළයුතුය….” (චෙල සූත්‍රය – මජ්ඣිම නිකාය)





4. පුෂ්ප වර්ගය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ධම්‌මපදපාළි > 4. පුෂ්ප වර්ගය



(44) 1. කවරෙක් ආත්මභාවය සංඛ්‍යාත මේ පෘථිවිය ප්‍රත්‍යක්ෂ කොට දැන ගන්නේද? දිව්‍යලෝකය සහිතව මේ මිනිස් ලොවත් සතර අපායත් ප්‍රත්‍යක්ෂ කොට දැන ගන්නේද? කවරෙක් දක්ෂ මල්කරුවකු මල් නෙලන්නාසේ සත්තිස් බෝධි පාක්ෂික ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්නේද?



(45) 2. සත්වැදෑරුම් ශෛක්ෂ (රහතන් වහන්සේ හැර අනෙක් සර්වඥ ශ්‍රාවකයෝ) තෙම මේ පෘථිවිය (මෙතැන ආත්මභාවයට උපමාය) ප්‍රත්‍යක්ෂ කිරීමේ කටයුත්ත කරන්නේය. (කරමින් පවතින්නේය) දෙව්ලොව සහිතව මේ මිනිස්ලොව හා අපායලෝකයන් ප්‍රත්‍යක්ෂ කරන්නේය. ශෛක්ෂ තෙම (භාවනාවේ නියුතු හෙතෙම) දක්ෂ මල්කරුවකු මල් නෙලන්නාක් මෙන් සත්තිස් බොපැකිදහම් පසක් කරන්නේ ය.



(46) 3. මහණ තෙමේ මේ ශරීරය පෙණ පිඬක් වැනි යැයි දැන, මේ කය මිරිඟුවක් බඳු යැයිද දැන ගන්නේ, මාරයාගේ ප්‍රපුෂ්පකයන් (ත්‍රෛභුමක වෘත්තය - කාම ලෝක, රූප බ්‍රහ්ම ලෝක, අරූප බ්‍රහ්ම ලෝක) ආර්ය්‍ය මාර්ගයෙන් විනාශ කර මෘත්‍යුමාරයාට අවිෂය වූ අමෘත මහා නිර්වාණයට පැමිණෙන්නේය.



(47) 4. මල් කඩන්නෙකු මෙන් පංච කාම මල් සොයන, විවිධ කාමගුණයන්හී ඇලුණු සිතැති සත්ත්වයා, නිදන ගම්වැසියන් මුහුද කරා ගෙන යන ගැඹුරු මහා වතුරක් මෙන්, මෘත්‍යුමාර (මෙතැන මරණයට උපමාය) තෙම අපාය සංඛ්‍යාත මුහුදට ගෙන යයි.



(48) 5. මල් නෙලන්නකු මෙන් පස් කම් ගුණ නැමැති මල් සොයන, විවිධ කාමගුණයන්හි ඇලුනු සිතැති, කාමයන්හි සෑහීමට නොපැමිණියාවූම සත්ත්වයා මරයා තෙමේ සිය වශයට පමුණුවයි. (වසඟයේ පවත්වයි)



(49) 6. යම් සේ බමරෙක් මලද පැහැයද ගන්ධයද නොනසමින් මල්රස (පැණි) පමණක් ගෙන නැගී යේද, එපරිද්දෙන්ම මුනිවරයා තෙමේ ගමෙහි හැසිරෙන්නේය.



(50) 7. මෙරමාගේ පරොස් බස් (අනුන්ගේ බැණුම් අපහාස) මෙනෙහි නොකරන්නේය (නොකටයුතුය). මෙරමා කළ නොකළ දුසිරි සුසිරි නොබලන්නේය. තමා කළ දුසිරිද නොකළ සුසිරිද බලන්නේය (අනුන්ගේ වැඩ නොබලා තමාගේ වැඩ, පින්, පව් බැලිය යුතු). 



(51) 8. සිත්කලුවූ, මනා පැහැසටහන් ඇති, සුවඳ නැති මල් යම්සේද, එසේම නිවැරදිව දෙසන ලද ත්‍රිපිටක බුද්ධවචනය නොකරන්නහුට (ඇසීම, ඉගැනීම, දැරීම, පිළිපැදීම නොකරන්නහුට) නිෂ්ඵලවේ.



(52) 9. සිත්කලුවූ මනා පැහැති සුවඳැති මල යම්සේද, එසේම මනා කොට දෙසන ලද ත්‍රිපිටක බුද්ධවචනය, එය කරන්නහුට සඵල වේ.



(53) 10. දක්ෂ මාලාකාරයෙක් මල් රැසෙකින් යම්සේ බොහෝ මල්දම් කරන්නේද, එසේම උපන් සත්ත්වයා විසින් බොහෝ කුසල් කටයුතු.



(54) 11. මල්සුවඳ උඩු සුළඟට නොයෙයි. සඳුන් තුවරලා සීනිද්ද බෝලිද්ද සුවඳද උඩු සුළඟට නොයෙයි. බුද්ධාදි සත්පුරුෂයන්ගේ සිල් ආදි ගුණසුවඳ උඩු සුළඟට යෙයි. සත්පුරුෂයා ගුණසුවඳින් සියලු දිගුන් පැතිරැ හමයි.



(55) 12. සඳුන් තුවරලා මානෙල් දෑසමන් යන මෙකී සුවඳ දෑ අතුරෙහි බුද්ධාදීන්ගේ සිල් සුවඳම උතුම්ය.



(56) 13. තුවරලා සඳුන් පිළිබඳ යම් සුවඳෙක් වේද, ඒ මේ සුවඳ ස්වල්පමාත්‍ර එකෙකි. සිල්වතුන්ගේ යම් උතුම් ගුණසුවඳෙක් වේද, එය දෙවියන් මිනිසුන් අතුරෙහිද හමයි.



(57) 14. පිරිපුන් සිල් ඇති, සිහියෙන් යුතු වාසය කිරීම් ඇති, මනා කොට චතුර් ආර්ය සත්‍ය දැන සියලු කෙලෙසුන්ගෙන් මිදුනු ඔවුන් ගිය මඟ මාරයා තෙමේ නොදනී.



(58) 15. මහා මාර්ගයේ බහා ලන ලද කසල ගොඩෙක සුවඳැති සිත්කලු පියුමෙක් යම්සේ හටගැනේද,



(59) 16. එසේම, කුණුගොඩක් බඳුවූ නුවණ නැති පෘතග්ජන ලෝවැස්සා කෙරෙහි උපන්, සර්වඥ සම්‍යක්සම්බුද්ධයන්ගේ ශ්‍රාවක (මෙතැන රහතන්වහන්සේ සඳහන්‍) තෙම ප්‍රඥායෙන් සෙස්සන් ඉක්ම බබලයි….

අශෝක අධිරාජයා:

අශෝක අධිරාජයා ඉන්දියාවේ වාසය කළ රජෙකි. 3 වන මෞර්ය අධිරාජයා වූ මේ රජු විසින් බුදුරජාණන් වහන්සේ ගැන තොරතුරු සඳහන් කොට කුලුනු (Pillars of Ashoka)පිහිටවා ඇත. එම කුලුනු වල සියලු විස්තර ඡායාරූප සහ වීඩියෝ දර්ශන සහිතව ඔබට අන්තර්ජාලයෙන් නිවසේ සිට නැරඹිය හැකිය. මේ කුලුනු ඉන්දියානු කලාපය තුළ විවිධ ප්‍රදේශ වල පිහිටා ඇත.



King Ashoka, popularly known as Ashoka the Great, was the third Mauryan Emperor of Magadha in the Indian subcontinent during c. 268 to 232 BCE.



අශෝක අධිරාජයා චන්ද්‍රගුප්ත මෞර්ය රජතුමාගේ මුණුබුරෙකි. පසු කලෙක මෞර්ය අධිරාජ්‍ය බවට පත්වූයේ මගධ අධිරාජ්‍යයයි.



මේ කුලුනු සියල්ල පිහිටා ඇත්තේ අතීතයේ බෞද්ධ විහාරස්ථාන තිබුණු තැන්වලයි. ප්‍රධාන කුලුනු ඉන්දියාවේ උත්තර් ප්‍රදේෂ් ප්‍රාන්තයේත්, බිහාර් ප්‍රාන්තයේත්, හර්යානා ප්‍රාන්තයේත්, මධ්‍ය ප්‍රදේෂ් ප්‍රාන්තයේත් පිහිටවා ඇත.



King Ashoka was the third emperor of the Mauryan dynasty, grandson of its founder Chandragupta and son of the second emperor, Bindusara. Upon Bindusara's death, Ashoka and his brothers engaged in a war of succession, and Ashoka emerged victorious after several years of conflict.



කාලිංගය යටත් කිරීම සඳහා කරනු ලැබූ යුද්ධය පිළිබඳ අශෝක අධිරාජයාගේම වචන වලින් මෙසේයි: “රාජාභිෂේකයෙන් 8 වන අවුරුද්දේදී කාලිංග රට යටත් කරන ලදී. මිනිසුන් එක්ලක්ෂ පනස්දහසකට උන්හිටි තැන් අහිමි විය, ලක්ෂයක් මිනිසුන් මරා දමන ලදී, සහ තවත් බොහෝ ප්‍රමාණයක් විනාශවිය….”



එම අශෝක අධිරාජයා විසින් පිහිටවන ලද කුලුනු පිළිබඳ සුළු තොරතුරු කිහිපයක් ඔබගේ දැනගැනීමට මෙහි සටහන් කරන්නෙමු. වැඩි විස්තර අවශ්‍ය අය අන්තර්ජාලයෙන් කුලුනු පිළිබඳ විස්තර දැනගත යුතුයි.



අශෝක අධිරාජයා ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ පමණ කාලයේ (ක්‍රිස්තුස් වහන්සේ උපදින්නට පෙර කාලයේ) සිටි අයෙකි. එනම් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් ශත වර්ෂ 3කට පමණ පසු. (එනම් වසර 300)





1)දිල්ලි ටොප්‍රා අශෝක කුලුන. (Topra Ashokan Pillar)



ඉන්දියාවේ දිල්ලියේ පිහිටා ඇති කුලුනකි. යමුනා නගරයේ සිට බටහිරට කිලෝමීටර් 14ක් සහ රාදවුර් සිට කිලෝමීටර් 14ක් දුරින්ද පිහිටා ඇත, චන්දිගා සිට දුර කිලෝමීටර් 90කි.



2)දිල්ලියේ වෙනත් අශෝක සෙල් ලිපි. (Ashokan Edicts in Delhi)



දිල්ලියේ බොහෝ අශෝක සෙල්ලිපි පිහිටා ඇත. බහපූර් සෙල් ලිපිය එයින් එකකි. මෙය ශ්‍රී නිවාසපූරියේ බහපූර් ගම්මානයට ආසන්නයෙන් දකුණු දිල්ලියේ පිහිටා ඇත. මෙය බ්‍රාහ්මී අක්ෂර වලින් ලියා ඇති ශිලා ලේඛනයකි. බහපූර් සෙල් ලිපියේ දැක්වෙන එක වාක්‍යයක් මෙසේය: “දෙවියන්ට ප්‍රියවූ මහ රජ්ජුරුවන් වහන්සේ මෙසේ කියයි: මම ගිහි උපාසකයෙක් බවට පත්වී අවුරුදු දෙකක් ගතවී ඇත....” තවද දිල්ලි මීරූට් අශෝක කුලුනද (Delhi-Meerut pillar) දිල්ලියේ පිහිටා ඇත. 



3)සන්කිස්ස කුලුන. (Sankisa Ashokan Pillar)



සන්කිස්ස උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ, ෆාරුක්කාබාද් දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. සන්කිස්ස හෙවත් සංකස්සපුර කන්පූර් ගුවන්තොටුපොලේ සිට කිලෝමීටර් 250ක් දුරින් පිහිටා ඇත. මෙහිද අශෝක කුලුනු දක්නට ඇත. මෙහි ස්වර්ග ලෝකයේ සිට බුදුරජාණන් වහන්සේ පෘථිවියට වඩිනා විට දකුණු කකුල මුලින්ම පොළොවේ ස්පර්ශවුන ස්ථානයේ අතීතයේ පූජනීය වස්තුවක් ඉදිකර ඇත. එය දැනුදු දක්නට තිබේ. අශෝක අධිරාජයා විසින් මෙහි බුදුරජාණන් වහන්සේගේ ස්වර්ගයේ සිට පැමිණීම උදෙසා චෛත්‍යක්ද ඉදිකරන ලද අතර, එය දැනුත් දක්නට තිබේ.



4)සාංචි. (Sanchi, Madhya Pradesh Ashokan Pillar)



ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සාංචි නගරය පිහිටා ඇත. මෙහි ඇති සුවිශේෂ චෛත්‍ය අශෝක අධිරාජයා විසින් ඉදිකරන ලදී. මෙය දැනුත් ඔබට දකින්නට හැකිය. සාංචි වල චෛත්‍ය 102ක් ඇති අතර ඒවායින් දෙකක් සාරිපුත්ත මහ රහතන් වහන්සේගේත් මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේගේත් ධාතූන් වහන්සේලා නිධන් කර තැනූ ඒවායි. සාංචි වලද අශෝක කුලුනක් ඇත. සාංචි අශෝක කුලුනේ (Sanchi Ashokan Pillar) වාක්‍ය කිහිපයක් මෙසේයි: “….හික්ෂුන් වහන්සේලාට සහ භික්ෂුනීන් වහන්සේලාට මාර්ගය නිවැරදිව දේශනා කර ඇත. යම් තාක් මාගේ දරු මුණුබුරන් ආඥාව දරයිද, යම් තාක් සූර්යයා සහ චන්ද්‍රයා පවතියිද, බුද්ධ ශාසනයේ භේද ඇති කරන්නාවූ භික්ෂූන් සහ භික්ෂුනීන් සුදු වර්ණ ඇදුම් අන්දවා ශාසනයෙන් බැහැර කළ යුතුය. කුමක් මාගේ කැමැත්ත වන්නේද? සංඝයා සමගිව බොහෝ කාලයක් පවතීවා යන්නයි...” මෙම අශෝක කුලුනේ උස අඩි 42කි. තවද සාංචිවල බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද විවිධ ජාතක කතාද, බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද විවිධ ඍධි ප්‍රාතිහාර්ය පෙන්වීම්ද, බුදුරජාණන් වහන්සේ වෙත මාර දිව්‍ය පුත්‍රයාගේ දුවලා වන දිව්‍යාංගනාවන්ගේ පැමිණීමද, සර්වඥයන් වහන්සේගේ ධාතූන් සඳහා රජවරු යුද්ධ කිරීමට සූදානම් වීමද, රජවරුන් විසින් කුසිනාරා නගරය (Kushinagar) හමුදා සෙබළුන් සමඟ වටකිරීමද කැටයම් කපා කැටයම් මගින් දක්වා ඇත. තවද සාංචිවල බොහෝ බෞද්ධ විහාරස්ථාන වල නටබුන්ද දකින්නට ඇත. 



5)අලහබාද් කුලුන. (Allahabad Pillar)



ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රයාගරාජ් වල (Prayagraj) මෙය පිහිටා ඇත. අලහබාද් අශෝක කුලුන අඩි 35ක් උස කුලුනකි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ඉදිකරන ලද්දකි.



6)සාරානාත්. (Sarnath, Rishipattana)



සාරානාත් හෙවත් ඍෂිපතනය පිහිටා ඇත්තේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ වාරණාසි දිස්ත්‍රික්කයේයි. ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් පංච තාපසවරුන්ට ප්‍රථම ධර්ම දේශනාව කළේ මෙහිදීය. දීඝ නිකායේ මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව සර්වඥයන් වහන්සේ විසින් සාරානාත් සහ ලුම්බිණිය, බුද්ධගයාව, කුසිනාරාව, යන ස්ථාන 4 බෞද්ධ ශ්‍රද්ධාවන්තයෙක් විසින් වන්දනා කළයුතු ස්ථාන 4ක් යැයි දේශනා කර තිබේ. සාරානාත් යන නම සෑදී ඇත්තේ බෝධිසත්වයන් වහන්සේ මුව රජෙක්ව සිටි කාලයේ රජෙකු විසින් මුව රජා සහ පිරිවරට උද්‍යානයක් කරවූ නිසයි. ඍෂිපතනය (Rishipattana)යන නම එම ප්‍රදේශයට සෑදී ඇත්තේ ඍෂිවරුන් නිසායි. 



සාරානාත්වල අශෝක අධිරාජයාගේ කාලයටත් පෙර නිර්මාණය කරන ලද ධර්මරාජික සෑය (Dharmarajika Stupa)නම් චෛත්‍ය ඇත. අශෝක අධිරාජයා විසින් සාරානාත් වල කුලුනක් ඉදිකරන ලදී. එම කුලුන 12 වන සියවසේ විනාශ කරන ලද නමුත් තවමත් අශෝක කුලුනේ (Sarnath Ashoka Pillar)කොටස් ඉතිරිව පවතී. තවද බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම දේශනාව කරමින් වාඩිවී සිටි ස්ථානයේ ධමෙක් චෛත්‍ය ඉදිකර ඇත. ධමෙක් චෛත්‍ය (Dhamek Stupa)ලෝකයේ පළමු චෛත්‍ය 8න් එකකි. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයට පසුව ඉදිකරන ලද්දකි. වර්තමානයේ දක්නට ඇති ධමෙක් චෛත්‍ය ගුප්ත අධිරාජ්‍යයේ රජවරුන් විසින් 5 වන සියවසේ ඉදිකරන ලද්දකි. තවද බුදුරජාණන් වහන්සේ ගයාවේ සිට සාරානාත් දෙසට වඩින විට පංච තාපසවරුන් හමුවූ ස්ථානයේද චෞකන්ද් නම් චෛත්‍යයක් (Chaukhandi Stupa)ගොඩ නංවා ඇත.



ගෝර්හී මොහොමඩ්ගේ (Muhammad of Ghor) සෙනෙවියෙක් වූ අයිබෙක් (Qutbuddin Aibek) විසින් සාරානාත් විනාශ කරන ලද්දේ 1194 වර්ෂයේදීය. ගෝර්හී මොහොමඩ් ඝස්නි (වර්තමානයේ ඇෆ්ගනිස්තානය) වල රජුයි. පර්සියන් ඉතිහාසඥයෙක් වන හසන් නිසාමිගේ (Historian Hasan Nizami) වචනවලින් කොටසක් මෙසේයි: “1000ක් පමණ පන්සල් විනාශකර දැමුවෙමි. විහාරස්ථානවල පදනම් මත මුස්ලිම් පල්ලි ඉදිකළෙමු. රායිවරුන් සහ හින්ද්හි ප්‍රධානීන් ගුරිද්වරුන්ට පක්ෂපාතීත්වය දැක්වීමට ඉදිරියට පැමිණියේය…” වික්‍රමශීලාව 1193දීත්, ඔදන්තිපුර 1197දීත්, නාලන්දාව 1200දීත් සම්පූර්ණයෙන් විනාශකර දමන ලදී.



7)විශාලා අශෝක කුලුන. (Vaishali Ashoka Pillar)



විශාලා නුවර (Vaishali) ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටා ඇත. මෙය අතීතයේ වජ්ජීන්ගේ අගනගරය විය. විශාලා නුවර විවිධ චෛත්‍ය පිහිටා ඇත. විශාලා නුවර අශෝක අධිරාජයා විසින් පිහිටවන ලද කුලුනක් ඇත. විශාලා නුවර බුදුරජාණන් වහන්සේ බොහෝ වාසය කළ ස්ථානයේ කූටාගාර ශාලා විහාරය (Kutagarasala Vihara) පිහිටා ඇත. අදද එය ඔබට නැරඹිය හැක. කූටාගාර ශාලා විහාරයේද අශෝක අධිරාජයා විසින් කරවන ලද තවත් ශෛලමය අශෝක කුලුනක් ඇත.



8)රාම්පූර්ව ශීර්ෂ සහ සෙල් ලිපි. (Rampurva capitals)


 

රාම්පූර්ව ප්‍රදේශය ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නේපාල දේශ සීමාවට අතිශයින්ම ආසන්නයෙන් පිහිටා ඇත. මෙහි අශෝක අධිරාජයාගේ කුලුනු සහ සෙල් ලිපි පිහිටා ඇත.


 

9)ලවුරියා අශෝක කුලුන. (Lauriya Ashok Pillar)

ලවුරියා නවන්ද්ග්‍රා (Lauriya Navandgarh) උතුරු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නගරයකි. මෙහි අශෝක රජතුමාගේ කුලුනක් පිහිටා ඇත. මෙම අශෝක කුලුනේ උස අඩි 32කි. තවද මෙහි චෛත්‍ය 15ක් පිහිටා ඇත. නවන්ද්ග්‍රා ප්‍රධාන චෛත්‍ය ක්‍රිස්තුස් වහන්සේ උපදින්නට පෙර (ක්‍රිපු) 3 වන සියවසේ ඉදිකරන ලද්දකි. ලවුරියා නවන්ද්ග්‍රා වල මෞර්ය අධිරාජයේ බෝහෝ නටබුන්ද දක්නට ඇත. 


 

10)නිගාලි සාගර් කුලුන. (Nigali Sagar Pillar)

අශෝක අධිරාජයා විසින් කරවනු ලැබූ මෙය පිහිටා ඇත්තේ නේපාලයේ නිගාලිහවා ප්‍රදේශයේයි. ලුම්බිණියේ සිට කිලෝමීටර් 20ක දුරකිනි. තවුලිහවා සිට කිලෝමීටර 7ක දුරකිනි. තවද මෙහි අශෝක රජු විසින් පිහිටවනු ලැබූ සෙල් ලිපියේ මෙසේද සඳහන්වේ: “….ප්‍රියදර්ශන මහ රජ්ජුරුවන් වහන්සේ විසින් රාජාභිෂේකයෙන් 14 වන වර්ෂයේ කෝණාගමන සර්වඥයන් වහන්සේගේ ස්තූපය දෙවන වරටත් විශාලකර සකසන ලදී. තවද රාජාභිශේකයෙන් 20 වන වර්ෂයේ තමා පෞද්ගලිකවම පැමිණ ගෞරවාදර පුද කර ගල් කණුවක් පිහිටවන ලදී….” 


 

11)ලුම්බිණි කුලුන. (Lumbini Ashok Pillar)

මේ අශෝක අධිරාජයා විසින් පිහිටවන ලද තවත් එක් කුලුනකි. නේපාලයේ රූපන්දෙහි දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මේ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්ති ස්ථානයයි. අශෝක අධිරාජයා විසින් ක්‍රිස්තුස් වහන්සේ උපදින්නට ශත වර්ෂ 3කට පෙර, සහ බුද්ධ පරිනිර්වාණයෙන් ශත වර්ෂ 3කට පමණ පසුව පිහිටවන ලද එම කුලුනේ දක්වා ඇති විස්තර කොටසක් මෙසේයි: “…. රාජාභිෂේකයෙන් 20 වන වර්ෂයේ, දෙවියන්ට ප්‍රිය ප්‍රියදර්ශනැ මහරජ්ජුරුවන් වහන්සේ තමාම මෙහි පැමිණියේය. මෙම ස්ථානය වන්දනා කළේය. කුමක් නිසාදයත් මෙම ස්ථානය ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ ඉපදුනු ස්ථානයයි. අශ්වයෙක් උසුලා සිටින ගලක්ද, ගල් කණුවක්ද කරවන ලදී. ලුම්බිණි ගම්මානය අය බද්දෙන් නිදහස් කරන ලදී….” අශෝක රජු විසින් කරවන ලද මෙම කුලුන අදත් එම ස්ථානයේ දක්නට ඇත. තවද ලුම්බිණියේ බෝහෝ බෞද්ධ නටබුන් දක්නට ඇත. ලුම්බිණිය ලෝක උරුමයක් ලෙස 1997දී යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කරන ලදී. 


 

12)අයිකනෝම් සෙල් ලිපිය (Ai-Khanoum Khalsi Edict of Ashoka)

කලසි සෙල් ලිපිය ලෙස හැදින්වෙන මෙම අශෝක රජුගේ සෙල් ලිපිය අතීත බැක්ට්‍රියාවේ අගනුවරවූ අයිකනෝමයේ පිහිටා තිබුණි. එනම් වර්තමාන ඇෆ්ඝනිස්තානයේ තකාර් පළාතයි. කලසි සෙල් ලිපි කිහිපයක් ඇති අතර එවායේ දැක්වෙන වාක්‍ය කිහිපයක් මෙසේයි: “….දැන් දෙවියන්ට ප්‍රිය මහ රජ්ජුරුවන් වහන්සේ ධර්මයෙන් ජය ගැනීම වඩාත්ම සුදුසුම ජයගැනීම යැයි සිතයි. සහ මේ ධර්මයෙන් ජයගැනීමේ ක්‍රියාවලිය මෙහිදී දිනන ලදී. දේශ සීමාවන් වලත්, තවද මෙතැන් සිට ලීග 600ක් එපිටින් ඇන්ටිඕචස් රජ්ජුරුවන්ගේ රාජ්‍යයේත්, සහ එයිනුත් එපිට රජවරු 4 දෙනා වන ටොලමි, ඇන්ටිගනස්, මාගස්, ඇලෙක්සැන්ඩර් යන රජවරුන්ගේ රාජ්‍යයන් වලත්, ඒවාගේම දකුණින් චෝලයින්, පාණ්ඩ්‍යයින්, සහ ත්‍රාමපර්ණිය දක්වා….” 


 

මෙම සෙල් ලිපියේ එම කාලයේ සිටි රජවරු 5 දෙනෙක්ගේ නම් ඇතුළත්‍ වේ. එනම්: King Antiochus, King Ptolemy, King Antigonus, King Magas, King Alexander. 

තවද මෙම සෙල් ලිපියේ රාජ වංශ දෙකක් පිළිබද තොරතුරු ඇතුළත් වේ. එනම්: Chola dynasty, Pandya dynasty. 

තවද මෙම සෙල් ලිපියේ ශ්‍රී ලංකාව පිළිබද තොරතුරු ඇතුළත් වේ. එනම්: Tamraparni (Sri Lanka)



 

13)කන්දහාර් සෙල් ලිපිය. (Kandahar Bilingual Rock)

කන්දහාර් සෙල් ලිපිය ඇෆ්ඝනිස්තානයේ කන්දහාර් ප්‍රදේශයේ පිහිටා ඇත. මේ සෙල් ලිපිය ග්‍රීක් භාෂාවෙන් සහ ඇරමෙයික් භාෂාවෙන් යන භාෂා දෙකෙන්ම ලියා ඇත. මෙයද අශෝක අධිරාජයාගේ තවත් එක් වැදගත් සෙල් ලිපියකි. මෙය අශෝක රජුගේ රාජාභිෂේකයෙන් 10 වන වර්ෂයේ ලියන ලද්දකි. (Kandahar Edict of Ashoka)


 

මේ දක්වා ඇත්තේ කිහිපයක් පමණි. මේවාට අමතරව ලවුරියා අරරාජ් අශෝක කුලුන (Lauriya Araraj Pillar of Ashoka)වැනි කුලුනු සහ තවත් සෙල් ලිපි ආදිය ඉන්දියාවේ, පකිස්තානයේ, ඇෆ්ගනිස්තානයේ, බංග්ලාදේශයේ සහ නේපාලයේ ඇත. (Edicts of Ashoka) සම්පූර්ණ ගණන 45කි.


 

තවද අශෝක අධිරාජයාගේ සෙල් ලිපිවලින් තෝරාගත් කොටස් කිහිපයක් ඔබගේ දැනගැනීම සඳහා මෙතන අප විසින් සඳහන් කරන්නෙමු.


 

1) Beloved-of-the-Gods, King….


 

1) ….දෙවියන්ට ආදරණීය, ප්‍රියදර්ශී මහ රජ්ජුරුවන් වහන්සේ විසින් මේ ධර්ම ආඥාව පිහිටවන ලදී: මෙහි මාගේ රාජ්‍යයේ කිසිදු සතෙකු මරා නොදැමිය යුතුය. තවද යාග පිණිස බිලි නොදිය යුතුය. තවද එබඳු ආකාරයේ උත්සවද නොපැවැත්විය යුතුය. කුමක් නිසාදයත් දෙවියන්ට ආදරණීය ප්‍රියදර්ශී මහ රජ්ජුරුවන් වහන්සේ අනුමත කරන යම් යම් වෙනත් උත්සව තිබුණත් එබඳු උත්සව වලට විරුද්ධ බැවිනි. අතීතයේදී දෙවියන්ට ආදරණීය ප්‍රියදර්ශී මහ රජ්ජුරුවන් වහන්සේගේ මුළුතැන්ගෙයිදී ලක්ෂ ගණන් සතුන් මාංශ ව්‍යංජන සෑදීම සඳහා මරා දමන ලදී. නමුත් දැන් මේ ආඥාව ලියන අවස්ථාවේදී සත්වයින් තුන් දෙනෙක් එනම් මොණරුන් දෙදෙනෙක් සහ එක් මුවෙක් පමණක් මරා දමති. තවද මුවා සැමවිටම මරා නොදමති. අනාගතයේදී මේ සතුන් තුන් දෙනාත් මරා නොදැමෙති….


 

2) Everywhere, within Beloved-of-the-Gods….


 

2) ….දෙවියන්ට ආදරණීය, ප්‍රියදර්ශී මහ රජ්ජුරුවන් වහන්සේගේ රාජධානියේ සෑම තැනකම සහ දේශ සීමාවෙන් එපිට මිනිසුන් අතර, එනම් චෝල, පාණ්ඩ්‍ය, සතියපුත්‍ර, කේරළපුත්‍ර, සහ දුර ඈත ත්‍රාමපර්ණි (Sri Lanka)දක්වා සහ ග්‍රීක රජ ඇන්ටිඕචස්ගේ ආඥා බල ප්‍රදේශය තුළත්, එම රජුගේ රාජ්‍ය වටා පිහිටි රාජධානිවල රජවරුත් යන මේ සෑම තැනකම දෙවියන්ට ආදරණීය, ප්‍රියදර්ශී මහ රජ්ජුරුවන් වහන්සේ ආකාර දෙකක සෞඛ්‍ය ප්‍රතිපාදන සකසා ඇත. එනම් මිනිසුන්ට වෛද්‍ය පහසුකම් සැලසීම සහ සත්තු හට වෛද්‍ය පහසුකම් සැලසීමයි. යම් තැනක මිනිසුන් හට හෝ සතුන් හට අවශ්‍ය ඖෂධීය ශාක හට නොගනිත්ද, මා විසින් ඒවා ආනයනය කර වගා කරවන ලදී. යම් තැනක ඖෂධීය මුල් හෝ ගෙඩි නැතිද, මා විසින් ඒවා ආනයනය කර වගා කරවන ලදී. මිනිසුන්ගේ සහ සතුන්ගේ ප්‍රයෝජනය සඳහා මාර්ග වල පැත්තකින් මා විසින් ජල ලිං ස්ථාපනය සහ ගස් සිටවීම කරවන ලදී….


 

3) Beloved-of-the-Gods….


 

3) දෙවියන්ට ආදරණීය, දකින්නට ප්‍රිය මහ රජ්ජුරුවන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරයි: මාගේ රාජාභිෂේකයෙන් 12 වන වර්ෂයේ මෙසේ ආඥා කරන ලදී. මාගේ අධිරාජ්‍යයේ සෑම තැනකම යුක්තවරු, රජ්ජුකවරු, සහ ප්‍රාදේශිකවරු සෑම වර්ෂ 5කට වරක්ම ධර්ම උපදෙස් දීම සඳහා සහ වෙනත් කටයුතු සඳහා පරීක්ෂණ චාරිකා කළ යුතුය. මවට සහ පියාට ගරු කිරීම යහපත් දෙයකි. මිතුරන්ට, හිතවතුන්ට, නෑදෑයන්ට, බ්‍රාහ්මණයින්ට, ශ්‍රමණයින්ට ත්‍යාගශීලී වීම යහපත් දෙයකි. සත්වයින් ඝාතනය නොකිරීම යහපත් දෙයකි. ප්‍රමාණය දැන වියදම් කිරීමත්, ප්‍රමාණය දැන ඉතිරි කිරීමත් යහපත් දෙයකි. මේ ක්‍රියාවන් තුළ හැසිරීම ගැන මන්ත්‍රණ සභාව යුක්තවරුන්ට දන්වනු ඇත…. 


 

4) In the past, for many hundreds of years….


 

4) අතීතයේ අවුරුදු සිය ගණනක් තිස්සේ, සත්ව ඝාතනය සහ සත්වයින්ට හිංසා කිරීම, නෑදෑයින්ට වැරදි ලෙස සැළකීම, සහ බ්‍රාහ්මණයින්ට සහ ශ්‍රමණයින්ට වැරදි ලෙස සැළකීම වැඩිවී ඇත. එහෙත් දැන්, දෙවියන්ට ආදරණීය, ප්‍රිය දර්ශී මහ රජ්ජුරුවන් වහන්සේගේ ධර්මයේ හැසිරීම හේතුවෙන් බෙරයේ ශබ්දය වෙනුවට ධර්මයේ ශබ්දය ප්‍රතිස්ථාපනය කරන ලදී. ස්වර්ගයේ රථ වාහන දැකීම, මංගල හස්තීන් දැකීම, ආලෝකවත් ශරීර දැකීම, සහ වෙනත් දිව්‍යමය දැකීම් වර්ෂ සිය ගණනක් තිස්සේ සිදුවී නොතිබුණි. එහෙත් දැන්, දෙවියන්ට ආදරණීය, ප්‍රිය දසුන් මහ රජ්ජුරුවන් වහන්සේ සත්ව ඝාතනයෙන් වැළකීමටත් සහ සත්වයින්ට හිංසා කිරීමෙන් වැළකීමටත්, නිවැරදිව නෑදෑයන් කෙරෙහි හැසිරීමටත්, නිවැරදිව බ්‍රාහ්මණයින් සහ ශ්‍රමණයින් කෙරෙහි හැසිරීමටත්, මවට, පියාට, වැඩිහිටියන්ට ගෞරව කිරීමටත් අනුග්‍රහය දක්වන බැවින්, එබඳු දැකීම් වැඩිවී ඇත.


 

These and many other kinds of Dhamma practice have been encouraged by Beloved-of-the-Gods….


 

මෙබඳු සහ විවිධ ආකාරයේ ධර්මයේ හැසිරීම් සඳහා, දෙවියන්ට ආදරණීය, ප්‍රිය දසුන් (දකින්නට ප්‍රිය) මහ රජ්ජුරුවන් වහන්සේ විසින් අනුග්‍රහය දක්වයි. තවද ඔහු දිගින් දිගටම ධර්මයේ හැසිරීම පතුරුවයි. සහ දෙවියන්ට ආදරණීය, ප්‍රිය දර්ශී මහ රජ්ජුරුවන් වහන්සේගේ, පුත්‍රයෝද, මුණුබුරෝද, මී මුණුබුරෝද කාලයේ අවසානය තෙක් ධර්මයේ හැසිරීමට අනුග්‍රහ කරනු ලබත්වා. ධර්මයෙන් සහ ශීලයෙන් යුක්තව ජීවත් වෙමින්, ඔවුන් ධර්මය ගැන උපදෙස් දෙත්වා. සත්‍ය වශයෙන්ම මෙය උතුම්ම ක්‍රියාවයි, එනම් ධර්මයේ හැසිරීමට උපදෙස් දීමයි. එහෙත් ධර්මය පුහුණු කිරීම ශීලයෙන් තොර පුද්ගලයාට කළ නොහැක. එබැවින් එයට අනුග්‍රහ කිරීමත්, එහි වඩා වර්ධනයත් ප්‍රශංසනීය වේ.


 

This edict has been written so that it may….


 

මේ අඥාව ලියන ලදී, කුමක් නිසාදයත්, මාගෙන් පසුව රජකම ලබන්නවුන් මේ දේවල් වල වර්ධනය සඳහා කැපවනු පිණිසත්, මේ දේවල් වල පරිහානිය සිදුනොවනු පිණිසත්ය. දෙවියන්ට ආදරණීය, ප්‍රිය දර්ශී මහ රජ්ජුරුවන් වහන්සේ, රාජාභිෂේකයෙන් 12 වන වර්ෂයේදී මෙය ලියවන ලදී…. 


 

5) Beloved-of-the-Gods, King….


 

5) දෙවියන්ට ආදරණීය, දකින්නට ප්‍රිය මහ රජ්ජුරුවන් වහන්සේ, මෙසේ ප්‍රකාශ කරයි: යහපත් දේවල් කිරීම අමාරු වැඩකි. යමෙක් යහපත් ක්‍රියාවක් කරන්නේද, ඔහු ප්‍රථමයෙන්ම අමාරු වැඩක් කරන්නේය. මම විසින් යහපත් ක්‍රියාවන් කරනු ලැබීය. තවද මාගේ පුත්‍රයෝද, මුණුබුරෝද, ලෝකයේ අවසානය තෙක් ඔවුන්ගෙන් පැවතෙන්නන්ද, මෙයට සමාන ආකාරයෙන් ක්‍රියාවන් කරයිනම්, ඔවුන්ද බොහෝ යහපත් ක්‍රියාවන් කරනු ඇත. එහෙත් ඔවුන් අතර යමෙක් මෙය නොසළකාහරියි නම්, ඔවුන් පාප ක්‍රියාවන් කරනු ඇත. සත්‍ය වශයෙන්ම, පව්කාර ක්‍රියා කිරීම පහසු වැඩකි. 


 

In the past there were no Dharma Ministers but…. 


 

අතීතයේදී ධර්ම මහ ඇමතිවරුන් නොසිටියේය. එහෙත් මාගේ රාජාභිෂේකයෙන් 13 වන වර්ෂයේදී මා විසින් එබඳු නිළධාරීන් පත් කරන ලදී. දැන් ඔවුන් සියලු ආගම් අතර ධර්මය ස්ථාපනය කිරීමට කටයුතු කරති, ධර්මය ප්‍රචාරය සඳහා කටයුතු කරති, සහ ධර්මයට කැපවී සිටින සියල්ලන්ගේම යහපත සහ සතුට සඳහා කටයුතු කරති. ඔවුන් ග්‍රීකවරු අතරත්, කාම්බෝජවරු අතරත්, ගාන්ධාරවරු අතරත්, රාෂ්ට්‍රිකවරු අතරත්, පිටිනිකවරු අතරත්, සහ බටහිර දේශ සීමාවන්හී වෙනත් මිනිසුන් අතරත් කටයුතු කරති. ඔවුන් යුධ සෙබළුන් අතරත්, ප්‍රධානීන් අතරත්, බ්‍රාහ්මණයින් අතරත්, ගෘහ මූලිකයින් අතරත්, දුප්පත් මිනිසුන් අතරත්, සහ ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනත් මිනිසුන් අතරත්, ඔවුන්ගේ යහපත සහ සතුට සඳහා වැඩ කරති. එබැවින් ඔවුන් දුකින් මිදෙන්නේය. ධර්ම මහ ඇමතිවරු සිරකරුවන්ගේ යහපත සඳහාත්, ඔවුන් බන්ධනයෙන් මුදවීම සඳහාත් වැඩ කරති. සහ තවද ධර්ම මහ ඇමතිවරු සිතයි නම්, “පෝෂණය කිරීමට මොහුට පවුලක් ඇත”, “අර තැනැත්තාට වශී ගුරුකමක් කර ඇත”, “මේ තැනැත්තා අතිශයින් මහලුය”, එවිට එබඳු සිරකරුවන් නිදහස් කිරීම සඳහා කටයුතු කරනු ලබයි. ඔවුන් මෙහිද වැඩ කරති, දුර පිහිටි නගර වලද, මාගේ සහෝදරවරුන්ට අයත් අන්තඃපුර වලද, සහ සහෝදරියන් සහ මාගේ නෑදෑයන් අතරත් ඔවුන් වැඩ කරති. ඔවුන් සෑම තැනකම වාසය කරති. මේ ධර්ම මහ ඇමතිවරු මාගේ අධිරාජ්‍යයේ සෑම තැනකම ධර්මයට ශ්‍රද්ධාවන්ත මිනිසුන් අතර රාජකාරියේ නියැලෙමින්, කවරෙක් ධර්මයට කැපවී සිටියිද, කවරෙක් ධර්මයේ පිහිටා සිටියිද, කවරෙක් ත්‍යාගවන්තයෙක් වේද යනුවෙන් පරික්ෂා කරයි. 


 

This Dhamma edict has been written on stone so that….


 

මේ ධර්ම අඥාව ගලෙහි ලියන ලදී, කුමක් නිසාදයත් මෙය බොහෝ කාලයක් පවතිනු පිණිසය. සහ මාගෙන් පැවතෙන්නන්ගේ එයට අනුකූල ක්‍රියාකාරීත්වය පිණිසය.


 

6) Beloved-of-the-Gods….


 

6) දෙවියන්ට ආදරණීය, දකින්නට ප්‍රිය මහ රජ්ජුරුවන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරයි: අතීතයේදී රාජ්‍ය කටයුතු කිරීමත්, වාර්තා රජුට ලබාදීමත් සියලු වේලාවන් හීදී සිදු නොකෙරුණි. එහෙත් දැන්, මා විසින් මේ ආඥාව කරන ලදී. එනම්, ඕනෑම වේලාවක, එනම් මම ආහාර ගනිමින් සිටින විටත්, ඇතුළුපුරයේ සිටින විටත්, නිදන කාමරයේ සිටින විටත්, රථයේ සිටින විටත්, දෝලාවේ සිටින විටත්, උද්‍යානයේ හෝ වෙනත් යම් තැනක සිටින විටත් වාර්තාකරුවන් මට මිනිසුන්ගේ ක්‍රියාකාරකම් තොරතුරු වාර්තා කළයුතුය. එවිට මම කොතැන සිටියත් ඒවාට මට සිත යොමු කිරීමට හැක. සහ තවද දන් දීම් පිළිබඳ හෝ ප්‍රකාශන පිළිබඳ හෝ මම යමක් වාචිකව අණ කරන්නේද, හෝ යම් හදිසි කටයුත්තක් ධර්ම මහ ඇමතිවරු වෙත එළඹ සිටින්නේද, මන්ත්‍රණ සභාව තුළ අසම්මතිය හෝ වාද විවාද පැන නගින්නේද, ඒවා ක්ෂණිකව මට වාර්තා කළ යුතුය. මෙයයි මා විසින් ආඥා කර ඇත්තේ. මම කිසි දිනෙක මමම වෙහෙසට පත් කරගැනීම මෙන්ම කටයුතු ඉක්මනින් කිරීම ගැන තෘප්තියට නොපැමිණෙමි. සත්‍ය වශයෙන්ම, සියල්ලන්ටම යහපත සැලසීම මාගේ කාර්යය කොට සළකමි. සහ මෙහිදී වැදගත්ම දෙය නම් මහන්සිවී වැඩ කිරීම සහ වහා කටයුතු සිදුකිරීමයි. මහජනතාවගේ යහපත සැලසීමේ කාර්යයට වැඩි යමක් නැත. සහ තවද සත්වයින්ට මාගේ ඇති ණයගැති භාවයෙන් මිදීමේ ක්‍රියාවන් කිරීමත්, මීලඟට ස්වර්ගයට යාමත් යන කාර්යයන්ට වැඩි යමක් නැත. 


 

Therefore this Dhamma edict has been written to….

එබැවින් මේ ධර්ම අඥාව බොහෝ කාලයක් පවතිනු පිණිස ලියන ලදී. තවද මාගේ පුත්‍රයෝද, මාගේ මුණුබුරෝද, මාගේ මී මුණුබුරෝද මෙයට අනුකූලව ලෝකයේ යහපත සඳහා කටයුතු කරත්වා. එසේවුවත්, මහන්සි නොවී යමක් කිරීම දුෂ්කරවේ.


 

Click the below link to see an educational video about pillars of Emperor Ashoka: https://youtu.be/6_87Wo1WGS0?si=3R_Qr0ynlMKInL4x


 

(මෙහි දක්වා ඇති කරුණු අතිශයින්ම සුළු ප්‍රමාණයක් බව කරුණාවෙන් සළකන්න. අශෝක අධිරාජයාගේ සියලුම සෙල්ලිපි වල තොරතුරු සහ ඡායාරූප දැක ගැනීමටත්, එම සෙල් ලිපි කියවීමටත්, ගූගල් Google සෙවුම් යන්ත්‍රයේ ‘Edicts of King Ashoka’ යනුවෙන් යොදා සොයන්න.)


 

තවද කෘතීම බුද්ධි ප්‍රභවයන් භාවිතා කිරීමෙන්ද වැඩි විස්තර සොයාගැනීමට ඔබට හැකිය. උදාහරණ: ChatGPT Artificial Intelligence (AI) system https://chat.openai.com 

[සැළකිය යුතුයි. කෘතීම බුද්ධියේ ප්‍රතිඵල සර්ව සම්පූර්ණ නිවැරදි නැත. සාමාන්‍ය මිනිසුන් විසින් දත්ත ඇතුළු කිරීමෙන් සකස් කරන ලද දෙයක් බැවින් එහි වැරදි ඇත.]

බැක්ට්‍රියාවේ මිලිඳු රජු:

ආරක්ෂක මෙනැන්ඩර් (Menander I Soter)රජු ඇලෙක්සැන්ඩ්‍රියාවේ උපත ලැබූ බැක්ට්‍රියාව පාලනය කළ රජෙකි. සාගල නගරය ඔහුගේ අග නගරය විය. මෙය වර්තමාන පකිස්තානයේ සියල්කොට්‍ ප්‍රදේශයයි. වර්තමාන ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය අතීතයේ ඔහුගේ රාජ්‍යය විය. ඔහු ක්‍රිස්තුස් වහන්සේ උපදින්නට ශත වර්ෂ 2කට පමණ පෙර සිටි අයෙකි. 



Menander I Soter was a Greco-Bactrian and later Indo-Greek King who administered a large territory in the Northwestern regions of the Indian Subcontinent and Central Asia. 



ඔහු අතිශයින් සමෘධිමත් සහ බලසම්පන්න රජෙක්වූ අතර ඔහුගේ කාසි දුර ඈත බ්‍රිතාන්‍යයේ පොළොවෙන් පවා හමුවී ඇත. [Indo-Greek, Indo-Scythian & other early Indian coins found in Britain- https://www.caitlingreen.org/2015/01/indo-greek-indo-scythian-other-early.html] තවද ඔහුගේ කාසි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේද පෙන්වීමට තබා ඇත. මේවා ඔබට දැන් අන්තර්ජාලයෙන් පරික්ෂා කළ හැක. මේ මෙනැන්ඩ රජතුමා නාගසේන මහ රහතන් වහන්සේ හමුවීමෙන් පසු ධර්මය පිළිබඳ අතිශයින් ගැඹුරු ප්‍රශ්න උන්වහන්සේගෙන් ඇසීය. නාගසේන මහරහතන් වහන්සේ මේ සියලු ප්‍රශ්න විසඳන ලදී. එයින් ධර්මය පිළිබඳ අතිශය පැහැදීමට පත් මෙනැන්ඩ රජතුමා මහණවිය. මේ රජතුමාගේ මහණ වීම පිළිබඳ ප්‍රවෘත්තිය මිළින්ද ප්‍රශ්නය නම් ග්‍රන්ථයේ දැක්වෙයි. මේ මෙනැන්ඩර් රජ්ජුරුවෝ ගැන ප්ලූටාර්ක්ගේ (Plutarch) මොරාලියා (Moralia) ග්‍රන්ථයේ විවිධ කරුණු සඳහන් වෙයි. සාම්ප්‍රදායිකව මොරාලියා ග්‍රන්ථය පොත් 14ක් ලෙස එළිදක්වති. මේ මෙනැන්ඩර් නම් අතිශයින් ප්‍රඥාවන්ත රජුගේ මහණවීමත් පසුව රහතන් වහන්සේ කෙනෙක්වීමත් පිළිබඳ ප්‍රවෘත්තිය ලෝකයේ දුර ඈත ප්‍රදේශවලත් පැතිරුණි. ඒ සම්බන්ධව ග්‍රීක දාර්ශනිකයෙකු වන ප්ලූටාර්ක් මෙසේ ප්‍රකාශ කළේය: 



But when one Menander, who had reigned graciously over the Bactrians, died afterwards in the camp, the cities indeed by common consent celebrated his funerals; but coming to a contest about his relics, they were difficultly at last brought to this agreement, that his ashes being distributed, everyone should carry away an equal share, and they should all erect monuments to him.” (Moralia 28.6)



එහෙත් බැක්ට්‍රියානුවන් කෙරෙහි කරුණාවෙන් රජකම් කළ මෙනැන්ඩර් කූඩාරමේදී මියගිය විට, පොදු එකඟතාවයෙන් නගර වල ඔහුගේ අවමංගල්‍ය උත්සව පවත්වන ලදී. නමුත් ඔහුගේ ධාතූන් පිළිබඳව තරගයකට පැමිණ ඔවුන් ඉතා දුෂ්කරව මේ එකඟතාවයට පැමිණියේය. එනම් ඔහුගේ ධාතූන් බෙදා හැරිය යුතුය, සියල්ලන්ට රැගෙන යාමට සමාන ප්‍රමාණවලින් ලැබිය යුතුය සහ ඔවුන් සියල්ලෝම ඔහු වෙනුවෙන් ස්මාරක ඉදිකළ යුතුය.” (Moralia 28.6 කොටස) 



මෙසේ සඳහන් වන්නේ ග්‍රීක ජාතිකයෙකු වන ප්ලුටාර්ක්ගේ මොරාලියා ග්‍රන්ථයේයි. මේ ග්‍රන්ථය දැන් ඔබට අන්තර්ජාලයෙන් කියවීමට හැකිය. ගූගල් සෙවුම් යන්ත්‍රයේ ‘Moralia by Plutarch’ යනුවෙන් පිරික්සන්න. තවද ඔබට මිළින්ද ප්‍රශ්නය ග්‍රන්ථය අන්තර්ජාලයෙන් දැන් කියවිය හැක. තවද Android Play Storeවල ‘බෞද්ධ පොත් App’මගින්ද කියවිය හැක.



මීට අමතරව පකිස්ථානයේ බජවුර් (Bajaur, Afghanistan–Pakistan border)ප්‍රදේශයෙන් හමුවූ කරඬුවක මෙසේ ප්‍රකාශයක් සටහන් කර තිබී හමුවී ඇත. එනම්: “මෙනැන්ඩ මහ රජ්ජුරුවන්ගේ රාජ්‍යයේ කාර්තිකයේ 14 වන දින, ශාක්‍ය මුනිවරයාගේ ජීවයෙන් දායාදවූ ශාරීරික ධාතු පිහිටුවන ලදී.” (මෙහි ඡායාරූප නැරඹීමට ගූගල් සෙවුම් යන්ත්‍රයේ Bajaur reliquary of the reign of Menander ලෙස පිරික්සන්න. තවද මෙහි තවත් බෞද්ධ රජෙකු වන ක්‍රිස්තු පූර්ව යුගයේ වාසය කළ ගාන්ධාරය පාලනය කළ විජයමිත්‍ර රජු ගැනත් සඳහන් වේ.)



රුකුණා කරඬුව (Rukhuna reliquary)යනු ඉන්දියාවේ බුද්ධ ධර්මය පිළිබඳ සඳහන් තවත් එක් සාක්ෂියකි. මෙය හමුවූයේ පකිස්ථානයේ බජවුර් ප්‍රදේශයෙනි. ක්‍රිස්තුස් වහන්සේ උපදින්නට පෙර වාසය කළ විජයමිත්‍ර රජුගේ (King Vijayamitra) ක්‍රියාවක් ගැන එහි සඳහන්‍. එහි මෙසේ සඳහන් වෙයි: “ස්වාමීවූ අප්‍රකා හී විජයමිත්‍ර රජ්ජුරුවන් වහන්සේගේ 27 වන වර්ෂයේදී, අසෙස් නම් 73 වන අවුරුද්දේ, ග්‍රීකවරුන්ගේ 201 වන අවුරුද්දේ, ශ්‍රවන මාසයේ 8වන දිනයේ, මේ දිනයේ අප්‍රකා හී රජ්ජුරුවන් වහන්සේගේ බිරිඳවන රුකුණා විසින් මේ චෛත්‍ය කරවන ලදී, සහ තවද විජයමිත්‍ර රජ්ජුරුවන් වහන්සේ, ඉන්ද්‍රවර්ම හමුදාපති, සහ ඔවුන්ගේ බිරින්දෑවරු සහ දරුවෝ සමඟ…” (මේ කරඬුවේ සියලු ඡායාරූප අන්තර්ජාලයේ ඇත.)



දැනටමත් ඉදිරිපත් කර ඇති කරුණුවලින් කුමක් සනාථ වේද? එනම් බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ උපත ලැබූ බවයි. තවද අතීතයේ ලෝකයේ බොහෝ ප්‍රදේශවල බුද්ධ ධර්මය ක්‍රිස්තුස් වහන්සේ උපදින්නටත් පෙර ඇලෙක්සැන්ඩ්‍රියා ආදී නගර දක්වාත් පැතිර තිබූ බවයි. 



මිළින්ද ප්‍රශ්නය ග්‍රන්ථය, මෙනැන්ඩර් රජතුමාගේ කාසි, පෞරාණික කුලුනු, ඇෆ්ගනිස්ථානයේ බාමියාන් බුදු පිළිම වහන්සේලා, පැරණි ඉන්දියානු රජවරුන්ගේ විස්තර, පෞරාණික ඉන්දියානු නටබුන්, අශෝක රජුගේ සෙල් ලිපි, වෙනත් රජවරුන්ගේ සෙල්ලිපි, පුරාණ ග්‍රන්ථ, ලිපි ලියා ඇති කරඬු, ශ්‍රී ලංකාවට සම්බන්ධයක් නැති අතීතයේ වාසය කළ ප්ලූටාක් (Plutarch) වැනි බටහිර රටවල මිනිසුන්ගේ ග්‍රන්ථ, චීනය ආදී වෙනත් රටවල අතීත ඉතිහාසඥයින්ගේ ප්‍රකාශ, 84000ක් ධර්මස්කන්ධය ඇති ත්‍රිපිටකය, යන මේ සියල්ල එකට ගළපා බලන විට බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නා යැයි කියන මෝඩයින්ගේ තරම බුද්ධිමත් මිනිසාට තහවුරු වේ.

බිම්බිසාර රජු:

ශ්‍රේණිය බිම්බිසාර (King Shrenika Bimbisara)හෙවත් සේනිය බිම්බිසාර රජු බුදුරජාණන් ජීවමාන කාලයේදී ඉන්දියාවේ මගධ රට පාලනය කළ රජතුමායි. මේ රජතුමා ගැන ත්‍රිපිටකයේ විස්තර සඳහන් වෙයි. අජාතශ්‍රස්තු රජු විසින් සේනිය බිම්බිසාර රජු රජ්ගිර් (Rajgir) වල සිර කර තැබූ සිර මැදුර (Bimbisara's jail) අදටද ඔබට දැක බලාගත හැක. තවද සාංචි ස්ථූපයේ බිම්බිසාර රජු බුදුරජාණන් වහන්සේ හමුවීමට වේළුවනයට (Venu Vana Park) යාම කැටයම් කපා දක්වා ඇත. තවද බෝරෝබුදූර් (Borobudur) සහ ජාවා (Java) වල පේකඩවල ඔහුගේ (රජුගේ) කැටයම් කපා ඇත. 



Bimbisāra or རྒྱལ་པོ་གཟུགས་ཅན་སྙིང་པོ་ or Shrenika and Seniya in the Jain histories was the King of Magadha and belonged to the Haryanka dynasty. He was the son of Bhattiya. 



7 වන සියවසේ වාසය කළ චීන ජාතික භික්ෂුවක්වූ Xuanzangගේ වාර්තාවල අතීතයේ වාසය කළ බිම්බිසාර රජතුමා ගැන කරුණු ඇත. තවද එම Xuanzang චීන භික්ෂුව ඇෆ්ගනිස්ථානයේ බාමියාන් ප්‍රදේශයේ සංචාරය කර ඇති අතර ඒවන විටත් බාමියාන් බුදු පිළිම වහන්සේලා ඉදිකර තිබූ බවත්, අඩි 140ක් පමණ උස බවත්, එම ප්‍රදේශයේ බොහෝ විහාරස්ථාන තිබූ බවත් උන්වහන්සේගේ වාර්තාවල සඳහන් කර තිබේ. එම ප්‍රදේශය පාලනය කරන රජු විසින් භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරන බවද දක්වා තිබේ. එම වාර්තා සම්බන්ධ විස්තර (Xuanzang, Kingdom of Bamiyana) ඔබට අන්තර්ජාලයෙන් බැලීමට හැකිය. තවද එම වාර්තාවල අතීතයේ විසූ කණිෂ්ක රජු මිනිසුන් විසින් ආදරයෙන් මතක් කරන බවත්, අශෝක අධිරාජයා විසින් කරවන ලද චෛත්‍ය ගැනත් විස්තර ඇත. (7 වන සියවසේ ඉන්දියානු උප මහද්වීපයේ භූ දේශපාලන පිහිටීම පිළිබඳ සිතියමක් - https://upload.wikimedia.org/wikipedia/commons/8/8c/Xuanzang_route.jpg)



ඉන්දියාවේ වාසය කළ සේනිය බිම්බිසාර රජු ගැන විවිධ ජාතීන්ගේ විවිධ අතීත ග්‍රන්ථවල කරුණු ඇත. තවද බුද්ධ ධර්මය සඳහන් ත්‍රිපිටකයේත් විවිධ තැන් වල කරුණු ඇත. ඔබගේ දැන ගැනීම පිණිස මෙහි මදක් තොරතුරු දක්වමු.





21.4. ඉද්ධි කථා

ත්‍රිපිටකය > අභිධර්ම පිටකය > කථාවස්‌තුප්‍රකරණය 3 > 21. ඒකවිංශද් වර්ගය



ප. අනු: ආයුෂ්මත් පිළින්දවච්ඡ තෙරණුවෝ මගධෙශ්වර සෙනිය බිම්බිසාර රජුගේ පහය රන් වේවයි ඉටුහු නො, පහය ස්වර්‍ණත් වී නො?





547. අභය ස්ථවිරාවදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූ අපදාන 2 > 55. භද්‌දිය වර්ගය



6238. මම දැන් මේ පශ්චිම භවය පැමිණි කල්හි උතුම් වූ ගිරිව්‍රජ (රජගහ) නගරයෙහි බිම්සර රජුගේ නමින් අභය නම් වූ පුත්‍රයෙක් වීමි….





5.3.3. භේසජ්ජ ශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 5. නිසැඟිකාණ්ඩය > 3. පත්ත වර්ගය



1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. එසමයෙහි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ ලෙනක් කරණු කැමැත්තාහු රජගහනුවර පවුබෙයදක් ශුද්ධ කරවති. එකල්හි මගධාධිපති සෙනිය බිම්බිසාර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් වෙත එළඹ වැඳ එකත්පස්ව හිඳ මෙය සැළ කෙළේය. “වහන්ස තෙරණුවෝ කුමක් කරවද්ද” යි “මහරජ ලෙනක් කරණු කැමැත්තෙම් පවුබෙයදක් ශුද්ධ කරවමි” යි “වහන්ස, හිමියනට ආරාමිකයකුගෙන් ප්‍රයෝජන දැ”යි “මහරජ භාග්‍යවතුන් වහන්සේ විසින් ආරාමිකයෙක් නො අනුදන්නා ලද්දේ ය” යි. එසේ වී නම් “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිළිවිස මට දන්වනසේක්වා” යි. “එසේය මහරජැ” යි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ මගධාධිපති සෙනිය බිම්බිසාර රජහට පිළිවදන් දුන්හ. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ මගධාධිපති සෙනිය බිම්සරරජුට දැහැමි කථාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. පැහැද වූහ. ඉක්බිති මගධාධිපති සෙනිය බිම්සර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දේ කුසල් දහම්හි සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ, පහදවන ලද්දේ හුනස්නෙන් නැගී ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවන් වැඳ පැදකුණු කොට නික්ම ගියේය….





3. වස්සූපනායිකක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 3. වස්‌සූපනායිකක්‌ඛන්‌ධකය



21. එකල්හි මගධෙශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ වස් මුලට අදිනු කැමැත්තේ “ආර්‍ය්‍යයෝ ලබන පුර පසළොස්වක් තිථියෙහි වස් එළඹෙන්නාහු නම් යෙහෙකැ" යි භික්‍ෂූන් වෙතට දූතයකු යැවීය….





3 - 1 පබ්‌බජ්‌ජා සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > සුත්ත නිපාතය > 3. මහා වර්ගය



411. බිම්බිසාර රජ පහයෙහි සිටියේ උන්වහන්සේ දිටී. මහපුරිස් ලකුණින් සමන්වාගත ඔවුන් දැක මේ අරුත් බිණීය….





1.7.4. විමලකොණ්ඩඤ්ඤ ස්ථවිරගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ථෙරගාථා පාළි > 1. ඒකක නිපාතය > සප්තම වර්ගය



64. හෙළ කෙහෙලි ඇතියහු බිම්සර රජුහු නිසා අම්බපාලිය කෙරෙහි උපන්නේ මාන ධ්වජය නැසුනේ ප්‍රඥා කේතුවෙන්මැ කෙලෙස් මරහු අභිභවනය කෙළේයි….





මහාඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 1. මහාඛන්‌ධකය



1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගයාසීසයෙහි කැමැති තාක් වැඩ වාසය කොට සියල්ලන් ම පුරාණජටිලයන් වූ භික්‍ෂූන් දහසක් පමණ වූ මහත් භික්‍ෂුසඞ්ඝයා සමග රජගහනුවර බලා වැඩි සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණසේක් රජගහනුවරට වැඩ එහි රජගහනුවර සමීපයෙහි වැල්මීලිය වැලඳගත් තල්උයනෙහි සුප්පතිට්ඨචෙතිය නම් නුගරුක්මුල්හි වැඩ වසනසේක. මගධෙශ්වර වූ සෙනා ඇති බිම්බිසාර රජ තෙමේ “ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ භවත් ශ්‍රමණගෞතමයන් වහන්සේ රජගහනුවරට පැමිණ තල්උයනෙහි සුප්පතිට්ඨචෙතිය නම් වූ නුගරුක්මුල්හි වාසය කරණසේක. ගෞතමගොත්‍රයෙහි උපන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ කලණ වූ කීර්තිඝොෂාච උස් ව නැංගේ ය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අර්‍හත් වනසේක. මේ කාරණයෙන් සම්‍යක්සම්බුද්ධ වන සේක. මේ කාරණයෙන් අෂ්ටවිද්‍යායෙන් හා පසළොස්චරණධර්‍මයෙන් යුක්ත වන සේක. මේ කාරණයෙන් යහපත් ගමන් ඇති සේක. මේ කාරණයෙන් තුන්ලොව දත් සේක. මේ කාරණයෙන් නිරුත්තර වූ පුරුෂයන් දමනය කිරීමෙහි සාරථී වන සේක. මේ කාරණයෙන් දෙවිමිනිසුන්ට ශාස්තෘ වන සේක. මේ කාරණයෙන් බුද්ධ වන සේක. මේ කාරණයෙන් භාග්‍යවත් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලොකය ද මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ද තම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ සේක. මුල මැද අග යහපත් වූ අරුත් සහිත වූ බ්‍යඤ්ජන සහිත වූ හාත්පසින් සම්පූර්‍ණ වූ ධර්‍මය දෙශනා කරණ සේක. පිරිසිදු වූ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය වදාරණ සේක. එබඳු වූ රහතුන්ගේ දැකීම යහපත් වේ ය” යි ඇසුයේය….





6. භේසජ්ජක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 6. භේසජ්‌ජක්‌ඛන්‌ධකය



14. ඉක්බිති ඒ මහාමාත්‍ය තෙමේ සිවුරඟසෙනනනඟින් යුක්ත ව නැවැත රජගහනුවරට පෙරළා ගියේ ය. (එහි) මගධෙශ්වර වූ සෙනිය බිම්බිසාර රජු වෙතට එළඹියේ ය. එළඹ මගධෙශ්වර වූ සෙනිය බිම්බිසාර රජුට මෙ පවත් දැන්වීය….





5. චම්මක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 5. චම්‌මක්‌ඛන්‌ධකය



1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ ගිජුකුළුපව්වෙහි වැඩ වසන සේක. එකල්හි මගධෙශ්වර වූ සෙනිය බිම්බිසාර රජ තෙමේ ගම් අසූදහසෙක ඓශ්වර්‍ය්‍යයයෙන් හා අධිපති භාවයෙන් යුත් රාජ්‍යය කරවයි. එකල්හි චම්පානුවර කොළිවීස ගොත්‍රයෙහි උපන් සොණ නම් සිටුපුත්‍ර තෙමේ සිවුමැළි වූයේ වේ. ඔහුගේ යටිපතුල්හි (අඳුන්වන්) ලොම් හට ගත්තේ වේ. එකල්හි මගධෙශ්වර වූ සෙනිය බිම්බිසාර රජ තෙමේ කිසියම් කටයුත්තක් සඳහා (මෙන්) ඒ අසූ දහසක් ගම් ප්‍රධානයන් රැස් කරවා කොළිවීසගොත්‍රයෙහි උපන් සොණ සිටුපුතු වෙතට “සොණ තෙමේ පැමිණේවා. සොණගේ ඊම කැමැත්තෙමි” යි දූතයකු යැවීය….







6. සේනාසනක්‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 6. සේනාසනක්‌ඛන්‌ධකය



26. එ සමයෙහි වනාහි මගධේශ්වර වූ සෙනිය බිම්බිසාර රජ තෙම සංඝයාගේ ප්‍රයෝජන පිණිස සුදුහුණු ද මැටි ද මිශ්‍ර කොට තැනු බදාම ආලේපය ඇති ප්‍රාසාදයක් කරවනු කැමැත්තේ වෙයි. එ කල මහණුනට “භාග්‍යවතුන් වහන්සේ විසින් කවර සෙවෙනියෙක් අනුදන්නා ලද ද, කවර සෙවෙනියෙක් නො අනුදන්නා ලද දැ” යි මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ….



2. 2. රාජ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > උදානපාළි > 2. මුචලින්‌ද වර්ගය



ස්වාමීනි, මෙහි පස්වරුයෙහි පිණ්ඩපාතයෙන් වැළැකුණු, දම්සබා මඬුවෙහි ( ඒ ඒ තැනින්) රැස් වූ අප අතරැ, “ඇවැත්නි, මගධාපති සේනිය බිම්බිසාර රජ හෝ කෝශලාධිපති පසේනදි රජ හෝ (යන) මේ දෙ රජුන් අතුරෙන් කවරෙක් අතිශයින් මහද්ධන ඇත්තේ හෝ අතිශයින් මහද්භොග ඇත්තේ හෝ, අතිශයින් මහත් භාණ්ඩාගාර ඇත්තේ හෝ, අතිශයින් මහත් විජිත ඇත්තේ හෝ, අතිශයින් මහත් වාහන ඇත්තේ හෝ, අතිශයින් මහත් බල ඇත්තේ හෝ අතිශයින් මහත් ඍද්ධි ඇත්තේ හෝ අතිශයින් මහත් අනුභාව ඇත්තේ හෝ වේ ද?” යි මේ අතුරු කථාව උපන. ස්වාමීනි, අපගේ මේ අතුරු කථාව අඩාළ විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩැ වදාළ සේකැ”යි කීහු….





4. සෝණදණ්ඩ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > සීලස්කන්ධ වර්ගය > 4. සෝණදණ්ඩ සූත්‍රය



එසමයෙහි සොණදණ්ඩ බමුණු තෙමේ බහුජනාකිර්‍ණ වූ, තණ දඬු දිය සුලභ වූ, බොහෝ ධන ධාන්‍ය ඇති, රජුහුගෙන් ලත් නින්දගම් වූ (රාජ ස්‍වරූපයෙන් පරිභෝග කටයුතු වූ), මගධ රටට අධිපති සේනිය බිම්බිසාර රජු විසින් දූන් රාජදායාද්‍ය වූ, ශ්‍රේෂ්ඨ ත්‍යාගය වූ චම්පා නුවරැ වෙසෙයි….





2.5.2 සේල සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 5. බ්‍රාහ්මණ වර්ගය



එසඳ සේල බ්‍රාහ්මණ ආපණ නම් නියම්ගම්හි වෙසෙයි: නිඝණ්ඩුකෙටුහ සහිත ශික්ෂා නිරුක්ති සහිත ඉතිහාසය පස් වනු කොට ඇති ත්‍රිවෙදයෙහි පාරයට ගියේ යැ. පද හා තදන්‍ය ව්‍යාකරණ හදාරනුයේ යැ, ලෝකායත මහාපුරුෂ ලක්ෂණයෙහි පරිපූරකාරී යැ’ තුන්සියක් මාණවකයනට වේද හදාරවයි. එසඳ කේණියජටිල සේල බ්‍රාහ්මණ කෙරෙහි අභිප්‍රසන්න වෙයි. ඉක්බිති සේල බ්‍රාහ්මණ තුන්සීයක් මණෙවුවන් විසින් පිරිවරනලද්දේ ජඞ්ඝාවිහාරයෙහි සක්මන් කරනුයේ ඇවිදුනේ කේණිය ජටිලයාගේ අසපුව කරා එළැඹියේ යි. සේල බ්‍රාහ්මණ කේණිය ජටිලයාගේ අසපුවෙහි ඇතැම් කෙනෙකුන් උදුන් කණනුවන් ඇතැම් කෙනෙකුන් දරපලනුවන් ඇතැම් කෙනෙකුන් බඳුන් දෝනාවුන් ඇතැම් කෙනෙකුන් දියසැළ තබනුවන් ඇතැම් කෙනෙකුන් අසුන් පනවනුවන්, කෙණිය ජටිල වැළිත් තමා මැ මණ්ඩලමාලය පිළියෙළ කරන්නා දුටුයේ යැ. දැක කේණියජටිලයාහට තෙල කී: “කිම? භවත් කේණියහට ආවාහයෙක් හෝ වන්නේ ද, විවාහයෙක් හෝ වන්නේ ද, මහායාගයෙක් හෝ එළැඹසිටියේ ද, මගධෙශ්වර සේනියබිම්බිසාර රජ හෝ සෙට දවසට බලකාය හා සමග නිමන්ත්‍රණ කරන ලද දැ?”යි. භවත් සේලයෙනි, මට ආවාහයෙක් නො වෙයි, විවාහයෙක් ද නො වෙයි, මගධෙශ්වර සේනිය බිම්බිසාර රජ හෝ සෙට දවසට බලකාය හා සමග නිමන්ත්‍රණ නො කරන ලද, එතෙකුදු වත් මට මහා යාගයෙක් එළැඹසිටියේ යැ. භවත්නි, සැහැපුත් සැහැකුලයෙන් නික්ම පැවිදි වූ මහණ ගොයුම්හු ඇත, අඩතෙළෙස්යල්සියක් පමණ මහත් වූ බික්සඟුන් හා සමග අඞ්ගුත්‍තරාප ජනපදයෙහි සැරිසරන සේක් ආපණ නම් නියම්ගමට වැඩියහ. ඒ භාග්‍යවත් ගොයුම්ගොතුවන්ගේ මෙවන් කලණ යසගී උස් වැ නැඟිණි: මෙ කරුණිනුදු ඒ භගවත්හු අර්හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලොකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථියහ, දෙවිමිනිසුනට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ”යි. ඔබ මා විසින් සෙට බතට බික්සඟුන් හා සමග නිමන්ත්‍රණ කරන ලදහ”යි. භවත් කේණියෙනි, ‘බුදුහ’යි කියෙහි, භවත් සේලයෙනි, ‘බුදුහ’යි කියමි, භවත් කේණියෙනි, ‘බුදුහ’යි කියෙහි, භවත් සේලයෙනි, ‘බුදුහ’යි කියමි”යි….



පසේනජිත් රජු:

පසේනදී කොසොල් රජු (King Pasenadi) බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ කාසි සහ කෝසල යන රටවල් දෙකම පාලනය කළ අධිරාජයායි. සාංචි ස්තූපයේ පසේනදී කොසොල් රජු බුදුරජාණන් වහන්සේ හමුවීමට යෑම කැටයම් කපා ඇත. ඉන්දියාවේ වාසය කළ පසේනදී කොසොල් රජු ගැන විවිධ ජාතීන්ගේ විවිධ අතීත ග්‍රන්ථවල කරුණු ඇත. තවද බුද්ධ ධර්මය සඳහන් ත්‍රිපිටකයේත් විවිධ තැන් වල කරුණු ඇත. ඔබගේ දැන ගැනීම පිණිස මෙහි මදක් තොරතුරු දක්වමු.



Pasenadi (Pali: पसेनदि, romanized: Pasenadi; Sanskrit: प्रसेनजित्, romanized: Prasenajit; c. 6th century BCE) was an Aikṣvāka ruler of Kosala. Sāvatthī was his capital. He succeeded after Sanjaya Mahākosala.





6. සේනාසනක්‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 6. සේනාසනක්‌ඛන්‌ධකය



එසමයෙහි පසේනදී කොසොල් රජුගේ මිත්තණියෝ කලුරිය කළාහ. ඇගේ කලුරියෙන්, දික්සඟළා පුටුය, පළඟය, සතරඟුලට වඩා ලොම් ඇති ඇතිරි ය, එළුලොමින් කළ විසිතුරු ඇතිරිය, එළුලොම් මුවා සුදු ඇතිරි ය, පුළුනෙන් පිරූ ඇතිරි ය, ගනපුප් ඇති එළුලොම් මුවා ඇතිරි ය, සිංහව්‍යාඝ්‍රාදි රූපයෙන් විසිතුරු එළුලොම් මුවා ඇතිරි ය, එක් පැත්තෙක පමණක් ලොම් ඇති එළුලොම්මුවා ඇතිරි ය, දෙ පැත්තේම ලොම් ඇති එළු ලොම්මුවා ඇතිරිය, තිහිරිහුයින් වියූ රන්කසු කම් කළ පසතුරණ, ලොම්මුවා පලස, නිළියන් සොළොස් දෙනෙකුන්ට සිට රඟ පාන්නට තරම් දික් පුළුල ඇති මහ ඇතිරිය, ඇතුන් පිට අතුරන ඇතිරි ය, පිට අතුරන ඇතිරි ය, රියෙහි අතුරන ඇතිරි ය, අඳුන් දිවිසමින් කළ පසතුරුණ, දෙපස රතු කොට්ට තැබූ උඩු වියන් සහිත කෙසෙල් මුව සමින් කළ මහඟු පසතුරුණ යන මේ බොහෝ අකැප බඩු යන බොහෝ නොකැප වී බඩු සංඝයාට උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ….





3.1.2. පුරිස සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 3. කෝසල සංයුත්‌තය > 1. බන්ධන වර්ගය



2. එකල්හි පසේනදී කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, කෙතෙක් ධර්මයෝ පුරුෂයාගේ සිය සතන්හි රසදනාහු අභිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදිත් දැ” යි තෙල සැළ කළේ ය….





3.1.7. අත්ථකරණ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 3. කෝසල සංයුත්‌තය > 1. බන්ධන වර්ගය



එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළේ ය. වහන්ස: මෙහි මම විනිශ්චයාසනයෙහි හුන්නෙම් අඪ්‍ය වූ මහද්ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ වූ මනවඩන දෑ ඇති බොහෝ ධනධ්‍යාන ඇති කැත් මහසලුන් ද, බමුණු මහසලුන් ද, ගැහැවි මහසලුන් ද කාමයන් හෙතු කොට ගෙණ කාමයන් නිදාන කොට ගෙණ කාමයන් කරුණු කොට ගෙණ දැන දැන මුසා බණන්නවුන් දකිමි. වහන්ස, ඒ මට “දන් මා විසින් නඩු විසඳීමෙන් කම් නැත. දැන් නඩුහලෙහි සොඳුරුමුව ඇත්තෙක් නො පෙණේ ය" යි මේ අදහස විය….





2.4.8 බාහිතික සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 4. රාජ වර්ගය



ආයුෂ්මත් අනඳ තෙරණුවෝ බාහිතික වස්ත්‍ර පිළිගත්හ. එසඳ පසේනදි කොසොල්රජ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී: “වහන්ස, ආනන්‍දයෙනි, අපි දැන් යම්හ, අපි බොහෝ කිස ඇතියම්හ, බොහෝ කරණී ඇතියම්හ යි, මහරජ, තෙපි දැන් එයට කල් දනුව….





6.6.3. හස්සධම්ම ශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාචිත්‌තියපාළිය > භික්‌ඛු විභඞ්‌ය > පාචිත්‌තියකාණ්ඩය > 6. සුරාපාන වර්ගය



1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සතළොස් වග මහණහු අචිරවතී නදියෙහි දිය කෙළිති. එසමයෙහි පසෙනදි කොසොල් රජ මල්ලිකා දෙවිය සමඟ මතුමහලට ගියේ වෙයි. පසෙනදි කොසොල් රජ අචිරවතී නදියෙහි දිය කෙළින සතළොස් වග මහණුන් දුටුවේ ය. දැකැ මල්ලිකා දෙවියට තෙල කී යැ: “මල්ලිකාවෙනි, තොපගේ තෙලෙ රහත්හු ජලක්‍රීඩා කෙරෙති යි. මහරජ, නිසැකයෙන් මැ භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපද නො පනවන ලද්දේ වන. ඒ භික්ෂූහුද සිකපද පනවන ලද බව නො දන්නෝ හෝ වෙතැයි….





2.4.9 ධම්මචේතිය සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 4. රාජ වර්ගය



ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පසේනදි කොසොල් රජු නික්ම යන්නා හා මැ මහණුන් ඇමැතූසේක: “මහණෙනි, තෙල පසේනදි කොසොල්රජ ධර්‍මචෛත්‍යයන් කියා හුනස්නෙන් නැඟී නික්ම ගියේ. මහණෙනි, ධර්‍මචෛත්‍යයන් උගනුව, මහණෙනි, ධර්‍මචෛත්‍යයන් පුහුණු කරව, මහණෙනි, ධර්‍මචෛත්‍යයන් ධරව. මහණෙනි, ධර්‍මචෛත්‍යයෝ අර්ථසංහිතයහ, ආදිබ්‍රහ්මචර්ය්‍යකයහ”යි….





4. අග්ගඤ්ඤ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > පාථික වර්ගය > 4. අග්ගඤ්ඤ සූත්‍රය



4. වාශිෂ්ඨයෙනි, මෙ ලොව්හි ද, පර ලොව්හි ද ජන මුළුයෙහි ධර්‍මය ම ශ්‍රේෂ්ඨ වන නියා මේ කරුණින්ද දත යුතු. වාශිෂ්ඨයෙනි. ‘මහණ ගොයුම් ශාක්‍යකුලයෙන් නික්මැ පැවිදි වූ නිරුත්තර කෙනෙකැ’ යි පසේනදී කොසොල් රජ දනී. වාශිෂ්ඨයෙනි, ශාක්‍යයෝ වනාහි පසේනදී කොසොල් රජුහට අතරක් නැති (කුලවශයෙන් සමාන වූ) ඔහු අනුව යන්නෝ වෙත්. වාශිෂ්ඨයෙනි, ශාක්‍යයෝ පසේනදී කොසොල් රජු කෙරෙහි ආදරය දැක්වීමද වැඳීමද දැක නැගීසිටීමද ඇඳිලිබැඳීමද (දැක මගින් ඉවත් වීම් ආදි) වත් දැක්වීම් ද කෙරෙත්. වාශිෂ්ඨයෙනි, මෙසේ ශාක්‍යයෝ පසේනදි කොසොල් රජු කෙරෙහි ආදරයද වැඳීමද දැක නැගී සිටීමද ඇඳිලිබැඳීමද වත් දැක්වීම ද යන යමක් කෙරෙත්ද, පසේනදී කොසොල් රජ තෙම තථාගතයන් කෙරෙහි ඒ ආදර දැක්වීමද වැඳීමද දැක අස්නෙන් නැගීසිටීම ද ඇඳිලි බැඳීමද වත් දැක්වීමද යන සියල්ල කෙරෙයි….





6.9.1. රාජන්තෙපුර ශික්ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාචිත්‌තියපාළිය > භික්‌ඛු විභඞ්‌ය > පාචිත්‌තියකාණ්ඩය > 9. රාජ වර්ගය



5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූ සේකැ. එසේ නම් ආනන්දයෙනි, රජහුගේ ඇතොවුරට බණ උගන්වවයි. එසේයැ වහන්සැයි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන්හට පිළිවදන් දී කලින් කල පිවිස රජහුගේ ඇතොවුරට බණ උගන්වති. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පෙරවරු හැඳ පෙරෙවැ පාසිවුරු ගෙනැ ප්‍රසෙනජිත් කොශල රාජයාගේ මැදුරට එළැඹියහ. එසමයෙහි වනාහි පසේනදි කොසොල් රජ මල්ලිකා දෙවිය සමග ශයනගත වූයේ වෙයි. මල්ලිකා දෙවී ආයුෂ්මත් අනඳ තෙරුන් දුරින් ම එනුවන් දැකැ යුහු වැ නැගී සිටියායැ. ඇයගේ රන්වන් සළුව ගිලිහිණ, එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ එයින්මැ නැවැතී ආරාමයට ගොස් මහණුනහට තෙල කරුණ දැන්වූහ….



1.3.4 රථවිනීත සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මූල පන්නාසකය > 3. ඕපම්ම වර්ගය



14. ඇවැත්නි, එසේ නම් ඔබට උපමාවක් කරන්නෙමි. මේ ලොකයෙහි සමහර නුවණැති පුරුෂයෝ උපමාවෙන්ද අර්ථය දැන ගණිත්. ඇවැත්නි, යම්සේ සැවැත්නුවර වසන පසේනදි කොසොල් රජහට සාකෙත නුවර කිසියම් ඉක්මන් කටයුත්තක් උපදනේ ය. ඔහුට සැවැතටත් සාකෙතයටත් අතර හික්මුණු අසුන් යෙදු රිය හතක් එළවා තබන්නාහු ය. ඇවැත්නි, ඉක්බිති පසේනදි කොසොල් රජ සැවැත් නුවරින් නික්ම ඇතුළු පුරදොරින් පළමුවැනි විනීතරථයට ගනින්නේය. පළමු වැනි විනීතරථයෙන් දෙවැනි විනීතරථයට පැමිණෙන්නේය. පළමුවැනි විනීතරථය අත්හරින්නේය. දෙවැනි විනීතරථයට නගින්නේය. දෙවැනි විනීතරථයෙන් තුන්වැනි විනීතරථයට පැමිණෙන්නේය. දෙවැනි විනීතරථය අත්හරින්නේ ය. තුන්වැනි විනීතරථයට නගින්නේය….





2.2. ද්‍විතීය සඞ්ඝාදිශෙෂය

ත්‍රිපිටකය > විනය පිටකය > පාචිත්‌තියපාළිය > භික්‌ඛුනී විභඞ්‌ය > සඞ්‌ඝාදිසෙසකාණ්ඩය



3. ඉක්බිති ඒ ලිච්ඡවි තෙමේ ඒ ස්ත්‍රිය සොයන්නේ සැවැතට ගොස් මෙහෙණන් කෙරෙහි පැවිදිවූවහු දැක පසෙනදි කොසොල් රජු වෙත එළඹියේ යැ, එළඹ පසෙනදි කොසොල් රජුහට මෙය කීයැ: “දෙවයෙනි, භාර්‍ය්‍යාව වරබඩු රැගෙන සැවැතට පැමිණියා යැ, දෙවතෙමේ ඇය අනුදනීව” යි, එසේ නම් කොළෙනි, සොයා කියවයි. දෙවයෙනි, මෙහෙණන් කෙරෙහි පැවිදිවූවා දක්නා ලද්දී යැ. ඉදින් කොළෙනි, මෙහෙණන් කෙරෙහි පැවිදි වූ නම් ඕතොමෝ කිසිවක් කරන්නට නො ලබන්නී යැ, ධර්‍මය ස්වඛ්‍යාත යැ, මැනැවින් දුක් කෙළවර කිරීම පිණිස බඹසර කෙරේවයි…..





2.4.7 පියජාතික සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 4. රාජ වර්ගය



ඉක්බිති නාළිජඞ්ඝ බමුණු භාග්‍යවතුන් වහන්සේගේ බස සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී මල්ලිකාදේවිය කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග යම් තාක් කථාසල්ලාප වී ද එ හැම මල්ලිකාදේවියට කී: එසඳ මල්ලිකාදේවි පසේනදි කොසොල්රජු කරා එළැඹියා. එළැඹ පසේනදි කොසොල් රජුට තෙල බස් කිවු:





3.1.8. මල්ලිකා සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 3. කෝසල සංයුත්‌තය > 1. බන්ධන වර්ගය



ඉක්බිති පසේනදි කොසොල්රජ පහයෙන් බැස භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළේ ය. වහන්ස, මෙහි මම මල්ලිකාදේවිය සමග උතුම් පහාතලමත අරා සිටියෙම් මල්ලිකාදෙවියට “මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්දැ”යි තෙල කීමි. වහන්ස, මෙසේ කී කල්හි මල්ලිකා දෙවිය මට “මහරජ, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් මට නැත. මහරජ, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්දැ” යි තෙල බස් කිවු ය. වහන්ස, මෙසේ කියන ලද මම මල්ලිකාදෙවියට “මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් මටත් නැතැ”යි තෙල කීයෙමි….





3.2.3. දෝණපාක සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 3. කෝසල සංයුත්‌තය > 2. අපුත්තක වර්ගය



ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ පිළිවෙළින් සහල් නැළියක බත වැඩි ම ආහාරය කොට ඇති බැව්හි සිටියේය. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ පසු කලෙක සැහැල්ලු සිරුරු ඇත්තේ අතින් ශරීරාවයවයන් පිරිමදනේ ඒ වේලාවෙහි “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙලොව අභිවෘද්ධියෙන්ද, පරලොව අභිවෘද්ධියෙන්ද යන උභයාර්ථයෙන්ම මට අනුකම්පා කළ සේකැ” යි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය…..





3.2.2. පඤ්චරාජ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 3. කෝසල සංයුත්‌තය > 2. අපුත්තක වර්ගය



එකල්හි පස්කම්ගුණයෙන් පිණා ගියා වූ එයින් යුක්ත වූ ඉඳුරන් පිණවන්නා වූ පසේනදි කොසොල් රජුන් ප්‍රමුඛ කොට ඇති ඒ පස් රජුන් අතර “කාමවස්තු අතුරෙන් කුමක් අග්‍ර ද?” යන මේ අතුරු කතාව පහළ විය….





3.1.10. බන්ධන සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 3. කෝසල සංයුත්‌තය > 1. බන්ධන වර්ගය



එකල්හි පසේනදි කොසොල් රජු විසින් ඇතම්හු රැහැණින්ද, ඇතම්හු යදමින්ද, ඇතම්හු හැකිල්ලෙන් දැ යි මෙසේ මහාජන පිරිස් බඳවන ලද්දාහු වෙත්….







අජාතසත්තු රජු:

අජාතසත්තු රජු ඉන්දියාවේ මගධ රට පාලනය කළ රජෙකි. අජාතසත්තු රජු (King Ajatashatru) බුදුරජාණන් වහන්සේ හමුවීමට යෑම සාංචියේ කැටයම් කපා ඇත. යුධ ඉතිහාසඥයෝ රථමුසල (rathamusala) නම් යුධ රථයේත් සහ මහශිලාකාන්ත (mahashilakantaka) නම් ගල් විදින යන්ත්‍රයේත් නව නිර්මාණකරුවා අජාතසත්තු රජු යනුවෙන් කියති. ශිලා ලේඛන වල මේ රජතුමාගේ නම සඳහන් වන්නේ “වෛදේහි පුත්‍ර අජාතශතෘ කුණිකා” (Ajatashatru Kunika, the son of Vaidehi) යනුවෙනි. මේ රජු බිම්බිසාර රජුගේ පුත්‍රයාවේ. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් වල චෛත්‍යකින් (Bharhut Stupa) හමුවූ පේකඩකත් මේ රජතුමා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන ආකාරය දැක්වෙයි. ඉන්දියාවේ වාසය කළ අජාතසත්තු රජු ගැන විවිධ ජාතීන්ගේ විවිධ අතීත ග්‍රන්ථවල කරුණු ඇත. තවද බුද්ධ ධර්මය සඳහන් ත්‍රිපිටකයේත් විවිධ තැන් වල කරුණු ඇත. ඔබගේ දැන ගැනීම පිණිස මෙහි මදක් තොරතුරු දක්වමු.





Ajatasattu (Pāli Ajātasattu) or Ajatashatru (Sanskrit Ajātaśatru) in Buddhist tradition, or Kunika (Kūṇika) and Kuniya (Kūṇiya) in the Jain histories, was one of the most important kings of the Haryanka dynasty of Magadha in East India.





1.4.5 චූළසච්චක සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මූල පන්නාසකය > 4. මහා යමක වර්ගය



10. ගිනිවෙස්න, (පස්කඳ ආත්ම ය යි පිළින කෙරෙහි ද) එකරුණින් මෙහිලා තා ම පිළිවිසිමි. යම්සේ තට රුස්නේ නම්, එසේ එය ප‍්‍රකාශ කරව. කියග ගිනිවෙස්න, ඒ කිමැයි හඟනුව? කැත්කුලෙහි උපන් මුදුනෙහි අභිෂික්ත රජක්හට - පසේනදි කොසොල් රජහට සෙයින්, නොහොත් මගධාධිපති වෙදෙහී පුත‍්‍ර අජාසත් රජහට සෙයින්, මරවන්නට නිසියන් මරවන්නට, ධනහානියට නිසියන් දිළිඳු කරන්නට, රටින් නෙරනට නිසියන් රටින් නෙරවන්නට සියරජ ඉසුරු (බලය) පවත්නේද?





7. සඞ්‌ඝභේදක‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 7. සඞ්‌ඝභේදක‌ඛන්‌ධකය



ඉක්බිති ඒ මහඇමැත්තෝ අජාසත් කුමරු රැගෙන මගධේශ්වර බිම්බිසාර රජු කරා එළැඹියහ. එළැඹ රජුට මෙ පවත් සැල කළාහ….





7. සඞ්‌ඝභේදක‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 7. සඞ්‌ඝභේදක‌ඛන්‌ධකය



15. එ කලැ දෙව්දත්හු අජාසත් කුමරු වෙත එළඹියහ. එළඹැ ඔහු අමතා, “කුමරුවනි, පෙරැ වූ කලි මිනිස්සු දීර්ඝායුෂ්ක වූහ. දැන් අල්පායුෂ්කයහ. තෙපි කුමාරව හිඳම (රජ බවට පත් නොවී) කලුරිය කරන්නහුය යන මේ කාරණය ඇත (විය හැක්කෙකි). එබැවින් කුමරුවනි, තෙපි පියා මරා රජ වවු. මම් භාග්‍යවතුන් නසා බුදු වන්නෙමි” යි කීහ….



3.2.4. පඨමසඞ්ගාම සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 3. කෝසල සංයුත්‌තය > 2. අපුත්තක වර්ගය



එකල්හි මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාසත්තු රජ තෙමේ සිවුරඟ සෙනග සන්නාහ සන්නද්ධ කොට ගෙණ පසේනදි කොසොල් රජුට විරුද්ධ ව යුධ පිණිස කසී ගම කරා ඉදිරියට ගියේය….





2. සාමඤ්ඤඵල සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > සීලස්කන්ධ වර්ගය > 2. සාමඤ්ඤඵල සූත්‍රය



1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ එක් දහස් දෙසියපණසක් පමණ වු මහත් භික්ෂුසඞ්ඝයා සමඟ රජගහ නුවර සමිපයේ කෝමාරභච්ච ජීවකයාගේ අඹවෙනෙහි වසන සේක. එ සමයෙහි වනාහි මගධ රටට අධිපති වු, වෛදේහීපුත්‍ර වු අජාසත් රජ තෙමේ එ දවසට පැමිණි පුණු පොහෝ දිනයෙහි සිවු මසක්හුගේ අවසන් වු සුපිපි කුමුදු ඇති පුරා සඳ කැල්මෙන් බබළන රැයෙහි (ඉල්මස පසොළොස්වක් දා රැයෙහි) රජපහයෙහි මතු මහල්තලයට නැඟුණේ, රජ ඇමැතියන් විසින් පිරිවැරුණේ (එසැවුණු සේසත් ඇති මහඟු කසුන් අස්නෙහි) හුන්නේ වෙයි. ඉක්බිති වෛදේහීපුත්‍ර වූ මගධාධිපති අජාසත් රජ ඒ පුණුපොහෝ දිනැ මෙසේ උදන් ඇනීය:





3. මහාපරිනිර්වාණ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > මහා වර්ගය > 3. මහාපරිනිර්වාණ සූත්‍රය



122. වේදේහී පුත්‍ර වූ මගධාධිපති අජාසත් රජ ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවි සේක් ලැ’ යි ඇසී ය. එ කලැ වේදේහි පුත්‍ර මගධාධිපති අජාසත් රජ කුසිනාරා වැසි මල්ල රජදරුවනට “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රිය වූ සේක. මම ද ක්‍ෂ‍්‍ත්‍රියයෙකිමි. මම් ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් ගෙන් කොටසක් ලබන්නට සුදුස්සෙමි. මම් ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් පිණිස ස්තූපයක් ද පුද උළෙලක් ද කරන්නෙමි” යි කියා දූතයකු යැවීය….





5.4.6. පඤ්‌චරථසත සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 5. ලාභසක්කාර සංයුක්තය > 4. සඞ්ඝභේද වර්ගය



332. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි අජාසත් කුමර තෙමේ රිය පන්සියකින් උදය සවස දෙව්දත්හට උවටැනට යෙයි. මුළුබත් පන්සියක්වූ බත ද එළවනු ලැබේ. එකල්හි බොහෝ මහණහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. “වහන්ස, අජාසත් කුමර තෙමේ රිය පන්සියකින් උදය සවස දෙව්දත්හට උවටැනට යෙයි. තලි පන්සියක බත ද එළවනු ලැබේ” යි….





8.1.8. කලිඞ්‌ගරූපධාන සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 8. ඕපම්ම සංයුක්තය > 1. ප්‍රථම වර්ගය



මහණෙනි, දැන් ලිච්ඡවීහු ලීකොටයක් කන්වයින් කොට ඇත්තාහු අප්‍රමත්තව වීර්ය්‍ය ඇති ව ගුරූපාසනයෙහි (ශිල්ප හැදෑරීමෙහි) යෙදුනාහු වාසය කෙරෙති. මගධාධිපති වේදේහි පුත් අජාසත් රජ තෙමේ ඔවුන්ගේ සිදුරක් නො ලබයි. අරමුණක් (ප්‍රත්‍යයයක්) නො ලබයි. මහණෙනි, අනාගත කාලයෙහි ලිච්ඡවීහු සියුමැලි වූවෝ මුදුතුරුණු අත් පා ඇත්තෝ වන්නාහ. ඔහු පුලුන් කන්වයින් (=කොට්ට) ඇති මුදු යහන්හි හිරු උදා වන තෙක් ශයනය කරන්නාහ. මගධාධිපතී වේදේහි පුත් අජාසත් රජ තෙමේ (ඔවුන් දිනුමට) ඔවුන්ගේ සිදුරක් ලබන්නේ ය. අරමුණක් ලබන්නේය….





8. 6. පාටලිගාමිය සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > උදානපාළි > 8. පාටලිගාමිය වර්ගය



7. එසමයෙහි වනාහි මගධරට අජාසත් රජහුගේ මහ ඇමති වූ සුනීධ වස්සකාර දෙදෙන ලිච්ඡවී රජුන් ප්‍ර‍තිබාහනය කරනු පිණිස පාටලි ගමෙහි නුවරක් මවත්. එ සමයෙහි වූ කලි දෙවතාවෝ (එක එක මුළුවකට) දහස් දහස් ව පාටලිගමෙහි ගෙවතු (ගෘහවස්තූන්) පිරිසිඳ ගනිත්. යම් පෙදෙසෙක මහත් පිරිවර ඇති දෙවතාවෝ වාස්තුපරිග්‍ර‍හණය කෙරෙත් ද, එහි ගෙවල් කරන්නට මහත් පිරිවර ඇති රජුන්ගේ රාජමහාමාත්‍ර‍යන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක මැදුම් පෙලෙහි වූ දෙවතාවෝ වාස්තුපරිග්‍ර‍හණය කෙරෙත් ද, එහි ගෙවල් කරන්නට මැදුම් පෙලෙහි වූ රජුන්ගේ රාජමහාමාත්‍ර‍යන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක කුදුපෙලෙහි දෙවතාවෝ වාස්තුපරිග්‍ර‍හණය කෙරෙත් ද, එහි ගෙවල් කරන්නට කුදු පෙලෙහි වූ රජුන්ගේ රාජමහාමාත්‍ර‍යන්ගේ සිත් නැමේ. භාග්‍යවතුන් වහන්සේ මිනිසැසෙහි විෂයසීමාව ඉක්මැ දැක්ක හැකි වූ පිරිසිදු වූ දිවැසින්, ‘යම් පෙදෙසෙක මහපිරිවර ඇති දෙවියෝ ගෙවතු පිරිසිඳ ගනිත් ද, එහි ගෙවල් නංවන්නට මහපිරිවර ඇති රජ රජමහමැතියන් සිත් නැමේ යැ යි ද, යම් පෙදෙසෙක මැදුම් පෙලෙහි දෙවියෝ ගෙවතු පිරිසිඳ ගනිත් ද එහි ගෙ නංවන්නට මැදුම් පෙලේ වූ රජ රජමහමැතියන් සිත් නැමේ යැ යි ද, යම් පෙදෙසෙක කුදු පෙලේ වූ දෙවියෝ ගෙවතු පිරිසිඳ ගනිත් ද එහි ගෙ නංවන්නට කුදු පෙලේ වූ රජ රජමහමැතියන් සිත් නැමේ යැ යි දැ යි පාටලිග්‍රාමයෙහි ගෙවතු පිරිසිඳ ගන්නා (මුළු මුළු වූ) දහස් දහස් ගණන් ම දෙවියන් දුටුසේක….





3.2.2. විචයහාරසම්පාතය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > නෙත්තිප්පකරණ > 3. පටිනිද්දේසවාරය > සම්පාත



කර්මසමාදානයෝ සතරදෙනෙක් වෙති : ප්‍රත්‍යුත්පන්නයෙහි සුඛ වූ මතුයෙහි දුක්ඛවිපාක වූ ද කර්මසමාදානයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නයෙහි දුක් වූ මතුයෙහි සුඛවිපාක වූ ද කර්මසමාදානයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නයෙහි දුක් වූ ද මතුයෙහි දුක්ඛවිපාක වූ ද කර්මසමාදානයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නයෙහි සුඛ වූ ද මතුයෙහි සුඛවිපාක වූ ද කර්මසමාදානයෙක් ඇති. යම් අන්‍යවූත් මෙබඳු ප්‍රකාර ඇති කර්මයෙකි. (ඒ කර්මවිපාකයෙහි බුදුරදුන්ගේ ඥානය පවත්නා අයුරු දක්වති :) ‘මේ පුඟුල්හු විසින් අකුශලකර්මයෙක් විපාකදානයට සමර්ථ පරිදි රැස්කරනලද, එය විපාක නොදෙනලදුවැ විපාක දීමට කළ අවකාශ ඇත, අභිනිබ්බිදා සංඛ්‍යාත ආර්‍ය්‍යමාර්ගය අවබෝධ කරන්නට නො ද සුදුසුවනැ’ යි, බුදුහු ඔහුට අවවාද නොකරනසේක. දෙවදත්ත, කොකාලික, සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර යන මොවුන් මෙනි. විපාකාවරණයෙන් වැසුණු පුඟුල්හට භවවාසනා සඳහා දහම් දෙසති, අජාසත්හට මෙනි….





විඩූඩභ රජු:

විඩූඩභ රජු පසේනදී කොසොල් රජතුමාගේ සහ වාසවඛත්තියා බිසවගේ (Vāsavakhattiyā) පුත්‍රයෙකි. විඩූඩභ රජු (King Viḍūḍabha) බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම ඉන්දියාවේ සිටි අයෙකි. ඉන්දියාවේ වාසය කළ විඩූඩභ රජු ගැන විවිධ ජාතීන්ගේ විවිධ අතීත ග්‍රන්ථවල කරුණු ඇත. තවද බුද්ධ ධර්මය සඳහන් ත්‍රිපිටකයේත් විවිධ තැන් වල කරුණු ඇත. ඔබගේ දැන ගැනීම පිණිස මෙහි මදක් තොරතුරු දක්වමු.


 

Viḍūḍabha (Pali: विडूडभ​ Viḍūḍabha; Sanskrit: विरूढक​ Virūḍhaka) was a king of Kosala.





2.4.7 පියජාතික සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 4. රාජ වර්ගය



….මහරජ, ඒ කෙසේ හඟිහි? ඔබට විඩූඩභ සෙන්පති ප්‍රිය වේද?

මල්ලිකාවෙනි, එසේයැ. මට විඩූඩභ සෙන්පති ප්‍රිය වෙයි.



මහරජ, ඒ කෙසේ හඟිහි? ඔබගේ විඩූඩභ සෙන්පතිහු ගේ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ උපදිත්ද?



මල්ලිකාවෙනි, මා ගේ විඩූඩභ සෙන්පතිහු ගේ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ජීවිතයාගේත් අන්‍යථාත්වයෙක් වෙයි. කිම, මට ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ නූපදිත්ද? (උපදිත් මැයි)



මහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’ යනු මෙ කරුණ සඳහා වදාරනලද….





2.4.10 කණ්ණකත්ථල සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 4. රාජ වර්ගය



…..මෙසේ වදාළ කල විඩූඩභ හමුදාපති භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය: “වහන්ස, දුක්සහගිය (දුක්බර) මිනිසත් බවට එනසුලු යම් දෙවි කෙනෙක් ඇද්ද, ඒ දෙවියෝද, නිදුක්වූ මිනිසත් බවට නොඑනසුලු යම් දෙවි කෙනෙක් ඇද්ද, ඒ දෙවියෝ දැ’යි ඒ දෙවැදෑරුම් දෙවියන් ඒ දේවස්ථානයෙන් ච්‍යුත කරවන්නාහු වෙත්ද නෙරවන්නාහු හෝ වෙත්දැ? යි.



ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල සිත් වී: “මේ විඩූඩභ හමුදාපති පසේනදි කොසොල් රජුගේ පුත්යැ, මම භාග්‍යවතුන් වහන්සේගේ පුත්මි. පුතෙක් පුතකු හා මන්ත්‍රණ කරන්නේයැ යන යමෙක් ඇද්ද, මේ එයට කාලය යනුයි…..





390. පුබ්බකම්මපිලොතිකාවදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූ අපදාන 1 > 39. අවණ්ටඵල වර්ගය



3363. මම කෙවුල් ගමක කෙවුල් දරුවෙක් වීමි. නසන ලද මසුන් දැක සතුට ඉපදවීමි.



3364. ඒ කර්‍මවිපාකයෙන් මාගේ හිසෙහි දුක් වෙදනාවක් ඇති විය. යම් කලෙක්හි විඩූඩභ තෙමේ යුද කෙළේද, එකල්හි සියලු ශාක්‍යයෝද නැසුනාහු ය….



තපස්සු-භල්ලික:

Trapusa and Bahalika were two merchant brothers from Balkh, a region in present-day Afghanistan.



තපස්සු සහ භල්ලික (Trapusa and Bahalika)යනු ව්‍යාපාරික සහෝදරයින් දෙදෙනෙකි. මේ දෙදෙනා කරත්ත සහිතව කැටයම් කැපූ 2 වැනි සියවසේ නිර්මාණය කරන ලද තට්ටුවක් පාකිස්ථානයෙන් (Takht-i Bahi Plate) සොයාගන්නා ලදී. මෙය දැන් පකිස්ථානයේ පෙශාවොර් කෞතුකාගාරයේ (Peshawar Museum) ඇත. 7 වන සියවසේ වාසය කළ චීන Xuanzang නම් භික්ෂුන් වහන්සේගේ වාර්තා අනුව (Great Tang Records on the Western Regions)බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත් කේශ ධාතුන් නිධන් කොට මොවුන් දෙදෙනා බල්ක් ප්‍රදේශයේ (උතුරු ඇෆ්ගනිස්ථානයේ) චෛත්‍යයක් (Nava Vihara – Nowbahar, Ghor, Afghanistan)සාදවා ඇත. පර්සියානු අතීත කාව්‍ය සාහිත්‍යයේ බොහෝ විට මෙම නව විහාරයේ අළංකාරය (as beautiful as Nowbahar) ගැන දක්වා ඇත. 8 වන සියවසේ වාසය කළ අරාබි ජාතික ග්‍රන්ථ කතුවරයෙක් (Umar ibn al-Azraq al-Kermani) විසින් නව විහාරයේ ස්වභාවය (Kitab al-Buldan) ගැන මෙසේ සඳහන් කර තිබේ: “ප්‍රධාන පන්සලේ මැද පාෂාණමය විශාල ඝනකයකි. එම පාෂාණමය ඝනකය රෙදිවලින් ඔතා තිබුණි. ශ්‍රද්ධාවන්තයින් එය වටකර බිම දිගාවී නමස්කාර කළේය. පාෂාණමය ඝනකය බැක්ට්‍රියානු පන්සල්වල ස්තූපයක පතුලේ ආධාරක ගලකට සමාන විය. ඔතා තිබූ රෙදි පර්සියානු සම්ප්‍රදායේ බුදු පිළිම වලට පලඳවන ඒවාට සමානය…” තවද 10 වන සියවසේ වාසය කළ තවත් අරාබි ජාතික සංචාරකයෙකුගේ (Muḥammad Abū’l-Qāsim Ibn Ḥawqal) වාර්තාවල නව විහාරය පිළිබඳ තොරතුරු අඩංගුය. මෙතැන අපි ඔබට තපස්සු සහ භල්ලික ව්‍යාපාරික සහෝදරයෝ දෙදෙනා ගැන ත්‍රිපිටකයේ සඳහන් කරුණු කිහිපයක් සටහන් තබමු.





මහාඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 1. මහාඛන්‌ධකය



1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සත්දවසක් ඇවෑමෙන් ඒ පලසමවතින් නැඟිට මිදෙල්ලරුක්මුලින් කිරිපලුරුක වෙතට වැඩි සේක. වැඩ කිරිපලුරුක්මුල්හි සත්දවසක් මුළුල්ලෙහි පලසමවත්සුව විඳින සේක් එකම පර්‍ය්‍යඞ්කයෙන් වැඩ හුන් සේක.



2. එකල්හි ත්‍රපුෂ්‍ය – භල්ලික වෙළඳ දෙබෑයෝ උක්කලා ජනපදයෙන් (Utkala Kingdom)ඒ දේශයට යනු පිණිස දීර්ඝමාර්ගයට පිළිපන්නාහු වෙත්. එකල්හි ත්‍රපුෂ්ය ‍– භල්ලික වෙළෙඳුන්ගේ සහලේනෑ වූ දේවතාවෙක් ත්‍රපුෂ්‍ය–භල්ලික වෙළෙඳුන්ට (නොපෙණෙන සිරුරින් යුක්තව) මෙය කීය:–



“නිදුකානෙනි, මේ භාග්‍යවතුන් වහන්සේ අභිසම්බොධියට පැමිණි අළුතම කිරිපලුරුක් මුල්හි වැඩ වසන සේක. යවු; ඒ භාග්‍යවතුන් වහන්සේ අත්සුණුයෙන්ද මීපිඬුයෙන්ද පුදවු. ඒ පිදීම තොපට බොහෝ කලක් මුළුල්ලෙහි හිත පිණිසද සැප පිණිසද වන්නේය”.



3. ඉක්බිති ත්‍රපුෂ්‍ය – භල්ලික වෙළෙන්දෝ අත්සුණුද මීපිඬුද ගෙණ භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටියාවූ ත්‍රපුෂ්‍ය – භල්ලික වෙළෙන්දෝ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අපගේ අත්සුණු හා මීපිඬුත් පිළිගන්නා සේක්වා; ඒ පිළිගැණීම අපට බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය”යි සැළ කළහ.



4. එකල්හි භාග්‍යවතුන් වහන්සේට “තථාගතවරු අතින් නොපිළිගණිති. මම වනාහි කුමකින් අත්සුණුත් මීපිඬුත් පිළිගන්නෙම් දැ”යි සිතෙක් වූයේය.



එකල්හි සතරවරම් මහරජහු තම සිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත දැන සතර දිශාවෙන් අවුත් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙයින් අත්සුණුත් මීපිඬුත් පිළිගන්නා සේක්වා”යි ශෛලමය පාත්‍ර සතරක් භාග්‍යවතුන් වහන්සේ අතට එළවූහ. භාග්‍යවතුන් වහන්සේ එකෙණෙහි උපන් අළුත් මාහැඟි ශෛලමයවූ පාත්‍රයෙන් අත්සුණුද මීපිඬුද පිළිගත් සේක. පිළිගෙණ වැළඳූ සේක.



5. ඉක්බිති ත්‍රපුෂ්‍ය – භල්ලික වෙළෙන්දෝ “ස්වාමීනි, මේ අපි භාග්‍යවතුන් වහන්සේද ධර්‍මයද සරණ යමු, භාග්‍යවතුන් වහන්සේ අප අද පටන් දිවි හිම් කොට සරණ ගියා වූ උපාසකයනැයි දරණ සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළෝය. ඔහු දෙදෙනද පළමු කොට ලොකයෙහි ද්වෙවාචික (‘බුද්ධ, ධම්ම’ යන වචන දෙකින් සරණ ගියා වූ) උපාසකයෝ වූහ….





උපක ආජීවක:

අතීත ඉන්දියාවේ ප්‍රදේශ පිළිබඳ මේ කොටසේ තොරතුරු ස්වල්පයක් දැක්වේ.



Upaka Ajivaka was a figure from ancient Indian history, known for being one of the contemporaries of Gautama Buddha. The Ajivakas were a sect or group of ascetics in ancient India who had distinctive practices and beliefs. Upaka is mentioned in Buddhist scriptures as one of the first people Gautama Buddha encountered after attaining enlightenment.



මහාඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 1. මහාඛන්‌ධකය 



4. උපක ආජීවක තෙමේ ගයාවට හා බෝධිවෘක්ෂයටද අතරෙහිවූ දීර්ඝ මාර්ගයට පිළිපන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක භාග්‍යවතුන් වහන්සේහට මෙසේ කීය: “ඇවැත්නි, නුඹවහන්සේගේ වක්ෂුරාදි ඉන්ද්‍රියයෝ විශෙෂයෙන් ප්‍රසන්නයහ. සිරුරුපැහැය පිරිසිදුය. අතිශයින් නිර්මලය. ඇවැත්නි, තමුන්නාන්සේ කවරකු උදෙසා පැවිදිවූ සේක්ද? තමුන්නාන්සේගේ ශාස්තෘ තෙමේ කවරෙක් හෝ වේද? තමුන්නාන්සේ කවරකුගේ ධර්‍මය රුචි කරණ සේක් දැ?”යි විචාළේය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ උපක ආජීවකයාහට මේ ගාථාවන් වදාළ සේක:



 “සබ‍්බාභිභූ සබ‍්බවිදූ’හමස‍්මි

සබ‍්බෙසු ධම‍්මෙසු අනූපලිත‍්තො,

සබ‍්බඤ‍්ජහො තණ‍්හාක‍්ඛයෙ විමුත‍්තො

සයං අභිඤ‍්ඤාය කමුද‍්දිසෙය්‍යං”



මම සියල්ල මැඩ සිටියෙමි. සියල්ල දන්නෙම් වෙමි. සියලු ධර්‍මයන්හි නොඇලුනෙමි. සියලු කෙලෙස් හැර සිටියෙමි. තෘෂ්ණා ක්ෂයයෙහි නිමාවට ගියෙමි. මෙසේ තමාම සියල්ල දැන සිටි මම අන් කවරකු මාගේ ගුරුවරයා වශයෙන් ප්‍රකාශ කරන්නෙම්ද? (සර්වඥවූ විශ්වයේ සියල්ල දන්නාවූ මට මොන ගුරුවරයෙක්ද යන අර්ථයි)



න මෙ ආචරියො අත්‍ථි සදිසො මෙ න විජ‍්ජති,

සදෙවකස‍්මිං ලොකස‍්මිං නත්‍ථි මෙ පටිපුග‍්ගලො.”



“මට ඇදුරෙක් නැත. මට සමාන කෙනෙක් විද්‍යාමාන නොවේ. දෙවියන් සහිත ලෝකයෙහි මාහට සමාන පුද්ගලයෙක් නැත.



“ලොකයෙහි මම රහත් වෙමි. මම නිරුත්තරවූ ශාස්තෘ වෙමි. මම සම්‍යක්සම්බුද්ධ වෙමි. (සියලු කෙලෙස්ගිනි නිවීමෙන්) සිහිල් වූයෙමි. එහෙයින්ම නිවුනෙමි.



මම ධර්ම චක්‍රය පැවැත්වීමට කසීරට බරණැස් නුවර බලා යමි. අවිද්‍යාවෙන් අන්ධ වූ ලොකයෙහි අමාදහම්බෙරය ගසන්නෙමි.”



ඇවැත්නි, තමුන්නාන්සේ යම් සේ ප්‍රකාශ කරණ සේක් ද, එසේ “අනන්ත ජින” වීමට සුදුසු සේක.



“යම් කෙනෙක් කාමාදි ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණියෝද, මා වැනි ඔහු ඒකාන්තයෙන් ‘ජින’ නම් වෙති. උපකය, ‘මා විසින් පාප ධර්‍මයෝ දිනන ලදහ. එහෙයින් මම ‘ජින’ නම් වෙමි.”



5. මෙසේ වදාළ කල්හි උපක ආජීවක තෙමේ “ඇවැත්නි, එහෙමත් විය හැකිය”යි හිස සලා කුඩා මගකට බැස වඞ්ගහාර ජනපදය බලා ගියේ ය. (to Bengal - Vanga Kingdom - Vangaladesha)



6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් සැරිසරා වඩිනා සේක් බරණැස් නුවර ඉසිපතන (Rishipattana)නම්වූ මෘගදායයෙහි පස්වග මහණුන් වෙත වැඩිසේක. පස්වග මහණහු වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දීම දුටුවාහුය….





["Vangaladesha" is a term used in ancient and medieval Indian history. It refers to the region of Bengal, which encompasses parts of present-day Bangladesh and the Indian state of West Bengal. The term "Vangala" or "Vanga" has been historically used to denote Bengal, and "desha" means region or country. So, Vangaladesha essentially means the land or region of Bengal.]



["වංගලාදේශ" යනු පුරාණ සහ මධ්‍යකාලීන ඉන්දියානු ඉතිහාසයේ භාවිතා වන යෙදුමකි. එය වර්තමාන බංග්ලාදේශයේ කොටස් සහ ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තය ආවරණය වන බෙංගාල කලාපයට යොමුවේ. "වංගලා" හෝ "වංග" යන පදය ඓතිහාසික වශයෙන් බෙංගාලය දැක්වීමට භාවිතා කර ඇති අතර "දේශ" යන්නෙන් ප්‍රදේශය හෝ රට අදහස්වේ. එබැවින්, වංගලාදේශය යන්නෙන් අදහස් කරන්නේ බෙංගාලයේ භූමිය හෝ එම කලාපයයි.] 





Indian Inscriptions:

Indian inscriptions related to Buddhism are invaluable historical artifacts that provide insights into the spread, development, and influence of Buddhism in ancient India. These inscriptions can be found on various objects such as pillars, rocks, stupas, and cave walls. They are typically written in Brahmi or other scripts of the time and often in Prakrit, Sanskrit, or regional languages.



බුද්ධ ධර්මයට සම්බන්ධ ඉන්දියානු ශිලා ලේඛන පුරාණ භාරතයේ බුදුදහමේ ව්‍යාප්තිය, වර්ධනය සහ බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අගනා ඓතිහාසික පුරාවස්තු වේ. කණු, පාෂාණ, ස්තූප, ලෙන් බිත්ති ආදී විවිධ වස්තූන් මත මෙම සෙල්ලිපි දක්නට ලැබේ. ඒවා සාමාන්‍යයෙන් ලියා ඇත්තේ බ්‍රාහ්මී හෝ එම කාලයේ වෙනත් අක්ෂරවලින් සහ බොහෝ විට ප්‍රාකෘත, සංස්කෘත හෝ ප්‍රාදේශීය භාෂා වලින්ය.



Indian inscriptions related to Buddhism:



බුද්ධ ධර්මයට සම්බන්ධ ඉන්දියානු ශිලා ලේඛන වර්ග (categories) පහත දැක්වේ:



1) Ashokan Main Rock Edicts: Emperor Ashoka, a major patron of Buddhism, erected numerous rock edicts across his empire in the 3rd century BCE. These inscriptions, written in Prakrit and Brahmi script, spread the principles of dhamma (Buddhist teachings) and mention Ashoka's conversion to Buddhism and his efforts to promote social welfare. 



අශෝක අධිරාජයාගේ ප්‍රධාන ශිලා ලිපි: ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේදී බුදුදහමට බෙහෙවින් ඇලුම් කළ අශෝක අධිරාජ්‍යයා තම අධිරාජ්‍යය පුරා විශාල ගල් පර්වත මත පණිවිඩ රාශියක් තැබීය. මෙම විශාල ශිලා ලේඛන ප්‍රාකෘත නම් පැරණි භාෂාවෙන් සහ බ්‍රාහ්මී අක්ෂර වලින් ලියා ඇත. ඒවා කතා කළේ බුද්ධ ධර්මය සහ අශෝක රජු බෞද්ධයෙකු වූ ආකාරය ගැනයි. ඔහු මිනිසුන්ට උදව් කිරීමට සහ සමාජය යහපත් කිරීමට උත්සාහ කළ ආකාරය ගැනද කතා කළේය.





2) Ashokan Minor Rock Edicts: In addition to the major rock edicts, Emperor Ashoka also issued several minor rock edicts that specifically deal with Buddhist themes. These edicts address topics such as the protection of wildlife, the promotion of dhamma, and the construction of stupas and monasteries. They are valuable sources for understanding Ashoka's personal commitment to Buddhism and his efforts to propagate its teachings.



අශෝක අධිරාජයාගේ කුඩා ශිලා ලිපි: අශෝක අධිරාජ්‍යයා බුදුදහම ගැන පර්වත වල විශාල පණිවිඩ පමණක් නොව කුඩා ඒවාද ලිවීය. සතුන් ආරක්ෂා කිරීම, බුදුදහමේ ඉගැන්වීම් ව්‍යාප්ත කිරීම, විශේෂ බෞද්ධ ගොඩනැඟිලි ඉදි කිරීම වැනි දේවල් ගැන මෙම කුඩා සෙල්ලිපි කතා කරයි. අශෝක රජු බුද්ධ ධර්මයට කොතරම් ගෞරව කළාද සහ බෞද්ධ අදහස් පතුරුවා හැරීමට ක්‍රියා කළාද යන්න බැලීමට ඒවා අපට උපකාර කරති.





3) Ashokan Pillar Edicts: Similar to the rock edicts, Ashoka also erected edicts on pillars made of stone, known as the Pillar Edicts. These inscriptions, found in various parts of the Indian subcontinent, provide important historical information about Ashoka's rule and his support for Buddhism. 



අශෝක අධිරාජයාගේ ගල් කණු: අශෝක රජු කුළුණු ආඥා නමින් විශාල ගල් කණු මත පණිවිඩ තැබුවේ. මෙම පණිවිඩ සෙල් ලිපි ඉන්දියාවේ විවිධ ස්ථානවල දක්නට ලැබේ. අශෝක අධිරාජයාගේ පාලනය කාලය සහ ඔහු බුදුදහමට අනුබල දුන් ආකාරය ගැන ඒවා අපට බොහෝ දේ කියති.





4) Cave Inscriptions: Many Buddhist cave complexes, such as those at Ajanta, Ellora, and Karla, contain inscriptions that provide information about the patrons, artists, and religious activities associated with the caves. These inscriptions contribute to our understanding of the religious and cultural life of ancient Buddhist communities.



ගුහා සෙල්ලිපි: අජන්තා, එල්ලෝරා සහ කාර්ලා වැනි බෞද්ධ ගුහාවල ලියන ලද සෙල්ලිපි ඇත. මේ ලියවිලි වලින් කියවෙන්නේ ගුහා සඳහා මුදල් ගෙවූ අය, ඒවා සෑදූ කලාකරුවන් සහ එහි සිදුවන ආගමික කටයුතු ගැනය. අතීතයේ බෞද්ධ ප්‍රජාවන් ජීවත්වූ ආකාරය ගැන ඉගෙන ගැනීමට මෙම ලියවිලි අපට උපකාර කරති.



Locations: Ajanta Caves (Maharashtra), Ellora Caves (Maharashtra), Karla Caves (Maharashtra), Bhaja Caves (Maharashtra), and other cave complexes.

Types: Inscriptions found inside Buddhist caves, including dedicatory inscriptions, donor inscriptions, and narrative inscriptions detailing religious themes and events.





5) Donative Inscriptions: Donative inscriptions, also known as śilālekhās, record donations made to Buddhist institutions, such as monasteries, stupas, and Buddha images. These inscriptions typically list the names of donors, the items donated, and the merits accrued by making the donation. They serve as evidence of the patronage extended to Buddhism by rulers, merchants, and wealthy individuals.



දාන සෙල්ලිපි: පරිත්‍යාග ශිලා ලේඛන යනු ආරාම වැනි බෞද්ධ ස්ථානවලට මිනිසුන් තෑගි දුන් ආකාරය පෙන්වන ලේඛන වේ. ඒවා සාමාන්‍යයෙන් කියන්නේ “දන් දුන්නේ කවුද, දන් දීම යහපත් පුණ්‍ය කර්මයක් වන්නේ ඇයි” කියායි. පාලකයන්, වෙළෙන්දන් සහ ධනවතුන් බුදුදහමට අනුබල දුන් බව ඒවා ඔප්පු කරයි.





6) Inscriptions on Buddhist Stupas and Monuments: Inscriptions on Buddhist stupas, viharas (monasteries), and other religious structures provide details about their construction, dedications, and donations by rulers, merchants, and individuals. These inscriptions often include the names of donors and the merits they earned by supporting Buddhist activities.



ගොඩනැගිලි ලිපි: ස්තූප සහ ආරාම වැනි බෞද්ධ ගොඩනැගිලි වල සෙල් ලිපි ඇත. ඒවා පවසන්නේ “එම වස්තූන් හැදුවේ කවුද, ඒවා සඳහා සල්ලි දුන්නේ කවුද, එම වස්තූන් කැප කළේ කාටද” කියායි. බෞද්ධ කටයුතු වලට අනුබල දී මිනිස්සු කරපු හොඳ වැඩ ගැනත් ඒවායේ සඳහන්.



Locations: Sanchi Stupa (Madhya Pradesh), Amaravati Stupa (Andhra Pradesh), Bharhut Stupa (Madhya Pradesh), and others.

Types: Inscriptions found on the walls, gateways, and railings of Buddhist stupas and monuments, providing details about their construction, donors, and religious significance.





7) Inscriptions on Buddha Statues and Relics: Inscriptions found on Buddha statues, relics, and votive objects often contain dedicatory or descriptive texts. They may also mention the names of donors or the historical context of the objects.



ප්‍රතිමා ලිපි: බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ ඒවාට සමාන වස්තූන් මත ඇති ලියවිලි බොහෝ විට “ඒවා ලබා දුන්නේ කවුරුන්ද, ඒවා කුමක් සඳහාද, නැතහොත් ඒවා සාදන ලද්දේ කවදාද” යන්න සඳහන් කරති. ඒවා පිටුපස ඇති ඉතිහාසය ගැනද එම ලියවිලි වල සඳහන්.



Locations: Sarnath (Uttar Pradesh), Bodh Gaya (Bihar), Nalanda (Bihar), Taxila (Pakistan), and other Buddhist sites.

Types: Inscriptions found on Buddha statues, relics, and votive objects, often containing dedicatory messages, descriptions of the objects, or references to religious events.





8) Inscriptions at Buddhist Monastic Sites: Many inscriptions are found at ancient Buddhist monastic sites, providing details about the establishment, administration, and activities of these monasteries. These inscriptions often mention the names of abbots, donors, and benefactors who supported the monastic communities.



ආරාම භූමි සෙල්ලිපි: පෞරාණික බෞද්ධ ආරාම භූමි වල ශිලා ලේඛන වන පැරණි ලියවිලි රාශියක් ඇත. ආරාම “ආරම්භ කළ ආකාරය, පවත්වාගෙන ගිය ආකාරය සහ ඒවායේ කළ විවිධ කටයුතු ගැන” මෙම ලියවිලි අපට කියති. අනුශාසක ගුරුවරු, පරිත්‍යාගශීලීන්, මුදල් හෝ වෙනත් ආධාර ලබා දී ආරාම වලට උදව් කළ පුද්ගලයින් ගැනද ඒවායේ ලේඛන ගතයි.



Locations: Nalanda (Bihar), Vikramshila (Bihar), Sarnath (Uttar Pradesh), and other ancient monastic complexes.

Types: Inscriptions found on the walls, pillars, and doorways of Buddhist monasteries, recording donations, rules, and administrative details related to monastic life.





9) Inscriptions on Buddhist Artifacts: Inscriptions are sometimes found on Buddhist artifacts such as seals, coins, and pottery. These inscriptions may contain religious symbols, auspicious motifs, or short verses from Buddhist scriptures. They provide insights into the material culture and religious practices of ancient Buddhist communities.



මෙවලම් ලේඛන: මුද්‍රා, කාසි, පිඟන් භාණ්ඩ වැනි බෞද්ධ දේවල් වල ඇතැම් විට ලේඛන ලියැවී ඇත. මෙම ලිවීම් වල සංකේත හෝ බෞද්ධ පොත් වල සඳහන් ධර්ම කොටස් ඇත. පැරණි බෞද්ධයන් ජීවත් වූ ආකාරය, සංස්කෘතිය සහ ධර්ම කරුණු තේරුම් ගැනීමට ඒවා අපට උපකාර කරති.



These inscriptions are crucial sources for historians, archaeologists, and scholars studying the history of Buddhism in India. They shed light on various aspects of ancient Indian society, including religion, politics, economy, and culture, and help reconstruct the timeline of Buddhist expansion and influence in the region.



මෙම සෙල්ලිපි ඉතිහාසඥයින්ට, පුරාවිද්‍යාඥයින්ට සහ ඉන්දියාවේ බුද්ධ ධර්මයේ ඉතිහාසය අධ්‍යයනය කරන විද්වතුන්ට තීරණාත්මක මූලාශ්‍ර වේ. ඒවා ආගම, දේශපාලනය, ආර්ථිකය සහ සංස්කෘතිය ඇතුළු පුරාණ ඉන්දියානු සමාජයේ විවිධ අංශ කෙරෙහි දැනුම් ආලෝකය විහිදුවයි. තවද කලාපය තුළ බෞද්ධ ව්‍යාප්තියේ සහ බලපෑමේ කාල සටහන ප්‍රතිනිර්මාණය කිරීමට උපකාරී වේ.



Ancient Vietnam:

වියට්නාමයේ පෞරාණික බෞද්ධ නටබුන් ඇති ස්ථාන පිළිබඳ තොරතුරු මෙහි දැක්වේ.



Vietnam is home to several ancient Buddhist ruins that reflect its rich cultural and religious history. Here are some notable ones along with their approximate age dates:



1) My Son Sanctuary: Located in Quang Nam Province, My Son Sanctuary is a UNESCO World Heritage Site and was a significant religious center for the Champa Kingdom, showcasing Hindu and Buddhist influences. The Buddhist structures within My Son are estimated to date back to the 4th to 13th centuries. (4 වන සියවසේ)



2) Tran Quoc Pagoda: Situated on the West Lake in Hanoi, Tran Quoc Pagoda is one of the oldest Buddhist temples in Vietnam, dating back to the 6th century during the reign of Emperor Ly Nam De. (6 වන සියවසේ)



3) Phat Tich Pagoda: Located in Bac Ninh Province, Phat Tich Pagoda is believed to have been built during the reign of King Ly Nam De in the 7th century. It features various ancient architectural elements and Buddhist artifacts. (7 වන සියවසේ)



4) Po Nagar Cham Towers: Situated in Nha Trang, Khanh Hoa Province, the Po Nagar Cham Towers were built between the 7th and 12th centuries by the Cham civilization. These towers were dedicated to the Hindu goddess Po Nagar but also house Buddhist relics. (7 වන සියවසේ)



5) Thien Mu Pagoda: Situated in Hue City, Thien Mu Pagoda is one of the oldest and most beautiful pagodas in Vietnam, dating back to the 17th century. (17 වන සියවසේ)



ඉහත තොරතුරු අතීතයේ වියට්නාම් දේශයේ බුද්ධ ධර්මය තිබූ ආකාරය පිළිබද අදහස් අපට ලබාදෙයි.



These sites offer glimpses into Vietnam's rich Buddhist heritage and are important cultural landmarks in the country.





Relics:

Sariputta and Moggallana were two of the most prominent disciples of Gautama Buddha, renowned for their wisdom and supernatural powers. Relics associated with them are considered highly sacred in Buddhism.



සාරිපුත්ත සහ මොග්ගල්ලාන යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රකට ශ්‍රාවකයින් දෙදෙනෙක්වූ අතර, ඔවුන් අධි ප්‍රඥාව සහ අද්භූත බලයන් (ඍධිය) සඳහා ප්‍රසිද්ධය. උන්වහන්සේලාගේ ධාතු බුදුදහමේ ඉතා පූජනීය ලෙස සැලකේ.



The relics of Sariputta and Moggallana are believed to be enshrined in various locations across India and other parts of the world. Some of the significant places associated with their relics include:



සාරිපුත්ත සහ මුගලන් යන රහතන් වහන්සේලාගේ අති උතුම් ධාතූන් තැන්පත් කර තිබූ ස්ථාන පිළිබඳ තොරතුරු පහත දැක්වේ. 



India: (ඉන්දියාව තුළ ස්ථානයන්)



1) Sanchi Stupa: Sanchi, located in the Indian state of Madhya Pradesh, is home to several Buddhist monuments, including the famous Sanchi Stupa. It is believed that relics of Sariputta and Moggallana are enshrined here. (සාංචි නගරය)



2) Vaishali: Vaishali, an ancient city in present-day Bihar, is another significant site in Buddhism. It is said that relics of Sariputta and Moggallana are enshrined in one of the stupas or monasteries here. (වයිශාලි නගරය)



3) Rajgir: Rajgir, near Nalanda in Bihar, was an important center for Buddhism during the time of Buddha. Relics associated with Sariputta and Moggallana might be present in some of the ancient stupas or monasteries in this area. (රජ්ගිර් නගරය)



Other Countries: (වෙනත් රටවල් වල ස්ථානයන්)



Other Buddhist countries: Relics associated with Sariputta and Moggallana may also be found in temples and monasteries in countries such as Myanmar, Thailand, Cambodia, and Laos, where Buddhism is prevalent.





Bhattiprolu stupa:

The Bhattiprolu stupa, located in Bhattiprolu town in the Guntur district of Andhra Pradesh, India, is an ancient Buddhist monument dating back to the 2nd century BCE. It is one of the earliest known stupas in South India and is significant both historically and archaeologically.



ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ගුන්ටූර් දිස්ත්‍රික්කයේ භට්ටිප්‍රෝලු නගරයේ පිහිටි භට්ටිප්‍රෝලු ස්තූපය ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවස දක්වා දිවෙන පුරාණ බෞද්ධ ස්මාරකයකි. එය දකුණු ඉන්දියාවේ ඇති පැරණිතම ස්ථූපවලින් එකක් වන අතර ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වේ.



The stupa was discovered in the early 19th century during excavations conducted by British archaeologist Alexander Rea in 1892-1893. The stupa was found to contain relics and artifacts associated with Buddhism, including a casket containing a bone relic believed to be that of the Buddha himself.



1892-1893 දී බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ ඇලෙක්සැන්ඩර් රී විසින් කරන ලද කැණීම්වලදී 19 වැනි සියවසේ මුල් භාගයේදී මෙම ස්තූපය සොයා ගන්නා ලදී. එම ස්තූපයේ බුදුරජාණන් වහන්සේගේ අස්ථි ධාතුවක් සහිත කරඬුවක් ඇතුළු බුදුදහමට සම්බන්ධ ධාතු සහ කෞතුක වස්තු ඇති බව සොයා ගන්නා ලදී.



The Bhattiprolu stupa is notable for its unique architectural features and inscriptions. The inscriptions found at the site are in the Brahmi script and are among the earliest examples of writing in the Telugu language. They provide valuable information about the language, society, and culture of the region during ancient times.



භට්ටිප්‍රෝලු ස්තූපය එහි ඇති සුවිශේෂී වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහ ශිලා ලේඛන සඳහා කැපී පෙනේ. අඩවියේ ඇති ශිලා ලේඛන බ්‍රාහ්මී අක්ෂර වලින් වන අතර ඒවා තෙළිඟු භාෂාවෙන් ලිවීමේ පැරණිතම උදාහරණයන් වේ. පුරාණ කාලයේ කලාපයේ භාෂාව, සමාජය සහ සංස්කෘතිය පිළිබඳ වටිනා තොරතුරු ඒවා සපයයි.



Overall, the Bhattiprolu stupa serves as an important archaeological site for understanding the spread and development of Buddhism in South India, as well as the early history of the Telugu language and script.



සමස්තයක් වශයෙන්, භට්ටිප්‍රෝලු ස්ථූපය දකුණු ඉන්දියාවේ බුද්ධාගමේ ව්‍යාප්තිය සහ වර්ධනය මෙන්ම තෙළිඟු භාෂාවේ සහ අක්ෂරවල මුල් ඉතිහාසය අවබෝධ කර ගැනීම සඳහා වැදගත් පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස පවතියි.



“When Alexander Rea, Superintending Archaeologist for Madras (Archaeological Survey of India), arrived in the village of Bhattiprolu, in what is today Guntur district of Andhra Pradesh, in 1892, he surveyed the mound known as ‘Lanjha Dibba’ just outside the village. Rea realised that he was looking at the collapsed and battered remnant of a massive brick stupa and that the site of Bhattiprolu was an ancient Buddhist monastic location. What he did not know then was that his work at the site would be path-breaking. Bhattiprolu, as it turned out, is the earliest stupa in South India, predating the reign of Emperor Ashoka by a hundred years. What’s more, the inscriptions here bore the earliest references to the Dravidian script. They have since helped rewrite the history of the Telugu and Kannada scripts, and take back the arrival of Brahmi in a form conducive to writing Dravidian scripts back to the 2nd century BCE, if not the 4th century BCE.” 



(“1892 දී මදුරාසියේ (ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණයේ) අධිකාරී පුරාවිද්‍යාඥ ඇලෙක්සැන්ඩර් රී, අද ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ගුන්තූර් දිස්ත්‍රික්කයේ, භාට්ටිප්‍රෝලු ගම්මානයට පැමිණි විට, ඔහු ගමෙන් පිටත පිහිටි 'ලංජා දිබ්බා' නමින් හැඳින්වෙන පස් කන්ද මැන බැලුවේය. ඔහු බලා සිටියේ කඩා වැටී විනාශ වූ දැවැන්ත ගඩොලින් තැනූ ස්තූපයක් දෙස බවත්, භට්ටිප්‍රෝලු භූමිය පුරාණ බෞද්ධ ආරාම ස්ථානයක් බවත් රී වැටහුණා. එවිට ඔහු නොදැන සිටි දෙය නම්, පුරාවිද්‍යා අඩවියේ ඔහුගේ වැඩ විශිෂ්ඨ සොයාගැනීමක් වනු ඇති බවයි. භාට්ටිප්‍රෝලු යනු අශෝක අධිරාජ්‍යයාගේ පාලන සමයට වසර සියයකට පෙර පැවති දකුණු ඉන්දියාවේ පැරණිතම ස්තූපයයි. එපමණක්ද නොව, මෙහි ඇති සෙල්ලිපි ද්‍රවිඩ අක්ෂරවලට මුල්ම යොමු දැක්වීම් දරයි. භාවිතා කරන ලද බ්‍රාහ්මී අක්ෂර ක්‍රි.පූ. 2 වැනි හෝ 4 වැනි සියවස තරම් මුල් කාලයේ දී පැමිණිය හැකි බව පෙන්වමින් ඔවුන් තෙළිඟු සහ කන්නඩ ලිවීමේ ඉතිහාසය වෙනස් කර ඇත.)



බට්ටිප්‍රෝලු චෛත්‍ය පිළිබඳ වැඩිදුර තොරතුරු සහ ඡායාරූප මෙතැනින් බලන්න: https://www.peepultree.world/livehistoryindia/story/monuments/bhattiprolu-stupa 


 

Bhattiprolu script: 

The Bhattiprolu script is an ancient script primarily associated with writing the Telugu language. It is one of the earliest known scripts used for writing Telugu and is believed to date back to the 5th century BCE. The script was discovered in Bhattiprolu, a town in the Guntur district of Andhra Pradesh, India.



භට්ටිප්‍රෝලු අක්ෂර යනු තෙළිඟු භාෂාව ලිවීමට මූලික වශයෙන් සම්බන්ධ වූ පැරණි අක්ෂර මාලාවකි. එය තෙළිඟු භාෂාව ලිවීම සඳහා භාවිතා කරන ලද පැරණිතම අක්ෂර වලින් එකක් වන අතර එය ක්‍රිස්තු පූර්ව 5 වැනි සියවසට අයත් යැයි විශ්වාස කෙරේ. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ගුන්තූර් දිස්ත්‍රික්කයේ භට්ටිප්‍රෝලු නම් නගරයෙන් මෙම ලේඛනය සොයා ගන්නා ලදී.



The Bhattiprolu script is significant because it represents one of the earliest stages in the development of the Telugu script. It is written from left to right and is characterized by its angular and somewhat stylized characters. The script is derived from the Brahmi script, which was used for writing Prakrit and Sanskrit languages during ancient times.



භට්ටිප්‍රෝලු අක්ෂර වැදගත් වන්නේ එය තෙළිඟු අක්ෂර වර්ධනයේ මුල්ම අදියරවලින් එකක් වන බැවිනි. එය වමේ සිට දකුණට ලියා ඇති අතර එහි කෝණික සහ තරමක් ශෛලීගත අක්ෂර වලින් සංලක්ෂිත වේ. පුරාණ කාලයේ ප්‍රාකෘත සහ සංස්කෘත භාෂා ලිවීම සඳහා භාවිතා කරන ලද බ්‍රාහ්මී අක්ෂර වලින් අක්ෂර ව්‍යුත්පන්න වී ඇත.



The Bhattiprolu script is particularly notable for its association with Buddhism. Some of the earliest inscriptions found in this script are Buddhist in nature and have been discovered on relics and artifacts associated with Buddhism, including the Bhattiprolu stupa.



භාට්ටිප්‍රෝලු අක්ෂර විශේෂයෙන් කැපී පෙනෙන්නේ බුදුදහම සමඟ ඇති සම්බන්ධය නිසාය. මෙම අක්ෂර මාලාව ඇති පැරණිතම ශිලා ලේඛන සමහරක් බෞද්ධ ස්වභාවයෙන් යුක්ත වන අතර භාට්ටිප්‍රෝලු ස්ථූපය ඇතුළු බුදුදහම හා සම්බන්ධ ධාතුන් වහන්සේලා සහ පුරාවස්තු මත සොයාගෙන ඇත.



Alexander Rea discovered three inscribed stone relic caskets containing crystal caskets, relics of Buddha and jewels in 1892. The script was written on the urn containing Buddha's relics 



As for differences from the Ashokan scripts, such as the Brahmi script used during the time of the Mauryan Emperor Ashoka, there are variations in the characters and styles of writing. While both scripts belong to the Brahmi script family and share some similarities, they also exhibit distinct characteristics. The Bhattiprolu script, for example, has unique letter forms and features that distinguish it from other Brahmi-derived scripts of its time. Additionally, the Bhattiprolu script is specifically associated with the Telugu language and the region of Andhra Pradesh, whereas Ashokan scripts were used for various languages across the Indian subcontinent during the Mauryan period.



Bhattiprolu script Link 1: https://www.researchgate.net/figure/Bhattiprolu-inscription-Guntur-district-Andhra-Pradesh-300-BC_fig4_275949991



Bhattiprolu script Link 2: https://www.wikiwand.com/en/Bhattiprolu_script





Ancient Ruins:

Here is a list of ancient Asian Buddhist ruins. 



පුරාණ ආසියානු බෞද්ධ නටබුන් පිහිටි ස්ථාන ලැයිස්තුවක් මෙහි දැක්වේ. මෙහි පකිස්තානයේ, ලාඕසයේ, ඉන්දියාවේ, භූතානයේ, ඇෆ්ඝනිස්තානයේ, චීනයේ, කාම්බෝදියාවේ, ඉන්දුනීසියාවේ පිහිටා ඇති පෞරාණික බෞද්ධ නෂ්ටාවශේෂ ස්ථාන දැක්වේ.



1) Ajanta Caves (India): The Ajanta Caves, located in Maharashtra, India, are a series of rock-cut Buddhist cave monuments dating from the 2nd century BCE to the 6th century CE. These caves contain exquisite paintings and sculptures depicting Buddhist religious art and narratives. (ඉන්දියාවේ පිහිටා ඇති බෞද්ධ පෞරාණික නෂ්ටාවශේෂ අඩවියකි. ක්‍රිස්තු පූර්ව 2 වන සියවසට අයත්වේ.)



2) Angkor Wat Ruins (Cambodia): Angkor Wat, located in Siem Reap Province, Cambodia, is one of the largest religious monuments in the world. Originally constructed as a Hindu temple dedicated to the god Vishnu in the early 12th century, it later became a Buddhist site. The temple complex features a central tower surrounded by four smaller towers, representing the five peaks of Mount Meru, a sacred mountain in Hindu and Buddhist cosmology. Can find statues of Buddha, stupas (which are dome-shaped Buddhist monuments), and other ruins related to Buddhism there. (කාම්බෝදියාවේ පිහිටා ඇති බෞද්ධ අතීත නටබුන් අඩවියකි. 12 වන සියවසට අයත්වේ.)



3) Bakong Temple Ruins (Cambodia): Bakong Temple is an ancient Hindu temple complex that later became a Buddhist site, located in the Roluos Group of temples near Siem Reap, Cambodia. It was built in the late 9th century CE during the Khmer Empire and is one of the earliest temple mountains in Cambodia. (කාම්බෝදියාවේ පිහිටා ඇති බෞද්ධ පෞරාණික නෂ්ටාවශේෂ අඩවියකි. 9 වන සියවසට අයත්වේ.)



4) Bodh Gaya Ruins (India): Bodh Gaya, located in Bihar, India, is one of the most sacred Buddhist pilgrimage sites. It is situated by the bank of the Lilajan River. It is where ascetic Siddhartha Gautama attained complete enlightenment under the Bodhi Tree and became the Buddha. Dates back to the 5th century BCE. During the period from the 11th to 13th centuries, Bodh Gaya was under the control of local chieftains known as the Pithipatis of Bodh Gaya who were responsible for the management of the region. One of their rulers, Acarya Buddhasena, has been recorded as making a grant to Sri Lankan monks near the Mahabodhi temple. The Mahabodhi Temple and Bodhi Tree are key landmarks in this pilgrimage site. (ඉන්දියාවේ පිහිටා ඇති බෞද්ධ අතීත නටබුන් අඩවියකි. ක්‍රිස්තු පූර්ව 5 වන සියවසට අයත්වේ.)



5) Bamiyan Buddhas Ruins (Afghanistan): The Bamiyan Buddhas were giant statues of Buddha carved into the cliffs of the Bamiyan Valley in central Afghanistan. They were created in the 6th century CE and were once among the largest standing Buddha statues in the world. Unfortunately, they were destroyed by the Taliban in 2001. (ඇෆ්ඝනිස්තානයේ පිහිටා ඇති බෞද්ධ අතීත නටබුන් අඩවියකි. 6 වන සියවසට අයත්වේ.)



6) Candi Mendut Ruins (Indonesia): Situated near Borobudur in Central Java, Indonesia, Candi Mendut is an ancient Buddhist temple that have been built in the 9th century CE. It is known for its impressive stone reliefs and Buddhist sculptures. Built around the early ninth century AD, Mendut is the oldest of the three temples including Pawon and Borobudur. (ඉන්දුනීසියාවේ පිහිටා ඇති බෞද්ධ පෞරාණික නෂ්ටාවශේෂ අඩවියකි. 9 වන සියවසට අයත්වේ.)



7) Kanheri Caves (India): The Kanheri Caves, situated in the Sanjay Gandhi National Park near Mumbai, India, are a group of rock-cut Buddhist caves dating back to the 1st century BCE. These caves served as monastic complexes and contain Buddhist sculptures and inscriptions. (ඉන්දියාවේ පිහිටා ඇති බෞද්ධ අතීත නටබුන් අඩවියකි. ක්‍රිස්තු පූර්ව 1 වන සියවසට අයත්වේ.)



8) Kizil Caves (China): The Kizil Caves, located in Xinjiang, China, are a series of Buddhist cave temples dating back to the 3rd to 8th centuries CE. These caves feature vibrant murals depicting Buddhist narratives and are significant for the study of early Buddhist art along the Silk Road. (චීනයේ පිහිටා ඇති බෞද්ධ පෞරාණික නෂ්ටාවශේෂ අඩවියකි. 3 වන සියවසට අයත්වේ.)



9) Lalitgiri Ruins (India): Lalitgiri is one of the oldest Buddhist sites in Odisha, India, dating back to the 1st century BCE. It is part of the Diamond Triangle, along with Ratnagiri and Udayagiri, and is known for its monastic ruins and ancient Buddhist sculptures. (ඉන්දියාවේ පිහිටා ඇති බෞද්ධ අතීත නටබුන් අඩවියකි. ක්‍රිස්තු පූර්ව 1 වන සියවසට අයත්වේ.)



10) Nalanda University Ruins (India): Nalanda was a renowned ancient center of learning in Bihar, India, dating back to the 5th century CE. It was a thriving Buddhist monastery and university, attracting scholars from all over the world. Today, its ruins are a UNESCO World Heritage Site. (ඉන්දියාවේ පිහිටා ඇති බෞද්ධ පෞරාණික නෂ්ටාවශේෂ අඩවියකි. 5 වන සියවසට අයත්වේ.)



11) Preah Vihear Temple Ruins (Cambodia): Preah Vihear Temple is an ancient Hindu temple complex that later became a Buddhist site, located on a cliff in the Dângrêk Mountains of Cambodia, near the border with Thailand. It dates back to the 9th century CE and is recognized as a UNESCO World Heritage Site. (කාම්බෝදියාවේ පිහිටා ඇති බෞද්ධ අතීත නටබුන් අඩවියකි. 9 වන සියවසට අයත්වේ.)



12) Peshawar Museum Ruins (Pakistan): The Peshawar Museum in Peshawar, Pakistan, houses a significant collection of Gandharan art, including Buddhist sculptures, relics, and artifacts dating from the Gandhara period. It provides insight into the region's Buddhist history and culture. (පකිස්තානයේ පිහිටා ඇති බෞද්ධ පෞරාණික නෂ්ටාවශේෂ අඩවියකි. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසට අයත්වේ.)



13) Swat Valley Ruins (Pakistan): The Swat Valley in Khyber Pakhtunkhwa, Pakistan, has numerous Buddhist archaeological sites dating back to the Gandhara period, which flourished in the region from around the 6th century BCE to the 11th century CE. These include stupas, monasteries, and rock carvings, reflecting the region's rich Buddhist heritage. (පකිස්තානයේ පිහිටා ඇති බෞද්ධ පෞරාණික නෂ්ටාවශේෂ අඩවියකි. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසට අයත්වේ.)



14) Taktshang Goemba Ruins (Bhutan): Also known as the Tiger's Nest Monastery, Taktshang Goemba is a prominent Buddhist monastery located on a cliffside in Paro Valley, Bhutan. It is a significant religious site believed to have been founded in the 8th century. (භූතානයේ පිහිටා ඇති බෞද්ධ අතීත නටබුන් අඩවියකි. 8 වන සියවසට අයත්වේ.)



15) Taxila Ruins (Pakistan): Taxila is an ancient archaeological site in present-day Pakistan, known for its rich Buddhist heritage. It was an important center of learning and commerce in ancient times, with ruins dating back to the Gandhara period. Specific dates for the various Buddhist ruins in Taxila can vary depending on the site and the period of construction, but many of them date back to around 400 BCE to 500 CE. (පකිස්තානයේ පිහිටා ඇති බෞද්ධ පෞරාණික නෂ්ටාවශේෂ අඩවියකි. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසට අයත්වේ.) 



16) Takht-i-Bahi Ruins (Pakistan): Takht-i-Bahi is an ancient Buddhist monastery complex located in Khyber Pakhtunkhwa, Pakistan. It dates back to the 1st century CE and is one of the most well-preserved Gandharan Buddhist sites in the region. (පකිස්තානයේ පිහිටා ඇති බෞද්ධ පෞරාණික නෂ්ටාවශේෂ අඩවියකි. 1 වන සියවසට අයත්වේ.) 



17) Tabo Monastery Ruins (India): Tabo Monastery, located in the Spiti Valley of Himachal Pradesh, India, is one of the oldest continuously operating Buddhist monasteries in the Himalayas. It was founded in the 10th century CE and is renowned for its ancient murals and sculptures. (ඉන්දියාවේ පිහිටා ඇති බෞද්ධ පෞරාණික නෂ්ටාවශේෂ අඩවියකි. 10 වන සියවසට අයත්වේ.) 



18) Udayagiri Caves (India): The Udayagiri Caves, located near Bhubaneswar in Odisha, India, are a group of rock-cut caves dating back to the 1st century BCE. These caves contain Buddhist sculptures, inscriptions, and reliefs, reflecting the region's Buddhist heritage. (ඉන්දියාවේ පිහිටා ඇති බෞද්ධ පෞරාණික නෂ්ටාවශේෂ අඩවියකි. ක්‍රිස්තු පූර්ව 1 වන සියවසට අයත්වේ.) 



19) Vat Phou Ruins (Laos): Located in Champasak Province, Laos, Vat Phou is an ancient Khmer Hindu temple complex that later became a Buddhist site. There's a carving of a Buddha's footprint on the cliff. And there are four Buddha statues there too. It dates back to the 5th century CE and is recognized as a UNESCO World Heritage Site. (ලාඕසයේ පිහිටා ඇති බෞද්ධ අතීත නටබුන් අඩවියකි. 5 වන සියවසට අයත්වේ.)











Ancient Stupas:

Here is a list of ancient Asian Buddhist stupas. 



පුරාණ ආසියානු බෞද්ධ ස්තූප ලැයිස්තුවක් මෙහි දැක්වේ. මෙහි පකිස්තානයේ, ඉන්දියාවේ, බුරුමයේ, ලාඕසයේ, ඇෆ්ඝනිස්තානයේ, බෲනායි රාජ්‍යයේ, භූතානයේ, බංගලාදේශයේ, චීනයේ, මොන්ගෝලියාවේ, ඉන්දුනීසියාවේ, නේපාලයේ, තායිලන්තයේ පිහිටා ඇති පෞරාණික චෛත්‍ය ස්ථාන දැක්වේ.



1) Ahin Posh Stupa (Khyber Pakhtunkhwa, Pakistan): Ahin Posh, located in the Swat Valley, contains ancient Buddhist stupas and archaeological sites reflecting the region's Buddhist heritage. The Ahin Posh Stupa, located in Khyber Pakhtunkhwa, Pakistan, is estimated to date back to the 2nd century CE, during the Gandhara civilization. (පකිස්ථානයේ පිහිටා ඇති චෛත්‍යයකි. 2 වන සියවසේදීය.)



2) Amaravati Stupa (Andhra Pradesh, India): An ancient Buddhist stupa located near the town of Amaravati, known for its sculptural reliefs depicting Buddhist narratives and teachings. The Amaravati Stupa, situated in Andhra Pradesh, India, dates back to around the 3rd century BCE to the 3rd century CE, during the Satavahana dynasty. (ඉන්දියාවේ පිහිටා ඇති සෑයකි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදීය.)



3) Ananda Stupa (Ananda Chedi, Bangladesh): Located in Thagara Village of the Bandarban Hill District in Bangladesh, the Ananda Stupa is an ancient Buddhist site believed to date back to the 8th century CE. It is situated within the picturesque backdrop of the Bandarban hills and is considered a sacred place for Buddhists in Bangladesh. (බංගලාදේශයේ පිහිටා ඇති ස්තූපයකි. 8 වන සියවසේදීය.)



4) Ananda Temple Stupa (Bagan, Myanmar): The Ananda Temple, located in the ancient city of Bagan, Myanmar, is a renowned Buddhist temple dating from the 12th century. It features a central stupa surrounded by four standing Buddha statues. (බුරුමයේ පිහිටා ඇති ස්තූපයකි. 12 වන සියවසේදීය.)



5) Bamiyan Stupas (Bamiyan Province, Afghanistan): The Bamiyan Valley was once home to two colossal Buddha statues carved into the cliffsides, as well as several smaller stupas and monastic caves. The Bamiyan Stupas, located in Bamiyan Province, Afghanistan, are believed to have been constructed between the 4th and 6th centuries CE. (ඇෆ්ගනිස්තානයේ පිහිටා ඇති ස්තූපයකි. 4 වන සියවසේදීය.)



6) Bazira Stupas (Khyber Pakhtunkhwa, Pakistan): Bazira, located near the city of Swat, boasts Buddhist stupas and archaeological remnants from the ancient Gandhara civilization, which thrived from the 1st century BCE to the 5th century CE. These include traces of ancient fortifications, adding to the historical allure of the region. (පකිස්ථානයේ පිහිටා ඇති සෑයකි. ක්‍රිස්තු පූර්ව 1 වන සියවසේදීය.)



7) Borobudur Stupas (Indonesia): Located in Central Java, Indonesia, Borobudur is a massive Buddhist temple complex dating back to the 9th century. It is one of the largest Buddhist monuments in the world and is renowned for its stupas, impressive architecture and intricate relief panels depicting Buddhist teachings and stories. (ඉන්දුනීසියාවේ පිහිටා ඇති ස්තූපයකි. 9 වන සියවසේදීය.)



8) Bagan Archaeological Zone Stupas (Bagan, Myanmar): The Bagan Archaeological Zone, located in central Myanmar, is home to thousands of ancient Buddhist stupas, temples, and pagodas dating from the 9th to 13th centuries. This vast landscape represents one of the most significant archaeological sites in Asia. (බුරුමයේ පිහිටා ඇති ස්තූපයකි. 9 වන සියවසේදීය.)



9) Bhamala Stupa (Khyber Pakhtunkhwa, Pakistan): Bhamala, near Haripur, contains the ruins of a Buddhist stupa and monastery dating back to the Gandhara period, with archaeological significance. (පකිස්ථානයේ පිහිටා ඇති චෛත්‍යයකි. ගාන්ධාර යුගයට අයත්වේ. 2 වන සියවස.)



10) Bharhut Stupa (Madhya Pradesh, India): A historic Buddhist stupa dating back to the Shunga period, renowned for its intricately carved gateways and railings, which are now housed in various museums. The Shunga period in India lasted from approximately 185 BCE to 73 BCE. This period followed the Maurya Empire and was characterized by the rule of the Shunga dynasty, which emerged after the decline of the Mauryan dynasty. The Bharhut stupa may have been first built by the Maurya king Ashoka in the 3rd century BCE. The major donor for the Bharhut stupa was King Dhanabhuti. [During the reign of the Sugas (Sughanas, or Shungas) the gateway was caused to be made and the stone-work presented by Dhanabhūti, the son of Vāchhī, son of Agaraju, the son of a Goti and grandson of king Visadeva, the son of Gāgī. -Gateway pillar inscription of Dhanabhūti] (ඉන්දියාවේ පිහිටා ඇති ස්තූපයකි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදීය.)



11) Bharatpur Stupa (West Bengal, India): The Bharatpur Stupa, located in the Bharatpur archaeological site in the Indian state of West Bengal, is known for its ancient Buddhist stupa and monastic remains, including the ruins of the Bijamandal Temple complex. The stupa was built during the Pala period (approximately 7th-9th century AD). (ඉන්දියාවේ පිහිටා ඇති චෛත්‍යයකි. 7 වන සියවසේදීය.)



12) Begram Stupas (Baghlan Province, Afghanistan): Begram, an ancient city in Afghanistan, contains archaeological remains, including Buddhist stupas and artifacts, dating back to the Kushan period. The Kushan period in Afghanistan lasted from approximately the 1st century CE to the 3rd century CE. This period saw the rule of the Kushan Empire, which extended its influence over a vast region including parts of present-day Afghanistan, Pakistan, India, and Central Asia. (ඇෆ්ගනිස්තානයේ පිහිටා ඇති චෛත්‍යයකි. 1 වන සියවසේදීය.)



13) Butkara Stupa (Khyber Pakhtunkhwa, Pakistan): Located near the city of Mingora in the Swat Valley, Butkara Stupa is an ancient Buddhist monument with significant archaeological importance. The Butkara Stupa dates back to the 2nd century BCE. (පකිස්ථානයේ පිහිටා ඇති ස්තූපයකි. ක්‍රිස්තු පූර්ව 2 වන සියවසේදීය.)



14) Badalpur Stupas (Uttar Pradesh, India): Badalpur, near the city of Mathura, is known for its ancient Buddhist stupas and monastic remains, including the ruins of the Buddhist site at Kankali Tila. The Badalpur Stupa, situated in Uttar Pradesh, India, dates back to the Mauryan period, around the 3rd century BCE. (ඉන්දියාවේ පිහිටා ඇති සෑයකි. 3 වන සියවසේදීය.)



15) Bala Hissar Stupa (Khyber Pakhtunkhwa, Pakistan): Bala Hissar, near Peshawar, contains the remains of a Buddhist stupa and monastery dating back to the Gandhara period, with significant archaeological importance. (පකිස්ථානයේ පිහිටා ඇති සෑයකි. ගාන්ධාර යුගයට අයිතිවේ.)



16) Boudhanath Stupas (Nepal): Situated in Kathmandu, Nepal, Boudhanath is one of the largest stupas in the world and a UNESCO World Heritage Site. It is a center of Tibetan Buddhism in Nepal and a major pilgrimage site for Buddhists. The stupa's massive mandala and the eyes of Buddha painted on its four sides are iconic symbols of Nepalese Buddhism. Historical records and legends suggest that the initial construction of the stupa may have occurred during the reign of the Licchavi dynasty in the Kathmandu Valley. (නේපාලයේ පිහිටා ඇති ස්තූපයකි. ලිච්චවී යුගයට අයත්වේ.)



17) Buddha Dhatu Jadi Stupa (Bangladesh): Also known as the Bandarban Golden Temple, Buddha Dhatu Jadi is located in Bandarban, Bangladesh. It is one of the largest Theravada Buddhist temples in Bangladesh and houses a large golden stupa that contains relics of the Buddha. The temple complex is adorned with intricate Buddhist artwork and offers panoramic views of the surrounding hills. The exact age of Buddha Dhatu Jadi Stupa is not definitively known. (බන්ගලාදේශයේ පිහිටා ඇති ස්තූපයකි.)



18) Bangala Raja Vihara Stupa (Bangladesh): Situated in Chandpur district, Bangladesh, Bangala Raja Vihara is an ancient Buddhist monastery site believed to have been established during the Gupta period (4th to 6th centuries CE). While the main stupa has been mostly destroyed, the site still retains remnants of monastic cells and other structures, offering insights into the flourishing Buddhist culture of ancient Bengal.(බංග්ලාදේශයේ පිහිටා ඇති ස්තූපයකි. 4 වන සියවසේදීය.)



19) Bajrayogini Temple Stupa (Nepal): Situated in Sankhu, Nepal, the Bajrayogini Temple is an ancient Buddhist shrine dedicated to the tantric goddess Bajrayogini. The temple complex includes a stupa believed to have been built during the Licchavi period (4th to 9th centuries CE). It is an important pilgrimage site in the Kathmandu Valley. The Licchavis of Nepal was a kingdom which existed in the Kathmandu Valley, Nepal from approximately 450 CE to 750 CE. The Licchavi clan originated from the Licchavis of Vaishali, and conquered the Kathmandu Valley. (නේපාලයේ පිහිටා ඇති ස්තූපයකි. 4 වන සියවසේදීය.)



20) Candi Sewu Stupas (Indonesia): Candi Sewu, located in Central Java, Indonesia, is an ancient Buddhist temple complex dating back to the 8th century CE. It consists of numerous smaller stupas surrounding a central sanctuary and is considered one of the largest Buddhist temple compounds in Indonesia. (ඉන්දුනීසියාවේ පිහිටා ඇති ස්තූපයකි. 8 වන සියවසේදීය.)



21) Candi Muara Takus Stupas (Indonesia): Located in Riau Province, Indonesia, Candi Muara Takus is an ancient Buddhist temple complex believed to date back to the 7th century CE. It is one of the oldest Buddhist sites in Indonesia and features intricately carved stupas and reliefs. (ඉන්දුනීසියාවේ පිහිටා ඇති ස්තූපයකි. 7 වන සියවසේදීය.)



22) Chandranath Hill and Stupa (Bangladesh): Situated in Sitakunda, Chittagong division of Bangladesh, Chandranath Hill is a sacred site for Buddhists and Hindus. At the top of the hill, there is a Buddhist stupa believed to be around 2500 years old. (බංග්ලාදේශයේ පිහිටා ඇති ස්තූපයකි. වර්ෂ 2500ක් පැරණිය.)



23) Dhumbarahi Stupa (Nepal): Located in Kathmandu, Nepal, Dhumbarahi Stupa is an ancient Buddhist monument situated atop a hill overlooking the Kathmandu Valley. It is believed to date back to the Licchavi period (4th to 9th centuries CE) and is considered one of the oldest stupas in the valley. The stupa offers panoramic views of the surrounding area and is a popular destination for both pilgrims and tourists. (නේපාලයේ පිහිටා ඇති ස්තූපයකි. 4 වන සියවසේදීය.)



24) Dilberjin Stupa (Balkh Province, Afghanistan): Dilberjin, near the ancient city of Balkh, contains the remains of a Buddhist stupa and monastery dating back to the Kushan period. (ඇෆ්ගනිස්තානයේ පිහිටා ඇති චෛත්‍යයකි. කුෂාන් යුගයට අයත්වේ.)



25) Dharmarajika Stupa (Punjab, Pakistan): Located near Taxila, the Dharmarajika Stupa aka the Great Stupa of Taxila is one of the oldest stupas in Pakistan, dating back to the Mauryan period. It is known for its impressive size and architectural features. It was built over the relics of the Buddha by Emperor Ashoka in the 3rd century BCE. (පකිස්ථානයේ පිහිටා ඇති සෑයකි. මෞර්ය යුගයට අයත්වේ. ක්‍රිස්තු පූර්ව 3 වන සියවස.)



26) Dhamek Stupa (Uttar Pradesh, India): Located in Sarnath, near Varanasi, this stupa marks the spot where the Buddha is believed to have delivered his first sermon after attaining enlightenment. The Dhamek Stupa, located in Uttar Pradesh, India, is believed to have been originally constructed during the reign of Emperor Ashoka in the 3rd century BCE. (ඉන්දියාවේ පිහිටා ඇති චෛත්‍යයකි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදීය.)



27) Drepung Monastery Stupa (Lhasa, Tibet Autonomous Region, China): Drepung Monastery, located on the outskirts of Lhasa, Tibet Autonomous Region, China, is one of the "great three" Gelug university monasteries of Tibet. It houses various stupas, temples, and monastic buildings. The Drepung Monastery Stupa in Lhasa, Tibet Autonomous Region, China, dates back to its founding in 1416, making it over 600 years old. (චීනයේ පිහිටා ඇති ස්තූපයකි. 1416 වන වර්ෂයේදී ගොඩනගන ලදී.)



28) Erdene Zuu Monastery Stupa (Kharkhorin, Mongolia): Erdene Zuu Monastery, located in Kharkhorin, Mongolia, is one of the oldest surviving monasteries in Mongolia, founded in 1585. It contains several stupas within its compound. (මොන්ගෝලියාවේ පිහිටා ඇති ස්තූපයකි. 1585 වන වර්ෂයේදී ඉදිකරන ලදී.)



29) Ghazni Stupa (Ghazni Province, Afghanistan): Ghazni, an ancient city in Afghanistan, contains Buddhist stupas and archaeological sites dating back to the pre-Islamic period, reflecting its rich Buddhist heritage. The Ghazni Stupa, situated in Ghazni Province, Afghanistan, dates back to the 1st century CE. (ඇෆ්ගනිස්තානයේ පිහිටා ඇති ස්තූපයකි. 1 වන සියවසේදීය.)



30) Golghar Stupa (Bihar, India): Situated in the ancient city of Pataliputra (modern-day Patna), Golghar is an archaeological site containing remnants of a large Buddhist stupa and monastic complex. The Golghar Stupa in Patna, India, dates back to its founding in 1416, making it over 600 years old. (ඉන්දියාවේ පිහිටා ඇති ස්තූපයකි. වර්ෂ 1416 දී සාදන ලදී.)



31) Gotihawa Stupa (Nepal): Situated in the Lumbini Zone of Nepal, Gotihawa is an important Buddhist pilgrimage site associated with the life of the Buddha. It is believed to be the birthplace of Kakusandha Buddha, one of the Buddhas preceding Gautama Buddha. The exact age and date of the Gotihawa Stupa are not definitively known. However, it is believed to have ancient origins, dating back over 2000 years. The site features a prominent stupa marking the spot where Kakusandha Buddha was born, attracting pilgrims and visitors from around the world. (නේපාලයේ පිහිටා ඇති ස්තූපයකි. වර්ෂ 2000කට වඩා පැරණිය.)



32) Hadda Stupas (Jalalabad, Afghanistan): The Hadda region in Afghanistan contains numerous Buddhist stupas and monastic ruins dating back to the Gandhara period, known for their Greco-Buddhist art style. (ඇෆ්ගනිස්තානයේ පිහිටා ඇති සෑයකි. ගාන්ධාර යුගයට අයත්වේ.)



33) Hemis Stupa (Ladakh, India): Located in the Hemis Monastery complex in the Ladakh region of India, this stupa is part of a prominent Tibetan Buddhist site and is renowned for its annual Hemis Festival. The Hemis Stupa, situated in Ladakh, India, dates back to the 11th century CE. (ඉන්දියාවේ පිහිටා ඇති සෑයකි. 11 වන සියවසේදීය.)



34) Jaulian Stupas (Khyber Pakhtunkhwa, Pakistan): Jaulian, part of the Taxila UNESCO World Heritage Site, contains the ruins of a Buddhist monastery with stupas, prayer halls, and residential quarters dating back to the Gandhara period, which flourished from the 1st century BCE to the 5th century CE. (පකිස්ථානයේ පිහිටා ඇති ස්තූපයකි. 5 වන සියවසේදීය.)



35) Jetalpur Stupa (Gujarat, India): Jetalpur, near the city of Ahmedabad, is known for its ancient Buddhist stupa and archaeological remains, indicating the presence of Buddhist settlements in the region. The Jetalpur Stupa, situated in Gujarat, India, dates back to the Mauryan period, around the 3rd century BCE. (ඉන්දියාවේ පිහිටා ඇති ස්තුපයකි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදීය.)



36) Jamal Garhi Stupa (Khyber Pakhtunkhwa, Pakistan): Situated near Mardan in Pakistan, Jamal Garhi is an archaeological site known for its Buddhist stupas, monastic cells, and inscriptions dating back to the Kushan period. (පකිස්ථානයේ පිහිටා ඇති සෑයකි. කුෂාන යුගයට අයත්වේ. 1 වන සියවස.)



37) Jandial Stupa (Khyber Pakhtunkhwa, Pakistan): Jandial, near Taxila, contains the remains of a Buddhist stupa and monastic complex dating back to the Gandhara period 2nd century BCE, making it one of the earliest stupas in the region with architectural significance. (පකිස්ථානයේ පිහිටා ඇති චෛත්‍යයකි. ක්‍රිස්තු පූර්ව 2 වන සියවසේදීය.)



38) Khyber Pass Stupas (Khyber Pakhtunkhwa, Pakistan): The Khyber Pass region, historically significant as a trade route and gateway to South Asia, contains several Buddhist stupas and monastic remains. The stupas in the Khyber Pass region of Khyber Pakhtunkhwa, Pakistan, are believed to date back to the Gandhara civilization, which thrived from the 1st century BCE to the 5th century CE. (පකිස්ථානයේ පිහිටා ඇති සෑයකි. ක්‍රිස්තු පූර්ව 1 වන සියවසේදීය.)



39) Khyber Pakhtunkhwa Museum Stupa (Khyber Pakhtunkhwa, Pakistan): The Khyber Pakhtunkhwa Museum in Peshawar houses a collection of Buddhist artifacts, including fragments of stupas, sculptures, and inscriptions from various archaeological sites in the region. The Khyber Pakhtunkhwa Museum Stupa, located in Khyber Pakhtunkhwa, Pakistan, dates back to the Gandhara civilization. (පකිස්ථානයේ පිහිටා ඇති ස්තුපයකි. ගාන්ධාර යුගයට අයිතිය.)



40) Karakorum Stupas (Kharkhorin, Mongolia): The ancient capital of the Mongol Empire, Karakorum, is located in present-day Kharkhorin, Mongolia. It has Buddhist stupas dating back to the 13th century, including the stupa of Nirvana. (මොන්ගෝලියාවේ පිහිටා ඇති ස්තූපයකි. 13 වන සියවසේදීය.)



41) Kakku Pagodas Stupas (Shan State, Myanmar): The Kakku Pagodas, located in Shan State, Myanmar, is an ancient pagoda complex containing over 2,000 stupas dating from the 12th to 13th centuries. The site is known for its well-preserved architecture and ornate carvings. (මියන්මාරයේ පිහිටා ඇති සෑයකි. 12 වන සියවසේදීය.)



42) Kanheri Caves Stupas (Maharashtra, India): Kanheri Caves, located in the Sanjay Gandhi National Park near Mumbai, contain numerous Buddhist rock-cut caves, including shrines with stupas dating back to the 1st century BCE to 10th century CE. (ඉන්දියාවේ පිහිටා ඇති චෛත්‍යයකි. ක්‍රිස්තු පූර්ව 1 වන සියවසේදීය.)



43) Kafirkot Stupas (Khyber Pakhtunkhwa, Pakistan): Kafirkot, near the city of Bannu, contains Buddhist stupas and archaeological remains from the ancient Gandhara civilization, reflecting the region's Buddhist heritage. (පකිස්ථානයේ පිහිටා ඇති සෑයකි. ගාන්දාර යුගයට අයිතිවේ.)



44) Kurjey Lhakhang Stupa (Bhutan): Kurjey Lhakhang is a sacred Buddhist temple complex located in the Bumthang Valley of Bhutan. It is associated with Guru Rinpoche, the patron saint of Bhutan, and features a stupa built around the body imprint of Guru Rinpoche, believed to date back to the 8th century CE. (භූතානයේ පිහිටා ඇති ස්තූපයකි. 8 වන සියවසේදීය.)



45) Kushinagar Stupa (India): Located in Kushinagar, India, near the border with Nepal, Kushinagar is where the Buddha is said to have attained Parinirvana (bodyless nirvana situation), his death. While not in Bangladesh or Nepal, Kushinagar is closely associated with these countries due to its historical and cultural ties to Buddhism and its significance as a pilgrimage site for Buddhists from around the world. The exact age of the Kushinagar Stupa is not definitively known, but historical records and archaeological evidence suggest that it dates back over 2000 years. Emperor Ashoka of the Maurya Empire is believed to have visited Kushinagar in the 3rd century BCE and erected a commemorative stupa and pillar at the site. These early constructions marked Kushinagar as an important place associated with the Buddha's life and teachings. (ඉන්දියාවේ පිහිටා ඇති ස්තූපයකි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදීය.)



46) Kapilvastu Stupa (Nepal): Located in the Kapilvastu district of Nepal. The stupa at Kapilvastu is a significant site for Buddhists, marking the historical importance of the region in the life of the Buddha. The exact age and date of specific stupas in Kapilvastu are not definitively known, as archaeological research and excavations in the region are ongoing. (නේපාලයේ පිහිටා ඇති ස්තූපයකි. කාලය ගණනය කර නොමැත.)



47) Lingyin Temple Stupa (Hangzhou, Zhejiang Province, China): Lingyin Temple, located in Hangzhou, Zhejiang Province, China, is one of the largest and most important Buddhist temples in the country. It features several stupas within its scenic complex. The Lingyin Temple Stupa in Hangzhou, Zhejiang Province, China, was originally built in 326 AD during the Eastern Jin Dynasty, making it over 1,700 years old. (චීනයේ පිහිටා ඇති ස්තූපයකි. 4 වන සියවසේදීය.)



48) Longmen Grottoes Stupa (Luoyang, Henan Province, China): The Longmen Grottoes, located near Luoyang in Henan Province, China, are known for their extensive collection of Buddhist sculptures and cave temples, including stupas, dating from the 5th to 13th centuries CE. (චීනයේ පිහිටා ඇති ස්තූපයකි. 5 වන සියවසේදීය.)



49) Labrang Monastery Stupa (Xiahe, Gansu Province, China): Labrang Monastery, situated in Xiahe County, Gansu Province, China, is one of the largest Tibetan Buddhist monasteries outside of Tibet. It contains numerous stupas, chapels, and prayer halls. The Labrang Monastery Stupa in Xiahe, Gansu Province, China, was founded in 1709, during the Qing Dynasty, making it approximately 300 years old. (චීනයේ පිහිටා ඇති ස්තූපයකි. අවුරුදු 300ක් පමණ පැරණිය.)



50) Lalitpur Stupas (Nepal): Lalitpur, also known as Patan, is a city in Nepal with ancient Buddhist sites, including stupas, monasteries, and sculptures. It was a center of Buddhist art and culture in the Kathmandu Valley, with significant monuments dating back to the Licchavi period. (නේපාලයේ පිහිටා ඇති ස්තූපයකි. ලිච්චවී යුගයට අයත්වේ.)



51) Lumbini Stupa (Nepal): Located in southern Nepal, Lumbini is the birthplace of Siddhartha Gautama, the historical Buddha. It is a UNESCO World Heritage Site and a major pilgrimage destination for Buddhists worldwide. The site includes several ancient monuments, including the Maya Devi Temple and various stupas commemorating significant events in Buddha's life. Excavations at Lumbini have revealed evidence of religious activity dating back over 2,400 years. According to historical records and archaeological evidence, Lumbini was a pilgrimage site as early as the 3rd century BCE, during the time of Emperor Ashoka, who visited the site and erected a pillar inscribed with his edicts. This pillar, known as the Ashoka Pillar, still stands at Lumbini and is considered one of the earliest Buddhist monuments in the world. (නේපාලයේ පිහිටා ඇති ස්තූපයකි. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදීය.)



52) Mohra Muradu Taxila Stupa (Punjab, Pakistan): Taxila, an ancient archaeological site in present-day Pakistan, contains several Buddhist stupas and monastic complexes, including the Dharmarajika Stupa and the Jaulian monastery. Taxila was considered to be one of the earliest (or the earliest) universities in the world. The Mohra Muradu Stupa, located in Taxila, Punjab, Pakistan, is estimated to date back to the Gandhara period. (පකිස්ථානයේ පිහිටා ඇති ස්තූපයකි. ගාන්ධාර යුගයට අයතිවේ.)



53) Maijishan Grottoes Stupas (Tianshui, Gansu Province, China): The Maijishan Grottoes, situated near Tianshui in Gansu Province, China, house Buddhist cave temples with sculpted images and stupas dating from the 4th to 19th centuries CE. (චීනයේ පිහිටා ඇති ස්තූපයකි. 4 වන සියවසේදීය.)



54) Mahamuni Pagoda Stupa (Mandalay, Myanmar): The Mahamuni Pagoda, located in Mandalay, Myanmar, houses a revered Buddha image believed to have been cast during the lifetime of the Buddha. The pagoda complex includes multiple stupas and prayer halls. (බුරුමයේ පිහිටා ඇති ස්තූපයකි. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී කරවන ලද ස්තූපයකි.)



55) Mingsha Mountain Stupa (Dunhuang, Gansu Province, China): Mingsha Mountain, also known as the Singing Sands Mountain, near Dunhuang in Gansu Province, China, features Buddhist stupas and cave temples, including the famous Crescent Lake and Mingsha Shan (Echoing-Sand Mountain) scenic area. The Mingsha Mountain Stupa in Dunhuang, Gansu Province, China, was constructed during the Han Dynasty, around the 1st century BCE, making it over 2,000 years old. (චීනයේ පිහිටා ඇති ස්තූපයකි. වර්ෂ 2000කට වඩා පැරණිය.)



56) Mogao Caves Stupas (Dunhuang, Gansu Province, China): The Mogao Caves, also known as the Thousand Buddha Grottoes, are located near Dunhuang in Gansu Province, China. They contain hundreds of caves with Buddhist murals, sculptures, and stupas dating from the 4th to 14th centuries CE. (චීනයේ පිහිටා ඇති ස්තූපයකි. 4 වන සියවසේදීය.)



57) Mahabodhi Temple Stupa (Bodh Gaya, Bihar, India): The Mahabodhi Temple in Bodh Gaya, Bihar, India, marks the site where ascetic Siddhartha Gautama attained enlightenment and became the Omniscient Buddha. The temple's central stupa, known as the Mahabodhi Stupa, dates back to the 3rd century BCE. (ඉන්දියාවේ පිහිටා ඇති චෛත්‍යයකි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදීය.)



58) Mingora Stupa (Khyber Pakhtunkhwa, Pakistan): Mingora, the largest city in Swat District, contains Buddhist stupas and monastic ruins, including remnants of the Butkara Stupa. The Mingora Stupa, situated in Khyber Pakhtunkhwa, Pakistan, dates back to the Gandhara civilization (පකිස්ථානයේ පිහිටා ඇති සෑයකි. ගාන්ධාර යුගයට අයත්ය.)



59) Manikyala Stupa (Punjab, Pakistan): Manikyala, near Taxila, contains the remains of a Buddhist stupa and monastic complex dating back to the Gandhara period, with sculptural reliefs and inscriptions. (පකිස්ථානයේ පිහිටා ඇති චෛත්‍යයකි. ගාන්දාර යුගයට අයිතිවේ.)



60) Mainamati Stupa (Bangladesh): Situated in the Comilla district of Bangladesh, the Mainamati Stupa is part of the Mainamati-Lalmai range, which is rich in archaeological remains dating back to the 7th to 12th centuries CE. The stupa is located within the Mainamati Buddhist ruins, a significant archaeological site containing numerous stupas, monasteries, and other structures associated with Buddhism. (බන්ගලාදේශයේ පිහිටා ඇති ස්තූපයකි. 7 වන සියවසේදීය.)



61) Mathura Stupas (India): Mathura, located in Uttar Pradesh, India, is an ancient city with significant Buddhist ruins dating back to the Kushan and Gupta periods. It was an important center of Buddhist art and culture, with numerous stupas, monasteries, and sculptures. (ඉන්දියාවේ පිහිටා ඇති ස්තූපයකි. කුසාන් සහ ගුප්ත යුග වලට අයත්වේ.)



62) Mes Aynak Stupas (Afghanistan): Mes Aynak is an archaeological site in Logar Province, Afghanistan, known for its Buddhist monastery complex dating back to the 4th to 7th centuries CE. Mes Aynak possesses a vast 40 ha (100 acres) complex of Buddhist monasteries, homes, over 400 Buddha statues, stupas, and market areas. It contains stupas, monastic cells, and artifacts, including the world's second-largest Buddha statue. (ඇෆ්ඝනිස්තානයේ පිහිටා ඇති ස්තූපයකි. 4 වන සියවසේදීය.)



63) Nagarjunakonda Stupa (Andhra Pradesh, India): Located on Nagarjunakonda Island in the Nagarjuna Sagar reservoir, this stupa is part of an ancient Buddhist site dating back to the 3rd century CE. (ඉන්දියාවේ පිහිටා ඇති සෑයකි. 3 වන සියවසේදීය.)



64) Namo Buddha Stupa (Nepal): Found in the Kavrepalanchok District of Nepal, Namo Buddha is a significant pilgrimage site for Buddhists. It is about 40 km to the south east of Kathmandu and takes about 2 hours to get there. The stupa marks the spot where, according to legend, the historical Bodhisattva (an earlier incarnation of Gautama Buddha) sacrificed his own body to feed a hungry tigress and her cubs. The exact age of the Namo Buddha Stupa is not definitively known, but it is believed to have ancient origins, with a history dating back centuries. It is an important site for meditation and reflection in Nepalese Buddhism. (නේපාලයේ පිහිටා ඇති ස්තූපයකි. ගොඩනැගූ කාලය නිවැරදිව නොදනී.)



65) Nigrodharama Stupa (Nepal): Nigrodharama is an ancient Buddhist site situated in Kapilvastu, Nepal. It is believed to be the place where the Buddha delivered one of his discourses during his visit to Kapilvastu. The stupa at Nigrodharama marks this historical event and serves as a pilgrimage site for Buddhists seeking spiritual connection to the Buddha's teachings. Nigrodharama Stupa is believed to have ancient origins and may have been originally constructed during or shortly after the time of the Buddha, it has likely undergone various renovations and restorations over the centuries. As a result, it is difficult to determine its exact age in terms of years.(නේපාලයේ පිහිටා ඇති ස්තූපයකි. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් කෙටි කාලයකට පසු ගොඩ නගන ලද්දකි.) 



66) Ongi Monastery Stupas (Saikhan-Ovoo, Mongolia): Ongi Monastery, situated in the Saikhan-Ovoo District of Mongolia, once housed several stupas and temples. The monastery complex dates back to the 17th century, but many of its structures were destroyed during the communist era. (මොන්ගෝලියාවේ පිහිටා ඇති ස්තූපයකි. 17 වන සියවසේදීය.)



67) Peshawar Stupas (Khyber Pakhtunkhwa, Pakistan): Peshawar, an ancient city in Pakistan, is known for its Buddhist heritage, including the ruins of several stupas such as Kanishka Stupa (Kanishka stupa, was a monumental stupa established by the Kushan king Kanishka during the 2nd century CE) and monasteries dating back to the Gandhara period and Kushan period. (පකිස්ථානයේ පිහිටා ඇති ස්තූපයකි. ගාන්ධාර යුගයට අයිතිවේ.)



68) Panr Stupa (Khyber Pakhtunkhwa, Pakistan): Panr, near the Swabi District, contains the ruins of a Buddhist stupa and monastic complex, with evidence of ancient Buddhist settlements in the region. The Panr Stupa, located in Khyber Pakhtunkhwa, Pakistan, dates back to the Gandhara civilization. (පකිස්ථානයේ පිහිටා ඇති සෑයකි. ගාන්ධාර ශිෂ්ඨාචාරයට අයත්වේ.)



69) Potala Palace Stupas (Lhasa, Tibet Autonomous Region, China): The Potala Palace, located in Lhasa, Tibet Autonomous Region, China, was the winter residence of the Dalai Lama. The palace complex contains several stupas and chapels dating back to the 7th century. (චීනයේ පිහිටා ඇති ස්තූපයකි. 7 වන සියවසේදීය.)



70) Paharpur Buddha Bihar Stupas (Bangladesh): Located in Naogaon district of Bangladesh, Paharpur Buddha Bihar is another significant archaeological site dating back to the 8th century CE. It was once a large Buddhist monastery complex, covering an area of around 27 acres. The main attraction of the site is the central square-shaped stupa surrounded by numerous smaller stupas and remains of monastic cells. It was designated as a UNESCO World Heritage Site in 1985. (බංගලාදේශයේ පිහිටා ඇති ස්තූපයකි. 8 වන සියවසේදීය.)



71) Phra Pathom Chedi Stupa (Thailand): Phra Pathom Chedi, situated in Nakhon Pathom Province, Thailand, is one of the tallest stupas in the world and dates back to the 3rd century BCE. It is considered the oldest Buddhist structure in Thailand and holds great religious significance for Thai Buddhists. (තායිලන්තයේ පිහිටා ඇති ස්තූපයකි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදීය.)



72) Pha That Luang Stupa (Laos): Pha That Luang is a revered Buddhist stupa located in Vientiane, the capital city of Laos. It is believed to date back to the 3rd century CE, with reconstructions and renovations done over the centuries. It is considered the national symbol of Laos and holds great religious and cultural significance. (ලාඕසයේ පිහිටා ඇති ස්තූපයකි. 3 වන සියවසේදීය.)



73) Ramagrama Stupa (Nepal): Situated near the village of Ramagrama in the Parasi District of Nepal, Ramagrama Stupa is one of the eight major stupas in Nepal believed to contain relics of the Buddha. (When Emperor Ashoka visited the site, he wished to open the stupa to redistribute the relics to 84,000 small stupas throughout his vast empire.) According to Buddhist tradition, it houses one of the Buddha's relics, specifically his right hand bone. Constructed between the Mauryan and Gupta periods, according to research by Nepal’s Department of Archaeology. To this day, Ramagrama Stupa remains the only intact and original stupa containing relics of Buddha. (නේපාලයේ පිහිටා ඇති ස්තූපයකි. මෞර්ය සහ ගුප්ත යුග වලට අයත්වේ.)



74) Ratnagiri Vihara Stupa (India): Ratnagiri Vihara is a renowned Buddhist archaeological site situated in the Jajpur district of Odisha, India. While not in Bangladesh or Nepal, it is significant for its association with ancient Buddhist learning and culture in the region. The site includes a large stupa, monastic complexes, and sculptures dating back to the 5th century CE, reflecting the rich Buddhist heritage of the area. (ඉන්දියාවේ පිහිටා ඇති ස්තූපයකි. 5 වන සියවසේදීය.)



75) Saidu Sharif Stupa (Khyber Pakhtunkhwa, Pakistan): Saidu Sharif, the administrative center of Swat District, contains Buddhist stupas and monastic remains dating back to antiquity. The Saidu Sharif Stupa, situated in Khyber Pakhtunkhwa, Pakistan, dates back to the Gandhara civilization. (පකිස්ථානයේ පිහිටා ඇති ස්තූපයකි. ගාන්දාර ශිෂ්ඨාචාරයට අයිති වේ.)



76) Sirkap Stupas (Punjab, Pakistan): Sirkap is an ancient city near Taxila, Pakistan, which contains the remains of Buddhist stupas, monasteries, and other structures dating back to the Gandhara civilization. (පකිස්ථානයේ පිහිටා ඇති චෛත්‍යයකි. ගාන්ධාර යුගයට අයත්ය.)



77) Swat Valley Stupas (Khyber Pakhtunkhwa, Pakistan): The Swat Valley in Pakistan contains several Buddhist stupas, monasteries, and rock carvings dating back to the Gandhara period, reflecting the region's rich Buddhist heritage. (පකිස්ථානයේ පිහිටා ඇති සෑයකි. ගාන්ධාර යුගයට අයත්වේ.)



78) Sule Pagoda Stupa (Yangon, Myanmar): The Sule Pagoda, located in the heart of downtown Yangon, Myanmar, is a historic Buddhist stupa believed to be over 2,000 years old. It is a landmark of the city and a place of worship for Buddhists. (බුරුමයේ පිහිටා ඇති සෑයකි. වර්ෂ 2000කට වඩා පැරණිය.)



79) Shwe Indein Pagoda Stupas (Inle Lake, Myanmar): The Shwe Indein Pagoda complex, situated near Inle Lake in Myanmar, consists of hundreds of ancient stupas dating back to the 12th century. However, tradition holds that they were built by King Ashoka (known in Burmese as Dhammasoka ဓမ္မသောက), and renewed by King Anawrahta. The site is known for its picturesque setting and archaeological significance. (බුරුමයේ පිහිටා ඇති ස්තූපයකි. 12 වන සියවසේදීය.)



80) Shwezigon Pagoda Stupa (Bagan, Myanmar): The Shwezigon Pagoda, situated in Bagan, Myanmar, is an ancient Buddhist stupa built in the 11th century. It is believed to enshrine relics of Gautama Buddha and is adorned with gold leaf and jewels. (බුරුමයේ පිහිටා ඇති චෛත්‍යයකි. 11 වන සියවසේදීය.)



81) Sanchi Stupa (Madhya Pradesh, India): One of the oldest and most famous Buddhist stupas in India, dating back to the Mauryan period. It is known for its intricate carvings and architectural grandeur. (ඉන්දියාවේ පිහිටා ඇති සෑයකි. මෞර්ය යුගයට අයත්වේ.)



82) Shahbaz Garhi Stupa (Khyber Pakhtunkhwa, Pakistan): Shahbaz Garhi, near Mardan, contains Buddhist stupas and rock-cut sculptures dating back to the Gandhara period, with inscriptions in Kharosthi and Brahmi scripts. (Constructed during the 3rd Century BCE (272-231 BC), during the reign of Ashoka, the famous Mauryan emperor, they were inscribed in the Kharoshthi script.) (පකිස්ථානයේ පිහිටා ඇති චෛත්‍යයකි. ගාන්ධාර යුගයට අයිතිවේ. ක්‍රිස්තු පූර්ව 3 වන සියවස.)



83) Sagaing Hill Stupas (Sagaing, Myanmar): Sagaing Hill, near Mandalay in Myanmar, is dotted with numerous Buddhist stupas and monasteries dating from different periods of Burmese history, representing the religious significance of the region. The stupas on Sagaing Hill in Sagaing, Myanmar, vary in age as they were constructed over centuries. However, many of the prominent stupas on the hill date back to the 14th to 18th centuries during the Ava and Konbaung periods. (බුරුමයේ පිහිටා ඇති ස්තූපයකි. 14 වන සියවසේදීය.)



84) Shwe Dagon Pagoda Stupa (Yangon, Myanmar): The Shwe Dagon Pagoda, also spelled Shwedagon Pagoda, is one of the most sacred Buddhist sites in Myanmar. Located in Yangon, it is believed to enshrine relics of Buddha and is adorned with gold leaf and jewels. Legend holds that the Shwedagon Pagoda was constructed more than 2,500 years ago — while the Buddha was still alive — which would make it the oldest Buddhist stupa in the world. The first mention of the pagoda in the royal chronicles dates only to 1362/63 CE when King Binnya U of Martaban–Hanthawaddy raised the pagoda to 18 m (59 ft). (බුරුමයේ පිහිටා ඇති ස්තූපයකි. බුදුරජාණන් වහන්සේ ජීවමාන අවධියේ ඉදිකරන ලද්දකි.)



85) Saidan Stupa (Khyber Pakhtunkhwa, Pakistan): Saidan, near the city of Mardan, contains Buddhist stupas and archaeological remains from the Gandhara period, including remnants of monastic structures. (පකිස්ථානයේ පිහිටා ඇති සෑයකි. ගාන්ධාර යුගයට අයත්වේ.)



86) Shingardar Stupa (Pakistan): The Shingardar Stupa is an ancient Buddhist stupa located in the Swat Valley of Pakistan. It dates back to the Gandhara period and is a significant archaeological site showcasing Buddhist art and architecture. The Shingardar Stupa is the largest Buddhist stupa on the Indian subcontinent. It was built by Uttarasena, an ancient king of Swat, to enshrine his portion of Buddha relics. (පකිස්තානයේ පිහිටා ඇති ස්තූපයකි. ගාන්ධාර යුගයට අයත්වේ.)



87) Sitakot Vihara Stupas (Nepal): Sitakot Vihara is an ancient Buddhist site located in the Nawalparasi District of Nepal. It is believed to have been established during the reign of Emperor Ashoka in the 3rd century BCE. The site includes ruins of stupas, monasteries, and other structures, indicating its historical significance as a Buddhist center in ancient times. (නේපාලයේ පිහිටා ඇති ස්තූපයකි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදීය.)



88) Shalban Vihara Stupa (Bangladesh): Located in the Mainamati region of Comilla, Bangladesh, Shalban Vihara is an ancient Buddhist monastery dating back to the 8th century CE. The site includes a large central stupa surrounded by ruins of monastic cells, meditation chambers, and other structures. Shalban Vihara played a significant role in the spread of Buddhism in the region. (බන්ග්ලාදේසයේ පිහිටා ඇති ස්තූපයකි. 8 වන සියවසේදීය.)



89) Sari Temple Stupas (Indonesia): Sari Temple is an ancient Buddhist temple located near Prambanan in Central Java, Indonesia. It dates back to the 8th century CE and is renowned for its stupas, unique architecture and intricate carvings, including depictions of Buddhist deities and stories from Buddhist scriptures. (ඉන්දුනීසියාවේ පිහිටා ඇති ස්තූපයකි. 8 වන සියවසේදීය.)



90) Shaliat Stupas (Pakistan): Shaliat is an ancient Buddhist site near Taxila in Pakistan, featuring stupas, monastic remains, and inscriptions dating back to the Gandhara period. It provides insight into the spread of Buddhism in the region and its cultural influence. (පකිස්ථානයේ පිහිටා ඇති ස්තූපයකි. ගාන්ධාර යුගයට අයිතිවේ.)



91) Swayambhunath Stupa (Nepal): Located in Kathmandu, Nepal, Swayambhunath is an ancient religious complex atop a hill overlooking the Kathmandu Valley. The stupa is one of the oldest and most revered Buddhist stupas in Nepal. It is also known as the Monkey Temple due to the large population of monkeys that reside in the area. While the exact age of the Swayambhunath Stupa is not precisely known, it is believed to have ancient origins, dating back over 2,000 years. Historical accounts suggest that Swayambhunath Stupa has been a sacred site for Buddhists since at least the 5th century CE. (නේපාලයේ පිහිටා ඇති ස්තූපයකි. වර්ෂ 2000 කට වඩා පැරණිය.)



92) Tapa Shotor Stupas (Balkh Province, Afghanistan): Tapa Shotor, located near Balkh in northern Afghanistan, is an archaeological site with Buddhist stupas and monastic ruins dating back to the Gandhara period. (ඇෆ්ගනිස්තානයේ පිහිටා ඇති ස්තූපයකි. ගාන්ධාර යුගයට අයත්වේ.)



93) Tapa Sardar Stupa (Balkh Province, Afghanistan): Tapa Sardar, located near Balkh, contains the remains of a Buddhist stupa and monastery dating back to the Kushan period. A votive inscription found at the site suggests that the sanctuary was known in the past as the Kanika mahārāja vihāra (“The temple of the Great King Kanishka”), suggesting a foundation date during the period of the Kushan Empire, in the 2nd-3rd century CE. (ඇෆ්ගනිස්තානයේ පිහිටා ඇති චෛත්‍යයකි. කුෂාණ් යුගයට අයත්වේ. 3 වන සියවස.)



94) Takht-i-Bahi Stupa (Khyber Pakhtunkhwa, Pakistan): Takht-i-Bahi, a UNESCO World Heritage Site, contains the ruins of a Buddhist monastery complex with stupas, monastic cells, and assembly halls. The Takht-i-Bahi Stupa, located in Khyber Pakhtunkhwa, Pakistan, is estimated to date back to the Gandhara civilization. (It dates back to the 1st century CE.) (පකිස්ථානයේ පිහිටා ඇති ස්තූපයකි. 1 වන සියවසේදීය.)



95) Takht-i-Rustam Stupas (Afghanistan): Takht-i-Rustam is an archaeological site in Samangan Province, Afghanistan, known for its Buddhist stupas and monastic remains. It was an important Buddhist center during the Kushan period and contains numerous rock-cut sculptures. (The complex was built during the 3rd to 4th century AD, a period when the region was part of the Kushano-Sasanian Kingdom. Remarkably, the entire complex is carved directly from the bedrock.) (ඇෆ්ගනිස්ථානයේ පිහිටා ඇති ස්තූපයකි. කුෂාණ යුගයට අයත්වේ. 3 වන සියවස.)



96) The Lumut Stupa (Brunei): Located in the Lumut region of Brunei, the Lumut Stupa is an ancient Buddhist monument believed to date back to the 14th century. It is one of the few remaining historical sites in Brunei associated with Buddhism. (Lumut region, Belait District, Brunei Darussalam) (බෲනායි රටේ පිහිටා ඇති ස්තූපයකි. 14 වන සියවසේදීය.)



97) Thatbyinnyu Temple Stupas (Myanmar): Situated in Bagan, Myanmar, Thatbyinnyu Temple is one of the tallest temples in the ancient city and dates back to the 12th century. It is a fine example of Burmese architecture and features a prominent central stupa surrounded by smaller stupas and temples. (මියන්මාරයේ පිහිටා ඇති ස්තූපයකි. 12 වන සියවසේදීය.)



98) Taktshang Stupas (Bhutan): Commonly known as the Tiger's Nest, Taktshang is a sacred monastery perched on a cliffside in Paro Valley, Bhutan. It is believed to have been founded in the 8th century and is an important pilgrimage site in Bhutanese Buddhism. The monastery complex includes several temples and stupas, with some dating back centuries. (භුතානයේ පිහිටා ඇති ස්තූපයකි. 8 වන සියවසේදීය.)



99) Tilaurakot Stupas (Nepal): Situated 29km west of Lumbini, 3km north-west of Taulihawa. Tilaurakot is an archaeological site located in the Kapilvastu district of Nepal, believed to be the ancient capital of the Sakya kingdom, where the Omniscient Buddha spent his early years before he becomes the Buddha. While primarily known for its palace ruins, Tilaurakot also features ancient stupas that hold significance in Buddhist history and pilgrimage. The exact age of the Tilaurakot Stupas is not definitively known, but they are believed to date back over 2000 years. (නේපාලයේ පිහිටා ඇති ස්තූපයකි. අවුරුදු 2000කට වඩා ඉතිහාසයක් ඇත.)



100) That Ing Hang Stupa (Laos): Located in Savannakhet Province, Laos, That Ing Hang Stupa is a significant Buddhist monument believed to date back over 500 years. (The stupa dates back to the 16th century.) It is revered as one of the most important religious sites in Laos and attracts pilgrims from across the country. (ලාඕසයේ පිහිටා ඇති ස්තූපයකි. අවුරුදු 500කට වඩා පැරණිය.)



101) Tepe Narenj Stupas (Afghanistan): Tepe Narenj is an archaeological site near Balkh, Afghanistan, containing Buddhist remains dating back to the Kushan period. It includes Buddhist stupas, monastic cells, and sculptures, providing insight into the region's Buddhist heritage. (Tepe Narenj is the archaeological site for the remains of a 5th or 6th-century Buddhist monastery near Kabul, Afghanistan. It is believed that Muslim armies destroyed the monastery in the ninth century, and it was forgotten until post-conflict excavations following the Soviet–Afghan War.) (ඇෆ්ගනිස්තානයේ පිහිටා ඇති ස්තූපයකි. කුෂාන රාජ්‍ය යුගයට අයත්වේ. 5 වන සියවස.)



102) Vikramashila Mahavihara Stupa (India): Vikramashila Mahavihara was a renowned Buddhist monastery and center of learning during the Pala Empire in ancient India. It was located in the present-day Bhagalpur district of Bihar, India. While Vikramashila Mahavihara primarily consisted of monastic structures rather than a stupa, it played a significant role in the development and propagation of Buddhism in the Indian subcontinent during the 8th to 12th centuries CE. The Vikramashila stupa built for the purpose of worship is a brick structure laid in mud mortar and stands in the centre of the square monastery. This two terraced stupa is cruciform on plan and about 15 metres high from the ground level. The site is believed to have been founded by King Dharmapala of the Pala dynasty in the late 8th century CE. (ඉන්දියාවේ පිහිටා ඇති ස්තූපයකි. 8 වන සියවසේදීය.)



103) Wat Phra That Hariphunchai Stupa (Thailand): Located in Lamphun Province, Thailand, Wat Phra That Hariphunchai is an ancient Buddhist temple believed to date back to the 9th century CE. It houses a revered stupa containing relics of the Buddha and is considered one of the most important pilgrimage sites in northern Thailand. (තායිලන්තයේ පිහිටා ඇති ස්තූපයකි. 9 වන සියවසේදීය.)



104) Wat Phra That Lampang Luang Stupa (Thailand): Located in Lampang Province, Thailand, Wat Phra That Lampang Luang is an ancient Buddhist temple believed to date back over 1,300 years. It is known for its well-preserved Lanna-style architecture and its sacred stupa, which is believed to enshrine relics of the Buddha. (තායිලන්තයේ පිහිටා ඇති ස්තූපයකි. වර්ෂ 1300කට වඩා පැරණිය.)



105) Wat Phra Mahathat Stupa (Thailand): Located in Nakhon Si Thammarat Province, Thailand, Wat Phra Mahathat is an ancient temple complex believed to date back over 1,200 years. It is known for its towering stupa, which enshrines relics of the Buddha, and its impressive architecture influenced by both Hindu and Buddhist traditions. (තායිලන්තයේ පිහිටා ඇති ස්තූපයකි. වර්ෂ 1200කට වඩා පැරණිය.)



106) Yungang Grottoes Stupa (Shanxi Province, China): The Yungang Grottoes, located near Datong in Shanxi Province, China, feature numerous Buddhist cave temples and rock-cut statues, including stupas, dating from the 5th century CE. (චීනයේ පිහිටා ඇති ස්තූපයකි. 5 වන සියවසේදීය.)





Video - The Buddha of Swat: Ancient carving of Buddha restored in Pakistan: https://youtu.be/puA2QAPCNNI?si=FBMnw1CKoM64bEMK



Buddha was not born in Sri Lanka, but he was born in India.



Lumbini Nepal Government Website:

https://lumbinidevtrust.gov.np/en



Video - Where are Pakistani Buddhists and what is happening to them?

https://youtu.be/6RVudjQmK_k?si=RJTIwfHUn5GfRhlk



බටහිර රටවල්:

බුදුරජාණන් වහන්සේ විසින් ග්‍රීසිය, සුදු ජාතිකයින්ගේ රටවල් (Western countries)සහ කාම්බෝජය පිළිබඳ ප්‍රකාශ කර ඇති තැන් කිහිපයක් මෙහි දක්වමු. යෝනක දේශය යනු ග්‍රීසියට සහ වෙනත් සුදු ජාතිකයින්ගේ රටවල් හැඳින්වීමට අතීතයේ භාවිතා කළ නාමයයි. තවද දකුණු ආසියාවෙන් පිටත සත්‍ය ධර්මය සොයාගන්නට නැති රටවල් වලට බුදුරජාණන් වහන්සේ විසින් බොහෝ විට භාවිතා කරන ලද නාමය “ම්ලේච්ඡ දේශයන්” යන්නයි. ධර්මය නැති බැවින්ද, අනුවණ බැවින්ද, ස්ත්‍රීන් වැනි කාමයන්ම වර්ණනා කරන බැවින්ද, දැඩි භෞතිකවාදීන් වන බැවින්ද, අවිද්‍යාවෙන් අන්ධ බැවින්ද, දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව සියල්ල සිදුවෙනවා ආදී වැරදි දර්ශන විශ්වාස කරන බැවින්ද එබඳු රටවල් වල වාසය කරන මිනිසුන් බුදුරජාණන් වහන්සේ ඇතුළු මුනිවරුන් විසින් ම්ලේච්ඡ නොදියුණු ගෝත්‍රිකයින් ලෙස හඳුන්වා ඇත. (කොතෙක් භෞතික සම්පත් තිබුණද ධර්මය නොපිළිපදින්නේනම් මරණින් මතු විනාශයම උරුම කරගන්නා බැවිනි, ඒ අර්ථයි)





2.5.3 අස්සලායන සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 5. බ්‍රාහ්මණ වර්ගය



…..අස්සලායනයෙනි, ඒ කිමැ’යි හඟිහි? “යෝනක සහ කාම්බෝජ දනව්හිදු අන් පසල්දනව්හිදු වර්‍ණ (කුල) දෙකෙක් මැයැ: ස්වාමිද දාසද යන දෙකයි. ස්වාමිවැ දාස වෙයි, දාසවැ ස්වාමි වේ” යයි තොප විසින් අසනලදද?



භවත්නි, මා විසින් මෙසේ අසන ලද: “යෝනක සහ කාම්බෝජ දනව්හිදු අන් පසල්දනව්හි (දුර ඈත රටවල) දු ස්වාමියැ දාසයැ යි වර්‍ණ දෙකෙක් මැයැ. ස්වාමිවැ සිට දාස වෙයි, දාසවැ සිට ස්වාමිවේ”යයි. අස්සලායනයෙනි, යම් හෙයකින් මෙහිලා බ්‍රාහ්මණයෝ මෙසේ කියත්ද: “බ්‍රාහ්මණයෝමැ ශ්‍රේෂ්ඨ වර්‍ණයැ, අන්‍යවර්‍ණ හීනවර්‍ණයි … බ්‍රහ්මදායාදයහ”යි, මෙකරුණෙහි ලා බමුණනට කවර බලයෙක්ද? කවර ආස්වාසයෙක්ද?





11. දසුත්තර සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > පාථික වර්ගය > 11. දසුත්තර සූත්‍රය



තවද අනෙකෙක. ඇවැත්නි, … මහණුන්ගේ මෙහෙණන්ගේ උවසුවන්ගේ උවැසියන්ගේ හැසිරීමක් නැති, පව් පින් නොදන්නා ජනයා ඇති, ප්‍රත්‍යන්ත ම්ලේච්ඡ ජනපද අතුරෙන් එකක උපන්නේ වෙයි. මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසයට අසමයවූ පස්වන අක්ෂණය යැ….





4. කුණාල ජාතකය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ජාතක පාළි 2 > 21. අසීති නිපාතය



4143. සොයා බලන්නාවූ ඒ ස්ත්‍රීහු යම් විටෙක පුරුෂයා අයත් ගතයුතු යම් වස්තුවක් දකිත්ද එවිට කාම්බෝජ වැසියන් දියෙහි හටගත් සෙවෙලින් අශ්වයෙකු අල්වාගන්නා මෙන් මෘදු වචනයෙන් ඒ පුරුෂයා තම වසඟයට ගනිත්….





3.2.2.10. උපෝසථ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > තික නිපාතය > (7) 2. මහා වර්ගය



විශාඛාවෙනි, යම්පරිදි අඞ්ග – මගධ – කාසී – කොසල – වජ්ජි – මල්ල – චෙති – වඞ්ග – කුරු – පඤ්චාල – මච්ඡ– සූරසේන – අස්සක– අවන්ති – ගන්‍ධාර – කාම්බෝජ බඳු නොමඳ සත්රුවනින් පිරි සොළොස් මහා ජනපදයන්ගේ ඓශ්චර්‍ය්‍යාධිපත්‍යය ඇති රාජ්‍යය යමෙක් කරන්නේ නම් තෙල අෂ්ටාඞ්ග සමන්වාගත උපෝසථයාගේ සොළොස් වන කොටසටද එය නො අගී. ඒ කවර හෙයින: විශාඛාවෙනි, දිව්‍යසුඛය පිණිස මිනිස් රජය අල්ප වෙයි…. (උපමා කිරීමටවත් නොහැකි තරම් අල්පය)





10. සඞ්ගීති සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > පාථික වර්ගය > 10. සඞ්ගීති සූත්‍රය



යම් තැනෙක මහණුන්ගේ මෙහෙණන්ගේ උවසුවන්ගේ උවැසියන්ගේ හැසිරීමෙක් නැති, පව් පින් දන්නවුන් නැති ප්‍රත්‍යන්තයෙහිවූ ම්ලේච්ඡ ජනපදයන්හි උපන්නා වෙයි. මේ බ්‍රහ්මචර්ය වාසයට නොසුදුසු කාලයවූ සවැනි අක්ෂණය වෙයි….





2.9. අංකුර ප්‍රේත වස්තුවයි.

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ප්‍රේත වස්තු > 2. උබ්බරී වර්ගය



258. වෙළෙඳාමෙන් ධනය රැස්කරන අපි යමක් සඳහා කාම්බෝජ රටට යන්නමෝද (ඒ කරුණ මෙහි දී ම සිදු වෙයි) මේ දෙවියා කැමති සම්පත් දෙන්නෙකි. එහෙයින් අපි මොහු ගෙන යමු….





6. භූරිදත්ත ජාතකය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ජාතක පාළි 3 > 22. මහා නිපාතය > 6. භූරිදත්‌ත ජාතකය



5240. පණුය, පළඟැටිය, සර්පය, මැඩිය, කෘමිය, මැසිය යන මොවුන් මරා පිරිසිදු වෙයි යන මේ අනාර්‍ය්‍ය ස්වරූපවූ ධර්මයෝ (මිත්‍යා දර්ශන) කාම්බෝජ රටවැසි (අනාර්‍ය්‍යවූ) බොහෝ දෙනාගේ බොරුය….





වෙනත් තොරතුරු:

Buddhist Ruins in Italy: In the ancient city of Pompeii, which was buried under volcanic ash in 79 AD, archaeologists have uncovered evidence of trade and cultural exchange with the East, including statues and artifacts that suggest a presence of Buddhism in the region. Excavations have revealed artifacts such as statues and coins with Buddhist motifs, indicating the presence of Buddhism in the region.





ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවසේ ඉදිකරන ලද පකිස්ථානයේ බුත්කාරා චෛත්‍ය: 

The Butkara Stupa, also known as the Butkara I Stupa, is an ancient Buddhist monument located in the Swat Valley of Pakistan. It is one of the most significant archaeological sites in the region and represents the rich Buddhist heritage of Gandhara, an ancient kingdom that encompassed parts of present-day Pakistan and Afghanistan.



Here are some key points about the Butkara Stupa:



Construction and Design: The Butkara Stupa is believed to date back to the 2nd century BCE, making it over two millennia old. It is a large domed structure built of stone and brick, typical of Buddhist stupas of that era. The stupa is surrounded by a circular courtyard and is adorned with elaborate carvings and reliefs depicting scenes from the life of the Buddha and Buddhist iconography.



Importance in Gandharan Buddhism: The Swat Valley, where the Butkara Stupa is located, was a major center of Buddhist civilization during the Gandharan period (1st century BCE to 5th century CE). The region was a hub of trade and cultural exchange between South Asia, Central Asia, and the Mediterranean world, and Buddhism flourished as a result. The Butkara Stupa is a testament to the prominence of Buddhism in ancient Gandhara.



Excavations and Discoveries: The Butkara Stupa was excavated and partially restored by archaeologists in the 20th century. Numerous artifacts and relics have been unearthed from the site, including stone sculptures, inscriptions, and coins, providing valuable insights into the religious and cultural life of ancient Gandhara.



UNESCO World Heritage Site: The Butkara Stupa is part of the larger archaeological complex of Saidu Sharif, which includes several other Buddhist stupas, monasteries, and relics. In 1980, the entire Swat Valley was designated as a UNESCO World Heritage Site in recognition of its outstanding universal value as a center of Buddhist art and civilization.



The Butkara Stupa stands as a remarkable testament to the enduring legacy of Buddhism in the Swat Valley and the wider Gandharan region, attracting visitors and scholars from around the world interested in exploring its rich history and cultural significance.



ඊජිප්තුව:

බුදුරජාණන් වහන්සේගේ අතීත ප්‍රතිමාවක් ඊජිප්තුවෙන් හමුවී ඇත. එය ඉසිස් දිව්‍යාගනාවගේ පුරාණ පන්සලක් තුළ තිබී කැණීම් කිරීමේදී හමුවී ඇත. එය පළමු ශත වර්ෂයට අයත් එකකි. එය ඔබට මෙයින් නැරඹිය හැක - https://www.youtube.com/watch?v=qMdiaerhN84



“The Berenike Buddha is a statue of the Buddha parts of which were discovered in January 2018 and January 2022 in an archaeological excavation in the ancient harbour of Berenike, Egypt, by an American-Polish archaeological mission. The statue was discovered in the forecourt of an early Roman period temple dedicated to the Goddess Isis.” 



Buddha statue found at Berenike (Egypt) - https://pcma.uw.edu.pl/en/2023/04/27/buddha-statue-found-at-berenike-egypt/



එම ප්‍රතිමාව පිළිබඳ සම්පූර්ණ විස්තර දැන ගැනීමට අන්තර්ජාලයේ Berenike Buddha ලෙස පරික්ෂා කරන්න. 





දඹදිව ප්‍රශ්නය:

ජම්බුද්වීප යනු සම්පූර්ණ පෘථිවියයි. ද්වීප යන වචනය සාමාන්‍යයෙන් විවිධ මිනිසුන් විසින් භාවිතා කරන ලද අර්ථ කිහිපයක් ඇත. එනම් පහන හෝ දූපත හෝ මහාද්වීපය හෝ පොළොව යන්නයි. (අන්තර්ජාලයෙන් අතීතයේ ජම්බුද්වීප යන පදය විවිධ රටවල භාවිතාවූ ආකාරය දැන ගැනීමට Jambudvīpaයනුවෙන් අන්තර්ජාලය පිරික්සන්න.) අශෝක රජුගේ සෙල්ලිපි වලද ජම්බුද්වීප යන පදය භාවිතා කර ඇත.



සත්‍ය වශයෙන්ම බුද්ධ ධර්මයේ සඳහන් ජම්බුද්වීපය යනු කුමක්ද? ජම්බුද්වීපය යනු සම්පූර්ණ පෘථිවියයි. (Earth)





3. මහාපරිනිර්වාණ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > මහා වර්ගය > 3. මහාපරිනිර්වාණ සූත්‍රය



125. පසැස් ඇති බුදුරජුන්ගේ සිරුරැ ධාතූහු ද්‍රෝණ අටෙකි. එයින් ද්‍රෝණ සතක් ධාතූන් දඹදිවැ (Earth)පුදත්. පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ එක් ද්‍රෝණයක් ධාතූන් රඹගමැ (Ramgram, Koliya) (ඕපපාතික) නාරජුහු පුදති. එක් දළදායෙක් වූකලී තිදස්පුරයෙහි දෙවියන් විසින් පුදනු ලැබේ. එක් දළදායෙක් ගන්ධාර දේශයේ (Gandhara Kingdom)පුදනු ලැබේ. යලි තවද දළදායෙක් කළිඟු රජුගේ රටෙහි (Kalinga Kingdom)පුදනු ලැබේ. තව එක් දළදාවක් නාලොවැ නා රජුහු පුදති. ඒ සතර දළදා වහන්සේගේ තෙදින් මේ මුළු පොළොව ශ්‍රේෂ්ඨ පූජෝත්සවයෙන් සැරැසුණේය. මෙසේ පසැසියාණන්ගේ සිරුරුදා සෙසු ජනයා විසින් මොනොවට සත්කාර කරනු ලැබේ. දෙවියන් විසින්ද රජුන් විසින්ද මනාව සත්කෘත විය. දෙවිඳු විසින්ද නයිඳුන් විසින්ද නිරිඳුන් විසින්ද එසේම උතුම් මිනිසුන් විසින්ද පුදන ලද ඒ බුදු රජ තෙම ඒකාන්තයෙන් කල්ප සිය ගණනෙකිනුදු දුර්ලභය. දොහොත් මුදුනැ තබාගත්තෝවැ ඔබ නමදිවු.





1. සුමෙධා ථෙරීගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ථෙරීගාථා පාළි > 16. මහා නිපාතය



497. ජම්බුදීප සඞ්ඛ්‍යාත පෘථිවිය ඩෙබරැට පමණින් ගුළි කොට මේ මාගේ මවයැ මේ මවගේ මවයැ යනාදී එක් එක් ගුළිය වෙන් කරන්නේ නම්) ඩෙබරැට සා ගුළි මාතාමහීන් කෙරෙහිමැ නොපොහොනාහ, (අවිදිතාග්‍රවූ සසරැ සැරිසරන සත්ත්වයාට සසර දිගබව දක්වනු සඳහා) උපමා විසින් එළවූ කරුණ සිහිකර. (සංඛයාත යනු ‘නමැති’ යන්නයි)



අතීතයේ විවිධ රටවල මිනිසුන් විසින් ජම්බුද්වීපය යනු සම්පූර්ණ පෘථිවියට (the entire earth)කියන නමක් ලෙස භාවිතා කළ බව ඔබටම වෙනත් රටවල ජාතිකයින්ගෙන් සහ වෙනත් රටවල වෙබ් අඩවි මගින්ම දැන ගැනීමට Jambudvipa human worldයනුවෙන් අන්තර්ජාලයේ පරික්ෂා කරන්න. එවිට ඔබට බොහෝ සාක්ෂි වෙනත් රටවල අතීත ලියකියවිලි වලින් සහ ශුද්ධ ග්‍රන්ථ වලින් පවා දැන ගැනීමට හැකිවනු ඇත.





මේ ජම්බුද්වීප යන පදය ‘සම්පූර්ණ මහ පොළොව’ ලෙස විදේශීය බුද්ධිමතුන් විසින් අර්ථ දක්වා ඇති තැන් කිහිපයක්:



Link1) http://tibetanbuddhistencyclopedia.com/en/index.php/Jambudvipa - It is the human world in which we live. Jambudvīpa or Jambudīpa (Jpn: 閻浮提 Enbudai) is located in the south and is the dwelling of ordinary human beings.



Link2) https://www.wisdomlib.org/definition/jambudvipa - 2) Jambudvipa:—The entire human world.



Link3) https://decodehindumythology.blogspot.com/search/label/Jambudweep%20or%20Pangea%3F - From the above descriptions, it would be clear that this landmass DOES NOT refer to India or even Asia.. The references in fact indicate Jambudvipa to be NOT a small portion of our planet, but the ENTIRE Planet itself!!



Link4) https://www.sokaglobal.org/resources/study-materials/buddhist-study/the-new-human-revolution/afterword.html - Nichiren Daishonin writes: “Can there be any doubt that . . . [the Law] will be spread far and wide [Jpn. kosen-rufu] throughout . . . Jambudvipa [the entire world]



Link5) https://economictimes.indiatimes.com/news/india/tianzhu-jambdweep-learn-about-five-other-names-of-india/jambudweep/slideshow/103391755.cms - The term Jambudvipa was used by Ashoka to represent his teritory.



Link6) https://www.rigpawiki.org/index.php?title=Jambudvipa - It is the human world in which we live.



Link7) https://encyclopediaofbuddhism.org/wiki/Jambudvīpa - signifying either the known human world, or sometimes more specifically the Indian subcontinent.



Link8) https://www.hardlight.org/the-universe-prt-2-notes-on-jambudvipa/ - Mark states that Jambudvipa is the name of our world in the Book of Life.



අශෝක රජුගේ ශිලා ලේඛන: Minor Rock Edict No.1 of King Ashoka: Beloved-of-the-Gods speaks thus: It is now more than two and a half years since I became a lay-disciple, but until now I have not been very zealous. But now that I have visited the Sangha for more than a year, I have become very zealous. Now the people in Jambudvipa who have not associated with the gods do so. This is the result of zeal and it is not just the great who can do this. Even the humble, if they are zealous, can attain heaven. And this proclamation has been made with this aim. Let both humble and great be zealous, let even those on the borders know and let zeal last long. Then this zeal will increase, it will greatly increase, it will increase up to one-and-a-half times. This message has been proclaimed two hundred and fifty-six times by the king while on tour…. (මේ අශෝක රජුගේ සෙල්ලිපියක ජම්බුද්වීපය යන වචනය දැක්වෙන කොටසකි.)





Minor Rock Edict No.1 of King Ashoka: දෙවියන්ගේ ආදරණීයයා මෙසේ වදාරන සේක: මම ගිහි ශ්‍රාවකයෙකු වී දැනට වසර දෙකහමාරකට වැඩි කාලයක් ගත වී ඇත, නමුත් මේ දක්වා මම ඉතා උද්‍යෝගයෙන් නොසිටිමි. නමුත් දැන් අවුරුද්දකට වැඩි කාලයක් සංඝයා වහන්සේලා ඇසුරු කළ නිසා මම ඉතා උද්යෝගිමත් වී සිටිමි. දැන් ජම්බුද්වීපයේ පෙර දෙවිවරුන් ඇසුරු නොකළ අය එසේ කරති. මෙය වීර්‍යයේ ප්‍රතිඵලයක් වන අතර මෙය කළ හැක්කේ උත්තමයාට පමණක් නොවේ. පහත් අය පවා උනන්දු නම්, ස්වර්ගය ලබා ගත හැකිය. තවද මෙම ප්‍රකාශය කර ඇත්තේද එම අරමුණ ඇතිවය. පහත් සහ ශ්‍රේෂ්ඨ යන දෙදෙනාම අඛණ්ඩ කැපවූ වීර්‍යවන්තයෝ වේවා. දේශ සීමාවන්හී වාසය කරන ජනතාව පවා දැනගනිත්වා. අඛණ්ඩ කැපවූ උත්සාහ කිරීම බොහෝ කාලයක් පවතීවා. එවිට මෙම අඛණ්ඩ කැපවූ උත්සාහ කිරීම වැඩි වනු ඇත, එය බෙහෙවින් වැඩි වනු ඇත, එය එකහමාරක් දක්වා වැඩි වනු ඇත. මෙම පණිවිඩය සංචාරයේ යෙදී සිටියදී රජු විසින් දෙසිය පනස් හය වතාවක් ප්‍රකාශ කර ඇත….









වෙනත් ආගම්වල දර්ශනවල පවා ජම්බුද්වීපය යන වචනය සම්පූර්ණ පෘථිවිය දැක්වීම සඳහා භාවිතා කර ඇත. පහත දැක්වෙන්නේ එබඳු උදාහරණයි:



Link1) https://www.researchgate.net/publication/342957189_The_concept_of_Jambudeep_-In_General - Jambudvīpa (Sanskrit: जम्बुद्वीप) is the dvīpa ("island" or "continent") of the terrestrial world, as envisioned in the cosmologies of Hinduism, Buddhism, and Jainism, which is the realm where ordinary human beings live.



Link2) https://hinduism.stackexchange.com/questions/18743/what-is-the-story-behind-jambudweep - Jambudveepe Bharatha Varshe Bharata Khande (the place where Human-beings reside.)



Link3) https://digital.library.cornell.edu/catalog/ss:3293837 - This is an illustration of "Manusyaloka" (the world of men), the two and one-half continents that are the only part of the world humans may know. The innermost ocean circle surrounds "Jambudvipa"



Link4) https://en.dharmapedia.net/wiki/Jambudvipa - Jambudvīpa (Sanskrit: जम्बुद्वीप) is the dvipa ("island" or "continent") of the terrestrial world, as envisioned in the cosmologies of Hinduism, Buddhism, and Jainism, which is the realm where ordinary human beings live.



Link5) https://www.iskcon-truth.com/bhu-mandala/jambudvipa-varshas.html - Jambūdvīpa (Sanskrit: जम्बूद्वीप) is the dvīpa (island, region or continent) of the terrestrial world, as envisioned in vedic cosmology,







ජම්බුදීපපෙයියාලය:

මෙහි දැක්වෙන්නේ ත්‍රිපිටකයේ ජම්බුදීපපෙයියාලය කොටසේ ඇතැම් විස්තරයි.





ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > එකක නිපාතය > 16. ඒකධම්ම පාළිය > ජම්බුදීපපෙය්‍යාලය



සෙය්‍යථාපි භික‍්ඛවෙ අප‍්පමත‍්තකං ඉමස‍්මිං ජම‍්බුදීපෙ ආරාමරාමණෙය්‍යකං වනරාමණෙය්‍යකං භූමිරාමණෙය්‍යකං පොක‍්ඛරණීරාමණෙය්‍යකං. අථ ඛො එතදෙව බහුතරං යදිදං උක‍්කූලවිකූලං නදීවිදුග‍්ගං ඛාණුකණ‍්ටකාධානං1 පබ‍්බතවිසමං. එවමෙවං ඛො භික‍්ඛවෙ අප‍්පකා තෙ සත‍්තා යෙ ථලජා. අථ ඛො එතෙව සත‍්තා බහුතරා යෙ ඔදකා.



1.16.4.1.


මහණෙනි, මේ දඹදිව රමණීය අරම්, රමණීය වනයන්, රමණීය බිම්, රමණීය පොකුණු යම්සේ අල්පමාත්‍ර වේද, එහෙත් ගොඩ හා හෝකඩ බුනු තැන්ද, නදී දුර්ගද, කණු කටු පිහිටි තැන්ද, ගිරි විෂමස්ථානද යන මෙයම ඉතා බොහෝ වේ. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් ගොඩ උපදනාහුද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් දියෙහි උපදනාහුද ඒ සත්ත්‍වයෝම බහුතර වෙති.



1.16.4.2.


මහණෙනි, මේ ජම්බුද්වීපයේ අලංකාර උද්‍යාන, අලංකාර වනාන්තර, සිත් ඇදගන්නා භූමි, සිත් ඇදගන්නා පොකුණු යම්සේ අල්පමාත්‍ර වේද, එහෙත් උච්චස්ථාන සහ පහත් ප්‍රපාත ඇති තැන්ද, ගංගා සහ ගමනට අපහසු තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වත සහ සම නොවූ විකෘති ස්ථානද යන මෙයම ඉතා බොහෝවේ. මහණෙනි, ඒ ආකාරයෙන්ම යම් සත්ව කෙනෙක් මිනිසුන් කෙරෙහි උපදිත්ද, ඒ සත්වයෝ අල්ප වෙති. එහෙත් යම් සත්ව කෙනෙක් මිනිසුන් මගහැර (සතර අපා වර්ගයන්හී) උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙති.





1.16.4.3.


... මහණෙනි, එසෙයින්ම යම් සත්ව කෙනෙක් මධ්‍යම ජනපදයන්හී(South Asia) උපදිත්ද, ඒ සත්වයෝ සුළු වෙති. එහෙත් යම් සත්ව කෙනෙක් මෝඩවූ ම්ලෙච්ඡයන් ඇති දුර ඈත ජනපදයන්හී උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙති.



1.16.4.4.


මහණෙනි, මේ ජම්බුද්වීපයේ අලංකාර උද්‍යාන, අලංකාර වනාන්තර, සිත් ඇදගන්නා භූමි, සිත් ඇදගන්නා පොකුණු යම්සේ අල්පමාත්‍ර වෙයි, එහෙත් උච්චස්ථාන සහ පහත් ප්‍රපාත ඇති තැන්ද, ගංගා සහ ගමනට අපහසු තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වත සහ සම නොවූ විකෘති ස්ථානද යන මෙයම ඉතා බොහෝ වේ. මහණෙනි, එසෙයින්ම යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රඥාවන්ත වෙත්ද, මෝඩ නොවෙත්ද, වහතොලු නොවෙත්ද, සුභාෂිත දුර්භාෂිතයන්ගේ අර්ථ දැනගැනීමට සමත් වෙත්ද, ඒ සත්වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් දූෂ්ප්‍රාඥද, මෝඩද, වහතොලුද, සුභාෂිත දුර්‍භාෂිතයන්ගේ අර්ථ දැනගන්නට අසමත්ද ඒ සත්වයෝම බහුතර වෙති.



1.16.4.5.


... මහණෙනි, එසෙයින්ම යම් සත්ත්‍ව කෙනෙක් ආර්යවූ ප්‍රඥා චක්ෂුසින් සමන්විත වෙත්ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අවිද්‍යා අන්ධකාරයෙන් යුක්ත වූවාහු මුළා වූවාහුද, තෙල සත්ත්‍වයෝම බහුතර වෙති.





1.16.4.6.


... මහණෙනි, එසෙයින්ම යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ දක්නට ලබත්ද, ඒ සත්ත්‍වයෝම අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ දක්නට (අවස්ථාව) නොලබත්ද, තෙල සත්ත්‍වයෝම බහුතර වෙති.



1.16.4.7.


... මහණෙනි, එසෙයින්ම යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ විසින් චතුර් ආර්ය සත්‍ය පවසා වදාළ ධර්මය සහ විනය අසන්නට ලබත්ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ විසින් (චතුර් ආර්ය සත්‍ය) හෙළි කොට වදාළ ධර්‍මවිනය අසන්නට නොලබත්ද, තෙල සත්ත්‍වයෝම බහුතර වෙති.



1.16.4.8.


... මහණෙනි, එසෙයින්ම යම් සත්ත්‍ව කෙනෙක් අසා ධර්ම පෙළ (Text) දරත්ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අසා පෙළ (Texts) නොදරත්ද තෙල සත්ත්‍වයෝම බහුතර වෙති.





1.16.4.9.


... මහණෙනි, එසෙයින්ම යම් සත්ත්‍ව කෙනෙක් දැරූ ධර්ම පාඨයන්හී අර්ථය (Meaning of Texts) නිවැරදිව පරික්ෂා කෙරේද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් දැරු පෙළෙහි අරුත නිවැරදිව පරික්ෂා නොකෙරේද, තෙල සත්ත්‍වයෝම බහුතර වෙති.





1.16.4.10.


... මහණෙනි, එසෙයින්ම යම් සත්ත්‍ව කෙනෙක් අර්ථය දැන පෙළ දැන ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තිය පිළිපදිත්ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අරුත් දැන පෙළ දැන ධර්‍මානුධර්‍මය නො පිළිපදිත්ද, තෙල සත්ත්‍වයෝම බහුතර වෙති.





1.16.4.11.


... මහණෙනි, එසෙයින්ම යම් සත්ත්‍ව කෙනෙක් සංවේග ජනක කරුණෙහි (ඉපදීම, මරණය, ලෙඩවීම ආදී කරුණු වල) සංවේග කෙරෙත්ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් සංවේග ජනන කරුණෙහි සංවේග (කම්පා වීම) නොකෙරෙත්ද, තෙල සත්ත්‍වයෝම බහුතර වෙති.



1.16.4.12.


මහණෙනි, මේ ජම්බුද්වීපයේ අලංකාර උද්‍යාන, අලංකාර වනාන්තර, සිත් ඇදගන්නා භූමි, සිත් ඇදගන්නා පොකුණු යම්සේ අල්පමාත්‍ර වෙයි, එහෙත් උච්චස්ථාන සහ පහත් ප්‍රපාත ඇති තැන්ද, ගංගා සහ ගමනට අපහසු තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වත සහ සම නොවූ විකෘති ස්ථානද යන මෙයම ඉතා බොහෝ වේ. මහණෙනි, එසෙයින්ම යම් සත්ත්‍ව කෙනෙක් සංවේගයට පත් වූවාහු (විශ්වයේ ස්වභාව පිළිබඳ) උපා නුවණින් ප්‍රධන් වැර වඩත්ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් සංවිග්න වූවාහු උපාය නුවණින් වැර (තම විමුක්තිය පිණිස ව්‍යායාමය) නොවඩත්ද, තෙල සත්ත්‍වයෝම බහුතර වෙති.





1.16.4.13.


... මහණෙනි, එසෙයින්ම යම් සත්ත්‍ව කෙනෙක් නිර්වාණය අරමුණු කොට සමාධිය ලබත්ද, විඤ්ඤාණයේ එකඟ බව ලබත්ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් නිවන් අරමුණු කොට සමාධිය නොලබත්ද චිත්තෛකාග්‍රය නොලබත්ද, තෙල සත්ත්‍වයෝම බහුතර වෙති.



1.16.4.14.


මහණෙනි, මේ ජම්බුද්වීපයේ අලංකාර උද්‍යාන, අලංකාර වනාන්තර, සිත් ඇදගන්නා භූමි, සිත් ඇදගන්නා පොකුණු යම්සේ අල්පමාත්‍ර වෙයි, එහෙත් උච්චස්ථාන සහ පහත් ප්‍රපාත ඇති තැන්ද, ගංගා සහ ගමනට අපහසු තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වත සහ සම නොවූ විකෘති ස්ථානද යන මෙයම ඉතා බොහෝ වේ. මහණෙනි, එසෙයින්ම යම් සත්ත්‍ව කෙනෙක් අග්‍රවූ පඤ්ච භොජනයන් හා අග්‍රවූ රස ලබන සුලු වෙත්ද, තෙල සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අග්‍ර ආහාර හා අග්‍ර රස නොලබන සුලු වෙත්ද අසුළා ගත් වනමූලඵලයෙන් හෝ ගොරෝසූ අහරින් හෝ යැපෙත්ද, තෙල සත්ත්‍වයෝම බහුතර වෙති.





1.16.4.15.


මහණෙනි, මේ ජම්බුද්වීපයේ අලංකාර උද්‍යාන, අලංකාර වනාන්තර, සිත් ඇදගන්නා භූමි, සිත් ඇදගන්නා පොකුණු යම්සේ අල්පමාත්‍ර වෙයි, එහෙත් උච්චස්ථාන සහ පහත් ප්‍රපාත ඇති තැන්ද, ගංගා සහ ගමනට අපහසු තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වත සහ සම නොවූ විකෘති ස්ථානද යන මෙයම ඉතා බොහෝවේ. මහණෙනි, එසෙයින්ම යම් සත්ත්‍ව කෙනෙක් (චතුඃ ශ්‍රාමණ්‍යඵල සඬ්ඛ්‍යාත) අර්ථරසයත් (චතුර් මාර්‍ග සඬ්ඛ්‍යාත) ධර්ම රසයත් (නිර්‍වාණ සඬ්ඛ්‍යාත) විමුක්ති රසයත් ලබන සුලු වෙත්ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. එහෙත් යම් සත්ත්‍ව කෙනෙක් අර්ථරස‍ය ධර්‍මරසය විමුක්තිරසය නොලබන සුලු වෙත්ද, තෙල සත්ත්‍වයෝම බහුතර වෙති. මහණෙනි, එහෙයින් ‘අර්ථරසය – ධර්‍මරසය – විමුක්තිරසය ලබන සුලු වම්හ’යි මෙසෙයින් හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසෙයින් හික්මිය යුතුයි.



1.16.4.16–18.


මහණෙනි, මේ ජම්බුද්වීපයේ අලංකාර උද්‍යාන, අලංකාර වනාන්තර, සිත් ඇදගන්නා භූමි, සිත් ඇදගන්නා පොකුණු යම්සේ අල්පමාත්‍ර වෙයි, එහෙත් උච්චස්ථාන සහ පහත් ප්‍රපාත ඇති තැන්ද, ගංගා සහ ගමනට අපහසු තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වත සහ සම නොවූ විකෘති ස්ථානද යන මෙයම ඉතා බොහෝවේ. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් මිනිසත් බැවින් ච්‍යුත වූවාහු මනුෂ්‍යයන් කෙරෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් මිනිසත් බැවින් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත්ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.... තිරිසන්යොන්හි උපදිත්ද... ප්‍රෙත විෂයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝම බහුතර වෙති.





1.16.4.19–21.


... මහණෙනි, එසෙයින්ම යම් සත්ත්‍ව කෙනෙක් මිනිසත් බැවින් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත්ද, තෙල සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් මිනිසත් බැවින් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත්ද ... තිරිසන්යොන්හි උපදිත්ද ... ප්‍රෙතවිෂයෙහි උපදිත්ද, තෙල සත්ත්‍වයෝම බහුතර වෙති.





1.16.4.22–24.


... මහණෙනි, එසෙයින්ම යම් සත්ත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙත් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත්ද ... තිරිසන්යොන්හි උපදිත්ද... ප්‍රෙතවිෂයෙහි උපදිත්ද, තෙල සත්ත්‍වයෝම බහුතර වෙති.





1.16.4.25–27.


... මහණෙනි, එසෙයින්ම යම් සත්ත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත වූවාහු මනුෂ්‍යන් කෙරෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. යම් සත්ත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙත් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත්ද ... තිරිසන්යොන්හි උපදිත්ද... ප්‍රේත විෂයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝම බහුතර වෙත්.



1.16.4.28–30.


… මහණෙනි, එසෙයින්ම යම් සත්ත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත්ද ... තිරිසන්යොනියෙහි උපදිත්ද ... ප්‍රේත විෂයෙහි උපදිත්ද, තෙල සත්ත්‍වයෝම බහුතර වෙත්.



1.16.4.43–45.


මහණෙනි, මේ ජම්බුද්වීපයේ අලංකාර උද්‍යාන, අලංකාර වනාන්තර, සිත් ඇදගන්නා භූමි, සිත් ඇදගන්නා පොකුණු යම්සේ අල්පමාත්‍ර වෙයි, එහෙත් උච්චස්ථාන සහ පහත් ප්‍රපාත ඇති තැන්ද, ගංගා සහ ගමනට අපහසු තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වත සහ සම නොවූ විකෘති ස්ථානද යන මෙයම ඉතා බොහෝවේ. මහණෙනි, එසෙයින්ම යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රෙතවිෂයෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රෙතවිෂයෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද... තිරිසන්යොන්හි උපදිත්ද... ප්‍රෙතවිෂයෙහි උපදිත්ද, තෙල සත්ත්‍වයෝම බහුතර වෙත්.



(ජම්බූද්වීප පෙය්‍යාලයේ කොටස් කිහිපයක් පමණි)



ජම්බුද්වීපය යනු ඉන්දියාව හෝ ශ්‍රීලංකාව හෝ ඇමරිකාව හෝ අප්‍රිකාව හෝ රුසියාව නොවේ. ජම්බුද්වීපය යනු සියලුම පෘථිවියයි. මහා පොලොවයි. (the whole earth)





බුදුරජාණන් වහන්සේ විසින් දකුණු ආසියාවෙන් බාහිර ප්‍රදේශවල රටවල් දක්වා ඇත්තේ මෝඩයින් වාසය කරන්නාවූ ම්ලෙච්ඡ රටවල් (පච‍්චන‍්තිමෙසු ජනපදෙසු පච‍්චාජාතො හොති, සො ච හොති අවිඤ‍්ඤාතාරෙසු මිලක‍්ඛෙසු) ලෙසයි. එයට හේතුව එම රටවල්වල වාසය කරන පිරිස් සත්‍ය ධර්මය නොදන්නා, මිත්‍යා විශ්වාස ඇති, මෝඩ අදහස් ඇති, යථාර්ථයට විරුද්ධ අදහස් ඇති, විකෘති අදහස් ඇති, කාම වස්තූන්ට වහල්වූ, විමුක්තියක් ගැන හැඟීමක්වත් නැති මිනිසුන් නිසායි. ඒ සඳහා එක් සාක්ෂියක් පහත දක්වමු:



8.1.3.9. අක්‌ඛණ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > අට්ඨක නිපාතය > 3. ගහපති වර්ගය



5. තවද මහණෙනි, .... දෙවියන්ට මිනිසුන්ට ශාස්තෲවූ, චතුර් ආර්ය සත්‍ය අවබෝධ කළාවූ භාග්‍යවත් තථාගතයන් වහන්සේ තෙමේද ලෝකයෙහි උපන්නේ වෙයි.... තථාගතයන් වහන්සේ විසින් ධර්මයද දේශනා කරනු ලැබේ. මේ පුද්ගල තෙමේ භික්ෂූන්ගේ භික්ෂුනීන්ගේ උපාසකයින්ගේ උපාසිකාවන්ගේ වාසයක් යම් තැනෙක නැතිද, එබඳුවූ අතිශය අඥවූ ම්ලෙච්ඡවූ ප්‍ර‍ත්‍යන්ත (දුර ඈත) රටවල්හී උපන්නේ වෙයි. මහණෙනි, (ඔහුට) බ්‍රහ්මචර්යාවෙන් විසීමට මේ පස්වන අනවකාශයවේ. අකාලයවේ….



බුදුරජාණන් වහන්සේ විසින් දකුණු ආසියාව හඳුන්වා ඇත්තේ මධ්‍යම ජනපදයන් (මජ‍්ඣිමෙසු ජනපදෙසු පච‍්චාජාතො හොති) ලෙසයි. ඒ සඳහා එක් සාක්ෂියක් පහත දක්වමු:



8.1.3.9. අක්‌ඛණ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > අට්ඨක නිපාතය > 3. ගහපති වර්ගය



තවද මහණෙනි, .... දෙවියන්ට මිනිසුන්ට ශාස්තෲවූ, චතුර් ආර්ය සත්‍ය අවබෝධ කළාවූ භාග්‍යවත් තථාගතයන් වහන්සේ තෙමේද ලෝකයෙහි උපන්නේ වෙයි.... තථාගතයන් වහන්සේ විසින් ධර්මයද දේශනා කරනු ලැබේ. මේ පුද්ගල තෙමේද මධ්‍යම ජනපදයන්හී උපන්නේවේ. එහෙත් දන් දෙන ලද්දේහි විපාක නැත, මහායාගයෙහි විපාක නැත, අමුත්තනට පිළියෙළ කළ සත්කාරයෙහි විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ (කුසලාකුසලයන්ගේ) ප්‍රතිඵලයෙක් විපාකයෙක් නැත, (පරලොව සිටියහුගේ මෙහි නැවත ඉපදීම) මෙලොවක් නැත, (මෙලොව සිටියහුට) පරලොවක් නැත, මවු නැත, පියා නැත, (මවුපියනට කළ යහපත් අයහපත් පිළිවෙතින් පලවිපාක නැතැයි සේයි). ඕපපාතික සත්ත්‍වයෝ නැත, යමෙක් මෙලොවද පරලොවද තමාම විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට දැන කියත් නම් එබඳු නිවැරදි මාර්ගයේ ගිය සම්‍යක් ප්‍ර‍තිපන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයේ නැතැයි විකෘති දර්ශන ඇති මිත්‍යාදෘෂ්ටිකයෙක් වේ. මහණෙනි, (ඔහුට) බ්‍රහ්මචර්යාවෙන් විසීම මේ සයවන අනවකාශයවේ. අකාලයවේ….





ජම්බුද්වීපය හෙවත් මහා පෘථිවි ලෝකය පිළිබඳ ත්‍රිපිටකයේ තොරතුරු ඇති වෙනත් තැන්:



7. මහානාරදකස්සප ජාතකය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ජාතක පාළි 3 > 22. මහා නිපාතය > 7. මහානාරදකස්සප ජාතකය



5420. ඉක්බිති නාරද නම් බ්‍රහ්මයා තෙම දඹදිව බලන්නේ විදේහ රාජ්‍යයේ අංගාති රජු දිටීය. ඉක්බිති බ්‍රහ්මලෝකයෙන් මනුෂ්‍ය ප්‍රජාව වෙත එළැඹියේය….





3.1.1. තිණකට්‌ඨ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 3. අනමතග්ග සංයුක්තය > 1. තිණකට්ඨ වර්ගය



මහණෙනි, මේ සසර අනුව ගොසිනුදු නොපිරිසුන් අග ඇති. එහෙයින් අවිද්‍යා නීවරණයෙන් වැසුණු තෘෂ්ණාසංයෝජනයන් බැඳුනු දිවෙන සැරිසරණ සත්වයන්ගේ පූර්වකෝටිය (මුල් කොන) නොපෙනේ. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මේ ජම්බුද්වීපයේ (ඉමස‍්මිං ජම‍්බුදීපෙ තිණකට‍්ඨසාඛාපලාසං) යම් තාක් තණ – දඬු - අතු - කොළ වේ නම්, එය සිඳ එක් රැස් කරන්නේද, එක් රැස් කොට සතරගුල් සතරගුල් කඩ කොට "මෝ මාගේ මව ය, මෝ මාගේ ඒ මවගේ මව ය" යි තබන්නේද, මහණෙනි, ඒ පුරුෂයාගේ මවගේ මවුහු නොපිරිසිඳුනාහුම වන්නාහ. වැලි, මේ ජම්බුද්වීපයේ තණ – දඬු - අතු - කොළ ක්ෂය වීමට අවසන් වීමට යන්නේය. ඒ කවර හෙයින්ද යත්: මහණෙනි, මේ සසර අනවරාග්‍ර (අපරාන්ත රහිත) ය. එහෙයින් අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු (එහි) දිවෙන සැරිසරණ සත්වයන්ගේ පූර්වාන්තය නොපෙනේ. මහණෙනි, මෙසේ තොප විසින් දිඟුකලක් දුක්විඳින ලදී. තියුණු දුක් විඳින ලදී, ව්‍යසන විඳින ලදී. සොහොන් වඩන ලදී. මහණෙනි, එහෙයින් සියලු සංස්කාරයන්හි (සියලු හේතූන් සහ ඒවායේ ප්‍රතිඵල ගැන) කළකිරෙන්නට නිසිමය, ඒවාට නොඇලන්නට නිසිමය, ඒවායින් මිදෙන්නට නිසි මැයි….





473. උක්කාසතික ස්ථවිරාවදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූ අපදාන 2 > 48. නළමාලි වර්ගය



4971. මම පස්පණස් කපක් සිවුමහසයුරු හා සිවුමහදිවයින් කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ සතුරු රජුන් ජයගන්නා සුලුවූ ජම්බුද්වීපයට අධිපතිවූ චක්‍රවර්ති රජ වීමි….





(435) 9. හළිද්දිරාග ජාතකය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ජාතක පාළි 1 > 9. නවක නිපාතය



1324. දරුව, දඹදිව මිනිසුන්ගෙන් හිස්වී ගියද ස්ථිර පැවැතුම් නැති, කහ පැහැයෙන් පැහැ ගැන්වූවා වැනි, වඳුරකුගේ සිත වැනි සිතැති, මොහොතින් ඇලීමත්, මොහොතින් නොඇලීමත් ඇති (චපල) පුරුෂයා ඇසුරු නොකරව….





9. උම්මග්ග ජාතකය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ජාතක පාළි 3 > 22. මහා නිපාතය > 9. උම්මග්ග ජාතකය



6067. මහරජ, ඔවුන්ගේ අර්ථය මාගේ අර්ථයෙන් ද ඔවුන්ගේ මන්ත්‍රණය මාගේ මන්ත්‍රණයෙන්ද පිරිවැරූවෙමි. එමතු නොව ජම්බුද්වීපය පිරිවැරූ සාගරය සේ එක් සියක් රජුන් (100 kings in 100 countries) පිරිවරනලද ඒ රජුද පිරිවරන්නෙමි….





4.7.7. රුක්‌ඛ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > මහා වර්ගය > 4. ඉන්ද්‍රිය සංයුක්තය > 7. සම්බොධි වර්ගය



1751. මහණෙනි, යම්සේ ජම්බුද්වීපයේ හටගත් යම් කිසි රුක්හු වෙද්ද, ජම්බු රුක ඔවුන්ට අග්‍ර යැයි කියනු ලැබේ. (යෙ කෙචි ජම‍්බුදීපකා රුක‍්ඛා, ජම‍්බූ තෙසං අග‍්ගමක‍්ඛායති) මහණෙනි, එසෙයින්ම අවබොධය පිණිසවූ යම් කිසි බෝධිපාක්ෂික ධර්මයෝ වෙද්ද, පඤ්ඤින්ද්‍රිය (ප්‍රඥාව) ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝධිපාක්ෂික දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්ද්‍රිය, බෝපැකි දහමෙකි….



(අතිරේක කරුණු, ඒ ඒ ලෝකයන්ට අග්‍ර රුක්)



දුතියරුක්ඛ සූත්‍රය: මහණෙනි, යම්සේ තව්තිසාවැසි දෙවියන්ගේ යම් කිසි රුක්හු වෙද්ද, පාරිච‍්ඡත‍්තක රුක ඔවුන්ට අග්‍ර යැයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින්ම බෝධිය පිණිස වූ….



තතියරුක්ඛ සූත්‍රය: මහණෙනි, යම්සේ අසුරයන්ගේ යම් කිසි වෘක්ෂ වෙත් නම් චිත්‍රපාටලී රුක ඔවුන්ට අග්‍ර යැයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින්ම බෝධිය පිණිස වූ….



චතුත්‍ථරුක්ඛ සූත්‍රය: මහණෙනි, යම්සේ සුපර්ණයින්ගේ (ගරුඩ) යම් කිසි රුක්හු වෙත් නම් කොටසිම්බලී වෘක්ෂය ඔවුන්ට අග්‍ර යැයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ…. 





2.5.2 සේල සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 5. බ්‍රාහ්මණ වර්ගය



ඉක්බිති සේල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සාරුප්‍ය ගාථායෙන් ස්තුති කෙළේ:



“භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ (ලක්‍ෂණ විසින්) පිරිපුන් සිරුරු ඇතියව්හ. මනා සිරුරු පැහැ ඇතියව්හ. සුජාතයහ, මනහර දර්‍ශන ඇතියව්හ, සුසුදු දත් ඇතියව්හ. වීර්‍ය්‍ය ඇතියව්හ. සුජාත පුරුෂයක්හට යම් ලක්‍ෂණ කෙනෙක් වෙත්ද, මුබ වහන්සේගේ සිරුරෙහි ඒ හැම මහා පුරුෂ ලක්ෂණයක්ම ඇත. පස්පෑදිස්නා නුවන් ඇතියව්හ, සුන්‍දරවූ මුව ඇතියව්හ, ආරොහපරිණාහ සම්පත්තියෙන් මහත්හ. ඍජුගාත්‍ර ඇතියව්හ, ප්‍රතාප ඇතියව්හ, මහණ පිරිස් මැද හිරුමඬල සෙයින් බබළන්නහු. කසුන්වන් සිවි ඇති කලණ දසුන් ඇති මහණ කෙනෙක්හ. මෙවන් උතුම් වර්‍ණ ඇති මුබ වහන්සේට ශ්‍රමණභාවයෙන් කවර අර්ථයෙක්ද? උත්තම රථ ඇති සාගරය හිම් කොට ඇති මුළු පොළොවට අධිපතිවූ දිනූ සතුරන් ඇති දඹදිවට ඊශ්වරවූ සක්විති රජ වන්නට නිසියාව. (ජාතියෙන්) ක්‍ෂත්‍රියයෝද කාමභෝගීහුද රජදරුවෝද නුඹ වහන්සේට අනුයුක්ත වෙත්වා. ශ්‍රමණ ගෞතමයන් වහන්ස, රාජාධිරාජවැ මිනිසුනට පරමෙශ්වර වැ රාජ්‍ය කරව. (භාග්‍යවතුන් වහන්සේ:) සේලයෙනි, මම රජ වෙමි. අනුත්තර ධර්‍මරාජයෙමි. යම් අඥා චක්‍රයක් අනෙකෙක්හු විසින් ප්‍රවර්‍තන නොකළ හැකිද, එ අණසක ධර්මයෙන් පවත්වමි….





3.2.3.10. චූළනිකා සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > තික නිපාතය > (8) 3. ආනන්‌ද වර්ගය



ආනන්දය, එසේ වී නම් අසව … ආනන්දය, සඳහිරුහු බබලමින් යම්තාක් තැන් ඇවිදුනාහුද, දිශාවන් ආලෝක කරත්ද, ඒතාක් තැන් සහස්‍රී ලෝකධාතුයි. ඒ සහස්‍රධාලෝකයෙහි සඳ දහසෙක් ඇත. හිරු දහසෙක් ඇත. සුනෙරු පර්වත දහසෙක් ඇත. ජම්බුද්වීප දහසෙක් ඇත. අපරගොයාන දහසෙක් ඇත. උතුරුකුරුදිව් දහසෙක් ඇත. පූර්වවිදෙහ දහසෙක් ඇත. මහාසමුද්‍ර සාර දහසක් ඇත. දිව්‍ය මහාරාජ සහස්‍රයෝ සතර දෙනෙක් ඇත. චාතුර්මහාරාජික සහස්‍රයෙක් ඇත. ත්‍රයත්‍රිංශත් දේවලෝක සහස්‍රයෙක් ඇත. යාම දේවලෝක සහස්‍රයෙක් ඇත. තුෂිත දේවලෝක සහස්‍රයෙක් ඇත. නිර්මාණරතී දේවලෝක සහස්‍රයෙක් ඇත. පරනිම්මිත වශවර්ති දේවලෝක සහස්‍රයෙක් ඇත. බ්‍රහ්මලෝක දහසක් ඇත. ආනන්දය, මේ සහස්‍රී චූලනී ලෝකධාතුව යැයි කියනු ලැබේ….





9. අලීනසත්ත චරියාව

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > චරියාපිටක පාළි > 2. ශීල පාරමිතාව



221. පඤ්චාල රටේ පිහිටි, දඹදිව අග්‍ර (උතුම්) නගරයවූ කම්පිල්ල (Kampilya City)නම් නගරයේ ආචාරශීලයෙන් හා රාජගුණයෙන්ද යුක්තවූ ජයද්දිස නම් රජෙක් වීය….





7. ලක්ඛණ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > පාථික වර්ගය > 7. ලක්ඛණ සූත්‍රය



“පෙරැ අර්‍ථ හා ධර්‍ම හා නිඃශ්‍රිතවූ වචන කියනුයේ, බොහෝ දෙනාට දෙලෝ වැඩ දැක්වීය. ප්‍රාණීනට හිත සුව එළවන්නේ විය, නොමසුරුවැ ධර්‍මයාගය (ධර්මය දන් දුන්නේය) කෙළේය. හෙතෙමේ ඒ කුශලකර්‍ම බලයෙන් ස්වර්‍ගයට යෙයි, එහි සතුටු වෙයි. මෙහි ආයේ උතුම් සැප ඇති වන බවට නිමිතිවූ පුරුෂ ලකුණු දෙකක් ලබයි. හේ තෙමේ උඩට නැමුණු ලොම් ඇත්තේ වෙයි. පාගැට (ගොප් ඇට) මොනොවට පිහිටියේ වෙයි. ඔහුගේ කෙණ්ඩාද මසින් ලෙයින් පිරුණාහු, සිවියෙන් වැසුණාහු ශෝභන වෙත්. ඉදින් එබඳු පුරුෂ තෙමේ ගිහි ගෙහි වසන්නේ නම්, කාම සැප විදින්නන් අතුරෙහි අග්‍ර බවට යෙයි. ඔහුට වඩා උතුම් වූවක් ඇති නොවෙයි. දඹදිව (මුළු මහපොළොව) අභිභවා වෙසෙයි. අලාමක විහරණ ඇති හෙතෙමේ පැවිදි වන්නේද සියලු සතුන්ට අග්‍ර බවට යෙයි. ඔහුට වැඩිතරම් කිසිවෙක් නොමැති වෙයි. හේ මුළු ලෝකය අභිබවා වෙසෙයි.





මහාඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 1. මහාඛන්‌ධකය



4. ඉක්බිති උරුවෙල කාශ්‍යප ජටිල තෙමේ ඒ රැය ඉක්ම ගිය පසු භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියේය. පැමිණ “මහා ශ්‍රමණය, සුදුසු කාලයවේ. බත නිමියේය” යි කල් දැන්වී ය. “කාශ්‍යපය යව. මම පසුව එමි” යි උරුවෙල කාශ්‍යප ජටිලයා යවා දඹදිව යම් දඹගසකින් ප්‍රසිද්ධ වේද, ඒ දඹගසින් ගෙඩියක් ගෙණ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි වැඩ හුන්සේක. උරුවෙල කාශ්‍යප ජටිල තෙමේ ගිනිහල්ගෙයි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක “මහා ශ්‍රමණය, ඔබ කවර මගකින් ආ සේක්ද? මම ඔබට පළමුව පිටත් වූයෙමි. එහෙත් ඒ ඔබ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි හුන්සේකැ” යි කීයේ ය. “කාශ්‍යපය, මෙහි මම ඔබ පිටත් කොට, දඹදිව යම් දඹගසකින් ප්‍රසිද්ධ වේද ඒ ගසින් ගෙඩියක් ගෙණ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි හුන්නෙමි. කාශ්‍යපය, මේ දඹගෙඩිය පැහැයෙන් පිරිපුන්ය. සුවඳින් පිරිපුන්ය. රසයෙන් පිරිපුන්ය. ඉදින් කැමැත්තෙහි නම් අනුභව කරව” යි වදාළ සේක. “මහාශ්‍රමණය, කම් නැත. ඔබම මේ දඹගෙඩිය ගෙණ ආ සේක. ඔබම මෙය අනුභව කරණු මැනැව.” ඉක්බිති උරුවෙල කාශ්‍යප ජටිලයාහට “යමෙක් මා පළමු කොට පිටත් කර යවා, දඹදිව යම් දඹගසකින් ප්‍රසිද්ධ වේද, ඒ දඹගසින් ගෙඩියක් ගෙණ පළමුකොට අවුත් ගිනිහල්ගෙයි හුන්නේද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේමය. මහත් අනුහාව ඇත්තේමය. එහෙත් මා මෙන් රහත් නොවේමය” යි සිතක් වූයේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවෙල කාශ්‍යප ජටිලයාගේ බත වළඳා ඒ වනලැහැබෙහිම විසූසේක…. 





12.4.6. පාණ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > මහා වර්ගය > 12. සච්ච සංයුක්තය > 4. සීසපාවන වර්ගය



3878. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මේ දඹදිව තණ දැව අතුපත් සැස එක් කොට රැස් කරන්නේය. එක් කොට රැස් කර උල් කරන්නේය. උල් කොට මහමුහුදෙහි යම් විශාල ප්‍රාණීහු වෙත් නම් ඔවුන් මහත් උල්හි අමුණන්නේය. මහමුහුදෙහි යම් මධ්‍යම පමණ ප්‍රාණීහු වෙත් නම් ඔවුන් මැදුම් පමණ උල්හි අමුණන්නේය. මහමුහුදෙහි යම් සියුම් ප්‍රාණීහු වෙත් නම් ඔවුන් සියුම් උල්හි අමුණන්නේය යන යමෙක් වේද, මහණෙනි, (එහිලා) මහමුහුදෙහි ඖදාරික ප්‍රාණීහු සියල්ලෝම නොගන්නා ලද්දෝ වන්නාහ. වැලි මේ දඹදිව තණ දැව අතුපත් ක්‍ෂයවීමට අවසන් වීමට යන්නේය. යම් කෙනෙක් උල්හි අමුණන්නට සුකර නොවෙත් නම් මහමුහුදෙහි එබඳු සියුම් (ක්ෂුද්‍ර) ප්‍රාණීහු එයට වඩා ඉතා බොහෝ වෙත්. ඒ කවර හෙයින යත්: “මහණෙනි, ආත්මභාවය සියුම් බැවිනි.” මහණෙනි, සතර අපාය මෙසේ මහත්ය. මහණෙනි, මෙසේ මහත් අපායෙන් යමෙක් “මේ දුකැ” යි තතුසේ දනී නම් .... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී නම් එබඳු දැක්මෙන් සමන්විත පුද්ගල තෙමේ මිදුණේය. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්‍ය්‍ය කටයුතු …. මේ “දුඃඛනිරොධගාමිනීප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි….





20.1.9. අනුරුද්ධ ස්ථවිරගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ථෙරගාථා පාළි > 16. වීසති නිපාතය





910. පෙර දිළිඳු වූයෙම් (බැළයට) ඉඳුල් අහර ගෙන යන්නෙම් ‘අන්නහාර’ (නම්) වීමි. ශ්‍රමණවූ කීර්තිමත්වූ ‘උපරිට්ඨ’ නම් පසේ බුදුනට දන් පිළිගැන්වීමි.



911. ඒ මම (පසුව) ශාක්‍යකුලයෙහි උපන්මි, ‘අනුරුද්ධ’ යැයි මා දත්හ. නෘත්‍ය ගීතයෙන් පිරිවරන ලද්දෙම් කුළු තාළමින් පිබිදෙනසුලු වූයෙමි.



912. ඉක්බිති නිර්‍භයවූ ශාස්තෘවූ සම්බුදුන් දිටිමි, උන් වහන්සේ කෙරෙහි සිත පහදවා පැවිද්දට පැමිණියෙමි.



913. පෙර මා විසින් යම් තැනෙක ජීවිතය ගත කරන ලදහ ඒ පුර්‍වෙනිවාසය දනිමි. තව්තිසා දෙවියන් අතුරෙහි සියක්දැහි සිටියෙමි.



914. මම සත් වරක් නරෙන්ද්‍ර වූයෙම් රාජ්‍යය කෙළෙමි, සාගර පර්‍යන්ත පෘථිවියට ඊශ්වර වූයෙම් දික්විජය ඇතියෙම් ජම්බුද්වීපයට ඉසුරු වූයෙම් දඬු නැතිවැ අවි නැතිවැ දැහැමින් අනුශාසනා කෙළෙමි.



915. මේ මිනිස්ලොවින් සැවැ දෙව්ලොවැ සත්වරෙකැ, ඒ දෙව්ලොවින් සැවැ මිනිස්ලොවැ සත්වරෙකැයි භවාන්තර තුදුසෙකැ එදා දෙව්ලොව සිටියෙම් පූර්‍වෙනිවාසය දතිමි.



916. ශාන්ත වූ එකඟ බවට ගියා වූ චතුර්‍ථධ්‍යාන සමාධිය ඇති කල්හි, කෙලෙසුන් සන්හිඳීම ඇති කල්හි මාගේ දිව්‍ය චක්ෂුස විශුද්ධවී….





1. මහාපදාන සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > මහා වර්ගය > 1. මහාපදාන සූත්‍රය



114. මහණෙනි, ඉක්බිත්තෙන් භික්ෂූහු බොහෝ සෙයින් එක් දවසින්ම ජනපදචාරිකායෙහි නික්මුණහ. ඒ කාලයේ ජම්බුදීපයේ සුවාසූදහසක් ආවාසයෝ විය. එක් හවුරුද්දක් ගිය කලැ ‘නිදුකාණෙනි’ එක් හවුරුද්දෙක් ගත විය. දැන් හවුරුදු පසෙක් ඉතිරිව ඇත. පස් හවුරුද‍්දෙක් අවෑමෙන් පාමොක් උදෙසනුවට බන්ධුමතී රාජධානියට එළැඹිය යුතුයැ” යි දෙවියෝ ශබ්දානුශ්‍රාවණය කළහ (හඬ නැගූහ). 





1.1. පාරාජික කාණඩය

ත්‍රිපිටකය > විනය පිටකය > පරිවාරපාළි 1 > මහාවිහඞ්ගය > 1. කත්‍ථපඤ්ඤත්තිවාරය > පාරාජික කාණඩය



1. උපාලි ස්ථවිරයැ, දාසක ස්ථවිරයැ, සොණක ස්ථවිරයැ, එසේම සිග්ගව ස්ථවිරයැ. මොග්ගලිපුත්තතිස්ස ස්ථවිර පස්වැනිකොට ඇති මේ තෙරවරු දඹදිවැ විනයධර පරපුරෙහි වෙත්.





අනෙකුත් මිනිස් ලෝකයන් 3 වන උතුරුකුරුදීපය, අපරගෝයාන ලෝකය, පූර්ව විදේහය ගැන ත්‍රිපිටකයේ තොරතුරු සඳහන් වන තැන් කිහිපයක්:



9.1.3.1. ඨාන සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > නවක නිපාතය > 3. සත්‌තාවාස වර්ගය



(සැවැත් නිදානයි)



මහණෙනි, කරුණු තුනෙකින් උතුරුකුරුදීප වැසි මිනිස්සු තව්තිසා වැසි දෙවියන්ද ජම්බුද්වීප වැසි මිනිසුන්ද මැඩපවත්වා සිටුනාහ. කවර තුනෙකින්ද යත්:



මගේ යැයි කරන මමත්ව තෘෂ්ණා නැතිය, ස්ථීර ආයුෂක් (1000 වර්ෂ) ඇත, විශේෂ වැඩීම (මරණින් පසු ස්ථීරව ස්වර්ගයේ ඉපදීම) ඇතියහ. මහණෙනි, මේ තෙකරුණින් උතුරුකුරුදීප වැසි මිනිස්සු තව්තිසා වැසි දෙවියන්ද ජම්බුද්වීප වැසි මිනිසුන්ද මැඩපවත්වා සිටුනාහ.



මහණෙනි, කරුණු තුනෙකින් තව්තිසා වැසි දෙවියෝ උතුරුකුරුදීප වැසි මිනිසුන්ද ජම්බුද්වීප වැසි මිනිසුන්ද මැඩපවත්වා සිටුනාහ. කවර තුනෙකින්ද යත්:



දිව්‍යමය ආයුෂයෙන්, දිව්‍යමය වර්ණයෙන්, දිව්‍යමය සුඛයෙන්. මහණෙනි, මේ තෙකරුණින් තව්තිසා වැසි දෙවියෝ උතුරුකුරුදීප වැසි මිනිසුන්ද ජම්බුද්වීප වැසි මිනිසුන්ද මැඩපවත්වා සිටුනාහ.



මහණෙනි, තෙකරුණෙකින් ජම්බුද්වීප වැසි මිනිස්සු උතුරුකුරුදීප වැසි මිනිසුන්ද තව්තිසා වැසි දෙවියන්ද මැඩපවත්වා සිටුනාහ. කවර තුනකින්ද යත්:



දක්ෂයෝ වෙති, සිහිය ඇත්තේය (සසර පිළිබඳ), පැවිදි බ්‍රහ්මචර්යා වාසයය. මහණෙනි, මේ තෙකරුණින් ජම්බුද්වීප වැසි මිනිස්සු උතුරුකුරුදීප වැසි මිනිසුන්ද තව්තිසා වැසි දෙවියන්ද මැඩපවත්වා සිටුනාහ….



(මේ සූත්‍රයෙන් පමණක්ම වුවත් බුද්ධිමත් දක්ෂයාට ජම්බුද්වීපය හෝ දඹදිව යනු සම්පූර්ණ පෘථිවියම බව අවබෝධ විය යුතුය.)



සත්‍ය වශයෙන්ම මිනිස් ලෝක වර්ග 4ක් ඇත. 



ජම්බුද්වීපය: මේ අප ජීවත්වන පෘථිවියයි. ආයුෂ කාලය ස්ථීර නැත. ඇතැම් කාලෙක පරම ආයුෂ වර්ෂ 10ක් පමණ වන අතර, ඇතැම් කාලෙක 10143වර්ෂ පමණ වර්ධනය වෙයි. මෙම ලෝකයේ මිනිසුන්ගේ ගුණවත් ස්වභාවය මත පරම ආයුෂ කාලය තීරණය වෙයි.



පූර්ව විදේහය: මෙම ලෝකයේ වාසය කරන මිනිසුන්ගේ ආයුෂ කාලය වර්ෂ 700කි. 



උත්තර කුරුද්වීපය: මෙම ලෝක වර්ගයේ වාසය කරන මිනිසුන්ගේ ආයුෂ කාලය වර්ෂ 1000කි.



අපරගෝයානය: මෙම මිනිස් ලෝකයේ වාසය කරන මිනිසුන් වර්ෂ 500ක් ජීවත්වේ. 





9. ආටානාටිය සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > පාථික වර්ගය > 9. ආටානාටිය සූත්‍රය



22. යම් දිශාවක ඉතා දැකුම්කලු මහාමේරු පර්වතය වෙයිද, එහි සිත්කලු වූ උතුරුකුරුව වෙයි. එහි මගේ යැයි කරනා මමත්වය නැති, (මගේ කියා වස්තු දේපොල නොසළකන) ස්ත්‍රීන් අයිතිකර නොගන්නා මිනිස්සු උපදිත්…. (අවාහ විවාහ නැති)





60.1.1‍. මහමොග්ගල්ලාන ස්ථවිරගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ථෙරගාථා පාළි > 20. සට්ඨි නිපාතය



1213. ධ්‍යාන විමොක්ෂ බලයෙන් මහමෙර කඳු මුදුන ස්පර්ශ කළේය, යම් ද්වීපයක බිමැ සයනය කරනා මිනිසුන් ඇත්තාහු නම් ඒ පූර්ව විදේහය ස්පර්ශ කළේය.…





8. විධුර ජාතකය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ජාතක පාළි 3 > 22. මහා නිපාතය > 8. විධුර ජාතකය



5563. පෙරදිග පූර්වවිදේහයද බටහිර අපරගෝයානයද, උතුරින් උතුරුකුරුදීපයද, දකුණින් ජම්බුදීපයද මැණිකෙහි නිමැවුණු අසිරිය බලව….







1. ශාරීපුත්‍ර ස්ථවිරාවදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූ අපදාන 1 > 1. බුද්‌ධාපදානය > ථෙරාපදානං



185. ලං විය නොහැක්කාවූ ඔවුනතුරෙන් ඇතැම් කෙනෙක් (ඍධි ඇති ඍෂීන්) ප්‍රත්‍යය සෙවීම පිණිස අපරගොයානයට යෙත්. ඇතැම් කෙනෙක් පූර්වවිදෙහයටද ඇතැම් කෙනෙක් උතුරුකුරුදිවයිනටද යෙත්….





1.3. බ්‍රහ්මචරියකථා

ත්‍රිපිටකය > අභිධර්ම පිටකය > කථාවස්‌තුප්‍රකරණය 1 > 3. බ්‍රහ්මචරියකථා



ප. අනු: භගවත්හු විසින් “මහණෙනි, දඹදිව් වැසි මිනිස්සු තුන් කරුණෙකින් උතුරුකුරුදිවයින් වැසි මිනිසුන්ද තව්තිසා වැසි දෙවියන්ද ඉක්මවා සිටිති. කවර තුන් කරුණෙකින යත්: ශුරයෝයැ, ස්මෘතිමත්හුයැ, මෙහි පැවිදි බඹසරවස් ඇත්තේයැ යන තුන් කරුණෙනි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ නොවේද?







405. උපසීව ස්ථවිරාවදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූ අපදාන 2 > 41. මෙත්‌තෙය්‍ය වර්ගය



4026. (මේ ඍෂීන්ගෙන්) ස්වකීය ධ්‍යාන බලයෙහි වශී ඇති ඇතමෙක් අපරගෝයානයට යෙත්. ඇතමෙක් පූර්වවිදේහයට යෙත්. ඇතැමෙක් උතුරුකුරු දිවයිනට යෙත්. ඒ ඒ තැනින් ආහාර ගෙණවුත් සියලු දෙනම එකතුව වළඳත්….







10.1.3.9. ප්‍රථම කොසල සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > දසක නිපාතය > 3. මහා වර්ගය



(සැවැත්නිදාන යි)



1. මහණෙනි, යම්තාක් කාසී කොසොල් ජනපදයන්හී වැසියෝ වෙත් නම්, පසේනදී කොසොල් රජුගේ රාජ්‍යයේ යම්තාක් රජවරු වෙත් නම්, ඔවුන් අතුරෙහි පසේනදී කෝසල රජ අග්‍රය යැයි කියනු ලැබේ. මහණෙනි, පසේනදී කොසොල් රජහුගේද අන්‍යථාත්‍වයෙක් ඇති. විපරිණාමයෙක් (මරණය) ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඒ සැපතේ උකටලී වෙයි. එහි උකටලී වනුයේ අග්‍ර‍ කෝසල රාජ්‍යය සැපයේ (රජකම) නොඇලෙන්නේය. හීන (පඤ්චකාම ගුණ) යෙහි කැලමැයි.



2. මහණෙනි, යම්තාක් සඳු හිරු වට ඇවිදිද්ද, බබළන්නාහු දිශාවන්ට ආලෝකය පතුරවයිද, එතෙක් සහස්‍රී ලෝකධාතු වෙයි. ඒ සහස්‍රී ලොකධාතුයෙහි චන්ද්‍රයින් දහසෙක, සූර්යයින් දහසෙක, මහමෙර දහසෙක, ජම්බුද්වීප දහසෙක, අපරගොයාන දහසෙක, උතුරුකුරුද්වීප දහසෙක, පූර්වවිදේහ දහසෙක, මහා සාගර සාරදහසෙක, වරම්රජවරු සාරදහසෙක, චාතුර්‍මහාරාජිකා දහසෙක, ත්‍ර‍යත්ත්‍රිංශත් දහසෙක, යාම දහසෙක, තුසිත දහසෙක, නිම්මාණරතී දහසෙක, පරනිර්මිතවශවර්ති දහසෙක, බ්‍ර‍හ්මලෝක දහසෙක, මහණෙනි, යම්තාක් සහස්‍රී ලෝකධාතු වේද, එහි මහා බ්‍රහ්මයා අග්‍ර‍ය යැයි කියනු ලැබේ. මහණෙනි, මහ බ්‍රහ්මයාගේද අන්‍යථාත්‍වයෙක් ඇත. ච්‍යුතියෙක් ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඒ අග්‍ර බ්‍රහ්ම සැපයේදු උකටලී වෙයි. එහි උකටලී වනුයේ අග්‍ර‍ බ්‍රහ්ම සම්පත්තියේ නොඇලෙයි, කුඩා සැපයන්හී කැල මැයි….





(ඉසිගිරි කුශිනගර් ආදී ඉන්දියාවේ පවතින ස්ථාන වලට වර්තමානයේදීත් අතීත නාමයම අවුරුදු දහස් ගණනක් තිස්සේ ව්‍යවහාර වන්නේ ඇයි? සාමාන්‍යයෙන් ප්‍රදේශයක නම වසර දහස් ගණනක් තිස්සේ යන විට වෙනස් විය හැක. යම් ආකාරයකට පරිවර්තනය වීම හෝ සිදුවේ. එහෙත් තවමත් අතීත නාමයන්ම ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වලට ලක්ෂසංඛයාත මිනිසුන් විසින් ව්‍යවහාර වනුවේ එම ඉන්දීය ප්‍රදේශ සත්‍ය වශයෙන්ම එම ස්ථානම බැවිනි.)



(ශ්‍රාවස්ති නගරයේ බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් වැඩ වාසය කළ ජේතවනාරාමයට සමාන නටබුන් ලංකාවේ කොහේ හෝ ඇතිද? ජේතවන අධි මහා විහාර සංකීර්ණයට සමාන අධි මහා විහාර සංකීර්ණයක නටබුන් ලංකාවේ නැත.) 





ජම්බු ගස පිළිබඳ:

ඇතමුන් කියන්නේ ජම්බු හැදෙන්නේ ලංකාවේ පමණක් බවත්, ලංකාවට ජම්බු ආවේණික බවත්, ලංකාවේ ජම්බු ගස් තිබෙන බැවින් සහ ලංකාව දුපතක් බැවින් ජම්බු හැදෙන දුපතක් වන ලංකාව ජම්බුදීපය බවයි. නමුත් ඔවුන් වැරදිය. ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ රටවලත් ජම්බු ගස් පැළවෙති. 



ඉන්දියාවේ හැදෙන ජම්බු ශාකය පිළිබඳ තොරතුරු ඉන්දියානු රජයේ කෘෂි විද්‍යා කේන්ද්‍රයෙන් දැන් ඔබට ලබාගත හැකියි. (https://kvktumakuru2.icar.gov.in/rose-apple/#:~:text=The%20rose%20apple%20flourishes%20in,spells%2C%20however%2C%20are%20detrimental.)



ඉන්දියාවේ සෑදෙන මෙම ජම්බු ශාකය පිළිබඳ ඔබගේ දැන ගැනීම සඳහා තොරතුරු මදක් ඇතුළත් කරමි. (තවදුරටත් තොරතුරු අවශ්‍ය අයට අන්තර්ජාලයෙන් බොහෝ තොරතුරු ලබාගත හැක.)



ජම්බු වර්ගයේ නාමය: Rose Apple (Syzyygium jambos)



මෙම ජම්බු වර්ගය ඉන්දියාව සහ මලය රටේ විශේෂයෙන් හටගන්නා වර්ගයකි. එහෙත් දකුණු ආසියාවේ වෙනත් රටවලත් ඇත.



Syzygium jambos - Syzygium jambos is a species of rose apple originating in Southeast Asia and occurring widely elsewhere.



Botanical names (එම ජම්බු ශාකයේ විද්‍යාත්මක උද්භිද තොරතුරු)

Syzygium jambos (විද්‍යාත්මක නාමය)

Family: Myrtaceae (ශාක පවුල/කුලය)

Genus: Syzygium (ජාතිය)

Species: jambos (වර්ගය)

Synonym: Eugenia jambos (සමාන වචන)

Synonym: Jambosa jambos (සමාන වචන)

Synonym: Jambosa vulgaris (සමාන වචන)

Synonym: Myrtus jambos (සමාන වචන)



Common names: Syzygium jambos has several common names, reflecting the large number of regions in which it occurs as a garden or fruit tree or as an invader. The names include ಪನ್ನೇರಳೆ , Guljamun , madhura nelli, Malabar Plum, Panineer Champakka, Mountain Apple (champoo), chom pu or chom-phu. Terms like "plum rose", "water apple", "pera de agua", "Cloud apple", "Wax apple", "Malay apple", "jambrosade", "PauTêe"(Penang Hokkien spelled with Taiwanese Romanisation System), "pomarrosa", or the English equivalent, "rose apple". Several of these names also are applied to other species of Syzygium, while "jambu" can also mean a guava. The name Jambu for this fruit is in all likelihood limited to one or two of the twenty-odd major Indian languages, while most other languages use similar words (Jaamun, Jaambhool, etc.) for another fruit, smaller than the rose apple, and dark purple in colour like the fruit of the eggplant. In Bangla, the fruit is called "golap-jaam" (Bengali: গোলাপজাম) and in Odia, it is called "golapajamu" (Odia: ଗୋଲାପଜାମୁ), which literally translate to "rose jaamun", in reference to its distinct aroma. In Karnataka the English common name is "rose apple", and the vernacular name is Pannerale (Kannada: ಪನ್ನೇರಳೆ; Panneer hannu), while the name for the other one is Nerale. Such a confusion of common names in horticulture is nothing unusual.



In Myanmar, it is called Lily fruit (နှင်း​သီး).



In the Philippines, it is locally called as yambo, dambo or tampoy. Always confused with macopa, a closely related fruit (Syzygium samarangense), Syzygium jambos is not widely cultivated and can only be encountered in rural areas. It is the namesake of Lake Yambo, one of the Seven Lakes of San Pablo City, Laguna



In Maldives, it is called Jambu in Dhivehi, and its cousin fruit is called Jamburol, the water apple or wax apple. (මාලදිවයිනේ ජම්බුරොල්)



It is also known as বগী জামুক Bogi Jamuk in Assamese.



In Brazil, the fruit is called Jambo. (බ්‍රසීලයේ ජම්බො යන්නයි)



මෙම ජම්බු වර්ගයේ මාතෘ භූමිය ඉන්දියාවයි. එබැවින් ජම්බු හැදෙන්නේ ලංකාවේ පමණක් නොවන බවට බුද්ධිමතුන්ට වැටහෙනු ඇත. වැඩි දුරටත් තොරතුරු දැනගැනීමට කැමති අය “Syzygium jambos” යනුවෙන් අන්තර්ජාලයේ පිරික්සන්න. 

එබැවින් ධර්මයේ සඳහන් ආකාරයට ජම්බුදීපය යනු සම්පූර්ණ පෘථිවිය බව ඔබට වැටහෙනු ඇත.





ජම්බුද්වීපය ලෙස පෘථිවිය විශ්වයේ දෙවියන් සහ බ්‍රහ්මයින් අතර ප්‍රකට වන්නේ දිව්‍යමය ජම්බු ගසක් නිසාය. මෙය දිව්‍යමය මහා මේරු පර්වතය ආශ්‍රය කරගෙන සිටියි. මේ ජම්බු ගස දිව්‍යමය ගසක් බැවින් මිනිසුන්ගේ සාමාන්‍ය ඇසට නොපෙනෙන ජම්බු ගසකි. මේ සම්බන්ධයෙන් අභිධර්මයේ සඳහන් තොරතුරු වලින් මදක් මෙහි ඔබගේ දැන ගැනීම සඳහා අපි ඇතුළත් කරන්නෙමු. හිමාලයේ කොටසක් දිව්‍යමයවේ තවද හිස් අභ්‍යවකාශයේදී සතර මහා ධාතූන් එක් ල්‍යක්ෂයකට එකතුවී ගෝලයක් වන්නේය.





අභිධර්ම අටුවාව> රූප කාණ්ඩය> උද්දේස වණ්ණනා.



“….සබ්බං සතසහස්සානි ඡත්තිංස පරිමණ්ඩලං, දස චෙව සහස්සානි අඩ්ඪුඩ්ඪානි සතානි ච, දුවෙ සතසහස්සානි චත්තාරි නහුතානි ච, එත්තකං බහලත්තෙන සංඛාතායං වසුන්‍ධරා, චත්තාරි සතසහස්සානි අට්ඨෙ ච නහුතානි ච, එත්තකං බහලත්තෙන ජලං වාතෙ පතිට්ඨිතං, නවසතසහස්සානි මාඵතො නභමුග්ගතො, සට්ඨ චෙව සහස්සානි එසා ලොකස්ස සණ්ඨිති, චතුරාසීති සහස්සානි අජ්ඣොගාළ්හා මහණ්ණවෙ, අච්චුගතො තාවදෙව සිනෙරුපබ්බතුත්තමො, නතො උපඩ්ඪුපඩ්ඪෙන පමාණෙන යථාක්කමං, අජ්ඣොගාළ්හුග්ගතා දිබ්බා නානාරතනචිත්තිතා, යුගන්‍ධරො ඊසධරො කරවීකො සුදස්සනො, නෙමින්‍ධරො විනතකො අස්සණ්ණො ගිරිබ්‍රහා, එතො සත්ත මහාසෙලා සිනෙරුස්ස සමන්තතො, මහාරාජාන මාවාසා දෙවයක්‍ඛ නිසෙවිතා, යොජනානං සතානුච්චො හිමවා පඤ්ච පබ්බතො, යොජනානං සහස්සාති තීනි ආයතවිත්‍ථතො, චතුරාසීති සහස්සෙහි කුටෙහි පතිමණ්ඩිතො, තිපඤ්චයොජනක්‍ඛන්‍ධ පරික්‍ඛෙපා නගවහ්යා, පඤ්ඤාස යොජනක්‍ඛන්‍ධ සාඛායාමා සමන්තතො, සතයොජන විත්‍ථිණ්ණො තාවදෙව ච උග්ගතො, ජම්බු යස්සානුභාවෙන ජම්බුදීපො පකාසිතො….”



….(වටින්) සමස්ත පරිමණ්ඩලය යොදුන් තිස්හය ලක්‍ෂ දසදහස් තුන්සිය පනසකි. (යොදුන = සිව්ගව්ව, 16 miles, ක්‍රෝශ 4) (එහි) මේ මහපොළොව ඝනත්වයෙන් යොදුන් දෙලක්‍ෂ සතළිස් දහසකැයි මෙපමණකින් ගණනය කරන ලදී. (එහිම සන්‍ධාරකය, ග්‍රාහක, සණ්ඨාපනය) බහුලත්‍වයෙන් යොදුන් හාරලක්‍ෂ අසූදහසක් පමණවූ ජලය වාතයෙහි පිහිටියේ ය. (එහිද සන්‍ධාරකය) අහසට නැගුණු වාතය යොදුන් නවලක්‍ෂ හැටදහසකි. මේ ලෝකයේ පිහිටීමය. මහාමේරු පර්වතය මහා සාගරයෙහි යොදුන් අසූහාර දහසක් ගිලුණේය. එපමණම තවත් කොටසක් උඩට නැඟුණෝය. පිළිවෙළින් ප්‍රමාණයෙන් එයින් අඩින් අඩවූ දිව්‍යමයවූ විවිධ රත්තයන්ගෙන් විසිතුරුවූ යුගන්ධර, ඊසධර, කරවීක, සුදර්ශන, නේමින්‍ධර, විනතක සහ අශ්වකර්ණ යන මහා පර්වතයෝ (සමුද්‍රයෙහි) ගිලුණාහු මෙන්ම උඩට නැගුණාහුද වෙත්. සතර වරම් දිව්‍ය මහරජවරුන්ගේ වාසස්ථානවූ විවිධ දේවතාවුන් හා යක්‍ෂයින් (ආදී අමනුෂ්‍යයින්) විසින් ඇසුරු කරනු ලබන මේ සප්ත මහා පර්වතයෝ මහමෙර හාත්පස වූහ. හිමාලය පර්වතය යොදුන් පන්සියක් උසය. දිගින් හා පළලින් යොදුන් තුන්දහසකි. අසූහාර දහසක් කඳු මුදුන් වලින් ප්‍රතිමණ්ඩිතය. යොදුන් පසළොසක් කඳින් යුත් පර්වතයෝ පරික්‍ෂිප්ත වූහ. පනස් යොදුන් කඳින් හා ශාඛාවලින් යුත් හාත්පසින් යොදුන් සියයක් පැතිරුණු එපමණම උස්වූ ජම්බු ගසකි. එහි ආනුභාවයෙන් දඹදිව ප්‍රකාශයට (දේව බ්‍රහ්මාදීන් අතර ප්‍රසිද්ධය) පත්විය….



[ඉහත සඳහන් කොටසින් එම ජම්බු ගසත්, එම ජම්බු ගස පිහිටි පර්වතත්, දිව්‍යමයවූ, මිනිසුන්ට විෂය නොවන්නාවූ, අමානුෂික දෙයක් බවට ඔබට අවබෝධවනු ඇත.]





ජම්බුද්වීපය යනු සම්පූර්ණ පෘථිවිය බව ඔබට ඔප්පු කරන තවත් තැනක් පහත දක්වමු:



■සුත්ත පිටක අර්ථ කථා> ඛුද්දක නිකාය> චූලනිද්දේස> ජතුකණ්ණි සූත්‍ර නිර්දේශ වර්ණනාව



“….තාවතිංසභවනං දසසහස‍්සයොජනං, තථා අසුරභවනං අවීචිමහානිරයො ජම‍්බුදීපො ච. අපරගොයානං සත‍්තසහස‍්සයොජනං. තථා පුබ‍්බවිදෙහො. උත‍්තරකුරු අට‍්ඨසහස‍්සයොජනො. එකමෙකො චෙත්‍ථ මහාදීපො පඤ‍්චසතපඤ‍්චසතපරිත‍්තදීපපරිවාරො. තං සබ‍්බම‍්පි එකං චක‍්කවාළං එකා ලොකධාතු. චක‍්කවාළන‍්තරෙසු ලොකන‍්තරිකනිරයා. එවං අනන‍්තානි චක‍්කවාළානි….”



….තව්තිසාව යොදුන් දසදහසකි. අසුර භවන, අවීචි මහා නිරය, ජම්බුද්වීපයද එපමණම වේ. අපරගොයානය, පුබ්බවිදේහය යොදුන් හත්දහසකි. උත්තරකුරුද්වීපය යොදුන් අටදහසකි. ඒ එක් එක් මහාද්වීපයකටද පන්සියයක්, පන්සියයක් බැගින්වූ කුඩා පිරිවර දිවයින්ද ඇත. ඒ සියල්ලම එක් චක්‍රාවාටයක ඇත. මේ එක ලෝක ධාතුවකි. චක්‍රාවාට අතරෙහි ලෝකාන්තරික නිරය පිහිටියේය. මෙසේ අනන්ත අප්‍රමාණ චක්‍රාවාටයන්….





හිමාලය කඳුවැටියේ කොටසක් දිව්‍යමය සහ අමානුෂික හෙවත් මිනිසුන්ට විෂය නොවන බවට ඔබට ඔප්පු කරන තවත් තැනක් පහත දක්වමු:



■ත්‍රිපිටකය> සූත්‍ර පිටකය> ඛුද්දක නිකාය> විමාන වත්ථු> ලතාවිමානං.



317. ලතා ච සජ‍්ජා පවරා ච දෙවතා අච‍්චිමුඛී රාජවරස‍්ස සිරීමතො සුතා ච රඤ‍්ඤො වෙස‍්සවණස‍්ස ධීතා රාජීමතී ධම‍්මගුණෙහි සොභථ.

318. පඤ‍්චෙත්‍ථ නාරියො අගමංසු නහායිතුං සීතොදිකං උප‍්පලිනිං සිවං නදිං තා තත්‍ථ නහායිත්‍ව රමෙත්‍ව දෙවතා නච‍්චිත්‍ව ගායිත්‍ව සුතා ලතං බ්‍රුවී.

319. පුච‍්ඡාමි තං උප‍්පලමාලධාරිණී ආවෙළිනී කඤ‍්චනසන‍්නිභත‍්තචෙ තිමීරතමබක‍්ඛි නභෙව සොභනෙ දීඝායුකී කෙන කතො යසො තව.





317. සිරිමත්වූ ශක්‍ර දිව්‍ය රජ්ජුරුවන්ගේ පිරිවරවූද, වෛශ්‍රවණ දිව්‍ය රජ්ජුරුවන්ගේ දූවරුවූද, විශේෂයෙන් ආලෝකවත් ශරීර ඇති ලතා, සජ්ජා, පවරා, අච්චිමුඛී, සුතා යන දිව්‍යාංගනාවෝ ධර්ම ගුණයෙන් බබළන්නාහුය.

318. එම දිව්‍ය ස්ත්‍රීහු පස්දෙනා (හිමාලයේ) සිහිල් දිය පිරුණු, උපුල් මලින් ගැවසීගත් යහපත් ගංඟාවට දියනෑමට ගියාහුය. ඒ දිව්‍යාංගනාවෝ එහි ස්නානය කොට සිත් අලවා නටා ගී ගයා ක්‍රීඩා කළහ. (ඔවුනතුරෙන්) සුතා දෙව්දූතොමෝ ලතා දෙව්දුවට මෙසේ කීවා ය.

319. උපුල්මල්දම් දරන, රුවන්මුවා මලින් නැඟුණු රැළි ඇති, රන් සමාන සම ඇති, තී විචාරමි. මිදෙල්ල මලක රොන් වැනි තඹවන් රොදින් ගැවසීගත් ඇස් ඇති, ශරදාකාශය වැනි පිරිසිදු අඟපසඟින් බබළන දීර්ඝ ආයුෂ ඇති ලතාවෙනි, තීගේ මේ පරිවාර සම්පත්තිය හා කීර්තිය කවර පිනකින් උපන්නේද?



ලතා විමාන අර්ථ කතා: “තාසං එකතො සමාගන‍්ත්‍වා සුඛනිසජ‍්ජාය නිසින‍්නානං සඞ‍්ගීතනෙපුඤ‍්ඤං පටිච‍්ච විවාදො උප‍්පන‍්නො. තා සබ‍්බාපි වෙස‍්සවණස‍්ස මහාරාජස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා පුච‍්ඡිංසු “තාත, කතමා අම‍්හාකං නච‍්චාදීසු කුසලා”ති? සො එවමාහ “ගච‍්ඡථ ධීතරො අනොතත‍්තදහතීරෙ දෙවසමාගමෙ සඞ‍්ගීතං පවත‍්තෙථ, තත්‍ථ වො විසෙසො පාකටො භවිස‍්සතී”ති. තා තථා අකංසු. තත්‍ථ දෙවපුත‍්තා ලතාය නච‍්චමානාය අත‍්තනො සභාවෙන ඨාතුං නාසක‍්ඛිංසු, සඤ‍්ජාතපහාසා අච‍්ඡරියබ‍්භුතචිත‍්තජාතා නිරන‍්තරං සාධුකාරං දෙන‍්තා උක‍්කුට‍්ඨිසද‍්දෙ චෙලුක‍්ඛෙපෙ ච පවත‍්තෙන‍්තා හිමවන‍්තං කම‍්පයමානා විය මහන‍්තං කොලාහලමකංසු. ඉතරාසු පන නච‍්චන‍්තීසු සිසිරකාලෙ කොකිලා විය තුණ‍්හීභූතා නිසීදිංසු. එවං තත්‍ථ සඞ‍්ගීතෙ ලතාය විසෙසො පාකටො අහොසි. අථ තාසං දෙවධීතානං සුතාය දෙවධීතාය එතදහොසි “කිං නු ඛො කම‍්මං කත්‍වා අයං ලතා අම‍්හෙ අභිභුය්‍ය තිට‍්ඨති වණ‍්ණෙන චෙව යසසා ච, යංනූනාහං ලතාය කතකම‍්මං පුච‍්ඡෙය්‍ය”න‍්ති. සා තං පුච‍්ඡි….”



(එහි සිංහල පරිවර්තනය) “එකට එකතු වී සුවපහසුවෙන් උන්නා වූ ඒ දිව්‍ය දුහිතෲන් අතර තම තමාගේ සංගීත නිපුණතාවය අරභයා විවාදයක් හටගත්තේය. ඔව්හු සියල්ලෝම වෛශ්‍රවණ දෙව් රජු වෙත ගොස් පියාණනි, ‘අප අතරින් කවර තැනැත්තියක් නැටුම් ආදියෙහි දක්ෂදැ’යි විමසූහ. දෙව් රජු ‘යන්න දූවරුනි, අනෝතත්ත විල් ඉවුරේ දේව සමාගමයේදී සංගීතය පවත්වන්න. එහිදී ඔබගේ විශේෂත්වය ප්‍රකට වන්නේය’ යනුවෙන් කීය. ඒ දියණිවරුද එසේ කළහ. ලතා දෙව්දුව නටන කල්හි තමන්ගේ ප්‍රකෘති ස්වභාවයෙන් සිටීමට දිව්‍ය පුත්‍රයෝ අසමත්වූහ. හටගත් මහත් ප්‍රීතිය ඇතිවී ආශ්චර්ය අද්භූත සිත් ඇතිවී, නිරතුරුව සාදුකාර දෙන්නාවූ, වෙරළ ඉක්මවා යන මහ මුහුදෙහි හඬ මෙන් විශාල ලෙස පැතිරෙන ශබ්ද පවත්වන්නාවූ එම දිව්‍ය පුත්‍රයෝ හිමාලය කම්පා කරන්නාක් මෙන් මහත්සේ හඬ නැගුහ. අනෙක් දෙවඟනන් නටන කල්හි සිසිර ඍතුවෙහි කොවුලන් මෙන් නිහඬව සිටියහ. මෙසේ එහි දී ලතා දෙවඟනගේ විශිෂ්ටත්වය ප්‍රකට විය. ඉක්බිති එම දේව දුහිතෲන් අතරින් ‘සුතා’ නම් දෙව්දුවට මෙසේ අදහසක් උපනි. කවරනම් කර්මයක් කොට මේ ලතා නමැති දෙවඟන වර්ණයෙන්ද ආධිපත්‍යයෙන්ද, අප අභිභවා සිටින්නීද, ලතා විසින් කරන ලද කර්මය මා විසින් විමසන්නේ නම් සුදුසු වේ. මෙසේ සිතා ඕ තොමෝ ඇගෙන් විචාළාය....”





සුදු ජාතිකයා:

ඇතැමුන් කියන්නේ සත්‍ය ඉතිහාසය සුද්දන් විසින් නැතිකර දමා ඇතැයි යනුවෙනි.



1) සුද්දන්ට අනුන්ගේ රටක ඉතිහාසයක් සම්පූර්ණයෙන්ම ලිවිය හැකිද? නොහැක.

2) සුද්දන්ට පැරණි ග්‍රන්ථ වල නම පමණක් තිබියදී එහි කරුණු සියල්ලම සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකිද? නොහැක.

3) සුද්දන්ට ශිලා ලේඛන වල සඳහන් කරුණු සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකිද? නොහැක.

4) 84000ක් ධර්මස්කන්ධය සුද්දන්ට වෙනස් කළ හැකිද? නොහැක.

5) ත්‍රිපිටකය, පුරාණ නටබුන්, පුරාණ ග්‍රන්ථ, පැරණි විදේශිකයන්ගේ වාර්තා, ශිලා ලේඛන යන මේ සියල්ලගේම එකට ගැලපීම සුද්දන්ට වෙනස් කළ හැකිද? නොහැක.





බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ උපන් බවට ඇති ත්‍රිපිටක සාධක තවදුරටත් සුළු ප්‍රමාණයක් අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු. මීට අමතරව සාක්ෂි බොහෝ ඇති බව මතක තබාගත යුතුය.



ඉන්දියාවේ ඇති දැනටත් පෞරාණික නමින්ම ව්‍යවහාර වන ස්ථාන පිළිබඳ තොරතුරු ත්‍රිපිටකයේ බොහෝ තැන් වල ඇත.



ඉන්දීය ගංගාවන්:

ත්‍රිපිටකයේ ඉන්දියාවේ තිබෙන ගංගාවන් පිළිබඳ සඳහන් තැන් වලින් කිහිපයක්.



නේරන්ජනා ගංගාව:

The Phalgu or Falgu, a river that flows past Gaya, India in the Indian state of Bihar, is a sacred river for Hindus and Buddhists. Lord Vishnu's Temple Vishnupad Mandir is situated on the bank of Phalgu river also called Niranjana river.





6.6.3. හස්සධම්ම ශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාචිත්‌තියපාළිය > භික්‌ඛු විභඞ්‌ය > පාචිත්‌තියකාණ්ඩය > 6. සුරාපාන වර්ගය



1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර (Shravasti) අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සතළොස් වග මහණහු අචිරවතී නදියෙහි (Aciravati River)දිය කෙළිති. එසමයෙහි පසේනදී කොසොල් රජ මල්ලිකා දේවිය සමඟ මතුමහලට ගියේ වෙයි. පසේනදි කොසොල් රජ අචිරවතී නදියෙහි දිය කෙළින සතළොස් වග මහණුන් දුටුවේය. දැකැ මල්ලිකා දෙවියට තෙල කීයැ: “මල්ලිකාවෙනි, තොපගේ තෙලෙ රහත්හු ජලක්‍රීඩා කෙරෙති යි. මහරජ, නිසැකයෙන්මැ භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපද නොපනවන ලද්දේ වන. (හෝ) ඒ භික්ෂූහුද සිකපද පනවන ලද බව නොදන්නෝ හෝ වෙතැයි….





වස්තුගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > සුත්ත නිපාතය > 5. පාරායන වර්ගය



982. ඒ ගෝදාවරි නදී තීරයමැ (Godavari River)නොහොත් ඒ බාවරී තවුස් නිසා මහත්වූ ගමෙක්ද විය. හේ එගමින් උපන් කරවුවරින් මහායාගයක් (මහදනක්) කළේය.





533. මහාකප්පින ස්ථවිරාවදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූ අපදාන 2 > 54. කච්‌චායන වර්ගය



5750. රාජ්‍යය අත්හැර ඇමතියන් සහිතව බුද්ධමාමක වූයෙම්, (තථාගතයන් දක්නට) නික්මුනෙමි. මුවවිට දක්වා පිරුණා වූ චන්ද්‍රභාගා මහානදිය දැක… (Chandrabhaga River)



5755. මේ උතුම් වූ සත්‍යක්‍රියාව කළ කෙණෙහි මාර්‍ගයෙන් ජලය ඉවත් විය. ඉක්බිති සුවසේ චන්ද්‍රභාගා ගඟින් එතෙර වූයෙම් මනරම් වූ ගඞ්ඟා තිරයෙහි….





මුහුදේ ආශ්චර්ය ධර්ම අට

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 9. පාතිමොක්‌ඛට්‌ඨපන‌ඛන්‌ධකය



තවද අනෙකකි. මහණෙනි, ගංගා යමුනා අචිරවතී සරභූ (Sarayu River)මහී යන මහා නදීහු වෙත්ද, ඔවුහූ මහ මුහුදට පැමිණියාහු පළමු නාම ගෝත්‍ර හැරදමත්. මහ මුහුද යැයිම ව්‍යවහාරයට යෙත්. මහණෙනි,...යම් මහානදී කෙනෙක්.. මහමුහුද යැයිම ව්‍යවහාරයට යෙත් යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක්..... මේ මහමුහුදැවූ සතර වන ආශ්චර්ය අද්භූත ධර්මයයැ….





4.1.1. තපොකම්ම සූත්‍රය (සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 4. මාර සංයුත්‌තය > 1. ආයු වර්ගය



137. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව පළමු කොට උරුවෙල් දනව්වෙහි නෙරඤ්ජරා ගංගා ඉවුරු තීරයේ (Niranjana river) අජපල් නුගරුක්මුල වැඩවසන සේක. එකල්හි හුදකලාවූ චිත්ත විවේකයෙන් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේට “ඒ දුෂ්කරක්‍රියායෙන් ඒකාන්තයෙන් මිදුනෙම් වෙමි. ඒ නොවැඩ ඇසුරු කළ දුෂ්කරක්‍රියායෙන් ඒකාන්තයෙන් මැනවින් මිදුනෙම් වෙමි. ස්ථිරව එළඹසිටි සිහි ඇත්තෙම් මැනවින් සත්‍යාවබෝධය කළෙමි” යි මෙබඳු චිත්ත විතර්කයෙක් (සිතුවිල්ලක්) පහළ විය.



ඉක්බිති පවිටු මාරයා තෙමේ තම සිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්ත විතර්කය දැන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:



යම් තපසෙකින් මනුෂ්‍යයෝ පිරිසිදු වෙද්ද, ඒ තපස්කර්මයෙන් ඉවත්ව අශුද්ධ වූයේම ශුද්ධිමාර්ගය වැරදවූයේ, ශුද්ධිය (විමුක්තිය) ලැබුයේ යයි හඟිහිද,



ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මාරයායි දැන පවිටු මාර දිව්‍ය පුත්‍රයා හට ගාථාවලින් පෙරළා වදාළ සේක:



අමර නම්වූ යම්කිසි තපසෙක් වේද, ඒ සියල්ල අනර්ථසංහිත යයි දැන අත්හළෙමි. ඒ සියල්ල වැඩ සිදුකරන්නේ නොවේ. කෙසේ ද? යත්: මරුකතරෙහි රිටිපලුපත් මෙනි. (කාන්තාරයේ නැවක් රිටිපලුපත් ගෙණ පදවන්නට නොහැක්කාක් මෙනි.)



ශීලයද සමාධියද ප්‍රඥාවද යන ආර්ය මාර්ගය සත්‍යාබෝධය පිණිස වඩමින් පරමශුද්ධියට පැමිණියෙම් වෙමි. මාරය, තෝ නැසුනේය.



ඉක්බිති පවිටු මරු තෙමේ භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහිම අතුරුදහන් විය….





1.1.7 වත්ථුපම සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මූල පන්නාසකය > 1. මූලපරියාය වර්ගය



කළ පව් ඇති අඥ ජන තෙමේ නිතර පිවිසියේ නමුත් කෘෂ්ණ (අකුශල) කර්ම ඇති හෙතෙමේ පිරිසිදු නොවෙයි. සුන්‍දරිකා නදිය කුමක් කරන්නේද? ප්‍රයාග තීර්ත්ථය (Prayagraj)කුමක් කරන්නේද? බාහුකා නදිය කිම? (බාහුකා නදී ආදීහු) වෛර ඇත්තාවූ කළ රළු කර්ම ඇත්තාවූ පාප කර්මයෙන් යුක්තවූ ඒ නුවණ නැති මිනිසා පිරිසිදු නොකෙරෙත්….





2.7. මහා ප්‍රජාපති ගෝතමී අපදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූනී අපදාන > 2. එකූපොසථික වර්ගය



243. ගංගා නම් නදිය (Ganges River)පන්සියයක් නදීන් සමග මහා සාගරයට වදනාසේ මහා ප්‍රජාපති ගෝතමී පන්සියයක් මෙහෙණන් සමග නිවනට යති….





17. පාරායණානුගීති නිර්දේශය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > චූල නිද්දේස පාළි > පාරායණානුගීති නිර්දේශය



කිසෙයින් බුදුහු තෘෂ්ණා ප්‍රහාණාර්ථයෙන් ‘එක’ වූහ යත්: උන්වහන්සේ මෙසේ එකලා වූවාහු අද්විතීය වූවාහු අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිවැ නිවනට මෙහෙයවූ සිත් ඇතිවැ වසන්නාහු නෙරඤජරා නදී තීරයෙහි (Niranjana river)බෝරුක් මුල මහා ප්රධන් වීර්‍ය්‍ය කරනසේක් කෘෂ්ණ කර්ම ඇති (නොමිදිය දෙන හෙයින්) නමුචි නම්වූ ප්‍රමත්තයනට බන්ධුවූ සෙන් සහිත මරු විධ්වංසන කොට විසත්තිකා නම්වූ තෘෂ්ණාජාලිනිය දුරු කළහ, බැහැර කළහ, විගතාන්ත කළහ, අනභාවයට පැමිණවූ සේක….





9. සම්බුලා ජාතකය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ජාතක පාළි 2 > 16. තිංස නිපාතය



3029. සෙසු ගංගාවන්ගේ ජලය පිළිගන්නාවූ භාගීරථි නම් ගඟ (Bhagirathi River)මම වඳිමි. රාජපුත්‍රයා නොදක්නාවූ සම්බුලා නම්වූ මම තොපගේ සරණ ගියා වෙමි….





1.12.4. චතුත්ථ පාචීනනින්‌න සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > මහා වර්ගය > 1. මග්ග සංයුක්තය > 12. චතුත්ථ ගඞ්‌ගාපෙය්‍යාලය



130. මහණෙනි, යම්සේ සරභූ නදිය (Sarayu River)පෙරදිගට නැමුණී පෙරදිගට නැඹුරුවූවා පෙරදිගට බර වූවා වේද, මහණෙනි, එසෙයින්ම මහණ … නිවනට බර වූයේ වේයයි….





2. 1. මුචලින්‌ද සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > උදානපාළි > 2. මුචලින්‌ද වර්ගය



1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බුදු බවට පැමිණ පළමු කොට උරුවෙල් දනව්වේහි නෙරඤ්ජරා නදී (Niranjana river)තීරයෙහි මිදෙල්ල ගස මුල වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පලසමවත් සුවය විඳුනා සේක්, සත්දවසක් මුළුල්ලෙහි එක්පලඟින් (පද්මාසනයෙන්) වැඩහුන් සේක….





4.4.4.5. චතුකොටික සුඤ්ඤතා සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > චතුක්ක නිපාතය > (19) 4. බ්‍රාහ්‌මණ වර්ගය



35. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයේ වැඩවසන සේක. එකල්හී බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ පරිබ්‍රාජකයෝ සප්පිනිකා නදී තෙර පරිබ්‍රාජකාරාමයෙහි වාසය කරති. ඔවුන් කවරහුද යත්, අන්නභාරය, වරධරය, සකුළුදායී පරිබ්‍රාජකය. අන්‍යවූද ප්‍රසිද්ධ ප්‍රසිද්ධ පරිබ්‍රාජකයෝ එහි වෙසෙති. එකල්හී භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට සප්පිනිකා නදී තෙර පරිබ්‍රාජක ආරාමය කරා වැඩිසේක….





වස්තුගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > සුත්ත නිපාතය > 5. පාරායන වර්ගය



981. ඒ බ්‍රාහ්මණයා අස්සක රජුගේද මූලක රජුගේද දැයි දෙරජුන්ගේ රාජ්‍යයන් අසල හෙවත් දෙරට අතර ගෝදාවරී නදී තීරයෙහිවූ (Godavari River)ආශ්‍රමයක කෙණෙසි අහරින්ද වනමූල ඵලාහාරයෙන්ද යැපෙමින් විසීය….





6.1.8. භූතාරොචන ශික්ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාචිත්‌තියපාළිය > භික්‌ඛු විභඞ්‌ය > පාචිත්‌තියකාණ්ඩය > 1. මුසාවාද වර්ගය



1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශාලා පුරයේ මහ වනයේ කූටාගාර ශාලාවේ වැඩවෙසෙති. එකල්හි වනාහි දුටු පමණින් මිතුරුවූ දැඩිවැ මිතුරුවූ බොහෝ භික්ෂූහු වග්ගුමුදා නදීතීරය සමීපයෙහි වස් එළැඹියහ. එසමයෙහි වජ්ජීන්ගේ රටේ දුර්භික්ෂ ඇතියේ වෙයි. දෙපරිද්දෙකින් පැවැත්විය යුතු ඉරියව් ඇතියේ නොහොත් දුකසේ පැවැත්විය යුතු දිවෙල් ඇතියේ වෙයි. (තන්හි තන්හි විසිරීගිය) සුදුවන් ඇට ඇත්තේ නොහොත් සෙතට්ඨිකා නම් ගොයම්ලෙඩින් නැසුණු ශස්‍ය ශීර්ෂ ඇත්තේ වෙයි.... 





2. චිත්තසම්භූත ජාතකය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ජාතක පාළි 2 > 15. වීසති නිපාතය



2366. අපි දෙදෙනා අවන්ති රටේ චණ්ඩාලයෝ වූම්හ. ඉන් මරණයට පැමිණ නෙරඤ්ජරා ගංගා ඉවුරෙහි (Niranjana river) මුවෝ වූම්හ. එයින්ද චුතව නර්මදා නදී තීරයෙහි (Narmada River)උකුස්සෝ දෙදෙනෙක් වූම්හ. අද බ්‍රාහ්මණ හා ක්‍ෂත්‍රිය වූම්හ....





3.4. දන්තිකා ථෙරීගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ථෙරීගාථා පාළි > 3. තික නිපාතය



48. මම ගිජුකුළු පව්වෙහි (Gridhra-kuta)දිවාවිහාරයෙන් නික්ම යද්දී සප්පිනීකා නදී තීරයෙහිදී දියෙහි බැස ගොඩට ආ ඇතෙක් දුටුවෙමි….





6.9.2. රතන ශික්ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාචිත්‌තියපාළිය > භික්‌ඛු විභඞ්‌ය > පාචිත්‌තියකාණ්ඩය > 9. රාජ වර්ගය



1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර (Shravasti)ජෙතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් අචිරවතී නදියෙහි ස්නාන කෙරයි. එක්තරා බමුණෙකුදු පන්සියයෙකින් පිරි පියැල්ලක් ගොඩබිමැ බහා තබා අචිරවතී නදියෙහි (Aciravati River)නහා නොසිහි කොට ගියේයැ. එකල්හි ඒ මහණ ඒ බමුණාගේ මේ පියැල්ල මෙහි නහමක් නසීවයි ගත්තේයැ. එකල්හි ඒ බමුණා සිහි කොට වෙළෙවි වෙළෙවි වැ දිවැ අවුත් එමහණහට ‘පින්වත, මාගේ පියැල්ල දක්නෙහි දැ’ යි මෙය කීයැ. ඉඳ බමණැයි දින. එකල්හි එ බමුණුහට මෙසිත විය; මම කිනම් උපායෙකින් මේ මහණහට පූර්ණ පත්‍රය (සියයට පහ) නොදෙන්නෙම් දැයි. පින්වත, මාගේ පන්සියයෙක් නොවෙයි. මාගේ දහසෙකැයි වදදී මුදාලීයැ….





3. සුධාභොජන ජාතකය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ජාතක පාළි 2 > 21. අසීති නිපාතය



4023. යම් පුරුෂයෙක් (ලවණසමුද්‍ර හෝ පුෂ්කරණී ආදි) ජලාශයක් කරා එළැඹැ බලිකර්ම කෙරේද, බාහුකා නදීයැ ගයාපුෂ්පකරණීයැ ද්‍රොණ තීර්‍ත්‍ථයැ තිම්බරු තීර්‍ත්‍ථයැ මහත්වූ ජල ප්‍රවාහ ඇති ශීඝ්‍ර ශ්‍රොතස්යැ යන මෙහි බලිකර්ම කෙරේද….





3.2.2.4. සරභ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > තික නිපාතය > (7) 2. මහා වර්ගය



….ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සප්පිනිකා නදී තීරයෙහි පිරිවැජියන්ගේ ආශ්‍රමයේ තෙවරක් සිංහනාද කොට අහසට නැගි සේක. ඉක්බිති ඒ පිරිවජියෝ භාග්‍යවතුන් වහන්සේ නික්ම (අහසින්) වැඩි නොබෝ කල්හි “ඇවැත සරභය, මහවෙනෙහි ජර සිවලෙක් සිංහ නාද කරන්නෙමියි, සිවල් හඬම නඟාද, බුන් හඬම නඟාද, ඇවැත සරභය, එසේම තෝ ශ්‍රමණ ගෞතමයන් තබා සිංහ නාද කරන්නෙමියි සිවල්හඬම නඟව, බුන් හඬම නඟව. ඇවැත, සරභය, යම්සේ කුඩා කිකිළියක් මහකුකුළු හඬ නඟන්නෙමියි කුඩා කිකිළියකගේ හඬම කෙරේද, ඇවැත සරභය, තෝ එපරිද්දෙන්ම මහණ ගොයුමාණන් හැරපියාම මහකුකුළුහඬ නඟන්නෙමී කියා කුඩා කිකිළියක හඬම නඟව, ඇවැත සරභය, යම්සේ ගොනෙක් හිස්වූ ගාළෙක දෙටු ගොනකුසේ ගැඹුරුහඬ නැගිය යුතු කොට සිතන්නේද, ඇවැත සරභය, තෝ එසේම ශ්‍රමණ ගෞතමයන් පියාම ගැඹුරුසේ හඬ නැගිය යුතු කොට සිතව් යයි වචන නමැති අඩයටියෙන් නිරතුරුව වැදගන්නා ලද්දකු කළහ….





9.1.3.3. මේඝිය සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > නවක නිපාතය > 1. සම්‌බෝධි වර්ගය



ඉක්බිති ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කළේය: වහන්ස, මෙහි මම පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාත්‍රා සිවුරු ගෙන ජන්තු ග්‍රාමයට පිණ්ඩපාතය පිණිස වන්මි. ජන්තු ග්‍රාමයෙහි පිඬු පිණිස හැසිර පසු බත්හි පිඬුවායෙන් පෙරළා පැමිණියෙම් කිමිකාලා නදී තීරයට එළැඹියෙමි….





6. භූරිදත්ත ජාතකය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ජාතක පාළි 3 > 22. මහා නිපාතය > 6. භූරිදත්‌ත ජාතකය



5204. යමුනා නදී (Yamuna river)යට පෙදෙසෙහි ධෘතරාෂ්‍ට්‍ර නාග (ඕපපාතික නාග) රජුගේ රන්මුවා යම් නුවරක් යමුනා ගඟ අසබඩ හිමාලය පර්වතය දක්වා බැබැළේද?





7.1.8. නිගණ්‌ඨ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සළායතන වර්ගය > 7. චිත්ත සංයුක්තය > 1. චිත්‌ත වර්ගය



….හිමියනි, අවිතර්ක අවිචාර සමාධියෙක් ඇත, විතර්ක විචාරයන්ගේ නිරෝධයෙක් ඇත යන මෙහිලා මම භාග්‍යවතුන් වහන්සේගේ විශ්වාසයට නොයමියි. මෙසේ කී කල්හි නිගණ්ඨනාතපුත්ත තෙමේ සිය පිරිස දෙස හිස ඔසවා බලා මෙය කීය: භවත්හු මෙය දකිත්වා මේ චිත්ත ගැහැවි කෙතෙක් සෘජුද? මේ චිත්ත ගැහැවි කෙතෙක් අසට (නොකපටි) ද? මේ චිත්ත ගැහැවි කෙතෙක් රැවටිලි රහිතද? යමෙක් විතර්ක විචාර නිරුද්ධ කටයුතු යයි හඟනේ නම් හේ දැලින් සුළං බැදිය යුතු යයි හඟනේය. යමෙක් විතර්ක විචාර නිරුද්ධ කටයුතු යයි හඟනේ නම් හේ සිය මිටින් ගඞ්ගා නදී සැඩපහර වැළැක්විය යුතු යයි හඟනේයි….





8.1.8. සලලාගාර සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > මහා වර්ගය > 8. අනුරුද්ධ සංයුක්තය > 1. රහොගත වර්ගය



3618. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ සැවත (Shravasti)සමීපයෙහි සලලාගාරයෙහි වැඩවෙසෙති. එහිදී ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ … මෙය වදාළහ: “ඇවැත්නි, යම් සේ ගඞ්ගා නදී (Ganges River)තොමෝ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේද, එකල්හි ‘අපි මේ ගඞ්ගානදිය පැළදිගට නැමුණක් පැළදිගට නැඹුරු වූවක් පැළදිගට බර වූවක් කරන්නෙමු’යි උදලු පැසි ගෙන මහජනයසමූහයා එන්නේය. ඇවැත්නි, ඒ කිමැයි හඟිවුද? ඒ මහජනසමූහයා ගඞ්ගා නම් නදිය පැළදිගට නැමුණක් පැළදිගට නැඹුරු වූවක් පැළදිගට බර වූවක් කරන්නේ දැයි….





11.5.2. දුතිය අසඞේඛය්‍ය සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > මහා වර්ගය > 11. සෝතාපත්ති සංයුක්තය > 5. සගාථකපුඤ්‌ඤාභිසන්‌ද වර්ගය



3810. මහණෙනි, සුවයට ප්‍රත්‍යයවූ මේ පුණ්‍ය ගඞ්ගා කුශලගඞ්ගා සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි ආර්ය ශ්‍රාවක තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ සුවයට ප්‍රත්‍යයවූ පළමුවන පින්ගඟය. කුසල් ගඟය. මහණෙනි, නැවත අනෙකක්ද කියමි: අරීසවු තෙමේ දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක්ද කියමි: අරීසවුතෙමේ මුදන ලද ත්‍යාග ඇතියේ දෝනා ලද අත් ඇතියේ දීමෙහි ඇලුණේ යදිනු ලැබීමට සුදුසු වූයේ දීමෙහිත් බෙදා දීමෙහිත් ඇලුණේ පහව ගිය මසුරුමල ඇති සිතින් යුතුව ගිහිගෙයි වෙසේ. මේ සුවයට ප්‍රත්‍යයවූ සිවුවන පින්ගඟය. කුසල් ගඟය. මහණෙනි, මේ සතර සුවයට ප්‍රත්‍යයවූ පුණ්‍ය ගඞ්ගාවෝ කුශල ගඞ්ගාවෝය.



මහණෙනි, මේ සිවු පින්ගඟින් කුසල්ගඟින් යුතුවූ අරීසවුහට සුවයට ප්‍රත්‍යයවූ මෙතෙක් පින්ගඟෙක, කුසල්ග‍ඟෙකැයි පිනෙහි පමණ ගණන්නට සුකර (පහසු) නොවේ. වැලි ගණන් නොකළ හැකි පමණ නොකළ හැකි මහපින් ක‍ඳෙකැයිම ගිණුමට යේ. මහණෙනි, යම්සේ මේ මහානදීහු, එනම්: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී යන පස්මහනදීහු යම් තැනෙක එකතුවෙද්ද, ගැළපෙද්ද, එහි දිය ලාස් මෙතෙකැයි හෝ දිය ලාස් මෙතෙක් සියයකැයි හෝ දිය ලාස් මෙතෙක් දහසකැයි හෝ දිය ලාස් මෙතෙක් සියදහසෙකැයි හෝ දියෙහි පමණ ගණන්නට සුකර නොවේද, වැලි ගණන් නොකළ හැකි පමණ නොකළ හැකි. මහදිය ක‍ඳෙකැයිම ගිණුමට යේද, මහණෙනි, එසෙයින්ම මේ සිවු පින්ගඟින් කුසල්ගඟින් යුතුවූ අරීසවුහට “සුවයට පසයවූ මෙතෙක් පින්ගඟක, කුසල්ග‍ඟෙකැ”යි පිනෙහි පමණ ගණන්නට සුකර නොවේ. වැලි ගණන් නොකළ හැකි පමණ නොකළ හැකි මහ පින් ක‍ඳෙකැයිම ගිණුමටයේ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක….





2.4.8 බාහිතික සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 4. රාජ වර්ගය



….ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අචිරවතී නදී තීරය (Aciravati River)කරා එළැඹියහ. එළැඹ එක්තරා රුක්මුලෙක පැන්වූ අස්නෙහි වැඩ හුන්හ. ඉක්බිති පසේනදි කොසොල් රජ හස්තියානයෙන් යාහෙන භූමිය යම් තාක්ද එතෙක් හස්තියානයෙන් ගොස් හස්තියානයෙන් බැස පාගමන් ඇතියේමැ ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළැඹියේයි. එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ එකත්පස්වැ සිටියේයි. එකත්පස්වැ සිටි පසේනදි කොසොල්රජ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී: “වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මේ ඇත් පලසෙහි හිඳුනා සේක්ව”යි. මහරජ, කම් නැත, තෙපි හිඳුව. මම සිය අස්නෙහි හුන්මි. පසේනදි කොසොල් රජ පැන්වූ අස්නෙහි හින. හිඳ පසේනදි කොසොල් රජ ආයුෂ්මත් අනඳ තෙරණුවනට මෙසේ කීවේය….





3.2.5.9. ලෝණකපල්‌ල සූත්‍රය (සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > තික නිපාතය > (10) 5. ලෝණඵල වර්ගය



50. මහණෙනි, යමෙක් “යම් යම් ආකාරයෙකින් මේ පුරුෂ කර්‍ම කෙරේද, ඒ ඒ ආකාරයෙන් ඒ කර්‍මයාගේ විපාක විඳුනේමය” යි, මෙසේ බෙණේද, මහණෙනි, එසේවත්ම බ්‍රහ්මචර්‍ය්‍යවාසය (කර්‍මක්‍ෂයකර) නොවෙයි. මැනැවින් දුක් කෙළවර කිරීමට අවකාශයෙක් නොපැණේ,



මහණෙනි, වැලි යමෙක් “යම් යම් අයුරෙකින් මේ පුරුෂ (විපාකවාර විසින්) වින්ද යුතුවූ කර්‍ම කෙරේද, ඒ ඒ අයුරින් ඒ කර්‍මයාගේ විපාක විඳුනේය” යි, මෙසේ බෙණේද, මහණෙනි, මෙසේ වත්ම කර්‍මක්‍ෂයකර බ්‍රහ්මචර්‍ය්‍ය වාසයවේ. මැනැවින් දුක් කෙළවර කිරීමට අවකාශයෙක් පැණේ.



මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයක්හු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ වේද, ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට එළවයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයක්හු විසින් එබඳුවූම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ දෘෂ්ටධර්‍මවෙද්‍ය වෙයි. (එහෙත්) පරලොව අණුමාත්‍රයකුදු විපාක විසින් නොපැණේ. බොහෝ (විපාක දෙයි කියනු) කිම?



මහණෙනි, කෙබඳු අයුරු ඇති පුද්ගලයක්හු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට එළවාද?



මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කායභාවනා නැතියේ වෙයි. ශීල භාවනා නැතියේ වෙයි. චිත්ත භාවනා නැතියේ වෙයි. ප්‍රඥා භාවනා නැතියේ වෙයි. අල්පගුණ ඇතියේ වෙයි. ගුණ විසින් අල්පාත්ම ඇතියේ වෙයි. අල්ප පාපයෙනුත් දුඃඛවිහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයක්හු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ තෙල පුද්ගලයා නිරයට එළවයි. (මරණින් පසු)



මහණෙනි, කෙබඳු අයුරු ඇති පුද්ගලයක්හු විසින් එබඳුවූම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවෙද්‍ය වේද, (මේ ආත්මයේදීම ප්‍රතිඵල දේද) පරලොව අණුමාත්‍ර විපාකයකුත් නොපැණේද? බොහෝ කොට පැණීමෙක් කීම? (බොහෝ විපාකදීමක් කෙසේවත් නැත අර්ථයි, අණුමාත්‍රයකුදු දෙවැනි අත්බැව්හි විපාක නොදෙයි යන අර්ථයි)



මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් වැඩූ කය ඇතියේ වෙයි. වැඩූ සිල් ඇතියේ වෙයි. වැඩූ සිත් ඇතියේ වෙයි. වැඩූ ප්‍රඥාව ඇතියේ වෙයි. (ධර්මයේ හැසිරීමෙන්) ගුණ විසින් අල්ප නොවෙයි. ගුණ විසින් මහාත්ම වෙයි. (ප්‍රමාණකර රාගාදීන්ගේ අභාවයෙන්) අප්‍රමාණ විහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙබඳු අයුරු ඇති පුද්ගලයක්හු විසින් එබඳුවූම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවෙද්‍ය වෙයි. (මෙලොවදී විපාක දෙයි එහෙත්) පරලොව අණුමාත්‍ර විපාකයෙකුත් නොපැණේ. බොහෝ විපාක කියනු කිම?



මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් ලුණුකැටයක් කුඩා දියමලායෙක බහන්නේ වේද, මහණෙනි, ඒ කෙසේ සිතවුද? දියමලායෙහිවූ ඒ දියත්ත මේ ලුණු කැටයෙන් ලුණුරසට යන්නේ වේද?



ස්වාමීනි, වහන්ස, එසේය.



ඒ කවර හෙයින?



වහන්ස, දියමලායෙහි වූ තෙල දියත්ත (අල්ප හෙයින්) තෙල ලුණුකැටයෙන් ලුණුරසට යන්නේ වෙයි.



මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් ලුණුකැටයක් ගඞ්ගා නදියෙහි (Ganges River) බහන්නේ නම්, ඒ කෙසේ සිතවුද? මහණෙනි, ඒ ගඞ්ගානදිය තෙල ලුණු කැටයෙන් ලුණුරසට යන්නේ වේද?



වහන්ස, තෙල නොවන සුලුය.



ඒ කවර හෙයින?



වහන්ස, ගඞ්ගානදියෙහිවූ තෙල මහදියකඳෙක් වේද, ඒ දිය කඳ තෙල ලුණුකැට යෙන් ලුණුරසට නොපැමිණෙන්නේමය.



මහණෙනි, එපරිදිම මෙලොව ඇතැම් පුද්ගලයක්හු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට එළවයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයක්හු විසින් එබඳුවූම පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවෙද්‍ය වෙයි. පරලොව අණුමාත්‍ර විපාකයකුදු නොපැණේ. බොහෝ කොටම නොපැණේමය. 



මහණෙනි, කෙබඳු පුද්ගලයක්හු විසින් අල්පමාත්‍රවූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට ගෙණයේද?



මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නොවැඩූ කය ඇතියේ වෙයි. නොවැඩූ සිල් ඇතියේ වෙයි. නොවැඩූ සිත් ඇතියේ වෙයි. නොවැඩූ පැණ ඇතියේ වෙයි. (ධර්මයේ නොහැසිරීමෙන්) ගුණ විසින් අල්ප වෙයි. ගුණ විසින් අල්පාත්ම වෙයි. අල්ප පාපයෙනුත් දුඃඛවිහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයා විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට ගෙණ යන්නේය. (මරණින් පසු)



මහණෙනි, කෙබඳුවූ පුද්ගලයකූ විසින් එබඳුවූම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවෙද්‍ය වේද, පරලොව අණුමාත්‍ර විපාකයෙකුත් නොපැණේද, බොහෝ කොට නොපැණෙන්නේම වේද?



මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් භාවිත කාය (ඉන්‍ද්‍රිය සංවරශීලය) වෙයි. භාවිත ශීල (අනෙකුත් ශීලයන්) වෙයි. භාවිත චිත්ත (සමාධිය) වෙයි. භාවිත ප්‍රඥා (විදර්ශනා) වෙයි. ගුණ විසින් අනල්ප වෙයි. ගුණ විසින් මහාත්ම වෙයි. (ප්‍රමාණ කර රාගාදීන්ගේ අභාවයෙන්) අප්‍රමාණ විහරණ ඇත්තේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයකූ විසින් එබඳුවූම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවෙද්‍ය වෙයි. පරලොව අණුමාත්‍ර වූත් විපාකයෙක් නො පැණේ. බොහෝ කොට නොපැණෙන්නේම වෙයි.



මහණෙනි, මෙලොව ඇතැමෙක් අඩ කහවණුයෙනුත් බන්‍ධනයට යෙයි. කහවණුයෙනුත් බන්‍ධනයට යෙයි. සියක් කහවණුයෙනුත් බන්‍ධනයට යෙයි. මහණෙනි, මෙලොව ඇතැමෙක් අඩ කහවණුයෙනුත් බන්‍ධනයට නොයෙයි. කහවණුයෙනුත් බන්‍ධනයට නොයෙයි. සියක් කහවණුයෙනුත් බන්‍ධනයට නොයෙයි.



මහණෙනි, කෙබඳු වූයෙක් අඩකහවණුයෙනුත් බන්‍ධනයට යේද, කහවණුයෙනුත් බන්‍ධනයට යේද, සියක් කහවණුයෙනුත් බන්‍ධනයට යේද?



මහණෙනි, මෙලොව ඇතැමෙක් දිළිඳු වෙයි. අල්පධන වෙයි. අල්පභොග වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයා අඩකහවණුයෙනුත් බන්‍ධනයට යෙයි. කහවණුයෙනුත් බන්‍ධනයට යෙයි. සියක් කහවණුයෙනුත් බන්‍ධනයට යෙයි.



මහණෙනි, කෙබඳු පුද්ගලයෙක් අඩකහවණුයෙනුත් බන්‍ධනයට නොයේද, කහවණුයෙනුත් බන්‍ධනයට නොයේද, සියක් කහවණුයෙනුත් බන්‍ධනයට නොයේද?



මහණෙනි, මෙලොව ඇතැමෙක් ආඪ්‍ය වෙයි. මහත් ධන වෙයි. මහාභෝග වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගල අඩකහවණුයෙනුත් බන්ධනයට නොයෙයි. කහවණුයෙනුත් බන්‍ධනයට නොයෙයි. සියක් කහවණුයෙනුත් බන්‍ධනයට නොයෙයි.



මහණෙනි, එපරිදිම මෙලොව ඇතැම් පුද්ගලයකූ විසින් එබඳුවූම අල්පමාත්‍රවූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ කර්‍මය ඒ පුද්ගලයා නිරයට ගෙණ යයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයකූ විසින් එබඳුවූම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවෙද්‍ය වෙයි. (එහෙත්) පරලොව අණුමාත්‍ර විපාකයෙක්ද නොපැණෙයි. බොහෝ විපාක නොපැණෙන්නේමය. 



මහණෙනි, කෙබඳු පුද්ගලයකූ විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ තෙල පුද්ගලයා නිරයට එළවන්නේ වේද?



මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් අභාවිතකාය වෙයි. අභාවිතශීල වෙයි අභාවිතචිත්ත වෙයි. අභාවිතප්‍රඥ වෙයි. ගුණ විසින් අල්ප වෙයි. ගුණ විසින් අල්පතම වෙයි. කුඩා පාපයෙනුත් දුඃඛවිහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයා විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ තෙල පුද්ගලයා නිරයට පමුණුවයි.



මහණෙනි, කෙබඳු පුද්ගලයකූ විසින් එබඳුවූම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවෙද්‍ය (මේ ආත්මයේදීම ප්‍රතිඵලදීම) වේද, පරලොව අණුමාත්‍රවූත් විපාකයෙක් නොසිදුවේද, බොහෝ විපාක සිදුනොවන්නේම වේද?



මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් වැඩූ කය ඇතියේ වෙයි. වැඩූ සිල් ඇතියේ වෙයි. වැඩූ සිත් (සමාධිය) ඇතියේ වෙයි. වැඩූ ප්‍රඥා ඇතියේ වෙයි. ගුණ විසින් බොහෝ වෙයි. ගුණ විසින් මහාත්ම වෙයි. (ප්‍රමාණ කර රාගාදීන්ගේ අභාවයෙන්) අප්‍රමාණ විහරණ ඇත්තේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයක්හු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවෙද්‍ය වෙයි. පරලොව (මරණින් පසු) අණුමාත්‍රවූත් විපාකයෙක් නො පැණේ. බොහෝ විපාක නොපැණෙන්නේම වෙයි.



මහණෙනි, යම්සේ තිරෙළු හිමියෙක් හෝ තිරෙළුවන් නසන්නෙක් හෝ නොදුන් තිරෙළුවකු පැහැරගන්නා කිසිවකු නස්නට හෝ බඳනට හෝ ධනයෙන් නෙරණට හෝ කැමැති සේ කරන්නට හෝ පොහොනේ වෙයි. නුදුන්නා වූ තිරෙළුවකු පැහැරගන්නා වූ කිසිවකු නස්නට හෝ බඳනට හෝ ධනයෙන් නෙරණට හෝ කැමැති සේ කරන්නට හෝ නොපොහොනේ වෙයි.



මහණෙනි, තිරෙළුහිමියෙක් හෝ තිරෙළුවන් නස්නෙක් හෝ නුදුන්නාවූ තිරෙළුවකු පැහැරගන්නාවූ කෙබඳුවකු නස්නට හෝ බඳනට හෝ ධනයෙන් නෙරණට හෝ කැමැති සේ කරන්නට හෝ පොහොනේ වේද?



මහණෙනි, මෙලොව ඇතැමෙක් දිළිඳු වේ. අල්ප ධන වේ. අල්ප භොග වේ. මහණෙනි, තිරෙළු හිමියෙක් හෝ තිරෙළුවන් නස්නෙක් හෝ නුදුන්නා වූ තිරෙළුවකු ගන්නාවූ මෙබඳුවකු නස්නට හෝ බඳනට හෝ ධනයෙන් නෙරණට හෝ කැමැතිසේ කරන්නට හෝ පොහොනේ වෙයි.



මහණෙනි, තිරෙළුහිමියෙක් හෝ තිරෙළුවන් නසන්නෙක් හෝ නුදුන් තිරෙළුවකු ගන්නා කෙබඳුවකු නස්නට හෝ බඳින්නට හෝ ධනයෙන් නෙරනට හෝ කැමැතිසේ කරන්නට හෝ නො පොහොනේ වේද?



මහණෙනි, මෙලොව ඇතැමෙක් ආඪ්‍ය වෙයි. මහත් ධන වෙයි. මහා භෝග වෙයි. රජ හෝ රාජමහාමාත්‍ර හෝ වෙයි. (බලවත් පුද්ගලයෙක් වෙයි) මහණෙනි, තිරෙළු හිමියෙක් හෝ තිරෙළුවන් නසන්නෙක් හෝ මෙබඳුවූ නුදුන් තිරෙළුවකු ගන්නහු නස්නට හෝ බඳින්නට හෝ ධනයෙන් නෙරනට හෝ කැමැති සේ කරන්නට හෝ නොපොහොනේ වෙයි. ඒකාන්තයෙන් බදැඳිලිව “නිදුකාණෙනි, මාගේ තිරෙළුවා හෝ තිරෙළු ධනය හෝ දෙව” යි ඔහු අතින් ඉල්ලයි.



මහණෙනි, එපරිදිම මෙලොව ඇතැම් පුද්ගලයකු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ, තෙල පුද්ගලයා නිරයට ගෙණ යයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයකු විසින් එබඳුවූම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවෙද්‍ය වෙයි. පරලොව අණුමාත්‍ර වූත් විපාකයෙක් නොපැණේ. බහුවිපාක කිම දෙන්නේ වේද?



මහණෙනි, කෙබඳු වූ පුද්ගලයකූ විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ තෙල පුද්ගලයා නිරයට පමුණුවාද?



මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් අභාවිතකාය වෙයි. අභාවිතශීල වෙයි. අභාවිත චිත්ත වෙයි. අභාවිතප්‍රඥ වෙයි. ගුණ විසින් අල්ප වෙයි. ගුණ විසින් අල්පාත්ම වෙයි. අල්පපාපයෙනුත් දුඃඛවිහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයකු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ තෙල පුද්ගලයා නිරයට පමුණුවයි.



මහණෙනි, කෙබඳු පුද්ගලයකූ විසින් එබඳු වූ ම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවෙද්‍ය වේද, පරලොව අණුමාත්‍ර වූත් විපාකයෙක් නො පැණේද, බොහෝ විපාක නො පැණෙන්නේම වේද?



මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් වැඩූ කය ඇතියේ වෙයි. ... ගුණ විසින් අල්ප නො වෙයි. ගුණ විසින් මහාත්ම වෙයි. (ප්‍රමාණ කර රාගාදීන්ගේ අභාවයෙන්) අප්‍රමාණ විහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙ බඳු පුද්ගලයකූ විසින් එබඳුවූම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවෙද්‍ය වෙයි. පරලොව අණුමාත්‍ර විපාකයෙක්ද නො පැණේ. බොහෝ විපාක නො පැණෙන්නේම වෙයි. 



මහණෙනි, “යම් යම් ආකාරයෙකින් මේ පුරුෂ කර්‍ම කෙරේද, ඒ ඒ ආකාරයෙන් එය විපාක ලෙස විඳුනේමය” (ඒ කළ කර්මයේ ආකාරයට සර්ව සම්පුර්ණයෙන්ම සමාන ලෙස ප්‍රතිඵල ලැබේමය) යි යමෙක් මෙසේ බෙණේද, මහණෙනි, මෙසේ වත්ම කර්‍මක්‍ෂයකර බ්‍රහ්මචර්‍ය්‍යවාසයෙක් නම් නොවේ. මැනවින් දුක් කෙළවර කරන්නට අවකාශයෙක් නොපැණේ.



මහණෙනි, “යම් යම් ආකාරයෙකින් වේදනා විඳිය යුතු කර්මයක් මේ පුරුෂ කෙරේද, ඒ ඒ ආකාරයෙන් ඒ කර්‍මයාගේ විපාක විඳුනේය”යි යමෙක් මෙසේ බෙණේ ද, මහණෙනි, මෙසේ වත්ම කර්‍මක්‍ෂයකරබ්‍රහ්ම චර්‍ය්‍යවාසය වෙයි. මැනවින් දුක් කෙළවර කරන්නට අවකාශයෙක් පැණේ…. (ඒ ඒ ආකාරයෙන් ප්‍රතිඵල ලැබෙන කර්මයන් යම් පුරුෂයෙක් කෙරේද එවිට එයට ගැළපෙන ලෙස විපාක ලැබෙන්නේය.) 



{මෙහි අර්ථ මෙසේයි: “ඉදිකටුවක් දන් දුන් විට එම කර්මයෙන් නැවත ඉදිකටුවක් පමණක්ම විපාකය ලෙස ලැබේය” යනුවෙන් යමෙක් කියයි නම් එය වැරදිය. එහෙත් “ඉදිකටුවක් දන් දුන් විට එම කර්මයෙන් ඒ කර්මයට ගැලපෙන ලෙස ආයුෂ, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව යන ස්වභාවයන් ආදී විවිධ ස්වභාවයන් ලැබේය” යනුවෙන් යමෙක් කියයි නම් එය නිවැරදිය.}





ධර්ම විනයෙහි ආශ්චර්ය ධර්මයෝ අට

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 9. පාතිමොක්‌ඛට්‌ඨපන‌ඛන්‌ධකය



මහණෙනි, යම්සේ ගංගා යමුනා අචිරවතී සරභූ මහී (Mahanadi River) යන යම් මහානදී කෙනෙක් ඇද්ද, ඔහු මහමුහුදට පැමිණියාහු පළමු නම්ගොත් හරිත්ද මහමුහුද යැයිම සංඛ්‍යාවට (ව්‍යවහාරයට) පැමිණෙත්ද, මහණෙනි, එසේම මේ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර යැයි සතර වර්ණ කෙනෙක් වෙත්ද, ඔහු තථාගතයන් විසින් දැන පවසන ලද ශාසනයෙහි පැවිදිවූවාහු පළමු නම්ගොත් හරිත්, ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ යැයිම සංඛ්‍යාවට පැමිණෙත්. මහණෙනි, මෙය... මේ සස්නෙහි සතර වන ආශ්චර්ය අද්භූත ධර්මයයැ….





13. තේවිජ්ජ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > සීලස්කන්ධ වර්ගය > 13. තේවිජ්‌ජ සූත්‍රය



1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ හික්‍ෂූන් පන්සියක් පමණ වූ මහත් මහණමුළුවක් හා කොසොල් රටැ සැරිසරන සේක්, කොසොල් රටැ මනසාකට නම් බමුණුගම යම් තැනෙකද, එහි වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ මනසාකටයට උතුරුදිගැ අචිරවතී නදී තෙරැ (Aciravati River)අඹවෙනෙහි වසන සේක….





4.3.4. සත්තවස්ස සූත්‍රය (සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 4. මාර සංයුත්‌තය > 3. මාර වර්ගය



160. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි නේරඤ්ජරා ගංතෙර (Niranjana river)අජපල් නුග රුකමුල වැඩවසන සේක. එකල්හි පවිටු මරු සිදුරු සොයන්නේ සිදුරු නොලබමින් (පාප විතර්ක) වර්ෂ සතක් මුළුල්ලෙහි භාග්‍යවතුන් වහන්සේ ලුහුබැන්දේවේ. ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:



වනාන්තරයේ සිතිවිලි සිතයිද? ශෝකයට බටුයෙහිද? ධනයක් පැරදුනෙහිද? යමක්, පතමින් හිඳිහිද? ගමෙහි කිසියම් අපරාධයක් කෙළෙහිද? කුමක්හෙයින් මිනිසුන් සමග මිත්‍රභාවය නොකෙරෙහිද? කිසිවකු හා නුඹගේ මිත්‍රභාවයෙක් නොසැපයේද,



[භගවත්හු:]



මාරය, ශෝක මූල හැම සාරා දමා ශෝක නොකරමින් නිරපරාධව සිට ධ්‍යාන කරමි. සියලු භව ලෝභ සංඛ්‍යාත තෘෂ්ණාව සිඳ ආස්‍රව රහිත වූයෙම් ධ්‍යාන කරමි.



[මරු:]



මේ මාගේ යයි යමක් කියද්ද, යම් කෙනෙකුත් මා ගැත්තේ යයි කියද්ද, ඉදින් මෙහි නුඹගේ (මෙබඳු) සිතෙක් ඇත් නම් ශ්‍රමණය, මාගෙන් නොමිදෙන්නෙහිය.



[භගවත්හු:]



මාගේ යයි යමක් කියද්ද, එය මාගේ නොවේ. යම් කෙනෙක් (මාගේ යයි) කියද්ද මම හේ නොවෙමි. පවිට, මෙසේ දනුව. මා ගිය මගද තෝ නොදක්නෙහිය.



[මරු:]



ඉදින් නිර්භයවූ නිවණට යන මග අවබොධ කරණ ලද්දේ නම් (මාගේ විෂයයෙන්) අයින්වනු මැනවි. නුඹම තනිවම ඒ මග යනු මැනව, කුමක් හෙයින් අනුන්ට අනුශාසනා කෙරෙහිද?



[භගවත්හු:]



පරතෙරට (විමුක්තියට) යන සුලු යම් ජන කෙනෙක් මාරයා හට විෂය නොවූ නිවණ විචාරද්ද, ඔවුන් විසින් විචාරණ ලද්දෙම් මම යමෙක් සත්‍ය වේද, උපධි රහිතද, එය කියමි.



[මරු:]

ස්වාමීනි, වහන්ස, ගමකට හෝ නියම්ගමකට නුදුරෙහි පොකුණෙක්වේ. එහි කකුළුවෙක් සිටියි. වහන්ස, එකල්හි බොහෝ කුමරුවෝ හෝ කුමරියෝ හෝ ඒ ගමින් හෝ නියම්ගමින් නික්ම ඒ පොකුණ වෙත එළඹෙන්නාහුය. එළඹ ඒ කකුළුවා ජලයෙන් නඟා ගොඩ තබන්නාහුය. වහන්ස, ඒ කකුළුවා යම් යම් අළක් (අවයව) ඉදිරියට නමන්නේය. ඒ කුමරුවෝ හෝ කුමරියෝ හෝ ඒ ඒ අළම ලීයෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ සිඳින්නාහුය. බිඳින්නාහුය.. වහන්ස, මෙසේ ඒ කකුළුවා සිඳින ලද බිඳින ලද කැබැලි කැබැලි කොට බිඳින ලද සියලු අළ කරණ කොට ගෙණ පෙර මෙන් නැවත ඒ පොකුණට බස්නට අභව්‍ය වන්නේය.



ස්වාමීනි, වහන්ස, එසෙයින්ම කිසියම් විසූකයෝ (මරවිසුළු) ඇද්ද, කිසියම් විලොම දෑ ඇද්ද, කිසියම් කිසියම් සලන සුලු දැකුම් ඇද්ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ විසින් සිඳින ලදී. බිඳින ලදී. කැබැලි කැබැලි කරණ ලදී. වහන්ස, දන් මම සිදුරු සොයන්නෙම් භාග්‍යවතුන් වහන්සේ වෙත නැවත එළඹෙන්නට නුසුදුස්සෙම් වෙමියි. ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උකටලියට කරුණුවූ මේ ගාථා කීය:



කවුඩෙක් මේද තෙල්පැහැ ඇති ගලක් දැක එහි මොළොක් බව විඳීම් නම් මැනව, රස විඳ ගැණීමෙක් වන්නේ නම් මැනැවයි ඒ සිසාරන්නේ වේද,



ඒ කවුඩු තෙමේ එහි ආස්වාදයක් නොලැබ (යම්සේ) එයින් පහවන්නේද, (මේද තෙල් පැහැ ඇති) ගල වෙත පැමිණි (ආශ්වාදයක් නොලත් මේ) කවුඩා මෙන් කළකිරී ගෞතමයන් වහන්සේ කෙරෙන් පහව යන්නෙමි.



ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උකටලියට (කලකිරීමට) කරුණුවූ මේ ගාථාවන් කියා එතැනින් පහව භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි නිහඬ වූයේ, තේජස් නැති වූයේ, නමාගත් කර ඇතියේ, යටිකුරු මුහුණු ඇතියේ, සිතිවිලි සිතමින් කිසිවක් වටහා ගත නොහැකි වූයේ, ලී කැබැල්ලෙකින් බිම ඉරි අඳිමින් බිම පලක් බැඳ ගෙණ හුන්නේය....





7.2.2.2. සත්‌තසුරියුග්ගමන සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > සත්තක නිපාතය > 7. මහා වර්ගය



මහණෙනි, දීර්‍ඝ රාත්‍රීන්ගේ ඇවෑමෙන් කිසියම්ම කලෙක්හි යම් හෙයකින් තෙවන සූර්‍ය්‍යයෙක් පහළ වේ නම් එබඳු සමයෙක් වෙයි. මහණෙනි, තෙවන හිරුහුගේ පාළ වීමෙන් ගඞ්ගාය, යමුනාය, අචිරවතීය, සරභුය (Sarayu River), මහීය (Mahanadi River), යන යම් ඒ මහානදීහු වෙත් නම්, උහු වියැලෙත්, වෙසෙසින් වියැලෙත්, නොවැඩෙත්….





6.2.1.8. පුරිසින්‌ද්‍රියඤාණ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > ඡක්ක නිපාතය > 6. මහා වර්ගය



එක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ බොහෝ මහණුන් හා කැටිවලා ගාත්‍රපරිෂේකය (ශරීරය සේදීම) සඳහා අචිරවති නදිය (Aciravati River)වෙත එළඹියහ. අචිරවතී නදියේ ස්නානය කොට නදියෙන් නැඟී එක්සිවුරු ඇතියාහු අඟපසඟ තෙත සිඳුවමින් සිටියහ….





5. 5. උපොසථ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > උදානපාළි > 5. සොණ වර්ගය



(4) තවද මහණෙනි, ගඞ්ගා යමුනා අචිරවතී සරභූ (Sarayu River) මහී යන යම් මහා නදී කෙනෙක් වෙත්ද, ඔහු මහමුහුදට පැමිණියෝ පළමු නම් ගොත් හරති. මහමුහුදැ යැයිම ව්‍යවහාරයට යෙත්. මහණෙනි, ගඞ්ගා යමුනා ... යම් නදී කෙනෙක් වෙත්ද, ඔහු මහ මුහුදැ යැයිම ව්‍යවහාරයට යන යමෙක් ඇද්ද, මෙයද මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම්, ඒ සිවුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයවේ.





1.4.8. ගවම්පති ස්ථවිරගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ථෙරගාථා පාළි > 1. ඒකක නිපාතය > චතුර්ථ වර්ගය



38. යමෙක් සෘද්ධිබලයෙන් ‘සරභූ’ නම් ගඟ (Sarayu River)නැවැත්වීද, ඒ ගවම්පති තෙම (තෘෂ්ණාදෘෂ්ටි) නිශ්‍රය රහිත වූයේ (එහෙයින්මැ) නික්ලෙශී වෙයි, සියලු (රාගාදී ක්ලෙශ) සඞ්ගයන් ඉක්ම ගිය භවපාරයට පැමිණි ඒ මහා මුනිවරයා දෙවියෝ විසින්ද නමදිත්....





2.3. ද්විතීය පාරාජිකය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 2. පාරාජිකකාණ්ඩය > ද්විතීයපාරාජිකය



53. ඒසමයෙහි මිනිස්සු පසුරක් බැඳ අචිරවතී නදියෙහි (Aciravati River)ඔවාපියති. බැමි සිඳී ගිය කල්හි ලී දඬු විසිර ගියේය. භික්ෂූහු පාංශුකූල සංඥා ඇත්තෝ ගොඩ ගත්හ. හිමියෝ ඒ භික්ෂූන්ට “තෙපි අශ්‍රමණයව්හ” යි චෝදනා කළාහුය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, පාංශුකූල සංඥා (“මේ අයිතිකාරයෝ නැති බඩුවේ” යන හැඟීම) ඇත්තහුට ඇවැත් නොවේ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක….





1.10.12. ඡෂ්ඨ සමුද්දනින්න සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > මහා වර්ගය > 1. මග්ග සංයුක්තය > 10. දුතියගඞ්‌ගාපෙය්‍යාලය



114. මහණෙනි යම් කිසි මහානදීහු වෙත්ද ඔහු කවරහ: ගඞ්ඟා යමුනා (Yamuna River)අචිරවතී සරභූ (Sarayu River) මහී (Mahanadi River)නදීහු වෙති. යම්සේ ඒ හැම නදීහු මුහුදට නැමුණාහු මුහුදට නැඹුරු වූවාහු මුහුදට බර වූවාහු වෙද්ද, මහණෙනි, එසෙයින්ම මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ රාගවිනය පර්ය්‍යවසානයවූ ද්වේෂවිනය පර්ය්‍යවසානයවූ මෝහවිනය පර්ය්‍යවසානයවූ සම්‍යග්දෘෂ්ටිය වඩයි ... රාගවිනය පර්ය්‍යවසානයවූ ද්වේෂවිනය පර්ය්‍යවසානයවූ මෝහවිනය පර්ය්‍යවසානයවූ සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේවේ යයි….





2.4.8 බාහිතික සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 4. රාජ වර්ගය



ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අචිරවතී නදී (Aciravati River)තීරය කරා එළැඹියහ. එළැඹ එක්තරා රුක්මුලෙක පැන්වූ අස්නෙහි වැඩ හුන්හ. ඉක්බිති පසේනදි කොසොල් රජ හස්තියානය යාහෙන භූමිය යම් තාක්ද එතෙක් හස්තියානයෙන් ගොස් හස්තියානයෙන් බැස පාගමන් ඇතියේමැ ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළැඹියේයි. එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ එකත්පස්වැ සිටියේයි. එකත්පස්වැ සිටි පසේනදි කොසොල්රජ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී: “ස්වාමීනි, වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මේ ඇත්පලසෙහි හිඳුනා සේක්ව”යි. මහරජ, කම් නැත, තෙපි හිඳුව. මම සිය අස්නෙහි හුන්මි. පසේනදි කොසොල්රජ පැන්වූ අස්නෙහි හින. හිඳ පසේනදි කොසොල්රජ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී:





4.3.1. පළමු සිකපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාචිත්‌තියපාළිය > භික්‌ඛුනී විභඞ්‌ය > පාචිත්‌තියකාණ්ඩය > 3. නග්නවර්ගය



1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ (Shravasti)ජෙතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ අචිරවතී නදියෙහි (Aciravati River)වෙසඟනන් සමඟ නග්නවැ එක් තොටැ ස්නානය කෙරෙති. වෙසඟනෝ (වේසියෝ, ගණිකාවෝ) ඒ මෙහෙණන්හට කෙළිකවට කම් කළහ: “ආර්‍ය්‍යාවෙනි, ඉතා තරුණවූ තොපට බඹසර පුරුදු කිරීමෙන් කිනම් ප්‍රයොජනයක්ද? කාමයෝ පරිභොග කළ යුත්තෝ නොවෙත්ද? යම් කලෙකැ මහලුවූවෝ වන්නාහු නම් එකල්හි බඹසර හැසිරෙවු. මෙසේ වනාහි තොප විසින් දෙකරුණමැ අයත් කොට ගන්නා ලද්දේ වන්නේය” යැයි. වෙසඟනන් විසින් කෙළි කවට කම් කරනු ලබන මෙහෙණෝ මකුවූහු. එකල්හි ඒ මෙහෙණෝ මෙහෙණවරට ගොස් මෙහෙණන්ට තෙල කරුණු ඇරොජූහ. මෙහෙණෝ මහණුන්ට තෙල කරුණ ඇරොජූහ. මහණෝ භාග්‍යවතුන්ට තෙල කරුණු ඇරොජූහු. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහිලා මෙ අවසර යෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක: එසේ නම් මහණෙනි, මෙහෙණන්ට දස කරුණක් පිණිස සිකපද පනවන්නෙමි. සඞ්ඝයාගේ මනා පිළිගැන්ම පිණිස යැ ... විනයට රුකුල් පිණිස යැ මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:





1.10.3. සම්‌භෙජ්‌ජඋදක සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 1. අභිසමය සංයුක්තය > 10. අභිසමය වර්ගය



මහණෙනි, යම්සේ යම් තැනෙක්හි මේ මහානදීහු එක්ව ගලා බසිද්ද, එකට මුසු වෙද්ද, ඒ කවර නදීහුද යත්: ගඞ්ගා, යමුනා (Yamuna River), අචිරවතී, සරභූ, මහී (Mahanadi River)යන මොහු යි. පුරුෂයෙක් තෙමේ එයින් දෙකක් හෝ තුණක් හෝ දියබිඳු නගන්නේය. මහණෙනි, ඒ කිමැයි හගීවුද, කිමෙක් බොහෝද, නගන ලද යම් දියබිඳු දෙක තුන හෝ ගඞ්ගා එක්වූ තැන යම් දියෙක් හෝ දැයි?





ශාරීපුත්‍ර ස්ථවිරාවදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූ අපදාන 1 > 1. බුද්‌ධාපදානය > ථෙරාපදානං



316-317. සින්‍ධුය, සරස්වතීය, චන්‍ද්‍රභාගීය (Chandrabhaga River), ගඞ්ගාය, යමුනාය, සරභූය, මහීය, යන මේ ගඞ්ගාවෝ වෙත්ද, ගලා බස්නාවූ මේ ගඞ්ගාවන්ගේ ජලය සාගරය පිළිගණී. (සයුරට වැටීමෙන් පසු සින්‍ධු ජලය ගඞ්ගාවේ ජලයයි යනාදී) පළමු නම් අත්හරියි. සාගරය ලෙසම ප්‍රකටවේ….





5. චම්මක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 5. චම්‌මක්‌ඛන්‌ධකය



77. එකල්හි සවගමහණෝ අචිරවතී ගංගාවෙන් (Aciravati River) එතෙර වන්නාවූ දෙනුන්ගේ අං ද අල්වා ගණිත්. කන් ද අල්වා ගණිත්. බෙල්ලද අල්වා ගණිත්. නගුටද අල්වා ගණිත්. පිටටද නගිත්. රාගයෙන් රත් වූ සිත් ඇත්තාහු රහසඟද ස්පර්‍ශ කෙරෙත්. නාඹු වැසිදෙනද දියෙහි ගිල්වා මරත්….





1.11.6. ඡට්ඨ පාචීනනින්‌න සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > මහා වර්ගය > 1. මග්ග සංයුක්තය > 11. තතිය ගඞ්‌ගාපෙය්‍යාලය



120. මහණෙනි, යම්කිසි මහාගඞ්ගාවෝ වෙත්ද, ඔහු කවරහ: ගඞ්ඟා යමුනා (Yamuna River)අචිරවතී සරභූ මහී ගඞ්ගාවෝයැ. යම්සේ ඒ සියල්ලෝ පැදුන්දිගට නැමුණාහු පැදුන්දිගට නැඹුරු වූවාහු පැදුන්දිගට බර වූවාහු වෙද්ද, මහණෙනි, එසෙයින්ම මහණ….





5.6. සුරාමෙරය වර්ගය

ත්‍රිපිටකය > විනය පිටකය > පරිවාරපාළි 1 > මහාවිහඞ්ගය > 1. කත්‍ථපඤ්ඤත්තිවාරය > පාචිත්තිය කාණඩය



කිනම් වස්තුයෙක්හිද යත්: සතළොස්වර්ග මහණහු අචිරවතී නදියෙහි (Aciravati River)දිය කෙළි කළෝ, ඒ වස්තුයෙහියැ…..





10.1.2.5. අප්‍රමාද සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > දසක නිපාතය > 2. නාථ වර්ගය



10. මහණෙනි, යම් පරිදි ගඞ්ගාය, (Ganges River) යමුනාය, (Yamuna River) අචිරවතීය, සරභූය, මහීය යන යම් කිසි මහානදීහු වෙත් නම්, ඔහු හැම මුහුදට යන්නාහු සමුද්‍ර‍නිම්න වූවාහු සමුද්‍ර‍ ප්‍ර‍වණ වූවාහු සමුද්‍ර‍ ප්‍රාග්භාර වූවාහු වෙත්. මහ සමුදුර ඔවුනට අග්‍ර‍යි කියනු ලැබේ. මහණෙනි, එපරිදිම යම් කිසි කුශල ධර්‍ම කෙනෙක් වෙත් නම් ඔහු හැම අප්‍ර‍මාදය මූලක වූහු අප්‍ර‍මාදයෙහි බැස ගන්නාහු වෙත්. අප්‍ර‍මාදය ඒ ධර්‍මයනට අග්‍ර‍යයි කියනු ලැබේයි...





මනෝශිලා පර්වතය:

මනොසිලාව හෙවත් මනෝශිලා පර්වතය අතීතයේ සිටම මුනිවරුන් සිත දියුණු කරමින්, ධ්‍යාන වඩමින් වාසය කරන ලද පර්වතයකි. එම අර්ථයෙන් මෙහි නාමය පැවත එයි. එනම් මනස හදන කන්ද යන අර්ථයෙන්‍ ය. රක්ගල්තලය, මනොසිලාව, මනෝශිලා, මනස්ලු යනු මේ පර්වතය විවිධ ජාතීන් හඳුන්වන නම්‍ වේ. මේ කන්ද සම්බන්ධයෙන් තොරතුරු මිලින්ද ප්‍රශ්නය නම් අති පැරණි ග්‍රන්ථයේත් සඳහන් වේ. එහි සඳහන් වන්නේ බැක්ට්‍රියාවේ සාගල නගරයේ මිලිඳු රජතුමාගේ කාලයේදී මේ පර්වතයේ බොහෝ ඍධි බලයන් ඇති රහතන්වහන්සේලා, භික්ෂුන් වහන්සේලා වාසය කළ බවයි. වර්තමානයේදී මෙය මන්ස්ලු පර්වතය නමින් ප්‍රසිද්ධය. මේ පර්වතයේ ඡායාරූප කැමති ඕනෑම අයෙකුට අන්තර්ජාලයෙන් දැකබලා ගත හැක.



The 8,156-meter-high Manaslu mountain is situated in Nepal about forty miles to the east of Annapurna. The mountain is the eighth-highest in the world. The Gurkha plateau’s highest mountain is Manaslu. The Sanskrit term “Manasa,” which means “Mountain of the Spirit or The Mind” in English, is the source of the name Manaslu. Its coordinates are 84.33 latitude, 28.33 longitude.… This mountain belongs to the Himalayan mountain range.



ආළවක සූත්‍ර වණ්ණනාව



සං‍යුක්ත නිකාය අටුවාව> සගාථා වර්ගය> 10.යක්ඛ සං‍යුත්තය> 1.ඉන්දක වර්ගය.



මෙසේ කියන ලද කල්හී දැඩි ක්‍රෝධයෙන් ඇවිස්සුණු ආළවක යක්ෂයා නැගිට ඍධියෙන් මනෝශිලා තලයේ වම් පාදය තබා, “දැන් ඔබලාගේ ශාස්තෲන් වහන්සේ හෝ මහා ආනුභාව සම්පන්න මා හෝ බලව”යි තම දකුණු පාදයෙන් 60 යොදුනක් පමණවන කෛලාස පර්වත මුදුන ඉක්මවීය….. 





කුණාල ජාතකය:

කුදුගත් සඟිය අටුවාව> ජාතක අටුවාව > 21. අසීති නිපාතය.



එසේවීනම් මිත්‍රය, ස්ත්‍රීන්ගේ පව්කම් කියන්නෙමියි පුණ්ණමුඛ අල්ලාගෙන හිමාලය ප්‍රදේශයේ මනෝශිලා තලයට පමුණුවා…..





විධුර ජාතකය:

කුදුගත් සඟිය අටුවාව> ජාතක අටුවාව > මහා නිපාතය.



පූර්ණක යක්ෂ සේනා අධිපතියා ගව් 3ක් පමණ විශාල, මනසින් මවන ලද අශ්වයෙකු පිට නැගී කාලශිලා පර්වතයට ඉහළින් අහසින් මනෝශිලා පර්වතයේ යක්ෂ සමාගමකට යන්නේ ඇයගේ ඒ ගීත ශබ්දය ඇසීය…..





උම්මග්ග ජාතකය:

කුදුගත් සඟිය අටුවාව> ජාතක අටුවාව > මහා නිපාතය.



ඉක්බිති ඔහුට මහා බෝධිසත්වයන් වහන්සේ මනෝශිලා පර්වතයේ නාද කරන සිංහයෙක් මෙන්…..





හිමාලය කඳුවැටිය:

ත්‍රිපිටකයේ ඉන්දියාවේ හිමාලය කඳු පන්තිය පිළිබඳ සඳහන් තැන්.



බොහෝ සූත්‍ර වල හිමාලය මහා කඳු පන්තියම බුදුරජාණන් වහන්සේ විසින් උපමා පෙන්වීම සඳහා ගෙන ඇත.



The Himalayan mountain range in India is one of the most spectacular natural features in the world, renowned for its majestic peaks, breathtaking landscapes, and rich cultural heritage. Here are some key points about the Himalayas in India:



1. Location: The Indian Himalayas span across several northern states of India, including Jammu and Kashmir, Himachal Pradesh, Uttarakhand, Sikkim, and Arunachal Pradesh. They form the northern boundary of the Indian subcontinent and stretch over 2,400 kilometers (about 1,500 miles) from west to east.



2. Highest Peaks: The Indian Himalayas are home to some of the highest peaks in the world, including Mount Everest, the highest point on Earth, located on the border of Nepal and Tibet. Other notable peaks in the Indian Himalayas include K2, Kangchenjunga, Nanda Devi, and many more.



3. Biodiversity: The Himalayan region in India is incredibly biodiverse, with a wide range of ecosystems supporting a rich variety of flora and fauna. The region is home to numerous rare and endangered species, including the snow leopard, Himalayan musk deer, and various species of birds and plants.



4. Glaciers and Rivers: The Himalayas are the source of several major rivers in the Indian subcontinent, including the Ganges, Indus, Brahmaputra, and Yamuna. The melting glaciers in the Himalayas feed these rivers, which are essential for agriculture, hydropower generation, and the livelihoods of millions of people.



5. Cultural Diversity: The Himalayan region in India is culturally diverse, with a mix of ethnic groups, languages, and traditions. Each state in the Himalayan region has its own unique cultural identity, shaped by its history, geography, and interactions with neighboring regions.



6. Spiritual Significance: The Himalayas hold immense spiritual significance for people of various religious traditions, including Hinduism, Buddhism, and Jainism. The region is dotted with sacred sites, monasteries, temples, and pilgrimage routes that attract millions of pilgrims and tourists every year.



7. Adventure Tourism: The Indian Himalayas offer numerous opportunities for adventure tourism, including trekking, mountaineering, skiing, river rafting, and wildlife safaris. Adventure enthusiasts from around the world visit the Himalayas to explore its rugged terrain and pristine natural beauty.



Overall, the Himalayan mountain range in India is not just a geographical feature but a symbol of natural wonder, cultural diversity, and spiritual heritage that continues to captivate and inspire people from all walks of life.





1.10.9. පබ්‌බතුපම සූත්‍රය(සූත්‍ර කොටසක් පමණි)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 1. අභිසමය සංයුක්තය > 10. අභිසමය වර්ගය



මහණෙනි, යම්සේ පුරුෂයෙක් හිමවත් පවු රජුගේ අබඇට සතක් පමණවූ ගල්කැට පසෙක තබන්නේද, මහණෙනි, ඒ කිමැයි හඟිවුද, කිමෙක් ඉතා බොහෝද, පසෙක තබන ලද අබැට සතක් පමණ වූ යම් ගල්කැට හෝ යම් හිමවත් පවුරජ හෝ දැයි?





5.4.5.6. මහාසුපින සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > පඤ්චක නිපාතය > (20) 5. සෝණ වර්ගය



[සැවැත්නිදාන යි]



46. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බොධියෙන් පූර්‍වයෙහිම චතුස්සත්‍යාවබොධය නොකළ බොධිසත්ව වූවේම පඤ්චමහා සිහින කෙනෙක් පහළවූහ. කවර පස්දෙනෙක්ද යත්:



මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බොධියෙන් පූර්‍වයෙහිම අභිසම්බුද්ධ නොවූ බොධිසත්ව වූවේම, මේ මහපොළොව මහ යහනාව විය, හිමාලය පර්වතය කොට්ටය විය. නැගෙනගිර සාගරයේ වම් අත තබන ලදුයේ විය. බටහිර සාගරයේ දකුණු අත තබන ලදුයේ විය. දකුණු මුහුදෙහි උභය පාදයෝ තබන ලද්දේ විය. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයනට සම්බොධියෙන් පූර්‍වයෙහිම අනභිසම්බුද්ධවූ බොධිසත්ත්ව වූයේම මේ ප්‍රථම මහා ස්වප්නය පහළ විය.



තවද මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බොධියෙන් පෙරම අනභිසම්බුද්ධවූ බොධිසත්ත්ව වූවේම තිරිය නම් තෘණජාතියෙක් (බබුස් තණ) නාභියෙන් පැනනැඟී අහසැ පැතිරැ සිටියේ විය. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බොධියෙන් පුර්‍වයෙහිම අනභිසම්බුද්ධවූ බොධිසත්ත්ව වූවේම මේ ද්විතීය මහාස්වප්නය පහළ විය.



තවද මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බොධියෙන් පූර්‍වයෙහිම අභිසම්බුද්ධ නොවූ බොධිසත්ව වූවේම කළුහිස් ඇති ශ්වෙත කෘමිහු (පණුවෝ) දෙපසින් නැඟී දණමඬුලු තෙක් වසා සිටගත්හ. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බොධියෙන් පුර්‍වයෙහිම අනභිසම්බුද්ධවූ බොධිසත්ත්ව වූවේම මේ තෘතිය මහාස්වප්නය පහළ විය.



තවද මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බොධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධවූ බොධිසත්ත්ව වූවේම නීලාදි නන් පැහැ ඇති සතර ලිහිණි කෙනෙක් සිව්දිගින් අවුදු පාමුල හෙවැ සම්පූර්ණයෙන්ම සුදු වර්ණව ගියහ. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බොධියෙන් පුර්‍වයෙහිම අනභිසම්බුද්ධවූ බොධිසත්ත්ව වූවේම මේ සතරවන මහාස්වප්නය පහළ විය.



තවද මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ සම්බොධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බොධිසත්ත්ව වූවේම මහාමීඨ (වර්චස්) පර්‍වතමස්තකයෙක්හි මීඨයෙන් නොතැවරෙමින් සක්මන් කරන්නාහ. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බොධියෙන් පුර්‍වයෙහිම අනභිසම්බුද්ධ වූ බොධිසත්ත්ව වූවේම මේ පස්වන මහාස්වප්නය පහළ විය.



මහණෙනි, යම්හෙයෙකින් තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයනට සම්බොධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බොධිසත්ත්ව වූවනට ම මේ මහපොළොව යහන් වීද, හිමව් පව්රද කන්වයින් වීද, පෙරදිග මහසයුරෙහි වම්අත තබන ලද වී ද, පැළදිග සයුරෙහි දකුණත තබන ලද වීද, දකුණුමුහුදෙහි දෙපා තබන ලද වීද, මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේ විසින් අනුත්තර සම්‍යක් සම්බොධිය අවබොධ කරණලද නම් ඒ අභිසම්බොධියට (සියල්ල දැනගත හැකි සර්‍වඥතා ඥාන, අනාවරණ ඥාන ආදියට) පූර්‍වනිමිත්ත වූ මේ ප්‍රථම මහාස්වප්නය පහළ විය.



මහණෙනි, යම්හෙයෙකින් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට සම්බොධියෙන් පූර්‍වයෙහිම අනභිසම්බුද්ධවූ බොධිසත්ත්ව වූවනට නැබින් තිරිය නම් තෘණජාතියෙක් පැනනැඟී අහස්හි පැතිරැ සිටියේ වීද, මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් විසින් ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය අවබොධ කොට යම්තාක් (නුවණැති) දෙවිමිනිසුන් කෙරෙහි මොනවට ප්‍රකාශ කරණ ලද නම්, ඒ ප්‍රකාශයාගේ අභිසම්බොධයට (පෙරනිමිති වූ) මේ දෙවන මහා ස්වප්නය පහළ වීය.



තවද මහණෙනි, යම්හෙයෙකින් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට සම්බොධියෙන් පූර්‍වයෙහිම අනභිසම්බුද්ධවූ බොධිසත්ත්ව වූවනටම කළුහිස් ඇති සුදු කෘමීහු දෙපසින් නැඟී දණමඬල තෙක් වසාසිටගත්හු නම්, මහණෙනි, සුදුවත් හඳනා බොහෝ ගිහියෝ තථාගතයන් දිවිහිම් කොට සරණ ගියාහු නම්, ඒ සරණගමනයාගේ අභිසම්බොධයට මේ තෙවන මහාස්වප්නය පහළ විය.



තවද මහණෙනි, යම්හෙයෙකින් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට සම්බොධියෙන් පූර්‍වයෙහිම සිවුදිගින් නන්පැහැ ඇති ලිහිණියෝ සතරදෙනෙක් අවුත් අනභිසම්බුද්ධ වූ බෝධිසත්වයන්ගේ පාමුල්හි හෙව සර්‍වශ්වෙත වූවාහු නම්, මහණෙනි, ක්ෂත්‍රියයහ, බ්‍රාහ්මණයහ, වෛශ්‍යයහ, ශුද්‍රයහ යන මේ සතර වර්‍ණයෝ වෙත් නම් ඔහු ගිහිගෙන් නික්ම තථාගතප්‍රවිදිතවූ ධර්‍මවිනය සඞ්ඛ්‍යාත ශාසනයෙහි පැවිදිව අනුත්තර වූ විමුක්තිය සාක්ෂාත් කරන්නාහු නම්, ඒ අභිසම්බොධයට මේ සතරවන මහාස්වප්නය පහළ විය.



තවද මහණෙනි, යම්හෙයෙකින් අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයෝ සම්බොධියෙන් පූර්‍වයෙහිම අනභිසම්බුද්ධවූ බෝසත් වූවාහුම මහාමීඨ පර්‍වතමස්තකයෙක්හි මීඨයෙන් නොතැවරෙමින් සක්මන් කෙරෙත්ද, මහණෙනි, තථාගතයෝ චීවරපිණ්ඩපාත ශයනාසන ගිලානප්‍රත්‍යයභෛෂජ්‍ය පරික්ෂාකාර ලාභී වෙත් නම්, එහිදු තථාගතයෝ නොගැටුනාහු මුසපත් නොවූවාහු නොමැඩුනාහු ආදීනව දක්නාසුලු වූවාහු නිඃසරණප්‍රඥා ඇත්තාහු වළඳනාහු නම්, ඒ නිඃසරණ පරිභොගයාගේ අභිසම්බොධයට මේ පස්වන මහාස්වප්නය පහළ විය.



මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයනට සම්බොධියෙන් පූර්‍වයෙහිම අනභිසම්බුද්ධවූ බොධිසත්ත්ව වූවනටම මේ පඤ්චමහාස්වප්නයෝ පහළ වූහයි….





4.2.10. රජ්ජ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 4. මාර සංයුත්‌තය > 2. රජ්ජ වර්ගය



156. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි හිමවත් පෙදෙසෙහි වන කිළියෙක වැඩ වසන සේක. එකල්හි එකලා වූ චිත්තවිවේකයෙහි යෙදුන භාග්‍යවතුන් වහන්සේට “නොනසමින් (අනුන් ඝාතනය) නොනස්වමින් අනුන් ජය ගැනීම නොකරමින් නොකරවමින් ශෝක නොකරමින් නොකරවමින් (සම්පූර්ණයෙන්ම) දැහැමින් (යම් රජෙක්ට) රජය කරවන්නට හැක්කේදෝ”යි මෙබඳු චිත්ත විතර්කයෙක් පහළ විය.



ඉක්බිති පවිටු මාර තෙමේ තම සිතින් භාග්‍යවතුන් වහන්සේ සිත්හි සිතුවිල්ල දැන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ස්වාමීනි, වහන්ස, භගවත් තෙමේ නොනසවමින් නොනස්වමින් ධනහානි නොකරමින් නොකරවමින් ශොක නොකරමින් ශොක නොකරවමින් දැහැමෙන් රජය කෙරේවා. සුගත තෙමේ රජය කෙරේවායි.



[භගවත්හු:]



පව්කාරය, “වහන්ස, භගවත් තෙමේ නොනස්මින් නොනස්වමින් ධනහානි නොකරමින් නොකරවමින් ශොක නොකරමින් නොකරවමින් දැහැමින් රජය කෙරේවා, සුගත තෙමේ රජය කෙරේවා”යි යම්හෙයෙකින් තෝ මට මෙසේ කියහිද, තෝ කුමක් දකිහිද?



[මරු:]



වහන්ස, භගවත්හු විසින් සතර ඍද්ධිපාදයෝ වඩන ලද්දාහ. බහුල කරණ ලද්දාහ. යානයක් මෙන් කරන ලද්දාහ. වාස්තුවක් මෙන් කරණ ලද්දාහ. නිතර තමා කෙරෙහි පිහිටුවන ලද්දාහ. පුරුදු කරණ ලද්දාහ. භාවනායෙන් සම්පූර්ණ කරණ ලද්දාහ. ස්වාමීනි, වහන්ස, ඉදින් භගවත් තෙමේ කැමති වන්නේනම් හිමාලය පර්වතය රන්ම වේවා යයි සිතන්නේ නම් රන් පව්වෙක් වන්නේය.



[භගවත්හු:]



ස්වර්ණ සඞ්ඛාත ජාතරූපයෙන් නිමි හුදු පව්වෙක් වේ නම් එමෙන් දෙගුණයක් මහත් පව්වක් වුවද එක් පුරුෂයකුගේ සිතට නොසෑහේ. මෙසේ දන්නා නුවණැත්තේ සමව හැසිරෙන්නේය.



යම් පංච කාම කෙනකුන්ගේ හේතුයෙන් දුක පහළවේ යයි යමෙක් දුක දිටි නම් ඒ සත්ව තෙමේ කෙසේ පස් කම් සුවෙහි නැමෙන්නේද නුවණැති සත්ව තෙමේ ලෝකයෙහි පස්කම්හු ‘සඞ්ගයහ’යි දැන පස්කම් දුරලීම පිණිසම හික්මෙන්නේය.



ඉක්බිති පවිටු මාර තෙමේ භගවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පත් වූයේ නොසතුටු සිත් ඇත්තේ එහිම අතුරුදන් විය….





1. ශාරීපුත්‍ර ස්ථවිරාවදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූ අපදාන 1 > 1. බුද්‌ධාපදානය > ථෙරාපදානං



332. යම්සේ හිමවත් පර්‍වතය හැම සතුනට අවශ්‍ය ඖෂධ ඇත්තේවේද, (ඕපපාතික) නාගයනටද, අසුරයනටද (භූමාටු) දෙවතාවන්ටද වාසස්ථාන වේද….





390. පුබ්බකම්මපිලොතිකාවදානය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූ අපදාන 1 > 39. අවණ්ටඵල වර්ගය



3341. නොයෙක් රත්නයෙන් බබලන නානාවිධ සුගන්‍ධ පුෂ්පයෙන් ගැවසීගත් හිමාලය වනයෙහි අනවතප්ත විල සමීපයෙහිවූ සිත්කලු ගල්තලාවෙක්හි,



3342. මහත්වූ භික්‍ෂුසමූහයා විසින් පිරිවරන ලද බුදුරජානන් වහන්සේ වැඩහුන් සේක්, එහිදී තමන්වහන්සේගේ පූර්‍වකර්‍මය (පාප විපාක) ප්‍රකාශ කළ සේක.



3343. මහණෙනි, මා විසින් යම් කර්‍මයක් කරන ලදද මාගේ ඒ කර්‍මය අසවු. විපාකාවශෙෂකර්‍මය බුදුබැව් ලැබූ කල්හිද විපාක දේ.



3344. පෙර මම අප්‍රකට වූ (ශුද්‍ර) ජාතියට අයත් මුනාළී නම් ධූර්‍තයෙක් වීමි. (එකල්හි) ක්ලෙශයන්ගෙන් නින්දා ‍නොකටයුතුවූ සරභූ නම් පසේබුදුන් වහන්සේට නින්දා කෙළෙමි.



3345. ඒ කර්‍මවිපාකයෙන් බොහෝ කලක් නිරයෙහි සැරිසැරීමි. බොහෝ දහස් ගණන් හවුරුදු දුක්වේදනා වින්දෙමි.



3346. ඒ කර්‍මයාගේ අවශෙෂ විපාක වශයෙන් මේ අන්තිම භවයෙහි සුන්‍දරිකා නම් පරිව්‍රාජිකාව නිසා මා විසින් නින්දා වචන ලබන ලදි.



3347. සබ්බාභිභු නම් බුදුරජුන්ගේ නන්ද නම් ශ්‍රාවකයෙක් වීය. උන්වහන්සේට නින්දා කොට මා විසින් බොහෝ කාලයක් නිරයෙහි සැරිසරන ලදි.



3348. හවුරුදු දසදහසක් පමණ වූ දීර්‍ඝකාලයක් නිරයෙහි සැරිසැරීමි. මිනිසත්බව ලත් මම බොහෝ නින්දා ලැබීමි.



3349. ඒ කර්‍මයාගේ ශේෂ වූ විපාකයෙන් චිඤ්චමානවිකා තොමෝ ජනසමූහයා ඉදිරියෙහි මට අභූතයෙන් චොදනා කළාය.



3350. මම බොහෝ දෙනා විසින් සත්කාර කරණ ලද්දාවූ පුදන ලද්දා වූ බහුශ්‍රැත බමුණෙක් වීමි. මහවනයේ පන්සියක් මානවකයනට මන්ත්‍ර හදාරවමි.



3351. මහත් සෘද්ධි ඇති පඤ්චාභිඥාලාභීවූ භීම සෘෂිතෙම එහි පැමිණියේය. මම එසේ පැමිණියහු දැක නින්දා නො කටයුතු වූ ඔහුට නින්දා කෙළෙමි.



3352. ඉක්බිති මම ශිෂ්‍යයන්හට “මේ සෘෂිතෙම කාමභොගියෙකැ” යි කීමි. මාණවකයෝද මා කී වචනයට සතුටු වූවාහු ය.



3353. ඉක්බිති මාණවකයෝ හැමදෙන ගෙයක් පාසා පිඬු සිඟමින් “මේ සෘෂිතෙම කාමභොගියෙකැ” යි මහජනයාට කීහු.



3354. ඒ කර්‍මවිපාකයෙන් මේ හැම පන්සියක් භික්‍ෂුහු සුන්දරිකා පිරිවැජිය නිමිති කොට නින්දා ලැබූහ.



3355. පෙර මම (එක පියකුට දාව දෙමවුකුසින් උපන්) ද්වේමාතික සොහොයුරු ධනය හෙතුකොට ගෙන නැසීමි. ගිරිදූර්‍ගයක හෙළීමි. ගලකින්ද තැළීමි.



3356. ඒ කර්‍මවිපාකය හේතු කොට ගෙණ දෙව්දත් තෙමේ මට ගලක් පෙරළීය. ඉන් නැගුනු ගල් පතුරක් මාගේ පයෙහි මහැඟිල්ල තැළීය.



3357. පෙර මම කුල දරුවෙක්ව මහමගෙහි ක්‍රීඩා කරමින් මග වඩිනා පසේබුදු නමක් දැක ගල්කැබැල්ලක් උන්වහන්සේ දෙසට ලීමි.



3358. ඒ කර්‍මවිපාකයෙන් මේ අන්තිම භවයෙහි දෙව්දත් තෙමේ මා මැරීම පිණිස දුනුවායන් යෙදවීය.



3359. මම පෙර ඇතරුවෙක් වීමි. පිඬු පිණිස හැසිරෙන පසේබුදුනමක් දැක ඇතා ලවා උන්වහන්සේ ගටා ලැවීමි.



3360. ඒ කර්‍මවිපාකයෙන් ගිරිබ්‍බජ (රජගෘහ නුවර) නම් උතුම් නගරයෙහිදී මත් වී භ්‍රාන්ත වූ දරුණු නාලාගිරි ඇතා මා වෙත එළැඹියේ ය.



3361. මම පෙර රජෙක් වීමි. සැතකින් (ආයුධ) ගසා පුරුෂයකු මැරීමි. ඒ කර්‍මවිපාකයෙන් බොහෝ කලක් නිරයෙහි පැසුනෙමි.



3362. ඒ කර්‍මයාගේ ශෙෂ වූ විපාකයෙන් මෙකල මාගේ පාදයෙහි සිවිය ඇතුළත ලේ තැල්ම නිසා ප්‍රදුෂ්‍ය විය. කර්‍මය නැති නොවේ.



3363. මම කෙවුල් (ධීවර) ගමක කෙවුල් දරුවෙක් වීමි. නසන ලද මසුන් දැක සොම්නස ඉපදවීමි.



3364. ඒ කර්‍මවිපාකයෙන් මාගේ හිසෙහි දුක් වේදනාවක් (හිසේරදය) ඇති විය. යම් කලෙක්හි විඩූඩභ තෙමේ යුද කෙළේද, එකල්හි සියලු ශාක්‍යයෝද නැසුනාහුය.



3365. ඵුස්ස බුදුරජානන් වහන්සේගේ සසුනෙහි ශ්‍රාවකයන්හට යව කවු බුදිවු, හැල් නොබුදිවුයී නින්දා කෙළෙමි.



3366. බමුණකු විසින් ආරාධනය කරණ ලදුයෙම් වෙරඤ්ජාවෙහි විසීමි. එකල ඒ කර්‍මවිපාකයෙන් තෙමසක් යව අනුභව කරණ ලදි.



3367. පෙර මල්ලයුද්ධයක් (සටන් තරඟ) පවත්නා කල්හි මල්ලපුත්‍රයකු පෙළීමි. ඒ කර්‍මවිපාකයෙන් මාගේ පිටෙහි දුක්ඛවෙදනාවක් විය.



3368. මම පෙර වෛද්‍යවරයෙක් වීමි. ධන ලෝභයෙන් එක් සිටුපුතකු විරෙක කරවීමි. ඒ කර්‍මයෙන් මට ලොහිතපක්‍ඛන්‍දිකා (ලේ අතීසාර) රෝගය වැළඳුනේවේ.



3369. පෙර ජොතිපාල තරුණයාවූ මම එකල්හි කාශ්‍යප බුදුරජානන් වහන්සේට “මුණ්ඩයාට හිස මුඩු කළහුට සම්බෝධි ඥානයක් කොයින්ද? ස‍ම්බෝධි ඥානය (සර්වඥතා ඥානය) පරම දුර්‍ලභය”යි කීමි.



3370. ඒ කර්‍මවිපාකයෙන් උරුවෙලායෙහි සාවුරුද්දක් බොහෝ දුෂ්කරක්‍රියා කෙළෙමි. ඉන් පසු සම්‍යක්සම්බොධියට පැමිණියෙමි.



3371. පූර්‍වකර්‍මයෙන් වළක්වන ලදුයේ වැරදි මාර්ගයෙන් බුදුබව සොයන්නෙම් මම ඒ නොමගින් උතුම් සම්‍යක් සම්බොධියට නොපැමිණියෙමි.



3372. පින්පව් ගෙවාලූයෙම්, කෙලෙස් තැවුල් බැහැර කෙළෙම්, ශෝක රහිත වූයෙම්, උපායාස රහිත වූයෙම්, ආස්‍රව රහිත වූයෙම් පරිනිර්‍වාණයට පත්වන්නෙමි.



3373. සියලු අභිඥා බලයනට පත් උත්තරීතර සර්‍වඥයන් වහන්සේ අනවතප්ත මහවිල් ඉවුරේදී භික්ෂුසංඝයා හමුයෙහි මෙසේ වදාළ සේක….





3.6. කුටිකාරශික්‍ෂාපදය (කොටසක් පමණක් මෙහි දැක්වේ)

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 3. සඞ්ඝාදිසේසකාණ්ඩය



9. මහණෙනි, පෙර එක්තරා මහණෙක් හිමාලය ප්‍රදේශයේ එක්තරා වනලැහැබෙක වෙසෙයි. මහණෙනි, ඒ වනලැහැබට නොදුරෙහි ගැඹුරු මහවිලෙක් ඇත. මහණෙනි, එකලැ පක්‍ෂිසමූහයෙක් ඒ විලෙහි දහවල් ගොදුරු කා සවස ලගිනු පිණිස ඒ වනලැහැබට පැමිණෙයි. මහණෙනි, ඉක්බිති ඒ මහණ තෙම ඒ පක්‍ෂි සමූහයාගේ හඬින් පෙළුනේ මා වෙත එළැඹියේය. එළැඹ මා වැඳ එකත්පස්ව හුන්නේය. මහණෙනි, එකත්පස්ව හුන් ඒ මහණහට “කිම, මහණ, ඉවැසිය හැකිද? කිම? යැපිය හැකිද? කිම? නිදුකින් අදන්මඟ ආහිද? මහණ තෝ කොහි සිට එයි දැ” යි කීමි. එවිට ඒ මහණ මෙය කීය: “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකිය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකිය. ස්වාමීනි, වහන්ස, මම් නිදුකින් අදන්මඟ ආයෙම්ද වෙමි. වහන්ස, හිමාලය ප්‍රදේශයේ මහ වනලැහැබෙක් වෙයි. එය නොදුරෙහි ගැඹුරු මහවිලෙක් වෙයි. වැලිදු වහන්ස, මහත් පක්‍ෂිසමූහයෙක් ඒ විලෙහි දහවල් ගොදුරු කා සවස ලගින්නට ඒ වනලැහැබට පැමිණෙයි. භාග්‍යවතුන් වහන්ස, මම් එහි සිට එමි. ඒ පක්‍ෂිසමූහයාගේ හඬින් පෙළුනෙම් වෙමි.” “මහණ, තෝ ඒ පක්‍ෂිසමූහයාගේ නොපැමිණීම කැමැත්තෙහි දැ?”යි මම් ඇසීමි. “එසේය, වහන්ස, මම් ඒ පක්‍ෂිසමූහයාගේ නොපැමිණීම රිසියෙමි”යි ඒ මහණ කීය. එවිට “මහණ, එසේ වී නම්, තෝ එහි ගොස් ඒ වනලැහැබට වැද, ‘යම් පමණ පක්‍ෂීහු මේ වනලැහැබෙහි විසීමට පැමිණියාහු ද, ඒ පින්වත් පක්‍ෂීහු මගේ වචනය අසත්වා. පියාපතින් මට වැඩ ඇත. පින්වත්හු මට එකි එකී පියාපත දෙත්වා”යි පෙරයම්හි තෙවරක් හඬ ගා කියව. රෑ මැදි යම්හිද, පැසුළු යම්හිද එසේ ම තෙවර තෙවර හඬ ගා කියව”යි කීමි....





3 - 1 පබ්‌බජ්‌ජා සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > සුත්ත නිපාතය > 3. මහා වර්ගය


407. ඒ පසැස් ඇති සම්බුදුරජානන් වහන්සේ ගෘහවාසයෙහි ආදිනව සහ ප්‍රව්‍රජ්‍යායෙහි අනුසස් විමසන සේක් යම්පරිදි පැවිද්දක් කැමතිවූ සේක් නම් යම් පරිද්දෙකින් පැවිදිවූසේක් නම් ඒ ප්‍රව්‍රජ්‍යාව කීර්තනය කරන්නෙමි.



408. ‘මේ ගෘහවාසය කුශල ක්‍රියාවට සම්බාධයැ. රාගාදි ක්ලෙශයනට උත්පත්ති දේශයෙකැ’ යිද ප්‍රව්‍රජ්‍යාව අභ්‍යවකාශය’යිද මෙසෙයින් දැන පැවිද වූහ.



409. පැවිද්ද ගෙන කයින් ත්‍රිවිධ දුෂ්චරිත දුරැලූහ. චතුර්විධ වාග්දුශ්චරිතය හැරැපියා ආජීවපාරිශුද්ධිය පැවැත් වූහ.



410. බුදුහු මගධයන්ගේ ගිරිව්‍රජ නම්වූ රාජගෘහ නගරයට වැඩියහ. ආකීර්ණවූ උත්තම මහාපුරුෂ ලක්ෂණයෙන් සමන්වාගත වූසේක් පිඬුවා සඳහා සැරිසැරූහ.



411. බිම්බිසාර රජ පහයෙහි සිටියේ උන්වහන්සේ දිටී. මහපුරිස් ලකුණින් සමන්වාගත ඔවුන් දැක මේ අරුත් බිණීය.



412. භවත්නි, මෙ පුඟුල් බලවූ හේ දැකුම් කලු අඟ පසඟ ඇති හෙයින් අභිරූප වූයේ ආරොහපරිණාහ සම්පන්න වූයේ පිවිතුරු සිවිපැහැ ඇතියේයැ. චරණයෙනුදු යුතු වූයේ යුගමාත්‍රයක්මැ බලනු වෙයි.



413. යටැ හෙලු ඇස් ඇතියේ ස්මෘතිමත් මෙතෙම නීචකුලෙන් නික්මැ පැවිද්දකු බඳු නොවේ. රාජදූතයෝ වෙළෙවිවැ යෙත්වා, මහණ කොහියේද?



414. අණවනලද ඒ රාජදුතයෝ ‘මහණ කොහියේද? කොහි උහුගේ වාසය වන්නේදැ’යි පිටුපසින් ලුහුබැඳියහ.



415. පියූ දොර ඇතියේ ඉන්ද්‍රියසංවරයෙන් මොනොවට සංවෘත වූයේ ගෙපිළිවෙළ නොකඩ කොටැ සැරිසරමින් මනා නුවණැතියේ එළඹ සිටි සිහි ඇතියේ ඒ මුනි වහා පාත්‍රය පිරැවියැ.



416. ඒ මුනි පිණ්ඩවාරය කොට නුවරින් නික්මැ ‘මෙහි වාසය වන්නේ’ යි පාණ්ඩව පර්වතය කරා ගියේයැ.



417.එක්බිති වාසොපගත වුවහු දැකැ රාජදූතයෝ රජු වෙතැ පැමිණියහ. එක්දූතයෙක් පැමිණ රජුට දැන්වීයැ.



418. මහරජාණෙනි, තෙල මහණ පාණ්ඩව පර්වතයාගේ පැදුන්දික්හි ගිරිගුහායෙහි ව්‍යාඝ්‍රයෙකු හා වෘෂභරාජයෙකු හා සිංහරාජයෙකු හා බදුව හින.



419. රාජදූතයන් ගේ බස් අසා රජතෙමේ භද්‍රයානයෙන් අනලස් සැහැවී ඇතියේ පාණ්ඩව පර්වතය කරා නික්මැ ගියේයැ.



420. ඒ රජතෙමේ යානභූමිය තාක් ගොස් යානයෙන් බැසැ පියගමන් ඇතියේ එළැඹැ ඒ තවුසන් වෙතැ එළැඹැ හින.



421. එක්බිති රජ ඔහු හා සතුටු වියැ. හේ සිහි කළමනා කථාකොට නිමවා මේ පවත් කීයැ.



422. නවයොවුනෙහි උපතින් තුරුණුයෙහි පළමු උපතින් ලදරුයෙහි වර්ණයෙන් හා ආරොහසම්පත්තියෙන් සපන්හී ක්ෂත්‍රිය ජාතිඇතියකු බන්දෙහි.



423. කැමති තාක් භෝග දෙමි. බලකාය හොබවමින් ඇත්සෙනඟින් පිරිවරණලදුයේ භෝග සුඛ වලඳව. මාවිසින් විචාරණ ලදුයෙහි ජාතිය ද කියව”යි.



424. මහරජ, ඉදිරි හිමවත් පෙදෙසේ ධනයෙන් හා විර්‍ය්‍යයෙන් සපන්වූ කෝසල ජනපදයෙහි ආදිකාලයෙහි සිටැ අන්වයාගත මහරජහුගේ ජනපදයෙක් වෙයි.



425. ඔහු ගෝත්‍ර විසින් ආදිත්‍ය (සූර්‍ය) නම්ද වංශයෙන් ශාක්‍ය නම්ද වෙති. මහරජ, මම ඒ කුලෙන් පැවිදි වුයෙම් කාමයන් පතනුයෙම් නොවෙමි.



426. වස්තුකාම (ධන ආදී) ක්ලෙශකාමයන්හි (ආදරය ආදී) ආදීනව දැකැ පැවිද්ද ක්ෂේම විසින් දැකැ ප්‍රධන් වීර්යය සඳහා යන්නෙමි. මේ ප්‍රධන් (විමුක්තිය පිණිස) වීර්යයෙහි මාගේ සිත රැඳුනේයි….





41. භාගිනෙය්‍ය උපාලි ස්ථවිරාවදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූ අපදාන 1 > 5. උපාලි වර්ගය



1121. උතුම්වූ හිමවත් පව්වෙහි, පර්වතයන්හි හටගන්නා (මලයජ) සඳුන් (ආදී) යම් ගන්ධයෝ වෙත් නම්, ඒ සියලු සුගන්ධයෝ ඔබ වහන්සේගේ සීල (සුගන්ධ) යෙහි කලාවකටද නොයෙදෙත්. (සම නොවෙත්)….





3. අම්බට්ඨ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > සීලස්කන්ධ වර්ගය > 3. අම්බට්ඨ සූත්‍රය



“අම්බට්ඨය, තට පෙරැ වූවක් කියමි, අතීතයෙහි ඔක්කාක රජ තෙමේ තමහට ප්‍රියවූ මනාපවූ යම් මෙහෙසියක්වූ නම්, ඇයගේ පුතුට රජය පිරිනමනු කැමැත්තේ උක්කාමුඛ කරකණ්ඩ හත්ථනික නිපුර යන දෙටු කුමරුන් රටින් පිටත් කෙළේය. රටින් පිටත් කරනු ලැබූ ඔහු - හිමවත් පෙදෙසැ පොකුණක් අද්දරැ මහ ශාක ගස් ඇති වනයෙක් විය. - එහි වාසය කළහ. ඔහු ජාතිසම්භේදයට (අන්‍යකුල හා මිශ්‍රවැ කිලිටි වීමට) බියෙන් සිය බිහිනියන් හා එක්වැ වුසූහ….





7. මහාසමය සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > මහා වර්ගය > 7. මහාසමය සූත්‍රය



හිමවත් වැසි, නන්වැදෑරුම් පැහැ සපු ඇති, ඉදුමත්, බබළන පැහැපත්, යශස් ඇති සදහසෙක් දෙවියෝ සතුටු වන්නාහු ඒ රහත් මහණ දක්නට වනය කරා එළැඹියාහ….





533. මහාකප්පින ස්ථවිරාවදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූ අපදාන 2 > 54. කච්‌චායන වර්ගය



5745. යලි එයින් සැව මිනිසත් බවට පැමිණියෙමු. හිමවත් පව් පසෙකැවූ කුක්කුට පුරයෙහි උපන්නමෝ වූමු….





86. දුතියරංසිසඤ්ඤක ස්ථවිරාවදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූ අපදාන 1 > 9. තිමිර වර්ගය



1531. වැහැරි සිවුරු දරන්නාවූ මම හිමවත් පව්වෙහි සක්මනට නැගුනේ නැගෙනහිර දිගට මුහුණලා හුන්නෙමි….





3. සුධාභොජන ජාතකය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ජාතක පාළි 2 > 21. අසීති නිපාතය



4048. දෙව සාරථිය, යම් තාපසයෙක් දකුණු දිග ගං ඉවුරෙහි හිමවත් පාර්ශ්වයෙහි වාසය කෙරේ ද, ඒ කොසිය තාපස තෙම දුර්ලභ ආහාර පාන ඇත්තේ ය. ඔහුට සුධාභොජනය පමුණුව යි කීයේ ය….





64. පරප්පසාදක ස්ථවිරාවදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූ අපදාන 1 > 7. සකචින්‌තනිය වර්ගය



1369. ප්‍රමාණ කළ නොහැකි හිමවත්පව්ව යම්සේද, තරණය කළ නොහැකි සාගරය යම් සේ ද, බුදුරජානන් වහන්සේගේ ධ්‍යානයද එසේමය. (උන්වහන්සේ) දැක කවරෙක් (නම්) නොපහදීද?





2.10. උත්තරමාතෘ ප්‍රේත වස්තුයි.

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ප්‍රේත වස්තු > 2. උබ්බරී වර්ගය



337. සිහිල් දිය ඇති මේ ගඟ හිමවත් පව්වෙන් ගලා බසී. මේ ගඟින් දිය ගෙන පානය කරව, කුමක් හෙයින් මා ගෙන් පැන් යදිහිද?





16.1.2. උදායී ස්ථවිරගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ථෙරගාථා පාළි > 15. සොළස නිපාතය



692. ඒ බුද්ධනාග තෙමේ ඒකාන්තයෙන් අන්‍යපර්වතයන් ඉක්ම සිටි හිමවත් පර්වතය මෙන් අත්‍යන්තයෙන් බැබළී, ‘නාග’ නාමය ඇති සියල්ලන් අතුරෙහි නිරුත්තරවූ සත්‍යනාමය ඇත්තේයි….





487. පුලිනුප්පාදක ස්ථවිරාවදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූ අපදාන 2 > 49. පංසුකූල වර්ගය



5140. හිමවත් පව්වෙහි දේවළ නම් තවුසෙක් විය. එහි මාගේ සක්මන අමනුෂ්‍යයන් විසින් මවන ලද….





3.3.9 බාලපණ්ඩිත සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > උපරි පන්නාසකය > 3. සුඤ්‌ඤත වර්ගය



ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මිට පමණ වූ පුරුතු පහණක් ගෙන භික්ෂූන් ඇමැතූ සේක. මහණෙනි, ඒ කිමැයි සිතවු ද? මා විසින් ගන්නාලද අතුල් පමණ වූ යම් පුරුතු පහණෙක් ඇද්ද, යම් හිමවත් පර්වතරාජයෙකුත් ඇද්ද, මෙයින් කවරෙක් අතිශයින් මහත් වේදැ? යි….





2.3.10. නානාතිර්ථයසාවක සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)



ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 2. දේවපුත්‌ත සංයුත්‌තය > 3. නානාතිර්ථය වර්ගය





111. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සේක.



එකල්හි නොයෙක් නොයෙක් තීර්ථකයන් ගේ ශ්‍රාවකවූ මනා ඡවිවර්ණ ඇති අසමද සහලිද නිඩ්කද ආකොටකද වෙටම්බරිද මානවගාමියද යන බොහෝ දෙව්පුත්හු රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු වේළුවනය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි අසම දෙව්පුත් තෙමේ පුරණකාශ්‍යප ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:



කසුප් ශාස්තෘ තෙමේ සිඳීමෙහිද මැරීමෙහිද පෙළීමෙහිද ධනහානියෙහිද තමහට පවක් හෝ පිණක් හෝ නොදකියි. හේ තෙමේ ඒකාන්තයෙන් විශ්වාසය කීය. එහෙයින් බුහුමනට සුදුසුය.



ඉක්බිති සහලී දෙව්පුත් තෙමේ මක්කලි ගෝසාල ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:



කය පෙළන තපසින් හා පවට පිළිකුල් කිරීමෙන් යුක්තවූ හෙතෙමේ ජනයා සමග කලහ වචන හැර මුසාවාදයෙන් තොර වූයේ සැබෑ තෙපුල් කියන සුලු වූයේ එබඳු ගුණ ඇත්තේ ඒකාන්තයෙන් පවක් නොම කෙරෙයි.



ඉක්බිති නිඩ්ක දෙව්පුත් තෙමේ නිගණ්ඨනාථපුත්‍ර ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමිපයෙහි මේ ගාථාව කීය:



පවට පිළිකුල් කරණ නුවණැති සසර භය දක්නා චාතුයාමසංවරයෙන් යුත් නිඝණ්ඨනාථපුත්‍ර තෙමේ දක්නා ලද්දද, අසන ලද්දද කියන්නේ ඒකාන්තයෙන් පව් කරන්නෙක් නොමවන්නේ ය.



ඉක්බිති ආකොටක දෙව්පුත් තෙමේ නොයෙක් තීර්ථකයන් ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:



පකුධකාත්‍යායන තෙමේද නිගණ්ඨනාතපුත්‍ර තෙමේද යම් මේ මක්ඛලිගොසාල පූරණකාස්සප දෙදෙනාද යන ගණයාට ශාස්තෘ වූ මහණ කමෙහි කෙළ පැමිණි ඔහු ඒකාන්තයෙන් සත්පුරුෂයන් ගෙන් දුර නොවෙත්.



ඉක්බිති වෙටම්බරී දෙව්පුත් තෙමේ ආකොටක දෙව්පුත්හට ගාථායෙන් පෙරළා කීය.



කොන්ථුක නම්වූ ලාමක කළු සිවල් තෙමේ එක්ව හැසිරීමෙන් කිසි කලෙකත් සිංහයෙකු හා සමාන නොවේ. එහෙයින් නග්නවූ බොරු කියන සුලුවූ සැක කටයුතු හැසුරුම් ඇති ගණශාස්තෘ (මිත්‍යා දර්ශන ඇති පිරිස් සහිත ශාස්තෲන්) තෙමේ බුද්ධාදි සත්පුරුෂයන්ට සම නොවේ.



ඉක්බිති පවිටු මාර තෙමේ වෙටම්බරී දෙව්පුත්හට ආවිෂ්ටව (මෙහිදී ඍජු ආවේෂයයි, ශරීරයේ අවේෂයයි. මවන ලද රූප දැක්වීමෙන් සිතට බලපෑම් කිරීමේ වක්‍ර ආවේශය නොවේ) භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:



තපසෙහිද පවට පිළිකුල් කිරීමෙහිද විවේක බව රකින රූපයෙහි පිහිටි (එහෙත් රූපයට තණ්හා කරන) යම් කෙනෙක් දෙව්ලොව පතත්ද, ඒ මනුෂ්‍යයෝ ඒකාන්තයෙන් පරලොව පිණිස මැනවින් අනුශාසනා කෙරෙත්.



ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මාරයා යයි දැන පවිටු මාරයහට ගාථායෙන් පෙරළා වදාළ සේක:



මෙලොව හෝ පරලොව හෝ අහසෙහි හෝ පැහැපත් වර්ණ ඇති යම් කිසි රූපයෝ වෙද්ද, මාරය, ඒ සියල්ලෝ තා විසින් ප්‍රශංසා කරන ලදහ. මසුන් නැසීම පිණිසලූ ඇමක් මෙනි.



ඉක්බිති මානවගාමිය දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කීය.



රජගහනුවර පර්වතයන්ට වෛපුල්‍යපර්වතය ශ්‍රේෂ්ඨයැයි කියනු ලැබේ. හිමාලයේ පර්වතයන්ට කෛලාසය කූටය ශ්‍රේෂ්ඨය. අහසෙහි යන්නවුන්ට සුර්ය්‍යයා ශ්‍රේෂ්ඨය. ජලාශයන්ට මුහුද ශ්‍රේෂ්ඨය. නැකත් තරුවලට සඳ ශ්‍රේෂ්ඨය. දෙවියන් සහිත ලෝකයාහට බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨය යැයි කියනු ලැබේ….





2.3.5. ජන්තු සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 2. දේවපුත්‌ත සංයුත්‌තය > 3. නානාතිර්ථය වර්ගය



106. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක කොසොල් දනව්වෙහි හිමාලය ප්‍රදේශයේ වනකිළියෙක උඩඟුවූ නගා ගත් මාන නළ ඇති, චපලවූ රළු වචන ඇති, දොඩමලුවූ මුළාවූ සිහි ඇති, මනා නුවණ නැති, සමාධි රහිත සිත් ඇති, නොසන්සුන් සිත් ඇති, පියවි ඉඳුරන් ඇති බොහෝ භික්ෂූහු වෙසෙත්….





1.14.9 - 12 නාග සූත්‍ර

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > මහා වර්ගය > 1. මග්ග සංයුක්තය > 14. බලකරණීය වර්ගය



187–190. මහණෙනි යම්සේ හිමවත් පර්වතරාජයා නිසා නාගයෝ කය වඩද්ද, බල ගනිද්ද, ඔහු එහි කය වඩා බල ගෙන කුඩා හෙබ්වලට බසිත්. කුඩා හෙබ්වලට බැස මහහෙබ්වලට බසිත්. මහහෙබ්වලට බැස කුඩාගඩ්ගාවලට බසිත්. කුඩාගඩ්ගාවලට බැස මහාගඩ්ගාවලට බසිත්. මහාගඩ්ගාවලට බැස මහමුහුදුසයුරට බසිත්. ඔහු එහි කයින් මහත්වයට විපුලත්වයට පැමිණෙත්. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ, අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා මහත්වයට විපුලත්වයට පැමිණෙයි. මහණෙනි, මහණ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා මහත්වයට විපුලත්වයට පැමිණේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවෙකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරොධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා මහත්වයට විපුලත්වයට පැමිණේ යයි...





9.1.3. මහානාග සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 9. භික්ඛු සංයුක්තය > 1. ප්‍රථම වර්ගය



ඇවැත්නි, යම් සේ කුඩා ගල් කැටක් හිමවත් පවුරජුගේ (මහත් බව සඳහා) ලක් තැබීම (උපමා කිරීම) පිණිස පමණක්ම වේද, එසෙසින්ම අපිදු ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ගේ ඍද්ධිමහත්තත්වය සඳහා ලක් තැබීම පිණිස පමණක්ම වෙමු. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මහත් ඍද්ධි ඇත්තාහ. මහත් අනුභාව ඇත්තාහ. කැමැත්තෝ නම් ආ‍යුෂකල්පයම සිටිනාහුය….





2.1.1. හිමවන්‌ත සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > මහා වර්ගය > 2. බොජ්ඣඞ්ග සංයුක්තය > 1. පබ්‌බත වර්ගය



මහණෙනි, හිමවත් පවුරජ නිසා නාගයෝ කය වඩත්, බල ගන්වත්. ඔහු එහි කය වඩා, බල ගන්වා කුඩා හෙබ්වලට බසිති. කුඩා හෙබ්වලට බැස මහ හෙබ්වලට බසිති. මහ හෙබ්වලට බැස කුඩා ගඞගාවලට බසිති. කුඩා ගඞගාවලට බැස මහා ගඞගාවලට බසිති. මහා ගඞගාවලට බැස මහමුහුදට සයුරට බසිති. ඔහු එහි කයින් මහත්ත්‍වයට විපුලත්‍වයට පැමිණෙත්. මහණෙනි, එසෙයින්ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සප්තබොධ්‍යඞ්ගයන් වඩන්නේ සප්තබොධ්‍යඞ්ගයන් බහුල කරන්නේ දහම්හි මහත්ත්‍වයට විපුලත්වයට පැමිණේ….





6.1.3.4. හිමවන්‌ත සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > ඡක්ක නිපාතය > 3. අනුත්‌තරිය වර්ගය



24. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ හිමවත් පර්‍වතරාජයා බිඳලන්නේය. ලාමක අවිද්‍යා පිළිබඳ කවර කථායෙක….





6.1.5.1. නාග සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > ඡක්ක නිපාතය > 5. ධම්‌මික වර්ගය



21. අන්‍ය පර්‍වතයන් ඉක්මවා දිලෙන හිමවත් පර්‍වතය සෙයින් බුද්ධනාග තෙම හැම නාගයන් මැඩැගෙණ වොරඳනා රුචි (බැබැළුම්) ඇතියේය. හැම නාගනාම ඇතියන් අතුරෙහි (පව් නො කරන හෙයින්) සත්‍යවූ නාග නාම ඇති බුදුතෙම අනුත්තර වෙයි….





3.1.7. මක්‌කට සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > මහා වර්ගය > 3. සතිපට්ඨාන සංයුක්තය > 1. අම්‌බපාලි වර්ගය



1185. මහණෙනි, යම් තැනෙක වඳුරන්ගේත් හැසිරීමෙක් නොවේද, මිනිසුන්ගේත් හැසිරීමෙක් නොවේද, හිමවත් පවුරජුගේ එබඳු යා නොහැකි විසම පෙදෙස් ඇත. මහණෙනි, යම්තැනෙක වඳුරන්ගේ හැසිරීමෙක් වේද, (එහෙත්) මිනිසුන්ගේ හැසිරීමෙක් නොවේද, හිමවත් පවුරදුගේ එබඳු යා නොහැකි විසම පෙදෙස්ද ඇත. මහණෙනි, යම් පෙදෙසක වඳුරන්ගේ හැසිරීමත් වේද, මිනිසුන්ගේ හැසිරීමත් වේද, හිමවත් පවුරදුගේ එබඳු සිත්කලු සමබිම් පෙදෙස්ද ඇත. මහණෙනි, එහි වැද්දෝ වඳුරුමංහි වඳුරන් නසන පිණිස වඳුරුලහටු ගල්වා තබත්. මහණෙනි, එහි යම් ඒ වඳුරුකෙනෙක් බාලගති නැත්තාහු ද ලොල්ගති නැත්තාහුද ඔහු ඒ ලහටු දැක දුරින් දුරු කෙරෙත්. යම් ඒ වඳුරෙක් බාලගති ඇත්තේ ලොල්ගති ඇත්තේවේ නම් හේ ඒ ලහටු කරා එළඹ අතින් ගනී. හේ එහි බැඳේ. අත මුදන්නෙමියි දෙවැනි අතින් ගනී. හේ එහි බැඳේ. දෑත මුදන්නෙමියි පයින් ගනී. හේ එහි බැඳේ. දෑතත් පයත් මුදන්නෙමියි දෙවැනි පයින් ගනී. හේ එහි බැඳේ. දෑතත් දෙපයත් මුදන්නෙමි යි තුඞින් ගනී. හේ එහි බැඳේ. මහණෙනි, මෙසේ ඒ වඳුරා පස්තැනෙකින් එල්ලන ලද්දේ අන්‍යයට පැමිණියේ ව්‍යසනයට පැමිණියේ වැද්දා විසින් යම් කැමති පරිද්දක් කළ හැකි වූයේ තතනමින් හොවී. මහණෙනි, වැද්දා ඒ වඳුරා එහි දීම විද උදුරා අත් නොහැර යම් කැමති දිගකටයේ. මහණෙනි, යමෙක් අගෝචර වූ මෙරමා (අනුන්) සතු විෂයෙහි හැසිරේ නම් ඒ මෙසේම වෙයි….





16. සාරිපුත්‌ත සූත්‍රනිර්දේශය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > මහා නිද්දේස පාළි > සාරිපුත්‌තසූත්‍රනිර්දේශය



2. සත්පුරුෂයෝ දුර සිටියාහු නමුදු හිමවත් පර්‍වතය සෙයින් ප්‍රකාශ වෙති. මේ ලොවැ අසජ්ජනයෝ රෑ විදිනලද ඊතල සෙයින් නොපැනෙන්නාහුයි….





21. ප්‍රකීර්ණක වර්ගය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ධම්‌මපදපාළි > 21. ප්‍රකීර්ණක වර්ගය



(304) 15. (උත්සන්න කුසල් මුල් ඇති, භාවිත භාවනා ඇති) සාධූහු දුර සිටියාහුද, හිමවත්පව්ව මෙන් බුදුනුවණට ප්‍රකට වෙති. මෙහි (මේ ලොවම ගරු කොට සිතන, වැරදි දර්ශන ඇති) අඥාන පුද්ගලයෝ රෑ විදුනා ලද ඊයක් මෙන් නොපැණෙත්….





3.1.5.9. චූල වර්ග සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > තික නිපාතය > 5. චූල වර්ගය



49. මහණෙනි, හිමවත් පර්‍වතරාජයා නිසා මහා වෘක්‍ෂයෝ තුන් වැඩුමෙකින් වැඩෙත්. කවර තුණෙකින යත්: ශාඛායෙන් හා පත්‍ර සඞ්ඛ්‍යාත කොළපතරින් වැඩෙත්, පොතුපතරින් වැඩෙත්, ඵලයෙන් හා හරින් හා වැඩෙත්, මහණෙනි, හිමවත් පර්‍වතරාජයා නිසා මහාවෘක්‍ෂයෝ මේ තුන් වැඩුමෙන් වැඩෙත්….





5.1.4.10. මහාසාල සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > පඤ්චක නිපාතය > 4. සුමනා වර්ගය



40. මහණෙනි, හිමවත් පර්වතරාජයා නිසා මහරුක්හු වෘද්ධි පසෙකින් වැඩෙත්. කවර පසෙකින්ද යත්:





4. කුණාල ජාතකය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ජාතක පාළි 2 > 21. අසීති නිපාතය



භවත්නි, ඒ හිමවත් පර්වතරාජයාගේම පූර්ව දිශාභාගයෙහි ඉතා මටසිලිටි ඉතා සුන්දර පර්වතයන් ප්‍රභව කොට ඇති කුණාල විලට ගලා බස්නා වූ නිල්වන් නදීහු ඇත්තාහ. එහි නිලුපුල්ය කුමුදුය පියුම්ය හෙළපියුම්ය පිරිපුන් සියපත් පියුම්ය සෙව්වන්දිය මන්දාරවය යන මෙකී අභිනව ජාත පුෂ්ප සුගන්ධයෙන් මනහරවූ පවිත්‍ර ප්‍රදේශ ඇති, කරවුය මිදෙල්ලය වැටකේය හොමුවඟුය හෝපලුය දොඹය මුහුළුය ඇසළය හෙළපියාය පියාය සල්ය සලලය සපුය අසෝකය නාරුක්ය රිටිගස්ය භුජපත්‍ර (අළුගස්) ය ලොත්ය සඳුන්ය යන වෘක්ෂසමූහයෙක් ගැවැසීගත් වනය ඇති, කළුඅගිල්ය පද්මකය ප්‍රියඞ්ගුය (පුවඟු) දෙව්දුරුය කෙසෙල්ය යන මෙයින් ගහනවූ, කුඹුක්ය කෙළිඳය රුක්අඟුනය කච්චිකාරය රුක්කිණිහිරිය වැල්කිණිහිරිය කණවෙර (කරවීර) ය කුරණ්ඩකය කොබෝලීලය කෑලය යූථිකා (සීනිද්ද) ය යොහොඹුය නොකිලිටි නිදොස්වූ භණ්ඩි නම් පුෂ්පය අතිශයින් රුසිරුවූ භගිනිමාලා නම් පුෂ්පය යනාදි මල් දරන්නාවූ, දෑසමන්ය මධුගන්ධිකය දුනුපළොල්ය තලිස්ය තුවරලාය සුවඳහොටය කොට්ටකය යන මෙයින් යුත් දෙණිවලින් ගැවැසීගත්, යොහොඹුවැලින් හා මනාව පිපුණු (මල් ඇති) සෙසු නොයෙක් වැලින්ද සැරසුණු පෙදෙස් ඇති, හංස මහවවුල් විල්ලිහිණි දියකිරල යන පක්ෂීන් විසින් පවත්වනලද මිහිරි නාද ඇති, විද්‍යාධර සිද්ධ ශ්‍රමණ තවුස් සමූහයන් වාසය කළාවූ, උතුම් දෙව් යකු රකුස් අසුර ගදඹ කිඳුරු මහොරගයන් හැසිරෙන පෙදෙස් ඇති, මෙබඳු මනරම් වනලැහැබෙක්හි භවත්නි, අතිශයින් මිහිරි නාද ඇති, මනොඥවූ මඳ රත් පැහැ යුතු ඇස් ඇති, පූර්ණමුඛ නම් වූ ඵුස්ස කොකිල (පරපුටු කොවුලෙක්) යෙක් වෙසෙයි….





6. භූරිදත්ත ජාතකය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ජාතක පාළි 3 > 22. මහා නිපාතය > 6. භූරිදත්‌ත ජාතකය



5216. සොහොවුරු සුහග, යම් සෘද්ධි ඇති යසස් ඇති මහබඹෙක් මෙ ලොවද පරලොවද භාගිරථී ගඞ්ගාවද හිමවත් පව්වද ගිජ්ඣ පර්වතයද යන මේ සියල්ල කෙළේද හේද ගිනිදෙවියා පිදීය….





2. ද්විතීය භූමි

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > පෙටකොපදෙශ > 2. ද්විතීය භූමි



"සත් අඟෙකින් සමන්වාගත මහණ හිමවත් පව් රජු පවා සලන්නේයැ, ලාමකවූ අවිද්‍යාව (සලන්නේයැ යනු) කියනුමැ කවරේද" (සත්තක නිපාතයෙහි වෙය්‍යාකරණය විස්තර කළ යුතු) මේ උපායයැ….





3.3.9 බාලපණ්ඩිත සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > උපරි පන්නාසකය > 3. සුඤ්‌ඤත වර්ගය



මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර (Shravasti)සමීපයෙහි අනේපිඬු මහසිටුහුගේ ජේතවන අරම්හි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘ස්වාමීනි, වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල බාලපණ්ඩිත සුත වදාළ සේක.



මහණෙනි, බාලයා පිළිබඳ බාලයා දැනගන්නා ලක්ෂණයේ බාලයා දැනගන්නා කාරණයෝ බාලචරිතාපදානයෝ මොහු තුන්දෙනෙක. කවර තුන්දෙනෙක යත්: මහණෙනි, මෙලොවැ බාල තෙමේ අභිජ්ඣා ආදි නපුරු සිතිවිලි සිතනසුලු වෙයි. මුසවා ආදි නපුරු බස් බණනසුලුද වෙයි. පණිවා ආදි නපුරුකම් කරනසුලුද වෙයි. ඉදින් මහණෙනි, බාල තෙමේ නපුරු සිතිවිලි සිතනසුලු වේය, නපුරු බස් බණනසුලුද වේය, නපුරු කම් කරනසුලුද වේය යන තෙල නො වී නම් කවර අයුරෙකින් පණ්ඩිත ජනයෝ “මේ භවත් අසත්පුරුෂ බාලයෙකැ”යි ඔහු හඳුනාගනිත්ද, මහණෙනි, යම් හෙයෙකින් බාල තෙමේ නපුරු සිතිවිලි සිතනසුලු වේද, නපුරු බස් බණනසුලු වේ ද, නපුරු කම් කරනසුලු වේ ද, එහෙයින් පණ්ඩිත ජනයෝ ‘මේ භවත් අසත්පුරුෂ බාලයෙකැ”යි ඔහු හඳුනාගනිති.



මහණෙනි. ඒ බාල ඉහාත්මයෙහි ම තුන්වැදෑරුම් දුක්දොම්නසක් විදුනේය. ඉදින් මහණෙනි, බාල සභායෙක වේව’යි හුන්නේ වේද, වීථියෙක වේව’යි හුන්නේ වේද, සතරමංසන්ධියෙක වේව’යි හුන්නේ වේද, එහිදු ජනයා එයින් උපන් එයට නිසි කථා මන්ත්‍රණ කෙරෙයි. මහණෙනි, ඉදින් බාල පණිවා කරනසුලු වේද, අයිනාදන් ගන්නාසුලු වේද, කාමයෙහි මිසහසර ඇති වේද, මුසවා බණනසුලු වේද, මද පමා දෙකට කරුණු වූ රහමෙර බොනසුලු වේ ද, මහණෙනි, එහිදී බාලයා හට මෙසේ සිත් වෙයි: “ජනයා එයින් උපන් එයට නිසි යම් කථාවක් මන්ත්‍රණ කෙරේද, ඒ දුසිරිත් දහම්හු මා කෙරෙහි ඇත, මමද ඒ දහම්හිලා දැක්වෙමි”. මහණෙනි, බාල තෙමේ ඉහාත්මයෙහි ම මේ පළමුවන දුක්දොම්නස විඳුනේ වෙයි.



තවද මහණෙනි, බාල තෙමේ රජදරුවෝ අපරාධකාරී සොරු ගෙන විවිධ කම්කටුලු කෙරෙත්ද, කසයෙනුදු තළනුවන් වේවැලිනුදු තළනුවන් අඩදඬියෙනුදු තළනුවන් අතද සිඳනුවන් පයද සිඳිනුවන් අත් පාද සිඳිනුවන් කනුදු සිඳිනුවන් නැහැදු සිඳිනුවන් කන් නැහැදු සිඳිනුවන් බිලඞ්ගථාලික නම් වධද කරනුවන් ශඞ්ඛමුණ්ඩික නම් වධද කරනුවන් රාහුමුඛ නම් වධද කරනුවන් ජොතිමාලික නම් වධද කරනුවන් හත්ථපජ්ජොතික නම් වධද කරනුවන් එරකවත්තික නම් වධද කරනුවන් චීරකවාසික නම් වධද කරනුවන් එණෙය්‍යක නම් වධද කරනුවන් බලිසමංසික නම් වධද කරනුවන් කහාපණක නම් වධද කරනුවන් ඛාරාපතච්ඡික නම් වධද කරනුවන් පලිඝපරිවත්තික නම් වධද කරනුවන් පලාලපීඨක නම් වධද කරනුවන් රත්තෙලිනුදු ඉස්නවුන් ශුනකයන් ලවා කවනුවන් දිවස්හුල හිඳුවනවන් කඩුවෙනුදු හිස සිඳනුවන් දක්නේ වේද, මහණෙනි, එහිදී බාලයා හට මෙසේ සිත් වෙයි: යම්බදු පාපකර්ම හේතු කොටගෙන රජදරුවෝ අපරාධකාරී සොරු ගෙන විවිධ කම්කටොලු කෙරෙත්ද, කසයෙනුදු තළත්ද, වේවැළිනුදු තලත්ද අඩදඬියෙනුදු තළත්ද, අතද සිඳිත්ද, පයද සිඳිත්ද, අත්පාත් සිඳිත්ද, කනද සිඳිත්ද, නැහැයද සිඳිත්ද, කන්නැහැද සිඳිත්ද, බිලඞ්ගථාලිකවධද කෙරෙත්ද, ශඞ්ඛමුණ්ඩිකවධද කෙරෙත්ද, රාහුමුඛවධද කෙරෙත්ද, ජොතිමාලිකවධද කෙරෙත්ද, හත්ථපජ්ජොතික වධද කෙරෙත්ද, එරකවත්තිකවධද කෙරෙත්ද, චීරකවාසිකවධද කෙරෙත්ද, එණෙය්‍යකවධද කෙරෙත්ද, බලිසමංසිකවධද කෙරෙත්ද, කහාපණකවධද කෙරෙත්ද, ඛාරාපතච්ඡිකවධද කෙරෙත්ද, පලිඝපරිවත්තිකවධද කෙරෙත්ද, පලාලපිට්ඨිකවධද කෙරෙත්ද, රත්තෙලිනුදු ඉසිත්ද, ශුනකයන් ලවා කවත්ද, දිවස්හුලෙහි හිඳුවත්ද, කඩුවෙනුදු හිස සිඳිත්ද, එබඳු පාපධර්මයෝ මා කෙරෙහි ඇත, මමද ඒ දහම්හි දැක්වෙමි. රජදරුවෝ මයිත් දැනගන්නාහු නම් රජදරුවෝ මයිදු ගෙන විවිධ කම්කටොලු කරන්නාහුය. කසයෙනුදු තළන්නාහුය, වේවැලිනුදු තළන්නාහුය, අඩදඬියෙනුදු තළන්නාහුය, අතද සිඳින්නාහුය, පයද සිඳින්නාහුය, අත්පාද සිඳින්නාහුය, කනද සිඳින්නාහුය, නැහැයද සිඳින්නාහුය, කන්නැහැද සිඳින්නාහුය, බිලඞ්ගථාලික නම් වධද කරන්නාහුය, ශඞ්ඛමුණ්ඩික නම් වධද කරන්නාහුය, රාහුමුඛ නම් වධද කරන්නාහුය, ජොතිමාලික නම් වධද කරන්නාහුය, හත්ථපජ්ජොතික නම් වධද කරන්නාහුය, එරකවත්තික නම් වධද කරන්නාහුය, චීරකවාසික නම් වධද කරන්නාහුය, එණෙය්‍යක නම් වධද කරන්නාහුය, බලිසමංසික නම් වධද කරන්නාහුය, කහාපණක නම් වධද කරන්නාහුය, බාරාපතච්ඡික නම් වධද කරන්නාහුය, පලිඝපරිවත්තික නම් වධද කරන්නාහුය, රත්වූ තෙලිනුදු ඉස්නාහුය, ශුනකයන් ලවාද කවන්නාහුය, දිවමනුහු දු හුලැ හිඳුවන්නාහුය, කඩුවෙනුදු හිස සිඳින්නාහු යයි කියායි. මහණෙනි. බාල තෙමේ ඉහාත්මයෙහිම මේ දෙවන දුක්දොම්නස විඳුනේ වෙයි.



යළිදු මහණෙයි, බාලයා පීඨයෙහි නැඟී හුන්නහුට වේව’යි මඤ්චයෙහි නැඟී හුන්නහුට වේව’යි බිමැ හෝනහුට වේව’යි ඔහු විසින් පෙර කරන ලද කායදුශ්චරිතවූ වාග්දුශ්චරිතවූ මනොදුශ්චරිතවූ යම් ලාමක කර්ම කෙනෙක් ඇද්ද, එසමයෙහි ඔහුට ඒ කර්මයෝ එළැඹ සිටිති, (අවලම්බන අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වෙත්.) මහණෙනි, යම් පරිදි සවස් කාලයෙහි මහත් පර්වතකූටයන් ගේ සෙවණැලි පොළොවෙහි පැතිරේද, එපරිදිමැ මහණෙනි, පීඨයෙහි නැඟී හුන්නහු වේව’යි මඤ්චයෙහි නැඟී හුන්නහු වේව’යි බිමැ හෝනහු වේව’යි බාල හට ඔහු විසින් කළ කායදුශ්චරිතවූ හෝ වාග්දුශ්චරිතවූ හෝ මනොදුශ්චරිතවූ හෝ යම් පූර්ව පාපකර්ම කෙනෙක් ඇද්ද එකල්හි ඒ කර්මයෝ එළැබ සිටිත්. මහණෙනි, ඒ වැටැහීම් ආපාතගත කල්හි බාලයා හට මෙසේ සිත් වෙයි: ‘මා විසින් කල්‍යාණයෙක් නොකරන ලද මැය, කුශලයෙක් නොකරන ලද මැයි, බියට පිහිටෙක් නොකරන ලදමැයි, පව් කරන ලද, කැකුළුකම් කරන ලද, කිලුටු කම් කරන ලද, කලණ කර්ම නොකළ කුසල් නොකළ බියට පිහිට නො කළ පව් කළ කැකුළු කර්ම කළ කිලුටු කර්ම කළ ඇත්තනට යම් ගතියෙක් ඇද්ද, පරලොවැ ඒ ගතියට යෙමි’යි කියායි. හේ ශෝක කෙරෙයි, හේ ක්ලාන්ත වෙයි, පරිදේවනා කෙරෙයි, ළෙහි අත් පැහැර හඬයි, සම්මොහයට පැමිණෙයි. මහණෙනි, බාල තෙමේ ඉහාත්මයෙහිම මේ තුන්වන දුක්දොම්නසද විඳුනේ වෙයි.



මහණෙනි, ඒ බාල කයින් දුශ්චරිත කොට බසින් දුශ්චරිත කොට සිතින් දුශ්චරිත කොට කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළැබෙයි, මහණෙනි, මොනොවට බණනුයෙක් එකාන්ත අනිෂ්ට යයි එකාන්ත අකාන්ත යයි එකාන්ත අමනාප යයි යමක් ගෙන බෙණේ නම් මොනොවට බණනුයේ එකාන්ත අනිෂ්ට යයි එකාන්ත අමනාප යයි තෙල නිරය මැ ගෙන භණන්නේය, මහණෙනි, නිරයයෝ අතිශය දුක් ඇතියහ’යි දක්වන්නට උපමාවකුදු නොවේ යයි වදාළෝ.



මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ: ‘වහන්ස, එහෙත් උපමාවක් කරන්නට හැකි දැ’යි.



භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, හැක්කැ’යි වදාළ සේක: “මහණ, යම් පරිදි ‘දෙවයෙනි, මේ අපරාධකාරි සොරෙක, මුහුට යම් දඬුවමක් කැමැත්තහු නම් ඒ දඬුවම එළවාලව’යි පාපකාරී සොරකු ගෙන රජුට දක්වත්ද, රජ ඔහුට මෙසේ කියන්නේ ය: ‘භවත, යා, මේ පුරුෂයා පෙරවරුයෙහි සියක් සිරිපහරින් හිංසා කරව’යි. පෙරවරුයෙහි තුලුන් ගෙන සියක් සිරියෙන් හිංසා කෙරෙයි. ඉක්බිති රජ මධ්‍යාහ්නයෙහි මෙසේ කියන්නේය: ‘එම්බා පුරුෂය, ඒ වධ්‍යමාන පුරුෂයා කෙසේ වේ දැ’යි. දෙවයන් වහන්ස, එසේ ම ජීවත් වේය’යි. රජ තුලුන්ට මෙසේ කියන්නේය: ‘භවත, යා, ඒ පුරුෂයා මධ්‍යාහ්න සමයෙහි සියක් සිරියෙන් හිංසා කරව’යි. මධ්‍යාහ්න සමයෙහි තුලුන් ගෙන සියක් සිරියෙන් හිංසා කරන්නාහුය. ඉක්බිති රජ සවස්වරුයෙහි මෙසේ කියන්නේය: එම්බා පුරුෂය, ඒ වධ්‍යමාන පුරුෂයා කෙසේ වේ දැ’යි. දෙවයෙනි, එසේ ම ජීවත් වේ යැ’යි. රජ තුලුන්ට මෙසේ කියන්නේ ය: ‘භවත, යා, ඒ පුරුෂයා සවස්වරුයෙහි සියක් සිරියෙන් හිංසා කරව’යි, සවස්වරුයෙහි තුලුන් ගෙන සියක් සිරියෙන් නස්නාහුය. මහණෙනි, කෙසේ හඟව, ඒ පුරුෂ සියක් සිරියෙන් නැස්නේ ඒ හෙතුයෙන් දුක් දොම්නස් විඳුනේ වේදැ”යි.



වහන්ස, එක් සිරිපහරකිනුදු හන්‍යමාන පුරුෂ ඒ හෙතුයෙන් දුක්දොම්නස් විඳුනේ ය. තුන්සියක් සිරියෙන් නැස්නේ කවර කථායැ.



ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඇතුළුමිටැ සිටුනා කුඩා කැටක් ගෙන මහණුන් ඇමැතූ සේක: ’මහණෙනි, ඒ කිසේ හඟව, මා විසින් ඇතුළුමිටැ සිටුනා පමණ ඇලුප් කැටෙක් ගන්නා ලද ද, යම් හිමාලය පර්වතරාජයෙක් ඇද්ද, මුන් කෙරෙහි කිමෙක් මහත්තර වේද?



වහන්ස, මුබ වහන්සේ විසින් යම් ඇතුළුමිටැ සිටුනා පමණ අල්ප පාෂාණයෙක් ගන්නා ලදද, මෙය හිමවත් පර්වතරාජයා පිණිස අල්පමාත්‍ර වෙයි, ගණනාවටද නොයෙයි. කලභාගයටද නොයෙයි, වෙතැ තැබීමටද නොයෙයි.



එසෙයින්මැ මහණෙනි, ඒ පුරුෂ තුන් අඩයටි සියෙන් පෙළනු ලබනුයේ ඒ හේතුයෙන් යම් දුකක් දොම්නසක් විඳිද, එය නිරයදුක සඳහා ගණනාවටද නොයෙයි, කලභාගයටද නොයෙයි, වෙතැ තැබීමටද නොයෙයි.



මහණෙනි, ඔහුට නිරයපාලයෝ පඤ්ඤවිධබන්ධන නම් වධයක් කෙරෙති: රත්වූ යහුලක් දකුණතෙහි ගසති, රත් යහුලක් දෙවැනි අතෙහි ගසති, රත් යහුලක් දකුණු පයෙහි ගසති, රත් යහුලක් දෙවැනි පයෙහි ගසති, රත් යහුලක් ළමැද ගසති, හේ එහි දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳී, යම් තාක් ඒ පාපකර්මය නොගෙවේද, ඒ තාක් නොද කලුරිය කෙරෙයි.



මහණෙනි, නිරයපාලයෝ ඔහු යපොළොවැ (ලෝහමය) හොවා කෙටේරියෙන් සසිති, හේ එහි දුඃඛ ත්‍රව්‍ර වේදනා විඳී. යම් තාක් ඒ පාපකර්මය නොගෙවේද, ඒ තාක් නොද කලුරිය කෙරෙයි.



මහණෙනි, නිරයපාලයෝ ඔහු ඌර්ධ්වපාද කොට අධඃශීර්ෂ කොට ගෙන වෑයෙන් සසති. හේ එහි ... යම්තාක් ඒ පාපකර්මය නොගෙවේද, ඒ තාක් නොද කලුරිය කෙරෙයි.



මහණෙනි, නිරයපාලයෝ ඔහු සම්ප්‍රජ්වලිතවූ රථයෙහි යොදා ප්‍රදීප්තවූ හාත්පසින් ප්‍රජ්වලිතවූ සප්‍රභවූ අයොමය පෘථිවියෙහි සාරණයද ප්‍රත්‍යාසාරණය ද කරවත්. (ඔබ මොබැ ඇවිදුවත්.) හේ එහි ... යම්තාක් ඒ පාපකර්මය නොගෙවේද, ඒ තාක් නො ද කලුරිය කෙරෙයි.



මහණෙනි, නිරයපාලයේ ඔහු ගෙන ප්‍රදීප්තවූ හාත්පසින් ප්‍රජ්වලිතවූ ඇවිළගත් ගිනි ඇති මහත් අඞ්ගාරපර්වතයකට නැංවීමද බැස්වීමද කෙරෙති. හේ එහි තීව්‍රවූ කටුකවූ දුක් වේදනා විඳී, යම්තාක් ඒ පාපකර්මය නොගෙවේද, ඒතාක් නොද කලුරිය කෙරෙයි.



මහණෙනි, නිරයපාලයෝ ඔහු උඩුපා කොට හිස් යටිහුරු කොට ගෙන ආදීප්තවූ සම්ප්‍රජ්වලිතවූ ගිනි ඇවිළගත් ප්‍රතප්ත ලොහොකුඹුනිරයෙහි බහාලති, හේ එහි පෙණ පිඬක් බඳු දේහ ඇතිව පැසෙයි. හේ එහි පෙණපිඬක් බඳු ශරීර ඇතිව පැසෙන්නේ එක්වට උඩ නැඟෙයි: එක්වට යටට බස්සි, එක්වට සරස ඇවිදී, හේ එහි තීව්‍ර වූ කටුක වූ දුඃඛ වෙදනා විඳී. යම් තාක් ඒ පාපක්‍රියා නොගෙවේද, ඒ තාක් කලුරිය නොකෙරේ.



මහණෙනි, නිරයපාලයෝ ඔහු ගෙන මහානිරයෙහි බහාලති. මහණෙනි, ඒ මහානිරය නම්:



(ඒ මහානිරය) චතුෂ්කර්ණ යැ, චතුර්ද්වාර යැ, වෙන වෙනම කොටස් වශයෙන් බෙදන ලද, අයස්ප්‍රාකාරයෙන් (ලෝහමය) පරික්ෂිප්ත යැ, යපියනින් පිළිසොයන ලද.



ඒ නරකයා ගේ අයෞමයවූ භූමියැ, ඒද ජ්වලිතයැ, ගිනිදලු සහිතයැ, හැමදාම අවට සියක් යොදුන් තන්හි පැතිරැ සිටුනේයි.



මහණෙනි, මම නන් අයුරින් නිරයකථා කියමි, මහණෙනි, නිරයයෝ මෙතෙක් දුක් ඇතියහ’යි කීමෙකින් මස්තකප්‍රාප්ත කොට කියන්නට පහසු නොවේ මැයි.



මහණෙනි, තණපතක් බුදිනා තිරිසන්ගිය ප්‍රාණීහු ඇත. ඔහු තෙත් වූත් වියැළි වූත් තණ දතින් සිඳිමින් කති. මහණෙනි, තණ බුදිනා තිරිසන්ගිය සත්හු කවරහ යත්: අශ්වයෝයැ, ගොන්නුහැ, ගද්‍රභයෝ යැ, එළුවෝයැ, මෘගයෝයි, තෘණභක්ෂ්‍ය වූ මෙයින් අන්‍ය තිරිසන්ගිය කිසි ප්‍රාණි කෙනෙක් හෝ ඇද්ද, මහණෙනි, ඒ බාල පෙර මෙලොවැ රස බුදිනේ මෙලොවැ පව්කම් කොට කාබුන් මරණින් මතු තණ බුදිනා සත්වයෝ වෙත් නම් ඒ සතුන් ගේ සහවාසයට එළැඹෙයි.



මහණෙනි, අසුචි බුදිනා තිරිසන්ගිය ප්‍රාණීහු ඇත, ඔහු දුරින්මැ අසුචි ගඳ අසා “මෙහිදී කම්හ, මෙහිදී කම්හ”යි දිවෙති. යම් සේ බමුණෝ “මෙහිදී වළඳම්හ, මෙහිදී වළඳම්හ”යි යාග ගන්ධයෙන් දිවෙත් ද, මහණෙනි, එපරිදිමැ අසුචි කන තිරිසන්ගිය ප්‍රාණී කෙනෙක් ඇත, ඔහු දුරින්මැ ගූථගන්ධය අසා මෙහි කම්හ, මෙහි කම්හ’යි දිවෙත්. මහණෙනි, අසුචි කන තිරිසන්ගිය ප්‍රාණීහු කවරහ යත්: කුකුළෝයැ, ඌරෝයැ, බල්ලෝයැ, සිවල්හු යි, අසුචි බුදිනා මෙයින් අන්‍ය යම් කිසි තිරිසන්ගිය ප්‍රාණීහු ඇද්ද, මහණෙනි, ඒ බාල මෙලොවැ පෙර ගෙධයෙන් (බලවත් තණ්හාව) රස වලඳනේ මෙලොවැ පව්කම් කොට කායභෙදයෙන් මරණින් මතු අසුචි බුදිනා යම් සත්ත්ව කෙනෙක් වෙත් නම් ඒ සතුන් ගේ සහවාසයට එළැඹෙයි.



මහණෙනි, අඳුරෙහි උපදනා අඳුරෙහි දිරන අඳුරෙහි මියෙන තිරිසන් ගිය ප්‍රාණීහු ඇත. මහණෙනි, අඳුරෙහි උපදනා අඳුරෙහි දිරන අඳුරෙහි මියන තිරිසන්ගත ප්‍රාණීහු කවරහ යත්: කීටයෝයැ, පණුවෝයැ, ගඩවිල්හු යි. අඳුරෙහි උපදනා අඳුරෙහි දිරන අඳුරෙහි මියන මෙයින් අන්‍ය යම් කිසි තිරිසන්ගිය ප්‍රාණීහු හෝ ඇද්ද, මහණෙනි, ඒ බාල පෙර මෙලොවැ රස වළඳනේ මෙලොවැ පව්කම් කොට කාබුන් මරණින් මතු අඳුරෙහි උපදනා අඳුරෙහි දිරන අඳුරෙහි මැරෙන යම් සත්හු වෙත් නම් ඒ සතුන්ගේ සහවාසයට එළැඹෙයි.



මහණෙනි, දියෙහි උපදනා දියෙහි දිරන දියෙහි මියන ප්‍රාණිහු ඇත, මහණෙනි, දියෙහි උපදනා දියෙහි දිරන දියෙහි මියන ප්‍රාණීහු කවරහ යත්: මත්ස්‍ය, කසුබුවෝ යැ, කිඹුල්හු යි. දියෙහි උපදනා දියෙහි දිරන දියෙහි මියන මෙයින් අන්‍ය යම් කිසි ප්‍රාණී කෙනෙක් හෝ ඇද්ද, මහණෙනි, ඒ බාල පෙර මෙලොවැ ගෙධයෙන් රස වළඳනේ මෙලොවැ පව් කම් කොට කාබුන් මරණින් මතු දියෙහි දනන දියෙහි දිරන දියෙහි මැරෙන යම් සත්හු වෙත් නම් ඒ සතුන්ගේ සහවාසයට එළැඹෙයි.



මහණෙනි, අසුචියෙහි උපදනා අසුචියෙහි දිරන අසුචියෙහි මියන තිරිසන්ගිය ප්‍රාණී කෙනෙක් ඇත. මහණෙනි, අසුචියෙහි දනන අසුචියෙහි දිරන අසුචියෙහි මියන ප්‍රාණීහු කවරහ යත්: මහණෙනි, යම් සත්ත්ව කෙනෙක් කුණුමසෙයි හෝ උපදිත් ද, කුණුමසෙහි හෝ දිරත් ද, කුණුමසෙහි හෝ මියත් ද, පූතිකුණපයෙහි හෝ ... කුණු කොමුයෙහි හෝ ... මොහොළෙහි හෝ ... ගවරවළැ හෝ උපදනා ... සත්ත්වයෝ ඇද්ද .... මහණෙනි, ඒ බාල පෙර මෙලොවැ ගෙධයෙන් රස වළඳනේ මෙලොවැ පව්කම් කොට කාබුන් මරණින් මතුයෙහි අසුචියෙහි දනන අසුචියෙහි දිරන අසුචියෙහි මියන යම් සත්ත්ව කෙනෙක් ඇද්ද, ඒ සතුන් ගේ සහ වාසයට එළැබෙයි.



මහණෙනි, මම නන්අයුරින් තිරශ්චීනයොනිකථා කියමි. මහණෙනි, තිරශ්චීනයොනිය ඉමහත් දුකැ’යි වචනයෙන් කියා නිමහම් පැමිණෙන්නට සුකර (පහසු) නොවෙයි.



මහණෙනි, යම්සේ පුරුෂයෙක් එක් සිදුරැති වියදඬක් මහමුහුදෙහි බහාලන්නේ වේද, තෙල වියදඬ පෙරදිගින් හමන සුළඟ පැසුළු කරා ගෙන යන්නේ වේද, පැසුළු දිගින් හමන සුළඟ පෙරදිග කරා ගෙනයන්නේ වේද, උතුරුදිගින් හමන සුළඟ දකුණුදික්හි ගෙනයන්නේ වේද, දකුණුදිගින් හමන සුළඟ උතුරුදිග්හි ගෙනයන්නේ වේද, ඒ මුහුදෙහි කණකැස්බෙක් ඇද්ද, ඒ කසුබු වර්ෂශතයක් වර්ෂශතයක් ඇවෑමෙන් වරක් ඉල්පෙන්නේ වේද, මහණෙනි, ඒ කෙසේ හඟිව් ද, ඒ කණකැස්බා තෙල එක් සිදුරැති වියදඬියෙහි ගෙල බහන්නේ වේ දැ’යි.



වහන්ස, දීර්ඝකාලයක් ඇවෑමෙන් යම්මැ දිනෙක වියැහෙන්නේ යැ’යි.



මහණෙනි, ඒ කණකැස්බා තෙල එක් සිදුරැති වියදඬියෙහි ඉතා ශීඝ්‍රව (අඩු කාලයකින්) ගෙල බහන්නේය. මහණෙනි, මම වරක් විනිපාතගත (දුගතියේ) බාලයා විසින් මනුෂ්‍යත්වය එයට වඩා දුර්ලභතර යයි කියමි. ඒ කවර හෙයින්ද යත්: මහණෙනි, මෙහි ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා, කුශලක්‍රියා පුණ්‍යක්‍රියා නැත්මය, මහණෙනි, මෙහි උනුන් කෑම, (බලවත් සතා විසින්) දුර්වලයන් කෑම ඇත.



මහණෙනි, ඒ බාල ඉදින් කිසි කලෙස දීර්ඝකාලයක්හුගේ ඇවෑමෙන් (සතර අපායෙන් පසුව) සැඬල්කුලය වේව’යි වැදිකුලය වේව’යි කුලුපොතු කුලය වේව’යි රියකරු කුලය වේව’යි පුප්සඬුකුලය වේව’යි යම් නීචකුල කෙනෙක් ඇද්ද, යම් කුලයෙක්හි දුකසේ බත් වත් ලැබේද, දිළිඳු වූ අල්ප ආහාරපාන භොජන ඇති දුකසේ දිවිවැටුම් ඇති එබඳු කුලයෙහි (පවුලේ) උපදනේය. හේ වැලිත් දුර්වර්ණ වූයේ බිය එළවන දැකුම් ඇතියේ හෝ ලකුණුටක (අඟුටුමිටි) වූයේ හෝ බොහෝ ආබාධ ඇතියේ වෙයි, කණ හෝ කොර හෝ කුදු හෝ පිළු හෝ වෙයි, ආහාර පැන වස්ත්‍ර යාන මල්ගඳවිලෙවුන් ශයන අගාර (නිවාස) හා පහන්තෙල් දුකසේ ලබනසුලු වෙයි. හේ කයින් (නැවත) දුසිරිත් කෙරෙයි, බසින් දුසිරිත් කෙරෙයි, සිතින් දුසිරිත් කෙරෙයි, හේ කයින් දුසිරිත් පුරා, බසින් දුසිරිත් පුරා, සිතින් දුසිරිත් පුරා කාබුන් මරණින් මතු සැපයෙන් පහවැ ගිය දුර්ගති ඇති විවසව පතිත වන නිරයට එළැඹෙයි.



මහණෙනි, යම් පරිදි අක්ෂධූර්ත තෙමේ පළමු පරාජයෙන් ම පුතුගෙනුදු පිරිහෙන්නේයැ, අඹුවන්ගෙනුදු පිරිහෙන්නේයැ, හැම වස්තුවෙනුදු පිරිහෙන්නේයැ, මතුයෙහිදු බන්ධනයට පැමිණෙන්නේයැ. මහණෙනි, යම් හෙයකින් ඒ අක්ෂධූර්ත පළමු පරාජයෙන්මැ පුතුගෙනුදු පිරිහේද, අඹුවන්ගෙනුදු පිරිහේද, සියලු වස්තුවෙනුදු පිරිහේද, මතුයෙහිත් බන්ධනයට පැමිණේද, ඒ පරාජය අල්පමාත්‍ර වූයෙක. එහෙත් යම් හෙයකින් ඒ බාල‍යා කයින් දුසිරිත් කොට බසින් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්ගති විනිපාත වූ නිරයට පැමිණේ ද මෙයමැ ඊට වඩා ඉතා මහත් පරාජයෙකි. මේ මහණෙනි, සර්ව පරිපූර්ණ වූ බාල (මෝඩයාගේ) භූමි වේ” යයි.



මහණෙනි, පණ්ඩිතයාගේ මේ පණ්ඩිත ලක්ෂණයෝ පණ්ඩිත නිමිති හා පණ්ඩිත අපදානයෝ තුන්දෙනෙක් වෙති. කවර තුන්දෙනෙකැ යත්: මහණෙනි, මෙලොව පණ්ඩිත මනා සිතිවිලි සිතනුයේද වෙයි, මනා බස් බණනුයේද වෙයි, මනා ක්‍රියා කරනුයේද වෙයි. මහණෙනි, ඉදින් පණ්ඩිත මනා සිතිවිලි සිතනුයේත් නොවී නම් මනා බස් බණනු නොවී නම්, සුකෘත කර්ම නොකරනු වීනම් මේ භවත් පුරුෂ පණ්ඩිතයෙකැයි පණ්ඩිතයෝ කවර ලකුණෙකින් ඔහු හඳුනත්ද, යම් හෙයකින් මහණෙනි, පණ්ඩිත මනා සිතිවිලි සිතනුයේත් වේද, සුභාෂිත බණනුයේත් වේද, සුකෘතකර්ම කරනුයේත් වේද, එහෙයින් පණ්ඩිතයෝ ‘මේ භවත් සත්පුරුෂ පණ්ඩිතයෙකැ’යි ඔහු දැන ගනිති.



මහණෙනි, මේ පණ්ඩිතපුරුෂ ඉහාත්මයෙහිමැ තුන් වැදෑරුම් සුවසොම්නස් විඳුනේ යැ. මහණෙනි, ඉදින් මේ පණ්ඩිත තෙමේ සභායෙකැ හුන්නේ හෝ වේද, වීථියෙකැ හුන්නේ හෝ වේද, සතර මංසන්ධියෙකැ හුන්නේ හෝ වේද, එහිලා ජනයා එයින් උපන් එයට නිසි කථා මන්ත්‍රණ කෙරේ. මහණෙනි, ඉදින් පණ්ඩිත තෙමේ පණිවායෙන් දුරු වූයේ වේද, අයිනාදනින් දුරු වූයේ වේද, කාමයෙහි මිසහසරින් දුරු වූයේ වේද, මුසාවයෙන් දුරු වූයේ වේද, මදපමා දෙකට කරුණුවූ රහමෙරින් දුරු වූයේ වේද, මහණෙනි, එහි දී ඒ පණ්ඩිතහට මෙබඳු සිත් වෙයි: ජනයා එයින් උපන් එයට නිසි යම් කථාවක් මන්ත්‍රණ කෙරේද, ඒ පණ්ඩිතධර්මයෝ මා වෙත ඇත. මමද ඒ පණ්ඩිතධර්මයෙහි මොනොවට පැනෙමි’යි. මහණෙනි, පණ්ඩිත තෙමේ ඉහාත්මයෙහිමැ (මේ ආත්මයේම) මේ පළමු වන සුඛ සෞමනස්‍ය විඳුනේයැ.



යළිදු මහණෙනි, පණ්ඩිත තෙමේ අපරාධකාරී සොරු ගෙන විවිධ කම්කටොලු කරන රජුන් දකී. කසයෙනුදු තළනුවන් වේවැලිනුදු තළනුවන් . . . . කඩුයෙනුදු හිස සිඳුනුවන් දකී. මහණෙනි, එහි දී පණ්ඩිත පුරුෂහට මෙ සිත වෙයි. ‘යම්බඳු ලාමක අකුශල කර්මයන් හෙතුකොටගෙන අපරාධකාරී සොරු ගෙන රජදරුවෝ විවිධ කම්කටොලු කරද්ද: කසයෙනුදු තළද්ද, වේවැලිනුදු තළද්ද . . . කඩුයෙනුදු හිස සිඳිද්ද, ඒ අකුශල ධර්මයෝ මා කෙරෙහි විද්‍යමාන නොවෙති, මමද ඒ අකුශලධර්මයන්හි නොපැනෙමි’යි. මහණෙනි, පණ්ඩිත තෙම ඉහාත්මයෙහි මේ දෙවැනි සුවසොම්නස විඳී.



යළිදු මහණෙනි, පණ්ඩිතයා පීඨයෙහි නැඟී සිටියහුට වේවයි මඤ්චයෙහි නැගී සිටියහුට වේවයි බිම හෝනහුට වේවයි ඔහු විසින් පෙර කරනලද කායසුචරිතවූ වාක්සුචරිතවූ මනඃසුචරිතවූ යම් කුශල කර්ම කෙනෙක් ඇද්ද, එසමයෙහි ඔහුට ඒ කුශලකර්මයෝ එළැඹසිටිති අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වෙත්, යම්පරිදි මහණෙනි, මහත් වූ පර්වත කූටයන්ගේ සෙවණැළි සවස් කාලයෙහි පොළොවෙහි අවලම්බන අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වශයෙන් පැතිරෙත් ද එපරිදි ම මහණෙනි, පණ්ඩිතයා පීඨයෙහි නැඟීසිටියහු වේවයි මඤ්චයෙහි නැඟීසිටියහු වේවයි බිමැ හෝනහු වේවයි ඔහු විසින් පෙර කරනලද කායසුචරිත වූ වාක්සුචරිත වූ මනස්සුචරිත වූ යම් කුශලකර්ම කෙනෙක් ඇද්ද, එසමයෙහි ඔහුට ඒ කර්මයෝ අවලම්බන අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වශයෙන් එළැඹ සිටිත්. මහණෙනි, එහි දී පණ්ඩිතහට මෙබඳු සිත් වෙයි, ‘එකාන්තයෙන් මා විසින් පව් නො කරනලද, රෞද්‍රකර්ම නොකරනලද, කිල්විෂ නො කරනලද, කල්‍යාණය කරනලද, කුශලය කරනලද, භයපරිත්‍රාණය කරනලද, නොකළ පව් ඇති නො කළ රෞද්‍රකර්ම ඇති නොකළ කිල්විෂ ඇති කළ කල්‍යාණ ඇති, කළ කුසල් ඇති කළ භයපරිත්‍රාණ ඇති සත්නට යම්බඳු ගතියක් ඇද්ද, ඒ ගතියට පරලොවැ යෙමි’යි හේ ශොක නොකෙරෙයි, වෙහෙස නොවෙයි, පරිදෙවනා නො කෙරෙයි, ළෙහි අත් පැහැර නොහඬයි, සම්මොහයට නොපැමිණෙයි. මහණෙනි, පණ්ඩිත තෙමේ ඉහාත්මයෙහිමැ මේ තුන්වැනි සුවසොම්නස විඳී.



මහණෙනි, ඒ පණ්ඩිත තෙමේ කයින් සුචරිතය කොට බසින් සුචරිතය කොට සිතින් සුචරිතය කොට කාබුන් මරණින් මතුයෙහි සුගති වූ ස්වර්ගලොකයට පැමිණෙයි. මහණෙනි, මනාකොට කියනුයෙක් යම්ගතියක් සඳහා එකාන්තයෙන් ඉෂ්ටයැ එකාන්තයෙන් කාන්ත යැ ඒකාන්තයෙන් මනාප යැයි කියා නම් මනාකොට කියනුයෙක් ඒ ස්වර්ගයමැ එකාන්තයෙන් ඉෂ්ටයැ එකාන්තයෙන් කාන්ත යැ එකාන්තයෙන් මනාප යැ’යි කියන්නේ යැ. මහණෙනි, ඒ ස්වර්ගයෝ අතිශය සුව ඇත්තාහ’යි දක්වන්නට උපමාවකුදු සුකර නොවේ’යයි වදාළහ. (දිව්‍ය සැපයට උපමා කරන්නටවත් දෙයක් මිනිස් ලෝකයේ නැති බවය)



මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: වහන්ස, (එහෙත්) උපමාවක් එළවන්ට හැකිදැ? යි.



භාග්‍යවතුන් වහන්සේ මහණ, හැකි යයි වදාළසේක. ‘මහණ, යම්සේ සප්තරත්නයෙන්ද චතුර්විධ සෘද්ධියෙන්ද සමන්වාගතවූ සක්විති රජ ඒ හේතුයෙන් සුවසොම්නස් විඳී. කවර සතෙකින්ද යත්:



මහණ මෙලොවැ මූර්ධාභිෂික්තවූ එදවස් පණුරැසි පොහොයෙහි ස්නානය කළ පෙහෙවස් වූ මතුමහල්තලයට නැඟී සිටි කැත්රජුහට දහසක් අර ඇති නිම්වළලු සහිත වූ නැබ සහිත වූ සර්වාකාරයෙන් පරිපූර්ණ වූ දිව්‍ය චක්‍රරත්නය පහළ වෙයි. මූර්ධාභිෂික්ත වූ ඒ ක්ෂත්‍රිය රජුට ඒදැක මේ සිත වෙයි: ‘මා විසින් තෙල අසන ලද, මුර්ධාභිෂික්තවූ (මුදුනේ අභිශේක කරන ලද රජු) එදවස් පෙහොයැ පණුරැසියෙහි ස්නානය කළ පෙහෙවස් වූ මතුමහල් තලයට පැමිණි ක්ෂත්‍රීය රජෙක්හට දහසක් අර ඇති (දහසක් දැති) නිම්වළලු සහිතවූ නැබ සහිත වූ සර්වාකාරයෙන් පරිපූර්ණවූ දිව්‍යමය චක්‍රරත්නය පහළ වේද, ඒ රජ චක්‍රවර්ති වෙයි. මම් සක්විති රජ විම් දෝ හො’යි.



මහණෙනි, ඉක්බිති මූර්ධාභිෂික්ත වූ ක්ෂත්‍රිය රජ හුනස්නෙන් නැගී වමතින් කෙණ්ඩිය ගෙන දකුණතින් චක්‍රරත්නයට පැන් වඩයි. භවත් චක්‍රරත්නය ප්‍රවර්තන කෙරේවා, භවත් චක්‍රරත්නය දිනාව’යි කියායි. එසඳ මහණෙනි, ඒ චක්‍රරත්නය පෙරදිගට ප්‍රවර්තන කෙරෙයි. තදනු කොට සක්විති රජද සිවුරඟ සෙනඟ සමග ප්‍රපර්තන කෙරෙයි. මහණෙනි, යම් පෙදෙසකැ චක්‍රරත්නය පිහිටාද එහි සක්විති රජ සිවුරඟ සෙනඟ සමග වාසයට පැමිණෙයි.



මහණෙනි, පෙරදිග යම් ප්‍රතිපක්ෂ රජ කෙනෙක් ඇද්ද ඔහු චක්‍රවර්ති රජු කරා එළැඹ මෙසේ කියති: ‘එව මහරජ, මහරජ ස්වාගතයැ, මහරජ තොප අයත්යැ, මහරජ අනුශාසනා කරව’යි.



සක්විතිරජ මෙසේ කියයි: ප්‍රාණවධ නොකටයුතුයැ, අයිනාදන් නො ගතයුතුයැ, කාමයෙහි මිසහසර නොකටයුතුයැ, මෘෂා නොබිණියයුතුයැ, මද්‍ය නොපියයුතුයැ, වැළඳූ පරිදිමැ වළඳව’යි කියා යි. යළි මහණෙනි, පූර්වදිශායෙහි (පෘථිවියේ නැගෙනහිර) යම් ප්‍රතිපක්ෂ රජ කෙනෙක් වෙද්ද, ඔහු සක්විති රජුට අනුයුක්ත වූවාහු වෙති. ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය පූර්ව සාගරයට වැදගෙන නැඟී දකුණුදිගට ප්‍රවර්තන කෙරෙයි . . . . දක්ෂිණ සාගරයට බැසගෙන නැඟී පශ්චිමදිශාවට ප්‍රවර්තන කෙරෙයි . . . . පශ්චිමසාගරයට බැසගෙන නැඟී උතුරුදිගට ප්‍රවර්තන කෙරෙයි. සක්විතිරජ සියුරඟ සෙනඟ සමග අනුප්‍රවර්තන කෙරෙයි.



තවද මහණෙනි, යම් පෙදෙසක චක්‍රරත්නය පිහිටා ද එහි සක්විතිරජ සියුරඟ සෙනඟ සමග වාසයට පැමිණෙයි. තවද මහණෙනි, උතුරු දිශායෙහි යම් ප්‍රතිපක්ෂ රජ කෙනෙක් ඇද්ද, ඔහු සක්විති රජු කරා එළඹ මෙසේ කියති: එව මහරජ, ස්වාගතයැ මහරජ, මහරජ තොපගේ අයතියැ වෙයි, අනුශාසනා කරව මහරජ’යි.



සක්විතිරජ මෙසේ කියයි: ප්‍රාණවධ නොකටයුතුයැ, අයිනාදන් නොගතයුතුයැ, කාමයෙහි මිසහසර නොකටයුතුයැ, මෘෂා නොබිණියයුතුයැ, මද්‍ය නොපියයුතුයැ, වැළඳූ පරිදි මැ වළඳව’යි, (රාජ්‍ය කටයුතු පෙර කළ ලෙස දිගටම කරව) තවද මහණෙනි, උතුරු දිශායෙහි යම් ප්‍රතිපක්ෂ රජ කෙනෙක් ඇද්ද, ඔහු සක්විති රජුට අනුයුක්ත වූවාහු වෙති.



ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය සමුද්‍රපර්‍ය්‍යන්ත කොට ඇති මුළු පෘථිවිය දිනා ඒ (පළමු, පෙර) රාජධානියටම පෙරළා අවුත් සක්විති රජුගේ අන්තඃපුරද්වාරය හොබවමින් අකුරැ ගැසූ කලක් මෙන් (අහසේ) සිටී. මහණෙනි, සක්විති රජුට මෙබඳුවූ චක්‍රරත්නය පහළ වෙයි:



තවද මහණෙනි, සක්විති රජුට හස්තිරත්නය පහළ වෙයි. සර්ව සුදු සතඟින් පොළොව පහස්නා ඉදුහ ඇති අහසැ යන උපොසථකුලයෙහි ඇත්රජෙකි. ඒදැක සක්විති රජුගේ සිත පහදී. ‘භවත්නි, ඉදින් දමනයට පැමිණේ නම් එකාන්තයෙන් භද්‍ර වූ හස්තියානයෙකැ,යි. ඉක්බිති මහණෙනි, ඒ හස්තිරත්නය දීර්ඝරාත්‍රයෙහි මොනොවට දමනය කළ භද්‍ර වූ ආජානීය හස්තියකු යම්සේ නම් එපරිදිමැ දමනයට පැමිණෙයි. මහණෙනි, පෙර වූවකි: සක්විති රජ එමැ හස්තිරත්නය විමසනුයේ පෙරවරුයෙහි නැඟී සමුද්‍රපර්‍ය්‍යන්තවූ පෘථිවිය වටා ගොස් (උදය කාලයේමදීම) එමැ රාජධානියට පෙරළා අවුත් පෙරබත්කිස (උදේ ආහාරය අනුභවය) කෙළේයැ. මහණෙනි, සක්විති රජුට මෙබඳු වූ හස්තිරත්නය පහළ වෙයි.



තවද මහණෙනි, සක්විතිරජුට අශ්වරත්නය පහළ වෙයි. සව්සුදු කළුවන්හිස් ඇති මුදුතණ බඳු කෙස් ඇති ඉදුහ ඇති අහසැ යන වලාහක කුලයෙහි අස්රජෙකි. ඒ දැක සක්විතිරජුගේ සිත පහදී: ‘භවත්නි, ඉදින් දමනයට පැමිණේ නම් එකැතින් භද්‍රවූ අශ්වයානයෙකැ’යි. ඉක්බිති මහණෙනි, ඒ අශ්වරත්නය දීර්ඝරාත්‍රයෙහි මොනොවට දැමූ භද්‍රවූ ආජානීය අශ්වයෙක් යම්සේ නම්, එපරිදිමැ දමනයට පැමිණෙයි. මහණෙනි, පෙර වූවකි: සක්විති රජ එමැ අශ්වරත්නය විමසනුයේ පෙරවරුයෙහි නැඟී සමුද්‍රපර්‍ය්‍යන්ත වූ පෘථිවිය වටා ගොස් එමැ රාජධානියට (තමාගේ අග්‍ර රටට, අගනුවර පිහිටි රට) පෙරළා අවුත් පාතරාසය කෙළේයැ. මහණෙනි, සක්විති රජුට මෙබඳු වූ අශ්වරත්නය පහළ වෙයි.



තවද මහණෙනි, සක්විති රජුට මණිරත්නය පහළ වෙයි. හේ ශෝභනවූ ජාතිමත්වූ අටැස්වූ මොනවට පිරියම් කළ වෙරළුමිණෙක් වෙයි. මහණෙනි, ඒ මාණික්‍යරත්නයාගේ ආලොකය හාත්පසැ යොදුනක් පැතිරැ සිටියේ වෙයි. මහණෙනි, පෙර වූවකි: සත්විතිරජ එමැ මිණිරුවන විමසනුයේ සියුරඟ සෙනඟ සන්නද්ධ කොට මිණිරුවන ධ්වජාග්‍රයට නඟා රාත්‍රී ගනඅඳුරෙහි නික්ම ගියේයැ. මහණෙනි, හාත්පසැ යම් ගම්වැසි කෙනෙක් වූවාහුද ඔහු ඒ ආලොකයෙන් ‘දහවලැ’යි සිතමින් කර්මාන්තයන් කළහ. මහණෙනි, සක්විති රජුට මෙබඳු මිණිරුවන පහළ වෙයි.



තවද මහණෙනි, සක්විති රජුට ස්ත්‍රීරත්නය පහළ වෙයි. විශිෂ්ට රූප ඇත්තීයැ දැකුම්කලුයැ ප්‍රසාද ඵළවන්නීයැ උතුම්වූ වර්ණ සෞන්දර්‍ය්‍යයෙන් යුක්තයැ. ඉතා නොඋස්යැ ඉතා නොමිටියැ ඉතා සිඟු නොවූයැ ඉතා මහත් නොවූයැ, ඉතා කැළි නොවූයැ ඉතා සුදු නොවූයැ මනුෂ්‍ය වර්ණය ඉක්ම සිටියේයැ, දිව්‍ය වර්ණයට නොපැමිණියා වෙයි. (මනුෂ්‍ය දිව්‍ය අතරමැද ස්වභාවය) මහණෙනි, ඒ ස්ත්‍රීරත්නයාගේ මෙබඳු කායසංස්පර්ශයෙක් වෙයි. හිඹුල්පුළුන් හෝ කපු පුළුන් හෝ යම්සේ නම් එමෙනි. යළි මහණෙනි, ඒ ස්ත්‍රීරත්නයාගේ ගාත්‍රයෝ සිහිලෙහි උණුසුම් වෙති, උණුසුමෙහි සිහිලුවූ ගාත්‍රයෝ වෙත්, මහණෙනි, ඒ ස්ත්‍රීරත්නයාගේ වැළිත් ශරීරයෙන් සඳුන්සුවඳ හමයි, මුවින් උපුල්සුවඳ හමයි. තවද මහණෙනි, ඒ ස්ත්‍රීරත්නය සක්විති රජුට පළමු නැඟීසිටින්නී පසුව නිදන්නී ‘කුමක් කෙරෙම් දැ’ යි (උපස්ථායිකා වශයෙන්) පිළිවිස කරන්නී මනවඩනා දෑ කරන්නී ප්‍රිය තෙපුල් බණන්නී වෙයි. ඒ ස්ත්‍රිරත්නය වැළිත් සක්විතිරජු සිතිනුදු නො ඉක්මවයි, කයින් ඉක්මවයි යනු කිම? මහණෙනි, සක්විති රජුට මෙබඳුවූ ස්ත්‍රීරත්නය පහළ වෙයි.



තවද මහණෙනි, සක්විති රජුට ගෘහපති රත්නයෙක් පහළ වෙයි. ඔහුට කර්මවිපාකජවූ දිව්‍ය ඇස පහළ වෙයි. යම් ඇසෙකින් සස්වාමික වූද අස්වාමික වූද නිධාන දකීද එබඳු ඇසෙකි. හේ සක්විතිරජු කරා එළැඹ මෙසේ කියයි: ‘දේවයන් වහන්ස, ඔබ අල්පොත්සුක වේවා. මම් ඔබට ධනයෙන් ධනකරණී කෙරෙමි’යි. මහණෙනි, පෙර වූවකි: සක්විති රජ එමැ ගෘහපතිරත්නය විමසනුයේ නැවකට නැඟී ගංඟා නදිය මැද ශ්‍රොතසට වැද ගෘහපතිරත්නයට තෙල කී: ‘ගෘහපතිය, මට හිරණ්‍යස්වරණයෙන් ප්‍රයෝජන ඇතැ’යි. ‘මහරජ, එසේ වී නම් නැව එක් ඉවුරකට පැමිණෙව’යි. ‘ගෘහපතිය, මට මෙහිදීම, හිරණ්‍යස්වර්ණයෙන් ප්‍රයෝජන ඇතැ’යි. ඉක්බිති මහණෙනි, ඒ ගෘහපතිරත්නය දෑතින් දිය ස්පර්ශ කොට රත්රන් අමුරනු පිරූ කළයක් නඟාගෙන සක්විති රජුට මෙසේ කීය: ‘මහරජ මෙතෙකින් පමණද, මහරජ මෙතෙකින් කළකිස ඇතද. මහරජ මෙතෙකින් පුදනලදැ’යි. සක්විතිරජ මෙසේ කී: ගෘහපතිය මෙතෙකින් පමණ. ගැහැවිය මෙතෙකින් කළකිස ඇත. ගැහැවිය මෙතෙකින් පුදනලදැ‘යි. මහණෙනි, සක්විතිරජුට මෙබඳු වූ ගෘහපතිරත්නය පහළ වෙයි.



තවද මහණෙනි, සක්විති රජුට පරිනායක රත්නය පහළ වෙයි. හේ පණ්ඩිතයැ ව්‍යක්තයැ විශිෂ්ටබුද්ධි ඇත්තේයැ සක්විතිරජු කරා එළවියයුත්තහු එළවාලන්නටද නෙරවා ලියයුත්තහු නෙරවාලන්නටද ප්‍රතිබල වෙයි, තනතුරෙහි තැබියයුත්තහු තනතුරෙහි තබන්නටද ප්‍රතිබල වෙයි. හේ සක්විතිරජු කරා එළැඹ මෙසේ කියයි: ‘දෙවයන් වහන්ස, ඔබ අල්පොත්සුක වේවා. මම අනුශාසනා කෙරෙමි’යි. මහණෙනි, සක්විති රජහට මෙබඳු පුත්‍රරත්නය පහළ වෙයි.



මහණෙනි, සක්විතිරජ මේ සප්ත රත්නයෙන් සමන්වාගත වෙයි.



තවද කවර සතර සෘද්ධියකින් සමන්විත වේද යත්:



මහණෙනි, මොලොව සක්විතිරජ අභිරූප වූයේ දර්ශනීය වූයේ ප්‍රසාද ඵළවනු වූයේ වෙයි. අන් මිනිසුන්ට වඩා උතුම් වර්ණසෞන්දර්‍ය්‍යයෙන් (අලංකාරයෙන්) අතිශයින් සමන්වාගත වෙයි. මහණෙනි, සක්විතිරජ මේ පළමු වන සෘද්ධියෙන් සමන්විත වෙයි.



තවද මහණෙනි, සක්විතිරජ අන් මිනිසුනට වඩා අතිශයින් දීර්ඝායුෂ්ක වූයේ චිරස්ථායි වූයේ වෙයි. මහණෙනි, සක්විතිරජ මේ දෙවන සෘද්ධියෙන් සමන්විත වෙයි.



තවද මහණෙනි, සක්විතිරජ අන් මිනිසුනට වඩා අල්පාබාධ වූයේ අල්පාතඞ්ක වූයේ ඉතා සිහිල් නොවූ ඉතා උණුසුම් නොවූ සමව පැසෙන ග්‍රහණියෙන් සමන්විත වූයේ වෙයි. මහණෙනි, සක්විතිරජ මේ තුන්වැනි සෘද්ධියෙන් සමන්විත වෙයි.



තවද මහණෙනි, සක්විතිරජ බමුණු ගැහැවියනට ප්‍රිය මනාප වෙයි. මහණෙනි, යම්සේ පිය තෙම පුතුනට ප්‍රිය මනාප වේද, මහණෙනි, එපරිදිමැ සක්විතිරජ බමුණු ගැහැවියනට ප්‍රිය මනාප වේ. මහණෙනි, බමුණුගැහැවියෝ සක්විතිරජටද ප්‍රිය මනාප වෙති. මහණෙනි, යම්සේ පුත්‍රයෝ පියාට ප්‍රියමනාප වෙත්ද, මහණෙනි, එපරිදිමැ බමුණුගැහැවියෝ සක්විතිරජුටද ප්‍රිය මනාප වෙත්. මහණෙනි, පෙර සක්විතිරජ සියුරඟ සෙනඟ සමග උයන්බිමට නික්මිණ. මහණෙනි, එකල්හි බමුණුගැහැවියෝ සක්විතිරජු කරා එළඹ මෙසේ කීහ: ‘දේවයෙනි, යම්සේ ඇපි ඔබ බොහෝ වෙලාවක් දක්නමෝද එසෙයින් ලැසිවැ ගියමැනැවැ’යි, මහණෙනි, සක්විතිරජද රියැදුරා ඇමැතී: ‘සාරථිය, යම් පරිදි බමුණුගැහැවියෝ මා බොහෝ වේලාවක් දක්නාහු නම් එපරිදි ලැසි (මන්දගාමීව) වැ අසුන් මෙහෙයාලව’යි. මහණෙනි, සක්විතිරජ මේ සතර වැනි සෘද්ධියෙන් සමන්වාගත වෙයි.



මහණෙනි, සක්විතිරජ මේ සතර සෘද්ධියෙන් සමන්වාගත වේ.



මහණෙනි, ඒ කිමැයි සිතවුද, මේ සප්තරත්නයෙන්ද මේ චතුර්විධ සෘද්ධියෙන්ද සමන්වාගතවූ සක්විතිරජ කිම ඒ හේතුයෙන් සුවසොම්නස් විඳිනේ දැ?යි.



වහන්ස, ඒ එක රත්නයෙකිනුදු සමන්වාගත සක්විතිරජ ඒ හේතුයෙන් සුවසොම්නස් විඳිනේයැ, සත් රත්නයන්ගෙන්ද සතර ඍධියෙන්ද යුක්ත වූයේ කියනු කිමැ’යි.



ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මිට පමණවූ පුරුතු පහණක් ගෙන භික්ෂූන් ඇමැතූ සේක. මහණෙනි, ඒ කිමැයි සිතවු ද? මා විසින් ගන්නාලද අතුල් පමණ වූ යම් පුරුතු පහණෙක් ඇද්ද, යම් හිමවත් පර්වත රාජයෙකුත් ඇද්ද, මෙයින් කවරෙක් අතිශයින් මහත් වේදැ? යි.



ස්වාමීනි, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අල්පවූ පාණිමාත්‍රවූ ගන්නාලද මේ පාෂාණය අල්පමාත්‍රයැ හිමවත් පර්වතරාජයා නිසා සඞ්ඛ්‍යාවටද නොපැමිණෙයි. කලභාගයටද නොපැමිණෙයි. උපනික්ෂෙපයටද නොපැමිණෙයි.



එපරිදිමැ මහණෙනි, සක්විතිරජ සත්රුවනින්ද සතර ඉදුහයෙන්ද සමන්වාගත වූයේ එකරුණෙන් යම් සුවයක් සොම්නසක් විඳීද එය දිව්‍ය සුඛයට සමාන කිරීමටවත් නොපැමිණෙයි, කාලභාගයටද නොපැමිණෙයි, උපනික්ෂෙපයටද නොපැමිණෙයි. (දෙවියන්ගේ සැප මෙයට වඩා අතිශයින් වැඩි තරම් සහ උතුම් බවය)



මහණෙනි, ඒ පණ්ඩිත ඉදින් කිසි කලෙක දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් (දිව්‍ය භාවයෙන් චුතවී) මිනිසත් බවට පැමිණේද කැත්මහසල්කුල (රජ පවුලක) වේවයි බමුණු මහසල් කුල වේවයි ගැහැවිමහසල්කුල වේවයි යම් ඒ පවුල් කෙනෙක් ඇද්ද, ආඪ්‍ය වූ මහත් ධනය ඇති මහා භෝග ඇති බොහෝ රන් රිදී ඇති බොහෝ පරිභෝග උපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති එබඳු කුලයෙහි (පවුලේ) උපදනේ වෙයි. හේද අභිරූප වූයේ දර්ශනීය වූයේ ප්‍රසාද එළවනුයේ උතුම් වර්ණ සෞන්දර්‍ය්‍යයෙන් යුක්ත වූයේ වෙයි. ආහාර පාන වස්ත්‍ර යාන මල්ගඳවිලෙවුන් ආවාසාගාර හා පහන්තෙල් (ආදී තමාට වුවමනා දෑ) ලබනසුලු වෙයි. හේ කයින් සුචරිතය පුරයි. බසින් සුචරිතය පුරයි, සිතින් සුචරිතය පුරයි. හේ කයින් සුචරිතය පුරා බසින් සුචරිතය පුරා සිතින් සුචරිතය පුරා කාබුන් මරණින් මතුයෙහි සුගති වූ ස්වර්ගලොකයට පැමිණෙයි. (නැවත දිව්‍ය ලෝකයට යාම) මහණෙනි, යම් පරිදි අක්ෂධූර්තයෙක් පළමු වන ජයග්‍රහණයෙන්මැ මහත්වූ භෞගස්කන්ධය ලබාද මහණෙනි, යම් හෙයෙකින් ඒ අක්ෂධූර්ත පළමු වන ජයග්‍රහණයෙන්මැ මහත් වූ භොග ස්කන්ධය ලබා නම් ඒ ජයග්‍රහණය අල්පමාත්‍රයැ. වැළි යම් හෙයෙකින් ඒ පණ්ඩිත කයින් සුචරිතය පුරා බසින් සුචරිතය පුරා සිතින් සුචරිතය පුරා කාබුන් මරණින් මතුයෙහි සුගති ස්වර්ග ලෝකයට පැමිණේද මේ ජයග්‍රහණයමැ ඊට වඩා අතිශයින් මහත් වෙයි. මහණෙනි, මේ සර්ව පරිපූර්ණවූ පණ්ඩිත (බුද්ධිමතාගේ) භූමි වේය.



භාග්‍යවතුන් වහන්සේ මේ බාලපණ්ඩිත සූත්‍රය වදාළසේක. සතුටුසිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තාහුයි….



ඉසිගිරි කන්ද:

(Rajgir Hills)ඉන්දියාවේ වර්තමානයේ ඉසිගිරි ලෙස හැඳින්වෙන ඉසිගිලි පර්වතය ගැන ත්‍රිපිටකයේ සඳහන් වන තැන් කිහිපයක්:



Exploring the Magnificence of Rajgir Hills in Bihar, India.



Nestled amidst the verdant landscapes of Bihar, India, lies the enchanting Rajgir Hills, a place where history, spirituality, and natural beauty converge to create an unforgettable experience. Rajgir, which translates to "Royal Mountain," is not merely a geographical location but a tapestry woven with threads of ancient wisdom, religious significance, and breathtaking vistas.



Rajgir's historical roots run deep, tracing back to the time of Lord Buddha. It was in this sacred land that Buddha spent several years meditating, preaching, and imparting wisdom to his disciples. The tranquil ambiance of the hills provided the perfect backdrop for his spiritual pursuits, and today, Rajgir stands as a testament to his profound teachings.



The hills of Rajgir also bear witness to the reign of powerful dynasties, including the Mauryas and the Guptas, who recognized the strategic importance of this region. The remnants of ancient forts, palaces, and monasteries dotting the landscape serve as silent sentinels of Rajgir's storied past, inviting visitors to embark on a journey through time.



For devout pilgrims and seekers of enlightenment, Rajgir holds a special allure. The famous Vishwa Shanti Stupa, or World Peace Pagoda, stands tall atop one of the hills, offering panoramic views of the surrounding valleys and the winding course of the River Son. Built by the Japanese Buddhist monk Nichidatsu Fujii, this monument serves as a symbol of peace and harmony, drawing visitors from far and wide to bask in its serene ambiance.



The Griddhakuta Hill, also known as Vulture's Peak, holds immense significance in Buddhist tradition as the site where Buddha delivered many of his discourses. Pilgrims often make the arduous climb to the summit, seeking spiritual solace and enlightenment amidst the tranquil surroundings.



Beyond its historical and spiritual allure, Rajgir captivates visitors with its pristine natural beauty. The undulating hills draped in emerald foliage, interspersed with cascading waterfalls and meandering streams, create a picturesque panorama that leaves a lasting impression on the senses.



One of the most iconic attractions is the Rajgir Rope Way, a cable car system that offers a bird's-eye view of the sprawling landscape below. As the cabins glide silently over the hills, passengers are treated to breathtaking vistas of lush forests, rocky cliffs, and ancient ruins, weaving together the tapestry of Rajgir's natural and cultural heritage.



Efforts to preserve and promote Rajgir's cultural and natural heritage have been ongoing, with the government and local authorities taking steps to develop infrastructure and amenities for tourists while ensuring the conservation of the environment.



Tourism initiatives aimed at showcasing Rajgir's rich history and spiritual significance have gained momentum in recent years, attracting visitors from across the globe. However, concerted efforts are also being made to strike a balance between tourism development and environmental conservation, ensuring that Rajgir's pristine beauty remains unspoiled for generations to come.



In conclusion, Rajgir Hills in Bihar, India, epitomize the harmonious blend of history, spirituality, and natural splendor. From its ancient roots as a revered seat of learning and meditation to its modern-day role as a haven for pilgrims and nature enthusiasts, Rajgir continues to captivate the hearts and minds of all who journey to its hallowed precincts. As the sun sets behind the rugged peaks, casting a golden glow over the landscape, one cannot help but feel a sense of reverence for this timeless oasis of tranquility amidst the chaos of the modern world.





2.3. ද්විතීය පාරාජිකය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 2. පාරාජිකකාණ්ඩය > ද්විතීයපාරාජිකය



1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එසමයෙහි දුටු පමණින් මිතුරුවූ දැඩි මිතුරුවූ බොහෝ භික්ෂූහු ඉසිගිලි පර්වත පාර්ශවයෙහි තණ කුටි කොට වස් එළඹියාහුය. කුම්භකාරපුත්‍රවූ ආයුෂ්මත් ධනිය තෙමේත් තණ කිළියක් කොට වස් එළඹියේය….





3.8. පඨමදුට්‌ඨදොසශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 3. සඞ්ඝාදිසේසකාණ්ඩය



5. ඉක්බිති සම්මත වූ ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයෝ සභාග සභාග වූ භික්ෂූන්ට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් සෞත්‍රාන්තිකයෝ වෙද්ද ඔහු ඔවුනොවුන් සූත්‍රාන්තය සඞ්ගායනා කෙරෙති, ඔවුනට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් විනයධරයෝ වෙද්ද ඔහු ඔවුනොවුන් විනය විනිශ්චය කෙරෙති’ ඔවුනට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් ධර්මකථිකයෝ වෙද්ද, ‘ඔහු ඔවුනොවුන් ධර්‍මය සාකච්ඡා කෙරෙතී’ ඔවුනට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් ධ්‍යායීහු වෙද් ද ‘ඔහු ඔවුනොවුන් නො වෙහෙසතී’ ඔවුනට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් තිරච්ඡානකථා ඇත්තාහු සිරුරු තර කිරීම බහුල ව වෙසෙත් නම් ‘මේ ආයුෂ්මත්හු මේ තිරිසන් කථා රතියෙන් වෙසෙති’. ඔවුනටද එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් විකාලයෙහි එත් නම් තේජෝධාතුවට සමවැද එම ආලෝකයෙන් ඔවුනට ද සෙනසුන් පනවත්. තවද භික්ෂූහු ‘ඇපි ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන්ගේ ඍද්ධිප්‍රාතිහාර්ය බලම්හ’ යි දැන දැන නො කල්හි පැමිණෙති. ඔහු ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් කරා එළඹ ‘ඇවැත්නි, දබ්බයෙනි අපට සෙනසුන් පනවාලව’යි කියති. ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ ඒ භික්ෂූන්ට මෙසේ කියති. ආයුෂ්මත්හු කොහි කැමැති වෙද්ද කොහි සෙනසුන් පනවම් දැ? යි. ඔහු දැන දැන දුරු තැන් දක්වති. ඇවැත් දබ්බයෙනි, අපට ගිජුකුළුපව්වෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට සොරපතනෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ඉසිගිලිපව්පාත්හි කළුසලහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට වෙහාරපව්පාත්හි සප්තපණ්ණිගුහායෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ශීතවනයෙහි නාකෙමබෙයදෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ගොයුම්කඳුරෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තිඹිරිකඳුරෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තපොදකඳුරෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තපොදාරාමයෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ජීවක අඹඋයන්හි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට මද්දකුච්ඡි නම් මුවළැව්හි සෙනසුන් පනවාලව”යි කියන්නාහ. ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ තේජෝධාතුවට සමවැද අලෝකයෙන් දිලියෙන ඇඟිලි ඇතිව ඔවුනට පෙරටව පෙරව යෙති. උයිත් එම එලියෙන් ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන්ගේ පස්පස්හි යෙති. ඔවුනට ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ මෙසෙයින් සෙනසුන් පනවත්. මේ ඇඳය, මේ පුටුය, මේ බිසිය, මේ බිම්බොහනය, මේ වැසිකිළිය, මේ කෙසකිළිය, මේ පැන්ය, මේ පරිභෝග උදකය, මේ සැරයටිය, මේ සඟුන්ගේ කතිකාවතය, මෙකල පිවිසියයුතුය, මෙකල නික්මියයුතු ය’යි. ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ ඔවුනට සෙනසුන් පනවා නැවත වේළුවනයට පෙරළා (ඍධියෙන්) එන්නාහ….





2. සතිවිනය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 4. සමථක්‌ඛන්‌ධකය



5. භික්‍ෂූහු දැන දැන ‘අපි ආයුෂ්මත් දබ්බමල්ලපුතුගේ ඉදුපෙළහර දක්නමෝ’ යි නොකල්හි නිතර පැමිණෙත්, ඔහු ආයුෂ්මත් දබ්බමල්ලපුතු වෙත එළඹ ඇවැත්නි, දබ්බයෙනි, අපට සෙනසුන් පනවාලව යි. මෙසේ කියත්, ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ ඔවුනට ‘ආයුෂ්මත්හු කොතැන්හි කැමැති වෙද්ද, මේ කොතැන්හි පනවම් දැ’යි මෙසේ කියයි. ඔහු දැන දැන දුර තැන් දක්වත්, “ඇවැත්නි, අපට ගිජුකුළුපව්වෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට සොරපවයින්පවුවෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ඉසිගිලිපස කළුගල්තලායෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට වෙහාරපවුපස සත්පත්ගොහෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට සීතවෙනෙහි නාකෙම්බෙයදෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ගොයුම් කඳුරැලියෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තිඹිරි කඳුරැලියෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තපොද කඳුරැලියෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට හුණුදිය අරමෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ජීවක අඹවෙනෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට මද්දකුච්ජි නම් මුවලැව්හි සෙනසුන් පනවාලව”යි…...





1.16. සිරිමාවිමානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > විමාන වස්තු > 1. පීඨ වර්ගය



141.ඉසිගිලි ආදී පවු අතර මැනැවින් පිහිටුවන ලද උතුම් රජගහ නුවර නැටුම් ගැයුම් මැනැවින් පුහුණුවූ මම සිරිමත් බිම්සර රජුගේ පරිචාරිකාවක් වීමි. ඒ මා රජගහ නුවර සිරිමා යැයි දැනගත්හ….





1.2.4 චුළදුක්ඛක්ඛන්ධ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මූල පන්නාසකය > 2. සීහනාද වර්ගය



18. මහානාමය, මම එක් කලෙක මේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි විසීමි. එසමයෙහි නුවටහු බොහෝ දෙනෙක් ඉසිගිලිපවු ඇළයෙහි කළුගල් අතලෙහි පියනලද අසුන් ඇති වැ නැගිට සිටියාහු වෙති. (ස්ථානාදි) උපක්‍රමයෙන් වන තීව්‍ර කටුක දුඃඛවෙදනාවන් විඳිත්. මහානාමය, මම එසඳ සවස්වරුයෙහි පිළිසලනින් නැගිටියෙම් ඉසිගිලි ඇළයෙහි කළු ගල් අතල වෙත එ නුවටුන් (නිගණ්ඨයන්) කරා එළැඹයෙමි. එළඹ එ නුවටුනට තෙල බස් කියෙමි: ‘ඇවැත්නි, නිගණ්ඨයෙනි, කවර කරුණින් තෙපි පියු අසුන් ඇති වැ නැඟිට සිටිනහු තිව්‍ර කටුක ඖපක්‍රමික දුඃඛවෙදනාවන් විඳුනාව? කියා යි. මහානාමය, මෙසේ කී කල, ඒ නුවටහු මට තෙල බස් කී “ඇවැත්නි, නාතපුත්ත නුවට (අයු අනා වත්මන්) හැම දන්නෙකැ හැම දක්නාසුල්ලෙකැ අපරිශෙෂ සඞ්ඛ්‍යාත ඥානදර්ශනය පිළින කෙරෙයි: ඇවිදුනු වූද, සිටුනු වූද, නිදනු වූද, නිදිවරනු වූද, මට හැමකල් නිරතුරු ඥානදර්ශනය එළඹ සිටුනේ ය කියා” යි. හෙ මෙසේ කියයි: “නුවටුනි, පෙරැ තොප කළ පාපකර්‍ම ඇත. එපව් මේ කටුක දුෂ්කරක්‍රියායෙන් දිරවා ලව. යම් කරුණින් මෙහි දැන් කාවිසිමුනි තුන් තැනින් සංවෘත වව් ද, එකරුණ මතුයෙහි පාපකර්‍මයාගේ නොකිරීම වෙයි. මෙසේ පුරාණ කර්‍මයන් තපසින් තැවී අවසන් වීමෙනුදු, නවකර්‍මයන් නො කිරීමෙනු දු මතුයෙහි ආස්‍රව (කර්‍ම රැස් කිරීමෙක්) නො වෙයි. මතුයෙහි අනාස්‍රව හෙතුයෙන් කර්‍මක්‍ෂය වෙයි. කර්‍මක්‍ෂය හෙතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හෙතුයෙන් වෙදනාක්‍ෂය වෙයි. වෙදනාක්‍ෂය හෙතුයෙන් හැම දුක් නිර්ජීර්ණ වෙයි.” එද වනාහි අපට රුස්නේ හැ. සහනු ද වෙයි. එයිනුදු අපි සතුටු වම්හ යි….





3.2.6 ඉසිගිලි සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > උපරි පන්නාසකය > 2. අනුපද වර්ගය



මහණෙනි, අරිට්ඨ නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි බොහෝ කල් විසූහ. මහණෙනි, උපරිට්ඨ නම් පසේ බුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, තගරසිඛී නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, යසස්සී නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, සුදස්සන නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, පියදස්සී නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, ගන්ධාර නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, පිණ්ඩොල නම් පසේ බුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, උපාසභ නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, නීත නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, තථ නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, සුතවන්තු නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි බොහෝ කල් විසූහ. මහණෙනි, භාවිතත්ත නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ’යි….





4.3.3. ගොධික සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 4. මාර සංයුත්‌තය > 3. මාර වර්ගය



159. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඉසිගිලි පවු ඇළයෙහි කළුගල් තලායෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වසන්නාහු ලෞකික සමවතක් ලැබූහ. එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික සමවතින් පිරිහුනහ….





8.1.10. මොග්‌ගල්‌ලාන සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 8. වඞ්‌ගීස සංයුත්‌තය > 1. වඞ්‌ගීස වර්ගය



218. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉසිගිලිපවුපස කළුගල්තලාවෙහි හැම රහත්වූ භික්ෂූන් පන්සියක් පමණ වූ, මහත් බික්සගන සමග වැඩ වසන සේක. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තම සිතින් ඒ භික්ෂූන්ගේ සිත වෙසෙසින් මිදුනේද උපධි රහිතදැයි සොයත්….





වඞ්ගීස ස්ථවිරගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ථෙරගාථා පාළි > 21. මහා නිපාතය



1261. මරහු බැහැර කරනසුලු වූ ත්‍රිවිද්‍යා ප්‍රාප්තවූ ශ්‍රාවකයෝ ඉසිගිලි පව්පාමුල්හි කළුගල මතුයෙහි වැඩහුන්නාවූ සසර දුකින් එතරවූ මුනිඳුන් පිරිවරා හිඳිත්….





1.2.4.5. වක්‌කලි සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > ඛන්ධ වර්ගය > 1. ඛන්ධ සංයුක්තය > 4. ථෙර වර්ගය



….ඇවැත්නි, එසේ යයි, ඒ භික්ෂූහු ආයුෂ්මත් වක්කලි තෙරුන්ට පිළිතුරුදී ආයුෂ්මත් වක්කලි තෙරුන් ඇඳකට නංවාගෙන ඉසිගිලි පව්වේ කළුගල්තලාව වෙත එළැඹියහ….



වෙනත් පර්වත:

වෙනත් ඉන්දියාවේ ඇති පර්වත පිළිබඳ ත්‍රිපිටකයේ තොරතුරු සඳහන් වන තැන්. 



The Rajgir Hills, also known as "Rajgriha" hills, lie near the city of Rajgir in central regions of the Indian state of Bihar. It is surrounded by five hills named Ratnagiri, Vipulachal, Vaibhavagiri, Songiri and Udaygiri. It is an important Buddhist, Hindu and Jain pilgrimage site.



The Vulture Peak (Pali: Gijjhakūṭa गिज्झकूट, Sanskrit: Gṛddhakūṭa गृद्धकूट), also known as the Holy Eagle Peak or Griddhrakūta (or Gādhrakūta), was the Buddha's favorite retreat in Rajagaha (now Rajgir, or Rajagrih). It was the scene for many of his discourses. Rajgir is located in Bihar, India. It is so named because it resembles a sitting vulture with its wings folded.





8. සිංහනාද සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > සීලස්කන්ධ වර්ගය > 8. සීහනාද සූත්‍රය



47. කාශ්‍යපය, මම් එක් සමයෙක රජගහ නුවරැ ගිජුකුළු පව්වෙහි (Gridhra-kuta)වෙසෙමි. ඒ සමයෙහි නීග්‍රෝධ නම් එක්තරා තපොබ්‍රහ්මචාරී (උතුම් තපස් කරන) පිරිවැජියෙක් අධිජුගුප්සායෙහි පැණයක් මා විචාළේය. අධිජුගුප්සායෙහි පැණ විචාරන ලද මම් ඔහුට එය විසඳා කීයෙමි. මා විසින් එසේ විසදන ලද කල්හි හේ ඉතා මහත් සේ සතුටු විය….





60.1.1‍. මහමොග්ගල්ලාන ස්ථවිරගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ථෙරගාථා පාළි > 20. සට්ඨි නිපාතය



1178. “වෙහාර” පර්‍වතයටත් “පාණ්ඩව” පර්‍වතයටත් අතරැවූ විවරය ලක්ෂ්‍ය කොට විදුලිය වැටෙයි, අප්‍රතිම (අසම) වූ තාදීහුගේ පුත්‍ර තෙම පර්‍වත විවරගතවැ ධ්‍යාන කෙරේ….





6.1.4.11. දාරුක්‌ඛන්‌ධ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > ඡක්ක නිපාතය > 4. දේවතා වර්ගය



එකල්හි ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍රා සිවුරු ගෙණ බොහෝ වහන්දෑ හා සමග ගිජුකුළුපව්යෙන් බස්නාහු අන්‍යතරප්‍රදේශයෙක්හි මහ දැවකඳක් දුටහ. දැක භික්ෂූන් ඇමැතූහ. “ඇවැත්නි, තෙපි තෙල මහදැවකඳ දක්නහු දැ?”යි….





6.2.1.1. සොණ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > ඡක්ක නිපාතය > 6. මහා වර්ගය



ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණ තෙරුන්ට මේ ඔවායෙන් ඔවා දී බලවත් පුරුෂයෙක් හැකුළු අතක් හෝ දිගු කරණුයේ යම්සේ නම්, දික්කළ අතක් හෝ හකුළනුයේ යම්සේ නම්, එපරිද්දෙන්ම සීතවනයෙහි අතුරුදන්වූ සේක් ගිජුකුළුපව්යෙහි (Gridhra-kuta)පැණී ගිය සේක….





3 - 5 මාඝ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > සුත්ත නිපාතය > 3. මහා වර්ගය



මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පවුයෙහි වැඩ වසන සෙයෙක. එකල්හි මාඝ නම් බමුණු මණෙවු (තරුණයා, ශිෂ්‍යයා) භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකටයුතු කථා නිමවා එකත්පසෙක හින. එකත්පසෙක් හුන් මාඝ මණෙවු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ දැන්වීය….





2.5. චිත්තා ථෙරීගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ථෙරීගාථා පාළි > 2. දුක නිපාතය



27. මම (මඳ වූ මස්ලේ ඇති බැවින්) කෘශ ශරීර ඇති වැ ගිලන් වැ දැඩි දුබල වුව ද, යම් මැ තැනෙක යමින් සැරයටිය එල්බගෙන යමි. එබඳු වී නමුදු ගිජුකුළුපව්වට (Gridhra-kuta)නැඟී,



28. සඟළ අත්පසැ තබා පාත්‍රයද යටිහුරු කොට තබා ශෛල පර්වතයෙහි හිඳ මෝහස්කන්ධය ප්‍රදාරණ කොට ස්කන්ධසන්තාන සඞ්ඛ්‍යාත ආත්මය මතු නූපදනා බවට පැමිණවීමෙන් විෂ්කම්භණ කළමු….





2.6. මෙත්තිකා ථෙරීගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ථෙරීගාථා පාළි > 2. දුක නිපාතය



29. මම් (රොවින් පෙළීමෙන්) උපන් දුක් ඇතිවැ එයින්මැ දුබලවැ ඉක්මගිය යොවුන් බව ඇත්තී වෙමි. සැරයටිය එල්බගෙන යමි. එතෙකුදු වුව ගිජුකුළු පව්වට නැඟී.



30. සඟළ සිවුර අත්පසැ තබා පාත්‍රය ද යටිහුරු කොට තබා ශෛලපර්වතයෙහි හුන්මු තදනන්තර වැ (වීර්ය්‍යසමතායෙහි යොදනලද බැවින්) මාගේ සිත ආස්‍රවයන් කෙරෙන් මිදිණ. මා විසින් ත්‍රිවිද්‍යාවෝ ලබනලදහු. බුදුරදුන්ගේ අනුසසුන් කරන ලද….





532. වක්කලිත්‍ථෙරාවදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූ අපදාන 2 > 54. කච්‌චායන වර්ගය



5715. යමෙක් සදහම් දන්නේ වේද, ඒ පණ්ඩිත තෙමේ මා දකී. සදහම් නොදක්නේ මා දක්නේ නමුදු නොදක්නේමය.



5716. රූ කය අපමණ වූ දොස් ඇත්තකි. විෂවෘක්ෂයකට බඳු උපමා ඇත්තකි. සියලු රොගයනට නිවාසස්ථානයකි. හුදු දුඃඛපිණ්ඩයකි.



5717. එබැවින් රූපයෙහි කලකිරී ස්කන්ධයන්ගේ උදය-ව්‍යයය (ඇතිවීම - නැතිවීම) බලව. එයින් සියලු කෙලෙසුන්ගේ අන්තයට සුවසේ පැමිණෙන්නෙහිය.



5718. හිතෛෂි වූ ඒ ලෝකනායකයන් වහන්සේ විසින් මෙසේ අනුශාසනා කරණ ලද මම ගිජුකුළුපව්වට නැගී ගිරිකඳුරෙහි බුද්ධ රූප දර්‍ශන වියොගයෙන් මැරෙන්නට සිතමි.



5719-5720. ඒ පස්මරුන් දිනූ බුදුරජානන්වහන්සේ කඳුබෑවුමෙහි සිටියහු ‘වක්කලී’ යැයි මට ඇමතූසේක. මම ඒ වචනය අසා තුටු වූයෙම් නොයෙක් සියගණන් පුරිස් පමණින් ගැඹුරුවූ පර්‍වත ප්‍රපාතයට පැන්නෙමි. එකල්හි බුද්ධානුභාවයෙන් සුවසේම පොළොවෙහි පිහිටියෙම් වෙමි.



5721. බුදුරජ තෙම නැවතත් ස්කන්ධයන්ගේ උදය - ව්‍යය පිළිබඳ දහම් දෙසීය. මම එදහම් දැන රහත්බවට පැමිණියෙමි….





4.2.1. පාසාණ සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 4. මාර සංයුත්‌තය > 2. රජ්ජ වර්ගය



147. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළු පවුවෙහි (Gridhra-kuta)වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොල්අඳුරුයෙහි අබවස (එළිමහනේ) වැඩහුන්නාහු වෙති. වැස්සද එකි එකි පොද හෙළයි.



එකල්හි පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේට බිය තැතිගැණුම ලොමුදහගැණුම උපදවනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි මහත් මහත් ගල් විහිටි. (විසි කළේය)



එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මාරයායී දැන පවිටු මාරයාහට ගාථායෙන් වදාළ සේක:



ඉදින් මේ මුළු ගිජුකුළුපවුවම සලනෙහි නම්, මොනොවට මිදුනු බුදුවරයන්ට කම්පනයෙක් නහමක් ඇත්මැය.



ඉක්බිති පවිටු මාරයා භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පත් වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් විය...





5.9. භද්‍දාකුණ්ඩලකේසා ථෙරීගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ථෙරීගාථා පාළි > 5. පඤ්චක නිපාතය



107. පෙර නුවටුවැ (අන්‍යාගමිකව) තල්ඇටින් සුන් කෙහෙ ඇතිවැ දත්මල ඇතිවැ එක්සළුවක් හැඳ පෙරෙවැ අනවද්‍යයෙහි සාවද්‍යයැ යන දෘෂ්ටි ඇතිවැ සාවද්‍යයෙහි අනවද්‍ය යැයි දක්මින් හැසිරුණුමු.



108. ගිජුකුළු පව්යෙහි දිවා විහාරස්ථානයෙන් නික්ම භික්ෂුසඞ්ඝයා විසින් පිරිවරනලද, කෙලෙස්රජස් රහිතවූ බුදුවරයා දුටුමු.



109. බුදුන් හමුයෙහි දෙදණ බිමැ පිහිටුවා වැඳ ඇඳිලි කළෙමු. ‘එව භද්‍රාවෙනි’යි බුදුහු මට වදාළහ....





2.4. සිවුවන පරිජිය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 2. පාරාජිකකාණ්ඩය > සිවුවනපාරාජිකය



31. ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ ගිජුකුළුපව්වෙන් (Gridhra-kuta)බස්නාහු එක්තරා පෙදෙසකදී සිනා පහළ කළහ. ඉක්බිති ආයුෂ්මත් ලක්ෂණ තෙමේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කීය: ඇවැත්, මුගලන, සිනා පහළ කිරීමට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේ දැයි? ඇවැත් ලක්ඛණය, තෙල පැනයට කල් නොවේමය. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි දී මාගෙන් තෙල පැනය විචාරව’යි.



32. ඉක්බිති ඇවැත් ලක්ෂණ තෙරණුවෝද, ඇවැත් මහමුගලන් තෙරණුවෝද රජගහනුවර පිඬු පිණිස හැසිර පසුබත් කල පිඬු සිඟීමෙන් පෙරළා ආවාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහුය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නාහුය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ලක්ෂණ තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කීහ: මෙහි ආයුෂ්මත් මුගලන් තෙරණුවෝ ගිජුකුළු පව්වෙන් බස්නාහු එක්තරා පෙදෙසකදී සිනා පහළ කළහ. ඇවැත් මුගලන සිනා පහළ කිරීමට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද? ඇවැත්නි, මම මෙහි ගිජිකුළු පව්වෙන් බස්නෙම් අහසින් ගමන් කරණ ඇට සැකිල්ලක් දුටිමි. එය ගිජුලිහිණියෝද, කවුඩෝද උකුස්සෝද, ලුහුබැඳ ලුහුබැඳ ඉළ ඇට අතරෙන් විනිවිද යෙත්. ඒ ඇටසැකිල්ල බැගෑ හඬ කරයි. ඇවැත්නි, ඒ මට මේ සිත විය: “පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. අද්භූතයෙකි. මෙබඳු නම් සත්ත්‍වයෙක් වන්නේද? මෙබඳු නම් අමනුෂ්‍යයෙක් වන්නේද? මෙබඳු නම් අත්බැව් පිළිලැබුවෙක් වන්නේ ද” යි. (පසු කාලයේ) භික්ෂූහු අවමන් කෙරෙත්. අයුණු කියත්. නුගුණ පතුරුවත්: “ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ උතුරුමිනිස්දම් දක්වති” යි.



33. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. “මහණෙනි, ඒකාන්තයෙන් සව්වෝ ඇස් ඇතිව වෙසෙත්. මහණෙනි, ඒකාන්තයෙන් සව්වෝ නුවණ ඇතිව වෙසෙත්. යම් හෙයකින් ශ්‍රාවක තෙමේ මෙබන්දක් දන්නේ හෝ දක්නේ හෝ සාක්ෂ්‍යය හෝ කරන්නේද, මහණෙනි, පෙරම මා විසින් ඒ සත්ත්‍වතෙමේ දක්නා ලද්දේ විය. එතකුදු වුවත් මම එය ප්‍රකාශ නොකළෙමි. මම තෙල කරුණ ප්‍රකාශ කළෙම් නම් අන්‍යයෝ මාගේ වචනය නොඅදහන්නාහුය. යම් කෙනෙක් මාගේ වචනය නොඅදහන්නාහුද ඔවුන්ට එය දිගුකලක් අහිත පිණිස දුක් පිණිස වන්නේය. මහණෙනි, මේ සත්ත්‍ව තෙමේ මේ රජගහනුවරම ගව ඝාතකයෙක් විය. හෙතෙම් ඒ කර්ම විපාකයෙන් බොහෝ අවුරුදු ගණන් බොහෝ අවුරුදු සියගණන් බොහෝ අවුරුදු දහස් ගණන්, බොහෝ අවුරුදු සුවහස් ගණන් නරකයෙහි පැසී ඒ කර්‍මයාගේම ශෙෂ වූ විපාකයෙන් මෙබඳු අත්බැව් ලැබීමක් විඳියි. මහණෙනි, මුගලන් තෙමේ සත්‍යයක් කියයි. මහණෙනි, මුගලනට ඇවැත් නැති.”….







7.2.1.3. තිස්‌සබ්‍රහ්‌ම සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > සත්තක නිපාතය > 6. අව්‍යාකත වර්ගය



එක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ යම්සේ බලවත් මැදුම් පිරිමියෙක් හැකුළු අතක් දිගුකරන්නේ හෝ දිගුකළ අතක් හකුළුවන්නේ හෝ නම් එසෙයින් ගිජ්ඣකූටපර්‍වතයෙහි අතුරුදන් වූසේක් ඒ බඹලොව්හි පැණීගියහ. තිස්ස බ්‍රහ්ම දුරදීමැ එන ආයුෂ්මත් මහමුගලන් තෙරුන් දුට. දැක ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට තෙල කීය:





6.1.5.12. ධම්‌මික සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > ඡක්ක නිපාතය > 5. ධම්‌මික වර්ගය



ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරණුවෝ පාසිවුරු ගෙණ රජගහ නුවර බලා නික්මගියහ. පිළිවෙළින් රජගහ නුවර ගිජුකුළු පව්යෙහි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් ධම්මික තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:





7.2.3. නිච්‌ඡවිත්‌ථි සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 7. ලක්ඛණ සංයුක්තය > 2. දෙවනි වර්ගය



374. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ සිවිය නැති ස්ත්‍රියක දිටිමි. භූත ගිජුලිහිණියෝද භූත කවුඩෝද භූත උකුස්සෝද ඒ මැය ලුහුබඳිමින් කඩා කති, ඉරා කති. ඕතොමෝ බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ ස්ත්‍රී තොමෝ මේ රජගහනුවර ම තම ස්වාමි පුරුෂයා ඉක්මවා හැසිරෙන ස්ත්‍රියක් වූවාය ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් ලැබීමක් විඳී යි වදාළ සේක....





1.12.6. පඤ්‌චසිඛපඤ්‌හ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සළායතන වර්ගය > 1. සළායතන සංයුක්තය > 12. ලෝකකාමගුණ වර්ගය



119. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි පන්සිළු ගාන්ධර්ව දෙවිපුත් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව සිටියේය. එකත්පස්ව සිටි පන්සිළුගඳෙව්පුත් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් මේ ආත්මභාවයේදීම නොපිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ? වහන්ස යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහිම පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැයි….





2.6.6. අභය සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > මහා වර්ගය > 2. බොජ්ඣඞ්ග සංයුක්තය > 6. බොජ්ඣඞ්ග වර්ගය



ස්වාමීනි, වහන්ස, මේ ධර්ම න්‍යාය කිනම් දැයි. රජකුමර, මොහු බොජ්ඣඞ්ග නම්හයි. භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන් බොජ්ඣඞ්ගයහ. සුගතයන් වහන්ස, ඒකාන්තයෙන් බොජ්ඣඞ්ගයහ. වහන්ස, එක් එක් බොජ්ඣඞ්ගයෙනුදු යුතු වුයේ තතුසේ දන්නේය, දක්නේය. සත්තබොජ්ඣඞ්ගයෙන් යුතු වුයේ කවර කථාද? වහන්ස, ගිජුකුළුපව්වට නැගෙන මාගේ කයෙහි යම් විඩාවක් සිතෙහි විඩාවක් වීද, එය සන්සිඳුනේය. මා විසින් ධර්මයද අවබෝධ කරන ලද්දේයි….





4.6.8. සූකරඛත සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > මහා වර්ගය > 4. ඉන්ද්‍රිය සංයුක්තය > 6. සූකරඛත වර්ගය



1742. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි සූකරඛත ලෙනෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක. සාරිපුත්ත, රහත් මහණ කුමන කරුණක් දකිමින් තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත්ව පවත්නේ පවතී දැයි...





2.4. සිවුවන පරිජිය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 2. පාරාජිකකාණ්ඩය > සිවුවනපාරාජිකය



30. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වසන සේක. එසමයෙහි ආයුෂ්මත් ලක්ෂණ තෙරණුවෝද, ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝද ගිජුකුළු පව්වෙහි වෙසත්…. 





3.2.10. වෙපුල්‌ලපබ්‌බත සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 3. අනමතග්ග සංයුක්තය > 2. දුග්ගත වර්ගය



283. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතු සේක. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, මෙසසර නොපිරුසුන් අග ඇත්තේය අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්ත්වයින්ගේ පුර්වකොටිය (මුල) නොපැණේ.



මහණෙනි, පෙර වූවක් කියමි: මේ වෙපුල්ල පර්වතයට පාවීනවංසම යයි නම් විය මහණෙනි, එකල්හි මිනිසුන්ට තිවර යන නාමය විය. මහණෙනි, තිවර මිනිසුන්ට දහස්වසෙක් ආයුඃප්‍රමාණය විය. මහණෙනි, තිවර මිනිසුන්ට පාචීනවංස පර්වතයට සිවු දිනකින් නගිත්, සිවු දිනකින් බසිත්.



එකල්හි අර්හත් සම්‍යක්සම්බුද්ධවූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළවූ සේක අර්හත් සම්‍යක්සම්බුද්ධවූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේට උතුම් සොඳුරු යුවලක්වූ විධුර, සඤ්ජීව නම් සවු යුවලෙක් විය. මහණෙනි, බලවු: මේ පර්වතයේ ඒ නාමයද අතුරුදන් විය ඒ මිනිස්සුද කලුරිය කළහ . ඒ භාග්‍යවතුන් වහන්සේද පිරිනිවන් පෑවේය. මහණෙනි, මෙසේ සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, මෙසේ සංස්කාරයෝ අද්ධුවයහ. මෙසේ සංස්කාරයෝ අනස්සාසික (අස්වැසිලි රහිත) ය හ. මහණෙනි, මෙයිනුදු සියලු සංස්කාරයන්හි කළකිරෙන්නට නිසිමය. නො ඇලෙන්නට නිසිමය . මිදෙන්නට නිසිමැයි .



මහණෙනි, පෙර වූවක් කියමි: මේ වෙපුල්ල පර්වතයට වඞ්කක යන නාමයම විය . මහණෙනි, එකල්හි මිනිසුන්ට රෝහිතස්ස යන නාමයම විය. මහණෙනි, රෝහිතස්ස මිනිසුන්ගේ ආයුඃප්‍රමාණය තිස්වස්දහසෙක් විය. මහණෙනි, රෝහිතස්ස මිනිස්සු වඞ්කක පර්වතයට තෙදිනකින් නගිත්. තෙදිනකින් බසිත්.



මහණෙනි, එකල්හි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කොනාගමන භාග්‍යවතුන් වහන්සේ ලොව (විශ්වයේ) පහළවූ සේක. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධවූ කෝනාගමන භාග්‍යවතුන් වහන්සේට අග්‍රභද්‍ර යුගයක් වූ හිය්‍යො, සුත්තර නම් ශ්‍රාවක යුගයෙක් වීය මහණෙනි, බලවු: මේ පර්වතයාගේ ඒ නාමයන් අතුරුදන් විය ඒ මිනිස්සුත් කලුරිය කළහ ඒ භාග්‍යවතුන් වහන්සේත් පිරිනිවියහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිසහ… මිදෙන්නට නිසි මැයි.



මහණෙනි, පෙර වූවක් කියමි: මේ වෙපුල්ල පර්වතයට සුඵස්ස යන නාමයම විය. මහණෙනි, එකල්හි මිනිසුන්ට සුප්පිය යන නාමය විය. මහණෙනි, සුප්පිය මිනිසුන්ගේ ආයුඃප්‍රමාණය විසිවස්දහසෙක් සේක් විය. මහණෙනි, සුප්පිය මිනිස්සු සුඵස්ස පර්වතයට දෙදිනකින් නගිත්, දෙදිනකින් බසිත්.



මහණෙනි, එසමයෙහි අර්හත් සම්‍යක්සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේ ලෝකයෙහි පහළවූ සේක. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට අග්‍රභද්‍ර යුගයෙක් වූ තිස්ස, භාරද්වාජ නම් ශ්‍රාවක යුගයෙක් විය මහණෙනි, බලවු: මේ පර්වතයාගේ ඒ නමත් අතුරුදන් විය. ඒ මිනිස්සුත් කලුරිය කළහ. ඒ භාග්‍යවතුන් වහන්සේත් පිරිනිවියහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිසහ … මිදෙන්නට නිසි මැයි.



මහණෙනි, දැන් මේ වෙපුල්ලපර්වතයට වෙපුල්ල යන නාමයම විය. මහණෙනි, දැන් මේ මිනිසුන්ට මාගධක යන නාමයම විය. මහණෙනි, මාගධක මිනිසුන්ගේ අයුඃප්‍රමාණය ඉතා ස්වල්පය, මදය, ඉතා සුලුය යමෙක් බොහෝ කලක් ජීවත්වේ නම් හෙතෙමේ සියවසක් හෝ, ඉන් මදක් (දස හෝ විසිවසක්) වැඩියෙන් හෝ ජීවත් වෙයි. මහණෙනි, මගධ රට වැසි මිනිස්සු වෙපුල්ල පර්වතයට මොහොතකින් නගිත්. මොහොතින් බසිත්.



මහණෙනි, දැන්වූ කලී අර්හත් සම්‍යක්සම්බුද්ධවූ මම ලොකයෙහි උපන්මි. මහණෙනි, මට අගසොඳුරු යුවලවූ සැරියුත්, මුගලන් නම් සවු යුවලවේ. මහණෙනි, මේ පර්වතයාගේ යම් මේ නාමයක් වේද, එය අතුරුදන් වන්නේ නම්. එබඳු කාලයක් වන්නේය. මේ මිනිස්සුත් කලුරිය කරන්නාහුය. මමත් පිරිණිවෙන්නෙමි. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිසය. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනස්සාසිකහ. මහණෙනි, මෙයිනුදු සියලු සංස්කාරයන්හි කළකිරෙන්නට නිසි මය. නොඇලෙන්නට නිසිමය. මිදෙන්නට නිසි මැයි.



භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතවූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැලි අන් අයුරිනුදු මෙය වදාළ සේක:



තිවරයන්ට පාචිනවංස විය. රොහිතස්සයන්ට වඞ්කක විය. සුප්පියයන්ට සුඵස්ස විය.මගධයන්ට වෙපුල්ල විය.



සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යහ. ඉපැද නැතිවන ස්වභාව ඇතියහ. ඉපැද නිරුද්ධ වෙති. ඔවුන්ගේ සංහිදීම සැපවේ….





12.5.2. පපාත සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > මහා වර්ගය > 12. සච්ච සංයුක්තය > 5. පපාත වර්ගය



3884. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක: මහණෙනි, “යමු දිවාවිහරණය පිණිස පටිභානකූටය වෙත එළඹෙන්නෙමු” යි. ‘එසේය වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂූන සමග පිලිබහන් කුළ වෙත එළඹිසේක. එක්තරා මහණෙක් පිළිබහන්කුළෙහි මහත් ප්‍රපාතයක් දිටී. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය: “වහන්ස, මේ ප්‍රපාතය ඒකාන්තයෙන් මහති. වහන්ස, මේ ප්‍රපාතය ඒකාන්තයෙන් ඉතා මහති. වහන්ස, මේ ප්‍රපාතයට වඩා ඉතා මහත්වූද ඉතා බිහිසුනුවූද අනෙක් ප්‍රපාතක් ඇද්දෝ” යි “මහණ, මේ ප්‍රපාතයට වඩා ඉතා මහත්වූද ඉතා බිහිසුණුවූද අනෙක් ප්‍රපාතක් ඇතැ”යි….





3.2.4.11. සඞ්‌කවා සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > තික නිපාතය > (9) 4. ශ්‍රමණ වර්ගය



ඉක්බිති කසුබුගොතු මහණ සෙනසුන් වසා තබා පාසිවුරු ගෙණ රජගහනුවර කරා එළඹියේය. පිළිවෙළින් රජගහනුවර ගිජුකුළු පවියෙහි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹින. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් කසුබු ගොතු මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:





4.1.3.10. පරිබ්‌බාජක සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > චතුක්ක නිපාතය > 3. උරුවෙල වර්ගය



30. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එසමයෙහි ඉතා ප්‍රකටවූ බොහෝ පිරිවැජියෝ සප්පිනියා ගංගාතෙර පිරිවැජි අරම්හි වෙසෙති. ඔහු කවරහ: ‘‘අන්නභාර යැ, වරධර යැ, සකුලුදායී පිරිවැජි යැ, අන්‍ය වූත් ප්‍රකට (ප්‍රසිද්ධ) පිරිවැජියෝ”යි….





3.2.2.4. සරභ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > තික නිපාතය > (7) 2. මහා වර්ගය



14. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එසමයෙහි සරභ නම් පිරිවැජි මෙසස්නෙන් බැහැරගිය නොබොහෝ කලැ….





7.2.6. අසීසක සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 7. ලක්ඛණ සංයුක්තය > 2. දෙවනි වර්ගය



377. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ හිස නැති සිරුරක් (කවන්ධයක්) දිටිමි. එහි ලයෙහි ඇස්ද, මුවද වෙයි. ගිජුලිහිණියෝද කවුඩෝද උකුස්සෝද ඒ මෙය ලුහුබඳිමින් කඩා කති, ඉරා කති. හේද බැගෑ හඬ කෙරෙයි. ... [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ...] මහණෙනි, මේ සත්ත්ව තෙමේ මේ රජගහනුවරම හාරිත නම් රජුගේ අණින් සොරුන් මරන්නෙක් විය ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් ලැබීමක් විදියි වදාළසේක….





2.3. තෘතීය පාරාජිකය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 2. පාරාජිකකාණ්ඩය > තෘතීයපාරාජිකය



26. එසමයෙහි එක්තරා මහණෙක් සස්නෙහි උකටලී බැවින් පෙළුනේ ගිජුකුළුපව්වට නැඟී ප්‍රපාතයෙහි වැටෙන්නේ එක්තරා නලකරුවකු යට කොට මැරීය. ඒ මහණහට කුකුස් විය….





1.2.4.5. වක්‌කලි සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > ඛන්ධ වර්ගය > 1. ඛන්ධ සංයුක්තය > 4. ථෙර වර්ගය



ඇවැත්නි, මේ රාත්‍රියේ, මනහර ඡවිවර්ණ ඇති දෙවියෝ දෙදෙනෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු ගිජුකුළු පව්ව ආලෝක කරමින් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. ඇවැත්නි, එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, වක්කලි මහණ මාර්ගවිමොක්ෂය (විමුක්තිය) පිණිස සිතාය”යි තෙල සැලකළේ ය. අනෙක් දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, හෙතෙමේ ඒකාන්තයෙන් අර්හත්ඵල විමුක්තියෙන් විමුක්තව මිදෙන්නේ ය”යි තෙල සැලකළේය….





7.1.2. මාංසපෙසි සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 7. ලක්ඛණ සංයුක්තය > 1. ප්‍රථම වර්ගය



363. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි යන මස්වැදැල්ලක් (ප්‍රේත වර්ගයක්) දිටිමි. භූත ගිජුලිහිණියෝත් භූත කවුඩෝත් භූත උකුස්සෝත් ඒ මේ මස්වැදැල්ල ලුහුබඳිමින් කඩා කති, ඉරා කති. ඒ මස්වැදැල්ලද බැගෑහඬ කෙරෙයි... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ... මේ සත්ත්වතෙමේ මේ රජගහනුවරම හරක් මරන්නෙක් විය... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳී යැයි වදාළ සේක…..





7.2.7. භික්‌ඛු සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 7. ලක්ඛණ සංයුක්තය > 2. දෙවනි වර්ගය



378. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ මහණකු දිටිමි. (දිවැසින්) ඔහුගේ සඟළ සිවුරද හාත්පසින් ඇවිල ගත්තේය. ගිනි ගෙණ දිලියෙන්නේය. ගිනිදැල් සහිතය. පාත්‍රයද හාත්පසින් ඇවිල ගත්තේය. ගිනි ගෙණ දිලියෙන්නේය. ගිනිදැල් සහිතය, කාබානද ආදිත්තය, සම්පජ්ජලිතය, සජොතිභූතය. කයද ආදිත්තය (ගින්නෙන් දැවේ), සම්පජ්ජලිතය, සජොතිභූතය. හෙතෙමේද බැගෑ හඬ කෙරෙයි. … [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ...] මහණෙනි, මේ මහණ තෙමේ කසුප් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පව්කාර භික්ෂුවක් විය ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යැයි වදාළසේක….





7.2.4. මඞ්‌ගුලිත්‌ථි සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 7. ලක්ඛණ සංයුක්තය > 2. දෙවනි වර්ගය



375. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ දුගඳ පිළිකුල් කට යුතු ස්ත්‍රියක දිටිමි. (දිවැසින්) භූත ගිජුලිහිණියෝද භූත කවුඩෝද භූත උකුස්සෝද ඒ මැය ලුහුබඳිමින් කඩා කති, ඉරා කති. ඕතොමෝ බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ ස්ත්‍රී තොමෝ මේ රජගහනුවර ම මන්ත්‍ර ගුරුකම් කටයුතු කරන්නියක් සහ නිමිති කියන්නියක් වූවාය ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබිමක් විඳි යි වදාළසේක….





3. මහාපරිනිර්වාණ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > මහා වර්ගය > 3. මහාපරිනිර්වාණ සූත්‍රය



14. භාග්‍යවතුන් වහන්සේ එහි රජගහ නුවරැ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක් “සිල් මෙබඳු ය, සමාධිය මෙබඳු ය, ප්‍රඥාව මෙබඳු ය. ශීලයෙන් වඩන ලද සමාධිය මහත්පල ඇත්තේ මහත් අනුසස් ඇත්තේ වේ. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත් පල ඇති වේ. මහත් අනුසස් ඇති වේ. ප්‍රඥායෙන් වඩන ලද සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මොනොවට මිදේ” යැ යි ශීලසමාධි ආදි වූ මේ දැහැමි කතාව ම බහුල කොට වදාරන සේක….





6. මහාගෝවින්ද සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > මහා වර්ගය > 6. මහාගෝවින්ද සූත්‍රය



1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට නොදුරු තන්හීවූ ගිජුකුළු පව්වෙහි වැඩ වෙසෙන සේක. එකල පන්සිළු නම් ගඳැවු පුත් රෑ බොහෝ වේලා ඉක්මි කල, (මැදුම් රැයෙහි) ඉතා දකුම් කලු පැහැ සපුව ඇත්තේ, ගිජුකුළු පව්ව මුළුල්ල බබුලුවා භගවත් බුදුරජුන් කරා එළැඹියේය. එළැඹැ, ආදරයෙන් ඔබ (උන්වහන්සේ) වැඳ එක් පසෙක සිටියේ ය. පන්සිළු ගඳැවුපුත් (එසේ) එක් පසෙක සිටියේම, “වහන්ස, තව්තිසා වැසි දෙවියන් හමුයේන් යම් කරුණෙක් මා විසින් අසන ලදද, (ඔවුන් හමුයෙන්) අසා පිළිගන්නා ලදද, එය භාග්‍යවතුන් වහන්සේට සැළ කෙරෙමි” යි කීය. “පන්සිළුවෙනි, තෙපි එය මට දන්වවු” යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක….





7.1.3. මාංසපිණ්‌ඩ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 7. ලක්ඛණ සංයුක්තය > 1. ප්‍රථම වර්ගය



364. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ මස්පිඩක් (ප්‍රේත වර්ගයක්) දිටිමි. භූත ගිජුලිහිණියෝත්, භූත කවුඩෝත්, භූත උකුස්සෝත් ඒ මෙය ලුහුබඳිමින් කඩා කත්, ඉරා කත්. ඒ මස් පිඩ ද බැගෑහඬ නගයි ... මහණෙනි ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මේ සත්ත්වතෙමේ මේ රජගහනුවරම ලිහිණි වැද්දෙක් විය. ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක….





7.1.1. අට්‌ඨිසඞ්ඛලික සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 7. ලක්ඛණ සංයුක්තය > 1. ප්‍රථම වර්ගය



362. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවෝද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරණුවෝ ද ගිජුකුළුපව්වෙහි වැඩවෙසෙති. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ලක්ඛණ තෙරුන්ට “ඇවැත්නි, ලක්ඛණයෙනි, යමු, රජගහනුවරට පිඩු පිණිස පිවිසෙන්නෙමු”යි මෙය කීහ. ඇවැත්නි, එසේය යැයි ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවෝ ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුන්ට පිළිවදන් ඇස්වූහ….





2. උදුම්බරික සීහනාද සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > පාථික වර්ගය > 2. උදුම්බරික සීහනාද සූත්‍රය



4. භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍ය විෂය සීමා ඉක්මි පිරිසිදු දිවකන් නුවණින් සන්ධාන ගෘහපතිහු න්‍යග්‍රෝධ පිරිවැජියා හා කැරෙන මේ කථාසංලාපය අසා වදාළසේක. ඉක්බිති ගිජුකුළු පව්වෙන් බැස, සුමාගධා පොකුණු තෙරැ වූ මයුරනිවාප නම් තැනට වැඩි සේක. වැඩ එහි සුමාගධා පොකුණු තෙරැ මයුර නිවාපයෙහි එළිමහනෙහි සක්මන් කළසේක. න්‍යග්‍රෝධ පිරිවැජි තෙම සුමාගධාතීරයෙහි මයුර නිවාපයෙහි එළිමහනැ සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ දිටීය. දැක සිය පිරිස බණවා, ‘භවත්හු නිහඬ වෙත්වා. භවත්නි, ශබ්ද නො කරවූ. මේ ශ්‍රමණ ගෞතම තෙමේ සුමාගධාව තෙරැ මයුර නිවාපයෙහි පිළිමිහනැ සක්මන් කෙරෙයි. ඒ ආයුෂ්මත් තෙමේ නිහැඬියාව කැමැත්තේ, නිහඬ බවැ ගුණ කියන සුලුය. මෙ පිරිස නිහඬවැ ඉඳිනාහු දැන එළැඹියැ යුතු කොට සිතුයේ වී නම් ඉතා යෙහෙක. ඉදින් ශ්‍රමණ ගෞතම තෙමේ මෙ පිරිස කරා ආයේ වී නම්, ‘වහන්ස’ භාග්‍යවතුන් වහන්සේ යම් දහමෙකින් ශ්‍රාවකයන් හික්මවන සේක්ද භාග්‍යවතුන් වහන්සේ විසින් යම් දහමෙකින් හික්මවන ලද සව්වෝ සතුටට පැමිණියාහු උත්තම නිඃශ්‍රයයක්, ආදිම බ්‍රහ්මචර්‍ය්‍යක් (ලොවුතුරා මඟක්) තමන් සතුටට කාරණ යැයි පිළින කෙරෙත්ද, භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්මය කවරේ වේද?’යි මේ පැණය විචාරන්නමු’ යි කීය. මෙසේ කී කලැ ඒ පිරිවැජියෝ නිහඬ වූහ….





3.1.10. එකපුග්‌ගල සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 3. අනමතග්ග සංයුක්තය > 1. තිණකට්ඨ වර්ගය



273. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමිපයෙහි ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එහිදී … මෙය වදාළ සේක.



මහණෙනි, මෙසසර නැවත නැවත බලයිදු නොපිරිසුන් කෙළවර ඇතියේයි. මහණෙනි, කපක් මුළුල්ලේ දිවෙන සැරිසරණ එක් පුඟුලකුගේ ඇටසැකිල්ල ඇටගොඩ ඇටරැස ඉදින් රැස් කරන්නෙක් වන්නේ නම්, රැස් කරණ ලදුයේත් නොවැනසේ නම්, මේ වෙපුල්ල පර්වතය යම් සේද, එසේ මහත් වන්නේය....





5.4.5. අත්තවධ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 5. ලාභසක්කාර සංයුක්තය > 4. සඞ්ඝභේද වර්ගය



331. භාග්‍යවතුන් වහන්සේ එක්සමයෙක දෙව්දත් බැහැර ගිය නොබෝ කල්හි රජගහනුවර ගිජුකුළුපව්වෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් ඇරබ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, තමාගේම විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළ විය. පිරිහීම පිණිස දෙව්දත්හට ලාභසත්කාර කීර්ති ප්‍රශංසා පහළ විය….





2.2.5. චඞ්‌කම සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 2. ධාතු සංයුක්තය > 2. සත්‌තධාතු වර්ගය



239. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් මහකසුප් තෙරණුවෝද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් මන්තානිපුත්ත පුණ්ණ තෙරණුවෝද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් උපාලි තෙරණුවෝද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. දෙව්දත් තෙමේද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙයි….





7.2.2. ගූථඛාදි සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 7. ලක්ඛණ සංයුක්තය > 2. දෙවනි වර්ගය



373. මහණෙනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අසූචිවළක ගිලුනු දෑතින් අසූචි කන පුරුෂයකු දිටිමි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්ව තෙමේ මේ රජගහනුවරම දුෂ්ට බ්‍රාහ්මණයෙක් විය. හෙතෙමේ කසුප් බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි බික්සඟන බතින් පවරා අසූචියෙන් ඔරු පුරවා කල් දන්වා “පින්වත්නි, මෙයින් ඇති තාක් අනුභව කෙරෙත්වා හැර ගෙණද යෙත්වා” යි මෙය කීය... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳියි වදාළ සේක….





9. ආටානාටිය සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > පාථික වර්ගය > 9. ආටානාටිය සූත්‍රය



එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එකලැ වරම් දෙව් මහරජහු සතර දෙනා මහත් යක්ෂ සේනායෙන්ද මහත් ගන්ධර්ව සේනායෙන්ද මහත් කුම්භාණ්ඩ සේනායෙන්ද මහත් නාගසේනායෙන්ද (අසුරසෙන් වළක්වාලනු පිණිස සක්දෙවිඳු ගේ) සතර දෙසැ රකවල් තබා, සතර දෙසැ බලමුළු පිහිටුවා, සතර දිගැ මුරකරුවන් රඳවා, රෑ (පෙරයම) ඉක්මි කල්හි, අභිකාන්ත වූ ශරීරප්‍රභා ඇත්තාහු, සියලු ගිජුකුළු පව්ව එකාලෝක කොට, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ….





1.2.4 චුළදුක්ඛක්ඛන්ධ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මූල පන්නාසකය > 2. සීහනාද වර්ගය



18. මහානාමය, මම එක් කලෙක මේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි විසීමි. එසමයෙහි නුවටහු බොහෝ දෙනෙක් ඉසිගිලි පවු ඇළයෙහි කළුගල් අතලෙහි පියනලද අසුන් ඇතිවැ නැගිට සිටියාහු වෙති. (ස්ථානාදි) උපක්‍රමයෙන් වන තීව්‍ර කටුක දුඃඛවෙදනාවන් විඳිත්. මහානාමය, මම එසඳ සවස්වරුයෙහි පිළිසලනින් නැගිටියෙම් ඉසිගිලි ඇළයෙහි කළු ගල් අතල වෙත එනුවටුන් කරා එළැඹයෙමි. එළඹ එ නුවටුනට තෙල බස් කියෙමි: ‘ඇවැත්නි, නිගණ්ඨයෙනි, කවර කරුණින් තෙපි පියු අසුන් ඇතිවැ නැඟිට සිටිනහු තිව්‍ර කටුක ඖපක්‍රමික දුඃඛවෙදනාවන් විඳුනාව? කියායි. මහානාමය, මෙසේ කී කල, ඒ නුවටහු මට තෙල බස් කී “ඇවැත්නි, නාතපුත්ත නුවට (අයු අනා වත්මන්) හැම දන්නෙකැ හැම දක්නාසුල්ලෙකැ අපරිශෙෂ සඞ්ඛ්‍යාත ඥානදර්ශනය පිළින කෙරෙයි: ඇවිදුනු වූද, සිටුනු වූද, නිදනු වූද, නිදිවරනු වූද, මට හැමකල් නිරතුරු ඥානදර්ශනය එළඹ සිටුනේය කියා” යි. හේ මෙසේ කියයි: “නුවටුනි, (නිගණ්ඨයෙනි) පෙරැ තොප කළ පාපකර්‍ම ඇත. එපව් මේ කටුක දුෂ්කරක්‍රියායෙන් දිරවා ලව. යම් කරුණින් මෙහි දැන් කාවිසිමුනි තුන් තැනින් සංවෘත වව්ද, එකරුණ මතුයෙහි පාපකර්‍මයාගේ නොකිරීම වෙයි. මෙසේ පුරාණ කර්‍මයන් තපසින් තැවී අවසන් වීමෙනුදු, නවකර්‍මයන් නොකිරීමෙනුදු මතුයෙහි ආස්‍රව (කර්‍ම රැස් කිරීමෙක්) නොවෙයි. මතුයෙහි අනාස්‍රව හේතුයෙන් කර්‍මක්‍ෂය වෙයි. කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි. වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිර්ජීර්ණ වෙයි.” එය වනාහි අපට රුස්නේය. සහනුද වෙයි. එයිනුදු අපි සතුටු වම්හයි….





1.3.9 මහාසාරෝපම සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මූල පන්නාසකය > 3. ඕපම්ම වර්ගය



1. මා වසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ දෙව්දත්තෙරුන් සස්නෙන් ගිය නොබෝ කලෙකින් රජගහනුවර සමීපයෙහි වූ ගිජුකුළුපව්වෙහි වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ දෙව්දත්තෙරුන් අරභයා භික්‍ෂූන් ඇමතූ සේක:





7.1.4. නිච්‌ඡවි සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 7. ලක්ඛණ සංයුක්තය > 1. ප්‍රථම වර්ගය



365. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ (ඇඟ) සිවිය නැති පුරුෂ ප්‍රේතයකු දිටිමි. භූත ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මොහු ලුහුබඳිමින් කඩා කත්, ඉරා කත්. ඒ හෙතෙමේද බැගෑහඬ කෙරෙයි. ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්වතෙමේ මේ රජගහනුවරම බැටළු මරන්නෙක් විය. ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යැයි වදාළසේක….





3.5.2 ඡන්නෝවාද සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > උපරි පන්නාසකය > 5. සළායතන වර්ගය



මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩවසනසේක. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝද ආයුෂ්මත් ඡන්න තෙරණුවෝද ගිජුකුළු පව්වෙහි වාසය කෙරෙති. එසමයෙහි ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ ආබාධිකවැ දුඃඛිතවැ දැඩිගිලන් වූවාහු වෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කාලයෙහි සමවතින් නැගීසිටියාහු ආයුෂ්මත් මහාචුන්‍ද තෙරුන් කරා එළඹ ආයුෂ්මත් මහාචුන්‍ද තෙරුන්ට තෙල කීහ: ඇවැත්නි චුන්‍දයෙනි, යම්හ ආයුෂ්මත් ඡන්නතෙරුන් කරා ගිලන් බව පුළුවුස්නමෝ එළඹෙම්හ. ඇවැත්නි, එසේය යැයි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් දුන්හ….





7.1.5. අසිලොම සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 7. ලක්ඛණ සංයුක්තය > 1. ප්‍රථම වර්ගය



366. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ කඩු බඳු ලොම් ඇති පුරුෂ ප්‍රේතයකු දිටිමි . ඔහුගේ ඒ අසි (කඩු) උඩ නැග නැග ඔහුගේම සිරුරෙහි වැටේ. හෙතෙමේද බැගෑහඬ කෙරෙයි. ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්වතෙමේ මේ රජගහනුවරම ඌරන් මරන්නෙක් විය. ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යැයි වදාළ සේක….





10.1.2. සක්‌ක සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 10. යක්‌ඛ සංයුත්‌තය > 1. ඉන්‌දක වර්ගය



236. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩ වසන සේක. එකල සක්ක නම් යක්ෂයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය….





11.2.6. යජමාන සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 11. සක්‌ක සංයුත්‌තය > 2. සත්තවත වර්ගය



262. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල්හි සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සක්දෙවිඳු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:





7.1.7. උසුලොම සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 7. ලක්ඛණ සංයුක්තය > 1. ප්‍රථම වර්ගය



368. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ ඊතල වැනි ලොම් ඇති පුරුෂයකු (අමනුෂ්‍ය) දිටිමි. ඔහුගේ ඒ හී උඩට නැග නැග ඔහුගේම කයෙහි වැටේ. හෙතෙමේද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්වතෙමේ මේ රජගහනුවරම වධකයෙක් විය ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යැයි වදාළ සේක….





6.2.2. දේවදත්ත සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 6. බ්‍රහ්‌ම සංයුත්‌තය > 2. පරිනිබ්බාණ වර්ගය



183. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් සස්නෙන් බැහැර ගිය නොබොහෝ කලැම රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල්හි මනා ඡවිවර්ණ ඇති සහම්පති බ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු ගිජුකුළුපව්ව බබුලුවා භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය….





3.9. දුතියදුට්ඨදොසශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 3. සඞ්ඝාදිසේසකාණ්ඩය



1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවර සමීපයෙහිවූ කලන්දකනිවාප නම් වේළුවනයෙහි වාසය කෙරෙති. තවද එසමයෙහි මෙත්තියභුම්මජක නම් භික්ෂූහු ගිජුකුළුපව්වෙහි සිට බස්නාහු එළියක සමග මෙවුන්දම්හි හැසිරෙණ එළුවකු දැක මෙසේ කීහු….





2. උපෝසථක්‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 2. උපෝසථක්‌ඛන්‌ධකය



1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ ගිජුකුළුපව්වෙහි වසන සේක. එසමයෙහි අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ තුදුස්වක්හිද පසළොස්වක්හිද පක්‍ෂයේ අටවක්හිද එක් තැන් වී දහම් (කටයුතු නොකටයුතු) කියා දෙත්. මිනිස්සු ඒ දහම් ඇසීමට ඔවුන් වෙත යත්. ඔවුහු අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන් කෙරෙහි ප්‍රේමය දක්වත්. පැහැදීම දක්වත්. අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ (අන්‍යාගමිකයෝ) පක්‍ෂබල ලබත්….





7.1.9. දෙවැනි සූචිලොම සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 7. ලක්ඛණ සංයුක්තය > 1. ප්‍රථම වර්ගය



370. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහස්හි ගමන් කරණ ඉදිකටු බඳු ලොම් ඇති පුරුෂයකු (අමනුෂ්‍ය) දිටිමි. ඔහුගේ ඒ හිදි හිසෙහි පිවිස මුවෙන් නික්මෙයි. මුවෙහි පිවිස ලයෙන් නික්මෙයි. ලයෙහි පිවිස කුසෙන් නික්මෙයි. කුසෙහි පිවිස කලවෙන් නික්මෙයි. කලවෙහි පිවිස කෙණ්ඩයෙන් නික්මෙයි. කෙණ්ඩයෙහි පිවිස පාදයෙන් නික්මෙයි. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්වතෙමේ මේ රජගහනුවර ම කේලාම් කියන්නෙක් විය ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යැයි වදාළසේක.





7. සඞ්‌ඝභේදක‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 7. සඞ්‌ඝභේදක‌ඛන්‌ධකය



18. එසමයෙහි වූ කලි භාග්‍යවතුන් වහන්සේ ගිජුකුළු පව්වෙහි ප්‍රාක් ඡායායෙහි (ඉදිරි පසැ සෙවණෙහි) සක්මන් කරන සේක. එකලැ දෙව්දත් තෙර ගිජුකුළු පව්ව නැඟ ‘මෙයින් ශ්‍රමණ ගෞතමයන් දිවියෙන් තොර කරන්නෙමි’ යි මහ ගලක් පෙරැළීය. (පොළොවෙන් මතුවූ) ගල්කුළු දෙකෙක් එක්වැ ඒ ගල පිළිගත්තේය. එයින් පතුරෙක් බිඳී වැටී භාග්‍යවතුන් වහන්සේගේ පයෙක ලෙහෙ මතු කෙළේය. (ලෙහෙ සැල්මෙක් විය)….





7.1.10. කුම්‌භණ්‌ඩ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 7. ලක්ඛණ සංයුක්තය > 1. ප්‍රථම වර්ගය



371. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ කුම්හණ්ඩ (කළ පමණ අණ්ඩ) ඇති පුරුෂයකු (අමනුෂ්‍ය) දිටිමි. හෙතෙමේ යන්නේද ඒ අණ්ඩ කඳට නගා ගෙණම යෙයි. හිඳිනේද ඒ අණ්ඩයන්හිම හිඳියි. ඒ මොහු භූත ගිජුලිහිණියොත් භූත කවුඩෝත් භූත උකුස්සෝත් ලුහුබඳිමින් කඩා කත්, ඉරා කත්. හෙතෙමේද බැගෑහඬ කෙරෙයි. ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්වතෙමේ මේ රජගහනුවරම අල්ලස් ගන්නා විනිසකරු ඇමතියෙක් විය ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳීයි වදාළ සේක….





1.5.1. සිරිවඩ්ඪ ස්ථවිරගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ථෙරගාථා පාළි > 1. ඒකක නිපාතය > පඤ්චම වර්ගය



41. විදුලීහු වේහාර පර්වතයාගේද පාණ්ඩව පර්වතයාගේද විවරයෙහි (අතර) වැටෙති. අනුපමවූ තාදීහුගේ (භාග්‍යවතුන් වහන්සේගේ) පුත්‍ර තෙම පර්වත ගුහාගතවැ ධ්‍යාන කෙරේ යයි….





7.2.1. ගුථකූප සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 7. ලක්ඛණ සංයුක්තය > 2. දෙවනි වර්ගය



ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අසූචිවළක හිස සහිතව ගිලුනු අමනුෂ්‍ය පුරුෂයකු දිටිමි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්ව තෙමේ මේ රජගහනුවරම අනුන්ගේ භාර්යාවන් ආශ්‍රය කරන්නෙක් විය ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳි යැයි වදාළ සේක….



සොලොස් මහා ජනපද:

Anga, Assaka (or Asmaka), Avanti, Chedi, Gandhara, Kasi, Kamboja, Kosala, Kuru, Magadha, Malla, Matsya (or Maccha), Panchala, Surasena, Vajji, Vatsa (or Vamsa)….



 සොලොස් මහා ජනපද වල අතීත බොහෝ තොරතුරු දැන ගැනීම සඳහා Google සෙවුම් යන්ත්‍රයේ Mahajanapadas යනුවෙන් පරික්ෂා කරන්න.



The Mahājanapadas were sixteen kingdoms or aristocratic republics that existed in ancient India from the sixth to fourth centuries BCE, during the second urbanisation period.



සොලොස් මහා රාජ්‍යයන් සහ වෙනත් රාජ්‍යයන් පිළිබඳ ත්‍රිපිටකයේ තොරතුරු සඳහන් වන තැන්:





1.6. සබ්බමත්ථිකථා

ත්‍රිපිටකය > අභිධර්ම පිටකය > කථාවස්‌තුප්‍රකරණය 1 > 6. සබ්බමත්ථිකථා



මහණෙනි, සංකීර්‍ණ නොවූ, සංකීර්‍ණ නොවූ විරූ මේ තුන් නිරුක්තිපථයෝ අධිවචනපථයෝ ප්‍රඥප්තිපථයෝ නුවණැති මහණබමුණන් විසින් සැක නොකරනු ලැබෙත්, සැක නොකරනු ලබන්නාහ, බැහැර නොකරනු ලබන්නාහ. මහණෙනි, උක්කල රට වැසි (Utkala Kingdom)අහේතුකවාද ඇති අක්‍රියවාද ඇති නාස්තිකවාද ඇති ‘වස්සය’යැ ‘භඤ්ඤ’යැ යන යම් ශාස්තෘ කෙනෙක් වූවා නම් ඔවුන්ද මේ තුන් නිරුක්තිපථයන් අධිවචනපථයන් ප්‍රඥප්තිපථයන් නොගැරහිය යුතු කොට නොපිළිකෙව් කටයුතු කොට සිතූහ. ඒ කවර හෙයින යත්: තමනට නින්දා-ඝට්ටන-උපවාද බියෙනැයි” වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේමැ නො?



15. අත්‌තදණ්‌ඩසූත්‍රනිර්දේශය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > මහා නිද්දේස පාළි > අත්‌තදණ්‌ඩසූත්‍රනිර්දේශය



යෙන සල්ලෙන ඔතිණ්ණො දිස සබ්බා විධාවති - රාග ශල්‍යයෙන් (රාග ඊතලයෙන්) මඩනා ලදුයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ පෙළුණේ බැසගන්නා ලදුයේ සමන්විත වූයේ කයින් දුසිරිතෙහි හැසිරෙයි, බසින් දුසිරිතෙහි හැසිරෙයි, සිතින් දුසිරිතෙහි හැසිරෙයි, ප්‍රාණවධදු කෙරෙයි, නොදුන් දැයද හැරැගනී, ගෘහසන්‍ධිදු සිඳී, ගම් පැහැරීමද ගෙවල් පැහැරීමද මං පැහැරීමද කෙරෙයි, පරඹුන් කරාද යෙයි, මෘෂාද බෙණෙයි. මෙසේත් රාගශල්‍යයෙන් මඩනා ලදුයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ පීඩිත වූයේ බැසගන්නා ලදුයේ සමන්විත වූයේ දිවෙයි, වෙසෙසින් දිවෙයි, වේගයෙන් දිවෙයි, ඔබිනොබැ හැසිරෙයි. නොහොත් රාග ශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විද්ධ - ස්පෘෂ්ට - පරෙත - සමවහිත - සමන්වාගත වූයේ ධනය සොයමින් සීත පෙරටු කොට, උෂ්ණ පෙරටු කොට, මැසි මදුරු වාත අව් දික්දෑ පහසින් වෙහෙසෙමින් සාපවසින් මැරෙමින්: නැවින් මහමුහුදට පිවිසෙයි. ත්‍රිගුල්ම ජනපදයට (Trigarta Kingdom, Punjab)යෙයි. තක්කොලයට යෙයි, තක්‍ෂශිලාවට (Taxila)යෙයි, කාලමුඛයට යෙයි, පරාඞ්මුඛයට යෙයි, වෙසුඞ්ගයට යෙයි, වෙරාපථයට යෙයි, ජාව රටට (Mataram Kingdom, Majapahit)යෙයි, තාමලී ජනපදයට (Tamilakam)යෙයි, වගු රටට (Bangladesh, Vanga Kingdom)යෙයි, එඩවර්ධනයට යෙයි, ස්වර්‍ණකූටයට යෙයි, ස්වර්‍ණභූමියට (Kingdom of Funan)යෙයි, තාම්‍රපර්ණියට (Sri Lanka)යෙයි, සුප්පාරක ජනපදයට (Shurparaka kingdom)යෙයි, භරුකච්ඡ ජනපදයට (Bharutkutccha, Bharuch)යෙයි, සෞරාෂ්ට්‍රයට (Saurashtra)යෙයි, අඞ්ගලොකයට යෙයි, ගඞ්ගණයට යෙයි, පරම ගඞ්ගණයට යෙයි, යවන රටට (Greece)යෙයි, පරම යවනයට (Western countries)යෙයි, නවක රටට යෙයි, මූලපද රටට යෙයි, මරු කාන්තාරයට යෙයි, ජණ්ණු පථයට යෙයි, අජපථයට යෙයි, මෙණ්ඩපථයට යෙයි, ශඞ්කුපථයට යෙයි, ඡත්‍රපථයට යෙයි, වංශපථයට යෙයි, සකුණපථයට යෙයි, මූෂිකපථයට යෙයි, දරීපථයට යෙයි, වෙත්‍රාධාරයට යෙයි. සොයනුයේ (භෝගයන්) නොලැබෙයි, එකල්හී නොලැබීම හේතු කොටද දුක් දොම්නස් විඳී. සොයනුයේ ලැබේ නම්, ලැබ ආරක්‍ෂාමූලකවූද දුක් දොම්නස් විඳී: ‘කවර උපායෙකින් මාගේ භෝගයන් රජවරු නොමැ හැරගන්නාහුද සොරු නොපැහැරගන්නාහුද ගිනි නොදවාද වතුරු නොගළාද අප්‍රිය දායාදයෝ නොහරනාහු දැ’ යි. මෙසේ රක්නාවූ පාලනය කරන්නාවූ ඔහුගේ ඒ භොගයෝ වැනැසෙති, හෙතෙම විප්‍රයොග මූලකවූද දුක් දොම්නස් විඳී. මෙසේත් රාග ශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ පීඩිත වූයේ පිවිසියේ සමන්විත වූයේ දිවෙයි, විශේෂයෙන් දිවෙයි, වේගයෙන් දිවෙයි, ඔබිනොබැ හැසිරේ….





1. 10. බාහිය සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > උදානපාළි > 1. බොධි වර්ගය



ඉක්බිති දාරුචීරිය බාහිය තෙමේ ඒ දෙවියා විසින් සංවේගයට පමුණුවන ලදුව එකෙණෙහිම සුප්පාරක පටුනෙන් (Shurparaka)පිටත් විය. සියලු තැන්හි එක් රැයක් පමණක් විසීමෙන් සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජෙතවනාරාමයට එළැඹියේය. එසමයෙහි ‍බොහෝ භික්‍ෂූහු අභ්‍යවකාශයෙහි සක්මන් කෙරෙති. ඉක්බිති දාරුචීරිය බාහිය තෙමේ ඒ භික්‍ෂූන් කරා එළැඹියේය. එළැඹ ඒ භික්‍ෂූන්හට “ස්වාමීනි, ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වාසය කරන සේක්ද? අපි ඒ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ දකිනු කැමැත්තම්හ”යි කීය. “බාහියය, ඒ භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස ඇතුළුගමට පිවිසි සේකැ”යි ඒ භික්‍ෂූහු කීහ….





8. චීවරක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 8. චීවරක්‌ඛන්‌ධකය



39. එකල්හි අවන්ති රටේ (Avanti)පජ්ජෝත රජ (Pradyota dynasty)හට පාණ්ඩු රෝගාබාධයෙක්වේ. ඉතා උසස් බොහෝ දිසාපාමොක් වෛද්‍යවරු අවුත් නීරෝගී කරන්නට නොහැකි වූහ. බොහෝ අමුරන් ගෙණ ගියහ. ඉක්බිති පජ්ජොත රජතෙමේ “මට මෙබඳු ආබාධයෙක්වේ. දේවයන් වහන්සේ තෙමේ ජීවක වෙදාට අණ කෙරේවා. හෙතෙමේ මට පිළියම් කරන්නේය”යි මගධෙශ්වරවූ සේනිය බිම්බිසාර රජු වෙත දූතයකු යැවීය….





විනිශ්චිත කථාවස්තු

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 2. පාරාජිකකාණ්ඩය > ප්‍රථමපාරාජිකය



38. එසමයෙහි භරුකච්ඡයෙහි උපන් (Bharutkutccha, Bharuch)එක්තරා මහණෙක් ගිහිකල අඹුවවූ තෙනැත්තිය සමග සිහිනෙන් මෙවුන්දම් සේවනය කොට “මම අශ්‍රමණයෙක් වීමි. ගිහි වන්නෙමි”යි භරුකච්ඡයට යන්නේ අතරමග ආයුෂ්මත් උපාලි තෙරුන් දැක එපුවත සැළ කෙළේය. ආයුෂ්මත් උපාලි ස්ථවිර තෙමේ මෙසේ කීය: “ඇවැත්නි, සිහිනෙන් මෙවුන්දම් සේවනය කරන්නහුට ඇවැත් නොවේ.”….





6. මහාලි සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > සීලස්කන්ධ වර්ගය > 6. මහාලි සූත්‍රය



4. එකල්හි වනාහි සිංහ නම් සාමණේර නාගිත තෙරුන් කරා ගියේය. ගොස් තෙරුන් වැඳ, පසෙකැ සිටියේය. පසෙකැ සිටි හෙරණ තෙම කාශ්‍යපයන් වහන්ස, මේ කොසොල් රටින්ද (Kingdom of Kosala)මගධ රටින්ද (Magadha Kingdom)පැමිණැ සිටින බ්‍රාහ්මණ දූතයෝ භාග්‍යවතුන් වහන්සේ දක්නට මෙහි එළැඹියාහ. ඔට්ඨද්ධ ලිච්ඡවීද මහත් ලිච්ඡවී (Vajji)පිරිසක් හා කැටුව භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස මෙහි එළැඹියේ වෙයි. කාශ්‍යපයන් වහන්ස, මේ ජනමුළුව භාග්‍යවතුන් වහන්සේ දක්නට ලබතොත් මැනැවැ”යී සැළ කෙළේය….





8. චීවරක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 8. චීවරක්‌ඛන්‌ධකය



47. එකල්හි උදේනි නුවර (Ujjayini)පජ්ජොත රජුගේ (Pradyota dynasty) අමනුෂ්‍යයකු නිසා උපන් කාක නම් දාස තෙමේ දවසකට සැට යොදුන් යන ගමන් වේග ඇත්තේවේ. ඉක්බිති පජ්ජොත රජ තෙමේ “කොල කාකය, ‘ආචාර්‍ය්‍යයෙනි, රජ තෙමේ ඔබ නවත්වා’යයි ජීවක වෙදා නවතව. කොල කාකය, මේ වෙද්දු නම් බොහෝ මායා ඇත්තාහුය. ඔහු දෙන කිසිවක් නොපිළිගණුව” යි කාකදාසයාහට අණ කෙළේය….





9. උම්මග්ග ජාතකය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ජාතක පාළි 3 > 22. මහා නිපාතය > 9. උම්මග්ග ජාතකය



5930. ඉක්බිති වේදේහ රජ තෙමේ සිවුරඟ සෙනඟ සමග අප්‍රමාණ වූ අශ්වාදී සේනාවන් ඇති සමෘද්ධිමත් කම්පිල්ලිය නගරය දක්නා පිණිස පිටත්විය…. (Kampilya city, Panchala Kingdom)





1. 10. බාහිය සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > උදානපාළි > 1. බොධි වර්ගය



1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වසන සේක. එසමයෙහි (දරවැහැරි දරන හෙයින්) දාරුචීරිය නම්වූ බාහිය තෙමේ ජනයා විසින් සත්කාර කරන ලද්දේ, ගරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ, අපචායනය (යටත් පැවැතුම්) කරන ලද්දේ චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍ර‍ත්‍යය බෙහෙත් පිරිකර ලබන සුලු වූයේ, මුහුදු තෙරැ සුප්පාරක පටුනෙහි (Shurparaka kingdom) වෙසෙයි. එකල්හි රහසිගතවූ, හුදෙකලාවූ, බාහිය දාරුචීරියහට “ලෝකයෙහි රහත්වූ හෝ රහත් මගට පිලිපන් හෝ යම් කිසි කෙනෙක් වෙත් නම් මම් ඔවුනතුරෙහි එකෙකිමි”යි මෙසේ චිත්ත සංකල්පනාවෙක් පහළ විය…... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දාරිචීරිය බාහිය හට මේ සංක්‍ෂිප්ත අවවාදයෙන් අවවාද කොට වැඩි සේක.



භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වෙලාවෙකින් ළදරු වස්සකු ඇති දෙනක් දාරුචීරිය බාහියයා බිමැ හෙළා ජීවිතයෙන් තොර කළාය.



ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පිඬු පිණිස හැසිරැ බතින් පසු (පස්වරුවෙහි) පිණ්ඩපාතයෙන් වැළකුණු සේක්, බොහෝ භික්‍ෂූන් සමග නුවරින් නික්මැ, කලුරිය කළ දාරුචීරිය බාහියයා දුටු සේක. දැකැ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, දාරුචීරිය බාහියයාගේ ශරීරය ගනුව. ඇඳෙක නංවා බැහැර ගෙන ගොස් දවව. ඔහුට ස්තූපයක්ද (Stupa) කරව. මහණෙනි, තොපගේ සබ්‍ර‍හ්මචාරියෙක් කලුරිය කෙළේ යැ”යි වදාළ සේක.



 ‘ස්වාමිනී, එසේයැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, දාරුචීරිය බාහියයාගේ ශරීරය ඇඳෙක නංවා බැහැරැ ගෙන ගොස් දවා, (පසුව) ඔහුට ස්තූපයක්ද කොට, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියෝ ය.



එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳැ එක්පසෙක හුන්හ. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ ගෙන් “ස්වාමීනි, බාහිය (නම්) දාරුචීරිය (භික්‍ෂූහු) ගේ ශරීරය දවන ලද්දේය. ඔහුගේ ස්තූපයද කරන ලද්දේය. ඔහුගේ ගතිය කවරේද? අභිසම්පරාය (පරලොව) කවරේ දැ”යි මෙසේ විචාළහ:



 “මහණෙනි, බාහිය දාරුචීරිය පණ්ඩිතයෙක (ලොකොත්තර) ධර්‍මය පිළිබඳ අනුධර්‍මයට (ශීල විශුද්ධි ආදි ප්‍ර‍තිපද්ධර්‍මයට) පිළිපන්නේය. ධර්‍මය නිසා මා නොවෙහෙසීය. මහණෙනි, බාහිය දාරුචීරිය තෙමේ පිරිනිවියේ යැ”යි වදාළ සේක.



ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලාවෙහි මේ උදානය (ප්‍රීති වාක්‍යය) පහළ කළ සේක:



 “යම් නිර්‍වාණ ධාතුවෙක ආපෝ ධාතුවද පෘථිවි ධාතුවද තේජෝ ධාතුවද වායෝ ධාතුවද නොපිහිටාද, එහි තාරකාවෝ නොබබළති, සූර්‍ය්‍යයා නොබබළයි, එහි චන්‍ද්‍ර‍යා නොබබළයි, එහි අන්‍ධකාරය නැත. මෞන සඞ්ඛ්‍යාත මාර්‍ග ඥානයෙන් (යුක්ත හෙයින්) මුනි (නම්) වූ බ්‍රාහ්මණ තෙමේ යම් කලෙක්හි තෙමේම (නිර්‍වාණය) අවබෝධ කෙළේද, එකල්හි රූපලෝක ප්‍ර‍තිසන්‍ධියෙන්ද, අරූපලෝක ප්‍ර‍තිසන්‍ධියෙන්ද, සැප වේදනාවෙන්ද දුක් වේදනාවෙන්ද මිදේ”….





5.13. චූළරථ විමානය(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > විමාන වස්තු > 5. මහාරථ වර්ගය



982. මනා රුක්හරයෙන් කළ දැඩි දුන්නක් ගත්තෙහි? එහි එක් කෙළවරක් ඔබා ගෙන සිටිනෙහි, ඒ තෝ කැත්රජකුමරෙක් වෙහිද? නැතහොත් වෙනෙහි හැසිරෙන වැද්දෙක් වෙහිද?



983. වහන්ස, වනාන්තරයේ හැසිරෙන මම අස්සක රට (Assaka kingdom)රජුගේ පුත්‍රයෙමි. මහණ ඔබට මාගේ නම කියමි. සුජාත යැයි මා දනිත්.



984. මම මුවන් සොයන්නෙම් මහවලැ වැදුනෙම් මුවකු නොදිටිමි. මම ඔබම දැක සිටියෙම් වෙමි.



985. මහ පිනැත්ත තාගේ මේ පැමිණීම මනා පැමිණීමෙකි. තවද තාගේ පැමිණීම නොමනා පැමිණීමෙක් නොවෙයි. මෙතැනින් දිය ගෙන තාගේ පා දොවා ගනුව.



986. ගිරිලෙනෙන් ගෙනෙන ලද මේ පැන්ද ඉතා සිහිල්ය. රාජපුත්‍රය එයින් පැන් බී මේ ඇතිරියෙහි හිඳුව.



987. මහර්ෂීන් වහන්ස ඒකාන්තයෙන්ම ඔබ වහන්සේගේ වචනය යහපත්ය. ඇසිය යුතුය. නිදොස්ය. අරුත් සහිතය. මිහිරිය. අරුත් දැන කියන්නෙහිය.



988. සෘෂි ශ්‍රේෂ්ඨය වනාන්තරයේ වසන ඔබ වහන්සේට කිනම් ඇල්මෙක් දැයි පුළුවුස්නා ලදුයේ කියනු මැනවි. ඔබ වහන්සේගේ වදන් මග අසා අර්ථ ධර්ම පද සඞ්ඛ්‍යාත ශීලා දී ධර්මකොට්ඨාසයෙහි අපිදු පි ළිපදිම්හ.



989. පින්වත් කුමාරය, සියලු සතුන්ට හිංසා නොකිරීම සොරකමින් මිසහසරින් රහමෙරින් වැළකීම අපට රුස්නේ වෙයි.



990. මෙකී පව්කමින් වැළකීමද කාය සමතාදීන්ගේ වශයෙන් සමව හැසිරීමද ඇසූ පිරූ තැන් ඇති බවද කළගුණ දන්නා බවද යන පැසසිය යුතු මේ ධර්ම මෙලොවම නුවණැත්තන් විසින් පැසසිය යුතුවේ.



991. රාජ පුත්‍රය පස්මසකින් ඇතුළත තාගේ මරණය වන බව දැනගනුව. එහෙයින් තමාවම අපාය දුකින් මුදව.



992. ඒ මම කවර දනව්වකට ගොස් කිනම් කර්මයක් කිනම් පුරුෂ කාර්‍ය්‍යයක් කොට කවර නම් හෝ විද්‍යාවකින් ජරාමරණ නැත්තෙම් වන්නෙම් දැයි?



993. රාජපුත්‍රය සත්ව තෙමේ යම් තැනකට ගොස් ජරාමරණ නැත්තේ වේද, එබඳු ප්‍රදෙශයෙක් එබඳු කර්මයෙක් එබඳු විද්‍යාවෙක් එබඳු පුරුෂ කාර්‍ය්‍යයෙක් විද්‍යමාන නොවේ.



994. මහත් ධන ඇති මහත් භෝග ඇති රාෂ්ට්‍රාධිපතිවූ බොහෝ ධනධාන්‍ය ඇති ක්ෂත්‍රියයෝ වෙත්ද, ඔහුද ජරාමරණ නැතියෝ නොවෙත්.



995. ඉදින් සූරවූ වීරවූ වික්‍රමයෙන් සතුරන්ට පහර දෙන සුලු අන්ධක වෙණ්හු පුත්‍රයෝයි ප්‍රසිද්ධවූ පවුල් පරපුරෙන් චන්ද්‍රසූර්‍ය්‍යාදීන් බඳුවූ ඒ ඔවුහුද ආයුක්ෂයට පැමිණියාහු නටහ.



996. යම් ක්ෂත්‍රිය කෙනෙක් බ්‍රාහ්මණ කෙනෙක් වෛශ්‍ය කෙනෙක් ශුද්‍ර කෙනෙක් චණ්ඩාල කෙනෙක් පුක්කුස කෙනෙක් වෙත්ද ඔහුද අන්හුද වෙත් නම් ඒ හැමදෙනද ජාතියෙන් ජරා මරණ නැතියෝ නොවෙත්.



997. යම් කෙනෙක් අට්ටකාදී සෘෂීන් විසින් නුවණැසින් දුටු අඞ්ග සයෙන් යුක්තවූ වේදය පිරිවහත්ද, මොවුහුද අන්හුද වෙත් නම් ඒ හැමදෙනද විද්‍යාවෙන් ජරාමරණ නැතියෝ නොවෙත්.



998. ශාන්ත කායවාග්කර්ම ඇති සංයතවූ සිත් ඇති තපස් ඇසුරු කළ යම් සෘෂිවරයෝ කෙනෙකුත් වෙත්ද, ඒ තපස්වීහුද සුදුසු කල්හි ශරීරය හැර දමත්.



999. වැඩූ සිත් ඇති සිව් මගින් කිස ඇති ආස්‍රව රහිතවූ රහත්හුද පින් පව් ගෙවාලීමෙන් මේ සිරුර බහා තබත්.



1000. මහා මුනිවරය ඔබ විසින් මොනවට දෙසන ලද ගාථාවෝ අර්ථ සහිතයහ. ඒ මනා දෙසුමෙන් ධර්මසංඥාවට පැමිණියෙම් වෙමි. ඔබ වහන්සේද මට පිහිටවන සේක්වා.



1001. එම්බා කුමාරය, තෝ මා නහමක් සරණ යව. මම ශාක්‍යපුත්‍ර වූ යම් මහා වීරයක්හු සරණ කොට ගියෙම්ද, උන්වහන්සේම සරණ කොට යව.



1002. නිදුකාණෙනි ඔබ වහන්සේගේ ඒ ශාස්තෘ තෙමේ කවර දනව්වෙකැ වේද, මමද අප්‍රතිපුද්ගලවූ ඒ බුදුරජාණන් වහන්සේ දකින්නට යන්නෙමි.



1003. පින්වත, ඔක්කාකකුලයෙහි උපන් ඒ පුරුෂ ශ්‍රෙෂ්ඨ තෙමේ ඒ පෙරදිග දනව්වෙහි (තෙරණුවන් සිටි මධ්‍ය දේශයට පෙරදිගින්) විය. හෙතෙමේත් පිරිනිවියේ වෙයි.



1004. නිදුකාණෙනි ඉදින් ඔබගේ ශාස්තෲවූ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සේක් නම් ඇසුරු කිරීම පිණිස යොදුන් දහසක් වුවද යන්නෙමි.



1005. නිදුකාණෙනි යම් හෙයකින් වනාහි ඔබගේ ශාස්තෲන් වහන්සේ පිරිනිවී සේක්ද, මම ඒ පිරිනිවියාවූද මහාවීරයන් වහන්සේ සරණ කොට යෙමි.



1006. මම බුදුන් සරණ කොට යෙමි. නරදෙවයන් වහන්සේගේ අනුත්තරවූ ධර්මයද සඞ්ඝයාද සරණ කොට යෙමි.



1007. ඒ මම පණිවායෙන් වහා දුරුවෙමි. ලොවැ නුදුන් දෑ ගැන්ම දුරලමි. මත්පැන් නොබොන්නෙම් වෙමි. මුසවා නොකියමි. සිය බිරියගෙන්ම තුටු වෙමි. (මෙසේ සරණයෙහිද සිල්හිද පිහිටි ඔහුට තෙරණුවෝ මෙසේ කීහ. රජකුමරුනි, ඔබට මෙහි වනයේ වාසයෙන් ප්‍රයෝජන නැත. ඔබේ ජීවිතය වැඩිකල් පවතින්නේ නැත. පස් මසක් තුළම කළුරිය කරන්නෙහිය. එබැවින් ඔබ පියා වෙතට ගොස් දානාදී පින්කම් කොට ස්වර්ගයට පැමිණෙන්න. මෙසේ කියා තමා සමීපයෙන් ධාතූන් වහන්සේලාද දී පිටත් කළේය.)



1008. යම්සේ මහත් කැලුම් ඇති හිරු අහසෙහි කැමති කැමති දිගට යන්නේ ආලෝකවත් කෙරේද, හාත්පසින් සත් යොදුනක් වටවූ තාගේ මේ මහා රථය (දිව්‍ය) එබඳුවේ. (ජීවිත අවසාන කාලයේ කරන ලද ඔහුගේ පින් මහිමයෙන් සත් රුවනින් යුක්ත වූ සත්යොදුන් පමණ වූ රථයක්ද පහළවිය. අප්සරාවෝ දහස් ගණනින් පිරිවර වූහ.)



1009. හේ හාත්පසින් රන්පටින් වැසුණේ වෙයි. එහි වියගස මුල මුතු මැණික් වලින් විසිතුරු කරන ලද්දේ වෙයි. රන්රිදී පටයන්හි මොනවට කළ වෙරළුමිණිමුවා මල්කම් ලියකම් ඈ රේඛාවෝ රිය හොබවත්.



1010. මේ රියහිස වෙරළුමිණියෙන් කරන ලදී, මේ වියගහ රතු මැණිකෙන් විසිතුරු කරනලදී. සිතට රිසි ගමන් ඇති මේ අශ්වයෝද (දිව්‍ය) රනින් හා රිදියෙන් හා කළ රැහැනින් බැඳුණාහු හොබිත්.



1011. දහසක් අසුන් යෙදූ විජයොත් රිය අරා සිටි සක්දෙවිඳු මෙන් ඒ තෝද රන්රියෙහි සිටිනෙහි, යසස් ඇත්ත තා විසින් මේ මහත් යසස කෙසේ ලබන ලද දැයි මම දක්ෂවූ තා විචාරමි.



1012. වහන්ස මම පෙරැ සුජාත නම් රාජපුත්‍රයෙක් වීමි. ඔබ වහන්සේත් අනුකම්පාවෙන් කුශල ධර්ම සඞ්ඛ්‍යාත සංයමයෙහි මා පිහිටුවූ සේක.



1013. මා පිරිහීගිය ආයු ඇතියෙකැයි දැන සුජාත මෙය පුදව, එය තා හට වැඩ පිණිස වන්නේයයි ශාස්තෲන් වහන්සේගේ ශාරීරික ධාතු දුන්සේක.



1014. මම මැනැවින් යෙදුණෙමි. ඒ ධාතූන් සුවඳින් මලින් පුදා මිනිස් සිරුර හැරැපියා දිව්‍ය නඳුන් වෙනෙහි උපන්මි.



1015. නන්වැදෑරුම් පක්ෂි සමූහයාගෙන් යුත් මනරම් වූ නඳුනුයනෙහි නෘත්‍යගීතයෙන් හා දිව්‍යප්සරාවන්ගෙන් හා පෙරටු කරන ලද්දෙම් සිත් අලවා වෙසෙමි….





8.1.3.10. අනුරුද්‌ධ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > අට්ඨක නිපාතය > 3. ගහපති වර්ගය



එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාර ගිර නගරය අසල භේසකලාවන නම් මුවවෙනෙහි වැඩ වෙසෙන සේක. එසමයෙහි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ චේතී දනව්වෙහි (බුදුරදුන් වැඩහුන් තැනින්) (Chedi Kingdom) පෙරදිගෙහිවූ උණ වෙනෙහි වෙසෙති. ඉක්බිති රහසිගත වූ එකලාව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ සිත්හි මෙබඳු අදහසෙක් (මහා පුරුෂ විතර්කයක්, මහා පුරුෂයෝ සිතන සිතුවිල්ලක්) පහළ විය;





7. කඨිනක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 7. කඨිනක්ඛන්‌ධකය



2. එකල්හි පාවා නුවරවැසි (Pava, Malla tribe)තිසක් පමණ භික්‍ෂූහු සියල්ලෝ ආරණ්‍යක වූවාහු සියල්ලෝ පිණ්ඩපාතික වූවාහු සියල්ලෝ පංසුකූලික වූවාහු සියල්ලෝ තෙචීවරික වූවාහු භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත් නුවරට යන්නාහු වස් එළඹීම ලං වූ කල්හි සැවැත්නුවර වස් එළඹෙන්නට යෑමට නො හැකි වූහ. අතරමග සාකෙතනුවර වස් එළඹියහ….





3. ජයද්දිස ජාතකය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ජාතක පාළි 2 > 16. තිංස නිපාතය



2806. යම්සේ රාහුමුඛයෙන් මිදුණු පසළොස්වක්හි චන්ද්‍ර තෙම බබළා ද, යම්සේ සූර්‍ය්‍යයා බබළා ද, එපරිද්දෙන් මහත් අනුභාව ඇති කුමාරය, පොරිසාදයාගෙන් මිදුණා වූ නුඹ පියා ද මව ද සතුටු කරමින් කම්පිල්ල නගරය (Kampilya city, Panchala Kingdom)බබළව. නුඹගේ සියලු නෑ පිරිවර ද සතුටුවේවා, (යී පොරිසාදයා පවසා මහසත්හු පිටත් කෙළේ ය.)….





10. සුසන්ධි ජාතකය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ජාතක පාළි 1 > 5. පඤ්‌චක නිපාතය > 1. මණිකුණ්‌ඩල වර්ගය



764. භරුකච්ඡ (Bharutkutccha, Bharuch)නැමැති තොටුපලින් පිටත්ව ධන සෙවීමට යන වෙළෙඳුන්ගේ නැව මෝරුන් විසින් බිඳින ලද මම පුවරු කඩෙකින් එතෙර ගියෙමි….





9.1.3.3. මේඝිය සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > නවක නිපාතය > 1. සම්‌බෝධි වර්ගය



මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චාලිකා නගර සමීපයෙහිවූ චාලිකා පර්වතයෙහි වාසය කරන සේක. එසමයෙහි ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙයි. එකල්හි ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වෙත එළඹියේය. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන්හට තෙල සැළකළේය. වහන්ස, මම ජන්තු ග්‍රාමයට පිඬු පිණිස වඩනට කැමැති යෙමියි. මේඝිය යමක් පිණිස තෝ දැන් කලැයි හඟනේ නම් එය කරවයි….





(463) 9. සුප්පාරක ජාතකය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ජාතක පාළි 1 > 11. එකාදසක නිපාතය



1638. භරුකච්ඡ පටුන් ගමින් (Bharutkutccha, Bharuch)නික්මගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර බුරමාලී නමැයි කියනු ලැබේ….





3.1.4 සාමගාම සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > උපරි පන්නාසකය > 1. දේවදහ වර්ගය



ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් හා චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ හුන්හු. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: ‘වහන්ස, මේ චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ මෙසේ කියති: (කිසේ යැ:) ‘වහන්ස, නිගණ්ඨනාතපුත්‍ර පාවා නුවර (Pava, Malla tribe)මෙසඳ කලුරිය කළේ යැ, ඔහුගේ කාලක්‍රියායෙන් බුන් නුවටහු දෙබේ වැ භණ්ඩනජාත වැ කලහජාත වැ විවාදාපන්න වැ උනුන් මුවසැතින් විදුමින් වාස කෙරෙති, ... බුන් පිහිට ඇති පිළිසරණ නැති (වරදවා කී ධර්මවිනයෙක කලකිරෙනුවන් සෙයින් උන්ගේ ගිහිසව්වෝ ද උන් කෙරෙහි කලකිරුණහ.) වහන්ස, මට මෙවන් සිතෙක් පහළ වෙයි: භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් සඟුන් කෙරෙහි නහමක් විවාද උපදීවා, (කරව හෙයින?) ඒ විවාද බොහෝ දෙනාට අහිත පිණිස බොහෝදෙනාට නොසුව පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙවිමිනිස්නට අහිත පිණිස දුක් පිණිස වේ ද එහෙයිනි…. *(Nigantha Nātaputta (or Mahāvīra, the leader of the Jains)





7.4. සුවණ්‌ණ විමානය (සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > විමාන වස්තු > 7. සුනික්‌ඛිත්‌ත වර්ගය



1135. එම්බා දේවපුත්‍රය, රුවන්දැලින් සැරසූ කිකිණිදැල් ඇති හාත්පසින් බබළන මේ විමානය රන්පවුවෙකැ පිහිටියේ වෙයි.



1136. අටැස්වූ සුදුපැහැති සියලු ටැම්හු වෙරළුමිණියෙන් මොනවට කරන ලදහ. ඒ ටැම්හි එක් එක් කොටස සත් රුවනින් නිමවන ලදී.



1137-1138. වෙරළුමිණියෙන් හා රනින්ද පළිඟුයෙන් හා රිදියෙන්ද මැසිරිගලින් හා මුතුයෙන්ද රතුමිණියෙන්ද විසිතුරුවූ සිත්කලු භූමිය වෙයි. එහි ධූලි නොනගියි. නිර්මිතවූ රන්වන්වූ ගොනැස් සමූහයෝ සත්රුවන් පුවා කැණිමඬල දරත්.



1139. සිවු දිගුහි හිණි සතරෙක් මවන ලදි. නොයෙක් රුවනින් කළ ගබඩාවන් කරණකොට ගෙන මේ ‍විමන හිරුමෙන් බබළයි.



1140. එහි සිවු දිගුහි අවට අතිශයින් දීප්තිමත්වූ කොටස් වශයෙන් පමණට බෙදූ සිවු වේදිකාවෝ බබළත්.



1141. ඒ උතුම් විමන්හි සිටින උදාවන හිරු‍මෙන් මහත් කැලුම් ඇති දෙවිපුත්වූ තෝ සිරුරු පැහැයෙන් අතිශයින් බබළහි.



1142. එම්බා දිව්‍යපුත්‍රය, තාගේ මේ පුණ්‍යඵලය දානයක්හුගේද, නැතහොත් සීලයක්හුගේද, නැතහොත් අඤ්ජලිකර්මයක්හුගේ දැයි මා විසින් විචාරන ලදුයෙහි එය මට කියව.



1143. මේ පුණ්‍යඵලය යම් කවර කර්මයක්හුගේ දැයි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මෙසේ පැවසීය.



1144. ස්වාමීනි, වහන්ස මම පෙරැ අන්ධකවින්ද නම් රටෙහි සූර්‍ය්‍යබන්ධු වූ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේට පහන් සිතැතියෙම් සියතින් (ඒ ඒ කිස කරමින්) විහාරයක් කරවූයෙමි.



1145. ඒ අන්ධකවින්ද රටෙහි (Andhra Satavahana kingdom)මම වෙසෙසින් පහන් සිතින් ශාස්තෲන් වහන්සේට අභිනව සුවඳද මල්ද විලවුන්ද විහාරයද පූජා කෙළෙමි.



1146. ඒ පිනෙන් මා විසින් මේ විපාකය ලබනලදී. දෙවියන්ගේ නදුන් වෙනෙහි අනුන් අභිභවා වෙසෙමි. දිව්‍යාප්සරාවන් විසින් පිරිවරනලද මම නොයෙක් දිව්‍ය පක්ෂි සමූහයාගෙන් යුක්ත වූ සිත්කලුවූ නදුන් වෙනෙහි ගී නැටුම්වලින් සිත් අලවා වෙසෙමි….





7. තිස්‌සමෙත්‌තෙය්‍යසූත්‍රනිර්දේශය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > මහා නිද්දේස පාළි > තිස්‌සමෙත්‌තෙය්‍යසූත්‍රනිර්දේශය



මන්‍දොව පරිකිස්සතී - කෘපණයකු මෙන් අඥයකු මෙන් මුග්ධයකු මෙන් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. ප්‍රාණවධදු කෙරෙයි, අදත්තාදානයද කෙරෙයි, ගෘහසන්‍ධිදු සිඳී, ගම් පහරයි, ගෙවල් පහරයි, මං පහරයි, පරඹුන් කරාද යෙයි, මෘෂාද බෙණෙයි; මෙසේත් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. ඒ අපරාධකරු රජවරු අල්වාගෙන විවිධ කම්කටොලු කරවති: කසයෙනුදු තළවති, වේවැලිනුදු තළවති, අඩදඬියෙනුදු තළවති, අත් සිඳුවති, පා සිඳුවති, අත්පාද සිඳුවති, කනුදු සිඳුවති, නැහැයද සිඳුවති, කන්නාසාද සිඳුවති, කාඩිසැළි කම්කටොලුද කෙරෙති, සක්මුඩු කම්කටොලුද කෙරෙති, රාහුමුඛ කම්කටොලුද කෙරෙති, ගිනිවළලු කම්කටොලුද කෙරෙති, අත් දල්වන කම්කටොලුද කෙරෙති, එරුවත් කම්කටොලුද කෙරෙති, තීහිරිවත් කම්කටොලුද කෙරෙති, එණෙය්‍යක කම්කටොලුද කෙරෙති, බිළියෙන් මස් සිඳුණා කම්කටොලුද කෙරෙති, කහාපණික කම්කටොලුද කෙරෙති, කොස්සෙන් කාරම් ගල්වති, පරිඝපරිවර්‍තන කම්කටොලුද කෙරෙති, පිදුරුපිටු කම්කටොලුද කෙරෙති, කකාළ තෙල්ද ඉස්වති, ශුනකයන් (කීණබල්ලන්) ලවා කවති, දිවස්හුලද හිඳුවති, කඩුවෙනුදු හිස සිඳිත්; මෙසේත් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. නොහොත් කාමතෘෂ්ණාවෙන් මඩනා ලදුයේ හාත්පසින් අල්වාගත් සිත් ඇතියේ භොගයන් සොයමින් නැවින් මහමුහුදට පිවිසෙයි. සීතල පෙරටු කොට උණුසුම පෙරටු කොට මැසිමදුරු අව්සුළං හා සපුන් ගේ පහසින් වෙහෙසෙමින් සාපවසින් මැරෙමින් තිගුම්බ ජනපදයට (Trigarta Kingdom, Punjab)යෙයි, තක්කොලයට – තක්‍ෂිශිලාවට (Taxila) - කාලමුඛයට - පරාංමුඛයට - වෙසුඞ්ගයට - වෙරාපථයට – ජාවක රටට (Mataram Kingdom, Majapahit) - තාමලිප්තියට (Tamilakam) – වංග රටට (Bangladesh, Vanga Kingdom) - එළවද්ධනයට - ස්වර්‍ණකූටයට - ස්වර්‍ණභූමියට (Kingdom of Funan) – තාම්‍රපර්ණියට (Sri Lanka) – සුප්පාරකයට (Shurparaka kingdom) – භරුකච්ඡ ජනපදයට (Bharutkutccha, Bharuch) - සෞරාෂ්ට්‍රයට (Saurashtra)- අඞ්ගලොකයට - ගඞ්ගණයට – පරම ගඞ්ගණයට – යවන රටට (Greece) – පරම යවනයට (Western countries) – අලසන්‍දාවට (Alexandria) – නවක ජනපදයට – මූලපද රටට යෙයි….



{….කපණො විය මන්‍දො විය මොමූහො විය කිස‍්සති පරිකිස‍්සති පරිකිලිස‍්සති, පාණම‍්පි හන‍්ති, අදින‍්නම‍්පි ආදියති. සන්‍ධිම‍්පි ඡින්‍දති, නිල‍්ලොපම‍්පි හරති, එකාගාරිකම‍්පි කරොති, පරිපන්‍ථෙපි තිට‍්ඨති, පරදාරම‍්පි ගච‍්ඡති, මුසාපි භණති, එවම‍්පි කිස‍්සති පරිකිස‍්සති පරිකිලිස‍්සති. තමෙනං රාජානො ගහෙත්‍වා විවිධා කම‍්මකාරණා කාරෙන‍්ති: කසාහිපි තාළෙන‍්ති, වෙත‍්තෙහිපි තාළෙන‍්ති, අද‍්ධදණ‍්ඩකෙහිපි තාළෙන‍්ති, හත්‍ථම‍්පි ඡින්‍දන‍්ති, පාදම‍්පි ඡින්‍දන‍්ති, හත්‍ථපාදම‍්පි ඡින්‍දන‍්ති, කණ‍්ණම‍්පි ඡින්‍දන‍්ති, නාසම‍්පි ඡින්‍දන‍්ති, කණ‍්ණනාසම‍්පි ඡින්‍දන‍්ති, බිලඞ‍්ගථාලිකම‍්පි කරොන‍්ති, සඞ‍්ඛමුණ‍්ඩිකම‍්පි කරොන‍්ති, රාහුමුඛම‍්පි කරොන‍්ති, ජොතිමාලිකම‍්පි කරොන‍්ති, හත්‍ථපජ‍්ජොතිකම‍්පි කරොන‍්ති, එරකවත‍්තිකම‍්පි කරොන‍්ති, චීරකවාසිකම‍්පි කරොන‍්ති, එණෙය්‍යකම‍්පි කරොන‍්ති, බලිසමංසිකම‍්පි කරොන‍්ති, කහාපණකම‍්පි කරොන‍්ති, ඛාරාපතච‍්ඡිකම‍්පි කරොන‍්ති, පලිඝපරිවත‍්තිකම‍්පි කරොන‍්ති, පලාලපිට‍්ඨිකම‍්පි කරොන‍්ති, තත‍්තෙනපි තෙලෙන ඔසිඤ‍්චන‍්ති, සුනඛෙහිපි ඛාදාපෙන‍්ති, ජීවන‍්තම‍්පි සූලෙ උත‍්තාසෙන‍්ති, අසිනාපි සීසං ඡින්‍දන‍්ති එවම‍්පි කිස‍්සති පරිකිස‍්සති පරිකිලිස‍්සති. අථවා කාමතණ‍්හාය අභිභූතො පරියාදින‍්නචිත‍්තො භොගෙ පරියෙසන‍්තො නාවාය මහාසමුද‍්දං පක‍්ඛන්‍දති: සීතස‍්ස පුරක‍්ඛතො උණ‍්හස‍්ස පුරක‍්ඛතො ඩංසමකසවාතාතපසිරිංසපසම‍්ඵස‍්සෙහි රිස‍්සමානො ඛුප‍්පිපාසාහි මීයමානො තිගුම‍්බං ගච‍්ඡති, තක‍්කොලං ගච‍්ඡති, තක‍්කසිලං ගච‍්ඡති, කාලමුඛං ගච‍්ඡති, පරම‍්මුඛං ගච‍්ඡති, වෙසුඞ‍්ගං ගච‍්ඡති, වෙරාපථං ගච‍්ඡති, ජවං ගච‍්ඡති, තාමලිං ගච‍්ඡති, වඞ‍්ගං ගච‍්ඡති, එළවද‍්ධනං ගච‍්ඡති, සුවණ‍්ණකූටං ගච‍්ඡති, සුවණ‍්ණභූමිං ගච‍්ඡති, තම‍්බපණ‍්ණිං ගච‍්ඡති, සුප‍්පාරකං ගච‍්ඡති, භරුකච‍්ඡං ගච‍්ඡති, සුරට‍්ඨං ගච‍්ඡති, අඞ‍්ගලොකං ගච‍්ඡති, ගඞ‍්ගණං ගච‍්ඡති, පරමගඞ‍්ගණං ගච‍්ඡති, යොනං ගච‍්ඡති, පරමයොනං ගච‍්ඡති, අල‍්ලසන්‍දං ගච‍්ඡති, නවකං ගච‍්ඡති, මූලපදං ගච‍්ඡති, මරුකන‍්තාරං ගච‍්ඡති, ඡණ‍්ණුපථං ගච‍්ඡති, අජපථං ගච‍්ඡති, මෙණ‍්ඩපථං ගච‍්ඡති, සඞ‍්කුපථං ගච‍්ඡති, ඡත‍්තපථං ගච‍්ඡති, වංසපථං ගච‍්ඡති; සකුණපථං ගච‍්ඡති, මූසිකපථං ගච‍්ඡති, දරීපථං ගච‍්ඡති, වෙත‍්තාධාරං ගච‍්ඡති, එවම‍්පි කිස‍්සති, පරිකිස‍්සති, පරිකිලිස‍්සති. ගවෙසන‍්තො න වින්‍දති. අලාභමූලකම‍්පි දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති….}







7.7. කන්ථක විමානය(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > විමාන වස්තු > 7. සුනික්‌ඛිත්‌ත වර්ගය 



1172. තාරකාවන්ට අධිපතිවූ සස ලකුණු ඇත්තාවූ තාරකාවන් විසින් පිරිවරන ලද පුරපසළොස්වක්හි චන්ද්‍රයා යම්සේ හාත්පස වටා ඇවිදීද,



1173. එබඳුවූ මේ දිව්‍යවිමානයද උදාහිරුමෙන් දෙව්ලොවැ පැහැයෙන් අතිශයින් බබළයි.



1174-1175. වෙරළුමිණියෙන් හා රනින්ද පළිඟුයෙන් හා රිදීයෙන්ද මැසිරිගලින් හා මුතුයෙන්ද රතුමිණියෙන්ද විසිතුරුවූ සිත්කලු භූමිය වෙයි. වෙරළුමිණියෙන් අතුරන ලද වෙයි. සිත්කලුවූ යහපත්වූ කුළු ගෙවල්ද වෙයි. මෙසෙයින් තාගේ පහය මැනවින් මැවුණේවේ.



1176-77. දිව්‍ය මසුන් විසින් සෙවුනා ලද නිර්මල ජලය ඇති වෙසෙසින් පහන් වූ රුවන්වැලි ඇතුරූ නොයෙක් පියුමෙන් ගැවැසීගත් හෙළ පියුමෙන් හාත්පස පැතුරුණු පවනින් කම්පිත වූ මනරම්වූ තාගේ පොකුණු මනා සුවඳ වහනය කෙරේ.



1178. තාගේ ඒ පොකුණු දෙපස මල්රුකින් හා පලරුකින් යුක්තවූ වනලැහැබ්හු මවන ලදහ.



1179. රන්වන් පා ඇති දිවසළු අතුළ මොළොක්වූ පල‍ඟෙහි සක්දෙව් රජු මෙන් හුන්නාවූ තා වෙත දිව්‍යාප්සරාවෝ එළඹ සිටිත්.



1180. සියලු අබරණින් වැසුණු නන්වන් මලින් සැරැහුණු ඒ දිව්‍යාප්සරාවෝ මහත් සෘද්ධි ඇති තා සතුටු කරවත්. ඒ තෝ වසවත් දෙව්රජහු මෙන් සතුටු වෙහි.



1181. දේවරතියෙන් යුක්තවූ තෝ බෙර සක් මිහිඟුයෙන්ද වීණායෙන් හා පණාබෙරින්ද නැටුම් ගැයුම් මැනවින් පවත්නා කල්හි සිත් අලවා වෙසෙහි.



1182. තා විසින් කැමතිවන ලද මනරම්වූ නන්වැදෑරුම්වූ දිව්‍යමය රූපයෝද දිව්‍යමය ශබ්දයෝද නැවැත දිව්‍යමය රසයෝද දිව්‍යමය සුගන්ධයෝද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෝද තට ඇත්තාහ.



1183. එම්බා දේව පුත්‍රය, තෝ ඒ උතුම් දෙව්විමනෙහි උදාහිරු මෙන් මහත් ප්‍රභා ඇතිවැ පැහැයෙන් අතිශයින් බබළන්නෙහි.



1184. එම්බා දෙවපුත්‍රය, තාගේ මේ පුණ්‍යඵලය දානයක්හුගේද? නැතහොත් සීලයක්හුගේද නැතහොත් අඤ්ජලිකර්මයක්හු‍ගේ දැයි මා විසින් විචාරන ලදුයෙහි එය මට කියව.



1185. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටු සිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්මයක්හුගේ දැයි මෙසේ පැවැසීය.



1186. වහන්ස මම පෙරැ ශාක්‍යයන්ගේ උතුම්වූ නගරයවූ කපිලවස්තුයෙහි (Kapilavastu)සුද්ධෝදන රජුගේ පුත්‍රයාගේ සහජවූ කන්ථක අශ්වයා වීමි.



1187-88. යම් කලෙක ඒ සිද්ධාර්ථ කුමාර තෙමේ බුදුබව ලැබීම පිණිස මැදියම නික්මුණේද එකල්හි හෙතෙමේ ජාලහත්ථ ලකුණෙන් යුත් තඹවන් නිය ඇති මොළොක් අත් කලවෙහි සන් කොට යහළුව මම උතුම් බුදුබවට පැමිණියෙම් ලෝකයා (සසරින්) එතෙර කරන්නෙමි. එහෙයින් මා උසුලාගෙන යවයි කීය.



1189. මා ඒ වචනය අසත්ම මට මහත්වූ සතුටෙක් විය. එකල්හි ඔදවැඩිසිත් ඇත්තාවූ එසේ ම සතුටුසිත් ඇත්තාවූ මම එය ආදරයෙන් පිළිගතිමි.



1190. මහායසස් ඇති ශාක්‍යපුත්‍රවූ ඒ සිද්ධාර්ථ කුමාරයන් මා පිට නැඟී හුන්නාහු දැන ඔදවැඩි සිතැතිවැ සොම්නස්වැ ඒ පුරුෂොත්තමයාණන් උසුලාගෙන ගියෙමි.



1191. ඒ සිද්ධාර්ථ කුමාර තෙමේ අන්‍ය රජුන්ගේ දේශයකට ගොස් හිරු උදාවූ කල්හි මාද ඡන්න (අසරුවා) ද හැර බලාපොරොත්තු රහිතව බැහැර ගියේ ය.



1192. මම ඒ සිද්ධාර්ථ කුමාරයන්ගේ තඹවන් නිය ඇති පායුවල දිවින් ලෙව කෑවෙමි. යන්නාවූ ඒ මහාවීරයන් දෙස හඬමින් බලා සිටියෙමි.



1193. ශ්‍රීමත්වූ ඒ ශාක්‍යපුත්‍රයන්ගේ නොදැක්මෙන් (මම) මරණාන්තික රොගයකට පැමිණියෙමි. එයින් වහා මාගේ මරණය වීය.



1194. ඒ පුණ්‍යකර්මයාගේ අනුභාවයෙන් මම තව්තිසා භවනයෙහි සියලු කාම සැපතින් යුක්තවූ මේ විමානයෙහි වසමි.



1195. බුදුවීම පිළිබඳ යම් ශබ්දයක් අසා මට හර්ෂයෙක් (ප්‍රීතියක්) වීද, ඒ කුසලමූලයෙන්ම නිවනටද පැමිණෙන්නෙමි.



1196. වහන්ස, ඉදින් ශාස්තෘවූ බුදුන් වෙත යන්නහු නම් උන්වහන්සේට මාගේ වචනයෙන්ද මස්තකයෙන් මාගේ වැඳීම සැලකරනු මැනැවි.



1197. සමාන පුද්ගලයෙක් නැත්තාවූ පස්මරුන් දිනූ බුදුරජාණන් වහන්සේ දැකීමට මමද යන්නෙමි. තාදි ගුණ ඇති ලොවට පිහිටවූ බුදුවරුන්ගේ දැකීම දුර්ලභ වෙයි.



1198. කළ ගුණ දන්නාවූ ඒ දිව්‍යපුත්‍ර තෙමේ බුදුන් වෙත එළඹියේය. හෙ තෙමේ පැණැස් ඇති බුදුන්ගේ ධර්මය අසා දහම් ඇස (සොවාන් මගඵලය) පිරිසිදු කෙළේය.



1199. ඒ දිව්‍යපුත්‍ර තෙමේ බුදුන් ඉදිරියේ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසයන් (ත්‍රිවිධ සංයොජනයන්) නසා බුදුරදුන්ගේ සිරිපා වැඳ එහිම අතුරුදහන් වීය….





1. 7. පාවා සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > උදානපාළි > 1. බොධි වර්ගය



1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර (Pava, Malla tribe) අජකලාපක (නම්) චෛත්‍යය සමීපයෙහි අජකලාපක නම් යක්‍ෂයාගේ දොවොලෙහි වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රෑ බොල් අඳුරුයෙහි අභ්‍යවකාශයෙහි වැඩ හුන් සේක. වැස්ස ද එක එක බින්‍දුව හෙළයි. එ කල්හි අජකලාපක යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට බිය, තැති ගැන්ම, ලොමුදහ ගැන්ම උපදවනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි තුන්වරක් “අක්කුල පක්කුල”යැ යි (අනුකරණ ශබ්දයක්) කෙළේ ය. “ශ්‍ර‍මණයන් වහන්ස, මුබ වෙත මේ පිසාචයෙක් පැමිණියේයැ” යි කීයේ ය.



2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණු දැන ඒ වෙලාවෙහි මේ ප්‍රීතිවාක්‍ය පහළ කළ සේක:



“යම් කලෙක්හි (බාහිත පාප) බ්‍රාහ්මණ තෙමේ ස්වකීය ධර්‍මයන්හි පරතෙරට ගියේ (වේ ද), එ කල්හි (ඒ බ්‍රාහ්මණ තෙමේ) මේ පිසාචයාද පක්කුල ශබ්දයද ඉක්මැ සිටී.”







7.10. සෙරීස්සක විමානය(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > විමාන වස්තු > 7. සුනික්‌ඛිත්‌ත වර්ගය



1230. සෙරිස්සක නම් දේවපුත්‍රයාගේද වෙළඳුන්ගේද ඒ ගමන කාලයෙහි යම් වැලිකතරකදී එක්වීමෙක් වීද, එය අසවු. එකල්හි ඔවුනොවුන් විසින් කරන ලද සුභාෂිත වචනය යම්සේ වේද, තොප හැම දෙන එයද අසවු.



1231. සේතව්‍ය නුවරැ (Setavya, Kingdom of Kosala)පායාසි නම් යම් ඒ ර‍ජෙක් වීද, බූමාටු දෙවියන්ගේ (පෘථිවිය ආශ්‍රිතව සිටින ප්‍රාථමික දෙවිවරු) සහභාවයට පැමිණි පිරිවර ඇති ඒ දෙව්පුත් තෙමේ සිය විමන්හි සතුටු වෙමින් මිනිසුන්ට මෙසේ කීයේය.



1232. අමනුෂ්‍යයන්ට වාසස්ථානවූ සැක සහිතවූ වනයෙහි නිරුදකවූ අහර නැති දුකසේ යායුතුවූ මේ වනාන්තරයෙහි වැලිකතර මැද සැකයෙන් බියට පත්ව මංමුළාවූ මිනිසුනි,



1233. මේ වැලිකතරෙහි ඵලද අලද නැත්තේය. ගිනි එලවන දරද නැත. රළුවූ තැවුණාවූ උණු වැලි හා පස් හැර අහරෙක් නම් මෙහි කොයින් ලැබේද,



1234. රළුවූ තද පස් ඇති රත් කබලක් වැනි සැපතක් නැති නරකය බඳුවූ බොහො කල් පටන් පිශාව (ලුද්දක) යන්ට වාසස්ථානවූ මේ ප්‍රදේශය සෘෂින් විසින් ශාපකරන ලද්දක් බඳු වූයේය.



1235. තවද, තෙපි කුමක් නිසා කවරක් බලාපෙරොත්තුවෙන් නොවිමසා එකතුව මේ පෙදෙසට පිවිසියාහු ද? ලෝභයෙන් පැමිණියාහුද? නොහොත් බියෙකින් පැමිණියාහුද? නැතහොත් මං මුළාවූවාහුද?



1236. එම්බා දේවපුත්‍රය අඟු මගධ දෙරට (Anga Kingdom)

(Magadha Kingdom)සාර්‍තථවාහක වූ ඒ අපි ගැල්හි බොහෝ විකිණියයුතු බඩු පුරාගෙන ලාභාපෙක්ෂා ඇතිව වැඩි ධනාශා ඇතිව සින්ධු‍ සොවීර දේශයට (Sindhu Kingdom)යම්හ.



1237. දවල් පවස නොඉවසිය හැකිව ගොනුන්ට හා මිනිසුන්ට පහසු බලන්නමෝ මේ වේගයෙන් පැමිණියම්හ. ඒ අපි සියලු දෙන රෑ නොකල්හි මාර්ගයට පිළිපන්නමෝ වෙමු.



1238. නොමග පැමිණියාවූ වැරැදී ගිය මඟ ඇත්තා වූ අන්ධයන් මෙන් ආකුලවූ නැසුණාවූ වනයෙහි අතිශයින් මුළාවූ සිත් ඇති ඒ අපි මේ දුර්ගමවූ වැලිකතර මැද යායුතු දිශාව නොදනුම්හ.



1239. එම්බා දේවපුත්‍රය, පෙරැ නො දුටු විරූ මේ උතුම් විමනද තාද දැක මෙතැන් පටන් දිවි ලබම්හයි සිතා ප්‍රීති වූවමෝ සොම්නස් සිතැත්තමෝ ඔද වැඩි සිතැත්තමෝ වෙමු.



1240. එම්බා පින්වත්නි, මුහුදෙන් එතෙරද මෙබඳු වැලිකතරෙහිද වේවැල් බැඳ යායුතු මාර්ගවලද කණු සිටුවා යායුතු මර්ගවලද නදී පර්වතාදී දුර්ගම ප්‍රදේශ වලද වස්තු හේතුවෙන් තෙපි නොයෙක් දිගට යන්නහු ය.



1241. අන් රජවරුන්ගේ විජිතයන්ට පැමිණ නොයෙක් රටවල මිනිසුන් දකිමින් තොප විසින් යමක් අසන ලද්දේද, තවද යමක් දක්නා ලද ද දරුවෙනි, ඒ ආශ්චර්‍ය්‍යය තොප ‍වෙතින් අසම්හ.



1242. එම්බා දේවකුමාරය, මානුෂිකවූ සියලු ඉසුරු සම්පත් ඉක්ම ගිය මේ සැපතට වඩා අතිශය ආශ්චර්‍ය්‍ය වූවක් අප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ නොවෙයි. තවද, ඒ අලාමක දිව්‍ය වර්ණය දැක තෘප්තියට නොපැමිණියම්හ.



1243. බොහෝවූ හෙළ පියුම් ඈ මලින් ගැවසීගත් පොකුණු අහසෙහි ගලාබසිත්. ඵලයෙන් ගැවසීගත් අතිශය සුවඳවත් වූ මේ දිව්‍ය වෘක්ෂයෝද සුවඳ වහනය කෙරෙත්.



1244. සියක් රියන් පමණ උස් වූ දීර්ඝායු ඇති වෙරළුමිණියෙන් පබළුයෙන් කළ ස්තම්භයෝද මැසිරිගලින් හා රතුමිණියෙන් කළ ස්තම්භයෝද යන මොහු ජ්‍යොතිෂ්මත් වූවාහුය.



1245. දහස් ගණන් ටැම් ඇති අතුල්‍ය වූ අනුභාව ඇති රනින් ගැවසුණු කසුන්මුවා වේදිකාවෙන් යුත් රන්පටින් මනාව වසන ලද තාගේ මේ සුන්දර දිව්‍ය විමානය ඒ ස්තම්භ මස්තකයෙහි පිහිටියේ වෙයි.



1246. මේ විමන අතිශයින් ඔප් නැගූ දඹරනින් බබළන්නේය. එහි සුමටවූ ප්‍රාසාද සොපාන ඵලකයෙන් යුත් ස්ථිරවූ මනෝඥවූ මනාව සංගතවූ ප්‍රසාද අවයව තෙමේ ඉතා දැකුම්කලු වූයේ මනරම්වේ.



1247. මේ රුවන් විමන ඇතුළත බොහෝ ආහාරපාන ඇත්තේය. දිව්‍යාප්සරා සමූහයා විසින් පිරිවරන ලද්දෙහි. මිහිඟු බෙර පනාබෙර තූර්‍ය්‍යනාදයෙන් නිති පැවති ඝොෂා ඇත්තෙහි. ස්තුති ගීතිකායෙන් අභිවාදන කරන ලදුයෙහි.



1248. ඒ වෙසවුණු දිව්‍ය රජ තෙමේ නලිනී නම් ක්‍රීඩාස්ථානයෙහි යම්සේද, එසේ ඒ ඔබද දිව්‍ය ස්ත්‍රීන් විසින් ප්‍රබෝධිත වූයෙහි. නො සිතිය හැකි අනුභාව ඇතියෙහි, සියලු ගුණයෙන් යුක්ත වූයෙහි. මනරම් වූ ඒ උතුම් විමන් පහයෙහි සතුටු වෙහි.



1249. තෝ දෙවියෙක් වෙහිද? නොහොත් යක්ෂයෙක් වෙහිද? නොහොත් සක්දෙවිඳු වෙහිද? මිනිස් දෑ ඇතියෙහිද? ‍දේවපුත්‍රය, තෝ කිනම් වෙහි දැයි මේ සාර්‍තථවාහක වෙළෙන්දෝ විචාරති. කියනු මැනැවි.



1250. එම්බා වෙළඳුනි, වැලි කතරෙහි නියුක්තවූ කාන්තාරයේ ආරක්ෂකවූ මම සෙරිස්සක නම් යක්ෂයා (දේව ස්වභාවයේ) වෙමි. වෙසවුණු දිව්‍ය රජුගේ වචනය කරන්නෙම් මේ ප්‍රදේශය පාලනය කරමි.



1251. එම්බා දිව්‍යපුත්‍රය, තාගේ සම්පත්තිය අහේතුකව ලදද? කාල පරිණාමයෙන් ලදද? තමා විසින්ම නිපදවූවක්ද? නොහොත් (මැවුම්කාර දෙවියෙක්) දෙවියන් විසින් හෝ දෙන ලද්දක්ද, මනොඥවූ මේ සැපත තා විසින් කෙසේ ලබන ලද දැයි සාර්‍තථවාහක වෙළෙන්දෝ තා විචාරත්. එය කියනු මැනැවි.



1252. වෙළඳුනි, මාගේ මේ සැපත අහේතුකව ලද්දක් නොවේ. කාල පරිණාමයෙන් ලද්දක් නොවේ. තමා විසින් නිපදවන ලද්දක් හෝ නොවෙයි. දෙවියන් විසින් දෙන ලද්දක් නො වේ මැ යි. අලාමක ස්වකීය පුණ්‍යකර්ම කරණ කොටගෙන මා විසින් මේ මනොඥ සැපත ලබන ලදී.



1253. එම්බා දේවපුත්‍රය, ඒ තාගේ ව්‍රත සමාදානය කුමක්ද? තාගේ උතුම් හැසිරීම කුමක්ද? මේ විපාකය කවර නම් කුශල කර්‍මයක්හු ගේද? මේ විමන තා විසින් කෙසේ ලබන ලදදැයි සත්වා වෙළෙන්දෝ ඔහු විචාරති.



1254. යම් කලෙක කොසොල් රට (Kingdom of Kosala)රජය කරවීම් ද, ඒ මට පායාසිරාජඤ්ඤයි (ඔටුණු නොපැළඳි දෙවැනි රජ) නමෙක් විය. එකල්හි මම නාස්තිකදෘෂ්ටි ඇති තද මසුරුවූ ලමු සැහැවි (ස්වභාව) ඇති උච්ඡෙදවාදි යෙම් වීමි.



1255. එකල්හි බහුශ්‍රැතවූ විචිත්‍ර ධර්ම කථිකවූ උදාරවූ කුමාරකස්සප නම් ශ්‍රමණ කෙනෙක් වූහ. උන් වහන්සේ මට ධර්මය වදාළ සේක. මාගේ දෘෂ්ටිහුද දුරු කළ සේක.



1256. මම උන්වහන්සේ ගේ ඒ ධර්‍මකථාව අසා උපාසකත්වය ගිවිස්සෙමි. පණිවායෙන් දුරු වූයෙම් වීමි. ලොවැ නුදුන් දෙය දුරු කෙළෙමි. රහමෙර නොබොනුයෙම් වීමි. බොරු නොද කීමි. සිය අඹුව හා සතුටු වීමි.



1257. ඒ මාගේ ව්‍රතසමාදානය යි. ඒ මාගේ උතුම් හැසිරීමයි. මේ ඒ කුශලකර්‍මයාගේ විපාකයි. ඒ අලාමක වූ කුශලකර්මයන් කරණකොට ගෙන මා විසින් මේ විමානය ලබන ලදී.



1258. කළ පින් ඇති පුද්ගලයා යම් යම් තැනක යේ නම් ඒ ඒ තන්හි කැමැති සම්පත් ඇතිව සතුටුවේ යයි. නුවණැති මනුෂ්‍යයෝ සැබෑවක්ම කීවාහුය. පණ්ඩිතයන්ගේ වචනය වෙනස් නොවේ.



1259. අකුසල් කළ පුද්ගල තෙමේ යම් යම් තැනෙක ඉපදීම් වශයෙන් යේද, හෙතෙමේ ඒ ඒ තන්හි සෝ වැලැපුම් ඇතියේ වධ විඳුම් ඇතියේ අවැඩ දැනවීම් ඇතියේ කිසිකලෙකත් දුගතියෙන් නොමිදෙයි.



1260. දිව්‍ය ජනයා තෙමේ මේ මොහොතේ කැළඹුණකු මෙන් ද හැමතින් මුළා වූ සැහැවි ඇතියකු මෙන්ද විය. දිව්‍ය කුමාරය, මේ පිරිවර ජනයාගේද තාගේද මේ දොම්නස කුමක් නිසා වීද?



1261. දරුවෙනි, මහරිරුක් වනයෙන් මේ දිව සුගන්ධයෝ හමති. ඒ දිව සුගන්ධයෝ දිවා රෑ අඳුර නසා මේ විමානයට හමත්.



1262. මේ මහරිරුක් එක් එක් මල් පෙති හවුරුදු සියයක්හුගේ ඇවෑමෙන් පැසී වැටෙයි. යම් දිනක මේ දිව්‍ය ආත්මයෙහි උපන්නෙම් වෙම්ද එතැන් පටන් මිනිස් වර්ෂ සියයක් ඉක්මිණි.



1263. දරුවෙනි, මේ දිව්‍ය විමන්හි මම පන්සිය වසරක් සිට ආයු හා පින් පිරිහීමෙන් ව්‍යුත වන්නෙමියි දැක ඒ ශෝකයෙන්ම අතිශයින් මුසපත් වීමි.



1264. එම්බා දේවපුත්‍රය, චිරායුෂ්කවූ අතුල්‍යවූ මේ විමානය ලැබූ එබඳුවූ තෝ කෙසේ නම් ශොක කරන්නෙහිද? මඳ ආයු ඇති ව උපන් මඳ පිනැති යම් කෙනෙක් වෙත් නම් ඔහු ඒකාන්තයෙන් ශෝක කරන්නාහුය.



1265. එම්බා දරුවෙනි, මා පිළිබැඳි ඒ සුදුසු ප්‍රියවූ අවවාද වචනයක් යම් හෙයෙකින් මට කියහුද? ඒ තෙපිද මා විසින් රක්ෂිත වූවාහු යම් ඒ කැමැති තැනකට සැපසේ යවු.



1266. ධනය බලාපෙරොත්තුවූ එහි වැඩීම ප්‍රාර්ථනා කරන්නාවූ අපි සින්ධු සෝවීර භූමිප්‍රදෙශයට ගොස් ප්‍රතිඥා පරිදි වූවාහු පිරිපුන් ත්‍යාග ඇත්තාහු උදාරවූ සෙරිස්සක පූජාවක් කරන්නෙමු.



1267. සෙරිස්සක පූජා නොකරවු... යමක් තෙපි කියවුද? ඒ සියල්ල එසේ ම වන්නේය. පව්කම් හරිවු. දහම් අනුව හැසිරීම ඉටා ගනිවු. මේ සෙරිස්සක පූජාවයි.



1268. මේ සත්ත්ව සමූහයා අතුරෙහි බහුශ්‍රැත වූ ශීලව්‍රතයෙන් යුක්තවූ ශ්‍රද්ධාව ඇති ත්‍යාගවත් සුපේශලවූ විචක්ෂණවූ ප්‍රීතිමත්වූ කර්මඵල දැනීමේ නුවණ ඇති උපාසකයෙක් ඇත.



1269. දැන දැන බොරු නොකියන්නේය. පරපණ නැසීම පිණිස නොසිතන්නේ ය. සමගි වූවන් වෙන් කරන පිසුනු බස් නො කියන්නේය. සියුම් මෙළෙක් බස් කියන්නේය.



1270. ගෞරව සහිතවූ කීකරු ස්වභාව ඇති හික්මුණු පව් නොකරන්නාවූ උපාසකයන් විසින් රැකියයුතු අධිශීලයෙහි පිරිසිදුවූ නිදොස් පැවතුම් ඇති ඒ සත්ත්ව තෙමේ මවද පියාද දැහැමෙන් පෝෂණය කරයි.



1271. නිවනට නැමුණු යමෙක් මවු පියන්ගේ ඇවෑමෙන් ශාසන බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙන්නේද, හෙතෙමේ මවුපියන් නිසා භොග සොයයි. තමා පිණිස නොසොයතී සිතමි.



1272. සෘජුවූ අවංකවූ අසඨවූ අමායාවීවූ හෙතෙමේ කප්පිය ලෙසයෙන් (මායා සාඨෙය්‍ය විසින්) වචන නොකියන්නේය. එබඳු යහපත් කර්‍ම කරන ධර්‍මයෙහි පිහිටි පුද්ගල තෙමේ කෙසේ නම් දුකක් ලබන්නේද?



1273. ඒ උපාසකයා හේතුකොට තොප ඉදිරියෙහි මම තෙමේම පහළ වූයෙමි. එහෙයින් වෙළෙඳුනි, ධර්‍මය දකිවු. ඒ උපාසකයා අත්හැර මෙහි ආවාහු නම් තෙපි අන්‍යයා විසින් පීඩා කිරීම කරණ කොට මේ මරු කාන්තාරයේ අන්ධයන් මෙන් ආකූල වූවාහු විනාශයට පත් වූවාහු වහා අළු වන්නාහුය. ඒකාන්තයෙන් සත්පුරුෂ සඞ්ගමය සැපවේ.



1274. එම්බා දේව පුත්‍රය, හෙතෙමේ කිනම් ඇත්තේද? කිනම් කර්‍ම කරයිද? මවුපියන් විසින් ඔහුට තිබූ නම කුමක්ද? ඔහුගේ ගෝත්‍රය කුමක්ද? අපිදු ඔහු දක්නා කැමතියම්හ. ඒ එසේ මැයි. ඔබ යමකුට අනුකම්පාවෙන් මෙහි පැමිණියෙහිද, යමෙකුට ප්‍රිය කෙරෙහිද? ඔහුගේ අප සමඟ පැමිණීම ලාභයෙක් මැයි.



1275. කොස්සෙන් හා පනාවෙන් ජීවත්වනසුලුවූ තොපගේ ඒ සේවකවූ සුපෙසල උපාසකවූ ප්‍රසිද්ධවූ සම්භව නම් කරනවෑමියෙක් වේද, ඔහු දනිවු. ඔහු පහත් කොට නොසිතවු.



1276. එම්බා දේව පුත්‍රය, යමකු සඳහා තෙපි කියවුද, අපි ඔහු දනුම්හ. හෙතෙමේ ගුණ වශයෙන් මෙබඳු යයි ඔහු නොදනුම්හ. දේවපුත්‍රය තාගේ උදාරවූ වචනය අසා අපිදු ඔහු ‍පුදන්නෙමු.



1277. මේ වෙළඳ පිරිසෙහි හෙවත් තවලමෙහි තරුණවූ මහලුවූ තවද මැදුම්වූ යම්කිසි මසුරු මිනිස්සු වෙත්ද, ඒ සියල්ලෝම මේ විමනට නගිත්වා. පිනෙහි විපාක බලත්වා.



1278. එහි ඒ සියලු දෙනම ‘මම පෙරටු වෙමි, මම පෙරටු වෙමි’ යි එහි ඒ කරනෑවෑමියා පෙරටු කොට උත්සාහවත් වූහ. ඒ සියල්ලෝම තව්තිසා භවනයට මෙන් ඒ දිව්‍ය විමානයට නැංගාහුය.



1279. එහි ඒ සියලු දෙනම ‘මම පෙරටු වෙමි. මම පෙරටු වෙමි’ යි උත්සුක වෙමින් උපාසක බව ගිවිස්සාහුය. පණිවායෙන් දුරු වූහ. ලොව නුදුන් දෑ ගැන්ම දුරු කළාහුය.



1280. මත්පැන් නොපූහ. බොරු නොබිණූහ. සිය අඹුව හා තුටු වූහ. එහි සියලු දෙන ම ‘මම පෙරටු වෙමි. මම පෙරටු වෙමි’ යි උත්සුක ව උවසු බව ගිවිස්වා ඒ වෙළඳමුළ ඒ දෙව්පුත් විසින් අනුමත වූයේ දිව්‍ය ඍධියෙන් නැවත නැවතත් අනුමෝදන් වනුයේ කැමැති තැනට ගියේය.



1281. ධනාර්ථිවූ අධික ලාභාශා ඇත්තාවූ ඔවුහු සින්ධු සෝවීර භූමියට ගොස් සිතැඟි පරිදි වෙළඳාම් කොට පිරිපුන් ලාභ ඇත්තෝ යළි නිරුපද්‍රැතවැ පැළලුප් නුවරට (Pataliputra)ආවාහුය.



1282. ඔවුහු නිර්භය වූවාහු සිය ගෙවලට ගොස් අඹුදරුවන් හා එක් වූවාහු මුදිත වූවාහු තුටු වූවාහු සොම්නස් වුවාහු අධික සොම්නස් ඇත්තාහු උදාරවූ සේරිස්සක නම් උත්සව පූජාවක්ද කළහ.



1283. ඔවුහු සේරිස්සක නම් පිරිවෙනක්ද තැනූහ. එකම උපාසකයකු නිසා සියලු සත්ත්වයෝ සුවපත් වූවාහු ය. සත්පුරුෂයන්ගේ සේවනය මෙබඳු ය. ධර්‍මධර ගුණවතුන්ගේ සෙවනය මෙබඳු මහත් වැඩ ඇත්තේයි….







3.6. සෙරණි ප්‍රෙතවස්තු යි(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ප්‍රේත වස්තු > 3. චූළ වර්ගය



471. තෝ නග්නයැ. දුර්වර්ණ රූප ඇතියාහු කෘශ වෙහි, ඉල්පුණු නහර ඇතියාහු, උස්වැ මතුවූ ඉළ ඇති කෘශවූ මෙහි සිටින තෝ කවරහුද?



472. ස්වාමිනි, මම යමලොවැ උපන් දුකට පත් ප්‍රේතියක් වෙමි. පව්කම් කොටැ මෙලොවින් ප්‍රේත ලෝකයට ගියා වෙමු.



473. එම්බල ප්‍රේතිය, කය වචන සිත යන තිදොරින් තී විසින් කිනම් පවක් කරන ලදද, කිනම් පව්කමක් හේතුවෙන් මෙලොවින් ප්‍රේත ලෝකයට ගියාහුද?



474. කිසිවකු විසින් අනාවෘත තීර්ත්ථයන්හි අඩමස්සක් පමණ සෙවීමි. නොහොත් කිසිවකු විසින් එළැඹීම නොවැළැක්වූ, පුණ්‍ය තීර්ථ බඳු මහණ බමුණන් ඇති කල්හි, ඔවුනට කිසිවක් නොදී, අඩමස්සක් පවා රැස් කෙළෙමි. දන්දීමට දේ ඇති කල්හිත් තමාහට පිහිටවූ පිනක් නොකෙළෙමි.



475. ඒ මම පවසින් යුතුව ගඟට එළැඹියෙම් නම් ගඟ දියෙන් හිස්ව වැලි බවට පෙරළේ. උෂ්ණ කාලයන්හී සෙවණකට එළැඹියෙම් නම් අව්ව පෙරළා එයි.



476. සුළඟද ගිනි සෙයින්ම මා සිරුර දවමින් හමයි. වහන්ස, තෙල පිපාසාදී දුකටද එයට වඩා දරුණු අනික් දුකකටද මම නිස්සෙමි.



477-478. හස්ථිනාපුරයට (Hastinapur)ගොස් මාගේ මවට මෙසේ කියව: “තීගේ දියණියෝ පව්කම් කොට මෙලොවින් චුතවැ ප්‍රේත ලෝකයට ගියාවූ දුක්පත්ව යමලොව වසන්නාවූ මා විසින් දක්නා ලදහ. එහි මා විසින් සුරක්ෂිත කොට තබන ලද වස්තුව ඇති. එය මා විසින් කිසිවකුට නොකියන ලදද වෙයි.”



479. පලඟ යට සාරලක්ෂයක් ධනය ඇත. ඒ වස්තුවෙන් මා උදෙසා දන් දේවා. මගේ මවගේද ජීවිකාව වේවා.



480. මගේ මව දන් දී එහි පින් මට පමුණුවාවා. එකල මම සියලු කම්සැපතින් සමෘද්ධව සුවපත් වන්නෙමි.



481. හේ “මැනැවැ”යි පිළිවදන්දී හස්ථිනාපුරයට (Hastinapur)

ගොස් ඇයගේ මවට මෙසේ කීය. යමලොව ඉපිද දුකට පත්වූ තොපගේ දුව මා විසින් දක්නා ලදු.



482. පව් කම් කොට මෙලොවින් සැව ප්‍රේත ලෝකයට ගියාවූ ඕ තොමෝ “මාගේ මවට කියව”යි, එකරුණෙහි මා සමාදන් කරවූය.



483. දුකට පත්වූ, යමලොව උපන්; තොපගේ දුව මා විසින් දක්නා ලදු. ඇය (තොමෝ) පව්කම් කොට මෙලොවින් ප්‍රේත ලෝකයට ගියාය.



484. “මා මෙහි තැන්පත් කළ ධනය ඇත. එය මවිසින් කිසිවකුටද නො කියන ලද පලඟ යට සාරලක්ෂයක් වස්තුව ඇත. එයින් මා උදෙසා දන් දේවා. මෑණියන්ගේ ජීවිකාවද වේවා.”



485. මගේ මව දන් දී එහි පින මට අනුමෝදන් කෙරේවා. එකල මම සියලු කාම සැපතින් දියුණුවැ සුවපත් වන්නෙමි.



486. ඉක්බිති ඇගේ මව දන් දුන්නාය. දන්දී එහි පින ඒ ප්‍රේතියට අනුමෝදන් කළාය. ඒ ප්‍රේතියද සුවපත් වූවාය. ඇගේ සිරුර දැකුම්කලු විය….





4.11. පාටලිපුත්ත ප්‍රෙතවස්තු(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ප්‍රේත වස්තු > 4. මහා වර්ගය



(මේ ප්‍රේතවස්තු කථාව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන සමයේ එක්තරා විමාන ප්‍රේතයකු අරභයා වදාළ සේක. සැවැත් නුවර (Shravasti)වාසීහු ද, පැළලුප් නුවර (Pataliputra)වාසීහු ද, වෙළෙන්දෝ බොහෝ භාණ්ඩ පුරවාගත් නැවකින් ස්වර්ණ භූමියට ගියෝය. එහිදී එක් වෙළෙන්දෙක් රෝගාතුර වී මාගමක් කෙරෙහි බැඳුණු සිතින් කළුරිය කළේය. හේ කරන ලද කුසල් බලයෙන් දෙව්ලොව නො ඉපද මුහුද මැද විමාන ප්‍රේතයකු වී උපන්නේය. ඔහු යම් ස්ත්‍රියක් කෙරෙහි දැඩිසේ සිත් බැඳගත්තේද ඒ ස්ත්‍රියද ඒ නැවෙන්ම ස්වර්ණ භූමියට (Kingdom of Funan)යමින් සිටියාය. ඉක්බිති ඒ විමාන ප්‍රේතයා අදාළ ස්ත්‍රිය ගනු කැමතිව නැවේ ගමන නතර කළේය. අනතුරු වෙළෙන්දෝ කවර හෙයින් අපගේ නැව නැවතුනේදැයි සිතා බලන්නේ කාලකණ්ණියා සොයා ගැනීමට කුසපත් ඇද්දේය. අමනුෂ්‍යයාගේ සෘද්ධි ශක්තියෙන් තුන් වරක්ම ඒ කාලකණ්ණි සලාකපත ඔහු විසින් පිළිබඳ සිත් බැඳි ස්ත්‍රිය වෙතම පැමිණියේය. ඒ දුටු වෙළෙන්දෝ හුණමිටියක් මුහුදට දමා ඒ මත්තට ස්ත්‍රිය බැස්සුවාය. ස්ත්‍රිය හුණ කලාපය මතු පිටට බැස්ස වූ කෙණෙහිම නැව ස්වර්ණ භූමිය කරා වේගයෙන් ගමන් කෙළේය. විමාන ප්‍රේතයා ඒ ස්ත්‍රිය තමන්ගේ විමානයට ගෙනගොස් ඇය සමග ජීවත්වූහ.)



802. තොප විසින් නිරිසත්වයෝද තිරිසන්හුද ප්‍රේතයෝද, අසුරයෝද, එසේම මිනිස්හුද දෙවියෝද දක්නා ලද්දාහුයැ. තෙපි තමතමන්ගේ කම්හි විපාකය තුමූම දුටුවහුය. මම තොප කිසිවකු විසින් නොදක්නා ලදුව (නොපෙනෙන ලෙස) පැළලුප් නුවරට (Pataliputra)පමුණුවන්නෙමි. තෙපි එහි ගොස් පින් කම් කරවු.



803. අමනුෂ්‍යය, තෙපි මට වැඩ කැමැත්තේය. දෙවියෙනි, හිත කැමත්තහුය. තොපගේ වචනය කෙරෙමි, තෙපි මට ආචාර්‍ය්‍ය වවු.



804. මා විසින් නිරිසත්හුද තිරිසන්හුද ප්‍රෙතයෝද අසුරයෝද මනුෂ්‍යයෝද දෙවියෝද දක්නා ලදහ. තම තමාගේ කර්ම විපාකය මම් මැ දිටිමී. බොහෝ පින් කරන්නෙමි….





4.3. නන්දක පෙතවස්තු(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ප්‍රේත වස්තු > 4. මහා වර්ගය



(මෙය නන්දක ප්‍රේත වස්තුවයි. එහි උත්පත්ති කථාව කවරේද යත්. ශාස්තෲන් වහන්සේ පිරිනිවන් පා වසර දෙසීයක් ගතවීමෙන් පසුව, සුරට්ඨ දේශයේ (Saurashtra Kingdom)පිඞ්ගල නම් රජකෙනෙක් විසීය. ඔහුගේ සේනාපතියා නන්දක නම් විය. හේ මිථ්‍යා දෘෂ්ටි ගත්තෙකි. විපරීත අදහස් ඇත්තේය. දුන් දෙයෙහි විපාක නැත ආදී වශයෙන් මිථ්‍යා අදහස් ගෙන හැසිරුණේය. ඔහුගේ දුව උත්තරා නම් උපාසිකාව සුදුසු කුලයකට විවාහ කර දෙන ලද්දේ විය. නන්දක සේනාපතියා කළුරිය කොට වින්ධ්‍යා පර්වතයේ මහත් විශාල වූ නුග ගසෙක විමාන ප්‍රේතයකු වී උපන්නේය. එම සේනාපතියා කළුරිය කළ කල්හි ඔහුගේ දුව උත්තරා තොමෝ සිහිල් සුවඳ ජලයෙන් පිර වූ වතුර කළයක් ද කොමු පිටියෙන් තනන ලද වර්ණයෙන් හා සුවඳින් යුක්ත වූ කැවුම් වලින් පිරුණු නෑඹිලියක් ද එක්තරා රහතන් වහන්සේ නමකට පුද දී, මේ දක්ෂිණාවගේ කුසල් මගේ පියා අනුමෝදන් වේවායි උදෙසීය. එම දානය දීමෙන් දිව්‍යමය වූ පැන් ද අපමණ වූ දිව බොජුන් ද, ඒ අමනුෂ්‍යයාට පහළ විය. ඒ දැක හේ මෙසේ සිතීය. මා විසින් දුන් දෙයෙහි විපාක නැතැයි දෘෂ්ටි ගෙන, එම දෘෂ්ටියෙන් මහ ජනයා ද දෘෂ්ටි ගන්වන ලදී. ඒ මගින් මා විසින් පව් කරන ලද්දෙමි. දැන් පිඞ්ගල නම් රජු ධර්මාශෝක රජුට උපස්ථාන කොට නැවත මේ මගින් ආපසු යන්නේය. ඒකාන්තයෙන් මම ඔහුගේ නාස්තික දෘෂ්ටිය දුරලන්නෙමි කියා සිතීය. වැඩිකල් නොගොස්ම පිඞ්ගල රජු ධර්මාශෝක රජුට උවැටන් කොට නැවත ආපසු ඒමට මගට පිළිපන්නේය.)



667. සුරට්ඨ ජනපදයට (Saurashtra Kingdom)අධිපතිවූ පිංගලක නම් රජෙක් විය. හේ මෞර්ය රජවරුන්ට උවටැන් කිරීමට ගොස් යළි සුරට්ඨ දේශයට ආයේය. (යාමට ගියේය)



668. රජ තෙමේ උණුසුම්වූ මද්දහන් වේලාවේ මටසිලුටු භූමියකට පැමිණියේය. හේ අමනුෂ්‍යයා විසින් මවන ලද සිත්කලුවූ මටසිලුටු මාර්ගය දුටුවේය.



669. රජ රියැදුරු අමතා මෙසේ කීය: “රියැදුර, මේ මඟ සිත්කලුය. නිර්භයය. සුව එළවන්නේය. උවදුරු රහිතය, මේ මාර්ගයෙන් යව. මේ මඟින් යන අපි සුරට්ඨ ජනපදය සමීපයෙහිම වෙමු.



670. සුරට්ඨ දෙශාධිපති රජ තෙමේ සිවුරඟ සෙනග සමග ඒ මඟින් ගියේය. තැතිගත් ස්වභාව ඇති එක් පුරුෂයෙක් සුරට්ඨ රජුට මෙය කී ය:



671. බිය ජනක වූ ලොමුදහ ගන්වන්නා වූ නපුරු මඟකට අපි පිළිපන්නම්හ. ඉදිරියෙහි මාර්ගය පෙනෙයි. එහෙත් පසුපස මාර්ගය නොපෙනෙයි.



672. ප්‍රේතයන්ගේ සමීපයෙහිවූ නපුරු මඟට බැසගත්තෙමු. ප්‍රේතයන්ගේ සිරුරුගඳ හමයි. ඉතා දරුණු විලාප ශබ්ද ඇසේ.



673. සංවේගයට පැමිණි සුරට්ඨ රජ්ජුරුවෝ රියැදුරාට මෙසේ කීය: අපි බියකරුවූ ලොමුදැහැ ගන්වන නපුරු මඟකට බැස ගත්තම්හ. ඉදිරියෙහි මාර්ගය පෙනේ. එහෙත් පසුපස මාර්ගය නොපෙනේ.



674. අපි ප්‍රේතයන්ගේ සමීපයෙහිවූ නපුරු මඟකට බැස ගතිමු. ප්‍රෙතයන් පිළිබඳ දුගඳ හමයි. දරුණු හඬවල්ද ඇසේ.



675. ඇතුපිට නැඟ සිවුදිග බලන හේ සිත්කලු සෙවණින් යුත් පැහැයෙන් නිල්වලාකුළක් බඳුවූ සටහන්ව හැඟෙන නුග රුකක් දැක්කේය.



676. රජ තෙමේ රියැදුරු ඇමතීය: “මහත්වූ නිල්වලාකුළක් සමාන මේඝවර්ණ සටහන් ඇති තෙල කිමෙක් පෙනේ. දැයි?



677. මහ රජතුමනි, මනහර සෙවණින් යුතු නිල්වලා සමාන පැහැ ඇති මෙවන් සිරියෙන් හොබනා ඒ ගස නුගරුකෙකි.



678. යම් තැනෙක පැහැයෙන් නිල්වලාකුළක් බඳු මේඝවර්ණ සටහන් ඇති මහත් වූ ඒ ගස දක්නා ලැබේද, සුරට්ඨ දේශයේ රජ තෙමේ එතන්හි ගියේය.



679. රජ තෙමේ ඇත්කඳින් බැස ගස වෙත එළැඹියේය. ඇමතියන් සහිත වූ පිරිවර ජනයා සහිතවූ හේ රුක්මුලැ හුන්නේය.



680. පිරුණු පැන්බඳුනක්ද මිහිරිවූ කැවුම්ද රජ දුටුවේය. දෙවියකු බඳු සියලු අබරණින් සැරැසුණු එක්තරා පුරුෂයෙක් සුරට්ඨ රජු වෙත එළඹ මෙය කීය:



681. මහරජ, ඔබට ස්වාගතයි. (මේ යහපත් පැමිණීමෙකි) නපුරු පැමිණීමෙක් නොවේ. රජ තෙමේ පැන් පානය කෙරේවා, සතුරන් දමනය කරන රජතුමනි, කැවුම් බුදිනු මැන.



682. ඇමතියන් සහිත වූ පරිජනයා සහිත සුරට්ඨ රජ තෙමේ පැන් බී කැවුම් කා යළි පැන් බී මෙය කී ය:



683. තෙපි දෙවියෙක් හෝ වවු ද, ගාන්ධර්වයෙක් හෝ වවුද නොහොත් පුරින්දද නම්වූ ශක්‍ර හෝ වවු ද? තොප නොහඳුනන අපි තොප විචාරමු. අපි තොප කෙසේ දැනගනිමුද?



684. මහරජ, දෙවියෙක් නොම වෙමි ගඳඹෙක්ද නොවෙමි. පුරින්දද නම්වූ ශක්‍රද නොවෙමි. මම සුරට්ඨ දේශයෙන් මෙහි පැමිණි අමනුෂ්‍යයෙකි.



685. පෙර ආත්මයේ තෙපි සුරට්ඨ දේශයේදී කෙබඳු සිල්වතෙක් කෙබඳු යහපත් පැවතුම් ඇතියෙක් වූහුද? තොපගේ කවර උතුම් හැසිරීමෙකින් තොපගේ මේ ආනුභාවය වීද?



686. සතුරන් දමනය කරන, රට දියුණු කරන මහරජතුමනි, එය අසනු මැනවි. ඇමතියෝද, පිරිසෙහි වූවෝද පෙරෙවි (පුරෝහිත) බමුණාද මෙය අසත්වා.



687. දේවයන් වහන්ස, සුරට්ඨ රටින් ආ මම පව්කාර සිත් ඇති, මිත්‍යාදෘෂ්ටිකවූ දුශ්ශීලවූ මසුරුවූ ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට නින්දා කරන පුරුෂයෙක් වීමි.



688. මම දන් දෙන්නන්හටද උපකාර කරන්නන්ටද අන්තරාය කරන්නෙක්ව මෙරමාහට (අනුන්හට) දන් දෙන බොහෝ ජනයා (දානමය පිනින්) වැළැක්වීමි.



689. දානයේ විපාකයෙක් නැත. සීලයේ විපාකයෙක් කොයින්ද? ආචාරසමචාරයෙහි හික්මවන ආචාර්ය්‍යයෙක් නැත. කවරෙක් දමනය නොවූ පුද්ගලයකු දමනය කරන්නේද? එසේ නැත.



690. සත්වයෝ ඔවුනොවුන් හා සමානය. එහෙයින් පවුලේ වැඩිහිටියන් පිදීමේ පිනක් කොයින් ලැබේද? බලයක් හෝ වීර්ය්‍යයක් හෝ නැත. උට්ඨානවීර්ය්‍ය සංඛ්‍යාත පුරුෂ ධෛර්ය්‍යක් කොයින්ද?



691. දානයෙහි විපාකයෙක් නම් නැත. වෛර වශයෙන් පව්කම් කළ පුද්ගලයා දානාදි පින් කිරීමෙන් පිරිසිදු නොවේ. සත්ව තෙමේ ලැබිය යුතු යම් සැපක් හෝ දුකක් ලබන්නේ ද එය කර්ම කළ හෙයින් නොව ඔහුගේ නියතියේ පරිණාමයෙන් වූවක් වශයෙන් ලබයි.



692. මව කෙරෙහිද පියා කෙරෙහිද සහෝදරයා කෙරෙහිද මනා පිළිවෙතින් හෝ නොමනා පිළිවෙතින් විපාකයෙක් නැත. (මෙලොව සිටින්නහුට) පරලොවක් නැත. (පරලොව සිටින්නහුට) මෙලොවක් නැත. මහා දානවල විපාකයෙක්ද නැත. අත්ථිසත්කාර ඵලයෙක්ද නැත. අනුගාමික නිධාන නම් වූ මහණ බමුණනට දෙන දානවල ප්‍රතිඵලයක් නැත.



693. යමෙක් පුරුෂයකු නසන්නේද මෙරමාගේ හිස සිඳින්නේද හේ කිසිවකු නොනසයි. පඨවි ආදී ධාතූන්ගේ සිදුරු අතර අවිය ඇතුළුවනු විනා සත්වයා නොමැරෙයි.



694. සත්ත්ව ජීවය තෙමේ සිඳීය හැක්කක් හෝ බිඳිය හැක්කක් නොවේ. ඒ ජීවය අටැස්ද පන්දුවක් මෙන් පිරිමඩුලුද (වටද) වේ. පන්සිය යොදුනක් උස් වෙයි. කවරෙක් ඒ ජීවය සිඳින්නට සුදුසුද? සිඳිය හැකි කිසිවෙක් නැත.



695. යම්සේ වෙළීමෙන් කළ නූල්පන්දුවක් දැමූ කල්හි එය වෙළුම් ලිහෙමින් ගමන් කෙරේද, එපරිද්දෙන්ම ඒ ජීවය තෙමේ ආත්මභාව නැමැති නූල් පන්දුවේ වෙළුම් හරිමින් ගමන් කෙරේ.



696. යම්සේ යමෙක් තමා වසන ගමින් නික්ම අන් ගමකට පිවිසේද, එසේම ඒ ජීවය තෙමේ අන් සිරුරකට පිවිසේ.



697. යම්සේ යමෙක් තම ගෙයින් නික්මැ අන් ගෙයකට පිවිසේද, එපරිද්දෙන්ම ඒ ජීවය අන් සිරුරකට පිවිසේ.



698. යම් බාල කෙනෙක් වෙත් නම්, යම් පණ්ඩිත කෙනෙක් වෙත් නම් ඔහු හැම දෙන මහාකල්ප සුවාසූලක්ෂයක්ම සසර ගෙවා දුක් කෙළවර කරන්නාහ.



699. සත්ත්වයන්ගේ සුවදුක් ද්‍රොණයන්ගෙන් හෝ පැසින් (මනින ලද්දක් මෙන්, එකී කල් පිරිසිඳීමෙන්) ප්‍රමාණ කරන ලදී. මේ සියල්ල ජිනභූමියෙහි සිටියේම දනියි. සෙසු ප්‍රජා තොමෝ අතිශයින් මුළා වූවා වෙයි.



700. මම පෙර මෙබඳු මිත්‍යා දෘෂ්ටි ඇත්තෙක් වීමි. අතිශයින් මුලාවූ මෝහයෙන් (මෝඩකමින්) වැසුණු, මිසදිටුවූ, දුසිල්වූ, තද ලෝභීවූ, නපුරු වචන කියන්නෙක් වූයෙමි.



701. මහරජ, මාස හයක් ඇතුළත මාගේ මරණය වන්නේය. ඒ මම ඒකාන්තයෙන් කටුකවූ දරුණු නිරයේ වැටෙන්නෙමි.



702. ඒ නිරයේ කොන් සතරෙක් ඇත. සිවුදොරක් ඇත. පමණ කොට කොටස් විසින් බෙදන ලද. ලෝහමය පවුරෙකින් වටකරන ලද. ලෝහමය පියනෙකින් වසන ලද.



703. ඒ මහානිරයේ ලොහොමුවා බිම වෙයි. ඒ භූමිය ඇවිළගත් ගින්නෙන් යුතු වෙයි. හැම කල්හි ඒ ගින්න හාත්පසැ යොදුන් සියයක් පැතිර සිටී.



704. හවුරුදු ලක්ෂයක් ඉක්මැ ගියකලැ එකෙණෙහි හඬෙක් ඇසෙයි. මහරජතුමනි, එහි ආයුප්‍රමාණය හවුරුදු කෝටි ලක්ෂයක් වෙයි. මේ එහි ආයුකාලයයි.



705. යම් සත්ත්ව කෙනෙක් කොටි ලක්ෂයක් හවුරුදු නිරයෙහි පැසෙත් නම් ඔහු වැරදි දර්ශන ඇත්තෝද දුසිල්හුද ආර්ය්‍යොපවාද කොළෝද වෙති.



706. මම ඒ මහානිරයෙහි බොහෝ කලක් මුළුල්ලෙහි දුක් වේදනා විඳින්නෙමි. පාපකර්මයාගේ මෙබඳු විපාකයෙක් ඇත. එහෙයින් මම බොහෝසේ ශෝක කරමි.



707. සතුරන් දමනය කරන රට දියුණු කරන මහරජතුමනි, එය අසනුමැන. ඔබට යහපතක් වේවා. මහරජ, මාගේ උත්තරා නම් දුවක් ඇත.



708. ඕ පින්කම් කරයි. ස්ථීර පංච ශීලයේ හා පෙහෙවස්හිද නිරත වෙයි. කායවාක් සංවරයෙන් යුක්ත ය. දන් බෙදා දෙන්නීය. මිහිරි තෙපුල් ඇත්තීය, පහවූ මසුරුමල ඇත්තීය.



709. ඕ ශික්ෂා කඩ නොකරන්නීය. අන්කුලයන් කෙරෙහි මෘදු වෙයි. සිරිමත් ශාක්‍යමුනිවූ සම්බුදුන්ගේ උපාසිකාවකි.



710. යට හෙළු ඇස් ඇති සිහියෙන් යුත් රක්නා ලද සදොර ඇති මනා සංවරයෙන් යුත් සිල්වත් භික්ෂුනමක් පිඬු පිණිස වැඩියේය.



711. හේ ගෙපිළිවෙළින් පිඬුවාහි හැසිරෙන්නේ ඒ ගෙට ගියේය. මහරජ, ඔබට යහපතක් වේවා, උත්තරා තොමෝ ඒ මහණ දුටුවාය.



712. ඕ පැන් පිරුණු බඳුනක්ද, මිහිරි කැවුම්ද දුන්නාය. “වහන්ස, මාගේ පියා මළේය. ඔහුට මේ පින පැමිණේවා”යි ද කීවේය.



713. පින්දීමට අනතුරුවම එහි විපාකය මට ලැබිණි. වෙසවුණු දිව්‍ය රජු පරිද්දෙන් කම්සැප කැමති මම සැප වළඳමි.



714. සතුරන් දමනය කරන රටට වැඩ වඩන මහරජතුමනි, එහෙයින් මෙය අසන්න. දෙවියන් සහිත සියලු ලෝකයාට බුදුහු අග්‍ර වෙතියි කියනු ලැබේ. අරීන් දමනය කරන රජතුමනි, තෙපි ඒ බුදුරජුන් සරණ යවු.



715. අරීන්දමවූ රජතුමනි, අරී අටඟිමඟින් ඒ අමෘතපදය (නිවන) ස්පර්ශ කෙරෙති. අරින්දමවූ රජතුමනි, පුත්‍රදාරාවන් සහිත තෙපි ඒ අෂ්ටාංගිකමාර්ග ධර්මය සරණ යවු.



716. මාර්ගප්‍රතිපන්න සිවුදෙනයැ ඵලයෙහි සිටි සිවුදෙනයැ යන මේ ආර්ය සංඝ තෙමේ සෘජු වූයේය. ප්‍රඥාශීල දෙකින් යුක්තයැ. අරින්දම රජතුමනි, තෙපි පුත්‍රදාරාවන් (දරුවන් සහ බිරින්දෑවරු) සමග ඒ සංඝයා සරණ යවු.



717. වහා පරපණ නැසීමෙන් වළකින්න. ලෙව්හි අයිනාදන් දුරු කරන්න. මත්පැන් නොබොන්නෙක් වන්න. බොරු නොමැ කියන්න. සිය අඹුව හා සතුටු වන්න.



718. අමනුෂ්‍යය, තෙපි මට වැඩ කැමැත්තේය, දෙවතාවෙනි, තෙපි මට හිත කැමැතියහු, මම තොපගේ වචනය කරමි. තෙපි මාගේ ගුරුවරයා වවු.



719. මම බුදුන් සරණ යෙමි. අනුත්තර ධර්මයද සරණයෙමි, නරදේවවූ බුදුන්ගේ සංඝයාද සරණ යෙමි.



720. වහා පණිවායෙන් වෙන් වෙමි. ලෙව්හි අයිනාදන් දුරු කරමි. මත්පැන් නොබොන්නෙක් වෙමි. බොරුද නොකියමි. සිය අඹුව හා තුටුද වෙමි.



721. යම් හෙයෙකින් බුදුවරුන්ගේ ශාසනයෙහි මම ඇලුනෙම්ද, එහෙයින් මහාවාතය හමන කල්හි බොල් මෙන් ශීඝ්‍රගාමී සැඩපහර ඇති නදියක තණ රොඩු මෙන් පවිටු මිසදිටු පිඹ හරිමි. වමනය කෙරෙමි.



722. සුරට්ඨ දෙශාධිපති රජ තෙමේ මෙය කියා පාපදෘෂ්ටියෙන් වැළකැ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට පෙරදිගට අභිමුඛවැ රියට නැඟ ගියේය….





10.1.3.8. දෙවන මහාපඤ්‌හ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > දසක නිපාතය > 3. මහා වර්ගය



එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කජඞ්ගලා නගරයෙහි වේළුවනයෙහි (Venuvana park)වැඩවසන සේක. එකල්හි බොහෝ කජඞ්ගලා වැසි උවසුවෝ කජඞ්ගලා මෙහෙණ වෙත එළඹියහ. එළඹ කජඞ්ගලා මෙහෙණ වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් කජඞ්ගලා වැසි උවසුවෝ කජඞ්ගලා මෙහෙණට තෙල කීහ:





10.2.4.1. බාහුන සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > දසක නිපාතය > (9) 4. ථෙර වර්ගය



එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පා නගරය (Champa, Chhattisgarh)සමීපයෙහි ගග්ගරා පොකුණුතෙර වැඩ වසන සේක. එකල ආයුෂ්මත් බාහුන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් බාහුන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ:





11.1.9. සන්ධ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > එකාදසක නිපාතය > 1. නිස්‌සය වර්ගය



එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදික නගර (Nadika village)සමීපයෙහිවූ ගිඤ්ජකාවස්ථයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් සන්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සන්‍ධ තෙරුන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:





2. 8. සුප්‍රවාසා සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > උදානපාළි > 2. මුචලින්‌ද වර්ගය



මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුණ්ඩියා නගරය (Koliya Republic)සමීපයෙහි කුණ්ඩධාන නම් වනයෙහි වැඩ වසන සේක. එසමයෙහි සුප්පවාසා නම් කොලිය දූහිතෘ තොමෝ සත් වසක් මුළුල්ලෙහි ගර්‍භයක් දරයි: සත්දවසක් මුළුල්ලෙහි මූඪගර්‍භව සිටියි. ඕ තොමෝ දුක්වූ තියුණු කර්‍කශවූ කටුකවූ, වේදනාවන් ගෙන් ස්පර්‍ශ කරන ලද්දී ත්‍රිවිධ විතර්‍කයන් (කුසල සිතිවිලි) කරණ කොට ගෙන ඉවසනු හැකි වෙයි:





8. 6. පාටලිගාමිය සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > උදානපාළි > 8. පාටලිගාමිය වර්ගය



10. අනඳයෙනි, යම් පමණ ආර්‍ය්‍යායතන (ආර්‍ය්‍යමිනිසුන් පැමිණෙන තැන) වේද, යම් පමණ වෙළෙදපොල වේද, මෙය ඒ හැමට අග්‍ර‍වූ නොයෙක් දෙසින් ගෙනා බඩුපොදි ලිහන තැනවූ පාටලිපුත්‍ර‍ නම් නගරය (Pataliputra)වන්නේය. “අනඳයෙනි, පාටලිපුත්‍ර‍ නගරයට ගින්නෙන්ද දියෙන්ද ඔවුනොවුන්ගේ භෙදයෙන් දැයි තුන් අන්තරාය කෙනෙක් වන්නාහ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක….





3.2. සානුවාසී ප්‍රෙතවස්තු යි

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ප්‍රේත වස්තු > 3. චූළ වර්ගය



413. කුණ්ඩි නගරයෙහි උපන් (Kundiya, Rajasthan)සානුවාසී පව්වෙහි වෙසෙන නමින් පොට්ඨපාද නම්වූ මහණ වැඩු සද්ධාදි ඉන්ද්‍රිය ඇති රහත් ශ්‍රමණ කෙනෙකි….





4.1. අම්බසක්ඛර ප්‍රෙතවස්තු(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ප්‍රේත වස්තු > 4. මහා වර්ගය



(මේ අම්බසක්ඛර ප්‍රේත වස්තු කථාවයි. එය කවුරුත් නිසා උපන්නේ ද? භාග්‍යවතුන් වහන්සේ ජේතවන විහාරයෙහි වැඩ වාසය කරන කල්හි අම්බසක්ඛර නම් ලිච්ඡවී රජු (Vajjika League)

විශාලා නුවර රාජ්‍යය කරවීය. හේ මිථ්‍යා දෘෂ්ටිකය. නාස්තිකවාදීය. එසමයෙහි විසාලා නුවර එක්තරා වෙළෙන්ඳකුගේ වෙළඳපල ඉදිරිපිට මඩ වලින් ගැවසුණු බිම් පෙදෙසක් විය. බොහෝ මිනිස්සු එහි වැටී කරදරයට පත්වෙති. ක්ලාන්ත වෙති. සමහරු මඩ තැවරීමෙන් පිඩා විඳිති. එය දුටු මේ වෙළෙන්දා මේ මිනිසුන් මඩ නො පාගාවා, කරදරයට පත් නොවෙත්වායි සිතා දුගඳ නැති සුදු පැහැයෙන් යුත් ගව හිස් ඇට කටු ගෙන්වා මඩ මතුපිට දැම්මවීය. හෙතෙම ස්වභාවයෙන්ම සිල්වත් වූයේය. ක්‍රෝධ නො කළේය. මොලොක් වචන ඇත්තේය. අනුන්ගේ ඇති පරිදි ගුණ කියන්නේය.

හෙතෙම එක් දවසක් තම යහළුවකු දියනහන විට ප්‍රමාදයකින් හිමියාට නොපෙනී ඔහු හැඳි වස්ත්‍රය ක්‍රීඩා අදහසින් සඟවා තබා, ඔහුට දුක් උපදවා පසුව දුන්නේය. ඔහුගේ බෑණා කෙනෙක් අනුන්ගේ ගෙවල්වලින් බඩු සොරකම් කොට ඔහුගේ කඩේ තැබුවේය. බඩු හිමියෝ බඩු සොයා ගොස් කඩේ තිබුණු බඩු සමගම ඔහුත් ඔහුගේ බෑණත් අල්ලා ගෙන ගොස් රජුට භාරදුන්හ. රජු මොහුගේ හිස කපා දමව්, ඔහුගේ බෑණ උල තබවයි නියම කරවීය. රාජ භටයෝ එසේ කළහ. හෙතෙම කළුරිය කොට භූමාටු දෙවියෙක් වී උපන්නේය. හෙතෙම ගවහිස්වලින් මගතොට පිළිසකර කළ පිනෙන් සුදු පැහැවූ දිව්‍යමය මනෝ ජව සම්පන්නවූ (තමාගේ සිතට අනුව වැඩ කරන්නාවූ) ආජානීය අශ්වයකු ලැබීය. ගුණවතුන්ගේ ගුණ කීම් හේතුවෙන් ඔහුගේ ශරීරයෙන් දිව්‍ය සුවද විහිදෙයි. වස්ත්‍රය සඟවා තැබු අකුශලයෙන් නග්න වූයේයි. හෙතෙම තමන් පෙර කළ කර්මයන් බලමින්, ඒ අනුසාරයෙන් උලතබන ලද තමන්ගේ බෑණා දැක කරුණාවෙන් චෝදනා කරන සිත් ඇතිව ශීඝ්‍රයෙන් යන අසු පිට නැගී අඩ රැයෙහි, උල සිටුවන තැනට ගොස් නුදුරෙහි සිට “පින්වත ජීවත් වෙව, ජීවත් වෙව, ජීවත්වීමම ශ්‍රේෂ්ඨය” යයි දවසින් දවස කියයි.

එකල්හි අම්බසක්ඛර රජු ඇතු පිට නැගී නගර ප්‍රදක්ෂිණාවෙහි යෙදුනේ, එක්තරා ගෙයක ජනේලය හැර වා කවුලුවෙන් රජසිරි නරඹමින් එක් ස්ත්‍රියක් දැක පිළිබඳ සිත් ඇති වූයේ, පසු අසුනෙහි සිටි පුරුෂයාට මේ ගෙයත් මේ ස්ත්‍රියත් සිත්හි තබා ගනුවයි කියා, පිළිවෙලින් රජගෙට ගොස් රජගෙට ඇතුල් වූයේ (පසුපස අසුනේ සිටි) පුරුෂයා කැඳවීය. සගය යව! අසවල් ස්ත්‍රිය විවාහක ද අවිවාහක දැයි වහා දැනගෙන එනුයි යැවීය. හෙතෙමේ එහි ගොස් ඇය විවාහක බව දැන, රජුට කීයේය. රජු ඇය ලබා ගැනීමට උපායක් සිතා ඇගේ ස්වාමි පුරුෂයා කැඳවා! එම්බල පුරුෂය! ඔබ මට උපස්ථාන කරවයි කීය. හෙතෙම අකමැත්තේම විය. එහෙත් රජුගේ වචනය නියමය නො කරන තමන් කෙරෙහි රාජ දණ්ඩනය පසු පස එන බව සිතා බියෙන් රාජ උපස්ථානය පිළිගෙන දිනපතා රාජ සේවය පිණිස යයි. රජු ද ඔහුට බත් වැටුප් දී, කිහිප දවසක් ඉකුත් වූ කල්හි උදේම උවැටන් සදහා පැමිණි ඔහුට මෙසේ කීය. සගය! අසවල් තැන එක් පොකුණක් ඇත. ඒ පොකුණෙන් අරුණුවන් මැටි හා රතු උපුල් රැගෙන එව යව්! ඉදින් අදම නො පැමිණයහොත් තොගේ ජීවිතය නැත. ඔහු ගිය කල්හි දොරටු පල්ලාට කීයේය. අද හිරු බසින්නට පෙරම නුවර සියලු දොරවල් වසා දමනු මැනවි.

ඒ පොකුණ විශාලා මහ නුවර සිට තුන් යොදුනක් පමණ ඈතින් පිහිටියේය. එසේ වුවත් ඒ පුරුෂයා මරණ භයින් බියපත්ව ඉතා වේගයෙන් ගොස් පෙරවරුයේම ඒ පොකුණ වෙතට පැමිණියේය. ඒ පොකුණද එක්තරා අමනුෂ්‍යයකු විසින් ආරක්ෂා කරන බව කලින් අසා තිබුණු නිසා බිය වූ ඔහු, පොකුණට නොබැස, මේ පොකුණේ යම් කිසි උපද්‍රවයක් ඇත්දැයි හාත්පස බලමින් වල වටේ ඇවිදියි. පොකුණ අරක්ගත් තැනැත්තා අමනුෂ්‍යයා ඔහු දැක කරුණා සිතින් මිනිස් වෙසින් පැමිණ, ඇයිද පුරුෂය ඔබ කුමක් සදහා මෙහි ආයේදැයි ඇසීය. හෙතෙම පුරුෂයා තමන් ආ කරුණ හා සියලු ප්‍රවෘත්තිය කීය. හෙතෙම (ඒ අමනුෂ්‍යයා) එසේ නම් තොපට අවශ්‍ය දෙයක් ගෙන යන්නැයි කියා තමන්ගේ දිව්‍යරූපය දක්වා අතුරුදන් විය.

ඒ පුරුෂයා අරුණුවන් මැටි ද රත් උපුල් ද ගෙන හිරු බැස යාමට කලින්ම නගරයේ දොරටුව වෙත පැමිණියේය. ඔහු දුටු ද්වාර පාලකයා ඔහු කෑ ගසද්දීම විවෘත කර තිබූ දොර වැසුවේය. ඒ පුරුෂයා දොර වැසූ නිසාම නගරයට ඇතුල්වීමට අවකාශ නො ලබා දොරටුව ළඟ උල තබා සිටි පුරුෂයා දැක, ඔහුට කියන්නේ “හිරු බසින්නට පෙරම ආවා වූ මා කෑ ගසද්දීම දොරටුපාලයා දොර වැසුවේය. මම කල් ඇතුවම ආවෙමි. මා අත වරදක් නැත. නුඹ විසින් මේ කරුණු දැනගනු මැනවි”, කියා ඔහු සාක්ෂිකරුවකු කළේය. ඒ අසා උල පිට සිටි පුරුෂයා මෙසේ කීය. “මම හුල තබන ලදුව මරණයට කැප වූවෙක් වෙමි. මා කෙසේ නම් ඔබට සාක්කි කියන්න ද? මෙතැන එක් මහත් ඍද්ධි ඇති අමනුෂ්‍යයෙක් මා සමීපයට එන්නේය. ඒ අමනුෂ්‍යයා සාක්කිකරු කරව”යි කීයේය. එවිට මා විසින් ඒ අමනුෂ්‍යයා කෙසේ නම් බැලිය හැකිදැයි ඇසීය. ඒ පුරුෂයා එතැනම සිටියේ මැදියම් රෑ එතැනට පැමිණි ඒ අමනුෂ්‍යයා දැක මේ පිළිබඳව ඔහු සාක්කිකරු කළේය. පසුවදා උදේ රජු කියන්නේ තා විසින් මගේ අණ ඉක්මවන ලදී. එබැවින් තම රාජ දඩුවම් පමුණුවන්නෙමි” එකල්හි ඒ පුරුෂයා, දේවයන් වහන්ස මා විසින් නුඹ වහන්සේගේ අණ නො ඉක්මවන ලද්දෙමි. හිරු බැස යන්නට කලින්ම මම මෙහි ආවෙමියි කීය. එකල ඊට තොපට සාක්ෂි කවරේදැයි රජු ඇසීය. මේ උල සිටුවා සිටින පුරුෂයා ලඟට රාත්‍රියේ නග්න අමනුෂ්‍යයා එයි. ඒ අමනුෂ්‍යයා මට සාක්ෂි කියන්නේය. මේ කීම අප විසින් කෙසේ ඇදහිය යුතුදැයි රජු විසින් ඇසූ කල්හි අද රෑ නුඹ වහන්සේ විසින්, නුඹ වහන්සේට ඇදහිය හැකි පුරුෂයකු මා හා සමග එවනු මැනැවියි කීය. ඒ ඇසු රජු තමාමැ එතනට ගොස් ඒ පුරුෂයා සමග සිටිද්දී ප්‍රේතයා එතනට අවුත් “පින්වත ජීවත් වෙව, ජීවත් වෙව, ජීවිතයම ශ්‍රේෂ්ඨය” කියා කී කල්හි, රජු ඒ ප්‍රේතයාගෙන් කරුණු විචාළේය.)



526. වැදෑරජුන්ගේ විශාලා නම් නුවරෙක් ඇත. එහි “අම්බසක්ඛර” නම් ලිච්ඡවි රජෙක් විය. හේ නුවරින් පිටත අමනුෂ්‍යයෙකු දැක කරුණු දැනගනු කැමැත්තේ එතැනදීම ඒ අමනුෂ්‍යයා ගෙන් මෙසේ ඇසීය:



527. මොහුට ශයනය කිරීමක්ද හිඳීමක්ද නැත. ඉදිරිගමනක් හෝ ආපසු ගමනක් හෝ නැත. ආහාර පාන ඛාද්‍ය, වස්ත්‍ර, පරිභොග යන යම් පරිහරණයක් වේ නම් ඒවාද මොහුට නැත.



528. මොහුට පෙර අනුකම්පා කළ යම් නෑදෑ කෙනෙක්ද දුටුවා වූත් ඇසුවාවූත් යම් මිතුරු කෙනෙක්ද වූවා නම් ඔවුන්ද දැන් මොහු දක්නටවත් නොලබත්. ඒ සියලු ජනයා විසින් හැර දැමූ ආත්මභාවයක් ඇත්තේමය.



529. ධනහීනයාට මිතුරෝ නැත. මිතුරෝ භෝග විනාශවූ පුරුෂයා අත්හැර යෙත්. මිතුරෝ ධනය දැක ඒ ධනවතා පිරිවරා ගනිත්. ධනයෙන් උසස් වූවහුට මිතුරෝ බොහෝ වෙත්.



530. සියලු සැපතින් පිරිහුණු ආත්මභාවයක් ඇති, දුකට පැමිණි, ලෙයින් වැකුණු සිරුරින් යුත්, උලින් බිඳුණු ගතින් යුත්, මොහුගේ ජීවිතයාගේ නිරෝධය තණ අග රැඳුණු පිනි බිඳක් මෙන් අද හෝ හෙට වන්නේය.



531. එම්බල අමනුෂ්‍යය, මෙබඳු දැඩි දුකට පත්වැ, කොසඹ හුලෙහි නංවන ලද්දහුට “පින්වත, ජීවත්වෙව, ජීවත්වෙව, ජීවිතයම තොපට ශ්‍රේෂ්ඨය” යැයි කුමක් නිසා තෝ කියහිද?



532. පින්වත් රජතුමනි, මේ පුරුෂයා මාගේ සහලේනෑයෙක් වීය. මම පෙරජාතිය සිහි කරමි. මොහු දැක, “පව්ගති ඇති මේ පුරුෂයා අපායෙහි නොවැටේවා”යි මට කරුණාවක් උපන.



533. ලිච්ඡවි රජතුමනි, පව්කම් කළ මේ පුරුෂයා මෙලොවින් චුත වැ ගොස් පාපකාරී ජනයන්ගෙන් නොහොත් සත්වැදෑරුම් වධබන්ධනයන්ගෙන් පිරුණු, දරුණු ස්වභාව ඇති, මහත් දුකින් යුත්, කටුක වූ, භයානක වූ මහා නිරයෙහි උපදින්නේය.



534. මෙතෙමේ ඒකාන්ත දුක්වූ කටුකවූ බිය උපදවන, නියත මහාදුක් ඇති මහානිරයෙහි වැටෙන්නේය. ඔහුට ඒ මහානිරයට වඩා නොයෙක් ගුණයෙන් මේ උල උඩ සිටීමම උතුම් වෙයි.



535. මේ තෙමේ මාගේ මේ වදන් අසා දුකට පැමිණියේ ප්‍රාණය හරින්නේය. එහෙයින් මා විසින් මොහුගේ ජීවිත නිරෝධයක් නොකරන ලද්දේ වේවායි සිතා එම නිරයේ උපදින කාරණය මම මොහු ඉදිරියෙහි නොකියමි.



536. මේ පුරුෂයා පිළිබඳ ඒ කාරණය මා විසින් දැනගන්නා ලදී. ඉදින් තොප අපට අවසර දෙන්නෙහි නම් අනෙක් ප්‍රශ්නයක්ද අසන්නට කැමැත්තෙමු. එයද විචාරමි. ඒ ගැන අපට නොකිපිය යුතුයි.



537. එදා අපේ ප්‍රථම දර්ශනයෙහි ඒකාන්තයෙන් මාගේ ප්‍රතිඥාවක් විය. එනම් අප්‍රසන්නයාහට නොකිය යුතුය යනුයි. දැන්වූ කලී මම තොපගේ නොකැමැත්තෙන් වුවත් විශ්වාස කළ යුතු වචන ඇත්තෙක් වෙමි. එහෙයින් තෙපි මාගෙන් කැමතිසේ විචාරව. මම එය හැකි පමණින් ඔබට කියන්නෙමි.



538. යක්ෂය, මම යම්කිසිවක් ඇසින් දක්නෙම්ද ඒ සියල්ලම මම අදහන්නෙමි, ඉදින් ඇසින් දැක එය නොඅදහන්නෙම් නම් මට නිග්‍රහ කරව.



539. ඔබතුමාගේ මේ ප්‍රතිඥාව මට සැබෑ වේවා. දැනගනු කැමති ව ප්‍රදූෂ්‍ය වූ සිතින් තොරවැ මා කියන ධර්මය අසා ප්‍රසාදය ලබන්න. ඔබතුමන් විසින් අසන ලද්දාවූද, නොඅසන ලද්දා වූද යම් ධර්මයක් වේද, ඒ සියල්ල මම දන්නා සැටියෙන් කියන්නෙමි.



540. තෙපි ශ්වෙතවර්ණ අශ්ව යානයකින් හුල උන්නහු සමීපයට පැමිණෙවුය. මේ යානය අද්භූතය. දැකුම්කලුය. මේ කිනම් කර්මයක විපාකයක්ද?



541. විශාලා නම් ඒ නගරමධ්‍යයෙහි මඩ සහිත මාර්ගයෙහි වළක් විය. මම පහන් සිතැතියෙම් සුදුවූ එක් ගවහිසක් ගෙන ඒ නාරාවළෙහි බැහූයෙමි.



542. අපද සෙස්සෝද ඒ මතුයෙහි පා තබා ගමන් කෙළෙමු. මේ යානය ඇද්භූතයැ. දැකුම්කලුයැ. ඒ කර්මයාගේ මේ විපාක වෙයි.



543. යක්ෂය, තාගේ සිරුරු පැහැයද සියලු දිගුන් බුබුළුවයි. තාගේ ශරීර සුගන්ධය ද සියලු දිගුන් හමා යයි. දිව්‍ය ඍද්ධියට පැමිණි තෝ මහත් අනුභාව ඇත්තෙහි ය. එහෙත් නිර්වස්ත්‍ර වෙහි. මේ කවර කර්මයක්හුගේ විපාක වේද?



544. මම ක්‍රෝධ නොකළෙමි. නිති පහන්සිත් ඇතියෙම් සිලුටු බසින් ජනයාට කථා කළෙමි. ඒ පින්කමෙහි මේ විපාක වෙයි. දිව්‍යමය වූ මාගේ ශරීර වර්ණය නිතර ආලෝකයෙන් බබළයි.



545. ධර්මයෙහි පිහිටියවුන්ගේ යශසද කීර්තියද දැක පහන් සිතැතියෙම් එය ගුණ වශයෙන් කීවෙමි. ඒ කර්මයාගේ මේ විපාක වෙයි. මා සිරුරින් දිව්‍යමය සුගන්ධය නිතර හමයි.



546. තොටෙහි නහන යහළුවන්ගේ වස්ත්‍ර ගොඩ සඟවා තැබුවෙමි. එය සිනහ පිණිස ය. ප්‍රදුෂ්ට සිතින් පැහැරගන්නා අදහසින් හෝ සොරකම් කරනා අදහසින් නොවේ. ඒ පවින් නග්න වූයෙමි. මාගේ දිවිපැවැත්මද දුක් සහිත විය.



547. යමෙක් කෙළි අදහස් පෙරදැරිව වුවත් පවක් කෙරේ නම් ඔහුට මෙබඳු කර්ම විපාකයක් වේයයි පණ්ඩිතයෝ කියති. යමෙක් කෙළි අදහසක් නොමැතිව දැඩි දුෂිත සිතින් පව් කෙරේ නම් ඒ පාප කර්මයාගේ විපාකය කොපමණ කටුක විය හැකිද?



548. දුෂිත වූ චිත්තසංකල්පනා ඇති යම් මනුෂ්‍ය කෙනෙක් ප්‍රාණඝාතාදියෙන් කයින් හා වචනයෙන් කිලුටු වුවෝ වෙත්ද, ඔහු මරණින් මතු නිසැකවම නරකයට පැමිණෙත්.



549. සුගතිය පතන්නාවූ අන්‍යයෝ වූකලී, දන් දීමෙහි ඇලුණු, සංග්‍රහ කරන ලද ආත්මභාව ඇත්තෝ වෙත්ද, ඔහු කාය භේදයෙන් මරණින් මතු නිසැකවම සුගතියට පැමිණෙත්.



550. තා විසින් පින්පව් පිළිබඳ යම් විපාකයක් කියන ලදද, එය මම කෙසේ දැන අදහන්නෙම්ද? මම කිනම් නිදසුනක් දැක එය ප්‍රතිඥා කරන්නෙම්ද? යළි, කවර පණ්ඩිතයෙක් එය මට විශ්වාස කරවන්නේද?



551. කුශල අකුශල කර්මයාගේ විපාකය මේ යයි ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක හෝ අසා එය අදහවු. පින්පව් යන දෙවැදෑරුම් කර්මයන් නොමැති කල සත්ත්වයෝ සුගතියට හෝ ගියෝය දුගතියට හෝ ගියෝය යන මෙය කෙසේ වන්නේද?



552. මේ මිනිස්ලොවැ මිනිස්සු පින්පව් නොකරන්නාහු නම්, සුගතියට හෝ දුගතියට ගිය සත්වයෝ නොවෙත්. මිනිස්ලොවැ උසස් පහත් අයද නොවෙති.



553. යම් හෙයෙකින් මිනිස් ලොවැ මිනිස්සු පින් සහ පව් කරන්නාහුද එහෙයින් සුගතියට සහ දුගතියට ගිය සත්වයෝද වෙත්. මිනිස් ලොවැ උසස් පහත් අයද වෙත්.



554. සැප - දුක් විඳීමට සුදුසුවූ කුශලාකුශල කර්මයන්ගේ දෙවැදෑරුම් විපාකය දැන් කීවෙමු. එනම්: පින්කළාහූ දෙවියෝවැ පසිඳුරන් පිණවත්. අඥානයෝ කුශලාකුශලයන්හි ප්‍රතිඵල නොදක්නාහු පව්කම් කොට නිරයෙහි පැසෙත්.



555. තමා විසින් පෙර කළ වෙනත් පින්කම් මට නැත. යලි, වස්ත්‍ර ද සෙනසුන්ද ආහාරපානද යමෙක් දන්දී ඒ පින මට පමුණුවන්නේ නම් එබන්දෙක්ද මට නැත. එහෙයින් මම නග්නද දුක් සහිත පැවතුම් ඇත්තෙම්ද වෙමි.



556. අමනුෂ්‍යය, යම් හෙයෙකින් තෝ වස්ත්‍ර ලබන්නෙහි නම් එබඳුවූ කිසි කාරණයක් වන්නේද, ඉදින් එබඳු හේතුවක් ඇත් නම් විශ්වාස කළ හැකිවූ ඒ හේතුව මට කියව. ඒ හේතු සහිත වචනය මම ශ්‍රවණය කරමි.



557. මේ සමීපයෙහි ධ්‍යාන කරන, සිල්වත්වූ කප්පින නම් රහත් භික්ෂුනමක් ඇත. හේ කෙලෙසුන්ගෙන් මිදුණේය. සංවෘත (පාපයන්ට වැසුණු) ඉන්ද්‍රිය ඇත්තේය. සුරක්ෂිත ප්‍රාතිමොක්ෂ ශීලය ඇත්තේය. ක්ලේශදරථාපගමයෙන් සිහිල්ය. උතුම් සම්යග්දෘෂ්ටියෙන් යුක්තය.



558. මොළොක් ගුණ ඇති, දන් දෙනසුලු, මනා වචන ඇති නොහොත් කීකරුවූ, යහපත් මුහුණක් ඇති මැනැවින් දත් ආගම ධර්මය ඇති පමණ දැන කථා කරන පින් කෙතක්වූ මෛත්‍රීවිහරණ ඇති ඒ මහණ දෙව්මිනිසුන්ගේ දක්ෂිණාවට සුදුස්සෙකි.



559. සන්හුන් කෙලෙස් ඇති, පහවූ මිථ්‍යා විතර්ක ධූම ඇති, නිදුක්වූ, ආශා රහිත, සියලු භවදුකින් මිදුණු, පහවූ රාගාදිහුල් ඇති, මමත්වයෙන් තොරවූ, අවංක වූ, උපධි රහිතවූ, නැසූ සියලු ප්‍රපඤ්ච ඇති, ත්‍රිවිද්‍යාවට පිළිවෙළින් පැමිණි, ඥාන ද්‍යුතියෙන් දීප්තිමත්වූ,



560. අප්‍රකටවූ, දැකද “මෙබඳු කෙනෙකැ” යි සුවසේ නොදත හැකි භික්ෂුනමකි උන්වහන්සේ. වැදෑරජුන් අතර මුනිවරයෙකැයි කියනු ලැබේ. ලෝකයේ යක්ෂයෝද භූතයෝද තෘෂ්ණා රහිතවූ ශීලාදි යහපත් ගුණැති ඒ භික්ෂු නම “රහත්” යයි දනිත්. ගුණ කියමින් හැසිරෙත්.



561. තෙපි ඒ කප්පින මහතෙරුන් හට එක් පිළී සඟලක් හෝ දෙකක් හෝ මා උදෙසා දෙන්නේ නම් ඒ තෙරුන් විසින්ද ඒ වස්ත්‍ර පිලිගන්නා ලද්දේ නම් එවිට මනාව හැඳ පෙරවූ පිළී ඇති මාද තෙපි දක්නහුය.



562. කිනම් පෙදෙසක වසන ඒ මහණහු වෙත දැන් අපි ගොස් දක්නෙමුද, ඒ කවරෙක් අපගේ සැකයද විචිකිත්සාව හා මිථ්‍යාදෘෂ්ටි නැමති හුල්ද දුරු කරන්නේද?



563. කපිනච්චනා නම් පෙදෙසෙහි වැඩහුන් සත්‍යනාම ඇති ස්වකීය ආචාර්ය්‍ය විනයෙහි නොපමාවූ ඒ කප්පින ශ්‍රමණයන් වහන්සේ තෙමේ බොහෝ දෙවියන් විසින් පිරිවරන ලද්දේ දැහැමි කථා කියයි.



564. “මම එසේ කරන්නෙමි. දැන් ඒ මහණහු වෙත ගොස් උන්වහන්සේ පිළිසඟළකින් හදවන්නෙමි. ඒ පිළී ඒ මහණ විසින් පිලිගන්නා ලද නම් (කර්මයෙන් ලද) පිළියෙන් සැරසුණු තාද දක්නෙමු.



565. පින්වත් ලිච්ඡවි රජතුමනි, නුසුදුසු කලැ පැවිද්දහු වෙත නොඑළඹෙන්නේ මැනැවි. නො කල්හි එලැඹීම රජුන්වූ තොපගේ ධර්මය නොවේ. එහෙයින් සුදුසුකල්හි එලඹැ එතන්හි මැ හුදෙකලාව හුන් තෙරහු බලව.



566. ඒ ලිච්ඡවි රජතුමා “එසේය”යි කියා දාසගණයා විසින් පිරිවරන ලදුවැ එහි ගියේය. ඒ නුවරට පැමිණ සිය නිවසෙහි විසීමට එළැඹියේය.



567. ඉක්බිති ලිච්ඡවි රජ සුදුසු කාලයෙහි ගිහිකෘත්‍යයන් කොට දිය නා කා බී යහපත් මොහොතක් ලැබ පෙට්ටියෙන් පිළිසඟල අටක් තෝරා ගෙන දාසගණයා ලවා ගන්වා ගෙන ගියේය.



568. එරජ ඒ පෙදෙසට එළඹ සන්හුන් සිතැති පිණ්ඩපාතයෙන් පෙරළා එන, ගොදුරුගමින් නැවතුණු, සිහිල්වූ, රුක්මුල්හි හුන් ඒ මහණහූ දිටී.



569. උන්වහන්සේ වෙත එළැඹ නීරොගී බවද ඵාසුවිහරණයද විචාළේ ය. “ස්වාමීනි, වහන්ස, මම විශාලා මහනුවර ලිච්ඡවි රජ්ජුරුවෝ වෙමි. අම්බසක්කර නම්වූ ලිච්ඡවි රජ යයි ජනයෝ මා දනිත්” යයි කීය.



570. වහන්ස, මනහරවූ මේ අට පිළිසඟළ පිළිගන්න. මම මෙය ඔබවහන්සේට දෙමි. යම්සේ මම සතුටු වෙම්ද ඒ කරුණෙන්ම මම මෙහි පැමිණියෙමි.



571. ශ්‍රමණයෝද බ්‍රාහ්මණයෝද තොපගේ නිවස දුරින්ම දුරු කරත්. තොපගේ ගේ සමීපයෙහි දී පාත්‍රයෝ බිඳෙත්, සඟළ සිවුරුද ඉරාදමත්.



572. යළි පා නැමැති කෙටේරිවලින් සමහර මහණහු හිස යටිකුරු කොට හෙළනු ලැබෙති. පැවිදිවූ මහණහු තොප කළ මෙබඳු දෑ නිසා වෙහෙසට පැමිණෙත්.



573. තෙපි තණ අගින් තෙල් බිඳකුදු දන් නුදුන්නහුය. මංමුළා වූවකු හට මගදු නොකීවහුය. අන්ධයාගේ සැරයටිය තුමූම පැහැර ගත්තහුය. මෙබඳු තද මසුරුවූ නොහික්මුණු තෙපි යළි කවර ගුණයකින් කුමක් දැක අප සමග සංවිභාග කරහුද?



574. වහන්ස, ඔබ යමක් කීවහු නම් මම එය පිළිගනිමි. ක්‍රීඩා සිත් ඇතිව දූෂිත සිතින් තොරවැ මම මහණ බමුණනට වෙහෙස කෙළෙමි. වහන්ස, මේ මා කළ නපුරෙකි.



575. කෙළිසිතින් පව් රැස් කොට එක් අමනුෂ්‍යයෙක් අසම්පූර්ණ භෝග ඇත්තේ යෞවනයෙන් යුත් තරුණයෙක්වැ නග්නභාවයට පැමිණ දුක් විඳී. එයට වඩා ඉතා දැඩි දුකක් මොහුට කෙසේ වේද?



576. වහන්ස, ඔහු දැක සංවේගය ලදුයෙමි. එහෙයින් මම ඔබට මේ වස්ත්‍ර දන්දෙමි. ස්වාමීනි, වහන්ස, මේ පිළීසඟළ අට පිළිගනු මැනව. මේ පින් අමනුෂ්‍යයාට පැමිණේවා.



577. දන්දීම ඒකාන්තයෙන් බුද්ධාදීන් විසින් නන් අයුරින් ප්‍රශංසා කරන ලදි. දන්දෙන තොපගේ ධනය නොගෙවෙන ස්වභාව ඇති වේවා. තොපගේ පිළිසඟළ අට මම පිළිගනිමි. මේ පින් අමනුෂ්‍යයාට පැමිණේවා.



578. ඉක්බිති ඒ ලිච්ඡවි රජ මුවසෝදා ගෙන තෙරුන්ට ඒ පිළීසඟළ අට පිරිනමා “මේ පිළී පිලිගනු ලැබේවා, පිළී හැඳගත් ප්‍රෙතයාද දක්නට ලැබේවා” යි කීවේය.



579. රජ සඳුන්සුණු තවරගත් සිරුරු ඇති ආජානීය අසුපිට නැගි මනහර රූසපු ඇති මොනවට හැඳගත් වස්ත්‍රයෙන් සැරසුණු පිරිවර ජනයා විසින් පිරිවරන ලද මහත් දිව්‍යර්ධියට පැමිණි ඒ අමනුෂ්‍යයා වහා දුටුවේය.



580. රජතෙම ඔහු දැක සතුටු සිත් ඇතිව, ඔදවැඩුණු සිත් ඇතිව, තුටුපහටු සිත් ඇතිවැ, අතිශයින් සුන්දර ස්වරූප ඇතිව සාන්දෘෂ්ටික කර්මයද කර්ම විපාකයද සියැසින් පසක් කොට දැක,



581. අමනුෂ්‍යයා වෙත පැමිණ මෙසේ කී ය: “මම මහණ බමුණනට දන් දෙන්නෙමි. මාගේ නොදියයුතු කිසි වස්තුවක් නැත. අමනුෂ්‍යය තෝද මට බොහෝ උපකාර වූයෙහි” යි.



582. ලිච්ඡවි රජතුමනි තෙපි ද මට සිවුපසයෙන් එක් කොටසක්වූ පිළී දන් දුන්නහුය. ඒ දානය හිස් නොවෙයි. ඒ අමනුෂ්‍යවූ මම මනුෂ්‍යවූ තොප හා සමගම සාක්ෂ්‍ය කරන්නෙමි.



583. යක්ෂය තෙපි මට යා යුතු තැනද, නෑයාද, පිහිටද, මිත්‍රයාද වවු. යළි මාගේ දේවතාවාද වවු. මම බදැඳිලිව අයදිමි. මම යළි යළිත් තොප දැකීමට කැමැත්තෙමි.



584. ඉදින් තෙපි සැදැහැ නැති වන්නහු නම්, තදමසුරුගති ඇත්තහු නම්, විපිළිපන් සිත් ඇත්තහු නම්, ඒ හේතුවෙන් මා දැක්ම නොලබන්නහුය. මමද තෙපි දැකත් කථා නොකරන්නෙමි.



585. ඉදින් තෙපි කුශලධර්මයෙහි ගෞරව ඇති වන්නහු නම්, දන්දීමෙහි ඇලුණහු, සියදිවියෙහි යහපත සලසා ගත්තහු, මහණ බමුණනට පැන්සැළක් මෙන් වන්නහු, නම් එසේ වූ කල්හි තෙපි මා දක්නට ලබන්නහුය.



586. තවද තොප දැකද මම කථා කරන්නෙමි. තොපට යහපතක් වේවා, යමකු කරුණු කොට අපි සාක්ෂ්‍ය කෙළෙමු ද, ඒ අනෙකකු නොව හුල සිටි පුරුෂයා වෙත පැමිණීම නිසා යයි සිතම්හ. මේ පුරුෂයාද වහා උලින් මුදනු මැනව.



587. ඒ අපි දෙදෙන එකිනෙකා සාක්ෂ්‍ය කෙළෙමු. මේ පුරුෂයාත් වහා මිදුණේ සකසා කුසල්දහම් කරමින් ඒ මහා නිරයෙන්ද මිදෙන්නේය.



588. අන් තැනක වින්ද යුතුවූ අකුශලකර්මයක්ද ඔහුට වන්නේය. ඔහු සමගම සුදුසු කලැ කප්පින තෙරුන් කරා එළඹ සමීපයෙහි හිඳ දන් බෙදාදී හමුවෙහිම විචාරවු.



589. උන් වහන්සේ තොපට මේ කරුණ කියන්නාහ. ඒ මහණ වෙතම එළඹ එය දැනගනු කැමැතිව ප්‍රදුෂිත සිත් නැතිව විචාරවු. බොහෝ ඇසූපිරූ තැන් ඇති ඒ මහණ තොප විසින් පෙර අසන ලද්දා වූද නොඅසන ලද්දා වූද සියලු කුසල ධර්මයෝ තමා දත් පරිද්දෙන් කියන්නේ ය. සුගතිගාමී වූ ධර්‍මය කියන්නේය.



590. ඒ රජතුමා එහි දී අමනුෂ්‍යයා සමග රහසින් කථා කොට සාක්ෂ්‍ය කොට ගෙන ලිච්ඡවින්ගේ සමීපයට ගියේය. යළි හේ රැස්ව හුන් ලිච්ඡවි රජ පිරිසට මෙසේ කීය.



591. පින්වත්නි, මාගේ එක් බසක් අසත්වා. මම තොපගෙන් වරයක් ඉල්වන්නෙමි. ඉල්වන ඒ වරය ලබන්නෙමි. රුදුරුකම් ඇති කළ දඬුවම් ඇති හුලැ හිඳුවනු ලැබූ පුරුෂ තෙමේ රජු කෙරෙහි ඇලුණු ස්වභාව ඇත්තෙකි.



592. උල තැබීම කළ දවසේ පටන් මෙතෙක් විසිරැයක් පමණය. හේ නොම ජීවත්වේ. මරණයට පැමිණියේද නොම වෙයි. මම දැන් කැමැතිසේ ඔහු මුදන්නෙමි. සමූහයා අනුමත කෙරේවා.



593. මොහුද රජ අණ ලද අනිකාද වහා මුදන්න. එසේ කරන තොපට කවරෙක් නම් “එසේ නො කරව”යි කියන්නේද? යම්සේ තෙපි හඟිවු නම් රිසිපරිදි එසේ කරවු. සමූහයා එය අනුමත කෙරෙයි.



594. ඒ රජතෙමේ ඒ පෙදෙසට ගොස් හුලැ හුන් පුරුෂයා වහාම මිදැවී ය. “මිත්‍රය, බිය නොව” යි ද ඔහුට කීය. වෛදවරුද ඔහු ලඟට එවීය.



595. එකරුණ දැනගනු කැමති ලිච්ඡවි රජ තෙමේ ඔහු සමග සුදුසු කාලයෙහි කප්පිනක තෙරුන් කරා එළඹ දන් බෙදාදී ඉදිරිපිට උන්වහන්සේගෙන් එසේම විචාළේය.



596. හුලැ හිඳුවන ලද කළ රුදුරුකම් ඇති විඳින ලද සිරුරු දඬුවම් ඇති මිනිස් තෙමේ රජු කෙරෙහි ඇලුම් ගති ඇත්තෙක. යම් දිනක හේ හුලැ හිඳුවන ලද නම් එදා පටන් අද දක්වා විසිරැයක් පමණ ඉක්මැ ගියේය. හේ ජීවත් වන්නේත් මළේත් නොවේ.



597. වහන්ස, මා විසින් එහි ගොස් ඒ පුරුෂ තෙමේ දැන් නිදහස් කරන ලද. අමනුෂ්‍යයාගේ කීම නිසා මෙසේ කෙළෙමි. යම් හෙයෙකින් මොහු නිරයට නොයන්නේ නම්, එබඳු කිසියම් මැ කාරණයක් ඇත්තේද?



598. වහන්ස, ඉදින් එබඳු කරුණක් ඇත් නම් කියනු මැනැවි. ඇදහිය හැකි සකාරණ (කරුණු සහිත) වචනයම අසමු. මෙලොවැ කළ ඒ කර්මයන්ගේ විපාක නොවිඳ වැනසීමෙක් ගෙවීමෙක් නැත්තේද?



599. ඉදින් හේ දිවාරෑ දෙක්හි නොපමාවැ පෙර කළ පව්කම් මඩනට සමත් කුසල්දහම්හී මොනොවට හැසිරෙන්නේද, හේ නිරාදුකින් මිදෙන්නේ ය. අපරාපරියවෙදනීය කර්මය අන් භවයෙක වින්ද යුතු වන්නේය.



600. වහන්ස, මේ මිනිසාගේ මේ කරුණ දැන ගන්නා ලද්දෙමි. මා කෙරෙහිදු දැන් අනුකම්පා කරන්න. මහ නුවණැති උතුමාණෙනි, යම් හෙයෙකින් මමද නිරයට නොයම්ද එසෙයින් මට අනුශාසනා කරන්න.



601. පහන්සිත් ඇත්තෙහි අදම බුදුන් සරණ යව, ධර්‍මයද, සංඝයාද සරණ යව, එසෙයින්ම ශීල සිකපද පස නොසිඳ නොකඩ කොට සමාදන් වෙව.



602. වහා පණිවායෙන් වෙන් වෙව. ලෙව්හි නුදුන් දෑ ගැන්ම දුරු කරව. රහමෙර පානය නොකරව. මුසවාද නො කිය. ස්වදාරසන්තොෂයෙන් සතුටු වෙව. මේ උතුම් අටඟින් යුත් සුඛවිපාක දෙන පිරිසුදු අනවද්‍ය ශීලය සමාදන් වෙව.



603. සිවුරුය, පිණ්ඩපාත ය, ගිලන්පසය, ආවාසාදි සෙනසුන් ය, ආහාරය, පානය, කෑයුතු දැය, වස්ත්‍ර හා මඤ්චපීඨාදී සෙනසුන්ය යන මෙය වෙසෙසින් පහන් සිතින් ඍජු ප්‍රතිපන්න සඟනට දෙව.



604. වීතරාගී බහුශ්‍රැත සීලසම්පන්න භික්ෂූන්ද ආහාරපානයෙන් තර්පණය කරව. මේ පිළිවෙත හැමදා පින් වඩනේය.



605. මෙසෙයින් දිවරෑ නොපමාවැ කුසල්දහම්හි හැසිරෙන තෝ නිරා දුකින් මිදෙන්නෙහි. පාපකර්මය (අපරාපය්‍යර්‍ වශයෙන්) අන් තන්හි විඳිය යුතු වන්නේය.



606. අදම පහන්සිත් ඇතියෙම් බුදුන් සරණ කොට එළඹෙමි. ධර්‍මයද සංඝයාද සරණ කොට එළඹෙමි. එසෙයින්ම සිකපද පස නොකඩ කොට සපුරා සමාදන් වෙමි.



607. මෙලොවැ වහා පණිවායෙන් වළකිමි, අයිනාදන දුරු කෙරෙමි. මත්පැන් නො බොන්නෙම් වෙමි. මුසවා නොද බෙණෙමි, ස්වදාරසන්තොෂයෙන් සතුටු වෙමි. මේ ආර්‍ය්‍යවූ උතුම් අටඟින් යුත් සුඛ විපාක දෙන නිරවද්‍ය වූ ශීලය සමාදන් වෙමි.



608. සිවුරුද, පිණ්ඩපාතය ද, සෙනසුන් ද, ආහාරපානද කෑයුතු දෑද වස්ත්‍ර … ආවාසාදි සෙනසුන්ද,



609. බුදුසසුන්හි ඇලුණු මම සිල්වත්වූ බොහෝ ඇසූ පිරූතැන් ඇති වීතරාගී වූ භික්ෂූන්ට දන් දෙමි. ඒ සිවුපස දන් කඩ නොකරමි.



610. මෙවැනි ඒ අම්බසක්ඛර නම් ලිච්ඡවිරජ එකලැ විසල්පුර සැදැහැවත් මොළොක් සිත් ඇති එක්තරා උපාසකයෙක්ව උපකාර කරන සුලු වූයේ බික්සඟනට සකසා උවටැන් කෙළේය.



611. හුලැ හිඳවූ මිනිසාද නීරොගීවැ සුව පත්වැ තමා කැමැති පරිදි හැසිරෙන්නේ උතුම් කප්පින තෙරුන් කරා එළඹැ පැවිදිවූයේය. මෙසේ ඒ රජු සහ පුරුෂයා දෙදෙනා ම ශ්‍රාමණ්‍ය ඵලයනට හෙවත් මගපලයනට පැමිණියහ.



612. සත්පුරුෂයන්ගේ මෙවැනි ආශ්‍රය, ප්‍රඥාවන්ත සත්පුරුෂයනට මහත් ඵල ඇති වෙයි. හුලැ හුන් මිනිසා රහත්ඵලය ලබාගති. අම්බසක්ඛර රජ වනාහි සෝවාන් විය….





වස්තුගාථා(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > සුත්ත නිපාතය > 5. පාරායන වර්ගය



980 වේදමන්ත්‍රයෙහි කෙළ පැමිණි බාවරී බ්‍රාහ්මණ අකිඤ්චනභාවය (පරිග්‍රහොපකරණ විවේකය) පතන්නේ කොසොල් රට (Kingdom of Kosala)රම්‍ය වූ සැවැත් නුවරින් (Shravasti)නික්මැ දක්ෂිණාපථයට ගියේ ය.



981. ඒ බමුණු අස්සක රජුගේද මූලක රජුගේ දැයි දෙරජුන්ගේ රාජ්‍යයන් අසල හෙවත් දෙරට අතර ගෝදාවරී නදී තීරයෙහිවූ (Godavari River)අසපුයෙක් හි කෙණෙසි අහරින්ද වනමූල ඵලාහාරයෙන්ද යැපෙමින් විසීය.



982. ඒ ගෝදාවරි නදීතීරයමැ නොහොත් ඒ බාවරී තවුස් නිසාම මහත්වූ ගමෙක්ද විය. හේ එගමින් උපන් කරවුවරින් මහා දාන යාගයක් (මහදනක්) කළේය.



983. හේ මහදන් දී යළි අසපුවට පිවිසියේ ය. ඔහු එහි පිවිසගත් කල්හි අන් බමුණෙක් එහි ආයේ යැ.



984. ගමන්හි ගැටුනු පා ඇති පිපාසිත වූ මල බැඳි දත් ඇති, දූහිලියෙන් වැකුණු හිස් ඇති ඒ බමුණාත් ඔහු කරා එළැඹැ රන්මිල පන්සියයක් යැදී යැ.



985. බාවරී තවුස් ඔහු දැක අස්නෙන් පැවරීයැ. සුවද නිරෝ බවද විචාළේයැ. මේ බස්ද කීයැ:



986. මා සතු යම් දියයුතු ධර්මයෙක් වී නම්, ඒ හැම මා විසින් දානමුඛයෙහි දෙන ලදී. බමුණ මාගේ බස් විශ්වාස කරව, රන්මිල පන්සියෙක් නැත.



987. ඉදින් භවතුන් යදින්නාවූ මට නොදෙන්නේ නම්, අදින් සත්වන දවස්හි තා හිස් සත්කඩවැ පැළේවා.



988. ඒ කුහක බමුණු කොහොන්වත් (සැකය) සකස් කොට බිය දනවන තෙපුල් කීයැ. ඔහුගේ එවදන් අසා බාවරී දොම්නස් ඇතියේ වීයැ.



989. හේ සෝහුලින් විදුනා ලදුයේ නිරාහාරවැ වියැළෙයි. තවද මෙබඳු සිත් ඇති ඔහුගේ සිත ධ්‍යානයෙහි නොඇලෙයි.



990. ඒ ආරාමයේ අරක්ගත් වැඩ කැමැති එක්තරා දේවතාවක් බියපත්වූ දුකට පැමිණි බාවරී බමුණු කරා එළැඹ මෙවදන් කිවුය.



991. හේ මුදුන් (හිස) නොදන්නේ ය. හේ ධන කැමැති කුහකයෙක. මුදුනෙහි හෝ හිස මුදුන් පැළුමෙහි නුවණෙක් ඔහුට නැති.



992. ඉදින් භවති මුදුනුදු මුදුන් පැළුමුදු දනී නම් මා විසින් පුළුවුස්නා ලද්දී එය මට කියව. ඔබගේ ඒ වචනය අසම්හ.



993. තෙල කරුණ මමද නොදන්මි. මට මෙකරුණ කෙරෙහි ඥානයෙක් නැත. මුදුනුදු මුදුන් පැළුමුදු යන මෙය ජිනයන්ගේමැ දර්‍ශනයෙකි.



994. එසේ වත්මැ මේ පොළෝ මඬුලුයෙහි කවරෙක් නම්, මුදුන් හා මුදුන් පැළුම් හා දන්නේද, දේවතායෙනි, එය මට කියව.



995. පෙරැ කිඹුල්වත් නගරයෙන් නික්මැ ගිය ලෝකනායකවූ ඔක්කාක රජ පරපුරෙහිවූ ලොව හෙලි කරණ ශාක්‍යපුත්‍රයෙක් වේද,



996. බ්‍රාහ්මණය, හේ සම්බුද්ධ මැයි. (සර්වඥයන්වේ) හැම ධර්මයන්ගේ පරතෙරට ගියේයැ, සියලු අභිඥා බලයනට පැමිණියේයැ. සියලු ධර්මතාවයන්හී නුවණැස් ඇතියේයැ, (විශ්වයේ සියල්ල දන්නේය) හැම කර්මයන්ගේ ක්ෂයට පැමිණියේය. උපධික්‍ෂය සඞ්ඛ්‍යාත නිර්වාණාලම්බනයෙහි (භවවිමුක්තියෙන්) මිදුනේයැ.



997. පසැස් ඇති ඒ භාග්‍යවත් බුදුරජ ලොව්හි දහම් දෙසයි. මුඹ උන්වහන්සේ කරා ගොස් විචාරන්නැ, හේ මුඹට හෙළි කරන්නේය.



998. ‘සම්බුද්ධ’ යන වචනය අසා බාවරී ඔද වැඩිසිත් ඇත්තේ විය. ඔහුගේ ශෝකය තුනී විය. විපුල ප්‍රීතියද ලැබීය.



999. සතුටු සිත් ඇති ඒ බාවරී තෙම ඔදවැඩි සිතැතියේ උපන් සොම්නස් ඇත්තේ “යම් තැනකට ගොස් ද්විපදොත්තම වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමෝ නම්, ඒ ලෝකනාථයෝ කවර නම් ගමෙක්හි හෝ යළි කිනම් නියම් ගමෙක්හි හෝ දනව්වෙක හෝ වසනසේක්දැ? යි ඒ දෙවියා පිළිවිසී.



1000. පස්මරුන් දිනූ, මහාප්‍රාඥ වූ, උත්තම විපුල ප්‍ර‍ඥා ඇති, අප්‍රතිමවූ, අනාස්‍ර‍වවූ, මුදුන් පැළුම දන්නා, නරශ්‍රේෂ්ඨවූ එ ශාක්‍යපුත්‍ර‍යන් වහන්සේ කෝසල ජනපදයෙහි (Kingdom of Kosala)සැවැත් නුවර වසනසේක.



1001. එක්බිති බාවරි බමුණු වෙදමන්ත්‍රයෙහි පරතෙරපත් අතැවැස්සන් ඇමැතී යැ: මාණවයෙනි, එව මම තොපට කියනෙම්, ඒ මාගේ වචනය අසව,



1002. ලෝකයෙහි යමක්හුගේ තෙල එක්වන් උපත දුලබ වේ නම්, ‘සම්බුද්ධ‘යහයි විශ්‍රැත වූ ඔබ (උන්වහන්සේ) දැන් ලොව්හි උපන්හ. වහා සැවතට ගොස් ඒ ද්විපදෝත්තමයා දකුව.



1003. බ්‍රාහ්මණයෙනි, උන්වහන්සේ දැක ‘මේ බුදුහ‘ යි කිසෙයින් දනුම්හ. අපි ඔවුන් යම්සේ දතහෙන්නමෝ නම්, නොදන්නා අපට ඒ සෙයින් කිව මැනවැයි. (කීහ.)



1004. පිළිවෙලින් විස්තර කරණ ලද පරිපූර්ණ වූ දෙතිස් මහපුරිස් ලකුණු වේදයෙහි ආයේය.



1005. යම් පුරුෂයකුගේ ශරීරාවයවයන්හි තෙල මහපුරිස් ලකුණු වෙත් නම්, ඔහුට දෙගතියෙක්මැ එයි. තෙවැන්නෙක් නොවේ.



1006. ඉදින් හේ ගිහිගෙහි වෙසේ නම්, නො දඬින්, නො සැතින් මේ පොළොව දිනා දැහැමින් අනුසස්නේ යැ. (සක්විති රජ වෙයි.)



1007. තවද ඉදින් හේ ගිහිගෙන් නික්මැ සසුන් වදී නම්, පෙරළු කෙලෙස් සෙවෙණි ඇතියේ අර්හත් අනුත්තර සම්‍යක් සම්බුද්ධ වෙයි.



1008. (තෙපි මාගේ) ජාතියදු ගෝත්‍ර‍යදු ලක්ෂණදු උගත් වේදයදු සිසුනුදු යළිත් අන්‍ය වූ මුදුනුදු මුදුන් පැළීමුදු සිතින් මැ අසව.



1009. ඉදින් හේ අනාවරණ ඥානදර්ශන ඇති බුදුවරයෙක් වේ නම්, තොප සිතින් පුළුවුත් පැන වචනයෙන් විසඳන්නේයි.



1010 - 1012 බාවරී බමුණුගේ බස් අසා අජිත ය, තිස්සමෙත්ත්‍යෙ ය, පුණ්ණක ය, යළි මෙත්තගූය, ධොතක ය, උපසීව ය, නන්ද ය, යළි හෙමක ය, තොදෙය්‍ය කප්ප යන දෙදෙනය, පණ්ඩිත වූ ඡතුකණ්ණී ය, භද්‍රායුධ ය, උදය යැ, පොසාල බමුණු යැ, ප්‍රාඥ වූ මෝඝරාජ ය, මහර්ෂී පිඞ්ගිය යැ යන සොළොස් බමුණු අතවැසියෝ -



1013. හැම දෙන වෙන වෙන ශිෂ්‍ය ගණයා ඇති වැ හැම ලොව පළට වූවාහු ධ්‍යාන කරන්නාහු ධ්‍යානයෙහි නිරත වූවාහු ධෘතිසම්පන්න වූවාහු පුණ්‍යවාසනා ගුණයෙන් වාසිත සිත් ඇත්තාහු.



1014. බාවරීහු වැඳ ඔහු පැදකුණුද කොට සියල්ලෝ දළමඬුලු අඳුන් දිවිසම් දරන්නාහු උතුරු දෙසට මුහුණ ලා ගියහ.



1015. මූලක ජනපදයට අයත් පතිට්ඨාන නගරයටද මාහිස්සතී නම් පළමු නගරයටද උජ්ජේනී නගරයටද එසේම ගොනද්ධ (ගෝධ) පුරයටද, වේදිස නගරයටද වනසව්හයටද,



1016. කොසඹෑ නුවරටද (Kaushambi district)වැලිත් සාකේත නගරයටද (Saketa)උතුම් සැවැත් නුවරටද (Shravasti)සෙතව්‍ය නගරයටද කපිලවත්‍ථු පුරයටද කුසිනාරා නගරයටද,



1017. පාවා නගරයටද භොගන නගරයටද විසල්පුරටද මගධරට අගනුවරවූ රාජගහ නගරයටද සිත්කළු මනරම්වූ පහණසෑවෙහෙරටද,



1018. පවස් ඇතියකු සිහිල් දියකට මෙන් වෙණෙදක්හු මහත් ලාභයකට මෙන් ගිමින් තැවුනක්හු සෙවණකට මෙන් උපන් සොම්නස් ඇත්තාහු පර්වතයට නැංගාහ.



1019. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේත් බික්සඟුන් විසින් පෙරටු කරණ ලද සේක් වනාන්තරයේ සිහරදහු නද කරන්නා සේ භික්ෂූන්ට දහම් දෙසන සේක.



1020. අජිතමාණව සිය ගණන් රැස් ඇති හිරුසෙයින් පණුරැසි පොහෝ දිනෙහි දිළියෙන සොළොස් කලායෙන් පිරි සඳ සෙයින් සම්බුදුන් දිටී.



1021. එක්බිති උන්වහන්සේගේ සිරුරෙහි පිරිපුන් මහපුරිස් ලකුණු දැක සතුටු වූයේ එකත්පස්වැ සිටියේ මනසින් පැන පුළුවුත්.



1022. අප ඇදුරැන් ඇරැබැ ජාතිය වයස් කිව මැනැව පුරිස් ලකුණු සහිත කොට ගොත්ද කියනු මැනැව, වේදයන්හි නිමාවට පැමිණීමද කිව මැනව, ඒ බමුණු කෙතෙක් අතවැස්සන් හදාරවාදැ? යි (සිතින් විචාළේය)



1023. තොපගේ ඇදුරු වයසින් එක්සියවිසි හැවිරිදි වෙයි. ඔහුගේ ගොත්‍ර‍ විසින් බාවරී (ප්‍රාවරී) නම් වේ, ඔහුගේ සිරුරෙහි මහපුරිස්ලකුණු තුනෙකි. ත්‍රිවේදයෙහි පරතෙරට ගියේය.



1024. මහාපුරුෂ ලක්ෂණයෙහි ද නිඝණ්ඩු සහිත කෙටූභ ශාස්ත්‍ර‍සහිත, ඉතිහාසයෙහිද ස්වකීය බ්‍රාහ්මණ ධර්මයෙහි ද පරතෙරට ගියේ අතැවැස්සන් පන්සියයක් හදාරව යි.



1025. තෘෂ්ණාව සිඳලූ නරෝත්තමයෙනි, බාවරී බමුණුගේ පුරුෂ ලක්ෂණයන් පිළිබඳ විස්තරය පවසන්නැ. අපට නහමක් සැක වේවා: (සිතින් පුළුවුත්)



1026. මාණවකය, හේ (තමා) දිවින් මුහුණ වසයි. උහුගේ දෙබැම අතුරෙහි උර්ණලෝමය වෙයි. වස්තුගුහ්‍යය කෝෂාවහිත වේ. මෙ කරුණ මෙසේ දැනගනුව. (වදාළහ.)



1027. හැම ජන තෙමේ, පුළුවුස්නා කිසිදු පැනයක් නො අසනුයේ එහෙත් විසැඳූ පැන අසා උපන් සොම්නස් ඇත්තේ වැඳගෙන මෙසේ සිතයි.



1028. කවර නම් දෙවියෙක් හෝ බඹෙක් හෝ සුජම්පති වූ ඉන්ද්‍ර‍ හෝ සිතින් විචාළ පැන විසදා ද? කවරෙක්හට තෙල පැන වැටහේ දැ‘යි



1029. භාග්‍යවතුන් වහන්ස, බාවරී බමුණුතෙම මුදුනුදු මුදුන් පැළුමුදු පුළුවුසී. එය විසඳන්නැ. ඍෂීන් වහන්ස, අපගේ සැකය දුරැලන්නැ යි.



1030. අවිද්‍යාව (සසරැ හිස්වන බැවින්) මුදුනැ, ශ්‍ර‍ද්ධා, ස්මෘත, සමාධි, ඡන්ද, වීර්‍ය්‍ය යන මොවුන් හා සමග යෙදුනු (අර්හත් මාර්ග) විද්‍යාව මුදුන් පළනයි දනැයි.



1031. එක්බිති අජිත මාණවක මහත් ප්‍රීතියෙන් සංස්තබ්ධ වැ අඳුන් දිවි සම් එකස් කොටලා බුදුන් පාපිට හිස්තබා වැඳ වැටිනි.



1032 “නිදුකානන් වහන්ස, පසැසුන් වහන්ස, බාවරී බ්‍රාහ්මණ ඔද වැඩි සිතැතිවැ, සොම්නස්වැ භවත්හුගේ පා වඳනේ ය‘යි.



1033. බාවරී බමුණු අතැවැසියන් හා සමග සුවපත් වේවා, මාණවකය, තෝද සුවපත් වෙයි, සැරදෙයි, (වදාළෝ)



1034. තෙපි කළ අවකාශ ඇතියවු, යමක් පුළුවුස්නට සිතින් කැමැතියවු නම්, බාවරීහුගේ වේවයි, තොප හැමගේ වේවයි, ඒ හැම සංශය පුළුවුස්වයි (වදාළසේක)



1035. සම්බුදුන් විසින් කළ අවකාශ ඇති අජිත මාණවක බඳැදිලි වැ හිඳ එහි පළමු පැන බුදුන් පිළිවිත්….





20.4. සුන්දරී ථෙරීගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ථෙරීගාථා පාළි > 13. වීංශති නිපාතය



316. වාසෙට්ඨිය, ඒකාන්තයෙන් අද්භූත යැ, මෙබඳු (න සොචාමි’ යනාදි) බස් කියයි. තෙපි කවර ශාස්තෘ කෙනකුන්ගේ ධර්මය දැන ස්ථීර කොට මෙබඳු බස් කියව්ද.



317. බමුණ, ඒ සම්මාසම්බුදුහු මිථිලා නගරයෙහි (Mithila City)සියලු දුක් නැසීම පිණිස සත්නට දහම් දෙසනසේක.



318. බමුණ, අර්හත්වූ ඒ බුදුන්ගේ නිදුක් වූ දහම් අසා එහි ප්‍රතිවේධ කළ ආර්ය්‍යධර්ම ඇති මම පුත්‍ර ශෝකය හැරපීමි.



319. මමද මිථිලා නගරයට යන්නෙමි, ඒ භාග්‍යවත්හු මා සියලු දුකින් මුදාලනසේක් නම් ඉතා මැනැවැ’යි බමුණු (කෙලෙසුන් කෙරෙන් හා භවයෙන්) වෙසෙසින් මිදුණු උපධි රහිත වූ බුදුන් දිටි.



320. වට්ටදුක්ඛයාගේ පරතෙරට පැමිණි ඒ මුනීහු ඔහුට මේ දුකයැ, මේ දුක් ඉපදීමයැ මේ දුක් නැසීමයැ මේ දුක් නැසීමට පමුණුවන අරිඅටඟිමඟයැ යන සියුසස් දහම් දෙසූසේක….





1. සුමෙධා ථෙරීගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ථෙරීගාථා පාළි > 16. මහා නිපාතය



447. මන්තාවතී නගරයෙහි (Chittorgarh)කොඤ්ච නම් රජුගේ අගමෙහෙසිය කුස උපන් සුමේධා නම් දියැණිකෙනෙක් වූයැ, ඕ ශාස්තෘශාසනකර වූ (ආර්ය්‍යයන් විසින්) සසුන්හි පහදවන ලද්දී යැ….





16. සාරිපුත්‌තසූත්‍රනිර්දේශය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > මහා නිද්දේස පාළි > සාරිපුත්‌තසූත්‍රනිර්දේශය



න මෙ දිට්ඨො ඉතො පුබ්බෙ - මෙයින් (මේ සංකස්ස නගරයට බැසීමෙන්) පෙර මේ - මා විසින් ඒ බුදුහු මේ ඇසින් මේ අත්බවින් (මෙලෙසින්) නොදුටුවිරූහ. යම් දවසෙක බුදුහු තව්තිසා භවනෙහි පරසතු වෘක්ෂ මුල පඬුඇඹුල් සලයෙහි වස් විසූ සේක් දෙව්ගණයා විසින් පිරිවරන ලද්දාහු මැද මිණිමුවා හිණින් සංකස්ස නගරයට (Sankissa)බටුවාහුද, මේ දර්‍ශනය මීට පෙර නොදුටුවිරූහු නුයි ‘න මෙ දිට්ඨො ඉතො පුබ්බෙ’ යනු වේ….





549. වනවච්ඡ ස්ථවිරාවදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූ අපදාන 2 > 55. භද්‌දිය වර්ගය



6283. දැන් මේ අන්තිම ජාතියෙහි, රම්‍ය වූ කපිලවාස්තු නගරයෙහි (Kapilavastu)වච්ඡගොත්ත නම් බ්‍රාහ්මණයෙක් විය. මම ඔහුගේ භාර්‍ය්‍යාවගේ කුසෙහි පිළිසිඳ ගතිමි….





8.1.2.9. පහාරාද සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > අට්ඨක නිපාතය > 2. මහා වර්ගය



එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වෙරඤ්ජා නගරයෙහි නලෙරු නම් යක්ෂාධිගෘහිත කොහොඹ රුක් මුල්හි වැඩ වසන සේක. එකල්හි පහාරාද නම් අසුරේන්‍ද්‍රයා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය, එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව සිටියේය. එකත්පසෙක සිටි පහාරාද අසුරේන්ද්‍රයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. පහාරාදය, අසුරයෝ මුහුදෙහි සිත් අලවා වෙසෙත් දැයි?





7.1.5.10. නන්‌දමාතා සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > සත්තක නිපාතය > 5. මහායඤ්‌ඤ වර්ගය



එකල්හි නන්‍දමාතා උපාසිකාවෝ රැය ඇවෑමෙන් සිය නිවෙස්නෙහි ප්‍ර‍ණීත ඛාදනීය හා භෝජනීය පිළියෙළ කරවූය. එක්බිති උදෑසන බත නොවැළඳූ සැරියුත්මුගලන්පාමොක් බික්සඟහු වෙළුකණ්ටක නගරයට (Southern Avanti)වැඩියහ….



4.2.1.3. පඨම සංවාස සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > චතුක්ක නිපාතය > (6) 1. පුඤ්‌ඤාභිසන්‌ද වර්ගය



3. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මධුරා (Mathura, India) – වෙරඤ්ජා දෙ පියෙස අතර අදන්මගට පිළිපන් සේක. බොහෝ ගෘහපතීහු ද ගෘහපති භාර්‍ය්‍යාවෝ ද, මධුරා–වෙරඤ්ජා දෙපියෙස අතර අදන්මගට පිළිපන් හ. එක්බිති භාග්‍යවතුන් වහන්සේ මගින් ඉක්ම එක්තරා රුක්මුලෙක වැඩහුන්හ. ඒ ගැහැවියෝ ද ගැහැවි දූහු ද එක්තරා රුක්මුලෙක වැඩහුන් බුදුන් දුටහ. දැක බුදුන් වෙත එළඹිය හ. එළඹ බුදුන් සකසා වැඳ එකත්පස්ව හුන් හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස්ව හුන් ඒ ගැහැවියනුදු ගැහැවි දූනුදු බණවා තෙල වදාළහ.





2.2.8. කකුධ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 2. දේවපුත්‌ත සංයුත්‌තය > 2. අනාථපිණ්ඩික වර්ගය



මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර සමීපයෙහි අඳුන්වන නම් වූ මුවවෙනෙහි වැඩවසන සේක. එකල්හි මනා ඡවිවර්ණ ඇති කකුධ දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු අඳුන්වනය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය….



2.4.4 මධුරා සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 4. රාජ වර්ගය



මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ මධුරා පුර (Mathura, India)ගුන්‍දාවනයෙහි වැඩ වෙසෙති. අවන්තිපුත්‍ර මධුරා පුර වැසි රජ මෙසේ ඇසී: “භවත්නි, ශ්‍රමණ කෘත්‍යායන තෙරණුවෝ මධුරා පුර ගුන්‍දාවනයෙහි (Vrindavan, India)වැඩ වෙසෙති. ඒ භවත් කාත්‍යායන තෙරණුවන් ගේ මෙවන් කල්‍යාණ කීර්තිශබ්දයෙක් උස් වැ නැංගේ යැ: (කාත්‍යායන තෙරණුවෝ) පණ්ඩිතයහ, ව්‍යක්තයහ, නුවණැතියහ, බහුශ්‍රැතයහ, චිත්‍රකථිහ, කලණපිළිබහන් ඇතියහ, වෘද්ධ ද අර්හත් ද වෙති. එබඳු රහතුන් ගේ දර්ශනය මනා මැ නු”යි ඇසී යැ, ඉක්බිති අවන්තිපුත්‍ර, මධුරා පුර වැසි රජ භද්‍ර වූ භද්‍ර වූ යානයන් යොදවා භද්‍රයානයකට නැඟී භද්‍ර වූ භද්‍ර වූ යානයෙන් යුතු වැ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් දක්නට මහත් වූ රාජානුභාවයෙන් යුතු වැ මධුර පුරයෙන් නික්ම ගියේ යැ. යානභුමි තෙක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් මැ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් හා සමග සතුටු වී. සම්මොදයට නිසි කාලාන්තරයෙහි සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අවන්තිපුත්‍ර මධුරා පුර වැසි රජ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන්ට තෙල බස් කී: භවත් කාත්‍යායනයෙනි, බමුණෝ මෙසේ කීහු: “බමුණු මැ ශ්‍රෙෂ්ඨවර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ, බමුණු මැ ශුක්ලවර්‍ණ යැ, තදන්‍ය වූයේ කෘෂ්ණවර්‍ණ යැ, බමුණුහු මැ ශුද්ධ වෙති, නො බමුණුහු ශුද්ධ නො වෙති, බමුණුහු මැ බඹහු ගේ උරදාපුත්හ, මුවින් උපන්හ, (එහින් මැ) බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ”යි. මෙහි ලා භවත් කාත්‍යායනයෝ කුමක් කියති හො’යි? මහරජ, බ්‍රාහ්මණයෝ මැ ශ්‍රෙෂ්ඨවර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ, බ්‍රාහ්මණයෝ මැ ශුක්ලවර්‍ණ යැ, තදන්‍ය වූයේ කෘෂ්ණවර්‍ණ යැ, බ්‍රාහ්මණයෝ මැ ශුද්ධ වෙති, අබ්‍රාහ්මණයෝ ශුද්ධ නො වෙති, බ්‍රාහ්මණයෝ මැ බඹහු ගේ උරදාපුත්හ, මුවින් උපන්හ, (එහින් මැ) බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ” යනු ලෝකයෙහි තෙලෙ ඝොෂමාත්‍රයෙක් මැ යැ. මහරජ, “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රෙෂ්ඨවර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ ... බ්‍රහ්මදායාදයහ.” යන තෙල බස් ලෝකයෙහි යම් පරිදි ව්‍යවහාරමාත්‍රයෙක් මැ වේ ද, තෙල කරුණ මෙ කරුණිනුදු දතයුතු වේ.





7.2.1.8. පචලායන සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > සත්තක නිපාතය > 6. අව්‍යාකත වර්ගය



8. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිර සමීපයෙහිවූ මෘගදාව නම් භේසකලාවනයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් මහමුගලන්තෙරණුවෝ මගධ ජනපදයෙහි කල්ලවාලමුත්ත නම් ගම්හි නිදිබරවැ හුන්නාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම පවත්නා දිවැස්නැණින් මගධ ජනපදයෙහි කල්ලවාලමුත්ත නම් ගම්හි නිදිබරවැ හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරුන් දුටුසේක්මය. දැක බලවත් පුරුෂයෙක් වක්කළ අතක් දික්කරන්නේ හෝ දික්කළ අතක් වක්කරන්නේ යම්සේ නම්, එසෙයින් ම භග්ග ජනපදයෙහි සුංසුමාරගිර සමීපයෙහි වූ භෙසකලාවන නම් මුවවෙනෙහි අතුරුදන්වූසේක් මගධ ජනපදයෙහි කල්ලවාලමුත්ත නම් ගම්හි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් හමුයෙහි පැණීගියසේක. භාග්‍යවතුන් වහන්සේ පැනවු අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට තෙල කරුණ වදාළ සේක:



2.1.4.7.

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > දුක නිපාතය > 4. සමචිත්‌ත වර්ගය



38. එකල්හි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මධුරායෙහිවූ (Mathura, India)ගුන්‍දාවනයෙහි (Vrindavan, India)වැඩ වසන සේක. එකල්හි ක‍ණ්ඩරායණ බමුණු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ වෙත එළඹියේ ය. එලඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ හා සමග ... එකත් පසෙක හුන් ක‍ණ්ඩරායණ බමුණු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේට තෙල සැළ කෙළේය:





6. භේසජ්ජක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 6. භේසජ්‌ජක්‌ඛන්‌ධකය



1. එකල්හි භද්දිය නගරයෙහි මෙණ්ඩක නම් සිටු ගැහැවියෙක් වෙසෙයි. ඒ සිටුහුගේ මෙබඳු සෘද්ධ්‍යනුභාවයෙක් වේ: ඉස් සෝධා නා කොටුගෙය හමදවා ප්‍රාග්ද්වාරයෙහි (අක් දෙරියෙහි – ගෘහය අභිමුඛයෙහි) හිඳියි. අහසින් ධාන්‍යධාරා (රත්හැල් වී කඳු) වැටී කොටුගෙය පුරවයි….





5.5.2.10. මධුරා සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > පඤ්චක නිපාතය > (22) 2. අක්‌කෝසක වර්ගය



[සැවැත්නිදාන යි]



20. මහණෙනි, මධුරා නගරයෙහි (Mathura, India)මේ ආදීනව පසෙක. කවර පසෙක යත්:



විෂම වූයේ ය. බොහෝ රජස් ඇතියේ ය. සැඩ ශුනකයන් ඇතියේ ය. ව්‍යාල යක්ෂයන් ඇතියේ ය. දුර්ලභ පිණ්ඩපාත ඇතියේ ය.



මහණෙනි, මධුරායෙහි මේ පස් ආදීනව යි….







5.5.1.1. කිම්බිල සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > පඤ්චක නිපාතය > (21) 1. කිම්බිල වර්ගය



[සැවැත්නිදානයි]



1. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නගර සමීපයෙහි වූ මිදෙල්ල වෙනෙහි වසන සේක. එකල්හි ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන්වහන්සේ සකසා වැඳ එකත්පසව හුන්හ. එකත්පස හුන් ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ:



වහන්ස, යම් හෙයෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථායි නොවේ නම්, එය‍ට හේතු කවරැ? ප්‍රත්‍යය කවරැ? යී.



කිම්බිලයෙනි, තථාගතයන් පිරිනිවි කල්හි මෙ සස්නෙහි භික්ෂුහු භික්ෂුණීහු ‍උපාසකයෝ උපාසිකාවෝ ශාස්තෲන්වහන්සේ කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය (ආශ්‍රය) නැතියාහු වෙසෙත්. ධර්මය කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය නැතියාහු වෙසෙත්. සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය නැතියාහු වෙසෙත්. ශික්ෂා කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය නැතියාහු වෙසෙත්. ඔවුනොවුන් ‍කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය නැතියාහු වෙසෙත්. කිම්බිලයෙනි, යම් කරුණෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථායි නො වේ නම්, මේ එයට හේතු ය, මේ එයට ප්‍රත්‍යයයි.



වහන්ස, යම් කරුණෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථායී වේ නම්, එයට හේතු කවරැ? එයට ප්‍රත්‍ය කවරැ?යි.



කිම්බිලයෙනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි මෙ සස්නෙහි මහණහු මෙහෙණහු උවසුහු උවැසියෝ ශාස්තෲන් කෙරෙහි ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. ධර්මය කෙරෙහි ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. සඞ්ඝයා කෙරෙහි ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. ශික්ෂායෙහි ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. උනුනට ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. කිම්බිලයෙනි, යම් හෙයෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථායී වේ නම්, මේ එයට හෙතු ය, මේ එයට ප්‍රත්‍යය යි….





5. චම්මක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 5. චම්‌මක්‌ඛන්‌ධකය



100. එකල්හි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර, තෙමේ අවන්ති ජනපදයෙහි කුරරඝර නගරයෙහි ප්‍රපාත පර්‍වතයෙහි වාසය කරයි. එකල්හි කූටිකණ්ණ නම් වූ සොණ උපාසක තෙමේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන්ගේ උපස්ථායකවේ….





4. පටිසාරණීයකර්මය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 1. කම්‌මක්‌ඛන්‌ධකය



3. චිත්ත ගෘහපති තෙමේ ‘ස්ථවිර භික්‍ෂූහු මච්ජිකාසණ්ඩ නගරයට පැමිණියාහු ලැ’ යි ඇසී ය. ඉක්බිති චිත්ත ගෘහපති තෙමේ ස්ථවිර භික්‍ෂූන් කරා එළැඹියේ ය. එළැඹ ඔවුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් චිත්ත ගෘහපතිහට ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ දැහැමි කථායෙන් කරුණු දැක්වුහ….





12. සත්‌තසතිකක්‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 12. සත්‌තසතිකක්‌ඛන්‌ධකය



ඉක්බිති මන්ත්‍රණය කරන ස්ථවිර භික්‍ෂූන්ට මේ අදහස විය: මේ අධිකරණය වනාහි කර්කශද චණ්ඩ ද වෙයි. යමක් හේතු කොට ගෙන අපි මේ අධිකරණයෙහි අතිශයින් බලවත් වන්නෙමුද එබඳු වූ පක්‍ෂයක් අපි කෙසේ නම් ලබන්නෙමු දැ’යි. එසමයෙහි වනාහි බහුශ්‍රැත වූ අවබොධ කළ ආගම ඇති ධර්මධර වූ විනයධරවූ මාතෘකා ස්වරූප අභිධර්මය ධර වූ පණ්ඩිතවූ ව්‍යක්තවූ නුවණැත්තාවූ ලජ්ජීවූ වරදෙහි කුකුස් කරන්නා වූ ශික්‍ෂාකාමී වූ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සෝරෙය්‍ය නගරයෙහි වැඩවෙසෙති. ඉක්බිති ස්ථවිර භික්‍ෂූන්ට මේ අදහස විය: බහුශ්‍රැත වූ අවබොධ කළ ආගම ඇති ධර්මධරවූ විනයධරවූ මාතෘකාස්වරූප අභිධර්මය ධර වූ පණඩිතවූ ව්‍යක්තවූ නුවණැත්තාවූ ලජ්ජීවූ වරදෙහි කුකුස් කරන්නාවූ ශික්‍ෂාකාමී වූ මේ ආයුෂ්ම රෙවත ස්ථවිරයන් වහන්සේ සොරෙය්‍ය නගරයෙහි වැඩවෙසෙති. ඉදින් අපි ආයුෂ්මත්රෙවත ස්ථවිරයන් වහන්සේ (අපට) පක්ෂ කොට ලබන්නෙමු නම් මෙසේ අපි මේ අධිකරණයෙහි අතිශයින් බලවත් වන්නෙමුයි….





1.2.5.3. ඵෙණ පිණ්‌ඩූපම සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > ඛන්ධ වර්ගය > 1. ඛන්ධ සංයුක්තය > 5. පුප්‌ඵ වර්ගය



95. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ අයෝධ්‍යා නගර සමීපයෙහි ගංගා නම් ගංඉවුරෙහි (Ganges River)වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:





4.4.3.10. මහාපදෙසදෙසනා සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > චතුක්ක නිපාතය > (18) 3. සඤ්‌චෙතනිය වර්ගය



30. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ භොග නගරයෙහි ආනන්‍ද චෛත්‍යයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’, යි භික්‍ෂූන් බැණවූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:





5.1.4.3. උග්‌ගහ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > පඤ්චක නිපාතය > 4. සුමනා වර්ගය



33. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භද්දිය නගරයෙහි ජාතියාවන නම් ස්වයඤ්ජාත වනාන්තරයේ වැඩවසන සේක. එකල මෙණ්ඩක සිටුහුගේ මුනුබුරු උග්ගහ සිටු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් මෙණ්ඩක සිටුහු මුනුබුරු උග්ගහ සිටු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:





5.3.5.3. සාරන්‌දද සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > පඤ්චක නිපාතය > (15) 5. තිකණ්‌ඩකී වර්ගය



43. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වේසාලී නගර සමීපයෙහි වූ මහාවනයෙහි කුළාරහල්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ වේසාලියට පිඬු පිණිස වැඩි සේක….





5.3.5.4. තිකණ්‌ඩකී සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > පඤ්චක නිපාතය > (15) 5. තිකණ්‌ඩකී වර්ගය



41. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සාකේත නගරය සමීපයෙහි තිකණ්ඩකී වනයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි මහණුන් ඇමතූ සේක. “වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:





6.1.2.6. නකුලපිතු සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > ඡක්ක නිපාතය > 2. සාරණීය වර්ගය



(6) ගෘහපතියෙනි, “නකුලමාතෘ ගෘහපත්නී මේ ධර්‍ම විනයෙහි අනුප්‍රවෙශයට පැමිණියා, ප්‍රතිෂ්ඨාවට පැමිණියා, ආස්වාදයට පැමිණියා, තරණය කළ විචිකිච්ඡා ඇත්තී, ප්‍රහීණ කළ වෙමතිකභාවය ඇත්තී, සොම්නස් සහගිය නුවණට පැමිණියා, ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය නැත්තී නො වසන්නීය” යන මෙබඳු සිතෙක් තට විය හෙන්නේ ය. ගෘහපතියෙනි, තෙල එසේ නො දැක්කයුතු. ගෘහපතියෙනි, ගිහිගෙයි වසන සුදුවත් හඳනා යම් පමණ සකෘදාගාමී කෙනෙක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්‍ම විනයෙහි අනුප්‍රවෙශයට පැමිණියාහු ප්‍රතිෂ්ඨාවට පැමිණියාහු ආස්වාදයට පැමිණියාහු සෞමනස්‍යඥානයට පැමිණියාහු ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය රහිත වූවාහු වෙසෙත් නම්, මම ඔවුන් අතුරෙහි අන්‍යතරයක්මු. යමක් පිළිබැඳි කාඞ්ක්ෂායෙක් වේවයි විමතියෙක් වේවයි වේ නම්, මේ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ භග්ගජනපදයෙහි සුංසුමාරගිර නගරය අසල භෙසකලාවන නම් මෘගදාවයෙහි වැඩවසනසේක. එ භාග්‍යවතුන් කරා එළඹ පුළුවුස්ව. ගෘහපතියෙනි, එහෙයින් මෙකරුණෙහි ලා මුඹ සාපේක්ෂ ව නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්ෂයාහට කාලක්‍රියාව දුකෙක. භාග්‍යවතුන් වහන්සේ විසිනුදු සාපේක්ෂයාගේ (බලාපොරොත්තු ඇත්තාගේ) කාලක්‍රියාව ගර්හිතය….





ගාථාසඞ්ගණිකය

ත්‍රිපිටකය > විනය පිටකය > පරිවාරපාළි 2 > 5. ගාථාසඞ්ගණිකය



1. සිවුර එකස් කොට පෙරැ වැ ඇඳිලි බැඳ ගෙණ කිසිවක් පතන්නකු සේ තෙපි කුමට මෙහි අවුද?



2. භික්ෂු-භික්ෂුණී උභය විනයයෙහි පණවන ලද යම් සිකපද කෙනෙක් පෙහෙවස් දිනයන්හි උදෙසීමට එත්ද, ඒ සිකපදයෝ කෙතෙක-කෙතෙක් නගරයන්හි පණවන ලදහු වෙත්ද?



3. තොපගේ උන්මාර්ගය (ප්‍රඥාව) අවිද්‍යාන්ධකාරයෙන් ඉල්පී (අවිද්‍යාවෙන් ඉවත්ව ඉහළට ගිය) සිටි බැවින් සුන්දර යැ. නුවණින් විචාරහු, එහෙයින් මම තොපට දක්ෂයකු සෙයින් පවසන්නෙමි.



4. යම් සිකපද කෙනෙක් උභය විනයයෙහි පණවන ලද්දාහු පෙහෙවස් දිනයන්හි උදෙසීමට පැමිණෙත් ද, ඔහු තුන් සිය පණසෙක් වෙති. නගර සතෙකැ පණවන ලද්දාහ.



5. කවර නගර සතෙක දී පණවන ලදහු දැයි ඔබ මට විසඳා පවසනු මැනවි, ඒ වදන් මග අසා පිළිපදිමු. එය අපට හිත පිණිස වන්නේයැ.



6. විසල් පුරයෙහිදීද රජගහ නුවරදීද සැවැත් නුවරදීද අලව් පුරයෙහිදීද කොසඹෑ නුවරදීද (Kaushambi district)ශාක්‍ය දනවුහීද භගු දනවුහීද පණවන ලදහු.



7. විසල් පුරයෙහිදී කෙතෙක් සිකපදයෝ පණවන ලදහුද? රජගහ නුවරදී කෙතෙක් පණවන ලදහුද? සැවැත් නුවර දී පණවන ලද ශික්ෂාවෝ කෙතෙක් වෙද්ද, අළව් පුරයෙහි දී කෙතෙක් පණවන ලදහුද?



8. කොසඹෑ නුවරදී (Kaushambi district)කෙතෙක් පණවන ලදහුද? ශාක්‍ය දනවුහි කෙතෙකැ යි කියනු ලැබෙත්ද? භගු දනවුහි කෙතෙක් පණවන ලදහුද? මා විසින් විචාරණ ලද ඔබ එය මට වදාළ මැනැව.



9. විසල් පුරයෙහිදී සිකපද දසයෙක් පණවන ලදි. රජගහ නුවර දී එක්විස්සෙක් පණවන ලදි. සයකින් අඩු තුන්සියක් හැම ශික්ෂාවෝ සැවැත් නුවර දී පණවන ලදහ.



10. අලව් පුරයෙහි දී සයෙක් පණවන ලදි. කොසඹෑ නුවරදී (Kaushambi district)අටෙක් පණවන ලදි. ශාක්‍ය දනවුහි අටෙකැ යි කියනු ලැබෙයි, භගු දනවුහි තුනෙක් පණවන ලදි.



11. විසල් පුරයෙහිදී යම් සිකපද කෙනෙක් පණවන ලදහුද, ඔවුන් මෙසේ අසව: මෛථුනයැ මනුෂ්‍යවිග්‍රහයැ උත්තරිමනුෂ්‍යධර්මයැ අතිරෙකපාත්‍රයැ ශුද්ධකාළකයැ.



12. භූතාරොචනයැ පරම්පරභොජනයැ දන්තපොනය සමග අචෙළකයැ භික්ෂුණීන් කෙරෙහි ආක්‍රොශය දැයි යන මේ දස සිඛය විසල්පුරදී පණවන ලදි.



13. රජගහ නුවර දී යම් සිකපද කෙනෙක් පණවන ලදහු ද, ඔවුන් අසව, කෙසේයැ යත්: රජගහ නුවරදී අදින්නාදානයැ අනුද්ධංසනා දෙකයැ.



14. සඞ්ඝභෙදකභෙදානුවත්තක දෙකයැ අන්තරවාසකයැ රුපියසංවොහාරයැ සාමං සුත්තයැ උජ්ඣාපනකය සමග භික්ඛුණි පරිපාචිත පිණ්ඩයැ ගණභොජනයැ විකාලභොජනයැ ගාමචාරිත්තයැ නහානයැ ඌනවිසතිවස්සයැ.



15. චීවර දත්වායැ චොසාසනකයැ එහිම ගිරග්ගයැ චාරිකායැ අපක්කමනයැ ඡන්දදානය සමඟ එක් විස්සක්වූ මේ සිකපදයෝ රජගහ නුවරදී පණවන ලදහ.



16. යම් සිකපද කෙනෙක් සැවැත් නුවර දී පණවන ලදහුද, ඔවුන් අසව. කෙසේයැ යත්: මෙහෙණන් පිළිබඳවූ සිවු පරිජිද සොළොස් සඟවෙසෙස්හුද වෙති.



17. අනියත දෙකද නිසගි සූතිසෙක්ද වෙයි, එක් සිය සපණස් පචිතීහුද කියනු ලැබෙත්.



18. දස ගාරයහ පාටිදෙසනීය සිඛද, දෙ සැත්තැ සෙඛියා දැයි සැවැතෙහි දී පණවන ලද සියලු සිකපද සයෙකින් අඩු තුන්සියයෙකි.



19. යම් සිකපද කෙනෙක් අළව්පුර දී පණවන ලදහුද, ඔවුන් අසව. කෙසේයැ යත්: සඤ්ඤාචිතකුටි යැ, කොසියයැ සහසෙය්‍යයැ, පඨවඛණනයැ, භූතගාමයැ, සප්පාණකසිඤ්චන යැයි තෙල සය සිඛයෝ අළව් පුර දී පණවන ලදහ.



20. යම් සිකපද කෙනෙක් කොසඹෑ නුවරදී (Kaushambi district)පණවන ලදහුද, ඔවුන් අසව. කෙසේයැ යත්: මහල්ලකවිහාරයැ, දොවචස්සයැ, අඤ්ඤවාදකයැ, යාවද්වාරකොසයැ, සුරාපානයැ, අනාදරියයැ, සහධම්මිකයැ, සුරුසුරුකාරකයෙන් අටවැනිවූ සිකපදයි.



21. යම් සිකපද කෙනෙක් ශාක්‍ය ජනපදයෙහිදී පණවන ලදහුද, ඔවුන් අසව. කෙසේයැ යත්: එළකලොම ධොවනයැ, ඌනපංචබන්ධනයැ, භික්ඛුනොවාදයැ, භෙසජ්ජ විඤ්ඤපනයැ.



22. සුචිඝරයැ, ආරඤ්ඤකයැ, මෙහෙණන් කෙරෙහිවූ උදකශුද්ධිකය සමඟ ඔවාද යැයි යන තෙල අට සිඛය කිඹුල්වත් නුවරදී පණවන ලදැයි කියනු ලැබේ.



23. යම් සිකපද කෙනෙක් භගුදනවුහි දී පණවන ලදහුද, ඔවුන් අසව. කෙසේයැ යත්: ජොතිසමාදහන යැ. සාමිසය සමග සසිත්ථකසිඛ යැයි යන තුන් සිඛය භගුදනවුහි දී පනවන ලදී.



24. පරිජි සතරෙක්ද සඟවෙසෙස් සතෙක්ද නිසඟි අටෙක්ද පචිති දෙතිසෙක්ද



25. ගාරය්හ දෙකෙක්ද සේඛියා තුණෙක් දැයි සපණස් සිකපද කෙනෙක් සුර්‍ය්‍යබන්ධුවූ බුදුන් විසින් නගර සයෙක දී පණවන ලදහ.



26. මහා කාරුණිකවූ යශස්වීවූ ගෞතම ගෝත්‍ර ඇති බුදුරජුන් විසින් සයකින් අඩු සෙසු සියලු තෙසිය සිකපදයෝ සැවැතෙහි දී පණවන ලදහුයි....





4. සෝණදණ්ඩ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > සීලස්කන්ධ වර්ගය > 4. සෝණදණ්ඩ සූත්‍රය



11. ඉක්බිති සොණදණ්ඩ බමුණා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය. එළැඹ, භාග්‍යචතුත් වහන්සේ හා පිළිසඳර කතා කෙළේය. සිතැ රැඳවිය යුතුවූ පිළිසඳර කතා අවසන් කොට පසෙක ඉඳගත්තේය. චම්පානගරවාසී බමුණෝත් ගැහැවියෝත් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ පසෙක ඉඳගත්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා පිළිසඳර කතා කළහ. සිතැ රැඳවියැ යුතු පිළිසඳර කොට නිමවා පසෙක හිඳගත්හ. කෙනෙක් භාග්‍යවතුත් වහන්සේ දෙසට ඇඳිලි නමා වැඳ පසෙක ඉඳගත්හ. කෙනෙක් නම් ගොත් අස්වා පසෙක ඉඳගත්හ. කෙනෙක් නිහඬ වැ පසෙක ඉඳගත්හ….





1.4.1 චූළගෝසිඞ්ග සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මූල පන්නාසකය > 4. මහා යමක වර්ගය



1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ නාදික ගම්මානයේ ගෙඩිගෙහි වැඩ වසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝද ආයුෂ්මත් නන්දිය තෙරණුවෝද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝද ගොසිඞ්ග සල් ගස් වනාන්තරයේ වාසය කරත්. එකල භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි අර්හත්ඵල සමාපත්තියෙන් නැගී ගොසිඞ්ග සල් වනලැහැබ කරා වැඩිසේක….





2.1.1 කන්දරක සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 1. ගහපති වර්ගය



ස්වාමීනි, වහන්ස, ආශ්චර්‍ය්‍යයැ, වහන්ස අද්භූතයැ. වහන්ස, මෙසේ මිනිසුන්ගේ අධ්‍යාශයගහනය මෙසේ මිනිසුන්ගේ කෙලෙස් කසට ඇතිබව මෙසේ මිනිසුන්ගේ ශඨබව පවත්නා කල්හි භාග්‍යවතුන් වහන්සේ යම් පමණෙකින් සත්ත්වයන්ගේ හිතාහිත පිළිවෙත් දන්නාසේක්ද එහෙයිනි. වහන්ස, යම් මිනිස් කෙනෙක් ඇද්ද, තෙල ගහන මුවහ (වැසී ඇත) මැය. වහන්ස, යම් සිවුපා කෙනෙක් ඇද්ද, තෙල නොමුවහ (විවෘත) මැය. එසේමැය; වහන්ස, මම ද‍ම්‍ය වූ ඇතකු මෙහෙයන්නට පොහොසත්මි, යම් ඇසිල්ලෙකින් චම්පා නගරද්වාරයට ගමනාගමනය කරන්නේ ද, ඒ ඇසිල්ලෙහි ඒ හැම ශඨබව කුළුබව වක්බව ඇදබව පහළකරන්නේ ය. වහන්ස, එතෙකුදුවතඅපගේ දාසයෝ වේවයි ප්‍රෙෂ්‍යයෝ වේවයි කම්කරුවෝ වේවයි ඔහු කයින් අන්පරිදි ක්‍රියාකෙරෙති, බසින් අන්පරිදි බෙණෙති. ඔවුන්ගේ සිත වූකලි අන්පරිදි වේ. වහන්ස, ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස අද්භූත යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙසේ මිනිසුන්ගේ අධ්‍යාශයගහනය මෙසේ මිනිසුන්ගේ කෙලෙස් කසට ඇතිබව මෙසේ මිනිසුන්ගේ ශඨබව පවත්නා කල්හි සත්ත්වයන්ට හිතාහිත ප්‍රතිපත් දන්නාසේක් ද එහෙයිනි. වහන්ස, යම් මිනිස් කෙනෙක් ඇද්ද, තෙල (අදහස් විසින්) පිළිසන් (වැසී ඇත) මැය. වහන්ස, යම් සියුපා කෙනෙක් ඇද්ද තෙල නොපිළිසන් (වැසී නැත) මැයි….





2.1.2 අට්ඨකනාගර සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 1. ගහපති වර්ගය



ඉක්බිති අට්ඨක නගර වැසි දශම ගෘහපති පැළලුප් නුවරවූද විසාලා නුවරවූද භික්‍ෂු සඞ්ඝයා රැස්කරවා ප්‍රණීත ඛාද්‍යභොජ්‍යයෙන් සියතින් සන්තර්පණ සම්ප්‍රවාරණ කැරැවී. යළි එකෙකි භික්‍ෂුවට එකෙකි වස්ත්‍ර යුග්මයක් දුන්නේය. ආයුෂ්මත් ආනන්ද තෙරණුවනට තුන්සිවුරු දුන්නේය. තවද ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට පඤ්චසතික විහාරයක් කැරැවී යයි….





3.5.8 නගරවින්‌දෙය්‍ය සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > උපරි පන්නාසකය > 5. සළායතන වර්ගය



මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහාභික්ෂු සංඝයා සමග කොසොල් ජනපදයෙහි චාරිකා කරන සේක් කොසොල් රට (Kingdom of Kosala)නගරවින්ද නම් බමුණුගමට වැඩිසේක. නගරවින්දයෙහි වැසි බමුණු ගැහැවියෝ මේ ඇසූහ: ‘ශාක්‍ය පුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් නික්මැ පැවිදි වූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මහාභික්ෂු සංඝයා සමග කොසොල් ජනපදයෙහි චාරිකා කරන සේක් නගරවින්දයට පැමිණි සේක’….





8. චීවරක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 8. චීවරක්‌ඛන්‌ධකය



1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වූ වෙළුවනවාරාමයෙහි වැඩ වාසය කරණ සේක. ඒ කාලයෙහි වේසාලි නගරය සමෘද්ධ වූයේද සැපතින් පිරී ගියේද වේ. බොහෝ ජනයන් ඇත්තේ මිනිසුන්ගෙන් ගැවසී ගත්තේ සුව සේ ලැබිය හැකි භික්‍ෂා ඇත්තේද වේ. සත්දහස්සත්සිය සතක් ප්‍රාසාදයෝ ද වෙත්. සත්දහස්සත්සියසතක් කුළුගෙවල් ද වෙත්. සත්දහස්සත්සිය සතක් ආරාම ද වෙත්. සත්දහස්සත්සියසතක් පොකුණු ද වෙත්. අම්බපාලි ගණිකාවද මනා රූ ඇත්තී දැකුම්කලුය. ප්‍රසාදජනක වූවා උතුම් වූ වර්ණසෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත වූවා වේ. නැටීමෙහි ද ගී කීමෙහි ද වැයීමෙහි ද සමත් වූවා වේ. ප්‍රයොජන ඇති ඇති මිනිසුන් විසින් වෙත යන ලද්දි ය. රැයකට කහවණු පණසක් ගෙණ යෙයි. ඇය කරණ කොට වේසාලිය බොහෝ සෙයින් හොබියි….





10.1.12. ආළවක සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 10. යක්‌ඛ සංයුත්‌තය > 1. ඉන්‌දක වර්ගය



246. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ අළව්නුවර සමීපයෙහි ආළවක යක්ෂයාගේ භවනයෙහි වැඩවසන සේක. එකල්හි ආළවක යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. මහණ, නික්මෙවයි. ඇවැත්නි මැනවැයි භාග්‍යවතුන් වහන්සේ නික්මුනු සේක….





2. උපෝසථක්‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 2. උපෝසථක්‌ඛන්‌ධකය



1. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කැමැති තාක් වැඩ වාසය කොට චෝදනාවත්‍ථු නගරය බලා වැඩි සේක. පිළිවෙළින් චාරිකා කරණ සේක් චෝදනාවත්‍ථු නගරයට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ චෝදනාවත්‍ථු නගරයෙහි වැඩ වාසය කරත්. එකල්හි එහි එක්තරා ආවාසයෙක බොහෝ භික්‍ෂූහු වාසය කරති. එහි වැසි ස්ථවිර භික්‍ෂූ තෙමේ අඥය. අව්‍යක්තය. ඔවුන් උපෝසථය හෝ උපෝසථකර්‍මය හෝ පාතිමොක්ඛය හෝ පාතිමොක්ඛුද්දෙසය හෝ නොදනියි….





4.5. කඤ්‌ජිකදායිකා විමානය(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > විමාන වස්තු > 4. මඤ්‌ජිට්‌ඨක වර්ගය



720. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටිනෙහි.



721. කවර හේතුවකින් තීට එබඳු සිරුරු පැහැයෙක් වීද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත්ද, ඒ සම්පත්තීහු කවර පිනෙකින් තිට පහළවෙත් ද?



722. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහිද? තීගේ මේ සිරුරු පැහැයද සියලු දිගුන් බබුළුවයි, කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහිද?



723. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ ප්‍රතිඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි මෙසේ පැවසූ ය.



724. මම අන්ධකවින්දයේදී සූර්‍ය්‍යබන්ධු වූ බුදුරජුන්ට තෙලින් දුහුන් කරනලද කොලසම්පාක නම් බෙහෙත් කැඳක් දුනිමි.



725. තිප්පිලි සුදුලූනු සුවඳ හොටින් මිශ්‍ර වූ බෙහෙත් කැඳක් ඍජු වූ බුදුරජුන් වෙත වෙසෙසින් පහන් සිතින් දුනිමි.



726. සියලු අඟපසඟින් හොබනාවූ සැමියාහට නොලමු දැකුම් ඇති යම් ස්ත්‍රියක් තොමෝ සක්විති රජකුට අගමෙහෙසි බව කරන්නීද? එය මේ හඹුදනෙහි සොළොස්වන කලාවෙන් කලාවටත් නො අගී.



727. සියක් දහසක් රන් නිකද සියක් දහසක් අස්සුද සියක් දහසක් අස් වෙළෙඹුන් යෙදු රියද පැළැඳි මිණි කොඬොල් ඇති සියක් දහසක් කන්‍යාවෝද මේ කැඳ දුන් ඵලයෙහි සොළොස්වැනි කලාවෙන් කලාවකුදු නොඅගිත්.



728. ශ්‍රේෂ්ඨ වූ රියහිස් වැනි දළ ඇති ථාමජව පරාක්‍රමයෙන් වැඩෙන රුවන් මුවා ගෙල බරණින් සැරසූ රන්එබූ ඇත් අබරණින් හොබනා සියයක් හෙමවත ඇත්හු මේ කැඳදුන් ඵලයෙහි සොළොස්වැනි කලාවෙන් කලාවකුදු නොඅගිත්.



729. මෙලොව යමෙක් සිවුමහදිවයිනට අධිපති සක්විතිරජබව කෙරේද, එය මේ කැඳ දුන් ඵලයෙහි සොළොස්වැනි කලාවෙන් කලාවකුදු නොඅගී….





2.1.4.5. සමචිත්තපරියාය සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > දුක නිපාතය > 4. සමචිත්‌ත වර්ගය



එකල්හී භාග්‍යවතුන් වහන්සේ බලවත් පුරුෂයෙක් වක් කළ අතක් දික් කරන තරම් වේලාවකදී දිගු කළ අතක් වක් කරන තරම් වේලාවකදී, ජේතවනයෙහි අතුරුදහන් වූසේක් පූර්‍වාරාම නම් මිගාරමාතු ප්‍රාසාදයේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ඉදිරියෙන් පෙනී ගිය (පහළ විය) සේක…. 





7.2.5. ඔකලිනී සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 7. ලක්ඛණ සංයුක්තය > 2. දෙවනි වර්ගය



376. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ ගින්නෙන් පැසුනු සිරුර ඇති ඩහ වැගිරෙණ ගිනි අඟුරින් හාත්පස ගැවසුනු ස්ත්‍රියක දිටිමි. ඕතෝමෝ බැගෑහඬ කෙරෙයි … (ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ...) මහණෙනි, මේ ස්ත්‍රී තොමෝ කලිඟු රජුගේ අගමෙහෙසිය වූවා ය. ඕ තොමෝ ඊර්ෂ්‍යායෙන් මඬනා ලද්දී සැතිරිය (සැමියාගේ අන් බිරිය) මත අඟුරුකබලක් හළාලීය ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳි යි වදාළ සේක….





8.1.11. ගග්‌ගරා සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 8. වඞ්‌ගීස සංයුත්‌තය > 1. වඞ්‌ගීස වර්ගය



219. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පා නගරය සමීපයෙහි ගග්ගරා පොකුණුතෙර පන්සියක් පමණ වූ බික්සඟනද සත්සියක් උපාසකයින්ද නොයෙක් දහස්ගණන් දෙවියන්ද සමග වැඩවසන සේක….





10.1.5. සානු සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 10. යක්‌ඛ සංයුත්‌තය > 1. ඉන්‌දක වර්ගය



239. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි එක්තරා උවැසියකගේ සානු නම් පුතෙක් යකකු විසින් ගන්නා ලද්දේ වෙයි. ඉක්බිති ඒ උවැසිය හඬන්නී ඒ වේලාවේ මේ ගාථා කිවුය:



තුදුවක්හි ද පසළොස්වක්හිද අඩමසක් පිළිබඳ වූ යම් අටවකෙකුදු වේ නම් එවක්හිද ප්‍රාතිහාර්යය පක්ෂයෙහිද යම් කෙනෙක් අෂ්ටාඞ්ගයෙන් සමන්වාගත වූ පෙහෙවස් වෙසෙද්ද, බඹසර හැසිරෙද්ද,



යක්ෂයෝ ඔවුන් හා නොකෙළිති යන රහතුන්ගේ බස මා විසින් අසන ලදී. ඒ මම දන් දකිමි. සානු සමග යක්ෂයෝ කෙළිත්.



[යක්ෂයා:]



තුදුස්වක්හි ද පසළොස්වක්හි ද අඩමසක් පිළිබඳ යම් අටවකෙක් වේ නම් එදින ද ප්‍රාතිහාර්ය්‍ය පක්ෂයෙහි ද, යම් කෙනෙක් අෂ්ටාඞ්ගයෙන් සමන්වාගත වූ පෙහෙවස් වෙසෙද්ද බඹසර හැසිරෙද්ද,



ඔවුන් හා යක්ෂයෝ නොකෙළිති යන රහතුන්ගේ වදන තී විසින් අසන ලදී. මැනවි.



හමුවෙහි හෝ ඉදින් රහසෙහි හෝ පව්කම් නොකරව. යම් පව්කමක් කරන්නෙහි ද, (යම් පව් කමකුත්) කරවයිද , අහසට පැන නැඟී පලායන්නා වූද, තට ඒ දුකින් මිදීමෙක් නැත. මේ යක්ෂයින්ගේ වචන යැයි පිබිදියාවූ සානුහට කියව….





12. සත්‌තසතිකක්‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 12. සත්‌තසතිකක්‌ඛන්‌ධකය



ඉක්බිති විශාලාවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු “ඇවැත්නි, මේ යස කාකණ්ඩකපුත්‍ර තෙම අප විසින් සම්මත නොකරන ලද්දේ ගිහියන්ට එම භික්‍ෂූන්ගේ දොස් ප්‍රකාශ කෙළේ ය. එහෙයින් අපි මොහුට උක්ඛෙපනීය කර්මය කරම්හ”යි කියා ඔව්හු උන්වහන්සේට උක්ඛෙපනීය කර්මය කරනු කැමැති ව රැස්වූහ. ඉක්බිති ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අහසට නැගී කොසඹෑ නුවරෙහි (Kaushambi district)පහළ වූයේක. ඉක්බිති ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පාවා නුවරවාසී වූද, අවන්ති දක්ෂිණාපථ වාසී වූද, භික්‍ෂූන් සමීපයට දූතයකු යැවූහ. “අධර්මය බැබළීමටද ධර්මය බැහැර කරනු ලැබීමටද අවිනය බැබළීමටද විනය බැහැර කරනු ලැබීමටද පෙර අධර්මවාදීන් බලවත් වීමටද ධර්මවාදීන් දුබලවීමටද, අවිනයවාදීන් බලවත්වීමටද විනයවාදීන් දුබලවීමටද පෙර ආයුෂ්මත්හු පැමිණෙත්වා, මේ අධිකරණය ඉදිරියට ගන්නෙමු” කියායි. එසමයෙහි සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේ අහොගඞ්ග පර්වතයෙහි වෙසෙනසේක. ඉක්බිති ආයුෂ්මත් යස කාකණඩකපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අහොගඞ්ග පර්වතය යම් තැනෙක ද සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹිසේක. එළඹ සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්සේක. එකත්පසෙක හුන් ආයුෂ්මත් යසකාකණ්ඩක පුත්‍ර ස්ථවිරයන් වහන්සේ සාණවාසී ආයුෂ්මත් සම්භූත ස්ථවිරයන් වහන්සේට මෙය කීහ….





(276) 6. කුරුධම්ම ජාතකය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ජාතක පාළි 1 > 3. තික නිපාතය > 3. ආරණ්‍ය වර්ගය



433. මහරජාණෙනි, නුඹ වහන්සේගේ ශ්‍රද්ධාව ද ශීලය ද දැන අඳුන්වන් වූ මඟුලැතු කරණ කොටගෙන කලිඟු රජු සමීපයෙහි ඇතු ගෙන එම්හයි ස්වර්ණරජතාදිය විනිමය වශයෙන් ගතුම්හ….





5.3.2.4. අන්‌ධකවින්‌ද සූත්‍රය 

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > පඤ්චක නිපාතය > (12) 2. අන්‌ධකවින්‌ද වර්ගය



14. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධරට අන්ධකවින්දයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක….





3 - 1 පබ්‌බජ්‌ජා සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > සුත්ත නිපාතය > 3. මහා වර්ගය



407. ඒ පසැස් ඇති සම්බුදුරජානන් වහන්සේ ගෘහවාසයෙහි ආදිනව හා ප්‍රව්‍රජ්‍යායෙහි අනුසස් විමසන සේක් යම්පරිදි පැවිද්දක් කැමතිවූ සේක් නම් යම් පරිද්දෙකින් පැවිදිවූසේක් නම් ඒ ප්‍රව්‍රජ්‍යාව කීර්තනය කරන්නෙමි.



408. ‘මෙ ගෘහවාසය කුශල ක්‍රියාවට සම්බාධයැ. රාගාදි ක්ලෙශයනට උත්පත්ති දේශයෙකැ’ යි ද ප්‍රව්‍රජ්‍යාව අභ්‍යාවකාශය’යි ද මෙසෙයින් දැන පැවිදි වූහ.



409. පැවිද්ද ගෙණ කයින් ත්‍රිවිධ දුෂ්චරිත දුරැලූහ. චතුර්විධ වාග්දුශ්චරිතය හැරැපියා ආජීවපාරිශුද්ධිය පැවැත් වූහ.



410. බුදුහු මගධයන්ගේ ගිරිව්‍රජ නම්වූ රාජගෘහ නගරයට වැඩියහ. ආකීර්ණ වූ උත්තම මහාපුරුෂ ලක්ෂණයෙන් සමන්වාගත වූසේක් පිඬුවා සඳහා සැරිසැරූහ.



411. බිම්බිසාර රජ මාලිගයේ උඩුමහලේ සිටියේ උන්වහන්සේ දිටී. මහපුරිස් ලකුණින් සමන්වාගත ඔවුන් දැක මෙ අරුත් බිණීය.



412. භවත්නි, මෙ පුඟුල් බලවූ හේ දැකුම් කලු අඟ පසඟ ඇති හෙයින් අභිරූප වූයේ ආරොහපරිණාහ සම්පන්න වූයේ පිවිතුරු සිවිපැහැ ඇතියේයැ. චරණයෙනුදු යුතු වූයේ යුගමාත්‍රයක් මැ බලනු වෙයි.



413. යටැ හෙලු ඇස් ඇතියේ ස්මෘතිමත් මෙතෙම නීචකුලෙන් නික්මැ පැවිද්දකු බඳු නොවේ. රාජදූතයෝ වහාම යෙත්වා, මහණ කොහි යේද?



414. අණවනලද ඒ රාජදුතයෝ ‘මහණ කොහියේද? කොහි උහුගේ වාසය වන්නේදැ’යි පිටුපසින් ලුහුබැඳියහ.



415. පියූ දොර ඇතියේ (ඉන්ද්‍රියසංවරයෙන් මොනොවට සංවෘත වූයේ) ගෙපිළිවෙළ නොකඩ කොටැ සැරිසරමින් මනා නුවණැතියේ එළඹ සිටි සිහි ඇතියේ ඒ මුනිවරයා වහා පාත්‍රය පිරැවියැ.



416. ඒ මුනි පිණ්ඩවාරය කොට නුවරින් නික්මැ ‘මෙහි වාසය වන්නේ’ යි පාණ්ඩව පර්වතය කරා ගියේයැ.



417.එක්බිති වාසොපගත වුවහු දැකැ රාජදූතයෝ වෙතැ පැමිණියහ. එක්දූතයෙක් පැමිණ රජුට දැන්වීයැ.



418. මහරජාණෙනි, තෙල මහණ පාණ්ඩව පර්වතයාගේ පැදුන්දික්හි ගිරිගුහායෙහි ව්‍යාඝ්‍රයෙකු හා වෘෂභරාජයෙකු හා සිංහරාජයෙකු හා බදුව හින.



419. රාජදූතයන් ගේ බස් අසා රජතෙමේ රාජ යානයෙන් අනලස් සැහැවී ඇතියේ පාණ්ඩව පර්වතය කරා නික්මැ ගියේ යැ.



420. ඒ රජතෙමේ යානභූමිය (රථයෙන් යා හැකි ප්‍රදේශය) තාක් ගොස් යානයෙන් බැසැ පියගමන් ඇතියේ එළැඹැ ඒ තවුසන් වෙතැ එළැඹැ හින.



421. එක්බිති රජ ඔහු හා සතුටු වියැ. හේ සිහි කළමනා කථාකොට නිමවා මේ පවත් කීයැ.



422. නවයොවුනෙහි උපතින් තුරුණුයෙහි පළමු උපතින් ලදරුයෙහි වර්ණයෙන් හා ආරොහසම්පත්තියෙන් සපන්හී ක්ෂත්‍රිය ජාතිඇතියකු බන්දෙහි.



423. කැමති තාක් භෝග දෙමි. බලකාය හොබවමින් ඇත්සෙනඟින් පිරිවරණලදුයේ භෝග සුඛ වලඳව. මා විසින් විචාරණ ලදුයෙහි ජාතිය ද කියව”යි.



424. මහරජ, හිමාලය පර්වතය ඉදිරියේ ධනයෙන් හා විර්‍ය්‍යයෙන් සපන්වූ කෝසල ජනපදයෙහි (Kingdom of Kosala) ආදිකාලයෙහි සිටැ අන්වයාගත (වෙනත්) මහරජහුගේ ජනපදයෙක් වෙයි.



425. ඔහු ගෝත්‍ර විසින් ආදිත්‍ය නම්ද ජාතියෙන් ශාක්‍ය නම්ද වෙති. මහරජ, මම ඒ කුලෙන් (පවුලෙන්) පැවිදි වුයෙම් කාමයන් පතනුයෙම් නොවෙමි.



426. වස්තුකාම ක්ලෙශකාමයන්හි ආදීනව දැකැ පැවිද්ද ක්ෂේම විසින් දැකැ ප්‍රධන් වීර්යය (විමුක්තිය) සඳහා යන්නෙමි. මේ ප්‍රධන් වීර්යයෙහි (විමුක්තිය සඳහා අතිශය උත්සාහය) මාගේ සිත රැඳුනේ යි….





5. ජනවසභ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > මහා වර්ගය > 5. ජනවසභ සූත්‍රය



1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ ඥාතිකා ගමැ ගෙඩිගෙහි වැඩ වසන සේක. එ සෙමෙහි භාග්‍යවතුන් වහන්සේ කාසි කෝසල (Kingdom of Kosala)වජ්ජි මල්ල චේති වංස කුරු පඤ්චාල මච්ඡ සූරසේන යන වටා වටා දනවුහි ඉකුත් කලැ වුසූ කලුරිය කළ උවසුවන් ඇරැබැ ‘අසෝ තැනැත්තේ අසෝ තැනැ උපන, අසෝ තැනැත්තේ අසෝ තැනැ උපනැ’ යි ඔවුන්ගේ උපපත්ති විෂයයෙහි කරුණු හෙළි කැරැ වදාරන සේක….





2.4.6 අඞ්ගුලිමාල සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 4. රාජ වර්ගය



එසඳ පසේනදි කොසොල් රජ පන්සියක් අශ්වයින් සදාගෙන සැවැත් නුවරින් නික්මියේ යැ. මධ්‍යාහ්නයේ දවාලෙහි දෙව්රම කරා ගියේ. යානයෙන් යාහැකි භූමිය තාක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් මැ බුදුන් කරා එළැඹියේ යැ. එළැඹ බුදුන් වැඳ එකත්පසෙක හින. එකත්පස් වැ හුන් පසේනදි කොසොල්රජහට බුදුහු තෙල කරුණ වදාළහ: “කිමෙක් ද මහරජ, තොපට මගධේශ්වර වූ සේනා බල ඇති බිම්සර මහරජ කිපියේ ද? විසල්පුර ලිච්ඡවීහු හෝ කිපියාහු ද? තදන්‍ය වූ හෝ විරුදු රජ කෙනෙක් හෝ කිපියාහු දැ?”යි. වහන්ස, මට මගධේශ්වර වූ සේනිය බිම්බිසාර මහරජ කිපියේ නො වෙයි, විසල්පුර ලිච්ඡවීහු ද නො ද කිපියාහු යැ. තදන්‍ය විරුදු රජ කෙනෙක් නො ද කිපියහ. වහන්ස, මාගේ විජිතයෙහි අඟුල්මල් නම් සොරෙක, දරුණු යැ, ලෙහෙමුසු අත් ඇත්තේ යැ, පැහැරීම් මැරීම් දෙක්හි බැසගත්තේ යැ, සතුන් කෙරෙහි කරුණා නැතියේ යි. උහු විසින් ගමුදු නොගම් කරන ලද. නියම්ගමුදු නො නියම්ගම් කරනලද. දනවුදු නො දනවු කරන ලද. හේ මිනිසුන් මර මරා ඇඟිලි විද මාලා කොට ධරයි. වහන්ස, මම් උහු වළකාලමි”යි….





1.7.4. විමලකොණ්ඩඤ්ඤ ස්ථවිරගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ථෙරගාථා පාළි > 1. ඒකක නිපාතය > සප්තම වර්ගය



64. හෙළ කෙහෙලි ඇතියහු, බිම්සර රජුහු නිසා අම්බපාලිය කෙරෙහි උපන්නේ මාන ධ්වජය නැසුනේ ප්‍රඥා කේතුවෙන් මැ කෙලෙස් මරහු අභිභවනය කෙළේයි....





1. 3. 4. අට්‌ඨිපුඤ්‌ජ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ඉතිවුත්‌තකපාළි > 1. ඒකක නිපාතය > තතිය වර්ගය



2-3. “මගධ රට ගිරිබ්බජ නම් වූ රජගහ නුවර සමීපයෙහි වූ ගිජුකුළු පව්වට උතුරින් පිහිටි ඒ මේ වේපුල්ල පර්‍වතය (රජගහ නුවර පිරිවරා සිටි කඳු පහ අතරින්) මහත් යැයි කියනු ලැබේ….





4.6. විහාර විමානය(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > විමාන වස්තු > 4. මඤ්‌ජිට්‌ඨක වර්ගය



730. එම්බා දෙව්දුව, යම්බඳුවූ තෝ මනා රුසිරෙන් සියලූ දස දිගුන් බබුළුවන්නී දවහත් තරුවසේ සිටිනෙහි.



731. නටන්නාවූ ඒ තිගේ අඟපසඟින් කන්කලු වූ මනරම් දිව්‍ය ශබ්දයෝ සර්වප්‍රකාරයෙන් නික්මෙති.



732. නටන්නා වූ ඒ තිගේ අඟ පසඟින් පිරිසිඳු සුවඳැති මනරම් වූ දිවසුවඳ සර්වප්‍රකාරයෙන් හමයි.



733. තීගේ ශරීරය සැලෙන කල්හි කෙස් වෙණියෙහි යම් පළඳනාවෝ වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරනද සේ ඇසේ.



734. මඳ සුළඟින් සැලෙන සුළඟින් වෙසෙසින් සැලෙන මුදුන් මල්කඩහු වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරුනද සේ ඇසේ.



735. තිගේ හිසෙහි පිවිතුරු සුවඳැති මනරම් වූ යම් මල්දමෙක් වේද, එහි සුවඳ සුපිපි මඤ්ජුසක වෳක්ෂය සේ සියලු දිගුන් පැතිරැ හමයි.



736. ඒ පිවිතුරු සුවඳ අඝ්‍රාණය කෙරෙහි, ඒ දිව්‍යමයවූ රූපය දකිහි. එම්බා දෙව්දුව, මා විසින් විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්මයක්හුගේ දැයි කියව.



737. වහන්ස, මාගේ යෙහෙළියක වූ විසාඛා තොමෝ සැවැත්නුවරැ සඞ්ඝයා උදෙසා මහවෙහෙරක් කරවූ ය. එහි පහන් වූ මම ඒ මහත් වූ ප්‍රාසාදයද මට ප්‍රිය වූ බුද්ධප්‍රමුඛ සඞ්ඝයා උදෙසා කළ එබඳු මාහාධනපරිත්‍යාගය ද දැක පින් අනුමෝදන් වීමි.



738. ඒ මාගේ පිරිසිදු අනුමෝදනායෙන් දැකුම්කලු අසිරිමත් මේ විමන ලබන ලදී. මාගේ පුණ්‍යර්ධියෙන් ඒ විමන අහසෙහි හාත්පස සොළොස් යොදුන් තැන් පැතිරැ පවතී.



739. කොටස් විසින් බෙදූ ප්‍රමාණවත් කරන ලද කුළුගෙවල් ඇති බබළන මාගේ නිවෙස්හු හාත්පස සියක් යොදුන් තැන් බබළත්.



740. මෙහි මට දිවමසුන් විසින් සෙවුනා නො කැළඹුණු පිරිසිදු දිය ඇති රන්වන් වැලි ඇතුරූ පොකුණු ද වෙති.



741. නොයෙක් පියුමෙන් වැසුණු හෙල පියුමෙන් හාත්පස පැතුරුණු මනරම් වූ පවනින් කම්පිතවූ පිරිසිඳු සුවඳ හමයි.



742. දඹ කොස් තල් පොල් වනයෝ ද රොපණය නොකළාවූ ම නොයෙක් වෘක්‍ෂයෝද නිවෙස් තුළ හටගත්තාහ.



743. තන්තුරු රැවින් හඬ නැගුණු දෙවඟනන් විසින් ඝෝෂිත වූ මා යමෙක් සිහිනෙන් දකින්නේද, ඒ මිනිස් තෙමේ ද ප්‍රීත වන්නේය.



744. මෙබඳු අසිරිමත් දැකුම්කලු වූ සියලු ලෙසින් පැහැපත් වූ විමානය මාගේ කුශලකර්මයෙන් උපන්නේය. එහෙයින් පින් කිරීම සුදුසුය.



745. තිගේ ඒ පිරිසිඳු අනුමෝදනාවෙන් ලත් විමන අසිරිමත් ය. දැකුම්කලු ය. යම් ඒ ස්ත්‍රියක් තොමෝ දැන් දුන්නීද, ඕ තොමෝ කොහි උපන්නී දැයි ඇගේ ගතිය කියව.



746. වහන්ස, ඒ මාගේ යම් යෙහෙළියක් තොමෝ සඞ්ඝයා උදෙසා මහවෙහෙරක් කරවූ ද, පිළිවිදි සිව්සස් දහම් ඇත්තී දැන් දුන්නීද, ඕ තොමෝ නිර්‍මාණරතී නම් දෙවියන් අතර උපන්නීය.



747. ඕතොමෝ ඒ සුනිම්මිත දිව්‍ය රජ්ජුරුවන්ගේ බිරිඳ වුවාය. අැයගේ කර්මවිපාකය නො සිතිය හැකිය. (සිතා ගැනීමටවත් නොහැක) ඕතොමෝ කොහි උපන්නී දැ යි මේ යමක් විචාරහි ද, එය ඔබට මම ඇති සැටියෙන් පැවැසීමි.



748. ඒ කරුණෙන් සෙස්සන් ද කුසල් දහම්හි සමාදන් කරවු: සතුටු වූවාහු සඞ්ඝයා දන්දෙවු. පැහැදුණු සිතැත්තෝ දහම් ද අසවු. අතිශයින් දුර්ලභ වූ මනුෂ්‍යත්වය ලද්දේ ද එහෙයිනි.



749. බ්‍රහමස්වර ඇති රන්වන්සිවි ඇති බුදුරජාණන් වහන්සේ යම් සුගතිගාමී මාර්ගයක් ශ්‍රෙෂ්ඨ යයි වදාළසේක් ද, යමකු විෂයෙහි දක්ෂිණා තොමෝ මහත්ඵල වන්නී ද තෙපි සතුටු වූවාහු ඒ සඟනට දන් දෙවු.



750. බුද්ධාදී සත්පුරුෂයන් විසින් පසස්නාලද යම් ආය්‍යර්‍ පුද්ගලයෝ වෙත් ද, ඔහු අටදෙනෙකි. තෙල යුගයෝ සතර දෙනෙකි. බුදුරදුන්ගේ ශ්‍රාවක වූ ඒ ආය්‍යර්‍ පුද්ගලයෝ දක්ෂිණාවට නිසස්හ. මුන්වහන්සේ කෙරෙහි දෙනලද දානයෝ මහත්ඵල වෙත්.



751. මාර්ගස්ථයෝ සිවුදෙනෙක, ඵලස්ථයෝ සිවු දෙනෙක, මේ සඞ්ඝ තෙමේ ඍජු වූයේ යැ. ආය්‍යර්‍ වූ ප්‍රඥා ශීල සමාධි ඇත්තේ යැ .



752. යම් සඟරුවනක් කෙරෙහි දුන් දෙය පින්පල කැමති ව දැන් දෙන්නා වූ මිනිසුන්ට මහත්ඵල වේ ද, එබඳු ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති විපාක දෙන පින් කෙරේවා.



753. මේ සඞ්ඝ තෙමේ ගුණයෙන් මහත්බවට ගියේ ය. (ඵලවිපුලත්වයට හෙතුභාවයෙන්) විපුල වුයේ ය. මේ සඞ්ඝ තෙමේ උදධි නම් සාගරය සේ ගුණයෙන් පමණ නොකටහැක්කේ ය. ලොවට නැණලු කරන්නා වූ තෙල ශ්‍රේෂ්ඨ වූ නරවීරශ්‍රාවකයෝ ම නිවන්මඟ දක්වාත්.



754. යම් කෙනෙක් සඟුන් උදෙසා දන් දෙත් ද, ඔවුන් විසින් එය මැනැවින් දෙන ලදහ. ගෙනවුත් පුදනලද්දේය. මහදන් විසින් යාග කරනලද ය. සඟුන් කෙරෙහි පිහිටියා වූ ඒ සඞ්ඝගතවූ දක්ෂිණා තොමෝ මහත්ඵල ඇතැයි බුදුරජුන් විසින් වර්ණනා කරන ලදී.



755. හටගත් සොම්නස් ඇති යම් කෙනෙක් මුල් සහිත ව මසුරු මල දුරු කොට ලෝකයෙහි හැසිරෙත්ද, ඔහු නින්දා නො කරන ලද්දෝ සගලොවට පැමිණෙත්….





547. අභය ස්ථවිරාවදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූ අපදාන 2 > 55. භද්‌දිය වර්ගය



6238. මම දැන් මේ පශ්චිම භවය පැමිණි කල්හි උතුම් වූ ගිරිව්‍රජ (රජගහ) නගරයෙහි බිම්සර රජුගේ, නාමයෙන් අභය නම් වූ පුත්‍රයෙක් වීමි….







2.4. සිවුවන පරිජිය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 2. පාරාජිකකාණ්ඩය > සිවුවනපාරාජිකය



52. එසමයෙහි මගධ රටට අධිපති සේනා ඇති බිම්සර රජ තෙමේ ලිච්ඡවීන් සමග යුද කරන්නේ බිඳී ගියේ වෙයි. ඉක්බිති රජ තෙමේ යලිත් සෙනග රැස් කොට ගෙණ ලිච්ඡවීන් පැරද විය. රජහු විසින් ලිච්ඡවිහු පරදවන ලදහයි ජය බෙරය පැතිරෙයි. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භික්ෂූන් ඇමතූහ. “ඇවැත්නි, රජ තෙමේ ලිච්ඡවීන් විසින් පරදවන ලද්දේ” යි. “කෙසේ නම් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙසේ කියන්නාහුද” යි. භික්ෂූහු අවමන් කෙරෙත්. අයුණු කියත්. නුගුණ පතුරුවත්. “ඇවැත්නි, රජ තෙමේ ලිච්ඡවීන් විසින් පරදවන ලද්දේය”යි. යුදබිමෙහි ද රජු විසින් ලිච්ඡවීහු පරදවන ලද්දාහු යි ජය බෙර පැතිරේ. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ උතුරුමිනිස්දම් ඔසවා දක්වති” යි භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළාහු ය. මහණෙනි, පළමුකොට රජ තෙමේ ලිච්ඡවීන් විසින් පරදවන ලද්දේ ය. ඉක්බිති රජ තෙමේ යලිත් සෙනඟ රැස් කොට ලිච්ඡවීන් පැරැද වීය. මහණෙනි, මුගලන් තෙමේ සැබවක් කීය. මහණෙනි, මුගලන් හට ඇවැත් නොවේ….





8. චීවරක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 8. චීවරක්‌ඛන්‌ධකය



4. බිම්සර රජුගේ භගන්‍දළාබාධය ආලේපයක් දීමෙන් ඉවත් කෙළේ ය. මාහටද අන්තඃපුරයටද බුදුරජුන්ටද භික්‍ෂුසඞ්ඝයාටද උවටැන් කරවයි රජතෙමේ තනතුරු දුන්නේ ය….





5. ජනවසභ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > මහා වර්ගය > 5. ජනවසභ සූත්‍රය



වහන්ස, ළඟ ඉකුත් කලැ කලුරිය කළ මගද රටැ වැසි චිරරාත්‍රඥ වූ මේ බොහෝ උවසුවෝ වූහ. අඟු මගද දෙරට ළඟ ඉකුත් කලැ කලුරිය කළ අඟුමගද වැසි උවසුවන් ගෙන් හිස්වූ සේය. වහන්ස, ඔහුද බුදු රජු කෙරෙහි පැහැදුණා වූ, දහම්හි පැහැදුණාහු, සඟන කෙරෙහි පැහැදුණාහු, සිල් පුරන්නාහු වූහ. ළඟ ඉකුත් කලැ කලුරිය කළ ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් නොහෙළි කරන ලදහ.



ඔවුන්ගේද උප්පත්තිය හෙළි කිරීම වේවායි යදිම්. එයින් බොහෝ දෙනා පහදිනු ඇත. සුගතියට යනු ඇත. වහන්ස, මගධාධිපති වූ මේ ශ්‍රේණික බිම්බිසාර රජ දැහැමි විය, දැහැමෙන් රජයන්නේ විය. බමුණනටද ගැහැවියනටද නියම්ගම් වැසියනටද දනවු වැසියනට ද වැඩ කැමැති විය. තව ද මිනිස්සු ‘මෙසේ ඒ දහැමි වූ, දැහැමෙන් රැජැයූ බිම්සර රජ අප සුව පත් කොට කලුරිය කෙළේ ය. මෙසේ අපි දැහැමෙන් රැජැයූ ඒ දැහැමි රජුගේ රටෙහි පහසුවෙන් වුසුම්හ’ යි ඔහු ගුණ වණන සුලු ව වෙසෙත්. වහන්ස, තව ද එ රජ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණෙක, දහමෙහි පැහැදුණෙක, සඟන කෙරෙහි පැහැදුණෙක, සිල් පිරූයෙක. තව ද මිනිස්සු ‘මියැ යන තාක් ම මගධාධිපති වූ ශ්‍රේණික බිම්බිසාර රජ භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරන සුලු වැ වැස කලුරිය කෙළේ යැ’ යි මෙසේ කියත්. ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ හෙ තෙමෙ භාග්‍යවතුන් වහන්සේ විසින් හෙළි නොකරන ලදී. ඔහුගේද උපපත්තිය හෙළි කිරීම වේවායි යදිම්. බොහෝ දෙනා පහදිනු ඇත. එයින් සුගතියට යනු ඇත. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ සම්බෝධිය (බුදු බව ලැබීම) වූයේ මගද රටෙහිය. වහන්ස, යම් මගද රටෙක භාග්‍යවතුන් වහන්සේගේ සම්බෝධිය වී නම්, එ මගද රටැ වුසූ, ළඟ ඉකුත් කල්හි වූ, කලුරිය කළ උවසුවන් කෙසේ නම් උපපත්තිය නිමිත්තෙන් හෙළි නො කරන සේක් ද? වහන්ස, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ළඟ ඉකුත් කල්හි වූ, කලුරිය කළ මගද රටැ වුසූ උවසුවන් උපපත්ති නිමිත්තෙන් හෙළි නො කරන සේක් වී නම්, මගද රටැ වැසි උවසුවෝ එයින් බැගෑපත් සිතැත්තෝ වන්නාහ. වහන්ස, යම් හෙයකින් මගද රටැ වැසි උවසුවෝ බැගෑපත් සිතැත්තෝ වන්නාහු නම්, කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ ඔවුන් (උත්පත්ති නිමිත්තෙන්) හෙළි නොකරන සේක් ද?”



අනඳ තෙරණුවෝ මගද රටැ වැසි උවසුවන් ඇරැබැ භගවත් බුදුරජුන් හමුයෙහි මේ විස්තර කථාව කොට, හුනස්නෙන් නැඟී, ඔබ වැඳ පැදැකුණු කොට නික්මියාහ….





3.7. පෙසවතී විමානයි(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > විමාන වස්තු > 3. පාරිච්‌ඡත්‌තක වර්ගය



647. පළිඟුමිණිමුවා බිතින් හා රන්රිදී දැලින් හාත්පස වසන ලද නන්වැදෑරුම් විසිතුරු තල ඇති ඉතා රම්‍ය වූ තොරණින් සැදුම් ලත් රුවන් වැල්ලෙන් ගැවසුණු මිදුල් ඇති මැනැවින් බබළණ මේ විමන දිටිමි.



648. අඳුරු දුරලන දහස් ගණන් රස් ඇති හිරු සරා කල්හි යම්සේ අහස දසදෙස බබළා ද, එසේම රෑ ගිනිසිළ අහස් පෙදෙස යම්සේ බබළා ද, එමෙන්ම තී ගේ මේ විමන අතිශයින් බබළයි.



649. අහසෙහි තිබූ තීගේ මේ මනරම් විමන විදුලියක් සේ ඇස මුසපත් කෙරේ. එසේම මේ විමන වෙණබෙර මිහිඟුබෙර අත්තල කස්තල නදීන් ඝෝෂිත වූ සුදසුන්පුරය සේ දෙව්සැපතින් සමෘද්ධ ය.



650. මෙහි පියුම් හෙලපුල් රතුපුල් නිලුපුල් යන ජලජ පුෂ්පයෝ වෙති. සීනිද්ද බඳුවද අනොජ වෘක්ෂයෝද වෙති. පිපිමල් ඇති සල් හෝපලු වෘක්ෂයෝ ද වෙති. තීගේ මේ විමන මෙසේ නන්වැදෑරුම් උතුම් ගස්වල සුවඳින් සුවඳ කැවුණේ ය.



651. යසස් ඇති දෙව්දුව, ඉවුරෙහි පිහිටි හොර දෙල් බුජඟ රුක්වලින් යුක්ත වූ තල් පොල් ඈ තෘණ ජාතීන්ගෙන් හා මනා සේ පිපි මල් ඇති එල්බෙන වැල්වලින් යුත් මිණිදැල් බඳු දිය ඇති මනරම් පොකුණු තීට පහළව ඇත.



652. දියෙහි හටගන්නා යම් (පදුමාදී) පුෂ්පජාතයෝ වෙත්ද, ගොඩ හටගන්නා යම් සීනිද්ද ආදී වෘක්ෂ ජාතයෝ වෙත්ද, (එයින් අන්‍යවූත්) යම්බදු මල්රුක් පලරුක්හු වෙත්ද, මිනිසුන් අයත්වූත් නො මිනිසුන් අයත් වූත් දෙවියන් අයත් වූත් ඒ සියලු ම වෘක්ෂයෝ තී ගේ විමන් සමීපයෙහි ඇත්තාහු මැ යි.



653. මනහර ඇස්පිය ඇත්තිය, මේ විපාකය කිනම් කායාදි සංයමයක්හුගේ ද? කිනම් ඉන්ද්‍රිය දමනාදි දමයක්හුගේ ද, (විපාක දෙන්නට ඇරැඹූ) කිනම් කර්‍මබලයෙකින් මෙහි උපන්නී වෙහි ද? තී විසින් මේ විමන යම්සේ ලබන ලදද, ඒ කර්මය (මට) අනුරූප පද විසින් කියව.



654. කොස්වාලිහිණි මොනර ඇටිකුකුළු සමූහයා හැසුරුණු දිව්‍යමය වූ දියකාවුන් හා හස්රජුන් විසින් සෙවුනා ලද විලිකුළු කොවුල් ඈ විහඟුන් විසින් නිතර නද දෙන ලද මේ විමන මා විසින් යම්සේ ලබන ලද ද,



655. නන්වැදෑරුම් අතුපතරින් ගැවසීගත් මල්රුක්වලින් විසිතුරු වූ පළොල් දඹ හෝපලු රුක් ඇති මේ විමන මා විසින් යම්සේ ලබන ලද ද, වහන්ස එය ඔබවහන්සේට කියන්නෙමි, අසනු මැනවි.



656. වහන්ස මගධරට නැගෙනහිරදිග නාළක නම් ගමෙක් ඇත. මම පෙරැ ඒ නාළක ගමෙහි (එක් ගැහැවි කුලයෙකැ) ලෙහෙළියක් වීමි. ඒ මා සෙසවතී යන නමින් අන්‍යයෝ දත්හ.



657. ඒ සෙසවතී නම් වූ මම සතුටුසිත් ඇත්තී ධර්‍මාත්වියන්හි දක්ෂ වූ බුදුරජුන් විසින් බුහුමන් කරන ලද දෙව්මිනිසුන් විසින් පුදන ලද ගුණයෙන් පමණ නොකට හැකි ශීලාදී ගුණයෙන් මහත් වූ පිරීනිවියා වූ සැරියුත් තෙරණුවන් මලින් පිදුවෙමි.



658. ඒ මම නිරුපධිශෙෂ නිර්වාණයට පැමිණි පැසුළු සිරුරු දැරූ උදාර ගුණවත් සැරියුත් මහතෙරුන් වහන්සේ පුදා මිනිස් සිරුර හැර තව්තිසාවට පැමිණියෙම් මෙහි වෙසෙමි….





3. මහාපරිනිර්වාණ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > මහා වර්ගය > 3. මහාපරිනිර්වාණ සූත්‍රය



124. ඉක්බිත්තෙන් වෛදේහී පුත්‍රවූ මගධාධිපති අජාසත් රජු රජගහ පුරයෙහි භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූනට ස්තූපයක්ද පුද උළෙලක් ද කෙළේ ය. විසල් පුරැ වැසි ලිච්ඡවීහුද (Vajjika League)භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූනට විසල් පුරැ ස්තූපයක් ද පුද උළෙලක් ද කළහ. කිඹුල්වත් වැසි ශාකයෝද භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූනට ස්තූපයක්ද පුද උළෙලක්ද කිඹුල්වත් පුරැ කළාහ. අල්ලකප්ප රටැ බුලි රජුහුද (Bulis of Allakappa)අල්ලකප්ප නුවරැ භගවත් බුදුරජුන‍්ගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. රඹගම් වැසි කෝලිය රජුහු ද රඹගම් නුවරැ (Ramgram Municipality)භගවත් බුදුරජුන්ගේ ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. වේඨදීප නුවරැ වැසි බ්‍රාහ්මණයෝද වේඨදීපයෙහි භගවත් බුදුරජුගේ ශාරීරික ධාතූනට ස්තූපයක්ද පුද උළෙලක් ද කළාහ. පාවා නුවරැ වැසි මල්ලයෝ ද පාවා නුවරැ භගවත් බුදුරජුන්ගේ ධාතූනට ස්තූපයක්ද පුද උළෙලක්ද කළාහ. කුසිනාරා පුරැ (Kushinagar)වැසි මල්ල රජුහුද (Malla Kingdom)භගවත් බුදුරජුන්ගේ ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. ද්‍රෝණ බමුණුද (ධාතූන් මිනූ) නැළියට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. පිප්ලීවන නුවරැ වැසි මොරිය රජුහු ද පිප්පලීවන නුවරෙහි (ආදාහන කළ තැනින් ගෙනා) අඟුරු පිණිස ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. මෙසේ ශාරීරික ධාතූන් තැන්පත් කළ ස්තූප අටෙක, නැළිය තැන්පත් කළ නව වැනි ස්තූපය, දස වැනි අංගාර ස්තූපයැ යි සියලු ස්තූප දශයෙක. මෙසේ මේ දස ස්තූප පළමුවෙන් වීය….





531. මහාකච්චාන ස්ථවිරාවදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූ අපදාන 2 > 54. කච්‌චායන වර්ගය



5681-5682. දැන් පශ්චිමවූම භවයෙහි උදේනි නගරයෙහි උපන්නෙම් වෙමි. චණ්ඩප්‍රද්‍යොත රජුගේ තිරිටවච්ඡ නම් පුරෝහිත බමුණාගේ පුත්‍ර වූයෙම් සියුම් නුවණැත්තෙම් වේදයෙහි පරතෙරට ගියෙම් වීමි. මවු තොමෝ චන්ද්‍රිමා නම් වූවා ය. මනා සිවිපැහැ ඇති මම කච්චාන නම් වෙමි….







1. වේරඤ්ජකාණ්ඩය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 1. වේරඤ්ජකාණ්ඩය



21. ඉක්බිති ආයුෂ්මත් වූ මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ පසෙක හුන්හ. පසෙක හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ: “වහන්ස, දැන් වේරඤ්ජා නුවර දුකසේ ලැබිය යුතු වූ භික්‍ෂාව ඇත්තේය. ජීවිතය පිළිබඳව දෙඅතෙකින් පැවැති සැක ඇත්තේය. තැන තැන විසුළ මිනීඇට ඇත්තේ ය. (නොහොත් වැළඳුනු සෙතට්ඨිකා නම් සස්‍යරෝගය ඇත්තේය.) ලහ බෙදීමෙන් දිවි පවත්වන්නක් වෙයි. පිඬු සිඟීමෙන් ජීවත් වන්නට පහසු නොවන්නක් වෙයි. වහන්ස, මේ පොළොවේ යට පෙදෙස මිහිරිරසයෙන් සමෘද්ධ වෙයි. පිලවුන් නැති මීවදයක් යම් සේ ද, එමෙන් රසවත් වෙයි. වහන්ස, භික්‍ෂූහු පෘථිවිරසය වළඳත්වා’ යි මම් පොළොව පෙරළන්නෙම් නම් මැනැවි” යනු යි….





2.9. අංකුර ප්‍රේත වස්තුව යි.

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ප්‍රේත වස්තු > 2. උබ්බරී වර්ගය



258. වෙළෙඳාමෙන් ධනය රැස්කරන අපි යමක් සඳහා කාම්බෝජ රටට යන්නමෝද (ඒ කරුණ මෙහි දී ම සිදු වෙයි) මේ දෙවියා කැමති සම්පත් දෙන්නෙකි. (එහෙයින්) අපි මොහු ගෙන යමු….





8. සක්කපඤ්හ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > මහා වර්ගය > 8. සක්කපඤ්හ සූත්‍රය



“වහන්ස, යම් කලෙක අර්හත් සම්‍යක්සම්බුද්ධ තථාගත කෙනෙක් ලොවැ උපදනාහු ද, ඒ කලැ දෙව් මුළුහු (පිරිස) පිරෙත්, අසුර මුළුහු පිරිහෙත්’ යන මෙ කරුණ අපට පෙරටුවැ තව්තිසා දෙව්ලොවැ ඉපිදැ සිටි දෙවියන් හමුයහිදී මා විසින් අසන ලද්දේය, ඔවුන් හමුයහිදී පිළිගන්නා ලද්දේ ය. වහන්ස, ‘යම් කලෙක තථාගත අර්හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් ලොවැ පහළ වන්නෝද, එකලැ දෙව්මුළුහු පිරෙත්, අසුර මුළුහු පිරිහෙත්’ යන මෙ කරුණ මා විසින් සියැසින්ම දක්නා ලද්දේ ය. වහන්ස, මෙ ශාක්‍ය දනව්වෙහි කිඹුල්වත් පුරෙහි ම බුදුරුවන්හි පහන්, දමුරුවන්හි පහන්, සඟුරුවන්හි පහන්, සිල් සපුරා රක්නා සුලු ගෝපිකා නම් සැහැ දූවක් වූය. ඕ ගැහැනු බවට ඇලුම් හැරැ පියා පිරිමි බව පතා, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට, තව්තිසා වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණියා, අපගේ පුත් බව ලැබූහ. එහි දූ ඔහු ‘ගෝපක දෙව් පුතැ’ යි ‘ගෝපක දෙව් පුතැ’ යි දනිත්….





2.4.10 කණ්ණකත්ථල සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 4. රාජ වර්ගය



මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උජුකා රටැ කණ්ණකත්ථල නම් මුවළැව්හි වැඩ වසනසේක. එසමයෙහි පසේනදි කොසොල් රජ කිසි කටයුත්තෙකින් උජුකාවට පැමිණියේ වෙයි. එසඳ පසේනදි කොසොල් රජ එක්තරා පුරුෂයකු ඇමැතී: එම්බල පුරුෂය, තෝ එව. බුදුන් කරා එළැඹෙව, එළැඹ මාගේ වචනයෙන් බුදුන්ගේ පාසඟළ හිසින් වඳු….





2.7. මහාපජාපතී ගොතමී අපදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූනී අපදාන > 2. එකූපොසථික වර්ගය



341. මාගේ පිය තෙමේ අඤ්ජන ශාක්‍යරජ යැ, මාගේ මව සුලක්ඛණාදේවි ය. ඒ දෙව්දහ නුවරින් කිඹුල්වත් පුරැ සුදොවුන් රජුගේ ගෙට සරණ ගියා වෙමි….





3. අම්බට්ඨ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > සීලස්කන්ධ වර්ගය > 3. අම්බට්ඨ සූත්‍රය



“භවත්නි, ශාක්‍යපුත්‍රවූ, ශාක්‍යකුලයෙන් නික්මැ පැවිදිවූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වනාහි භික්ෂූන් පන්සියක් පමණ වූ මහබික්සඟන හා කොසොල් රටැ සැරිසරන සේක්, කොසොල් රට (Kingdom of Kosala)වැසියන්ගේ ඉච්ඡානඞ්ගල නම් ගමට වැඩි සේක්, එයට නොදුරෙහිවූ ඉච්ඡානඞ්ගල වන ළෑහැබෙහි වසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අර්හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගත නම්හ, ලෝකවිත් (ලොව දන්නා)හ, නිරුත්තර පුරුෂදම්‍යසාරථීහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ….





3.5. නන්දා ජනපදකල්‍යාණී අපදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූනී අපදාන > 3. කුණ්‌ඩලකෙසී වර්ගය



823. පශ්චිම භවය පැමිණිකල්හි මම කිඹුල්වත් නුවරැ සුද්ධෝදන රජුහට අනින්දිතවූ දුහිතෘ වූමු….





4.6. රූපනන්දාපදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූනී අපදාන > 4. ඛත්‌තියා වර්ගය



1253. දැන් මම පශ්චිම භවයෙහි කිඹුල්වත් නුවර උපන්මු. ඛෙමක ශාක්‍ය රජුගේ දියණියවූ අතිශයින් ප්‍රසිද්ධ නන්දා නම් වූමු….





2.5. භද්‌දිත්‌ථි විමානයි(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > විමාන වස්තු > 2. චිත්‌තලතා වර්ගය



204-5. මහා නුවණැති දෙව්දුව, නීලාදී නන් වැදෑරුම් පැහැ ඇති කෙසුරින් පිරිවැරුණු මදාරා මල්දමක් තෝ හිසෙහි දරහි. නිල්වන් වූද රන්වන් වූද කළුවන් වූද මදටියවන් වූද ලේවන් වූද සෙසු සුදුවන් ඈ පැහැ ඇත්තා වූද මේ වෘක්ෂයෝ අන්‍ය දිව්‍ය නිකායන්හි නොවෙත්.



206. යසස් ඇති දෙව්දුව, තෝ කවර පිනෙකින් මේ තව්තිසා දෙව්ලොවැ උපනෙහිද? විචාරන ලද්දී වූ තෝ මේ විපාකය කිනම් කර්මයක්හුගේ දැ යි කියව.



207. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන්දීමෙහි ඇලුණු මම කිම්බිලනුවරැ උපාසිකාවක් වීමි. එසේ වූ මා භද්දිත්ථි යයි අන්‍යයෝ දත්හ.



208. එකල මම වස්ත්‍රද ආහාරද සෙනසුන් හා පහන්ද ඍජුගුණ ඇත්තවුන් (ආර්ය සංඝයා) කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.



209-10. මම පක්ෂය පිළිබඳ වූ තුදුස්වකද පසළොස්වකද ප්‍රාතිහාර්ය්‍ය පක්ෂයද යන පොහෝ දිනයන්හි අටඟින් යුත් පෙහෙවස් විසීමි. හැම කල්හි නිති සිල්හිද කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා මනා කොට බෙදා දෙන්නී ගෙහි විසීමි.



211. එකල්හි මම පණිවායෙන් දුරු වීමි. මුසවායෙන් සංවෘත වීමි. අයිනාදනින් ද මිසහසරින් ද රහමෙර පීමෙන්ද දුරු වීමි.



212. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්ය්‍යසත්‍යයෙහි දක්‍ෂ වූ අප්‍රමාද විහරණ ඇත්තා වූ මම පසැස් ඇති බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.



213. මම බිඳහළ සියලු කෙලෙස් ඇති ඉතා උතුම් වූ හිතානුකම්පා ඇති මහා නුවණැති අගසවු දෙනම මනා කොට වැළඳවීමි. කරන ලද සුචරිතාවාස ඇති කරන ලද කුසල් ඇති ඒ මම එයින් ව්‍යුත ව සිය සිරුරු රැසින් බබළන්නී නදුන් උද්‍යානයේ එක්වන් හැසිරෙමි.



214. මම නිතර අපරිමිත සැප එළවන අටඟින් යුත් පෙහෙවස් විසීමි. කරන ලද සුචරිතාවාස ඇති කරන ලද කුසල් ඇති ඒ මම එයින් ව්‍යුත ව සිය සිරුරු රැසින් බබළන්නී නඳුනුයනෙහි එක්වන් හැසිරෙමි….





6. භූරිදත්ත ජාතකය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ජාතක පාළි 3 > 22. මහා නිපාතය > 6. භූරිදත්‌ත ජාතකය



5240. පණු ය, පළඟැටි ය, සර්ප ය, මැඩි ය, කෘමි ය, මැසි ය යන මොවුන් මරා දමා පිරිසිදු වෙයි යන මේ ආර්ය නොවන ස්වරූප වූ ධර්මයෝ කාම්බෝජ රටවැසි අනාර්‍ය්‍යවූ බොහෝ දෙනාගේ බොරු ය….





2.7. උපොසථා විමානයි(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > විමාන වස්තු > 2. චිත්‌තලතා වර්ගය



228. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රූසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.



229. කවර හෙතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු කවර පිනෙකින් තිට පහළ වෙත්ද?



230. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යාර්ද්ධි ඇත්තී වෙහිද?



231. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්මයක්හු ගේ දැ යි මෙසේ පැවසූ ය.



232. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන්දීමෙහි ඇලුණු මම සාකෙත නුවරැ උපාසිකාවක් වීමි. අන්‍යයෝ මා උපොසථා යැයි දත්හ.



233. එකල මම වස්ත්‍රද ආහාරද සෙනසුන් හා පහන් තෙල්ද ඍජු ගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.



234-235. මම පක්ෂය පිළිබඳ වූ තුදුස්වකද පසළොස්වකද ප්‍රාතිහාර්ය්‍ය පක්ෂයද යන පොහෝ දිනයන්හි අටඟින් යුත් පෙහෙවස් විසීමි. හැම කල්හි නීති සිල්හි ද කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා මනා කොට බෙදා දෙන්නී ගෙහි විසීමි.



236. එකල්හි මම පණිවායෙන් දුරු වීමි, මුසවායෙන් සංයත වීමි, අයිනාදනින්ද මිසහසරින්ද රහමෙර පීමෙන්ද දුරු වීමි.



237. පස් සිකපද රැකීමෙහි ඇලුණු චතුරාර්ය්‍යසත්‍යයෙහි දක්‍ෂ වූ මම යශස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.



238. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.



239. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, එය ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.



240. නිතර නඳුනුයන ගැන අසා එහි උපත පිණිස ඡන්දය (කැමැත්ත) උපන. එහි සිත පිහිටුවා නඳුනුයනෙහි උපන්නී වෙමි.



241. ශාස්තෘ වූ සූර්ය්‍යබන්ධු වූ බුදුරදුන්ගේ වචනය නොකෙළෙමි. (අර්හත් ඵල සංඛයාත විමුක්තිය) ඒ මම හීන වූ භව සැපතෙහි සිත පිහිටුවා පසුතැවිලි වූවා වෙමි.



242. එම්බා උපොසථා දෙව්දුව, මේ විමනෙහි කොපමණ දිගුකලක් වසහිද? විචාරන ලද්දී වූ තී ඉතින් ආයුෂය දන්නෙහි නම් එය කියව.



243. මහා මුනිවරය, තුන් කෙළ සැටදහසක් හවුරුදු මෙහි සිට මෙයින් ච්‍යුත ව මිනිසුන්ගේ සහභාවයට යන්නෙමි.



244. එම්බා උපොසථාව, තෝ බිය නොවේවා. සෝවාන් වූ තෝ මාර්ගඵල සංඛ්‍යාත විශේෂයට පැමිණියා යයි සම්බුදුරදුන් විසින් ප්‍රකාශ කරන ලද්දී වෙහි. තීගේ දුගතිය ප්‍රහීණ විය….





7.1.6. දුතිය කාමභූ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සළායතන වර්ගය > 7. චිත්ත සංයුක්තය > 1. චිත්‌ත වර්ගය



410. එක්කලෙක ආයුෂ්මත් කාමභූ තෙරනුවෝ මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ආයුෂ්මත් කාමභූ තෙරුන් වෙත … එකත්පස් ව හුන් චිත්ත ගැහැවි ආයුෂ්මත් කාමභූ තෙරුන්ට මෙය කී ය: වහන්ස, “සඞ්ඛාර කෙතෙක් දැ?” යි. ගැහැවිය, සඞ්ඛාර තුනෙකි. කාය සඞ්ඛාර ය, වචී සඞ්ඛාර ය, චිත්ත සඞ්ඛාර යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි ආයුෂ්මත් කාමභූ තෙරුණුවන්ගේ වචනය පිළිගෙන අනුමෝදන් ව ආයුෂ්මත් කාමභූ තෙරුන් මතු දැක්‍වෙන පැනය පුළුවුත. වහන්ස, කාය සඞ්ඛාර කවරේ ද? වචී සඞ්ඛාර කවරේ ද? චිත්ත සඞ්ඛාර කවරේ ද? යි. ගැහැවි, ආස්වාස, ප්‍රස්වාස කාය සඞ්ඛාර ය. විතර්ක, විචාර වචී සඞ්කාර ය. සංඥාත්, වේදනාත් චිත්ත සඞ්ඛාර යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි … මතු දැක්‍වෙන පැනය පුළුවුත….





3.13. කුලදූසකශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 3. සඞ්ඝාදිසේසකාණ්ඩය



5. ස්වාමීනි, මම් මෙහි කසීජනපදයෙහි වැස නිමවූ වස් ඇත්තෙම් භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස සැවැත්නුවරට එන්නෙම් කීටාගිරිය යම් තැනෙක්හි ද එහි පිවිසියෙමි. ස්වාමීනි, එකල්හි මම පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ කීටාගිරියට පිඬු පිණිස පිවිසියෙමි. ස්වාමීනි, එක්තරා උපාසකයෙක් කීටාගිරියෙහි පිඬු පිණිස හැසිරෙන මා දුටුයේ ය. දැක මා වෙත එළඹ වැඳ මෙපවත් කී ය: ‘වහන්ස, පිණ්ඩපාතය ලැබුණේ දැ’යි. ‘ඇවැත්නි, පිඬු නො ලැබිනැ’යි. ‘එව වහන්ස, ගෙය යම්හ’යි. ස්වාමීනි, ඉක්බිති ඒ උපාසක තෙම මා ගෙට පමුණුවා වළඳවා මෙය කීය:





මහාඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 1. මහාඛන්‌ධකය



“මම දම්සක් පැවැත්වීමට කසීරට බරණැස් නුවර බලා යමි. අවිද්‍යාවෙන් අන්ධ වූ ලොකයෙහි අමාදහම්බෙරය ගසන්නෙමි.”….





10.1.3.9. ප්‍රථම කොසල සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > දසක නිපාතය > 3. මහා වර්ගය



1. මහණෙනි, යම්තාක් කසී කොසොල් ජනපද වැසියෝ වෙත් නම්, පසේනදී කොසල රජුගේ විජිතයෙහි යම්තාක් රජහු වෙත් නම්, ඔවුන් අතුරෙහි පසේනදී කොසල රජ අග්‍ර‍යි කියනු ලැබේ. මහණෙනි, පසේනදී කොසොල් රජහුගේ ද අන්‍යථාත්‍වයෙක් ඇති. විපරිණාමයෙක් (මරණය) ඇත. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරිසවු ඒ සැපත්හි දු උකටලී වෙයි. එහි උකටලී වනුයේ අග්‍ර‍ කොශල රාජ්‍යයෙහි නො ඇලෙන්නේ ය. හීන(පඤ්චකාම ගුණ) යෙහි කැලමැයි….





8. චීවරක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 8. චීවරක්‌ඛන්‌ධකය



1. එකල්හි කසීරජ තෙමේ ජීවක කොමාරභච්චහට අඩදහසකට පොහොනා වූ (පන්සියයක් අගනා වූ) කම්බිලියක් යැවී ය. ඉක්බිති ජීවක කොමාරභච්ච තෙමේ පන්සියයක් අගනා වූ ඒ කම්බිලිය ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය….





9. චම්‌පෙය්‍යක්‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 9. චම්‌පෙය්‍යක්‌ඛන්‌ධකය



11. “ස්වාමිනි, ඒ අතර බොහෝ භික්‍ෂූහු කසීදනව්වෙහි චාරිකා කරන්නාහු වාසභගමට පැමිණියාහු ය. ස්වාමීනි, මම එන්නා වූ ඒ භික්‍ෂූන් දුර දී ම දුටුවෙමි. දැක අසුන් පැණවීමි. පා දෝනා දිය පාපුටුව පා තබන පුවරුව එළවා තැබීමි. ඉදිරියට ගොස් පාසිවුරු පිළිගතිමි. පැනින් විචාළෙමි. නෑමෙහි උනන්දු කෙළෙමි. කැඳෙහි කැවිලියෙහි බතෙහි ද උනන්දු කෙළෙමි….





4. 8. සුන්‌දරී සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > උදානපාළි > 4. මෙඝිය වර්ගය



3. “එසේ නම් බිහිනිය, එක්වන් දෙව්රමට යව”යි ඔහු කීහ. “එසේ ය, ආර්‍ය්‍යයෙනි”යි කියා ම සුන්‍දරී පිරිවැජිය ඒ අන්තොටු පිරිවැජ්ජනට පිළිවදන් දී එක්වන් දෙව්රමට ගියා ය. ‘බොහෝ දෙනා විසින් දක්නා ලදු ව සුන්‍දරී පිරිවැජිය එක්වන් දෙව්රම් යේ’ යැ යි යම් විටෙක ඒ අන්තොටු පිරිවැජ්ජෝ දැන ගත්තාහු ද, එකල්හි ඇය දිවියෙන් තොර කොට, එහි ම ජෙතවනයේ දිය අගලෙහි වළැ ලා පසේනදී කොසොල්රජු වෙත එළැඹියහ. එළැඹ, “මහරජ, යම් සුන්‍දරී නම් පිරිවැජියක් වූ ද, ඕ අප විසින් නො දක්නා ලබායැ”යි සැළ කළහ. “තෙපි කොහි සැක කරවු දැ?”යි රජ පිළිවිත. “මහරජ, ජේතවනයෙහි යැ”යි ඔහු කීහ. “එසේ නම් ජේතවනය සොයා බලව”යි රජ කීය….





5. 1. රාජ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > උදානපාළි > 5. සොණ වර්ගය



1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පසේනදී කොසල රජ මල්ලිකාදෙවිය හා පහයෙහි උඩුමහල්තලයට පැමිණියේ වේ. එ කල්හි පසේනදී කොසල රජ තෙම මල්ලිකා දේවිය බණවා, “මල්ලිකාවෙනි, තමනට වඩා ප්‍රිය වූ කිසි අන් කෙනෙක් තොපට ඇද් දැ?යි”යි ඇසීය….





2.5.9 සුභ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 5. බ්‍රාහ්මණ වර්ගය



මෙසේ කී කල ජාණුස්සොණි බමුණු සව්සුදු වළහීරථයෙන් බැස උත්තරාසඞ්ගය එකස් කොට බහා භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ උදන් ඇනී: “යම් රජක්හුගේ විජිතයෙහි අර්හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේ වැඩවසනසේක් ද, ඒ පසේනදී කොසොල්රජහට ලාභයෙක. කල්‍යාණ ලාභයෙකැ”යි….





2.4. අඩ්ඪකාසී ථෙරීගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ථෙරීගාථා පාළි > 2. දුක නිපාතය



25. කසීරට උපදනා සුංවත් යම් පමණ වේ ද මට එපමණ සුංවත් වී. නියම්ගම් වැසි ජනයා ඒ අගය කොට ගෙන එයින් අඩෙකින් මා අගය කොට තැබී….





2. 6. ගර්භිනී සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > උදානපාළි > 2. මුචලින්‌ද වර්ගය



ඉක්බිති ඒ පරිව්‍රාජක තෙමේ පසේනදී කොසොල් රජුගේ කොෂ්ඨාගාරයට ගොස් තෙල් ඇති තාක් බී ගෙට අවුත් වමාරන්නට ද විරෙක කරන්නට ද නො හැකි වෙයි. හේ දුක් වූ, තියුණු වූ, කර්‍කශ වූ, කටුක වූ, වෙදනාවන්ගෙන් ස්පර්‍ශ කරන ලද්දේ ඔබ මොබ පෙරැළෙයි. හාත්පස පෙරැළෙයි….





1.17. කෙසකාරීවිමානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > විමාන වස්තු > 1. පීඨ වර්ගය



153. ශක්‍රය, කවර භවයෙකින් ච්‍යුත ව මෙහි ආයෙහි දැ යි යම් ඒ පැනයක් මා අතින් විචාරහි. කසී රට බරණැස් නම් පුරයෙක් ඇත. මම පෙර ඒ නුවර කේසකාරිකා නම් වීමි….





5.1.5.4. මනාපදායී සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > පඤ්චක නිපාතය > 5. මුණ්‌ඩරාජ වර්ගය



“වහන්ස, ‘මන වඩනා දෑ දෙනුයේ මන වඩනා දැයක් ලබා’යී තෙල මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙන් අසන ලදි. හමුයෙන් පිළිගන්නා ලදි. වහන්ස, මට කසීසළු මනාප ය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ කසීසළු පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ….





7.2.1. කසී සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 7. බ්‍රාහ්‌මණ සංයුත්‌තය > 2. උපාසක වර්ගය



197. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධ දනව්වෙහි දකුණුගිරියෙහි ඒකනාළා නම් බමුණුගම්හි වැඩ වසන සේක. එකල්හි කසීභාරද්වාජ බමුණා විසින් වපුරණ කාලයෙහි පන්සියක් පමණ නගුල්හු යොදන ලද්දාහු වෙති….





4. පටිසාරණීයකර්මය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 1. කම්‌මක්‌ඛන්‌ධකය



2. එ සමයෙහි බොහෝ ස්ථවිර භික්‍ෂූහු (එ නම්) – ආයුෂ්මත් සාරිපුතත තෙරණුවෝ ද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරණුවෝ ද, ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ ද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ද, ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ ද, ආයුෂ්මත් මහාචුන්ද තෙරණුවෝ ද, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද, ආයුෂ්මත් රෙවත තෙරණුවෝ ද, ආයුෂ්මත් උපාලි තෙරණුවෝ ද, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ද, ආයුෂ්මත් රාහුල තෙරණුවෝ ද කසීරට සැරි සරන්නාහු මච්ජිකාසණ්ඩ නම් නුවරට පැමිණියහ….





11.1.6. ථපති සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > මහා වර්ගය > 11. සෝතාපත්ති සංයුක්තය > 1. වෙළුද්වාර වර්ගය



වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කසීදනව්වෙන් වැදෑදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වන්නාහ”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කසීදනව්වෙන් වැදෑදනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වෙති”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි….





10.1.1. ඛෙමා සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සළායතන වර්ගය > 10. අඛ්‍යාකත සංයුක්තය > 1. අබ්‍යාකත වර්ගය



2276. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි ඛෙමා මෙහෙණ කොසොල් දනව්වෙහි (Kingdom of Kosala)සැරිසරන්නී සැවැත්නුවරටත්, සාකෙතනුවරටත් අතර තොරණවත්‍ථුගම්හි විසීමට පැමිණියා වෙයි. එකල්හි පසේනදී කොසොල්‍ රජ සාකේතයෙන් සැවැතට යන්නේ සාකේතයටත්, සැවතටත් අතර තොරණවත්‍ථුගම්හි එක්රැයක් විසීමට පැමිණියේ ය. එකල පසේනදී කොසොල් රජ එක්තරා පුරුෂයකු ඇමතී ය. එම්බල පුරුෂය “එව මම අද යමකු ඇසුරු කරන්නෙම් නම් තෝ එබඳු මහණකු හෝ බමුණකු හෝ තොරණවත්‍ථුවෙහි දනුව”යි….





5.13. චූළරථ විමානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > විමාන වස්තු > 5. මහාරථ වර්ගය



983. වහන්ස වෙනෙහි හැසිරෙන මම අස්සකරට රජුගේ පුත්‍රයෙමි. මහණ ඔබට මාගේ නම කියමි. සුජාත යැයි මා දනිත්….





10.1.3.10. දුතිය කොසල සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > දසක නිපාතය > 3. මහා වර්ගය



එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එසමයෙහි පසේනදී කොසල රජ යුධයෙන් නැවතියේ දිනූ සඞ්ග්‍රාම ඇතියේ ලැබූ අධප්‍රාය ඇතියේ වෙයි. එසඳ ප්‍රසෙනජිත් කොසොල් රජ අරම් කරා ගියේ ය. යානභූමිය වැටෙන තාක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමන් ඇතියේ ම අරමට පිවිසියේ ය. එසමයෙහි බොහෝ භික්ෂූහු අභ්‍යාවකාශයෙහි සක්මන් කෙරෙත්. එසඳ ප්‍රසෙනජිත් කොසොල් රජ ඒ භික්ෂූහු වෙත එළඹියේ ය….





6. සේනාසනක්‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 6. සේනාසනක්‌ඛන්‌ධකය



එ සමයෙහි පසේනදී කොසොල් රජුගේ මිත්තණියෝ කලුරිය කළාහ. ඇගේ කලුරියෙන්, දික්සඟළා පුටු ය, පළඟය, සතරඟුලට වඩා ලොම් ඇති ඇතිරි ය, එළුලොමින් කළ විසිතුරු ඇතිරි ය, එළුලොම් මුවා සුදු ඇතිරි ය, පුළුනෙන් පිරූ ඇතිරි ය, ගනපුප් ඇති එළුලොම් මුවා ඇතිරි ය, සිංහව්‍යාඝ්‍රාදි රූපයෙන් විසිතුරු එළුලොම් මුවා ඇතිරි ය, එක් පැත්තෙක පමණක් ලොම් ඇති එළුලොම්මුවා ඇතිරි ය, දෙ පැත්තේ ම ලොම් ඇති එළු ලොම්මුවා ඇතිරි ය, තිහිරිහුයින් වියූ රන්කසු කම් කළ පසතුරණ, ලොම්මුවා පලස, නිළියන් සොළොස් දෙනෙකුන්ට සිට රඟ පාන්නට තරම් දික් පුළුල ඇති මහ ඇතිරිය, ඇතුන් පිට අතුරන ඇතිරි ය, පිට අතුරන ඇතිරි ය, රියෙහි අතුරන ඇතිරි ය, අඳුන් දිවිසමින් කළ පසතුරුණ, දෙපස රතු කොට්ට තැබූ උඩු වියන් සහිත කෙසෙල් මුව සමින් කළ මහඟු පසතුරුණ යන මේ බොහෝ අකැප බඩු යන බොහෝ නොකැප වී බඩු සංඝයාට උපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ….





6. භේසජ්ජක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 6. භේසජ්‌ජක්‌ඛන්‌ධකය



33. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “ආනන්‍දය, ඒ කවර කෙනෙක් පාටලිගම්හි නුවරක් ගොඩ නගත් දැ” යි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන් ඇසූ සේක. “ස්වාමීනි, සුනීධ ය, වස්සකාරය යන මගධමහාමාත්‍යයෝ වජ්ජීන් පිළිබහනු (වළක්වනු) පිණිස පාටලි ගම්හි නුවරක් (Pataliputra)ගොඩනගත්” යි (සැළකෙළේය.) “ආනන්‍දය, සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයයෝ තව්තිසාවැසි දෙවියන් හා මන්ත්‍රණය කොට ගෙණ (කරන්නා) සේ, ආනන්‍දය, වජ්ජීන් වළක්වනු පිණිස පාටලිගම්හි නුවරක් ඉදි කෙරෙත්. ආනන්‍දය, මම මෙහි රෑ අලුයම් වේලෙහි නැගී සිට පාටලිගම්හි ගෙබිම් පරිග්‍රහණය කරන්නා වූ බොහෝ දෙවියන් මිනිසැස ඉක්ම වූ පිරිසිදු වූ දිවැසින් දුටුවෙමි. මහෙශාඛ්‍ය දෙවියෝ යම් පෙදෙසක ගෙබිම් පරිග්‍රහණ කෙරෙත් ද, එහි ගෙවල් ගොඩ නගන්නට මහෙශාඛ්‍ය රජුන්ගේ හා රජමහඇමැතියන්ගේ ද සිත් නැමේ. මධ්‍යම වූ දෙවියෝ යම් පෙදෙසක ගෙබිම් පරිග්‍රහණ කෙරෙත් ද, එහි ගෙවල් ගොඩ නගන්නට මධ්‍යම වූ රජුන්ගේ හා රජමහඇමැතියන්ගේ සිත් නැමේ. පහත් වූ දෙවියෝ යම් පෙදෙසක ගෙබිම් පරිග්‍රහණ කෙරෙත් ද, එහි ගෙවල් ගොඩ නගන්නට පහත් වූ රජුන්ගේ හා රජමහඇමැතියන්ගේ සිත් නැමේ. ආනන්‍දය, ආර්‍ය්‍යායතනය (ආර්‍ය්‍යාවාසය – ආර්‍ය්‍ය මිනිසුන් ගැවසෙන තැන්) යම් තාක් ද, වණික්පථය (වෙළඳ මග – වෙළෙඳුන් බඩු විකුණන හෝ වසන තැන්) යම් තාක් ද, එහි (නන් දෙසින් ගෙණෙන වෙළෙඳ) බඩු පොදි ලිහන මේ පාටලීපුත්‍රය අග්‍ර නගරය (Pataliputra)වන්නේ ය. ආනන්‍දය, පාටලිපුත්‍ර නගරයට ගින්නෙන් ද ජලයෙන් ද (රටවැස්සන්) උනුන් බිඳීමෙන් ඇතුළතින් දැ යි අන්තරාය තුණෙක් වන්නේ ය” යි වදාළසේක….





3.1.8 ගෝපකමොග්ගල්ලාන සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > උපරි පන්නාසකය > 1. දේවදහ වර්ගය



මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කාලයෙහි රජගහනුවර කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වාස කෙරෙති. තවද එසමයෙහි වේදේහිපුත්‍ර වූ අජාතසත්තු නම් මගධදෙශයෙහි රජ ප්‍රද්‍යොත රජුට සැක කෙරෙමින් රජගහනුවර ප්‍රතිසංස්කරණ කරවයි. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු කාලයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පිවිසියහ....





6. 2. ජටිල සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > උදානපාළි > 6. ජාත්‍යන්ධ වර්ගය



4. “වහන්ස, ආශ්චර්‍ය්‍ය ය! වහන්ස, අද්භූත ය! ... රහත්මගට පිළිපන්නෝ දැ?”යි මෙය දත නො හැක්කේ ය. ... එක් වැ විසීමෙන් ... ප්‍ර‍ඥා නැත්තහු විසින් නො වේ”යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ වචනය ඉතා මැනැවින් වදාරන ලද්දේය. වහන්ස, මොහු පැවිදි වෙසින් සිට රට වැසියන්ගේ පිණ්ඩභොජනය වළඳන මාගේ චරපුරුෂයෝ ය. මොහු දනව්වල තතු විමසා බලා එති. පළමුවෙන් මොවුන් බැස්ස ඒ පෙදෙසට ඔවුනට පසු ව මම බස්නෙමි. වහන්ස, ඔහු දැන් දූවිලි මල සෝදා හැර මොනොවට නෑවාහු මොනොවට විලෙවුන් දැරුවාහු කැපූ කෙහෙරවුළු ඇත්තාහු, සුදුවන් හඳින්නාහු පස් කම්ගුණ හා ඇලුණෝ එක් වූවෝ ඉඳුරන් කාමවස්තුන්හි හසුරුවත්”යැ යි පසේනදී කොසොල් රජ කීය….





5. කූටදන්ත සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > සීලස්කන්ධ වර්ගය > 5. කූටදන්ත සූත්‍රය



භවත්නි, මහණ ගොයුමන් වූ කලි මගධාධිපති සේනිය බිම්බිසාර රජ තෙමේ දරුවන් බිරියන් සහිත වැ පිරිස් හා ඇමැත්තන් හා සමග දිවි හිම් කොට සරණ ගියේය….



භවත්නි, මහණ ගොයුමන් වූ කලි කොශලාධිපති පසේනදී රජ තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සහිත වැ දිවි හිම් කොට සරණ ගියේ ය ...



භවත්නි, මහණ ගොයුමන් වූ කලි පොකුරුසැත් බමුණු තෙමේ දරුවන් බිරියන් පිරිස් හා ඇමැත්තන් සහිත වැ දිවි හිම් කොට සරණ ගියේය....





5.1.5.10. සෝකසල්ලහරණ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > පඤ්චක නිපාතය > 5. මුණ්‌ඩරාජ වර්ගය



එක්බිති පියක නම් කොෂාරක්ෂකහට මෙ සිත් විය: “මෙ ආයුෂ්මත් නාරද තෙරණුවෝ පාටලීපුත්‍රයෙහි (Pataliputra)කුක්කුටාරාමයෙහි වාස කරත්. ‘පණ්ඩිතයහ, ව්‍යක්තයහ, ප්‍රශස්තබුද්ධි ඇතියහ, බහුශ්‍රැතයහ, චිත්‍රකථීහ, කලණ වැටැහීම් ඇතියහ, මහලුහ, අර්‍හත්හ’ මෙසේ එ ආයුෂ්මත් නාරද තෙරුන්ගේ කලණයසගී උස් ව නැංගේ ය. යම් හෙයෙකින් මුණ්ඩ රජ ආයුෂ්මත් නාරද තෙරුන් පර්‍ය්‍යුපාසනා කෙරේ නම්, එකාන්තයෙන් මුණ්ඩ රජ ආයුෂ්මත් නාරද තෙරුන්ගේ ධර්‍මය අසා ශොකශල්‍යය දුරලන්නේ ය”යි. එක්බිති පියක කොෂාරක්ෂක ඇමැති මුණ්ඩ රජු කරා එළැඹියේ ය. එළැඹ මුණ්ඩ රජහට තෙල කරුණ සැළ කෙළේ ය:





10. පායාසි රාජන්‍ය සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > මහා වර්ගය > 10. පායාසි රාජන්‍ය සූත්‍රය



එ සමයෙහි වනාහි පායාසි නම් රාජන්‍ය (අබිසෙස් නොලත් රජ) තෙම බහුජනාකීර්ණ වූ, තණ දඬු දිය යන මෙයින් යුක්ත වූ, බොහෝ ධාන්‍ය ඇති, රජුගෙන් ලත් තමාගේ පරිභොග වස්තුව වූ, රජුහු ගේ දායාද්‍යය වූ, පසේනදී කොසොල් රජුහු දුන් ශ්‍රෙෂ්ඨ ත්‍යාගය වූ සේතව්‍යා නගරයෙහි වෙසෙයි….





11.2.6. අට්ඨකනාගර සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > එකාදසක නිපාතය > 2. අනුස්‌සති වර්ගය



ඉක්බිති අට්ඨක නගර වාසී දසම ගෘහපති තෙම විසල් පුර වැසි වූ ද පාටලීපුත්‍ර‍ (Pataliputra)නිවාසීවූද භික්‍ෂු සඞ්ඝයා රැස් කරවා සියතින් ප්‍ර‍ණීතඛාද්‍යයෙන් හා භෝජ්‍යයෙන් සන්තර්‍පණ කෙළේ ය, සම්පවාරණ කෙළේ ය. එක් එක් මහණහට ප්‍රත්‍යෙක වස්ත්‍ර‍යුග්මයක් දින. ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් තුන් සිවුරෙන් පිදීය. ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සඳහා පන්සියයක් අගනා විහාරයක්ද කරවීය….





2.5.3 අස්සලායන සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 5. බ්‍රාහ්මණ වර්ගය



භවත් ගෞතමයන් වහන්සේ මෙසේ වදාරතුදු බ්‍රාහ්මණ යෝ වැළිත් තෙල කරුණ මෙසේ හඟිති: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, අන්‍යවර්‍ණ හීන යි. .... බ්‍රහ්ම දායාදයහ”යි.



අස්සලායනයෙනි, ඒ කිමැ’යි හඟිහි? “යෝනකාම්බෝජ දනව්හි දු අන් පසල්දනව්හි දු වර්‍ණ (කුල) දෙකෙක් මැ යැ: ස්වාමි ද දාස ද යන දෙක යි. ස්වාමි වැ දාස වෙයි, දාස වැ ස්වාමි වේ” යයි තොප විසින් අසනලද ද?



භවත්නි, මා විසින් මෙසේ අසන ලද: “යෝනකාම්බෝජ දනව්හි දු අන් පසල්දනව්හි දු ස්වාමි යැ දාස යැ යි වර්‍ණ දෙකෙක් මැ යැ. ස්වාමි වැ සිට දාස වෙයි, දාස වැ සිට ස්වාමි වේ”යයි. අස්සලායනයෙනි, යම් හෙයකින් මෙහි ලා බ්‍රාහ්මණයෝ මෙසේ කියත් ද: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, අන්‍යවර්‍ණ හීනවර්‍ණ යි … බ්‍රහ්මදායාදයහ”යි, මෙ කරුණෙහි ලා බමුණනට කවර බලයෙක් ද? කවර ආස්වාසයෙක් ද?





6. භේසජ්ජක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 6. භේසජ්‌ජක්‌ඛන්‌ධකය



31. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාටලීගම්වැසි (Pataliputra)උපාසකයන් රෑ බොහෝ වේලාවක් ම දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා “ගැහැවියෙනි, රාත්‍රිතොමෝ ඉක්ම ගියා ය. දැන් යම් ගමනකට බලාපොරොත්තු වන්නහු නම්, එයට කාලය දනිවු” යි වදාළහ. පාටලිගම්වැසි උපාසකයෝ “ස්වාමීනි, එසේ ය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාටලිගම්වැසි උපාසකයන් ගිය නොබෝ වේලාවකින් ශුන්‍යාගාරයට පිවිසි සේක….





3. පබ්බාජනියකර්මය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 1. කම්‌මක්‌ඛන්‌ධකය



"වහන්ස, කිටාගිරියෙහි ආවාසය දූෂිත ය. කීටාගිරියෙහි ආවාසික වූ අස්සජි පුනබ්බසුක නම් මහණහු අලජ්ජීහු ය. පාපභික්‍ෂූහු ය. ඔහු මෙබඳු අනාචාර කෙරෙත්: (ගිහීන් සඟන්නට) මල්පැල තුමූත් සිටුවත්, අනුන් ලවා ද සිටුවවත් ... විවිධ වූ ද නොපණත්කම් කෙරෙත්….









1.9.5. පුණ්‌ණ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සළායතන වර්ගය > 1. සළායතන සංයුක්තය > 9. ඡන්‌න වර්ගය



ඉක්බිති ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදැකුණු කොට සෙනසුන සකසා තබා පාසිවුරු ගෙන සුනාපරන්ත දනව්ව වෙත චාරිකාවට නික්ම ගියහ. පිළිවෙළින් චාරිකාව කරන්නේ සුනාපරන්තදනව්වට එළැඹියේ ය. ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ එහි සුනාපරන්තදනව්වේහි වැඩවෙසෙති….





3.2.4. පඨමසඞ්ගාම සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 3. කෝසල සංයුත්‌තය > 2. අපුත්තක වර්ගය



පසේනදි කොසොල් රජ තෙමේ “මගධෙශ්වර වූ වෙදෙහිපුත්‍ර අජාතසත්තු රජ සිවුරඟ සෙනඟ සරසා ගෙන මට විරුද්ධ ව යුධ පිණිස කසී ගම කරා පැමිණියේ ය”යි ඇසී ය. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසවා ගෙණ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජුට විරුද්ධ ව කසී ගම කරා යුධ පිණිස ඉදිරියට ගියේය...





6. සේනාසනක්‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 6. සේනාසනක්‌ඛන්‌ධකය



54. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර කැමැති තාක් වැස සැරියුත් මුගලන් දෙනම ද භික්‍ෂුන් පන්සියක් පමණ වූ මහත් මහණ මුළුවක් ද හා කීටාගිරි දනව්වට සැරිසරා වැඩිසේක. අස්සජී පුනබ්බසුක යන මහණහු “භාග්‍යවතුන් වහන්සේ සැරියුත් මුගලන් දෙනම ද පන්සියක් පමණ වූ මහත් මහණ මුළුවක් ද කැටුව කීටාගිරියට වඩිනසේකැ” යි ඇසූහ….





5. චම්මක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 5. චම්‌මක්‌ඛන්‌ධකය



1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ ගිජුකුළුපව්වෙහි වැඩ වසන සේක. එකල්හි මගධෙශ්වර වූ සෙනිය බිම්බිසාර රජ තෙමේ ගම් අසූදහසෙක ඓශ්වර්‍ය්‍යයයෙන් හා අධිපති භාවයෙන් යුත් රාජ්‍යය කරවයි. එකල්හි චම්පානුවර කොළිවීස ගොත්‍රයෙහි උපන් සොණ නම් සිටුපුත්‍ර තෙමේ සිවුමැළි වූයේ වේ. ඔහුගේ යටිපතුල්හි (අඳුන්වන්) ලොම් හට ගත්තේ වේ. එකල්හි මගධෙශ්වර වූ සෙනිය බිම්බිසාර රජ තෙමේ කිසියම් කටයුත්තක් සඳහා (මෙන්) ඒ අසූ දහසක් ගම් ප්‍රධානයන් රැස් කරවා කොළිවීසගොත්‍රයෙහි උපන් සොණ සිටුපුතු වෙතට “සොණ තෙමේ පැමිණේවා. සොණගේ ඊම කැමැත්තෙමි” යි දූතයකු යැවීය….





6.6.2. අඞ්ගුලිපතොදක ශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාචිත්‌තියපාළිය > භික්‌ඛු විභඞ්‌ය > පාචිත්‌තියකාණ්ඩය > 6. සුරාපාන වර්ගය



1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ ජෙතවන නම් වූ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු සතළොස්වගැ මහණක්හු ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනා ගැන්වූහ. ඒ මහණ මහ සිනායෙන් මිරිකුණේ හුස්ම හිර වූයේ කලුරිය කෙළේ යැ….





6.6.6. ජොති ශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාචිත්‌තියපාළිය > භික්‌ඛු විභඞ්‌ය > පාචිත්‌තියකාණ්ඩය > 6. සුරාපාන වර්ගය



1. එසමයෙහි භාග්‍යවත් බුදුහු භග්ග ජනවියෙහි සුංසුමාරගිරි නම් නුවරැ මිගදාය නම් වූ භෙසකලාවනයෙහි වැඩැවෙසෙති. එසමයෙහි භික්ෂූහු හිමත්කල්හි එක්තරා මහත් බෙණය සහිත දරකඩකට ගිනි දල්වා තැපූහු. ඒ බෙණෙහි දු කළුනයෙක් ගින්නෙන් තැවුණේ නික්මැ මහණුන් ලුහුබැඳී යැ. භික්ෂූහු තන්හි තන්හි දිවූහු….





6.7.7. සංවිධාන ශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාචිත්‌තියපාළිය > භික්‌ඛු විභඞ්‌ය > පාචිත්‌තියකාණ්ඩය > 7. සප්පාණක වර්ගය



1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජෙතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි (Kingdom of Kosala)සිටැ සැවැතට යන්නේ එක්තරා ගම්දොරක් ඉක්මවයි. එක්තරා ස්ත්‍රියක් තොමෝ සැමියා සමග ඩබර කොට ගමින් නික්මැ එමහණ දැකැ මෙය කිවු යැ. “ස්වාමීනි, ආර්‍ය්‍යයෝ කොහි වඩිත්” දැ යි, බුහුන මම වනාහි සැවැතට යන්නෙමි” යි. “මම ද ආර්‍ය්‍යයන් සමඟ යන්නෙමැ” යි. “එන්නැ බුහුනැ“ යි. එකල්හි ඒ ස්ත්‍රියගේ සැමියා ගමින් නික්මැ මිනිසුන් පිළිවිසී යැ. සගයෙනි, මෙබඳු ස්ත්‍රියක දක්නහු දැයි. ආර්‍ය්‍යය, තෙල මාගම පැවිද්දකු සමඟ යේ යැ යි. එකල්හි ඒ පුරුෂ තෙමේ ලුහුබැඳ එමහණ ගෙනැ අකොළා මුදාලී යැ. ඉක්බිති ඒ මහණ එක්තරා රුක්මුලෙකැ (තමාට මැ) අවමන් කරමින් හුන්නේ යැ. එකල්හි ඒ ස්ත්‍රී තොමෝ ඒ පුරුෂයාට මෙය කිවු යැ. “ආර්‍ය්‍ය වූ මේ භික්ෂු තෙමේ මා ගෙනැ නො ආයේ යැ, වැළිදු මම මැ ඒ මහණහු සමඟ යමි. ඒ මහණ අකාරක යැ. යා, එ මහණහු කමාකරව යි. එකල්හි ඒ පුරුෂ තෙමේ එමහණහු කමා කැරැවි….





6.6.7. නහාන ශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාචිත්‌තියපාළිය > භික්‌ඛු විභඞ්‌ය > පාචිත්‌තියකාණ්ඩය > 6. සුරාපාන වර්ගය



1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්දකනිවාප නම් වූ වෙළුවනයෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භික්ෂූහු තපොදයෙහි ස්නාන කෙරෙත්. එකල්හි මගධෙශ්වර වූ ශ්‍රෙණිය බිම්බිසාර රජතෙමේ හිස සොධා නහන්නෙමැ යි තපොදයට ගොස් ආර්‍ය්‍යයන් සනහා නිමාවන තෙක් එකත් පසෙකැ සාපෙක්ෂක වැ සිටියේ ය. භික්ෂූහු අඳුරු වැටෙන තුරු ස්නානය කළහ….





5 - 16 පිඞ්‌ගියමාණව පෘච්‌ඡා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > සුත්ත නිපාතය > 5. පාරායන වර්ගය



භාග්‍යවතුන් වහන්සේ මගධ දනවුයෙහි පාසාණක චෙතිය නම් වෙහෙරෙහි වැඩ වසනසේක, මෙය දෙසූ සේක. බාවරීහුගේ අතැවැසි සොලොස් බමුණන් විසින් අයදනා ලද්දාහු පුළුවුත්පුළුවුත් පැන විසඳූ සේක. ඉදින් යමෙක් එකෙකි පැනයෙකැ පෙළ දැන අරුත් දැන ධර්මානුධර්ම ප්‍ර‍තිපත්තියෙහි පිළිපදනේ නම් හේ ජරාමරණයන්ගේ පරතෙරට යන්නේ මැ ය, යම් හෙයෙකින් මේ ධර්මයෝ (නිර්වාණ) පාර ගමනාර්හ වෙත් ද එ හෙයින් මේ ධර්ම පර්‍ය්‍යායට ‘පරායන‘ යනු මැ නම් වීය….





3.2.5. දුතීයා සඞ්ගාම සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 3. කෝසල සංයුත්‌තය > 2. අපුත්තක වර්ගය



ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජුගේ සියලු ඇත් සෙනඟ පැහැර ගෙණ … ඔහු ජීවත්වන්නහුම මුදා හළේය….





5.9. භද්‍දාකුණ්ඩලකේසා ථෙරීගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ථෙරීගාථා පාළි > 5. පඤ්චක නිපාතය



110. අංග මගධ වජ්ජි කාසි කෝසල යන යම් ජනපද කෙනෙක් (පෙර මා විසින්) හැසිරෙන ලද්දාහුද (එහිමැ) ණය රහිතවැ (රහත් වැ) පනස්වසක් මම රටවැසියා දුන් පිඬුවා වැළඳූමු…..





9. මහා සතිපට්ඨාන සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > මහා වර්ගය > 9. මහා සතිපට්ඨාන සූත්‍රය



1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කුරු රටැ කල්මාෂදම්‍ය නම් යම් නියම් ගමෙක් වීද එහි වැඩ වෙසෙන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි මහණුන් ඇමැතූ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ මහණහු උන්වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මේ (මතු දැක්වෙන) දහම වදාළ සේක:





2.4.2 රට්ඨපාල සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 4. රාජ වර්ගය



ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ හුනස්නෙන් නැගී බුදුන් වැඳ පැදකුණු කොට සෙනස්න සඟවා තබා පාසිවුරු ගෙන ථුල්ලකොට්ඨිත නියම්ගම කරා චාරිකායෙහි පිටත්ව ගියහ. අනුක්‍රමයෙන් සැරිසරන්නාහු ථුල්ලකොට්ඨිත නියම්ගම යම තැනෙක්හි ද එයට වන්හ. එහි දී ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ කුරු රටේ ථුල්ලකොට්ඨිතයෙහි කොරව්‍ය රජු ගේ ‘මිගාවීර’ නම උයන්හි වැඩ වෙසෙති. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ පෙරවරු වේලෙහි හැඳ පෙරෙවැපාසිවුරු ගෙන ථුල්ලකොට්ඨිත නියම්ගමට පිඬු පිණිස පිවිසියහ. ථුල්ලකොට්ඨිතයෙහි ගෙපිළිවෙලින් පිඬු සිඟා වඩනාහු සිය පියාගේ නිවෙස්න කරා එළඹියහ. එසමයෙහි ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පිය තෙමේ මධ්‍යම ද්වාරශාලායෙහි (කපුවා ලවා) කෙහෙ පණාගස්වයි. ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පිය තෙමේ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් දුරින් මැ එනුවන් දිට, දැක තෙල බස් කී: “මේ මුඩු මහණුන් විසින් අප ගේ ප්‍රිය මනාප එක් මැ පුත් පැවිදි කරවන ලදැ”යි. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ සිය පියනිවෙස්නෙහි දන් නො මැ ලද, ප්‍රත්‍යාඛ්‍යාන නො ලද, ඒකාන්තයෙන් ආක්‍රෝශ මැ ලත්….





4.2.3.10. කම්‌බොජ සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > චතුක්ක නිපාතය > (8) 3. අපණ්‌ණක වර්ගය



30. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝසම්බි නුවර (Kaushambi district)ඝොෂිතාරාමයෙහි වැඩ වසන සේක. එකල ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:



වහන්ස, යම් හෙයෙකින් මාගම (ස්ත්‍රිය) විනිශ්චය සභායෙහි නොහිඳීද, කර්‍මාන්ත නොකෙරේද, පිටරට නොයේද, එයට හේතු කවරේද, එයට ප්‍රත්‍යය කවරේද?



ආනන්‍දය, මාගම කිපෙන සුලුය. ආනන්‍දය, මාගම ඊර්‍ෂ්‍යා ඇත්තියක. ආනන්‍දය, මාගම මසුරු ගති (ලෝභකම) ඇත්තියක. ආනන්‍දය, මාගම (ස්ත්‍රිය) නුවණ නැත්තියක.



ආනන්‍දය, යම් හෙයෙකින් මාගම විනිශ්චය සභායෙහි නොහිඳීද, කර්‍මාන්ත නොකෙරේද, පිටරට නොයේද, මේ එයට හේතුයි. මේ එයට ප්‍රත්‍යයයි….





2. මහානිදාන සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > මහා වර්ගය > 2. මහානිදාන සූත්‍රය



1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු රටැ කුරු දනවු වැස්සන්ගේ කල්මාෂදම්‍ය නම් යම් නියම් ගමෙක් වී ද, එහි වැඩ වසන සේක. එ කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හිඳ ගත්හ. එක්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ “වහන්ස, මේ ප්‍රතීත්‍යසමුපත්පාදය කොතරම් ගැඹුරු ද, කොතරම් ගැඹුරු පෙනුම් ඇත්තේ ද යනු ආශ්චර්‍ය්‍ය ය, අද්භූත ය. එතෙකුදු වුවත් මට එය ප්‍රකට වූවක් මෙන්, ඉතා ප්‍රකට වූවක් මෙන් වැටහේ යැ” යි කීහ….





40.1. ඉසිදාසී ථෙරීගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ථෙරීගාථා පාළි > 15. චත්තාලීසති නිපාතය



404. අවන්ති රට උදේනී පුරවෙරෙහි (Ujjain)ශීලසංවෘත වූ සිටු තෙම මාගේ පියා විය. මම ඔහුගේ ප්‍රිය මනාප වූ අනුකම්පා කටයුතු එක් මැ දුව වීමි….





2 - 12 නිග්‍රොධකප්‌ප (වඞ්ගීස) සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > සුත්ත නිපාතය > 2. චූල වර්ගය



මා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ අළවුරට අග්ගාළව නම් චෛත්‍යයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් වඩ්ගීස තෙරුන්ගේ නිග්‍රෝධකප්ප නම් වත් තෙරණුවෝ අග්ගාලව චෙතියෙහි දී පිරිනිවී නොබෝකල් ඇති වෙත්….





2. චිත්තසම්භූත ජාතකය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ජාතක පාළි 2 > 15. වීසති නිපාතය



2366. අපි දෙදෙන අවන්ති දනව්වෙහි චණ්ඩාලයෝ වූම්හ. ඉන් සැව නෙරඤ්ජරා ඉවුරෙහි මුවෝ වූම්හ. එයින් චුත ව නර්මදා නදී තීරයෙහි (Narmada River)උකුස්සෝ දෙදෙනෙක් වූම්හ. අද ඒ බ්‍රාහ්මණ හා ක්‍ෂත්‍රිය වූම්හ….





2.3.5 මාගන්දිය සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 3. පරිබ්බාජක වර්ගය



මා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාෂදම්‍ය නම් වූ කුරුරටවැසියන්ගේ නියම්ගම්හි භාරද්වාජගෝත්‍ර බමුණුගේ අග්නි හෝත්‍රශාලායෙහි තණඇතිරියෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරබත් වේලෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන කල්මාෂදම්‍යනිගමයට පිඬු පිණිස පිවිසියහ. කල්මාෂදම්‍යයෙහි පිඬුසිඟා පසුබත් වේලෙහි පිඬුවායෙන් නැවැතිසේක් එක්තරා වනළැහැබක් කරා දිවාවිහාර පිණිස එළැඹියහ. එ වනළැහැබට වැද එක්තරා රුක්මුලෙකැ දිවාවිහාරයෙන් වැඩහුන් සේක….





5. චම්මක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 5. චම්‌මක්‌ඛන්‌ධකය



100. එකල්හි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර, තෙමේ අවන්ති ජනපදයෙහි කුරරඝර නගරයෙහි ප්‍රපාතපර්‍වතයෙහි වාසය කරයි. එකල්හි කූටිකණ්ණ නම් වූ සොණ උපාසක තෙමේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන්ගේ උපස්ථායක වේ….





(228) 8. කාමනීත ජාතකය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ජාතක පාළි 1 > 2. දුක නිපාතය > 8. කාසාව වර්ගය



311. බ්‍රාහ්මණය, උත්තරපඤ්චාලයද කුරු රටද කේකක නම් රටද යන මේ තුන් රාජ්‍යයන්ගේ අන්තරයද ප්‍රාර්ථනා කෙරෙමි. (මා අනුභව කෙරෙමින් සිටි) බරණැස් රජයට වඩා වැඩියක් ප්‍රාර්ථනා කෙරෙමි. බමුණ, කාමයෙන් විනාශයට පමුණුවන ලද මා (මට) පිළියම් කරව….





5.2.10. කයවික්කය ශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 5. නිසැඟිකාණ්ඩය > 2. කෝසිය වර්ගය



1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන්වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍ර තෙමේ සිවුරුකම් කරන්නට සමත් වූයේ වෙයි. හේ මහලු පටකඩින් සඟළක් කොට මොනොවට රඳන ලද්දක් මොනොවට රඳා පිරියම් කරණ ලද්දක් කොට පෙරෙවි ය. ඉක්බිති එක්තරා පිරිවැජියෙක් මහඟු පිළියක් පෙරෙව ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් වෙත එළඹ උපනන්‍දශාක්‍යපුත්‍රයනට මෙය කීය….





6.1.5. සහසෙය්‍ය ශික්ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාචිත්‌තියපාළිය > භික්‌ඛු විභඞ්‌ය > පාචිත්‌තියකාණ්ඩය > 1. මුසාවාද වර්ගය



3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අළවුපුරැ කැමැති තාක් කල් වැස කෝසම්බි නුවරට (Kaushambi district)චාරිකාවෙහි නික්මුණු සේක. පිළිවෙළින් සැරි සරනුවෝ කොසඹෑ (කෝසම්බි) නුවර යම් තැනෙක ද එතනට පැමිණි සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ කොසඹෑපුරැ ඩෙබර අරමෙහි වසන සේක….





6.3.3. භික්ඛුනූපස්සය ශික්ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාචිත්‌තියපාළිය > භික්‌ඛු විභඞ්‌ය > පාචිත්‌තියකාණ්ඩය > 3. භික්ඛුනොවාද වර්ගය



1. එසමයෙහි භාග්‍යවත් බුදුහු ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් නුවරැ නිග්‍රොධාරාමයෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු මෙහෙණවරට එළැඹැ සවග මෙහෙණන්හට ඔවා දෙති. භික්ෂුණීහු සවග මෙහෙණන්හට තෙල කීහු: ආර්ය්‍යාවෙනි, එවු අවවාදයට යම්හ යි….





2.8. ඛෙමාපදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූනී අපදාන > 2. එකූපොසථික වර්ගය



443. එකලැ බරණැස් පුරවරයෙහි මහර්ෂි බුදුරජාණන් වහන්සේ ගේ උපස්ථායක වූ නරේශ්වර කිකී නම් කසී රජෙක් වූයේ යැ….





12. සත්‌තසතිකක්‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 12. සත්‌තසතිකක්‌ඛන්‌ධකය



9. ඉක්බිති සියල්ලෝ ම ආරඤ්ඤික වූ සියල්ලෝ ම පිණ්ඩපාතික වූ සියල්ලෝ ම පංසුකුලික වූ සියල්ලෝ ම තෙචීවරික වූ සියල්ලෝ ම රහත් වූ පාවා නුවර වැසි සැටක් පමණ භික්‍ෂූහු අහොගඞ්ග පර්වතයෙහි රැස්වූහ. ඇතැමෙක් ආරඤ්ඤික වූ ඇතැමෙක් පිණ්ඩපාතික වූ ඇතැමෙක් පංසුකූලික වූ ඇතැමෙක් තෙවීවරික වූ සියල්ලෝ ම රහත් වූ අවන්ති දක්ෂිණාපථවාසී වූ අටාසූවක් පමණ භික්‍ෂූහු අහොගඞ්ග පර්වතයෙහි රැස්වූහ….





6. මහාගෝවින්ද සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > මහා වර්ගය > 6. මහාගෝවින්ද සූත්‍රය



“කලිඟු රටැ දන්තපුරය ද, අශ්මකරට පෝතන පුරය ද, අවන්ති රටැ මාහිස්සති පුරය ද, සෝවිර රටැ රෝරුක පුරය ද, විදේහ රටැ මිථිලා පුරයද, අංගරටැ චම්පා පුරයද, කසී රටැ බාරාණසී පුර ය ද යන මේ නුවර සත ගෝවින්ද බමුණුහු විසින් කරවන ලදී.”….





1. වේරඤ්ජකාණ්ඩය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 1. වේරඤ්ජකාණ්ඩය



1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ වේරඤ්ජාව සමීපයෙහි නළේරු කොසඹගස මුල පන්සියයක් පමණ වූ මහත් භික්‍ෂුසඞ්ඝයා සමග වැඩ වෙසෙන සේක. වේරඤ්ජබ්‍රාහ්මණ තෙමේ (මෙය) ඇසීය: “පින්වත්නි, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ ගෞතමයෝ පන්සියක් පමණ වූ මහසඟන සමග වේරඤ්ජානුවර නළේරු කොසඹරුක මුල වැඩ වෙසෙති. ඒ භවත් ගෞතමයන්ගේ කලණ වූ කීර්‍තතිරාවය මෙසේ පැන නැංගේ ය: “ඒ භාග්‍යවත් තෙමේ මේ මේ කරුණෙන් කෙලෙස්සතුරන් නැසුවෙක; සම්‍යක්සම්බුද්ධ ය; විද්‍යාචරණධර්‍මයන්ගෙන් යුක්ත ය; මනා ගමන් ඇත්තෙක; සව්ලෝ දත්තෙක; නිරුත්තර වූ පුරුෂදම්‍යසාරථි ය; දෙව්මිනිසුන්ගේ අනුශාසක ය; සව්නේ දත්තෙක; භගවත් ය. ඒ භාග්‍යවත් තෙමේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ අවකාශ ලෝකය හා මහණ බමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත වූ සත්ත්‍ව ලෝකය ද තෙමේ මනා නුවණින් දැන පසක් කොට පවසයි. හෙ තෙමේ මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අර්ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ සර්‍වප්‍රකාරයෙන් සම්පූර්‍ණ වූ පිරිසිදු වූ දහම් දෙසයි. (මෙසේ) සසුන් බඹසර හා මගබඹසර ද පවසයි. එබඳු රහතුන් දැකීම මැනැව” යනුයි….





5.2.1. කෝසිය ශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 5. නිසැඟිකාණ්ඩය > 2. කෝසිය වර්ගය



1. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ අළවුනුවර අසල අග්ගාළව දෙවොලෙහි වැඩ වසන සේක. එසමයෙහි වූ කලි සවගමහණහු තිහිරිහූ නිපදවන්නන් වෙත එළඹ….





1.1.1.3. හාලිද්‌දිකානි සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > ඛන්ධ වර්ගය > 1. ඛන්ධ සංයුක්තය > 1. නකුලපිතු වර්ගය



3. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්ති දනව්වෙහි කුරරඝර නුවර සමීපයෙහි ප්‍රපාත පව්වෙහි වැඩවෙසෙති. එකල්හි හාලිද්දිකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වෙත එළඹියේ යැ. එළඹ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වැඳ එකත්පසෙකැ හින. එකත්පසෙක හුන් හාලිද්දිකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට තෙල සැලකෙළේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටකවර්ගයට අයත් මාගන්දිය ප්‍රශ්නයෙහි දී මෙය වදාළ සේකැ:





ධාතුභාජනීය කථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > බුද්ධවංස පාළි > ධාතුභාජනීයකථා



10. එකල්හි කසාවත බ්‍රහ්ම ලෝකයේද හිස්වෙළුම තව්තිසා දිව්‍ය ලෝකයේද නිසදුන්සිවුර අවන්ති රටෙහිද අතුරුණ කුරු රටෙහිද පිහිටියේය….





6.6.1. සුරාපාන ශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාචිත්‌තියපාළිය > භික්‌ඛු විභඞ්‌ය > පාචිත්‌තියකාණ්ඩය > 6. සුරාපාන වර්ගය



1. එසමයෙහි භාග්‍යවත් බුදුහු චේතිය රටේ සැරිසරනුවෝ භද්දවතිකා නම් ග්‍රාමයට වැඩවදාළෝ. ගවපාලකයෝ පශුපාලකයෝ කර්ෂකයෝ මාර්ගිකයෝ වඩනා භාග්‍යවතුන් දුරැ දී ම දුටුහ. දැක භාග්‍යවතුන්හට තෙල කීහු. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අම්බතීර්ථයට නහමක් වඩනා සේක්වා. වහන්ස! අම්බතීර්ථයෙහි ජටිලයාගේ අසපුවෙහි ඍද්ධිමත් වූ ආශීවිෂ ඇති ඝොරවිෂ ඇති නාගයෙක් වෙසෙයි. හේ භාග්‍යවතුන් නහමක් වෙහෙසාව” යි. මෙසේ කී කල්හි බුදුහු නිහඬ වූහු. දෙවනවටදු ... තෙවනවටදු ගවපාලකයෝ පශුපාලකයෝ කර්කෂයෝ මාර්ගිකයෝ භාග්‍යවතුන්හට මෙය කීහු. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අම්බතීර්ථයට නහමක් වඩනා සේක්වා, වහන්ස, අම්බතීර්ථයෙහි ජටිලයාගේ අසපුවෙහි ඍද්ධිමත් වූ ආශීවිෂ ඇති ඝොරවිෂ ඇති නාගයෙක් වෙසෙයි. හේ භාග්‍යවතුන් නහමක් වෙහෙසාව” යි. තෙවනවටදු බුදුහු නිහඬ වූහු….





3.1.6 ආනෙඤ්ජසප්පාය සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > උපරි පන්නාසකය > 1. දේවදහ වර්ගය



මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුරු දනවියෙහි වූ කල්මාෂදම්‍ය නම් කුරු රට වැසියන් ගේ නියම්ගම්හි වැඩවාස කරන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යී භික්ෂූන් බණවා වදාළ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළ සේක….





ක්‍ෂුද්‍රකවස්තු

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 5. ඛුද්‌දකවත්‌ථුක්‌ඛන්‌ධකය



100. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ විසල්පුර කැමැති තාක් වැස, භග්ග රට බලා සැරි සරා වඩින්නට පිටත් වූ සේක. පිළිවෙළින් සැරිසරා, වඩනා සේක්, භග්ග රටට බට සේක. එ කල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භග්ග රට සුංසුමාරගිර නුවරට නො දුරු නො ළං තන්හි වූ භෙසකලා වනයෙහි වැඩ වසන සේක….





12. භද්‍රාවුධ සූත්‍ර නිර්දෙශය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > චූල නිද්දේස පාළි > භද්‍රාවුධ සූත්‍ර නිර්දෙශය



නානා ජනා ජනපදෙහි සඞ්ගතා - 'නානා ජනා' යනු: ක්ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දෙවියෝ ද මනුෂ්‍යයෝ ද, ජනපදෙහි සඞ්ගතා - අඟු රටින්ද මගධ රටින්ද කලිඟු රටින්ද කසී රටින්ද කොසොල් රටින්ද (Kingdom of Kosala)වැදෑරටින්ද, මල්‍ය රටින්ද චෙතිය රටින්ද වත්ස රටින්ද කුරු රටින්ද පඤ්චාල රටින්ද මත්ස්‍ය ජනපදයෙන්ද සූරසේන ජනපදයෙන්ද අස්සක රටින්ද අවන්ති රටින්ද යොන් රටින්ද (Greece and western countries)කාම්බොජ රටින්ද, සඞ්ගතා යනු: එක් වූවාහු රැස්වූවාහු මුළු වූවාහු එක්රැස් වූවාහු නු යි 'නානා ජනා ජනපදෙහි සඞ්ගතා' යනු වේ….





4.2.4. පතිරූප සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 4. මාර සංයුත්‌තය > 2. රජ්ජ වර්ගය

150. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි (Kingdom of Kosala)ඒකසාල නම් බමුණුගම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දාහු දහම් දෙසන සේක.



ඉක්බිති පවිටු මරුහට මේ මහණ ගොයුම් තෙමේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසයි. (බණ අසන්නවුන්ගේ) පැණැස වනසන්නට මහණ ගොයුම්හු වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැනුයි! මේ අදහස විය. ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය.



යම් හෙයකින් මෙරමාහට අනුශාසනා කෙරෙහි ද, එය මුබට සුදුසු නො වේ. එය කෙරෙමින් රාග ප්‍රතිඝ දෙක්හි නො ලැගව.



[භගවත්හු:]



යම් හෙයකින් සර්වඥ තෙමේ හිතානුකම්පා ඇතිව අනුන්හට අනුශාසනා කෙරේ ද, ඒ තථාගත තෙමේ රාග ප්‍රතිඝ දෙකින් විශේෂයෙන් මිදුනේ වේ.



ඉක්බිති පවිටු මාර තෙමේ එහිම අතුරුදහන් විය….





1.13.9. ලොහිච්‌ච සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සළායතන වර්ගය > 1. සළායතන සංයුක්තය > 13. ගහපති වර්ගය



132. එක්කලෙක ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්ති රටේ මක්කරකට නගරයේ වන කුටියක වැඩවෙසෙති. එකල්හි ලොහිච්ච බමුණාගේ අතැවැසිවූ දර ගෙන යන බොහෝ වූ මාණවකයෝ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ගේ වනකිළිය වෙත එළඹියහ. එළඹ කිසියම් කිසියම් ක්‍රීඩා කරන්නාහු “මොහු මුඬුවෝය. නින්‍දිත මහණෝ ය. ගැහැවියෝ ය. කෘෂ්ණයෝ ය, බඹහු පිටිපත්ලෙන් උපන්නෝ ය, මේ භරතකයන් හෙවත් කෙළෙඹියන් විසින් සත්කාර කරන ලද්දාහු ගරු කරන ලද්දාහු බුහුමන් කරන ලද්දාහු පුදන ලද්දාහු යටත් පහත් පැවතුම් දක්‍වන ලද්දාහු ය” යි උස්හඬ මහහඬ ඇත්තාහු කිළිය අවට නැවත නැවත සක්මන් කෙරෙත්, සිසාරා යෙත්….





3.2.2.10. උපෝසථ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > තික නිපාතය > (7) 2. මහා වර්ගය



විශාඛාවෙනි, යම්පරිදි අඞ්ග – මගධ – කාසී – කොසල – වජ්ජි – මල්ල – චෙති – වඞ්ග – කුරු – පඤ්චාල – මච්ඡ– සූරසේන – අස්සක– අවන්ති – ගන්‍ධාර – කාම්බෝජ බඳු නොමඳ සත්රුවනින් පිරි සොළොස් මහා ජනපදයන්ගේ ඓශ්චර්‍ය්‍යාධිපත්‍යය ඇති රාජ්‍යය යමෙක් කරන්නේ නම් තෙල අෂ්ටාඞ්ගසමන්වාගත උපෝසථ ශීලයාගේ සොළොස් වන කොටසටද එය නොඅගී. ඒ කවර හෙයින: විශාඛාවෙනි, දිව්‍යසුඛය පිණිස මිනිස්රජය ඇලුප් වෙයි….





1.6.10. නිදාන [පටිච්චසමුප්පාද] සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 1. අභිසමය සංයුක්තය > 6. දුක්‌ඛ වර්ගය



60. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුරු රට කම්මාස්සදම්ම නම් කුරූන්ගේ නියම්ගම්හි වැඩවෙසෙන සේක. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ වහන්ස, ආශ්චර්ය්‍යයෙකි. වහන්ස, අද්භූතයෙකි. වහන්ස, මේ පටිච්චසමුප්පාදය ඉතා ගැඹුරු ය. ගැඹුරු වූයේ ම දකිනු ද ලැබේ. එහෙත් මට ඉතා ප්‍රකට වූවක් මෙන් වැටහේ ය” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ….





4.2.8. පිණ්ඩ සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 4. මාර සංයුත්‌තය > 2. රජ්ජ වර්ගය 



154. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධ රටේ පඤ්චශාලා නම් බමුණුගම්හි වැඩවසන සේක. එකල්හි පඤ්චශාලා බමුණුගමෙහි කුමරුන්ගේ (ඔවුනොවුන් යවන) තුටුපඬුරු කෙනෙක් වෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ පඤ්චශාලා නම් බමුණුගමට පිඬු පිණිස පිවිසි සේක. එකල්හි පඤ්චශාලා වැසි බමුණු ගැහැවියෝ පවිටු මරු විසින් “මහණගොයුම් තෙමේ පිඬු නොලබාවා!” යි අවිෂ්ට වෙත්. (මෙහි ඍජු ආවේශයයි, වක්‍ර ආවේශය වන මයා රූප දර්ශන ආදිය දැක්වීමෙන් සිත වක්‍රාකාරයෙන් පෙළඹවීම නොවේ)



එකල්හි භාග්‍යවතුන් වහන්සේ යථාධෞත පාත්‍රයෙන් (සිස්පයින්) යුක්ත ව පඤ්චශාලා බමුණුගමට පිඬු පිණිස පිවිසි සේක් ද, තථාධෞත පාත්‍රයෙන් (හිස් පාත්‍රයෙන්) යුක්ත ව පෙරළා වැඩි සේක.



ඉක්බිති පවිටු මාරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ශ්‍රමණය, පිඬු ලැබුවෙහිද?



පවිට, මම යම්සේ පිඬු නො ලබන්නෙමි නම් තෝ එසේ කළෙහි නො?



වහන්ස, එසේ නම් භගවත් තෙමේ දෙවනවට දූ පඤ්චශාලා බමුණුගමට පිවිසේවා. භගවත් තෙමේ යම්සේ පිඬු ලබන්නේ නම් මම එසේ කරන්නෙමි.



[භගවත්හු:]



මාර තෙමේ ඒ තථාගතයන් ගටා පව් රැස් කළේ ය. පවිට, “මාගේ පව් නොපැසෙති”යි කිම සිතයි ද?



යම්බඳු වූ අපට (රාගාදි) ක්ලේශජාතයෙක් නැද්ද (එසේ වූ අපි) ඒකාන්තයෙන් ඉතා සැපසේ ජීවත් වම්හ. ආභස්වර බඹලොව වැසි දෙවියන් මෙන් ප්‍රීතිය ම ආහාර කොට ඇත්තමෝ වම්හ.



එකල්හි පවිටු මාර තෙමේ … එහි ම අතුරුදහන් විය….





7.1.3. දුතිය ඉසිදත්‌ත සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සළායතන වර්ගය > 7. චිත්ත සංයුක්තය > 1. චිත්‌ත වර්ගය



වහන්ස, ආර්‍ය්‍ය වූ ඉසිදත්ත ‍තෙරණුවෝ කොහි සිට වඩිද්දැ? යි. ගැහැවිය, මම අවන්ති රටෙන් එමි යි. වහන්ස, අපගේ නුදුටු යහළු වූ ඉසිදත්ත නම් පැවිදි කුලපුතෙක් අවන්ති දනව්වෙහි ඇත. ආයුෂ්මතුන් වහන්සේ විසින් හෙතෙමේ දක්නා ලද්දේ දැ? යි. ගැහැවිය, එසේ යයි. වහන්ස, ඒ ආයුෂ්මතුන් වහන්සේ දැන් කොහි වෙසෙත්දැ යි. මෙසේ කී කල්හි ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවෝ නිශ්ශබ්ද වූහ. වහන්ස, ආර්‍ය්‍යයෝ අපගේ ඉසිදත්තයෝ දැ? යි. ගැහැවිය, එසේ යයි. වහන්ස, ආර්‍ය්‍ය වූ ඉසිදත්ත තෙරණුවෝ මච්ඡිකාසණ්ඩයෙහි සිත් අලවා වෙසෙන සේක්වා. අම්බාටක වනය සිත්කලු ය. මම ආර්‍ය්‍ය වූ ඉසිදත්ත තෙරණුවන්ට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර සැපයීමෙහි උත්සාහ කරන්නෙමි. ගැහැවිය, යහපතක් කියනු ලැබේයි…..





8.1.5.3. විසාඛූපොසථ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > අට්ඨක නිපාතය > 5. උපෝසථ වර්ගය



විශාඛාවෙනි, යම්සේ අඞ්ග ය, මගධ ය, කාශී ය, කොශල ය, වජ්ජී ය, මල්‍ය ය, චෙතී ය, වඞ්ගය, කුරු ය, පඤ්චාල ය, මත්ස්‍ය ය, ශූරසෙන ය, අශ්වක ය, අවන්ති ය, ගන්‍ධාර ය, කම්බෝජ ය යන බොහෝ සත් රුවන් ඇති මේ සොළොස් මහාජනපදයන්ගේ ඓශ්වර්‍ය්‍යාධිපත්‍යය ඇති රාජ්‍යය යමෙක් කරන්නේ නම්, තෙල අටඟින් යුත් පෙහෙවස්හුගේ සොළොස්වන කලාවටද නො අගනේය….





12. සත්‌තසතිකක්‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 12. සත්‌තසතිකක්‌ඛන්‌ධකය



10. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු සොරෙය්‍ය නුවරට ගොස් ආයුෂ්මත් “රේවත තෙරුන් වහන්සේ කොහි දැ යි ඇසූහ. තෙලෙ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සඞ්කස්සයට වැඩියහ'යි ඔහු කීහ. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරුන් වහන්සේ සඞ්කස්සයෙන් කණ්ණකුජ්ජ (Kannauj)නුවරට වැඩියහ. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු සඞ්කස්ස නුවරට ගොස් ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කොහි දැ යි ඇසූහ. තෙලෙ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කණ්ණකුජ්ජයට වැඩියහ යි ඔහු කීහ. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කණ්ණකුජ්ජ නුවරින් උදුම්බර නුවරට වැඩියහ. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු කණ්ණකුජ්ජයට ගොස් ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කොහි දැ යි ඇසූහ. තෙලෙ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ උදුම්බර නුවරට වැඩිසේකැ'යි ඔහු කීහ. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ උදුම්බර නුවරින් අග්ගළපුරයට වැඩියහ. ඉක්බිති සථවිර භික්‍ෂූහු උදුම්බර නුවරට ගොස් ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කොහි දැ යි ඇසූහ. තෙලෙ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ අග්ගළපුරයට වැඩිසේකැයි ඔහු කීහ. ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ අග්ගළ පුරයෙන් සහජාති පුරයට වැඩියහ. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු අග්ගළ පුරයට ගොස් ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ කොහි දැ යි ඇසූහ. තෙලෙ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සහජාති පුරයට වැඩිසේකැ'යි ඔහු කීහ. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු සහජාති පුරයෙහි දී ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ සම්භාවනය කළහ…. (හමු වූහ.)





4.3.2. සමිද්ධි සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 4. මාර සංයුත්‌තය > 3. මාර වර්ගය



158. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි සිලාවති ගම්මානයේ වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ නොපමාව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වෙසෙත්.



ඉක්බිති එකලා වූ චිත්තවිවේකයෙන් යුක්තවූ ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ට මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය. ඒ මාගේ ශාස්තෘ තෙමේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධය. ඒ මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි. ඒ මම මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි පැවිදි වූයෙමි. ඒ මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි. ඒ මට සිල්වත් කලණ දහම් ඇති සබ්‍රම්සරහු වෙති. ඒ මට එකතින් මහත් ලාභයෙකි. ඒකාන්තයෙන් මනා ලැබීමෙකි.



ඉක්බිති පවිටු මාර තෙමේ තම සිතින් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ගේ චිත්තපරිවිතර්කය දැන ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන් නුදුරෙහි මහත් බිය ජනන හඬක් කළේ ය. තවද එය පොළොව පෙරළන්නාක් සෙයින් වෙයි.



ඉක්බිති ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වේ එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, මෙහි මම භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි නොපමා ව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වෙසෙමි. වහන්ස, එකලා වූ චිත්තවිවේකයෙන් හුන් ඒ මට මෙබඳු චිත්ත විතර්කයෙක් පහළ විය. ඒ මාගේ ශාස්තෘ තෙමේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධය. එය මට ඒකාන්තයෙන් මහත් ලාභයෙකි. ඒකාන්තයෙන් මනා ලැබීමෙකි. ඒ මම මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි පැවිදි වූයෙමි. ඒ මට ඒකාන්තයෙන් මහත් ලාභයෙකි. එකතින් (ඒකාන්තයෙන්) මනා ලැබීමෙකි. ඒ මට සිල්වත් කලණ දහම් ඇති සබ්‍රම්සරහු වෙති. ඒ මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි. වහන්ස, ඒ මාගේ නුදුරෙහි පොළොව පෙරළන්නාක් සෙයින් බිය ජනන හඬෙක් විය.



[භගවත්හු:]



සමිද්ධි, මේ පොළොව නො පෙරෙළෙයි. මේ පවිටු මරු ය. තොපගේ නුවණැස වනසා ලන්නට පැමිණියේ ය. සමිද්ධි, තෙපි යව. නොපමා ව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව එහි ම වසව.



වහන්ස, එසේ ය යි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියහ: දෙවනවට දු ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ නොපමාව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව එහි ම විසූහ. දෙවනවට දු එකලා ව චිත්තවිවේකයෙන් හුන් සමිද්ධි තෙරණුවන්ට මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය. … ඒ මට සිල්වත් කලණදහම් ඇති සබ්‍රම්සරහු වෙති. එය මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මට මනා ලැබීමෙකි. දෙවනවට දු පවිට මාර තෙමේ (තම) සිතින් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ගේ චිත්තපරිවිතර්කය දැන … තවද, පොළොව පෙරළන්නාක් සෙයිනි.



ඉක්බිති ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථායෙන් කීහ.



මම සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වීමි. මා විසින් සිහිය හා නුවණ අවබෝධ කරණ ලදී. සිතද මොනොවට පිහිටුවන ලද්දේය. (එහෙයින් බිහිසුණු) රූපයන් කැමති පරිද්දෙන් කරව. මා නොම පෙළන්නෙහි ය.



ඉක්බිති පවිටු මරු තෙමේ සමිද්ධි මහණ තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහිම අතුරුදන් විය….





4.3.1. සම්බහුල සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 4. මාර සංයුත්‌තය > 3. මාර වර්ගය



157. මා විසින් අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි සිලාවති ගම්හි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි නොපමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙත්.



එකල්හි පවිටු මාර තෙමේ බමුණු වෙසක් මවා ගෙණ මහත් දළසුඹුළුයෙන් යුක්තව හැඳි පෙරෙවි අඳුන්දිවිසම් ඇතියේ ජරායෙන් දිරූයේ ගොවනැස්සක් මෙන් වක් වූයේ ඝුරු ඝුරු හඬින් ප්‍රශ්වාස කරණසුලු වූයේ දිඹුල්දඬක් අතින් ගෙණ ඒ භික්ෂූන් වෙත එළඹියේය. එළඹ ඒ භික්ෂූන්ට “භවත් පැවිද්දෝ දහරයහ. මනා අභිනීල කෙහෙ ඇතියහ. සොඳුරු යොව්නෙන් පළමු වයසින් යුක්තයහ. කම්කෙළියෙහි කෙළුම් නොකළසුල්ලහ. භවත්හු මිනිස් කාම සැප විඳිත්වා. මේ අත්බැව්හි වින්ද යුතු සුව හැර කල් ගෙවා වින්ද යුතුවූ සුව කරා නුදුවත්වා” යි කී.



බමුණ, අපි මේ අත්බැව්හි වින්ද යුතු සුව හැර කල් ගෙවා වින්ද යුතු සුව කරා නොදුවමු.. බමුණ, අපි කල් ගෙවා වින්ද යුතු සුව හැර මේ අත්බැව්හි වින්ද යුතු සුව කරා දුවමු. බමුණ, කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇතියහ. දැඩි ආයාස ඇතියහ. මෙහි දොස් බොහෝහ. මේ ලොවුතුරු දහම මේ අත්බැව්හි තමන් විසින්ම වින්ද යුතුය. කල් නොයවා විපාක දෙන සුලුය. එව බලව යි කීමට සුදුසුය. තමසිත්හි පමුණුවා ලීමට සුදුසුය. නුවණැත්තන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය.



මෙසේ කී කල්හි පවිටු මාර තෙමේ හිස යටිකුරු කොට සලා දිව නෙරා ලෙළවා නළලෙහි තුන් රැළි ඇති බැමබිඳුම් නංවා දණ්ඩ එල්බ ගෙන ගියේය.



ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, මෙහි අපි භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි නො පමාව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇතිව වෙසෙමු. වහන්ස, එකල්හි එක්තරා බමුණෙක් මහත් දළසුඹුළුයෙන් යුක්තව අඳුන් දිවිසම් හැඳ පෙරෙවියේ ජරායෙන් දිරූයේ ගොවනැස්සක් මෙන් වක් වූයේ ඝුරු ඝුරු යන හඬින් ප්‍රශ්වාස කරණ සුලු වූයේ දිඹුල් දණ්ඬක් අතින් ගෙණ අප වෙත එළඹියේය. එළඹ අපට මෙය කීය.



“භවත් පැවිද්දෝ දහරයහ. කළුකෙහෙ ඇතියහ. සොඳුරු යොව්නෙන් පළමු වයසින් යුක්තයහ. කාමයෙහි ක්‍රීඩා නොකළහ. භවත්හු මිනිස් කම්සුව විඳිත්වා. මේ අත්බැව්හි වින්ද යුතු සුවය හැර කලෙකින් ලැබෙන සුවය කරා නො දුවත්වා” යි. වහන්ස, මෙසේ කී කල්හි ඒ බමුණට අපි මෙය කීමු. “බමුණ, අපි මේ අත්බැව්හි වින්දයුතු සුව හැර කල් ගෙවා ලැබෙන සුව කරා නො දුවමු. බමුණ, අපි කල් ගෙවා ලැබෙන සුව අත් හැර මේ අත්බැව්හි වින්ද යුතු සුව කරා දුවමු. බමුණ, කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇතියහ. දැඩි ආයාස ඇතියහ. මෙහි ආදීනව බොහෝහ. මේ ලොවුතුරු දහම මේ අත්බැව්හි (මේ ආත්මභාවයේ) තමා විසින්ම වින්ද යුතු ය. කල් නොයවා විපාක දෙන සුලුය. එව, බලවයි කීමට සුදුසුය. තම සිත්හි පමුණුවා ලීමට සුදුසු ය. නුවණැත්තන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතුය යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය”යි. ස්වාමීනි, වහන්ස, මෙසේ කී කල්හි ඒ බමුණු තෙමේ හිස යටිකුරු කොට සලා දිව නෙරා ලෙළවා නලළෙහි තුන්රැළි ඇති බැමබිඳුම් නංවා දණ්ඩ එල්බ ගෙණ ගියේ ය.



මහණෙනි, මේ බමුණෙක් නොවේ. මේ පවිටු මරුය. තොපගේ නුවණැස වනසාලීම පිණිස පැමිණියේ ය යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලයෙහි මේ ගාථාව වදාළ සේක:



යමෙක් දුක යම් පඤ්චකාම ගුණයක් නිදාන කොට ඇතැයි දුටුයේද, ඒ සත්ව තෙමේ කාමයන්හි කෙසේ නැමෙන්නේද, (නොනැමේ මැයි) ඒ සත්ව තෙමේ ලෙව්හි කාමගුණොපධිය (රාගාදී) සඞ්ගයයි දැන ඒ කාමගුණොපධියම දුරලනු පිණිස හික්මෙන්නේය….





4.2. සෙරිස්සක ප්‍රෙතවස්තු

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ප්‍රේත වස්තු > 4. මහා වර්ගය



619. අපි අඟු මගධ දෙරටවැසි ගැල් සාත්තුවෝ වම්හ. බොහෝ වෙළද බඩු ගැල්හි පටවා ගෙන වැඩිලාබ පතමින් සින්ධු හා සෝවීර රටවලට වෙළදාම පිණිස යන්නෙමු….





6. භේසජ්ජක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 6. භේසජ්‌ජක්‌ඛන්‌ධකය



18. එකල්හි ගිලන්මහණුන්ට ලුණුබෙහෙතින් ප්‍රයොජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මූදු ලුණු, කළු ලුණු, (black salt) සින්ධු ජනපදයෙහි උපන් ලුණු (Himalayan Pink Salt), සුවස ලුණු, බළල් ලුණු යන ලුණුමිශ්‍ර බෙහෙත් ද, යම් අනෙක් ලුණුබෙහෙතක් කෑ යුතු දැයෙහි ලා කෑමෙහි ඵලය නො සිදු කෙරේ ද, අනුභව කටයුතු දැයෙහි ලා අනුභව කිරීමේ ඵලය නො සිදු කෙරේ ද, එබඳු ලුණුබෙහෙත් පිළිගෙණ දිවි ඇති තාක් පරිහරණය කරන්නට ද, හෙතුවක් ඇති කල්හි වැළඳීමට ද අනුදනිමි. හෙතුවක් නැති කල්හි වළඳන්නහුට දුකුළාඇවැත් වේ” යි….





4.1.3. සුභ සූත්‍රය (සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 4. මාර සංයුත්‌තය > 1. ආයු වර්ගය



139. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සම්බෝධියෙන් පළමුවලා උරුවෙල් දනව්වෙහි … වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ දැඩිගනඳුරෙහි අබවස වැඩහුන් සේක. වැස්ස ද එක් එක් පොද හෙළයි.



එකල්හි පවිටු මරු තෙමේ භාග්‍යවතුන් වහන්සේට බියවෙවුළුම ලොමුදැහැගැන්ම උපදවනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ප්‍රිය වූත් අප්‍රිය වූත් විසිතුරු සටහන් දක්වයි.



එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවලින් වදාළ සේක:



දීර්ඝකාලයක් මුළුල්ලෙහි සැරිසරන්නේ ශුභාශුභවේශ විලාස කොට (මා වෙත ආයෙහි ය.) එම්බල පවිටු මරුව, තට එයින් කම් නැත. මරුව තෝ නටුයෙහි.



යම් කෙනෙක් කයින් ද වචනයෙන් ද සිතින් ද දසංවෘත වෙද්ද, මරුව, ඔහු තට වසඟ නොවෙත්. ඔහු මාරයාගේ බැම්මට අසු (-අතැවැස්සෝ) නොවෙත්.



එකල්හි පවිටු මරු තෙමේ “භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී ය”යි දුකට පත් වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් විය….





2.3.7 මහා සකුලුදායී සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 3. පරිබ්බාජක වර්ගය



උදායී, දැන් තෙපි කවර නම් කථාවෙකින් යුක්ත වැ උන්හු ද? තොප විසින් කවර නම් කථාවක් අඩාළ කරනලද දැ?යි. වහන්ස, තෙල කථා තිබියේවා, ඇපි දැන් යම් කථායෙකින් යුක්ත වැ උන්නමෝ නම් වහන්ස, තෙල කථා පසුවත් භාග්‍යවතුන් වහන්සේට ඇසීමට දුලබ නො වෙයි. වහන්ස, ඊයේ පෙරෙයිදා දිනයන්හි කුතුහලශාලායෙහි රැස්වැ හුන් නානාතීර්‍ථක ශ්‍රමණබ්‍රාහ්මණයන් අතුරෙහි මේ අතුරු කථාව උපන: “භවත්නි, අඟු මගධ දෙරට වැසියනට ඒකාන්තයෙන් ලාභයෙක. භවත්නි, අඟු මගධ දෙරට වැසියනට ඒකාන්තයෙන් මනා ලාභයෙක. යම් තැනෙක ප්‍රව්‍රජිත සමූහ සඬ්ඛ්‍යාත සඬ්ඝයා ඇති ආචාරගණ ඇති ගණැඳුරු වූ ප්‍රසිද්ධ වූ නැඟීසිටි යශස් ඇති ලබ්ධිකර වූ බොහෝ දෙනාට මැනැවැ’යි සම්මත වූ මේ ශ්‍රමණබ්‍රාහ්මණයෝ රජගහනුවර වස්සාවාස කොට ඔසළෝ (රැස්වූහු) ද ඒ අඟුමගද දෙරට යි. මේ පූර්ණකාශ්‍යප ද සඬ්ඝයා ඇත්තේත් ගණ ඇත්තේත් ගණාචාර්‍ය්‍ය වූයේත් ප්‍රසිද්ධ වූ යශස් ඇති තිර්‍ථඞ්කර වූයේත් බොහෝදෙනාට මැනැවැ යි සම්මත වූයේත් වෙයි. හේ ද රජගහනුවර වස්සාවාස කොට ඔසළේ යැ. මේ මක්ඛලිගෝසාලද ... අජිත කේසකම්බලී ද … පකුධ කච්චායන ද ... සඤ්ජය බෙල්ලට්ඨිපුත්ත ද … නිගණ්ඨ නාථපුත්ත ද සඬ්ඝයා ඇත්තේත් ගණයා ඇත්තේත් ගණැදුරු වූයේත් ප්‍රසිද්ධ වූ යශස් ඇති තිර්‍ථඞ්කර වූයේත් බොහෝ දෙනාට මැනැවැ’යි සම්මත වූයේත් වෙයි. හේ ද රජගහනුවර වස්සාවාස කොට ඔසළේ යැ. මේ ශ්‍රමණගෞතම ද සඬ්ඝයා ඇත්තේත් ඇති ගණාචාර්‍ය්‍ය වූයේත් ප්‍රකට වූ යශස් ඇති ලබ්ධිකර වූ බොහෝදෙනාට මැනැවැ'යි සම්මත වුයේත් වෙයි. හේ ද රජගහනුවර වස්සාවාස කොට ඔසළේ යි. මේ සඬ්ඝයා ඇති ගණයා ඇති ගණඳුරු වූ ප්‍රකට වූ යශස් ඇතිවූ ලබ්ධිකර වූ බොහෝදෙනාට මැනැවැ’යි සම්මත වූ භවත් මහණබමුණන් අතුරෙහි කවරෙක් ශ්‍රාවකයන් විසින් සත්කෘත ගුරුකෘත මානිත පූජිත වේ ද? කෙසේ නම් ශ්‍රාවකයෝ සත්කාර කොට ගරුකාර කොට ඇසිරි කොට වෙසෙත් දැ? යි….





මහාඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 1. මහාඛන්‌ධකය



10. එකල්හි උරුවෙල කාශ්‍යප ජටිලයාගේ මහායාගයක් එළඹ සිටියේ වෙයි. මුළු අංග මගධ දනවුවැස්සෝ බොහෝ වූ කෑයුතු දේත් බිදියයුතු දේත් ගෙණ එළඹෙනු කැමැත්තෝ වෙති. එකල්හි උරුවෙලකාශ්‍යපජටිලයාහට “දැන් මාගේ මහායාගය එළඹ සිටියේ ය. අඟුමගදදනවුවැස්සෝ බොහෝ වූ කෑ යුතු දේත් බිදියයුතු දේත් ගෙණ එළඹෙන්නාහු ය. ඉදින් මහාශ්‍රමණ තෙමේ මහාජනසමූහයා මැද ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යයක් කෙළේ නම්, මහාශ්‍රමණයාගේ ලාභසත්කාර ය වැඩෙන්නේ ය. මගේ ලාභසත්කාරය පිරිහෙන්නේ ය. එහෙයින් මහාශ්‍රමණ තෙමේ හෙට නො එන්නේ නම් යෙහෙකැ” යි මෙබඳු සිතක් උපන්නේ ය...





5. ජනවසභ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > මහා වර්ගය > 5. ජනවසභ සූත්‍රය



“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කාසි කෝසල දෙරටෙහිද වජ්ජි මල්ල දෙරටෙහිද චේතී වංස දෙරටෙහිද කුරු පංචාල දෙරටෙහිද මච්ඡ සූරසේන දෙරටෙහිද යන වටා වටා දනවුහි ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ උවසුවන් ‘අසෝ තැනැත්තේ අසෝ තැනැ උපන, අසෝ තැනැත්තේ අසෝ තැනැ උපනැ’ යි උපපත්ති නිමිත්තෙන් (ඔවුන් මරණින් පසු තතු) හෙළි කරන සේක. ළඟ ඉකුත් කලැ සිටී, කලුරිය කළ ඥාතිකාවාසී පනසකට වැඩි ගණනෙක් උවසුවෝ අවරභාගික සංයෝජන පස නැසූයෙන් ශුද්ධාවාසයෙහි උපන්නාහු, එහි දී පිරිනිවෙන සුලු වූවාහු, වටාලා එයින් මෙහි නො එන සුලු වෙත්. ඉකුත් කලැ සිටී, කලුරිය කළ, ඥාතිකාවාසී අනූවකට වැඩි ගණනක් උවසුවෝ, තුන් සංයෝජන නැසූයෙන්, රාග ද්වේෂ මෝහ තුනී වූයෙන්, සෙදගැමි වූවාහු, එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ. ඉකුත් කලැ සිටි, කලුරිය කළ, පන්සියයට වැඩි ගණනක් ඥාතිකවාසී උවසුවෝ, තුන් සංයෝජන නැසූයෙන්, සෝවාන් වූවාහු, රහත් ඵලය ප්‍රතිෂ්ඨා කොටැත්තාහු වෙත්” යැ යි වඳාරන සේක. එයින් ඥාතිකාවාසී උවසුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න ව්‍යාකරණය අසා ආරාධිත සිතැත්තෝ ප්‍රමුදිතයෝ උපන් ප්‍රීති හා සොම්නස් හා ඇත්තෝ වූහ. වහන්ස, ළඟ ඉකුත් කලැ කලුරිය කළ මගද රටැ වැසි චිරරාත්‍රඥ වූ මේ බොහෝ උවසුවෝ වූහ. අඟු මගද දෙරට ළඟ ඉකුත් කලැ කලුරිය කළ අඟුමගද වැසි උවසුවන් ගෙන් හිස් වූ සේ ය. වහන්ස, ඔහු ද බුදු රජු කෙරෙහි පැහැදුණා වූ, දහම්හි පැහැදුණාහු, සඟන කෙරෙහි පැහැදුණාහු, සිල් පුරන්නාහු වූහ. ළඟ ඉකුත් කලැ කලුරිය කළ ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් නො හෙළි කරන ලදහ….





4.3.5. මාරධීතු සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 4. මාර සංයුත්‌තය > 3. මාර වර්ගය



161. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවේලාවෙහි වැඩ වසන සේක. 



ඉක්බිති තණ්හා අරති රගා ද යන මාර දූවරු පවිටු මරු වෙත එළඹියහ. එළඹ පවිටු මරුහට ගාථායෙන් කියුහු:



පියාණෙනි, කවරහෙයින් නොසතුටු සිත් ඇත්තෙහි ද? කිනම් පුරුෂයකු සිතයි ද? අපි ඔහු වනඇතකු මෙන් රාගපාශයෙන් බැඳ ගෙණ එන්නමු. එවිට තොපට වසඟ වන්නේ යයි.



[මරු:]



සුගත තෙමේ ලෝකයෙහි අර්හත් ය. රාගයෙන් (බැඳ) සුවසේ ගෙණ ඉය නොහැක්කේ ය. මාරවිෂය ඉක්ම වූයේ ය. එහෙයින් මම අතිශයින් සිතිවිලි සිතමි.



ඉක්බිති තණ්හා අරති රගා ද යන මාර දූවරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට “මහණ, මුබ පා හමුයෙහි මෙහෙවර කරමෝව”යි මෙය කියුහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නොකෙරේ ද එසෙයින් එද නොමෙනෙහි කළ සේක.



ඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු එකත්පසෙකට ඉවත් ව පුරුෂයන්ගේ අදහස් විසිතුරු ය. (එහෙයින්) අපි සියක් සියක් කොට කුමරිවෙස් සියක් මවා ගන්නමෝ නම් යෙහෙකැයි මෙසේ සිතූහ.



ඉක්බිති තණ්හා අරති රගා ද යන මාර දූවරු (එකක් එකක්) සියක් සියක් කොට කුමරිවෙස් සියක් (තුන්සියක් විලස්) මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට “මහණ, මුබ පා හමුයෙහි මෙහෙ කරමෝ ව”යි මෙය කියුහ. භාග්‍යවතුන් වහන්සේ යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නොමෙනෙහි කළ සේක.



ඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහූ එකත්පසෙකට ඉවත් ව පුරුෂයන් අදහස් විසිතුරුය. අපි සියක් සියක් නොවැදූ ඉතිරින් වෙස් සීයක් මවා ගන්නමෝ නම් මැනවැයි මෙසේ සිතූහ.



ඉක්බිති තණ්හා අරති රගා යන මරදූහු එකසිය එකසිය නොවැදූ ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට “මහණ, මුබගේ පා හමුයෙහි මෙහෙවර කරමෝ ව”යි මෙය කියාහු. භාග්‍යවතුන් වහන්සේ යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේද එසෙයින් එ ද නොමෙනෙහි කළ සේක.



ඉක්බිති තණ්හා … අපි සියක් සියක් කොට එක්වර වැදූ ඉතිරින් (ස්ත්‍රීන්) වෙස් සියක් මවා ගන්නමෝ නම් මැනවැයි සිතූහ.



ඉක්බිති තණ්හා … එක්වර වැදූ ඉතිරින් වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත … යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නොමෙනෙහි කළ සේක.



ඉක්බිති තණ්හා … අපි … දෙවර වැදූ ඉතිරින්වෙස් සියක් මවා ගන්නමෝ නම් මනාමැනුයි.



ඉක්බිති තණ්හා … දෙවර වැදූ ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත … යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නොමෙනෙහි කළ සේක.



ඉක්බිති තණ්හා … අපි … මැඳුම්විය ඉතිරින්වෙස් සියක් මවා ගන්නමෝ නම් මනාමැනුයි.



ඉක්බිති තණ්හා … මැඳුම්විය ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත … යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නො මෙනෙහි කළ සේක.



ඉක්බිති තණ්හා … අපි … වයසින් වැඩුන ඉතිරින් (ස්ත්‍රීන්) වෙස් සියක් මවා ගන්නමෝ නම් මැනවැයි.



ඉක්බිති තණ්හා … වයසින් වැඩුන ඉතිරින් වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත … යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එද නොමෙනෙහි කළ සේක.



ඉක්බිති තණ්හා අරති රගා ද යන මාරදූහු එකත්පසකට ඉවත්ව මෙසේ කියුහ. අපගේ පිය තෙමේ සැබැවක් කීයේ ම ය.



“සුගත තෙමේ ලෝකයෙහි අර්හත් ය. රාගයෙන් බැඳ නොගෙණිය හැක්කේ ය. මාර විෂය ඉක්ම වූයේ ය. එහෙයින් මම අතිශයින් සිතිවිලි සිතමි” යි.



අපි පහ නොවූ රාග ඇති යම් මහණකු හෝ බමුණකු හෝ වෙත මේ උපක්‍රමයෙන් එළඹෙන්නමෝ නම් ඔහුගේ ලය හෝ පැළෙන්නේ ය. මුවෙන් උණුලේ හෝ නැඟෙන්නේය. උමතුවට හෝ සිත් පෙරළියට හෝ පැමිණෙන්නේ ය. සිඳින ලද නිල්වන් බටගසෙක යම්සේ වියළේ ද, වෙසෙසින් වියළේ ද, මැලවේ ද, එසෙයින් ම වියළෙන්නේය වෙසෙසින් වියළෙන්නේය මැලවෙන්නේය යි.



ඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ එකත්පසෙක සිටියහ. එකත් පසෙක සිටි තණ්හා මර දූ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කිවුය:



ශෝකයට බටුයෙහි ද? වෙනෙහි සිතිවිලි සිත්හි ද? වස්තුවක් පැරදුනේහි ද? වැලි පතමින් (හිඳිහි ද?) ගම්හි කිසියම් අපරාධයක් කෙළෙහි ද? කුමක් හෙයින් මහජනයා සමග මිත්‍රභාවය නොකෙරෙහි ද? කිසිවකු හා මුබගේ මිත්‍රභාවයෙක් නොසැපයේ ද?



[භගවත්හු:]



මම ප්‍රියස්වරූප සාතස්වරූප ඇති ක්ලේශසේනාව දිනා හුදෙකලාව ධ්‍යාන කෙරෙමින් අභිමතාර්ථයාගේ පැමිණීම වූ ද, හෘදයශාන්තිය වූ ද රහත්ඵල සුවය අවබොධ කෙළෙමි. එබැවින් මහජනයා සමග මිත්‍රත්වය නො කරමි. කිසිවකු හා මාගේ මිත්‍රත්වයෙක් නො සැපයේ.



ඉක්බිති අරති මරදූ භාග්‍යවතුන් වහන්සේ ගාථායෙන් කිවුය.



මෙසස්නෙහි කෙබඳු විහරණයක් බහුල කොට ඇති මහණ තෙම තරණය කළ පඤ්චද්වාරික ක්ලේශඕඝ ඇත්තේ (මනෝද්වාරික වූ) සවන ක්ලේශඕඝය තරණය කළේ ද? කාමසංඥාවෝ කෙබඳු ධ්‍යානයක් බහුල කොට ඇත්තා වූ ඔහු නොලබා හාත්පසින් බැහැර වෙද් ද?



[භගවත්හු:]



සන්හුන් කය ඇති මොනවට මිදුන සිත් ඇති කර්ම රැස් නොකරණ සිහි ඇති ආලය නැති (රහත් තෙමේ) දහම් දැන විතර්ක රහිත ධ්‍යානයෙහි යෙදුනේ නො කිපෙයි. (රාග වශයෙන්) සිහි නොකෙරෙයි. (මොහ වශයෙන්) හැකුලුනේ නොවෙයි.



මෙහි එබඳු විහරණ බහුල කොට ඇති මහණ තෙමේ තරණය කළ පඤ්චද්වාරික ක්ලේශඕඝ ඇත්තේ මේ ලෝකයෙහි (මනෝද්වාරික වූ) සවන ක්ලේශඕඝය තරණය කළේ ය. කාම සංඥාවෝ මෙසේ ධ්‍යාන බහුල කොට ඇති ඔහු නොලැබ හාත්පසින් බැහැර වෙත්.



ඉක්බිති රගා මර දූ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කිවුය.



ගණයා කෙරෙහිත් සමූහයා කෙරෙහිත් හැසිරෙණ මේ ශාස්තෘ තෙමේ තෘෂ්ණාව සින්දේ ය. බොහෝ සත්වයෝ ද එකතින් තෘෂ්ණාව සිඳින්නාහ. ආලය නැති මේ ශාස්තෘ තෙමේ බොහෝ ජන සමූහයක් මාරයා අතින් පැහැර ගෙණ පරතෙරට පමුණුවන්නේ ය.



[භගවත්හු:]



මහාවීර වූ තථාගතවරයෝ සද්ධර්මයෙන් සත්වයන් එතෙර කෙරෙත්. නුවණැතියන් ධර්මයෙන් එතෙර කරණ කල්හි කවර ඊෂ්‍යායෙක් ද?



ඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු කෘෂණ මාරයා වෙත එළඹියහ. කෘෂණ මාර තෙමේ දුරදී ම එන්නා වූ තණ්හාව හා අරතිය හා රගා ද යන මරදූන් දැක්කේ ය. දැක ගාථාවන්ගෙන් කී ය.



බල්දරුයෙනි, හෙළඋපුල්දඬුයෙන් පර්වතයක් අළලවු ද? මහගලක් නියෙන් කණිවු ද? දතින් යකඩ කවු ද?



මහගලක් හිසමතුයෙහි තබා ගෙණ ගැඹුරෙහි පිහිටක් සොයවු ද? ලයෙහි හුලක් හැනගෙන මෙන් ගෞතමයන් කෙරෙන් කළකිරී පහ ව අවු ය?





ලංකාව:

ශ්‍රී ලංකාව පිළිබඳ ත්‍රිපිටකයේ සඳහන් තැන් කිහිපයක් මෙහි අප විසින් දක්වමු:



15. අත්‌තදණ්‌ඩසූත්‍රනිර්දේශය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > මහා නිද්දේස පාළි > අත්‌තදණ්‌ඩසූත්‍රනිර්දේශය



යෙන සල්ලෙන ඔතිණ්ණො දිස සබ්බා විධාවති - රාගශල්‍යයෙන් මඩනා ලදුයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ පෙළුණේ බැසගන්නා ලදුයේ සමන්විත වූයේ කයින් දුසිරිතෙහි හැසිරෙයි, බසින් දුසිරිතෙහි හැසිරෙයි, සිතින් දුසිරිතෙහි හැසිරෙයි, ප්‍රාණවධ දු කෙරෙයි, නො දුන් දැය ද හැරැගනී, ගෘහසන්‍ධි දු සිඳී, ගම් පැහැරීම ද ගෙවල් පැහැරීම ද මං පැහැරීම ද කෙරෙයි, පරඹුන් කරා ද යෙයි, මෘෂා ද බෙණෙයි. මෙසේත් රාගශල්‍යයෙන් මඩනා ලදුයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ පීඩිත වූයේ බැසගන්නා ලදුයේ සමන්විත වූයේ දිවෙයි, වෙසෙසින් දිවෙයි, වේගයෙන් දිවෙයි, ඔබිනොබැ හැසිරෙයි. නොහොත් රාගශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විද්ධ - ස්පෘෂ්ට - පරෙත - සමවහිත - සමන්වාගත වූයේ ධනය සොයමින් සීත පෙරටු කොට, උෂ්ණ පෙරටු කොට, මැසි මදුරු වා අව් දික්දෑපහසින් වෙහෙසෙමින් සාපවසින් මැරෙමින් නැවින් මහමුහුදට පිවිසෙයි: ත්‍රිගුල්ම ජනපදයට යෙයි. තක්කොලයට යෙයි, තක්‍ෂශිලාවට (Taxila, Pakistan)යෙයි, කාලමුඛයට යෙයි, පරාඞ්මුඛයට යෙයි, වෙසුඞ්ගයට යෙයි, වෙරාපථයට යෙයි, ජාව රටට යෙයි, තාමලී ජනපදයට (Tamilakam)යෙයි, වගු රටට (Bangladesh, Vanga Kingdom)යෙයි, එඩවර්ධනයට යෙයි, ස්වර්‍ණකූටයට යෙයි, ස්වර්‍ණභූමියට (Kingdom of Funan)යෙයි, තම‍්බපණ‍්ණියට (ලංකාව) යෙයි, සුප්පාරක ජනපදයට (Shurparaka kingdom)යෙයි, භරුකච්ඡ ජනපදයට (Bharutkutccha, Bharuch)යෙයි, සෞරාෂ්ට්‍රයට (Saurashtra Kingdom)යෙයි, අඞ්ගලොකයට යෙයි, ගඞ්ගණයට යෙයි, පරමගඞ්ගණයට යෙයි, යවන රටට (Greece)යෙයි, පරම යවනයට (Western countries)යෙයි, නවක රටට යෙයි, මූලපදරටට යෙයි, මරුකාන්තාරයට යෙයි, ජණ්ණුපථයට යෙයි, අජපථයට යෙයි, මෙණ්ඩපථයට යෙයි, ශඞ්කුපථයට යෙයි, ඡත්‍රපථයට යෙයි, වංශපථයට යෙයි, සකුණපථයට යෙයි, මූෂිකපථයට යෙයි, දරීපථයට යෙයි, වෙත්‍රාධාරයට යෙයි. සොයනුයේ (භොගයන්) නො ලැබෙයි එකල්හි නො ලැබීම හෙතු කොට ද දුක් දොම්නස් විඳී. සොයනුයේ ලැබේ නම්, ලැබ ආරක්‍ෂාමූලක වූ ද දුක් දොම්නස් විඳී: ‘කවර උපායෙකින් මාගේ භොගයන් රජවරු නො මැ හැරගන්නාහු ද සොරු නො පැහැරගන්නාහු ද ගිනි නො දවා ද වතුරු නො ගළා ද අප්‍රියදායාදයෝ නො හරනාහු දැ’ යි. මෙසේ රක්නා වූ පාලනය කරන්නා වූ ඔහුගේ ඒ භොගයෝ වැනැසෙති, හෙතෙම විප්‍රයොගමූලක වූ ද දුක් දොම්නස් විඳී. මෙසේත් රාගශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ පීඩිත වූයේ පිවිසියේ සමන්විත වූයේ දිවෙයි, වෙසෙසින් දිවෙයි, වෙගයෙන් දිවෙයි, ඔබිනොබැ හැසිරේ….



කත්‍ථපඤ‍්ඤත‍්තිවාරො

පාරාජිකකණ‍්ඩො> පරිවාරපාළි> මහාවිභඞ‍්ගො1.> කත්‍ථපඤ‍්ඤත‍්තිවාරො

3. විනයං තෙ වාචයිංසු පිටකං තම‍්බපණ‍්ණියා, නිකායෙ පඤ‍්ච වාචෙසුං සත‍්ත චෙව පකරණෙ…. (කවරක්හු විසින් ගෙන එන ලද යැ යත්: පරපුරෙන් ගෙන එන ලදී.

1. උපාලි ස්ථවිර යැ, දාසක ස්ථවිර යැ, සෝණක ස්ථවිර යැ, එසේ ම සිග්ගව ස්ථවිර යැ. මොග්ගලිපුත්තතිස්ස ස්ථවිර පස්වැනිකොට ඇති මේ තෙරවරු ජම්බුදීපයේ විනයධර පරපුරෙහි වෙත්.

2. ඉක්බිති මහින්‍දයැ, ඉට්ඨිය යැ, උත්තිය යැ, සම්බල යැ, පණ්ඩිත වූ භද්දනාම යැ යන මහපැනැති මේ රහත්හු ජම්බුද්වීපයෙන් (මෙතැන්හි ප්‍රථිවියේ ප්‍රධාන භූමි මණ්ඩලය අදහස් කෙරේ) මෙහි වැඩියහ.

3. ඔවුහූ තම්බපණ්ණියෙහි විනයපිටකය හැදෑරවූහ. සඟිපස ද ප්‍රකරණ සත ද හැදෑරවූහ.

4. ඉක්බිති ප්‍රාඥ වූ අරිට්ඨ යැ, පණ්ඩිත වූ තිස්සදත්ත යැ, විශාරද වූ කාළසුමන යැ. දීඝනාමස්ථවිර යැ, පණ්ඩිත වූ දීඝසුමන යැ.

5. වැළිදු කාළසුමන යැ, නාගස්ථවිර යැ, බුද්ධරක්ඛිත යැ, නුවණැති තිස්ස ස්ථවිර යැ, පණ්ඩිත වූ දෙවස්ථවිර යැ.

6. නැවත ප්‍රාඥ වූ විනයෙහි විශාරද වූ සුමන ස්ථවිර යැ, අනභිභවනීය හස්තිරාජයකු බඳු වූ බහුශ්‍රුත වූළනාග ස්ථවිර යැ.)





අත‍්තදණ‍්ඩසුත‍්තනිද‍්දෙසො

15 - 5 ඛුද‍්දකනිකායො> මහානිද‍්දෙසපාළි> අත‍්තදණ‍්ඩසුත‍්තනිද‍්දෙසො

…උණ‍්හස‍්ස පුරක‍්ඛතො ඩංසමකසවාතාතපසිරිංසපසම‍්ඵස‍්සෙහි රිස‍්සමානො ඛුප‍්පිපාසාහි මීයමානො නිගුම‍්බං ගච‍්ඡති, තක‍්කොලං ගච‍්ඡති, තක‍්කසිලං ගච‍්ඡති, කාලමුඛං ගච‍්ඡති, පරම‍්මුඛං ගච‍්ඡති, වෙසුඞ‍්ගං ගච‍්ඡති, වෙරාපථං ගච‍්ඡති ජවං ගච‍්ඡති, තාමලිං ගච‍්ඡති, වඞ‍්ගං ගච‍්ඡති, එළවද‍්ධනං ගච‍්ඡති, සුවණ‍්ණකූටං ගච‍්ඡති, සුවණ‍්ණභූමිං ගච‍්ඡති, තම‍්බපණ‍්ණිං (Sri Lanka)ගච‍්ඡති, සුප‍්පාරකං ගච‍්ඡති, භරුකච‍්ඡං ගච‍්ඡති, සුරට‍්ඨං ගච‍්ඡති, අඞ‍්ගලොකං ගච‍්ඡති, ගඞ‍්ගණං ගච‍්ඡං, පරමගඞ‍්ගණං ගච‍්ඡති, යොනං ගච‍්ඡති, පරමයොනං ගච‍්ඡති, නවකං ගච‍්ඡති, මූලපදං ගච‍්ඡති, මරුකන‍්තාරං ගච‍්ඡති, ජණ‍්ණුපථං ගච‍්ඡති, අජපථං ගච‍්ඡති, මෙණ‍්ඩපථං ගච‍්ඡති, සඞ‍්කුපථං ගච‍්ඡති…..





7. තිස්‌සමෙත්‌තෙය්‍යසූත්‍රනිර්දේශය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > මහා නිද්දේස පාළි > තිස්‌සමෙත්‌තෙය්‍යසූත්‍රනිර්දේශය



මන්‍දොව පරිකිස්සතී - කෘපණයකු මෙන් අඥයකු මෙන් මුග්ධයකු මෙන් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. ප්‍රාණවධ දු කෙරෙයි, අදත්තාදානය ද කෙරෙයි, ගෘහසන්‍ධි දු සිඳී, ගම් පහරයි, ගෙවල් පහරයි, මං පහරයි, පරඹුන් කරා ද යෙයි, මෘෂා ද බෙණෙයි; මෙසේ ත් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. ඒ අපරාධකරු රජවරු අල්වාගෙන විවිධ කම්කටොලු කරවති: කසයෙනුදු තළවති, වේවැලිනු දු තළවති, අඩදඬියෙනු දු තළවති, අත් සිඳුවති, පා සිඳුවති, අත්පා ද සිඳුවති, කනු දු සිඳුවති, නැහැය ද සිඳුවති, කන්නාසා ද සිඳුවති, කාඩිසැළි කම්කටොලු ද කෙරෙති, සක්මුඩු කම්කටොලු ද කෙරෙති, රාහුමුඛ කම්කටොලු ද කෙරෙති, ගිනිවළලු කම්කටොලු ද කෙරෙති, අත් දල්වන කම්කටොලු ද කෙරෙති, එරුවත් කම්කටොලු ද කෙරෙති, තීහිරිවත් කම්කටොලු ද කෙරෙති, එණෙය්‍යක කම්කටොලු ද කෙරෙති, බිළියෙන් මස් සිඳුණා කම්කටොලු ද කෙරෙති, කහාපණික කම්කටොලු ද කෙරෙති, කොස්සෙන් කාරම් ගල්වති, පරිඝපරිවර්‍තන කම්කටොලු ද කෙරෙති, පිදුරුපිටු කම්කටොලු ද කෙරෙති, කකාළ තෙල් ද ඉස්වති, ශුනකයන් (රජුගේ බල්ලන්, කීණබල්ලන්) ලවා කවති, දිවස්හුල ද හිඳුවති, කඩුවෙනු දු හිස සිඳිත්; මෙසේ ත් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. නොහොත් කාමතෘෂ්ණාවෙන් මඩනා ලදුයේ හාත්පසින් අල්වාගත් සිත් ඇතියේ භොගයන් සොයමින් නැවින් මහමුහුදට පිවිසෙයි, සීතල පෙරටු කොට උණුසුම පෙරටු කොට මැසිමදුරු අව්සුළං හා සපුන් ගේ පහසින් වෙහෙසෙමින් සාපවසින් මැරෙමින් තිගුම්බ ජනපදයට (Trigarta Kingdom, Punjab)යෙයි, තක්කොලයට – තක්‍ෂිශිලාවට (Taxila, Pakistan) - කාලමුඛයට - පරාංමුඛයට - වෙසුඞ්ගයට - වෙරාපථයට – ජාවක රටට (Mataram Kingdom, Majapahit) – තාමලිප්තියට (Tamilakam) – වංග රටට (Bangladesh, Vanga Kingdom) - එළවද්ධනයට - ස්වර්‍ණකූටයට – ස්වර්‍ණභූමියට (Kingdom of Funan) – තාම්‍රපර්‍ණණියට (Sri Lanka) – සුප්පාරකයට (Shurparaka kingdom) – භරුකච්ඡ ජනපදයට (Bharutkutccha, Bharuch) – සෞරාෂ්ට්‍රයට (Saurashtra Kingdom) - අඞ්ගලොකයට - ගඞ්ගණයට - පරමගඞ්ගණයට – යවන රටට (ග්‍රීසිය) – පරම යවනයට (Western countries) – අලසන්‍දාවට (ඇලෙක්සැන්ඩ්‍රියා) – නවක ජනපදයට – මූලපද රටට යෙයි….



සඞ‍්ඝාදිසෙස කත්‍ථපඤ‍්ඤත‍්තිවාරො

සඞ‍්ඝාදිසෙසකණ‍්ඩාදයො> පරිවාරපාළි> මහාවිභඞ‍්ගො9.> කත්‍ථපඤ‍්ඤත‍්තිවාරො

උපාලි දාසකො චෙව සොණකො සිග‍්ගවො තථා, මොග‍්ගලිපුත‍්තෙන පඤ‍්චමා එතෙ ජම‍්බුසිරිව‍්හයෙ -පෙ- එතෙ නාගා මහාපඤ‍්ඤා විනයඤ‍්ඤූ මග‍්ගකොවිදා, විනයං දීපෙ පකාසෙසුං පිටකං තම‍්බපණ‍්ණියාති…. (Ceylon, Sri Lanka)

සාගල නගරය:

සාගල නගරය වර්තමානයේ සියල්කොට් නමින් හැඳින්වේ. මිලින්ද ප්‍රශ්නය නම් පුරාණ ග්‍රන්ථයේ සඳහන් වන්නේ සාගල නගරය යොනකයන්ට අයත් නගරයක් බවයි. යොනක (යෝනක) නම් සුදු ජාතිකයින් වේ. සාගල නගරය සුදු ජාතිකයින්ට අයත්වූයේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා විසින් ගෙනගිය අතිවිශාල යුද්ධ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් වශයෙනි. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා විසින් සාගල නගරය යටත් කරන ලදී. වර්තමාන සියල්කොට් නගරය සාගල අගනුවර බිඳවැටිමෙන් එහි සුන්බුන් මතින් ගොඩ නගන ලද්දකි. මදු රටේ අගනුවර සාගලපුරය විය. මන්ද්‍රා, මද්ද, මදු, මද්රා, මද්‍රා යනු එම රාජධානියට (Madra Kingdom)සමාන වචනයි. මෙනැන්ඩ රජු හෙවත් මිලින්ද රජු විසින් සාගලපුරය අගනුවර වශයෙන් භාවිතා කරන ලදී. 





Sialkot is a city located in Punjab, Pakistan. It is the capital of the Sialkot District and is the 13th most populous city in Pakistan. The boundaries of Sialkot are joined with Jammu in the north east, the districts of Narowal in the southeast, Gujranwala in the southwest and Gujrat in the northwest. Ancient names of Sialkot were Sagala, Sakala and Sangala.





[Indian campaign of Alexander the Great: "The Cathaeans... had a strong city near which they proposed to make their stand, named Sagala. (...) The next day Alexander rested his troops, and on the third advanced on Sangala, where the Cathaeans and their neighbours who had joined them were drawn up in front of the city. (...) At this point too, Porus arrived, bringing with him the rest of the elephants and some five thousand of his troops. (...) Alexander returned to Sangala, razed the city to the ground, and annexed its territory". - Arrian of Nicomedia, Anabasis of Alexander, V.22-24 (A historical document about the campaigns of Alexander the Great, specifically his conquest of the Persian Empire between 336 and 323 BC)



Arrian of Nicomedia was a Greek historian, public servant, military commander, and philosopher of the Roman period.]





2.8. ඛෙමාපදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූනී අපදාන > 2. එකූපොසථික වර්ගය



451. දැන් පැසුළු බෙවෙහි උතුම් සාගල නුවර (Sialkot)මද්‍ද රජ්ජුරුවන්ගේ (Madra Kingdom)මනවඩන දයාජනක ප්‍රිය වූ දුහිතෘ වෙමි….





2.3. ද්විතීය පාරාජිකය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 2. පාරාජිකකාණ්ඩය > ද්විතීයපාරාජිකය



චම්පා නුවර, රජගහ නුවර, විසල්පුර, අජ්ජුක බරණැස, කොසඹෑ නුවර, සාගලපුර, දල්හික යයි වත්ථු සයෙකි. (6) – 150….





3.7. භද්දකාපිලානි අපදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූනී අපදාන > 3. කුණ්‌ඩලකෙසී වර්ගය



938. මම මද්ද රටේ (Madra Kingdom)සාගල පුරවරයෙහි (Sialkot)කපිල බ්‍රාහ්මණයාගේ දුහිතෘ වූමු. මවු සුවිමතී නම්….





The Madra Kingdom was an ancient Indian kingdom mentioned in various ancient Indian texts, including the Mahabharata and the Puranas. It was located in the northwestern region of the Indian subcontinent, likely in present-day Punjab or Haryana.



The Madra Kingdom was renowned for its warriors and was often allied with other powerful kingdoms of ancient India. It played a significant role in the various wars and conflicts described in the Mahabharata, particularly during the Kurukshetra War.













ගයාව:

ඉන්දියාවේ ගයාව හෙවත් ගයා ශීර්ෂය පිළිබඳ ත්‍රිපිටකයේ තොරතුරු ඇති තැන් කිහිපයක්:



ගයාව ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මගධ ප්‍රදේශයේ පිහිටා ඇත. ගයාවට නැගෙනහිරින් නේරන්ජනා ගංගාව පිහිටා ඇත.



State: Bihar

Region: Magadha

Division: Magadh Division

District: Gaya



Gaya is a city, municipal corporation and the administrative headquarters of Gaya district and Magadh division of the Indian state of Bihar. Gaya is 116 kilometres (72 mi) south of Patna and is the state's second-largest city, with a population of 470,839. The city is surrounded on three sides by small, rocky hills (Mangla-Gauri, Shringa-Sthan, Ram-Shila, and Brahmayoni), with the Phalgu River (නේරන්ජනා ගංගාව) on its eastern side.





7. සඞ්‌ඝභේදක‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 7. සඞ්‌ඝභේදක‌ඛන්‌ධකය



ඉක්බිති දෙව්දත් තෙම මෙසේ සඞ්ඝ භේදය කොට පන්සියක් පමණ වූ ඒ භික්‍ෂූන් ගෙන ගයා ශීර්ෂය බලා නික්මියේය....





1. 9. ජටිල සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > උදානපාළි > 1. බොධි වර්ගය



1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයා ප්‍රදේශයේ වූ ගයා ශීර්ෂයේ වැඩ වසන සේක. එසමයෙහි බොහෝ ජටිලයෝ ශීත වූ හිම ඍතුව පිළිබඳ රාත්‍රීන්හි (නවන් මැදින් දෙමසැ) අතරැ හිම වැටෙන අට දවසක් පමණ වූ කාලයෙහි ‘මෙයින් ශුද්ධිය වෙතැ’යි සිතා ගයා තීර්ථයෙහි දියේ ගිලී උඩ ඊමද කෙරෙති. නැවත දියේ ගිලීම ද කෙරෙති. (නැවැතැ නැවැතැ) දියේ ගිලීම හා මතු වීම ද කෙරෙති. දිය වත් කිරීම ද කෙරෙති. ගිනි පිදීම ද කෙරෙති....





4.12. රජ්‌ජුමාලා විමානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > විමාන වස්තු > 4. මඤ්‌ජිට්‌ඨක වර්ගය



834. මම පෙරැ ගයා ප්‍රදේශයේ එක්තරා බමුණකුගේ දාසියක් වීමි. ඒ මා පින් නැති කාලකණ්ණි රජ්ජුමාලා යැයි අන්‍යයෝ දත්හ….





8.1.7.4. අධිදේවඤාණදස්සන සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > අට්ඨක නිපාතය > (7) 2. චාපාල වර්ගය



එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයා නගරය සමීපයෙහි ගයා ශීර්ෂයේ වෙසෙන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්ෂූහූ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:





4.1.6. සේනක ස්ථවිරගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ථෙරගාථා පාළි > 4. චතුක්ක නිපාතය



287. ගයා තීර්ථය සමීපයෙහි ගයඵල්ගු සඞ්ඛ්‍යාත උතුරුපල් නැකත්හි මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත්වී….





1.3.6 අරියපරියේසන සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මූල පන්නාසකය > 3. ඕපම්ම වර්ගය



33. මහණෙනි, ඉක්බිති උරුවෙල් දනව්වෙහි කැමතිතාක් වාසය කොට බරණැස චාරිකාවෙහි ගියෙමි. මහණෙනි, ගයාවටත් බෝධියටත් අතර අදන් මගට පිළිපන් උපක නම් ආජීවකයා මා දුටුයේ ය. දැක මට මෙසේ කී ය: “ඇවැත්නි, මුඹවහන්සේගේ චක්ෂුරාදි ඉන්ද්‍රියෝ විශේෂයෙන් ප්‍රසන්නයහ. ඡවිවර්ණය පිරිසුදු ය, ප්‍රභාස්වරය. ඇවැත්නි, මුඹවහන්සේ කවරකු උදෙසා පැවිදි වූ සේකද? මුඹවහන්සේගේ ශාස්තෘවරයා හෝ කවරේද? මුඹවහන්සේ කාගේ ධර්මයකට රුචි කරණ සේක්ද?” යනුයි. මහණෙනි, මෙසේ කී කල්හි මම උපක ආජීවකයාහට ගාථාවෙන් කීමි:





1.3.6. ආදිත්‌තපරියාය සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සළායතන වර්ගය > 1. සළායතන සංයුක්තය > 3. සබ්‌බ වර්ගය



28. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ගයා ගම්නුදුරෙහි ගයා ශිර්ෂයෙහි (එනම් ගල්තලාවෙහි) භික්ෂූන් දහසක් හා සමග වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක….





5.1.7. ගයාකාශ්‍යප ස්ථවිරගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ථෙරගාථා පාළි > 5. පඤ්චක නිපාතය



345. මම (ඒ කාලයේ) ගයාවෙහි ‘ගයාඵල්ගු, නම් තොටැ ජලස්‍රොතසට උදය දාවල සවසැ’ යි දවසට තුන් වරක් බටිමි....





1.1.7 වත්ථුපම සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මූල පන්නාසකය > 1. මූලපරියාය වර්ගය



බාහුකා නදියටද අධිකක්ක නම් තීර්තථයටද ගයා තීර්ත්ථයටද සුන්දරිකා නදියටද සරස්වතී නදියටද ප්‍රයාග තීර්ත්ථයටද යළි බාහුමතී නදියටද….





10.1.3. සූචිලොම සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 10. යක්‌ඛ සංයුත්‌තය > 1. ඉන්‌දක වර්ගය



237. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගයාවට නුදුරෙහි සුචිලොම යක්ෂයාගේ භවනෙහි ටඞ්කීතමඤ්චයෙහි වැඩ වසන සේක. එකල්හි ඛර යක්ෂ තෙමේද, සුචිලොම යක්ෂ තෙමේද භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි ගමන් කෙරෙත්….





538. උරුවෙලකස්සප ස්ථවිරාවදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූ අපදාන 2 > 54. කච්‌චායන වර්ගය



5947. මාගේ සොහොයුරු තෙමේ ගඞ්ගා නදිය සමීපයෙහි විසූ බැවින් නදීකාශ්‍යප නම් විය. ගයාවෙහි විසූ කාශ්‍යප තෙමේ සමීප නාමයෙන් ගයාකාශ්‍යප නම් විය….





2.4.5 බෝධිරාජකුමාර සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 4. රාජ වර්ගය



රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම කවරක් හට පළමු කොට දහම් දෙසම්ද, කවරෙක් මේ ධර්මය වහාම දැනගන්නේ දැ”යි. රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “ප්‍රධන් පිණිස මෙහෙයූ සිත් ඇති මට උවැටන් කළ පස්වග මහණහු මට බොහෝ උපකාර ඇතියහ, මම පස්වග මහණුනට පළමු කොට දහම් දෙසම් නම් මනා මැනු”යි, රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “පස්වග මහණහු මෙසඳ කොහි වෙසෙත්ද කියා” යි. රජකුමරුවෙනි, මම පිරිසිදු, මිනිසැස ඉක්ම සිටි දිවැසින් පස්වග මහණුන් බරණැස ඉසිපතන (Rishipattana)නම් මුවළැව්හි වසනුවන් දිටිමි. රජකුමරුවෙනි, ඉක්බිති මම උරුවෙල් දනවුයෙහි කැමැතිතාක් වාස කොට බරණැස කරා චාරිකාවට නික්මිණිමි. රජකුමරුවෙනි, උපක නම් ආජීවක ගයාව හා බොධිය හා අතර දී අදන් මඟට පිළිපන් මා දිටී. දැක මට තෙල කී: “ඇවැත්නි, තොප ගේ ඉඳුරෝ විප්‍රසන්නයහ. ඡවිවර්‍ණය පරිශුද්ධ යැ පර්ය්‍යවදාත යැ. ඇවැත්නි, තෙපි කවර ශාස්තෘවක්හු උදෙසා පැවිදි ව? තොපගේ ශාස්තෘ හෝ කවරැ? තෙපි කවරක්හුගේ හෝ දහම් රැස්ව? යි. රජකුමරුවෙනි, මෙසේ කී කලැ උපක ආජීවකහට ගාථායෙන් කීමි:



වාරණාසි නගරය:

ඉන්දියාවේ බරණැස් නගරය පිළිබඳ ත්‍රිපිටක තොරතුරු:



වාරණාසි නගරය (Varanasi)හෙවත් බරණැස් නගරය උතුරු ඉන්දියාවේ පිහිටා ඇත.



Located in the middle-Ganges valley in the southeastern part of the state of Uttar Pradesh, Varanasi lies on the left bank of the river. It is 692 kilometres (430 mi) to the southeast of India's capital New Delhi and 320 kilometres (200 mi) to the southeast of the state capital, Lucknow. It lies 121 kilometres (75 mi) downstream of Prayagraj.





1.3. බ්‍රහ්මචරියකථා

ත්‍රිපිටකය > අභිධර්ම පිටකය > කථාවස්‌තුප්‍රකරණය 1 > 3. බ්‍රහ්මචරියකථා



ස. අනු: ලුම්බිනියෙහි භාග්‍යවත්හු උපන්හ. බෝධි මූලයෙහි අභිසම්බුද්ධ වූහ. බරණැස්හි දී භාග්‍යවත්හු විසින් ධම්සක් පවත්වනලදි….





1.17. කෙසකාරී විමානය(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > විමාන වස්තු > 1. පීඨ වර්ගය



149. මනාව මැවුණු වෙරළුමිණිමුවා ටැම් ඇති රන් ගස්වලින් හාත්පසින් වැසුණු සියලු කල්හි සිත්කලුවූ පැහැසරවූ මේ විමාන ස්ථානය මාගේ කර්ම විපාකයෙන් පහළ විය.



150. ඒ විමන්හි උපන් මේ ප්‍රථම දිව්‍යප්සරාවෝ ලක්ෂයක් පමණ වෙති. පිරිවර ඇත්තා වූ තෝ ස්වකීය කර්මානුභාවයෙන් මෙහි උපන්නී වෙහි. ඒ ප්‍රථම දිව්‍යප්සරාවන් බබුළුවමින් සිටිනෙහි.



151. සස ලකුණින් යුත් සඳු යම්සේ තරු රැස මැඩගෙන බබළාද එසේම තෝ යසසින් මේ දිවසර මුළුව අතිශයින් බබළවමින් බබළහි.



152. අලාමක දැකුම් ඇත්තීය, තෝ කොතැනකින් නොහොත් කවර පිනෙකින් අවුත් මාගේ මේ විමන්හි උපනිහිද? ඉන්ද්‍රයා සහිතවූ තව්තිසා වැසි දෙවියෝ බඹහු දැක යම්සේ සෑහීමට නො පැමිණෙත්ද, එසේම අපි සියලු දෙන තී දැකීමෙන් සෑහීමට නො පැමිණියෙමු.



153. ශක්‍රය, කවර භවයෙකින් ච්‍යුතව මෙහි ආයෙහි දැයි යම් ඒ පැනයක් මා අතින් විචාරහි. කසී රටේ බරණැස් නම් නගරයක් ඇත. මම පෙර ඒ නුවර කේසකාරිකා නම් වීමි.



154. බුදුන් කෙරෙහිද දහම් කෙරෙහිද සඟුන් කෙරෙහිද පහන් සිත් ඇතියා නියතගතික වූවා සැක නැතියා නොකඩ සිකපද ඇත්තී පැමිණි ඵල ඇතියා නිවනෙහි නියත වූවා නිදුක් වූවා වෙමි.



155. බුදුන් කෙරෙහිද දහම් කෙරෙහිද සඟුන් කෙරෙහිද පහන් සිත් ඇති නියතගතිකවූ නිසැකවූ නොකඩ සිකපද ඇති පැමිණිඵල ඇති නිවනෙහි නියත වූ එම්බා දෙව්දුව, තෝ ධර්ම සම්පත්තියෙන්ද පරිවාර සම්පත්තියෙන්ද බබළහි. තීගේ ඒ ද්විවිධ සම්පත්තිය පිළිගනිමු. තීගේ මෙහි පැමිණීමද මනා පැමිණිමෙකි….





1.3.6 අරියපරියේසන සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මූල පන්නාසකය > 3. ඕපම්ම වර්ගය



“මම දම්සක් පැවැත්වීමට කසී රටේ බරණැස් නුවර බලා යමි. අවිද්‍යාවෙන් අන්ධවූ ලෝකයෙහි අමා දහම් බෙරය ගසන්නෙමි.”….





4.4. අලොමා විමානය(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > විමාන වස්තු > 4. මඤ්‌ජිට්‌ඨක වර්ගය



712. එම්බා දෙව්දුව, යම් බඳුවූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටිනෙහි.



713. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයක් වීද? කවර පිනෙකින් තිගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත්ද, ඒ සම්පත්තීහු කවර පිනෙකින් තිට පහළ වෙත්ද?



714. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහිද? තීගේ මේ සිරුරු පැහැයද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?



715. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍ය ඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි මෙසේ පැවැසූය.



716. මම බරණැස නගරයේදී සූර්‍ය්‍ය බන්ධු වූ බුදුරජුන්ට පහන් වූවා සියතින් වියළි කොමු පිඬූවක් දුනිමි.



717. වියළි ලුණු නැති කොමුපිඬු දානයෙහි විපාකයද බලනු මැනවි. (වියළි කොමුපිඬු පමණක් දී) සුඛිතවූ අලොමාව දැක කවරෙක් පින් නොකරන්නේද?



718. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.



719. මහත් ආනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක්වූ මම යම් පිනක් කෙළෙම්ද, එය ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බුබුළුවයි….







2.2. ලඛුමා විමානය(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > විමාන වස්තු > 2. චිත්‌තලතා වර්ගය



171. එම්බා දෙව්දුව යම්බදු වූ තෝ මන රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි?



172. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වීද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත්ද, ඒ සම්පත්තීහු කවර පිනෙකින් තිට පහළ වෙත්ද?



173. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළෙහිද? තීගේ මේ සිරුරුපැහැයද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලිසෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහිද?



174. මුගලන් තෙරුන් විසින් පුළුවූස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්මයක්හුගේ දැයි මෙසේ පැවැසූය.



175-176. බරණැස කෙවුල් ගම්දොරින් නික්මෙන තැන මාගේ නිවාසය වීය. එහි පිඬු පිණිස හැසිරෙන මහර්ෂීන්ගේ සවුවනට බත්ද කොමු පිඬු ද පලාකොළ එළවලුද ලොණසොචීරකයද සෘජු සිතැත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් පිදීමි.



178-178. මම පක්ෂය පිළිබඳ තුදුස්වකද පසළොස්වකද ප්‍රාතිහාර්ය්‍ය පක්ෂයද යන පොහෝදිනයන්හි අටඟින් යුත් පෙහෙවස් විසීමි. සියලු කල්හි නිති සිහිල් කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා මනා කොට බෙදා දෙන්නී ගෙහි විසීමි.



179. එකල්හි මම පණිවායෙන් දුරු වීමි. මුසවායෙන් සංයත වීමි. අයිනාදනින්ද මිසහසරින්ද රහමෙර පීමෙන්ද දුරු වීමි.



180. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්ය්‍ය සත්‍යයෙහි දක්ෂවූ මම යසස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.



181. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නාවූ යම් කිසි සම්පත්තීහු වෙත්ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.



182. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක්වූ මම යම් පිනක් කෙලෙම්ද, එය ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධී ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැයද සියලු දිගුන් බබුළුවයි.

වහන්ස, ලඛුමා නම් උපාසිකා තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් මස්තකයෙන් වඳී. වහන්ස, මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් මස්තකයෙන් වඳිනු මැනැවි. වහන්ස, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ මා එක්තරා මාර්ගඵලයෙක්හි ලා වදාරන සේක්‌ නම් එය පුදුමයෙක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ ඒ මා සකෘදාගාමී ඵලයෙහි ලා ප්‍රකාශ කළාසේක….





3.1.1. දේසනාහාරවිභඞ්ගය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > නෙත්තිප්පකරණ > 3. පටිනිද්දේසවාරය > විභඞ්ග



මෙසේ වදාළහ, භාග්‍යවත්හු: “මහණෙනි, මා විසින් මේ දුඃඛාර්‍ය්‍යසත්‍යයයි බරණැස් නුවර සමීපයෙහි ඉසිපතන (Rishipattana, India)නම් වූ මුවළැව්හි දී මහණක්හු විසින් හෝ බමුණක්හු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොවැ කිසිවක්හු විසින් හෝ නොවළහාලියැහෙන (ප්‍ර‍තිෂේධ නොකළ හැකි, නොවැළැක්විය හැකි, නොපැවැත්විය හැකි) අනුත්තර වූ ධර්මචක්‍ර‍ය පවත්වන ලද.”….





12.2.1. ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > මහා වර්ගය > 12. සච්ච සංයුක්තය > 2. ධම්‌මචක්‌කප්‌පවත්‌තන වර්ගය



මේ වෙය්‍යාකරණය වදාරනු ලබන කල්හි “යම් කිසිවෙක් හටගන්නාසුලු නම් ඒ සියල්ල නැසෙනසුල්ලැ”යි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤහට පහවූ කෙලෙස්රජස් ඇති පහව ගිය කෙලෙස්මල ඇති දහම්ඇස (පළමු මගඵලනැණ) පහළ විය. භාග්‍යවතුන් වහන්සේ විසින් දම්සක් පැවැත්වූ කල්හි මහණකූ විසින් හෝ බමුණකූ විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකූ විසින් හෝ ලොව කිසිවකු විසින් හෝ (තමන් වහන්සේ හා සමාන ලෙස) නො පැවැත්විය හැකි මේ අනුත්තර ධර්ම චක්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් මිගදාය නම් ඉසිපතනාරාමයේ දී පවත්වන ලදැ”යි බූමාටු දෙවියෝ ප්‍රීති ශබ්ද ඇස්වූහ. සාධුකාර දුන්හ. මහණකූ විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොව කිසිවකු විසින් හෝ සමාන ලෙස නො පැවැත්විය හැකි මේ අනුතුරු දම්සක භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම් ඉසිපතනාරාමයේ (Rishipattana)දී පවත්වන ලදැ යි බූමාටු දෙවියන්ගේ සාධුකාර ශබ්දය අසා සිවුමහරජවැසි දෙවියෝ සාධුකාර දුන්හ ... සිවුමහරජවැසි දෙවියන්ගේ සාධුකාර ශබ්දය අසා තව්තිසා වැසි දෙවියෝ සාධුකාර දුන්හ ... යාම දෙවියෝ ... තුසිත දෙවියෝ ... නිර්මාණරතී දෙවියෝ ... පරනිර්මිතවශවර්ති දෙවියෝ ... මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොව කිසිවකු විසින් හෝ සමාන ලෙස නො පැවැත්විය හැකි මේ අනුතුරු දම්සක භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම් ඉසිපතනාරාමයේ දී පවත්වන ලදැ” යි ... බ්‍රහ්මකායික දෙවියෝ සාධුකාර දුන්හ” යි….





2.8. චුල්ලසෙට්ඨි ප්‍රේතවස්තුව යි.

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ප්‍රේත වස්තු > 2. උබ්බරී වර්ගය



248. සියලු තන්හි පතළ බරණැස් නම් නුවරෙක් ඇත. එහි මම මහත් සම්පත් ඇති, පහත් සිත් ඇති, දන් නොදෙනසුලු කාමාමිෂයෙහි ගිජුසිත් ඇති ගැහැවියෙක් වීමි. දුසිල්බව නිසා ප්‍රේතලොකයට පැමිණියෙමි….





3.3.3.6. කටුවිය සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > තික නිපාතය > (13) 3. භරණ්ඩු වර්ගය



26. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර මිගදායෙහි වූ ඉසිපතනාරාමයෙහි (Rishipattana, India)වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ බරණැස පිණ්ඩපාතයට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ගෙරින් විකොටගන්නා තැනෙක වූ පුලිල ගසක් සමීපයෙහි පිඬුපිණිස වඩනා සේක් ධ්‍යානසුඛ නැතියෙන් අල්පාශ වූ, කාමගුණ සුඛවශයෙන් බාහිරාශා ඇති, එයින් ම මුළා සිහි ඇති, සම්ප්‍රඥාන රහිත, සමාහිත නොවූ, විභ්‍රාන්ත සිත් ඇති, නොදැමුනු ඉඳුරන් ඇති මහණක්හු දුටුසේක. ඒ මහණහු දැක තෙල වදාළහ:





1.17. කෙසකාරී විමානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > විමාන වස්තු > 1. පීඨ වර්ගය



153. ශක්‍රය, කවර භවයෙකින් ච්‍යුත ව මෙහි ආයෙහි දැයි යම් ඒ පැනයක් මා අතින් විචාරහි. කසී රට බරණැස් නම් පුරයක් ඇත. මම පෙර ඒ නුවර කේසකාරිකා නම් වීමි…..







3. මහාපරිනිර්වාණ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > මහා වර්ගය > 3. මහාපරිනිර්වාණ සූත්‍රය



101. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කලැ අනඳ තෙරණුවෝ “වහන්ස, (ගල් සෙල් ආදියෙන් විසම බැවින්) රළු නුවරක් වූ (මහරුක්හි ශාඛාවක් බඳු) අතු නුවරක් වූ මේ කුඩා නුවරෙහි නොපිරිනිවෙන සේක්‍වා. වහන්ස, චම්පා, රජගහ, සැවැත්, සාකේත, කෞෂම්බි (Kaushambi district), බරණැස් යන ආදි අන් මහ නුවරහු ඇත. ඒ එකෙක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක්වා. මේ නුවරන්හි තථාගතයන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පහන් වූ බොහෝ කැත් මහසල්හුද බමුණු මහසල්හුද ගැහැවි මහසල්හුද ඇත. ඔහු තථාගතයන් වහන්සේගේ සිරුරට පූජාසත්කාර කරන්නාහ” යි සැළ කළහ….





2.5.4 ඝොටමුඛ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 5. බ්‍රාහ්මණ වර්ගය



මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි ආයුෂ්මත් උදේන තෙරණුවෝ බරණැස් නුවර සමීපයෙහි ඛේමිය නම් අඹවෙනෙහි වැඩ වසන සේක. එසමයෙහි ඝෝටමුඛ බ්‍රාහ්මණ කිසි කටයුත්තෙකින් බරණැස් නුවරට පැමිණයේයි. එසඳ ඝෝටමුඛ බමුණු ජඞ්ඝාවිහරණය පිණිස සක්මන් කරනුයේ ඇවිදුනේ ඛේමිය අඹඋයන් කරා එළැඹිය. ඒ සමයෙහි ආයුෂ්මත් උදේන තෙරණුවෝ අභ්‍යවකාශයෙහි සක්මන් කෙරෙති….





4.1.4. පඨමපාස සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 4. මාර සංයුත්‌තය > 1. ආයු වර්ගය



140. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස් නගරය සමීපයෙහි ඉසිපතන (Rishipattana)නම් වූ මුවවෙනෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු පින්වතුන් වහන්සැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:





1.2.4.8. ඡන්‌න සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > ඛන්ධ වර්ගය > 1. ඛන්ධ සංයුක්තය > 4. ථෙර වර්ගය



90. එක් කලෙක බොහෝ ස්ථවිර භික්ෂූහු බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. එ කල්හි ආයුෂ්මත් ඡන්න ස්ථවිර සවස්කල විවේකයෙන් නැගී සිටියේ යතුර රැගෙන වෙහෙරින් වෙහෙරට එළඹැ ස්ථවිර භික්ෂුන්ට තෙල කීය: යම් සේ මම දහම් දක්නෙම් නම් එ පරිද්දෙන් ආයුෂ්මත් තෙරහු මට අවවාද කෙරෙත්වා. ආයුෂ්මත් තෙරහු මට අනුශාසන කෙරෙත් වා. ආයුෂ්මත් තෙරහු මට දැහැමි කතා කෙරෙත්වා” යි….





3.4.11 සච්චවිභඞ්ග සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > උපරි පන්නාසකය > 4. විභඞ්‌ග වර්ගය



ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ විසින් බරණැස් නුවර මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි (Rishipattana) දී මහණකු විසින් වේවයි බමුණකු විසින් වේවයි දෙවියකු විසින් වේවයි මරහු විසින් වේවයි බඹහු විසින් වේවයි ලෝකයෙහි අන් කිසිවකු විසින් වේවයි ප්‍රතිවර්තන නොකටහෙන අනුත්තර ධර්මචක්‍රය පවත්වන ලදී. කිමෙක යත්: මේ චතුරාර්‍ය්‍යසත්‍යයන්ගේ විභාග කොට පැවැසීමෙක් වේද දෙසීමෙක් වේද පැනවීමෙක් වේද ස්ථාපනයෙක් වේද විවෘත කිරීමෙක් වේද බෙදාලීමෙක් වේද ප්‍රකට කිරීමෙක් වේද එයයි….





4.1.2. අනොත්‌තාපී සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 4. කස්සප සංයුක්තය > 1. කස්සප වර්ගය



285. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක ආයුෂ්මත් මහකසුප් තෙරණුවෝද ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි (Rishipattana)වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් කලැ පලසමවතින් නැගී සිටි සේක් ආයුසමත් මහසුප් තෙරණුවන් වෙත එළඹියහ එළඹ ආයුෂ්මත් මහසුප් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක වැඩ හුන්හ. එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ට මෙය කීහ:





2.4.1 ඝටීකාර සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 4. රාජ වර්ගය



මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත්වූ සඟපිරිස් හා සමග කොසොල් රටේ (Kingdom of Kosala)සැරි සරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මඟින් බැහැරව එක්තරා පියෙසෙක්හි දී සිනා පහළ කළ සේක. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරුන්ට මෙවන් සිතෙක් විය: “භාග්‍යවතුන් වහන්සේගේ සිනා පාළ කිරීමට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ? බුදුහු නො කරුණෙහි සිනා පාළ නො කෙරෙති”යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ උතුරුසඟ එකස් කොට බුදුන් දෙසට ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කීහ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ සිනා පහළ කිරීමට හේතු කවරේයැ? ප්‍රත්‍යය කවරේයැ? බුදුහු නො කරුණෙහි සිනා පහළ නො කෙරෙත් නු?”යි.



ආනන්‍දය, යටගිය දවස මේ පෙදෙස්හි ‘වෙහලිඞ්ග’ නම් වූ සමෘද්ධ වූ සැපත් පිරුණු බොහෝ ජනයා ඇති මිනිසුන් ගැවැසිගත් නිගමයෙක් වී. ආනන්‍දය, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු වෙහලිඞ්ග නිගමය නිසා වැඩවිසූහ. ආනන්‍දය, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු මෙතැන්හි වැඩහිඳ බික්සඟනට ඔවා දෙන සේකැ’යි.



එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සඟළ සිවුර සියුගුණ කොට පනවා භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කීහ: “වහන්ස, එසේ වී නම් භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳුනා සේක්වා, මෙසෙයින් මෙ බිම්පෙදෙස අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දෙදෙනකුන් විසින් පරිභෝග කරනලද වන්නේ යැ”යි. බුදුහු පැනවූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ බුදුහු ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමැතූසේක:



ආනන්‍දය, යටගිය දවස මෙ පෙදෙස්හි ‘වෙහලිඞ්ග’ නම් වූ සමෘද්ධ වූ ඉතා සමෘද්ධ වූ බොහෝ ජනයා ඇති මිනිසුන්ගෙන් ගැවැසීගත් නිගමයෙක් වී. ආනන්‍දය, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු වෙහලිඞ්ග නිගමය නිසා විසූසේක. ආනන්‍දය, මෙතැන්හි අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුනට අරාමයෙක් වී. ආනන්‍දය, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු මෙහි වැඩහිඳ බික්සඟනට ඔවා දෙති.



ආනන්‍දය, වෙහලිඞ්ග නම් නිගම ග්‍රාමයෙහි ඝටීකාර නම් කුම්භකාර අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හට උපස්ථායක වී, ඒද අග්‍රොපස්ථායක යි. ආනන්‍දය, ඝටීකාර කුම්භකාරයාහට ජෝතිපාල නම් මණෙවු යහළු වී, ඒද ප්‍රියසහාය යි. ඉක්බිති ආනන්‍දය, ඝටීකාර කුම්භකාර තෙමේ ජෝතිපාල මණෙවු ඇමැතී: “යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවතුන් වහන්සේ දක්නට එළැඹෙම්හ.



අර්හත් සම්‍යක් සම්බුද්ධ ඒ භගවත්හුගේ දැක්ම මා විසින් සාධු සම්මත වේ”යයි. ආනන්‍දයෙනි, මෙසේ කී කල ජෝතිපාල මාණවක ඝටීකාර කුම්භකාරහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, කම් නැත, දුටු ඒ මුඩුමහණහු විසින් කිනම් වැඩෙක් වේ දැ?”යි. ආනන්‍දයෙනි, දෙවනවටද ... ආනන්‍දයෙනි, තුන්වනවටද ඝටීකාර කුම්භකාර ජොතිපාල මාණවකහට තෙල බස් කී: “යම්හ යහළු ජොතිපාලයෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දක්නා සඳහා එළැඹෙම්හ. අර්හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් දැක්ම මා විසින් සාධුසම්මත වේ”යයි. ආනන්‍දයෙනි, තුන්වනවට ද ජොතිපාල මණෙවු ඝටීකාර කුම්භකාරයාහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, කම් නැත, දුටු ඒ මුඩුමහණහු විසින් කිනම් වැඩෙක් වේදැ?”යි. යහළු ජොතිපාලයෙනි, ඉදින් එසේ වී නම් නහනුවස් කළ කුරුඳුවැළ ගෙන නහනු සඳහා හොයට යම්හ. ආනන්‍දයෙනි, ජෝතිපාල මාණවක ‘යහළුව එසේ මැනැවැ’යි ඝටීකාර කුම්භකාරහට පිළිවදන් ඇස්වී. ඉක්බිති ආනන්‍දයෙනි, ඝටීකාර කුම්භකාරද ජෝතිපාල මාණවකද නාහන කුරුඳුවැළ ගෙන නහනු සඳහා හොයට ගියෝ.



ඉක්බිති ආනන්‍දයෙනි, ඝටීකාර කුම්භකාර තෙමේ දෝපල් මණෙවු ඇමැතී: “යහළු ජෝතිපාලයෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හුගේ මේ අරම නුදුරෙහි ඇත. යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දක්නට එළැඹෙම්හ. අර්හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේ දැක්ම මා විසින් සාධු සම්මත වේ”යයි.



ආනන්‍දයෙනි, මෙසේ කී කල්හි ජෝතිපාල මාණවක තෙමේ ඝටීකාර කුම්භකාරහට තෙලබස් කී: “යහළු ඝටීකාරය, පිළිකෙව් කරමි. දක්නා ලද ඒ මුඩු මහණහු විසින් කිනම් වැඩ වේ දැ?”යි. ආනන්‍දයෙනි, දෙවනවට ද ... ආනන්‍දයෙනි, තුන්වනවට ද ඝටීකාර කුම්භකාර තෙමේ දෝපල් මණෙවු හට තෙල බස් කී: “යහළු ජෝතිපාලයෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ගේ මේ අරම අසල ඇත. යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් දක්නා සඳහා එළැඹෙම්හ. අර්හත් සම්‍යක් සම්බුද්ධ ඒ භගවත්හුගේ දස්න මා විසින් සාධුසම්මත යැ”යි. ආනන්‍දයෙනි, තුන්වනවට ද ජෝතිපාල මාණවක තෙමේ ඝටීකාර කුම්භකාරහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, කම් නැත, දක්නා ලද ඒ මුඩු මහණහු විසින් කවර වැඩ වේ දැ?”යි.



ඒ සඳ ආනන්‍දය, ඝටීකාර කුම්භකාර තෙමේ හිඟ ඉණකඩ අත්ලා ගෙන තෙල බස් කී: “යහළු ජෝතිපාලයෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ ගේ මේ අරම අසලෙහි ඇත, යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුබු බුදුන් දක්නට එළැඹෙම්හ. අර්හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දැක්ම මා විසින් සාධු සම්මත ය”යි.



ඉක්බිති ආනන්‍දයෙනි, ජෝතිපාල මාණවක තෙමේ හිඟ ඉණකඩ මුදාගෙන ඝටීකාර කුම්භකාරයාහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, පිළිකෙව් කරමි. දක්නා ලද ඒ මුඩුමහණහු විසින් කිමැ”යි.



ඉක්බිත්තෙන් ආනන්‍දයෙනි, ඝටීකාර කුම්භකාර තෙමේ ඉස් සෝදා නහා සිටි ජෝතිපාල මාණවක කෙහෙයෙහි (කෙස් වැටියෙන් අල්ලා) ගෙන තෙල බස් කී: “යහළු ජෝතිපාලයෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ මේ අරම නුදුරෙහි ඇත, යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් දක්නට එළැඹෙම්හ, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දැක්ම මා විසින් සාධු සම්මත ය”යි.



එකල්හි ආනන්‍දයෙනි, ජෝතිපාල මාණවකහට තෙල සිත් වී: “භවත්නි, ආශ්චර්‍ය්‍ය මැයැ, භවත්නි, අද්භූත මැයි. යම් හෙයෙකින් මේ ඝටීකාර කුම්භකාර ලාමකජාති ඇත්තේ මැ ඉස් සෝදා නහා සිටි අපගේ කෙස්වැටිය ගතයුතු කොට සිතා ද, ඒකාන්තයෙන් මේ අපගේ ගමන ලාමක නොවනසේ”යයි, ඝටීකාර කුම්භකාරහට තෙල බස් කීය: “යහළු ඝටීකාරයෙනි, මෙතෙක් දෑ කෙළේ තෙල ගමන් සඳහා මැ වේ දැ”යි. “යහළු ජෝතිපාලයෙනි, තෙල ගමන් සඳහාම වෙයි. එසේ මැ යැ ඒ අර්හත් සම්‍යක් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ ගේ දස්න මා විසින් සාධුසම්මත යැ”යි කී. යහළු ඝටීකාරයෙනි, එසේ වී නම් කෙහෙ ගැනුම් පියව, යම්හ’යි.



එසඳ ආනන්‍දයෙනි, ඝටීකාරකුම්භකාර හා ජෝතිපාල මාණවක හා දෙදෙන අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුබු බුදුන් කරා එළැඹියහ. එළැඹ ඝටීකාර කුම්භකාර තෙමේ අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් සකසා වැඳ එකත්පස් වැ හින. ජෝතිපාල මාණවක වනාහි අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් හා සමග සතුටු වී. සම්මොදනයට නිසි සිහි කරනට නිසි කථා කොට නිමවා එකත්පස් වැ හින. ආනන්‍දය, එකත්පස් වැ හුන් ඝටීකාර කුම්භකාර තෙමේ අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හට තෙල සැල කෙළේ: වහන්ස, මේ ජෝතිපාල මාණවක තෙමේ මාගේ යහළු යැ, ප්‍රිය යහළු යැ, භාග්‍යවතුන් වහන්සේ මුහුට දහම් දෙසන සේක්වා’යි. එසඳ ආනන්‍දයෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු ඝටීකාර කුම්භකාර හා ජොතිපාල මාණවකහට දැහැමි කථායෙන් කරුණු දැක්වූහ, සමාදන් කරවූහ, තෙද ගැන්වූහ, පහටු කරවූහ. ඉක්බිති ආනන්‍දය, ඝටීකාර කුම්භකාර හා ජොතිපාල මාණවක හා දෙදෙන අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු තෙද ගන්වන ලද්දාහු පහටු කරවන ලද්දාහු අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු ගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු සකසා වැඳ පැදකුණු කොට ගියෝ.



එසඳ ආනන්‍දය, ජොතිපාල මාණවක තෙමේ ඝටීකාර කුම්භකාරහට තෙල බස් කී: “යහළු ඝටීකාරයෙනි, තෙපි මේ දහම් අසන්නහු නො ද? එතෙකුදු වත් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නො වව”යි.



යහළු ජෝතිපාලයෙනි, තෙපි මා “අඳ වූ මහලු මාපියන් පුස්නෙමි”යි දන්නහු නො ද?



“යහළු ඝටීකාරයෙනි, එසේ වී නම් මම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙමි”යි.



එසඳ ආනන්‍දය, ඝටීකාර කුම්භකාර හා ජෝතිපාල මාණවක හා දෙදෙන අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හුන්හ. ආනන්‍දය, එකත්පස් වැ හුන් ඝටීකාර කුම්භකාර අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැල කෙළේ: “වහන්ස, මේ ජෝතිපාල මාණවක මා ගේ යහළු යැ ප්‍රිය යහළු යැ. භාග්‍යවතුන් වහන්සේ මුහු පැවිදි කෙරෙත්ව’යි. ආනන්‍දය, ජෝතිපාල මාණවක අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වෙත පැවිද්ද ලද, උපසම්පත් ලද.



ඉක්බිති ආනන්‍දය, අර්හත්සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ජොතිපාල මාණවක උපසපන් නොබෝ කල් වූ උපසපන් අඩමසක් ඇති කල්හි වෙහලිඞ්ගයෙහි කැමැති තාක් වාසය කොට බරණැස් නුවර කරා චාරිකායෙහි වාදියෝ, අනුක්‍රමයෙන් සැරිසරන සේක් බරණැස්නුවරට බටහ.



ආනන්‍දය, අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුහු එ බරණැස් නුවර ඉසිපතන (Rishipattana, India)නම් වූ මුවළැව්හි වැඩ වෙසෙති. ආනන්‍දය, කිකී නම් කාසි රජ “අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කසුප් බුදුහු බරණැස් නුවරට වැඩියාහු බරණැස් නුවර ඉසිපතන නම් වූ මුවළැව්හි වැඩ වෙසෙත් ල”යි ඇසී. එසඳ ආනන්‍දය, කිකී කසීරජ සුන්‍දර සුන්‍දර යානයන් යොදවා ගෙන සුන්‍දර යානයෙකැ නැඟී අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් දක්නට සුන්‍දර සුන්‍දර යානයෙන් යුතු වැ මහත් වූ රාජානුභාවයෙන් නික්ම ගියේ යැ. යානභූමි තාක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් මැ අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කසුප් බුදුන් කරා එළැඹ අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කසුප් බුදුන් වැඳ එකත්පස් වැ හින. ආනන්‍දය, එකත්පස් වැ හුන් කිකී කසීරජහට අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් දැහැමි කථායෙන් කරුණු දැක්වූහ, සමාදන් කරවූහ, තෙද ගැන්වූහ, පහටු කරවූහ. ඉක්බිති ආනන්‍දය, කිකී කසී රජ අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ පහටු කරවන ලද්දේ අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට තෙල බස් සැල කෙළේ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෙට දවසට භික්ෂුසඞ්ඝයා හා සමග මා ගේ බත ඉවසන සේක්ව”යි. ආනන්‍දය, අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුහු තුෂ්ණීම්භාවයෙන් ඉවසූහ. එසඳ ආනන්‍දය, කිකී කසීරජ අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කසුප් බුදුන්ගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟී අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් වැඳ පැදකුණු කොට නික්ම ගියේ යැ. ඉක්බිති ආනන්‍දය, කිකී කසී රජ එ රැය පහන් වූ කල්හි සිය නිවෙස්නෙහි තෙවැසි සුවඳ රත්හැල්හි කුඩු නැති සහල් ගෙන නොයෙක් සූප ව්‍යඤ්ජන ඇති ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයන් පිළියෙල කරවා අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට “වහන්ස, වඩනට කලි, බත්කිස නිම වන ලදැ”යි කල් දැන්වී.



එකල්හි ආනන්‍දය, අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුහු පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන කිකී කසීරජහු ගේ නිවෙස්න කරා එළැඹියහ. එළැඹ පැනවූ අස්නෙහි භික්ෂුසඞ්ඝයා හා සමග වැඩ හුන්හ. ඉක්බිති ආනන්‍දය, කිකී කසී රජ බුදුපාමොක් මහසඟන ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සතැප්වී, පැවරී.



ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් වැළඳුවන් පාත්‍රයෙන් බැහැර කළ අත් ඇතියන් දැන එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස් වැ හින. ආනන්‍දයෙනි, එකත්පස් වැ හුන් කිකී කසීරජ අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට තෙල බස් සැල කෙළේ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා ගේ බරණැස්පුර වස්විසීම ඉවසන සේක්වා, මහසඟනට මෙවන් උවැටන් වන්නේ යැ”යි. “කම් නැත මහරජ, මා විසින් වස්විසීම ඉවසන ලදැ”යි. දෙවනවට දු ආනන්‍දය, ... තුන්වනවට දු ආනන්‍දය, කිකී කසීරජ අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට තෙල බස් සැල කෙළේ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා ගේ බරණැස්පුර වස්විසීම ඉවසන සේක්වා, මහසඟනට මෙවන් උවැටන් වන්නේ යැ”යි. “කම් නැත මහරජ, මා විසින් වස්සාවාස ඉවසන ලදැ”යි. එසඳ ආනන්‍දය, කිකී කසීරජහට: “අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු මා ගේ බරණැස් නුවර වස්විසීම නො ඉවසතී” විපරීතසිත් වී, දොම්නස් වී. ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට: “වහන්ස, මට වඩා උපස්ථායකතර වූ අන් කිසිවෙක් මුබ වහන්සේට ඇද්දැ?යි මෙවදන් කී.



මහරජ, වේහලිඞ්ග නම් නියම්ගමෙක් ඇත. එහි ඝටීකාර නම් කුම්භකාරයෙක් ඇති. හෙ තෙම මාගේ උපස්ථායක යැ අග්‍රොපස්ථායක යි. මහරජ, තොපට වැළිත් “අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුහු මා ගේ බරණැස් නුවර වස්සාවාස නො ඉවසතී” විපරීත සිතෙක් ඇත, දොම්නසෙක් ඇති. ඒ මෙ දොම්නස ඝටීකාර කුම්භකාර කෙරෙහි නැත, නො ද වන්නේ යි.



මහරජ, ඝටීකාර කුම්භකාර වූකලි බුදුන් සරණ කොට ගියේ යැ, දහම් සරණ කොට ගියේ යැ, සඟුන් සරණ කොට ගියේ යි.



මහරජ, ඝටීකාර කුම්භකාර පණිවායෙන් වෙන් වූයේ වෙයි, අයිනාදනින් වෙන් වූයේ වෙයි, කාමයෙහි මිසහසරින් වෙන් වූයේ වෙයි, මුසවායෙන් වෙන් වූයේ වෙයි, මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වෙන් වූයේ වෙයි.



මහරජ, ඝටීකාර කුම්භකාර බුදුන් කෙරෙහි අචෙත්‍යප්‍රසාදයෙන් සමන්වාගත වෙයි, ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි අචෙත්‍යප්‍රසාදයෙන් සමන්වාගත වෙයි, ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්වාගත වෙයි.



මහරජ, ඝටීකාර කුම්භකාර දුඃඛසත්‍යයෙහි නිසැක වූයේ දුඃඛසමුදයසත්‍යයෙහි නිසැක වූයේ දුඃඛනිරොධසත්‍යයෙහි නිසැක වූයේ දුඃඛනිරොධ ගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි නිසැක වූයේ වෙයි.



මහරජ, ඝටීකාර කුම්භකාර එකභත්තික වැ බ්‍රම්සර ඇති වැ සිල්වත් වැ කලණදහම් ඇති වැ සිටින සුලු වෙයි.



මහරජ, ඝටීකාර කුම්භකාර හැරපී මණි ස්‍වර්‍ණ ඇතියේ හැරපී රන්රිදී ඇතියේ වේ.



මහරජ, ඝටීකාර කුම්භකාර බහාතැබූ මොහොල් ඇතියේ සියතින් පොළෝ නො කණියි. ඉවුරෙන් ගිලිහුණු යම් මැ මැටියෙක් වේවයි මීයන් නැඟූ යම් මැ මැටියෙක් වේවයි ඇද්ද, එය කඩින් ගෙනවුත් බඳුන් තනා මෙසේ කියයි: “යමෙක් කැමැති වේ නම් සහල්පිහිවා වේවයි, මුංපිහවා වේවයි කඩලපිහිවා වේවයි මෙහි බහා යම් බඳුනක් කැමැති වේ නම් එය ගෙන යේව”යි.



මහරජ, ඝටීකාර කුම්භකාර අඳමහලු මවුපියන් පුස්නේ යැ.



මහරජ, ඝටීකාර කුම්භකාර පඤ්චඕරම්භාගීය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් ඔපපාතික වැ එ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇති වැ එහි මැ පිරිනිවන් පානාසුලු වෙයි.



මහරජ, මම එක් කලෙක වේහලිඞ්ග නියම්ගම්හි වාස කරමි. ඉක්බිති මහරජ මම් පෙරවරු වේලෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන ඝටීකාර කුම්භකාරයා ගේ මාපියන් කරා එළැඹියෙමි. එළැඹැ ඝටීකාර කුම්භකාරයාගේ මාපියනට තෙල බස් කිමී: “දැන් මේ භාර්ගව කොහි ගියේ වේ දැ”යි. වහන්ස, ඔබ ගේ උපස්ථායක බැහැර ගියේ යැ. තෙල සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳන්නේ යැ”යි. ඉක්බිති මහරජ මම සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳ කොට හුනස්නෙන් නැඟී බැස ගියෙමි. ඉක්බිති මහරජ, ඝටීකාර කුම්භකාර මාපියන් කරා එළැඹියේ යැ, එළැඹ මවුපියනට තෙලබස් කී: “සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳා හුනස්නෙන් නැඟී බැස ගියේ කවරෙකැ”යි. දරුව, අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳා හුනස්නෙන් නැඟී බැස ගියහ”යි. එසඳ මහරජ, ඝටීකාර කුම්භකාරහට තෙල සිත් වී: “මට ලාභයෙක් මැ යැ, මට මනා ලැබීමෙක් මැ යැ, අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු මට මෙසේ ඉතා විස්වැසි වූහ”යි. එසඳ මහරජ, ප්‍රීතිසුඛය අඩමසක් ඝටීකාර කුම්භකාරයා නො හළේ යැ. මාපියන් ගේ ප්‍රීතිසුඛය සත්දිනක් නො හළේ යැ.



මහරජ, මම එක් කලෙක වේහලිඞ්ග නියම්ගම්හි මැ වාස කරමි. එක්බිති මහරජ, මම පෙරවරු වේලෙහි හැඳපෙරෙව පාසිවුරු ගෙන ඝටීකාර කුම්භකාරයා ගේ මාපියන් කරා එළැඹියෙමි. එළැඹැ ඝටීකාර කුම්භකාරයාගේ මාපියනට තෙල බස් කිමී: “දැන් මේ භාර්ගව කොහි ගියේ වේ දැ”යි. වහන්ස, ඔබ ගේ උපස්ථායක බැහැර ගියේ යැ. තෙල සැළියෙන් කොමු ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳන්නේ යැ”යි. ඉක්බිති මහරජ මම සැළියෙන් කොමු ගෙන සූප භාජනයෙන් සූප ගෙන වළඳ කොට හුනස්නෙන් නැඟී නික්ම ගියෙමි. ඉක්බිති මහරජ, ඝටීකාර කුම්භකාර මාපියන් කරා එළැඹියේ යැ, එළැඹ මවුපියනට තෙල බස් කී: “සැළියෙන් කොමු ගෙන සූප භාජනයෙන් සූප ගෙන වළඳා හුනස්නෙන් නැඟී බැස ගියේ කවරෙකැ”යි. දරුව, අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳා හුනස්නෙන් නැඟී බැස ගියහ”යි. එසඳ මහරජ, ඝටීකාර කුම්භකාරහට තෙල සිත් වී: “මට ලාභයෙක් මැ යැ, මට මනා ලැබීමෙක් මැ යැ, අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු මට මෙසේ ඉතා විස්වස් ඇතියහ”යි. එසඳ මහරජ, ප්‍රීතිසුඛය අඩමසක් ඝටීකාර කුම්භකාරයා නො හළේ යැ. මාපියන් ගේ ප්‍රීතිසුඛය සත් දිනක් නො හළේ යි.



මහරජ, මම එක් කලෙක වේහලිඞ්ග නියම්ගම්හි මැ වාස කරමි. එසමයෙහි ගඳකිළිය තෙමෙයි. ඉක්බිති මහරජ, මම භික්ෂූන් ඇමැතීමි: “මහණෙනි, යව, ඝටීකාර කුම්භකාරයාගේ නිවෙස්නෙහි තණ ගෙනෙව”යි. මහරජ, මෙසේ වදාළ කළ මහණහු මට තෙල සැල කොළෝ, “වහන්ස, ඝටීකාර කුම්භකාරයා ගේ නිවෙස්නෙහි තෘණ නැත, ඔහු ගේ නවසියන් ඇති ශිල්පශාලායෙක් ඇත”යි. “මහණෙනි යව, ඝටීකාර කුම්භකාරයාගේ ශිල්පශාලාව නිස්තෘණ කරව”යි. මහරජ, එසඳ මහණහු ඝටීකාර කුම්භකාරයාගේ සිප්හල නිස්තෘණ කළහ. එසඳ මහරජ, ඝටීකාර කුම්භකාරයාගේ මාපියෝ මහණනුට තෙල කීහු: “කවරහු සිප්හල නිස්තෘණ කෙරෙද්දැ”යි. මහණහු “බුහුනැණියෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ භගවත්හු ගේ ගන්ධකුටිය තෙම්යි”. වහන්ස, ගෙන යව, භද්‍රමුඛයෙනි, ගෙන යව”යි. ඉක්බිති මහරජ, ඝටීකාර කුම්භකාර මවුපියන් කරා එළැඹියේ යැ, එළැඹ මවුපියනට තෙල් කී: “කවරහු සිප්හල නිස්තෘණ කොළෝ දැ”යි. දරුව, මහණහු යැ, අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු ගේ ගඳකිළිය තෙමේ ලැ”යි. එසඳ මහරජ, ඝටීකාර කුම්භකාරහට තෙල සිත් වී: “මට ලාභයෙක් මැ යැ, මට මනා ලැබීමෙක් මැ යැ, අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු මාහට මෙසේ ඉතා විස්වස් ඇතියහ”යි. ඉක්බිති මහරජ, ප්‍රීතිසුඛය ඝටීකාර කුම්භකාරයා අඩමසක් නො හළේ යැ. මාපියන් ගේ ප්‍රීතිසුඛය සත් දිනක් නො හළේ යි. ඉක්බිති මහරජ, ඒ සිප්හල මුළු තෙමස අහස්සෙවෙනි ඇති වැ සිටගත, නො තෙමිණ. මහරජ, ඝටීකාර කුම්භකාර තෙමේ මෙබන්දෙකැ”යි.



වහන්ස, යමක්හට භගවත්හු මෙසේ ඉතා විස්වස් ඇති වූහු ද, ඒ ඝටීකාර කුම්භකාරයාහට ලාභයෙක, ඒ ඝටීකාර කුම්භකාරයාහට සුලබ්ධ ලාභයෙකැ’යි.



ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ කලප් කොට වියළු රත්හැල් පිළිබඳ සහල්ගැල් පන්සියක් පමණ යැවී, එයට නිසි සූපාර්හ දැය ද යැවී. ඉක්බිති ආනන්‍දය, ඒ රාජපුරුෂයෝ ඝටීකාර කුම්භකාරයා කරා එළැඹ තෙල කීහු: “වහන්ස, කිකී කසීරජු විසින් කලප් කොට වියළු රත්හැල් පිළිබඳ මේ පන්සියක් පමණ සහල්ගැල් එවනලද, එයට නිසි සූපාර්හ දැය ද එවන ලදැ’යි. වහන්ස, ඒ දැය පිළිගන්නේ යැ’යි. රජ වනාහි බොහෝ කිස ඇත්තෙක, බොහෝ කරණී ඇත්තෙක, මට කම් නැත, රජුට මැ වේව’යි.



ආනන්‍දය, තට මෙබඳු සිතෙක් විය හෙයි: “එසමයෙහි ජොතිපාල මාණවක අනෙකෙක් වී යැ” කියා යි. ආනන්‍දය, තෙල මෙසේ නො දැක්කයුතු යැ, මම එසමයෙහි ජොතිපාල මාණවක විමී”යි.



භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. සතුටුසිත් ඇති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්හ….





3. චක්‍රවර්ති සිංහනාද සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > පාථික වර්ගය > 3. චක්‍රවර්ති සිංහනාද සූත්‍රය



22. මහණෙනි, මිනිසුන් වර්ෂ අසූදහසක් ආයු ඇත්තන් වන කල්හි, මේ බරණැස් නුවර සමෘද්ධ වූද ආඪ්‍ය වූද බොහෝ ජනයා ඇත්තා වූද මිනිසුන්ගෙන් ආකීර්‍ණ වූද සුලභ ආහාර ඇත්තාවූද කේතුමති නම් රජ දහනෙක් වන්නේය. මහණෙනි, මිනිසුන් අසූදහසක් හවුරුදු ආයු ඇත්තවුන් වූ කල්හි මේ දඹදිව්හි කේතුමතී රාජධානිය ප්‍රමුඛ කොටැති සුවාසූ දහසක් නගරයෝ වන්නාහ. මහණෙනි, මිනිසුන් අසූදහසක් හවුරුදු ආයු ඇතියන් වූ කල්හි කේතුමති රාජධානියෙහි ධාර්මික වූ ධර්මරාජ වූ සිවු සයුරු හිම් කොට සතර මහාද්වීපයට අධිපති වූ, සියලු සතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් යුත් ශංඛ නම් සක්විති රජෙක් පහළ වන්නේ ය. ඔහුට චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මණිරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය, සත්වන පරිනායක රත්නයැ යි මේ සප්ත රත්න කෙනෙක් වන්නාහ. ඔහුට බාන සුලු නොවූ මූර්තිමත් වීර්යය බඳු ශරීර ඇති, පර සෙන් මඩිනු සමත් වූ, දහසකට වැඩි දරු කෙනෙක් වන්නාහ. හෙ තෙම සයුරුහිම් මේ මහ පොළොව දඬුවමින් තොර වැ, අවියෙන් තොර වැ, දැහැමෙන් සෙමෙන් ජය ගෙන අධිපති වැ වසන්නේ ය….





2.3. ද්විතීය පාරාජිකය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 2. පාරාජිකකාණ්ඩය > ද්විතීයපාරාජිකය



81. එසමයෙහි බරණැස් නුවර ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරුන්ගේ උපස්ථායක කුලය සොරුන් විසින් පෙළන ලද්දේ වෙයි. දරුවන් දෙදෙනද පැහැර ගෙන යන ලද්දාහු වෙත්. ඉක්බිති ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙමේ ඒ දරුවන් සෘද්ධියෙන් ගෙන වුත් පහයෙහි තැබී ය. මිනිස්සු ඒ දරුවන් දැක මෙය පිළින්දිවච්ඡ ආර්‍ය්‍යයන්ගේ සෘද්ධ්‍යානුභාව යයි ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරුන් කෙරෙහි ඉතා පැහැදුනාහු ය. භික්ෂූහු අවමන් කෙරෙති, අයුණු කියති, නුගුණ පතුරුවත්: “කෙසේ නම් ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙමේ සොරුන් විසින් ගෙන යන ලද දරුවන් ගෙන ආයේ දැ” යි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහු ය. ... “මහණෙනි, ඍද්ධිමත්හුගේ ඍද්ධි විෂයෙහි ඇවැත් නො වේ.”….





4.1.4. පඨමපාස සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 4. මාර සංයුත්‌තය > 1. ආයු වර්ගය



140. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර සමීපයෙහි ඉසිපතන (Rishipattana)නම් වූ මුවවෙනෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:



මහණෙනි, මා විසින් නුවණින් මෙනෙහි කිරීමෙන් නුවණින් ප්‍රධන්වීර්ය්‍යය කිරීමෙන් නිරුත්තර විමුක්තිය ලබන ලදු, නිරුත්තර විමුක්තිය ප්‍රත්‍යක්ෂ කරණ ලදු. මහණෙනි, තෙපි දූ නුවණින් මෙනෙහි කිරීමෙන් නුවණින් ප්‍රධන්වීර්ය්‍යය වැඩීමෙන් නිරුත්තර විමුක්තියට පැමිණෙව. නිරුත්තර විමුක්තිය ප්‍රත්‍යක්ෂ කරව.



එකල්හි පවිටු මරු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:



මාරපාශයෙන් බඳනා ලද්දෙහි: දිව්‍ය වූ යම් බන්ධනයෝ වෙද්ද, මිනිසුන් පිළිබඳ වූ යම් බන්ධනයෝත් වෙද්ද, ඒ සියලු මාර බන්ධයෙන් බැඳුනෙහි. මහණ, මා කෙරෙත් නොමිදෙන්නෙහිය.



[භගවත්හු:]



මාරබන්ධනයෙන් මිදුනෙම් වෙමි. දෙවියන් පිළිබඳ වූ යම් බන්ධනයෝ වෙද්ද, මිනිසුන් පිළිබඳ වූ යම් බන්ධනයෝත් වෙද්ද, ඒ සියලු මාර බන්ධනයෙන් මිදුනෙම් වෙමි. මරුව තෝ විනාශවූවේය.



ඉක්බිති පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනීය යැයි දුකට පත් වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් විය….





8.7.9. නවම ශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාචිත්‌තියපාළිය > භික්‌ඛු විභඞ්‌ය > සෙඛියකාණ්ඩය > 7. පාදුකා වර්ගය



2. මහණෙනි, පෙරැ වූවක් කියමි: බරණැස් නුවර එක්තරා සැඩොලක්හුගේ අඹුව ගැබිනි වූ යැ. එකල්හි මහණෙනි, ඒ සැඩොලී තොමෝ ඒ සැඩොල්හට මෙය කිවු යැ. 'හිමිපුත, ගැබිනියක් වෙමි, අඹ කන්නට කැමැත්තෙමු' යි, අඹ නැති. අඹ පිලිබඳ කාලය නො වෙයි, ඉදින් මම නො ලබම් නම් මැරෙමියි. එසමයෙහි වනාහි රජුගේ අඹරුක නිතිපල ඇතියේ වෙයි. එකල්හි මහණෙනි, ඒ සැඩොල් තෙමේ ඒ අඹරුක වෙතැ එළඹියේයැ. එළැඹැ ඒ අඹරුකට නැග සැඟවී හුන්නේයි….





මහාඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 1. මහාඛන්‌ධකය



3. ආයුෂ්මත් යසතෙරුන් වහන්සේගේ ගිහි කල්හි යහළුවූ බරණැස් නුවර සිටු අනුසිටු කුලයන්ගේ (පවුල්වල) පුත්‍ර වූ විමල සුබාහු පුණ්ණජි ගවම්පති යන සතර දෙන “යසකුලපුත්‍ර තෙමේ ඉසකේ රවුල් බැහැර කරවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ යැ” යි ඇසූහ. ඇසීමෙන් ඔවුනට “යම් සස්නෙක යස තෙමේ පැවිදි වූයේ නම්, ඒ ධර්‍මවිනය (ශාසනය) ලාමක නොවේ. ඒ පැවිද්ද ලාමක නොවේය” යි සිතක් පහළ වූයේය. ඔහු ආයුෂ්මත් යසතෙරුන් හුන් තැනට ගියහ. ගොස්, ආයුෂ්මත් යසතෙරුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියහ. ඉක්බිති ආයුෂ්මත් යසමහණ තෙමේ ඒ ගිහි යහළුවන් සිවු දෙනා කැඳවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. පසෙක හුන් ආයුෂ්මත් යසමහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, බරණැස් නුවර සිටුඅනුසිටුකුලයන්ගේ පුත්‍ර වු විමල සුබාහු පුණ්ණජි ගවම්පති යන මේ සිවු දෙන මාගේ ගිහිකල්හි යහළුවෝ ය. භාග්‍යවතුන් වහන්සේ මොවුන්ට අවවාද කරණ සේක්වා” යි සැළ කෙළේය….





6. භේසජ්ජක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 6. භේසජ්‌ජක්‌ඛන්‌ධකය



1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර කැමැති තාක් කල් වාසය කොට අන්‍ධකවින්‍දය බලා එක්දහස්දෙසියපණසක් වූ මහත් භික්‍ෂුසඞ්ඝයා සමග චාරිකාවෙහි වැඩි සේක….





8. චීවරක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 8. චීවරක්‌ඛන්‌ධකය



34. එකල්හි බරණැස් නුවර සිටු පුතුහට කරණම් පැනීමෙන් ක්‍රීඩා කරද්දී බඩවැල ගැට ගැසීමෙන් හටගත් රොගයෙක් වේ. ඒ ආබාධය කරණ කොට ඔහු පානය කළ කැඳද මනා කොට දිරවීමට නොයෙයි. අනුභව කළ බත්ද මනා කොට නොදිරයි. මලමූත්‍ර ද ස්වභාවයෙන් පහ වීමෙක් ඔහුට නැත. එයින් හෙතෙමේ වෑරුණේ වියලුනේ දුර්‍වණි වූයේ හටගත් පඬුවන්පැහැ ඇත්තේ නහර ඉල්පුනු සිරුරු ඇත්තේ වෙයි….





10. කොසම්‌බක්‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 10. කොසම්‌බක්‌ඛන්‌ධකය



50. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, පෙර බරණැස් නුවර ධනයෙන් සමෘද්ධ වු නිදන්ගත මහත් ධන ඇති මහත් උපභෝග පරිභෝග සම්පත් ඇති මහත් බල ඇති මහත් වාහන ඇති මහත් රට ඇති පිරිපුන් කොටුගුල් ඇති බ්‍රහ්මදත්ත නම් කසී රජෙක් වීය...



නාලන්දා නගරය:

ඉන්දියාවේ නාලන්දා නගරය පිළිබඳ ත්‍රිපිටක තොරතුරු:



නාලන්දාව ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටා ඇත.

Nalanda district is one of the thirty-eight districts of the state of Bihar in India. Bihar Sharif is the administrative headquarters of this district. The districts is home to the ancient Nalanda Mahavihara a UNESCO World Heritage Site. Nalanda is located in the Magadh region of southern Bihar. Website: https://nalanda.nic.in





11. කේවට්ට සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > සීලස්කන්ධ වර්ගය > 11. කේවට්‌ට සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවරට නොදුරු නොළං (මධ්‍යම දුරකින්) තන්හි වූ පාවාරික අඹවෙනෙහි වැඩ වසන සේක. එ කල්හි කේවඩ්ඪ නම් ගැහැවිපුත් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සාදර ව වැඳ පසෙක හුන්නේය. පසෙක හුන්නා වූ ම කේවඩ්ඪ ගැහැවිපුත් තෙම “වහන්ස, මේ නාලන්දා නගරිය සමෘද්ධය, ස්ථිතය (නන් වැදෑරුම් භාණ්ඩයෙන් පිරුණේ ය), බොහෝ ජනයා ඇත්තේය, ගැවැසුණු මිනිසුන් ඇත්තේය, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පැහැදුණේය. වහන්ස, යාච්ඤා කරම්, යමෙක් උතුරුමිනිස්දහමින් ඉදුපෙළහර කරන්නේ නම්, එසේ වූ එක් මහණකුට භාග්‍යවතුන් වහන්සේ අණ කරන සේක් වා. මෙසේ මේ නාලන්දාව වඩාලාත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහදින්නේ යැ”යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය….





1. බ්‍රහ්මජාල සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > සීලස්කන්ධ වර්ගය > 1. බ්‍රහ්මජාල සූත්‍රය



1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පන්සියක් පමණ වූ මහත් බික්සඟන සමඟ රජගහනුවරටත් නාලන්දා නුවරටත් අතරෙහි දීර්ඝ මාර්ගයට පිළිපන්සේක් වෙති. සුප්පිය නම් පිරිවැජියාත් බඹදත් නම් තරුණ අතැවැස්සා සමඟ රජගහ නුවරටත් නාලන්දා නුවරටත් අතරැ වූ දික් මඟට පිළිපන්නේ වේ. එහි දී සුප්පිය පිරිවැජි නොයෙක් කරුණින් බුදුරජාණන් වහන්සේට දොස් කියයි, ධර්මයට දොස් කියයි, සංඝයාට දොස් කියයි. එහෙත් ඔහුගේ අතැවැසි තරුණ බඹදත් තෙමේ නොයෙක් කරුණින් බුදුරජාණන් වහන්සේ පසසයි, ධර්මය පසසයි, සංඝයා පසසයි. මෙසේ ඒ ඇදුරු අතැවැසි දෙදෙන එකෙක් අනෙකාට ඉඳුරා ම විරුද්ධවාද ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේත් බික්සඟපිරිසත් අනුව ගියෝ වෙත්….





3. මහාපරිනිර්වාණ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > මහා වර්ගය > 3. මහාපරිනිර්වාණ සූත්‍රය



19. එසමයෙහි ද භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවරැ පාවාරික අඹවෙනෙහි වැඩ වසන සේක්, “ශීලය මෙසේ ය, සමාධිය මෙසේය, ප්‍රඥාව මෙසේය. ශීලයෙන් වඩන ලද සමාධිය මහත් පල මහත් අනුසස් ඇත්තේ වේ. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත් පල මහත් අනුසස් ඇත්තේ වේ. ප්‍රඥායෙන් වඩන ලද සිත කාමස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන සියලු ආස්‍රව කෙරෙන් මොනොවට මිදේ” යැයි භික්‍ෂූනට බෙහෙවින් මේ දැහැමි කතාව ම කරන සේක….





4.1.11. චීවර සූත්‍රය(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 4. කස්සප සංයුක්තය > 1. කස්සප වර්ගය



294. එක් සමයෙක ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ මහත් බික්සඟන සමග දක්ඛිණාගිරි දනව්වෙහි චාරිකාවෙහි හැසිරෙයි. එසමයෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගේ සද්ධිවිහාරික වූ බෙහෙවින් තරුණ වූ තිසක් පමණ භික්ෂූහු සිකපද පිළිකෙව් කොට ගිහි බවට පෙරලුනාහු වෙති. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ දකුණුගිරි දනව්වෙහි කැමතිතාක් චාරිකා කොට රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වැඳ එකත්පසෙක හිඳ ගත්තේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ මෙය කීහ:



“ඇවැත්නි, ආනන්දයෙනි, කෙතෙක් කරුණු නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි තිකභොජනය* පණවන ලද්දේ දැ” යි.



වහන්ස, කාශ්‍යපයෙනි, කරුණු තුනක් නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි තිකභෝජනය පණවන ලදි: දුශ්ශීල පුද්ගලයන්ට නිග්‍රහ කිරීම පිණිස ද, ප්‍රියශීල භික්‍ෂුන්ගේ පහසු විහරණය පිණිස ද, ලාමක අදහස් ඇත්තෝ, (කුලවිනවා බුදිමින්) පක්ෂය (=එවැනි ලාමකයන්ගෙන්ම වඩාගත් සමූහයා) නිසා සඞ්ඝයා නො බිඳිත්වා යි ද, වැලි කුලයන් කෙරෙහි වූ අනුද්දයාව නිසා ද වේ. වහන්ස, කාශ්‍යපයෙනි, මේ කරුණු තුණ නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි තිකභොජනය පණවන ලදි.



ඇවැත්නි, ආනන්දයෙනි, ඉදින් එසේ නම් කුමක් හෙයින් තෙපි ඉඳුරන්හි නො රක්නා ලද දොර ඇති බොජුනෙහි පමණ නො දන්නා නිදි වැරීමෙහි නො යෙදුනු මේ නව භික්ෂූන් සමග චාරිකාවෙහි හැසිරෙවු ද? ශස්‍ය නසමින් හැසිරෙණු වැන්න. කුලයන් නසමින් හැසිරෙණු වැන්න. අවැත් ආනන්දයෙනි, තොපගේ පිරිස බිඳේ. ඇවැත්නි, බෙහෙවින් තරුණ වූ ඔහු බිඳෙත්. මේ ලදරු තෙමේ තමන් පමණ නො දනි යි.



“වහන්ස, කාශ්‍යපයෙනි, මගේ හිසෙහි පලිතයෝත් (පැසුනු කෙසුත්) හට ගත්හ. එහෙත් අද දු ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ගේ කුමරක වාදයෙන් නො මිදෙමු” යි.



ඇවැත්නි, ආනන්දයෙනි, ඒ එසේ මැයි: (කුමරකයන් වෙනම හැසිරෙණ බැවින් තෙපි දු කුමරක වදයට නිසි යයි දෙසූයේය:) තෙපි ඉඳුරන්හි නො රක්නා ලද දොර ඇති බොජුනෙහි පමණ නො දන්නා නිදිවැරීමෙහි නො යෙදුණු මේ නවක භික්ෂූන් සමග චාරිකාවෙහි හැසිරෙවු. ශස්‍ය නසමින් හැසිරෙණු වැන්න. කුලයන් නසමින් හැසිරෙණු වැන්න. ඇවැත්නි ආනන්දයෙනි, තොපගේ පිරිස බිඳේ. ඇවැත්නි, බෙහෙවින් නවක වූ ඔහු බිඳෙත්. මේ ලදරු තෙමේ තමන් පමණ නොදනි යි.



ථුල්ලනන්‍දා මෙහෙණ “ආර්‍ය්‍ය වූ මහසුප් තෙරුන් විසින් ආර්‍ය්‍ය වූ වේදේහ මුනි ආනන්‍ද ස්ථවිර තෙමේ කුමරකවාදයෙන් ගරහන ලදැ” යි ඇසූ. එකල්හි ථුල්ලනන්‍දා මෙහෙණ නො සතුටු සිත් ඇත්තී “කිමෙක් ද, පෙර අන්තොටු වූම ආර්‍ය්‍ය වූ මහකසුප් තෙරණුවෝ ආර්‍ය්‍ය වූ වෙදෙහමුනි ආනන්‍ද තෙරුන්ට කුමාරක වාදයෙන් ගැරහිය යුතු යයි සිතද්දැ”යි නො සතුටු වදන් පහළ කළා ය.



ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ථුල්ලනන්දා මෙහෙණ මේ වචන කියද්දී අසූහ. ඉක්බිති ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට මෙය කීහ: ඇවැත්නි, ආනන්දයෙනි, ථුල්ලනන්දා මෙහෙණ විසින් ඒකාන්තයෙන් කරුණු නො සලකා ද්වේෂයෙන් වචන කියන ලදි. ඇවැත්නි, මම යම් කලෙක කෙස් රැවුල් බා කාසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් ද, (එවක් පටන්) ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේ හැර අන් ශාස්තෘවරයකු (මගේ ශාස්තෘ යයි) උදෙසන්නට (=උදෙසූ බවක්) නො දනිමි.



ඇවැත්නි, පෙර ගිහිවූම මට “ගෘහවාසය සම්බාධ (අවකාශ රහිත) ය, කෙලෙස් රජස් රැස්වන මගය. පැවිද්ද අභ්‍යවකාස ය. ගිහිගෙයි වසන්නහු විසින් එකැතින් පිරිපුන් එකැතින් පිරුසුදු දෙවූ සකක් බඳු කොට (මොහොතකුදු මල නොගන්වා හැසිරිය යුතු) මේ බඹසර හැසිරෙන්නට සුකර නො වේ. මම කෙස් රැවුල් බා කාසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙම් නම් මැනවැ”යි මේ සිත විය. ඇවැත්නි, ඒ මම පසුකලෙක මහඟුවත් කඩකපාගත් පිලියෙන් සඟල (සිවුරක්) කොට ගෙණ ලොව යම් රහත්හු වෙත් නම් ඒ රහතුන් උදෙසා කෙස් රැවුල් බා ඒ කාසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙමි.



ඒ මම මෙසේ පැවිදි වූයෙම්ම අදන් මගට පිළිපන්නෙමි. රජගහනුවරටද නාලන්දාවටද (Nalanda district)අතර බහුපුත්ත සෑයෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දිටිමි. දැක “මම ශාස්තෘවරයකු දක්නෙම් නම් මේ භාග්‍යවතුන් වහන්සේ ම මාගේ ශාස්තෘවශයෙන් දක්නෙමි. මම සුගත කෙනකුන් දක්නෙම් නම් මේ භාග්‍යවතුන් වහන්සේ ම දක්නෙමි. මම සම්මාසම්බුදුකෙනකුන් දක්නෙම් නම් මේ භාග්‍යවතුන් වහන්සේ ම දක්නෙමි” යි මට මේ සිත විය. ඇවැත්නි, ඒ මම එහි ම භාග්‍යවතුන් වහන්සේගේ පා වෙත හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘවරයාය. මම සවු වෙමි, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘවරයාය. මම සවු වෙමි” යි මෙය සැළකෙළෙමි.



ඇවැත්නි, මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මට මෙය වදාළ සේක: “කස්සප, යමෙක් මෙසේ මුළුහිතින් සමන්විත වූ සවුවකු (ගුණ විසින්) නොදන්නේම දනිමියි (ස්වකීය ශාස්තෘභාවය ප්‍රතිඥ කෙරේද) නොදක්නේම දකිමියි කියාද, ඔහුගේ හිසත් ගිලිහෙන්නේය. (බෙල්ලෙන් කැඩී වැටෙන්නේය) (සත්කඩකට) පැලෙන්නේය. කස්සප, මම වනාහි (මාගේ ශාස්තෘභාවය) දන්නෙම්ම දනිමියි කියමි. දක්නෙම්ම දකිමියි කියමි. 



කස්සප, එහෙයින් (මා ශාස්තෘ බැවින්) තොප විසින් මෙහි මෙසේ හික්මියයුතු: “ස්ථවිර නව මධ්‍යම භික්ෂූන් කෙරෙහි මාගේ දැඩි හිරි ඔතප් එළඹ සිටියේ වන්නේ” ය යි. කස්සප, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.



කස්සප, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතු. “කුසල් ඇසුරු කළ යම්කිසි දහමක් අසන්නෙම් නම් ඒ සියලු ධර්මය (තමහට අර්ථයකැයි) අර්ථවත් කොට මෙනෙහි කරමින් මුළු හිත එක්කොට යොමු කළ කන් ඇතිව අසන්නෙමි” යි. කස්සප, තොප විසින් මෙසේ ම හික්මිය යුතු.



කස්සප, එහෙයින් මෙහි තොප විසින් මෙසේ ම හික්මිය යුතු “සුඛසම්ප්‍රයුක්ත (ප්‍රථම ධ්‍යාන සුඛයෙන් යුක්ත) වූ මාගේ කායගතාසතිය, මා නොහරණේය” යි. කස්සප, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.



ඇවැත්නි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ (ත්‍රිවිධ) අවවාදයෙන්Ɨ මට අවවාද කොට හුනස්නෙන් නැගී වැඩිසේක.



ඇවැත්නි, මම සත්දවසක්ම රටවැසියා විසින් දෙන පිණ්ඩාහාරය ණය ගැතිව වැළඳුවෙමි ඉක්බිති අටවැනි දිනයෙහි මට රහත් බව පහළ විය.



ඇවැත්නි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගින් ඉවත් ව එක්තරා රුක්මුලකට එළඹි සේක. ඇවැත්නි, එකල්හි මම පටපිලොතිකායෙන් කළ සඟල සිවුර සිවුගුණු කොට පණවා භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩ හිඳින සේක්වා, දිගු කලක් එය මට හිත පිණිස සැප පිණිස වනු ඇතැයි” මෙය සැළකෙළමි. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ පැණවූ අස්නෙහි වැඩහුන් සේක. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ “කස්සප, මේ පටපිලොතිකා සඞ්ඝාටිය මෘදු ය”යි මෙය මට වදාළ සේක. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ පටපිලොතිකා සඞ්ඝාටිය අනුකම්පා කොට පිළිගන්නා සේක්වා යි සැළකෙළෙමි.



කස්සප, තෙපි පරිභෝගයෙන් දිරාගිය හණ වැහැරි (පිළි) යෙන් කළ මාගේ පවුල් (පාංශුකූල) සිවුරු දරන්නෙහි ද? වහන්ස, මම පරිභෝගයෙන් දිරාගිය හණවැහැරියෙන් කළ භාග්‍යවතුන් වහන්සේගේ පවුල්සිවුරු දරන්නේමියි.



ඇවැත්නි, මම මහඟුවත් කඩ කපා කළ සඟලසිවුර භාග්‍යවතුන් වහන්සේට ප්‍රදානය කෙළෙමි. පරිභෝගයෙන් දිරාගිය හණවැහැරියෙන් කළ භාග්‍යවතුන් වහන්සේගේ පවුල්සිවුර මම පිළිගතිමි. ඇවැත්නි, මැනවින් සත්‍යය කියන්නෙක් “මුවෙන් (බුදුමුවෙන් නිකුත් අවවාදයෙන්) උපන්, ධර්මයෙන් හටගත්, ධර්මයෙන් නිමියා වූ ධර්මය දෑවැද්ද කොට ඇති, පරිභෝගයෙන් දිරාගිය හණවැහැරිමුවා පවුල්සිවුරු පිළිගත්තා වූ, භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර (ලෙයින් උපන් පුතා, සත්‍ය නියම නීත්‍යානුකූල පුතා, තමාගේම පුතා) ය”යි ඒ යමකු සඳහා කියන්නේ නම්’ මැනවින් කියන්නේ “මුවෙන් උපන්, ධර්මයෙන් හටගත්, දහමෙන් නිමියා වූ, ධර්මය දෑවැද්ද කොට ඇති, පරිභෝගයෙන් දිරාගිය හණවැහැරිමුවා පවුල් සිවුරු පිළිගත්තා වූ, භාග්‍යවතුන් වහන්සේගේ උරදා පුත්ය” යි ඒ මට කියන්නේ ය.



ඇවැත්නි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) කාමයන් කෙරෙන් වෙන්වම, අකුශල ධර්මයන් කෙරෙන් වෙන්වම, විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙමි.



ඇවැත්නි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒතාක්) (නවානුපූර්ව විහාර සමාපත්තින්ගේ ද පඤ්චාභිඥාවන්ගේ ද විස්තරය පෙය්‍යාලයෙන් දත යුතුයි)



ඇවැත්නි, මම ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ලබා වෙසෙමි.



ඇවැත්නි, යමෙක් මාගේ ෂඩභිඥාවන් වැසිය හැකි යයි හඟනේ නම් හෙතෙමේ සත්රියන් වූ හෝ අඩකින් අඩු අටරියන් වූ හෝ ඇතකු තලපතෙකින් වැසිය හැකි යයි හඟනේය.



ථුල්ලනන්‍දා මෙහෙණ බඹසරින් ච්‍යුත වූවාය….





2.6. සොණදින්‌නා විමානය(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > විමාන වස්තු > 2. චිත්‌තලතා වර්ගය



215. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.



216. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයක් වීද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත්ද, ඒ සම්පත්තීහු කවර පිනෙකින් තිට පහළ වෙත්ද?



217. එම්බා දෙව්දුව, නිර්මල ශරීරාලෝකයක් ඇති තෝ කවර පිනෙකින් (අන් හැම සුරන් මැඩ) බබළන්නෙහි ද? කවර පිනෙකින් තීගේ සියලු ශරීරාවයවයන්ගෙන් සියලු දිශාවෝ බබළත් ද?



218. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?



219. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටු සිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්මයක්හුගේ දැ යි මෙසේ පැවසූ ය.



220. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන් දීමෙහි ඇලුණු මම නාලන්දාවෙහි උපාසිකාවක් වීමි. එසේ වූ මා සොණදින්නා යයි අන්‍යයෝ දත්හ.



221. එකල මම වස්ත්‍රද ආහාරද සෙනසුන් හා පහන්ද ඍජු ගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.



222-23. මම පක්ෂය පිළිබඳ වූ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්ය්‍ය පක්ෂය ද යන පොහෝ දිනයන්හි පෙහෙවස් විසීමි. හැම කල්හි නිති සිල්හි කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා මනා කොට බෙදා දෙන්නී ගෙහි විසීමි.



224. එකල්හි මම පණිවායෙන් දුරු වීමි. මුසවායෙන් සංවෘත වීමි. අයිනාදනින්ද මිසහසරින්ද රහමෙර පීමෙන් ද දුරු වීමි.



225. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්ය්‍යසත්‍යයෙහි දක්‍ෂ වූ මම යසස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.



226. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නාවූ යම් කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්.



227. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම්ද, එය ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි….





5. සම්පසාදනීය සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > පාථික වර්ගය > 5. සම්පසාදනීය සූත්‍රය



එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නගරය සමීපයේ වූ පාවාරික සිටුහුගේ අඹ වෙනෙහි වැඩ වසන සේක. එකල්හී සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ ඔබ (උන්වහන්සේ) වැඳ එකත්පස වැ උන්හ. සැරියුත් තෙරණුවෝ එසේ එකත් පස්වැ උන්නාහු ම ‘ස්වාමීනි, වහන්ස, යම් සම්බෝධිඥානයෙක් වේද, එහිලා (එයින්) භාග්‍යවතුන් වහන්සේට වැඩි තරම් නුවණ ඇති අන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ පෙරත් නොවීය, අනාගතයේත් නොවන්නේය, දැනුත් නැතැ යි මෙස් භාග්‍යවතුන් වහන්සේ කෙරේ පැහැදුණෙම් වෙමි’ යි මේ වචන වදාළහ….





2.1.6 උපාලි සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 1. ගහපති වර්ගය



ගැහැවිය, ඒ කිමැ’යි හඟනෙහි? මේ නාලන්දා නුවර සමෘද්ධ වූයේ ඉතා සමෘද්ධ වූයේ බොහෝ මිනිසුන් විසින් ගැවැසීගතැ’යි. එසේ යැ වහන්ස, මේ නාලන්දා නුවර සමෘද්ධ වූයේ ඉතා සමෘද්ධ වූයේ බොහෝ ජනයන් ඇතිවැ මිනිසුන් විසින් ආකීර්‍ණ වී යයි. ගැහැවිය, ඒ කිමැ’යි හඟිහි? මෙහි ඔසවාගත් කඩු ඇති පුරුෂයෙක් එන්නේ යැ, හේ මෙසේ කියන්නේ නම් මේ නාලන්දායෙහි යම් තාක් සත්ත්වයෝ ඇද්ද, ඔවුන් එකෙණෙහි එක් මෙහොතෙහි එක් මස් රැසක් එක් මාංසපුඤ්ජයක් කරන්නෙමි’යි කියා නම් ගැහැවිය, ඒ කිමැ’යි හඟිහි? ඒ පුරුෂ මේ නාලන්දායෛහි යම්තාක් ප්‍රාණීහු ඇද්ද, ඔවුන් එක් ඇසිල්ලෙකින් එක් මොහොතකින් එක් මස් රැසක් එක් මාංසපුඤ්ජයක් කරන්නට පෙහොනේ වේදැ? යි. වහන්ස, පුරුෂයෝ දසදෙනෙකුදු විසිදෙනෙකුදු තිස්දෙනෙකුදු සතලිස්දෙනෙකුදු පුරුෂයෝ පනස්දෙනෙකුදු මේ නාලන්දායෛහි යම් පමණ සත්ත්වයෝ ඇද්ද, ඔවුන් එක් ඇසිල්ලෙකින් එක් මොහොතකින් එක් මස් රැසක් එක් මාංසපුඤ්ජයක් කරන්නට නොපොහොනාහ. එක් ලාමක පුරුෂයෙක් කිම නිසි වේ දැ? යි….





8.1.8. සඞ්‌ඛධම සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සළායතන වර්ගය > 8. ගාමණී සංයුක්තය > 8. ගාමණි වර්ගය



422. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ නාලන්දාව සමීපයෙහි පාවාරික අඹ වනයෙහි වැඩ වසන සේක. එකල්හි නිගණ්ඨ ශ්‍රාවක වූ අසිබන්ධක පුත්ත ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස්ව හුන් අසිබන්ධක පුත්ත ගාමිණීහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ගාමිණී, නිගණ්ඨනාථපුත්ත කෙසේ නම් සව්වන්ට දහම් දෙසා දැයි….





3.1.7. ආවට්‌ටහාරවිභඞ්‌ගය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > නෙත්තිප්පකරණ > 3. පටිනිද්දේසවාරය > විභඞ්ග



තවද මෙසේ ඇත: නාලන්දා නිගමයෙහි අසිබන්ධක පුත්‍ර ‍වූ ගාමිණී භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “වහන්ස පශ්චාද්භූමි වැසි බ්‍රාහ්මණයෝ කමඬලු ඇත්තාහු සෙවෙල්මාලා ඇත්තාහු උදය සවස ජලාවගාහ කරන්නාහු ගිනි පුදන්නාහු, ඔහු මළහු කලුරියපළහු උඩලොවට යවති, මොනවට යවති, (පිරිවරා සිට භවත, බඹලොවට යවයි කියමින්) ස්වර්ගයට යවති, වහන්ස භාග්‍යයතුන් වහන්සේ වැලිත් යම් පරිදි සියලු ලෝවැසි තෙමේ කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්ගලෝකයට පිළිසඳ විසින් පැමිණේ නම්, එසේ කරන්නට පොහොසත් සේක් දැ” යි….





තක්සිලා නගරය:

ත්‍රිපිටකයේ තක්ෂිලා නගරය පිළිබඳ දක්වා ඇති ස්ථාන කිහිපයක්.





6.1.2. ඔමසවාද ශික්ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාචිත්‌තියපාළිය > භික්‌ඛු විභඞ්‌ය > පාචිත්‌තියකාණ්ඩය > 1. මුසාවාද වර්ගය



3. මහණෙනි, මේ පෙර වූ දැයෙකි: තක්සලායෙහි (Taxila City)එක්තරා බමුණකුට නන්‍දිවිසාල නම් වෘෂභයෙක් විය….





8. චීවරක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 8. චීවරක්‌ඛන්‌ධකය



10. ඉක්බිති ජීවක කොමාරභච්ච තෙමේ ඒ වෙදා වෙත ගියේ ය. ගොස් ඒ වෙදාට “ආචාර්‍ය්‍යයන් වහන්ස, මම බොහෝ කොට ද උගණිමි. වහා ද උගණමි. මනා කොට දරමි. මා විසින් උගත් දෙය ද නො නැසේ. සත්අවුරුද්දක් මුළුල්ලෙහි හදාරන්නා වූ මට මේ ශිල්පයාගේ කෙළවරෙක් නො පෙණෙ. කවර කලෙක මේ ශිල්පයාගේ කෙළවරෙක් පෙණෙන්නේ දැ” යි කීයේ ය. “ජීවකය, එසේ නම් (බිම කණින) යවුලක් ගෙණ තක්සලා නුවර (Taxila, Pakistan)හාත්පස යොදුනක් ඇවිද බෙහෙත් නො වන්නා වූ යම් කිසිවක් දක්නෙහි ද, එය ගෙණ එව”. “ආචාර්‍ය්‍යයන් වහන්ස, එසේ ය” යි ජීවක කොමාරභච්ච තෙමේ ඒ වෙදාට පිළිවදන් දී යවුලක් ගෙණ තක්සලා නුවර හාත්පස යොදුනක් ඇවිදින්නේ බෙහෙත් නො වූ කිසිවක් නො දුටුයේය….





7. තිස්‌සමෙත්‌තෙය්‍යසූත්‍රනිර්දේශය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > මහා නිද්දේස පාළි > තිස්‌සමෙත්‌තෙය්‍යසූත්‍රනිර්දේශය



මන්‍දොව පරිකිස්සතී - කෘපණයකු මෙන් අඥයකු මෙන් මුග්ධයකු මෙන් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. ප්‍රාණවධ දු කෙරෙයි, අදත්තාදානය ද කෙරෙයි, ගෘහසන්‍ධි දු සිඳී, ගම් පහරයි, ගෙවල් පහරයි, මං පහරයි, පරඹුන් කරා ද යෙයි, මෘෂා ද බෙණෙයි; මෙසේ ත් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. ඒ අපරාධකරු රජවරු අල්වාගෙන විවිධ කම්කටොලු කරවති: කසයෙනුදු තළවති, වේවැලිනු දු තළවති, අඩදඬියෙනු දු තළවති, අත් සිඳුවති, පා සිඳුවති, අත්පා ද සිඳුවති, කනු දු සිඳුවති, නැහැය ද සිඳුවති, කන්නාසා ද සිඳුවති, කාඩිසැළි කම්කටොලු ද කෙරෙති, සක්මුඩු කම්කටොලු ද කෙරෙති, රාහුමුඛ කම්කටොලු ද කෙරෙති, ගිනිවළලු කම්කටොලු ද කෙරෙති, අත් දල්වන කම්කටොලු ද කෙරෙති, එරුවත් කම්කටොලු ද කෙරෙති, තීහිරිවත් කම්කටොලු ද කෙරෙති, එණෙය්‍යක කම්කටොලු ද කෙරෙති, බිළියෙන් මස් සිඳුණා කම්කටොලු ද කෙරෙති, කහාපණික කම්කටොලු ද කෙරෙති, කොස්සෙන් කාරම් ගල්වති, පරිඝපරිවර්‍තන කම්කටොලු ද කෙරෙති, පිදුරුපිටු කම්කටොලු ද කෙරෙති, කකාළ තෙල් ද ඉස්වති, ශුනකයන් (රජුගේ බල්ලන්, කීණබල්ලන්) ලවා කවති, දිවස්හුල ද හිඳුවති, කඩුවෙනු දු හිස සිඳිත්; මෙසේ ත් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. නොහොත් කාමතෘෂ්ණාවෙන් මඩනා ලදුයේ හාත්පසින් අල්වාගත් සිත් ඇතියේ භොගයන් සොයමින් නැවින් මහමුහුදට පිවිසෙයි, සීතල පෙරටු කොට උණුසුම පෙරටු කොට මැසිමදුරු අව්සුළං හා සපුන් ගේ පහසින් වෙහෙසෙමින් සාපවසින් මැරෙමින් තිගුම්බ ජනපදයට (Trigarta Kingdom, Punjab)යෙයි, තක්කොලයට – තක්‍ෂිශිලාවට (Taxila, Pakistan) - කාලමුඛයට - පරාංමුඛයට - වෙසුඞ්ගයට - වෙරාපථයට – ජාවක රටට (Mataram Kingdom, Majapahit) – තාමලිප්තියට (Tamilakam) – වංග රටට (Bangladesh, Vanga Kingdom) - එළවද්ධනයට - ස්වර්‍ණකූටයට – ස්වර්‍ණභූමියට (Kingdom of Funan) – තාම්‍රපර්‍ණණියට (ශ්‍රී ලංකාව) – සුප්පාරකයට (Shurparaka kingdom) – භරුකච්ඡ ජනපදයට (Bharutkutccha, Bharuch) – සෞරාෂ්ට්‍රයට (Saurashtra Kingdom) - අඞ්ගලොකයට - ගඞ්ගණයට - පරමගඞ්ගණයට – යවන රටට (ග්‍රීසිය) – පරම යවනයට (Western countries) – අලසන්‍දාවට (ඇලෙක්සැන්ඩ්‍රියා) – නවක ජනපදයට – මූලපද රටට යෙයි….





(229) 9. පලාසී ජාතකය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ජාතක පාළි 1 > 2. දුක නිපාතය > 8. කාසාව වර්ගය



313. උත්තම හස්ති නැමැති මේඝයෙන් ද අග්‍ර වූ තුරඞ්ග මාලාවන්ගෙන් ද සර (ඊතල) නමැති වර්ෂාවන් ඇති රථ තරඞ්ග මාලාවන්ගෙන් ද කඩුමිටි ඇත්තා වූ වේගයෙන් පරිභ්‍රමණය කොට දැඩි පහර දෙන යෝධයන්ගෙන් ද හාත්පසින් තක්සලා නම් නගරය (Taxila, Pakistan)වටකරන ලද්දේය….





15. අත්‌තදණ්‌ඩසූත්‍රනිර්දේශය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > මහා නිද්දේස පාළි > අත්‌තදණ්‌ඩසූත්‍රනිර්දේශය



යෙන සල්ලෙන ඔතිණ්ණො දිස සබ්බා විධාවති - රාගශල්‍යයෙන් මඩනා ලදුයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ පෙළුණේ බැසගන්නා ලදුයේ සමන්විත වූයේ කයින් දුසිරිතෙහි හැසිරෙයි, බසින් දුසිරිතෙහි හැසිරෙයි, සිතින් දුසිරිතෙහි හැසිරෙයි, ප්‍රාණවධ දු කෙරෙයි, නො දුන් දැය ද හැරැගනී, ගෘහසන්‍ධි දු සිඳී, ගම් පැහැරීම ද ගෙවල් පැහැරීම ද මං පැහැරීම ද කෙරෙයි, පරඹුන් කරා ද යෙයි, මෘෂා ද බෙණෙයි. මෙසේත් රාගශල්‍යයෙන් මඩනා ලදුයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ පීඩිත වූයේ බැසගන්නා ලදුයේ සමන්විත වූයේ දිවෙයි, වෙසෙසින් දිවෙයි, වේගයෙන් දිවෙයි, ඔබිනොබැ හැසිරෙයි. නොහොත් රාගශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විද්ධ - ස්පෘෂ්ට - පරෙත - සමවහිත - සමන්වාගත වූයේ ධනය සොයමින් සීත පෙරටු කොට, උෂ්ණ පෙරටු කොට, මැසි මදුරු වා අව් දික්දෑපහසින් වෙහෙසෙමින් සාපවසින් මැරෙමින් නැවින් මහමුහුදට පිවිසෙයි: ත්‍රිගුල්ම ජනපදයට යෙයි. තක්කොලයට යෙයි, තක්‍ෂශිලාවට (Taxila, Pakistan)යෙයි, කාලමුඛයට යෙයි, පරාඞ්මුඛයට යෙයි, වෙසුඞ්ගයට යෙයි, වෙරාපථයට යෙයි, ජාව රටට යෙයි, තාමලී ජනපදයට (Tamilakam)යෙයි, වගු රටට (Bangladesh, Vanga Kingdom)යෙයි, එඩවර්ධනයට යෙයි, ස්වර්‍ණකූටයට යෙයි, ස්වර්‍ණභූමියට (Kingdom of Funan)යෙයි, තම‍්බපණ‍්ණියට (ලංකාව) යෙයි, සුප්පාරක ජනපදයට (Shurparaka kingdom)යෙයි, භරුකච්ඡ ජනපදයට (Bharutkutccha, Bharuch)යෙයි, සෞරාෂ්ට්‍රයට (Saurashtra Kingdom)යෙයි, අඞ්ගලොකයට යෙයි, ගඞ්ගණයට යෙයි, පරමගඞ්ගණයට යෙයි, යවන රටට (Greece)යෙයි, පරම යවනයට (Western countries)යෙයි, නවක රටට යෙයි, මූලපදරටට යෙයි, මරුකාන්තාරයට යෙයි, ජණ්ණුපථයට යෙයි, අජපථයට යෙයි, මෙණ්ඩපථයට යෙයි, ශඞ්කුපථයට යෙයි, ඡත්‍රපථයට යෙයි, වංශපථයට යෙයි, සකුණපථයට යෙයි, මූෂිකපථයට යෙයි, දරීපථයට යෙයි, වෙත්‍රාධාරයට යෙයි. සොයනුයේ (භොගයන්) නො ලැබෙයි එකල්හි නො ලැබීම හෙතු කොට ද දුක් දොම්නස් විඳී. සොයනුයේ ලැබේ නම්, ලැබ ආරක්‍ෂාමූලක වූ ද දුක් දොම්නස් විඳී: ‘කවර උපායෙකින් මාගේ භොගයන් රජවරු නො මැ හැරගන්නාහු ද සොරු නො පැහැරගන්නාහු ද ගිනි නො දවා ද වතුරු නො ගළා ද අප්‍රියදායාදයෝ නො හරනාහු දැ’ යි. මෙසේ රක්නා වූ පාලනය කරන්නා වූ ඔහුගේ ඒ භොගයෝ වැනැසෙති, හෙතෙම විප්‍රයොගමූලක වූ ද දුක් දොම්නස් විඳී. මෙසේත් රාගශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ පීඩිත වූයේ පිවිසියේ සමන්විත වූයේ දිවෙයි, වෙසෙසින් දිවෙයි, වෙගයෙන් දිවෙයි, ඔබිනොබැ හැසිරේ….



රාජගෘහ නගරය:

ත්‍රිපිටකයේ රජගහනුවර පිළිබඳ දක්වා ඇති ස්ථාන කිහිපයක්:



රජගහනුවර (Rajgir) ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටා ඇත.

Rajgir is an ancient city in the northeast Indian state of Bihar. Surrounded by hills, it's known for its holy sites. Remains of the Cyclopean Wall, which encircled the city centuries ago, still stand in the center. Close by, Venu Vana park was once home to a monastery built for Buddha. As of 2011, the population of the town was reported to be 41,000 while the population in the community development block was about 88,500. Rajgir was the first capital of the ancient kingdom of Magadha, a state that would eventually evolve into the Mauryan Empire. Telephone code: +91-6112. 





සංගීති නිදානය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 11. පඤ්‌චසතිකක්‌ඛන්‌ධකය



ඇවත ආනන්දයෙනි, සාමඤ්ඤඵල සූත්‍රය කොතැනදී දෙසනලද දැයි. වහන්ස, රජගහ නුවර ජීවකගේ අඹ වෙනෙහි දී යයි. කවරකු සමග දැ යි. වෙදෙහිපුත්‍ර වූ අජාතසත්තු රජු සමග යයි. ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවීරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගෙන් සාමඤ්ඤඵල සුත්‍රයෙහි නිදානයද ඇසූහ. පුද්ගලයාද ඇසුහ. මේ ක්‍රමයෙන් ම නිකාය පසම ඇසූහ. ඇසු ඇසූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසඳුහ….





2. උපෝසථක්‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 2. උපෝසථක්‌ඛන්‌ධකය



58. එකල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ අන්‍ධකවින්ද විහාරයෙන් රජගහ නුවරට උපෝසථය පිණිස එන්නාහු අතරමගදී නදියකින් එතෙර වන සේක් මදකින් ජලයෙන් ගසාගෙණ යන ලද්දෝ වූහ. එයින් උන්වහන්සේගේ සිවුරු තෙමුණේ ය. එකල්හි භික්‍ෂූහු ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට ‘‘ඇවැත්නි, නුඹවහන්සේගේ සිවුරු කුමක් හෙයින් තෙමුනේදැ?’’ යි ඇසූහ. ‘‘ඇවැත්නි, මම මෙහි අන්‍ධකවින්ද විහාරයේ සිට රජගහනුවර වෙළුවනයට උපෝසථය පිණිස එන්නෙම් අතරමග ගඟෙන් එතෙර වන්නෙම් ජලයෙන් මදකින් ගසා ගෙණ යන ලද්දෙමි. එයින් මගේ සිවුරු තෙමුනේ ය’’ යි කීහ….





ක්‍ෂුද්‍රකවස්තු

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 5. ඛුද්‌දකවත්‌ථුක්‌ඛන්‌ධකය



ඒ සමයෙහි වූ කලී ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝද ආයුෂ්මත් පිණ්ඩොලභාරද්වාජ තෙරණුවෝද යන දෙනම පෙරවරුයෙහි හැඳ පෙරවැ පාත්‍රා සිවුරු ගෙන රජගහ නුවරට පිණ්ඩපාතය පිණිස පිවිසියාහ. එකල්හී ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරුනට “ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ රහත්ද සෘද්ධිමත්ද වෙති. ඇවැත් මහමුගලන් තෙරුනි, වඩිනු මැනැව, තෙල පාත්‍රය ගෙන බසිනු මැනැව තෙල පාත්‍රය ඔබගේ යැ” යි කීහ. ආයුෂ්මත් පිණ්ඩෝලහාරද්වාජ තෙරණුවෝත් රහත්ද ඍද්ධිමත්ද වෙති. “ඇවැත් භාරද්වාජයෙනි, වඩින්න, තෙල පාත්‍රය ගෙන බසින්න, තෙල පාත්‍රය ඔබගේ යැ” යි මහමුගලන් තෙරණුවෝ වදාළාහ. එකල්හි ආයුෂ්මත් පිණ්ඩෝලභාරදවාජ තෙරණුවෝ අහස් නැග ඒ පාත්‍රය ගෙන තුන් වරක් රජගහ නුවර සිසාරා වැඩියාහ….





ක්‍ෂුද්‍රකවස්තු

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 5. ඛුද්‌දකවත්‌ථුක්‌ඛන්‌ධකය



එ කල්හි පූරණකාශ්‍යප රජගහ නුවර සිටුහු කරා එළැඹියේ ය. එළැඹ රජගහ නුවර සිටුහු බණවා, “ගෘහපතිය, මම් රහත් ද සෘද්ධිමත් ද වෙමි. මට පාත්‍රය දෙව" යි කීය. " වහන්ස, ඉදින් ආයුෂ්මතුන් වහන්සේ රහත් ද ඍද්ධිමත් ද වූ සේක් නම් ඔබට පාත්‍රය දෙන ලද්දේ ම ය. එය ගෙන බස්නා සේක් වා” යි සිටු කීය….





9.1.3. මහානාග සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 9. භික්ඛු සංයුක්තය > 1. ප්‍රථම වර්ගය



397. (සැවැත් නිදානයි.)



එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද, ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝද රජගහනුවර සමීපයෙහි කලන්ඳකනිවාප නම් වේළුවනාරාමයෙහි එකම විහාරයේ වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල පලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් සමඟ සතුටු වූහ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, මොග්ගල්ලානයෙනි, ඔබගේ ඉන්ද්‍රියෝ විශේෂයෙන් ප්‍රසන්නය. මූහුණුපැහැය පිරිසිදුය. වෙසෙසින් බබලන්නේය. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ අද ඒකාන්තයෙන් ශාන්ත වූ විහරණයකින් වූසූහූ ය” යි.



ඇවැත්නි , අද මම ඖදාරික (දිවැස් සහ දිව්‍ය කනට විෂයවූ) විහරණයකින් විසීමි. එහෙත් මාගේ ධාර්මික කතාවෙක් වීය. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ගේ දැහැමි කතාව කවරකු සමග වීද? ඇවැත්නි, මාගේ දැහැමි කතාව භාග්‍යවතුන් වහන්සේම සමග වීය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දැන් දුරෙහිම සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු මහසිටුහුගේ ආරාමයේ වැඩ වසන සේක. කිමෙක්ද? ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඍද්ධියෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහුද? නැතහොත් භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත වැඩි සේක් දැයි?



ඇවැත්නි, මම ඍද්ධියෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත නොම එළඹියෙමි. භාග්‍යවතුන් වහන්සේද ඍද්ධියෙන් මා වෙත නොඑළඹි සේක. එහෙත් භාග්‍යවතුන් වහන්සේ යම්තාක් දුරෙහිවූද, ඒ තාක් මාගේ දිවැසද දිවකණද භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස ඇසීම පිණිස යොමු විය. මම යම්තාක් දුරෙහිද, ඒ තාක් භාග්‍යවතුන් වහසේගේද දිවැසත් දිවකණත් විශුද්ධ විය.



කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ සමග ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ගේ දැහැමි කතාව වීද?



ඇවැත්නි, මෙහි මම භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, ආරබ්ධවීර්‍ය්‍ය ය, ආරබ්ධවීර්‍ය්‍ය යයි කියනු ලැබේ ස්වාමීනි, වහන්ස, කොතෙකින් ආරබ්ධවීර්‍ය්‍ය වේ දැ’ යි මෙය සැළකෙළෙමි. ඇවැත්නි, මෙසේ සැළකළ කල්හි භාග්‍යවතුන් වහන්සේ මට මෙය වදාළ සේක: මොග්ගල්ලානය, මෙහි මහණ තෙමේ “ඒකාන්තයෙන් සිරුරෙහි සිවියත් නහරත් ඇටත් ඉතිරි වේවා, මස් ලේ වියලේවා, පුරුෂ ශක්තියෙන් පුරුෂයෙකුගේ විර්යයෙන් පුරුෂයෙකුගේ පරාක්‍රමයෙන් ඒ යමක් ලැබිය යුතු නම් එය නොලබනතාක් වීර්‍ය්‍යයාගේ නැවැත්මක් නොවන්නේ ය”යි පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති ව වෙසෙයි. මොග්ගල්ලානය, මෙසේ ආරබ්ධවීර්‍ය්‍ය වේය”යි. ඇවැත්නි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ සමග මාගේ දැහැමි කතාව විය.



ඇවැත්නි, යම්සේ කුඩා ගල් කැටක් හිමවත් පර්වත රජුගේ මහත් බව සඳහා ලක් තැබීම (උපමා කිරීම) පිණිස පමණක්ම වේ ද, එසේම අපිදු ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ගේ ඍද්ධිමහන්තත්වය සඳහා ලක් තැබීම පිණිස පමණක්ම වෙමු. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මහත් ඍද්ධි ඇත්තාහ. මහත් අනුභාව ඇත්තාහ. කැමැත්තෝ නම් ආයුෂකල්පයම සිටිනාහුය.



යම් සේ කුඩා ලුණුකැටක් සක්වල මුවවිට හා බඹලොව හිම් කොට පිහිටි ලුණු කළයක මහත්බව සඳහා ලක් තැබිම පිණිස පමණක්වේද, එසෙයින්ම අපිදු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ ප්‍රඥාමහන්තත්වය සඳහා ලක් තැබීම පිණිස පමණක්ම වෙමු. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරෙන් ස්තුති කරණ ලදහ. වර්‍ණනා කරණ ලදහ. පසස්නා ලදහ:



ප්‍රඥාවෙන්ද ශීලයෙන්ද ව්‍යුපශමයෙන් ද සැරියුත් තෙරණුවෝම ශ්‍රෙෂ්ඨයහ. යම් කිසි මහණෙක් පරතෙරට (නිවනට) පැමිණියේ නම් හෙතෙම සැරියුත් තෙරණුවන්ම පරම කොට ඇත්තේ වන්නේය (තෙරුන්ට වඩාඋත්තරිතරයෙක් නැත.)



මෙසේ මේ මහානාගයෝ (මහරහතන් වහන්සේලා) දෙනම මැනැවින් බණන ලද ඔවුනොවුන්ගේ සුබැසිය සතුටින් පිළිගත්හ….





10.1.1. ඉන්‌දක සූත්‍රය(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 10. යක්‌ඛ සංයුත්‌තය > 1. ඉන්‌දක වර්ගය



235. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉන්‍දකූට පර්වතයෙහි ඉන්‍දක යක්ෂයාගේ භවනයෙහි වැඩ වසන සේක. එකල ඉන්‍දක යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:



බුදුවරයෝ රූපය ජිවය යි නොකියත්. (එසේ නම්) මේ සත්ව තෙමේ මේ සිරුර කෙසේ නම් ලබා ද? මොහුගේ ඇට හා අක්මාපිඬ කොයින් ඒද? මේ තෙමේ නම් මවුකුස ලැගේද?



[භගවත්හු:]



පළමු කොට කලලරූපය වේ. කලලයෙන් අබ්බුදය වේ. අබ්බුදයෙන් පේසිය හට ගණි. පේසියෙන් ඝන නම් මස්පිඬෙක් හට ගණී. ඒ ඝනයෙන් පිලක පසෙක් හට ගණී. ඉන්පසු කෙස් ලොම් ද නිය ද හට ගණිත්.



ඔහුගේ මව යම් අහරකුත්, බොන දැයකුත්, බොජුනකුත් වළඳා ද, මවුකුසට පැමිණ ඒ සත්ව තෙමේ ඒ ආහාර පානාදියෙන් එහි දී යැපේ….





1.16. සිරිමා විමානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > විමාන වස්තු > 1. පීඨ වර්ගය 



140. එම්බා දෙව්දුව, තෝ දෙවියන් විසින් පිරිවරන ලද්දී සත්කාරද කරන ලද්දී වෙහි. කිනම් භවයෙකින් ව්‍යූත වූවා සුගතියට පැමිණියා වෙහිද? තෝ කිනම් ශාස්තෘවරයක්හුගේ අවවාදානුශාසනා පිළිගැනීමෙන් වචන කරන්නී වෙහිද? ඉදින් තෝ බුද්ධශ්‍රාවිකා වූවා නම් මට කියව.



141.ඉසිගිලි ආදී පර්වත අතර මැනැවින් පිහිටුවන ලද උතුම් රජගහ නුවර නැටුම් ගැයුම් මැනැව්‍න් පුහුණු වූ මම සිරිමත් බිම්සර රජුගේ පරිචාරිකාවක් වීමි. ඒ මා රජගහ නුවර සිරිමා යැයි දැනගත්හ.



142. සෘෂි ශ්‍රේෂ්ඨවූ විනායකවූ බුදුරජ සමුදය දුඃඛ සත්‍යයන්ගේ අනිත්‍යතාව ද අසංස්කෘත වූ ශාශ්වත දුඃඛනිරොධය වූ නිර්වාණය ද අකුටිල වූ කෙලෙස් නසන ආර්යමාර්ගයද මට පැවසීය.



143. මම උතුම් වූ තථාගතයන් වහන්සේගේ අසංස්කෘත නිර්වාණයට කරුණු වූ සද්ධර්මය අසා නරශ්‍රේෂ්ඨ වූ බුදුරදුන් විසින් දෙසනලද ප්‍රතිපත්තියෙහි පිහිටියා වූ මම ශීලයෙහි මැනැවින් සංවෘත වූමු….





10.1.8. සුදත්‌ත සූත්‍රය(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 10. යක්‌ඛ සංයුත්‌තය > 1. ඉන්‌දක වර්ගය



242. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ ශීතවනයෙහි වැඩවසන සේක. එකල්හි අනාථපිණ්ඩික ගෘහපති තෙමේ කිසියම් කටයුත්තක් සඳහා රජගහනුවරට පැමිණියේ වෙයි. අනාථපිණ්ඩික ගැහැවි තෙමේ බුදුරජානන් වහන්සේ ලෝපහළවූ සේකැයි ඇසීය. භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස එකෙණෙහි ම එළඹෙනු කැමැත්තේද විය.



ඉක්බිති අනේපිඬු ගැහැවිහට මේ අදහස විය: භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස එළඹෙන්නට අද නොකල්ය. දන් මම හෙට කල් ඇති ව භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස එළඹෙනෙමියි බුදුන් කෙරෙහි ගිය සිහි ඇතිව හොත්තේය. අලුයම යයි හඟිමින් රෑ තුන්යලක් නැගී සිටියේය. එකල්හි අනාථපිණ්ඩික ගැහැවි තෙමේ සොහොන්දොර වෙත පැමිණියේය. අමනුෂ්‍යයෝ දොර විවර කළහ.



ඉක්බිති අනේපිඬු ගැහැවියහු නුවරින් නික්මෙද්දී එළිය අතුරුදහන් විය. අඳුර පහළ විය. බිය තැති ගැණුම් ලොමුදහ ගැණුම් පහළ විය. එයින් ම පෙරළා යනු කැමැත්තේ ද විය. එකල්හි සීවක යක්ෂ තෙමේ අතුරුදන් වූයේ (මතු දැක්වෙන) ශබ්දය ඇස්වී ය:



සියක්දහසක් ඇත්තු ද, සියක්දහසක් අස්හු ද, සියක්දහසක් අශ්වතරියෝ ද, සියක්දහසක් රිය ද, මිණිකොඬොල් අබරණින් සරසන ලද සියක්දහසක් කන්‍යාවෝද (යමකුට ලැබුනාහුද, ඒ ලාභයෝ බුදුන් දක්නට යන්නහුගේ) එක්පියවරක සොළොස්වැනි කලාවෙන් කලාවටත් නො අගිත්.



ගැහැවියෙනි, ඉදිරියට යව. ගැහැවියෙනි, ඉදිරියට යව. තොපගේ ඉදිරියට යෑම මැනැවි. ආපසු යෑම නො මැනැවි.



ඉක්බිති අනේපිඬු ගැහැවිහට අඳුර අතුරුදන් විය. එළිය පහළ විය යම් බියෙක් තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් වී නම් එය සන්සිඳිනි.



දෙවන වටදු …..



තෙවන වටදු අනේපිඬු ගැහැවිහට එළිය අතුරුදන් විය. අඳුර පහළ විය. බිය තැති ගැණුම් ලොමුදහ ගැණුම් පහළ විය. එයින් ම පෙරළා යනු කැමැත්තේද විය. තෙවන වට දු සීවක යක්ෂ තෙමේ අතුරුදන් වූයේ (මතු දැක්වෙන) ශබ්දය ඇස්වී ය:



සියක්දහසක් ඇත්තු ද, සියක්දහසක් අස්හු ද සියක්දහසක් අශ්වතරියෝ ද, මිණිකොඬොල් අබරණින් සරසන ලද සියක්දහසක් කන්‍යාවෝද (බුදුන් දක්නට යන්නහුගේ) එක් පියවරක් පිළිබඳ සොළොස්වැනි කලාවෙන් කලාවකුදු නො අගිත්.



ගැහැවියෙනි, ඉදිරියට යව. ගැහැවියෙනි, ඉදිරියට යව. තොපගේ ඉදිරියට යෑම මැනැව. ආපසු යෑම නො මැනැව.



ඉක්බිති අනේපිඬු ගැහැවිහට අඳුර අතුරුදන් විය. එළිය පහළ විය. යම් බියෙක් තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් වී නම් එය සන්සිඳිනි. ඉක්බිති අනේපිඬු ගැහැවි තෙමේ ශීතවනයට වෙත එළඹියේ ය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම නැගිට අබවස සක්මන් කරණ සේක. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ අනේපිඬු ගැහැවීහු දුර දී ම දුටු සේක. දැක සක්මනින් බැස පැනවූ අසුනෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ අනේපිඬු ගැහැවිහට "සුදත්ත, මෙහි එව"යි මෙය වදාළ සේක.



එකල්හි අනේපිඬු ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ නමින් මා අමතන සේකැ යි එහි ම භාග්‍යවතුන් වහන්සේගේ පා ලඟ හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, කිම? භාග්‍යවතුන් වහන්සේ සුවසේ සැතපුනු සේක් දැ’යි මෙය සැළ කළේය.



[භගවත්හු:]



යමෙක් කාමයන්හි නොතැවරේද, (කෙලෙස් ගිනි නැති බැවින්) සිහිල් වූයේද, උපධි රහිත ද පිරිනිවියාවූ (ඒ ක්ෂීණාස්‍රව) බමුණු තෙමේ හැමකල්හි ඒකාන්තයෙන් සුවසේ හොවී.



සියලු තෘෂ්ණාවන් සිඳ හෘදය ඇසුරු කළ විඩාව දුරු කොට සිත්හි සන්සිඳීමට පැමිණ උපශාන්ත වූයේ සුවසේ හොවී….





2. උදුම්බරික සීහනාද සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > පාථික වර්ගය > 2. උදුම්බරික සීහනාද සූත්‍රය



ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ උදුම්බරිකාවගේ පිරිවැජි අරමැ මෙසේ පරවාදච්ඡේදක ස්වවාද සමුත්ථාපක අභීත නාදය පවත්වා, අහස් නැඟ, ගිජුකුළු පව්වෙහි පිහිටි සේක. සන්ධාන ගෘහපති එකෙණෙහිම රජගහ පුරයට පිවිසියේය….





2.8. සද්‌ධා විමානය(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > විමාන වස්තු > 2. චිත්‌තලතා වර්ගය



245. එම්බා දෙව්දුව, යම්බඳුවූ තෝ මනා රූසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.



246. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වීද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත්ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත්ද?



247. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහිද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහිද?



248. මේ පුණ්‍යඵලය යම් කවර කර්මයක්හුගේ දැයි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මෙසේ පැවැසූය.



249. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන්දීමෙහි ඇලුණු මම රජගහ නුවරැ උපාසිකාවක් වීමි. අන්‍යයෝ මා සද්ධා යැයි දත්හ.



250. එකල මම වස්ත්‍රද ආහාරද සෙනසුන් හා පහන්තෙල්ද ඍජුගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.



251-252. මම පක්ෂය පිළිබඳවූ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්ය්‍ය පක්ෂය ද යන පොහෝ දිනයන්හි අටඟින් යුත් පෙහෙවස් විසීමි. හැම කල්හි නිති සිල්හි ද කයින් හා වචනයෙන් සංවෘත වුවා ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා මනා කොට බෙදා දෙන්නී ගෙහි විසීමි.



253. එකල්හි මම පණිවායෙන් දුරු වීමි. මුසවායෙන් සංයත වීමි. අයිනාදනින්ද මිසහසරින්ද රහමෙර පීමෙන්ද දුරු වීමි.



254. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්ය්‍යසත්‍යයෙහි දක්‍ෂවූ මම යශස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.



255. එම පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නාවූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.



256. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙලෙම් ද, එය ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇතියා වෙමි. මගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි….





7.1.3.2. වස්‌සකාර සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > සත්තක නිපාතය > 3. වජ්‌ජිසත්‌තක වර්ගය



22. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්‍වතයෙහි වැඩ වසන සේක. එසමයෙහි මාගධ රාජ වූ වේදේහී පුත්‍ර‍ වූ අජාතසත්තු තෙම වැදෑරජුන් මඩනට යනු කැමැතියේ වෙයි....





2.3. ද්විතීය පාරාජිකය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 2. පාරාජිකකාණ්ඩය > ද්විතීයපාරාජිකය



14. ඉක්බිති මගධ රටෙහි මහ ඇමති වූ වස්සකාර නම් බමුණු තෙමේ රජගහනුවර කර්මාන්තයන් විමසමින් දැව මුදලි කරා පැමිණ ඔහුට “සඟය, නගර ප්‍රතිසංස්කරණයට වෙන්වූ, ආපදාවක් පිණිස ගත යුතු, යම් ඒ රජුට අයත් දැව රැසක් වීද, ඒ දැව කොහි දැ?” යි කීය. “හිමිය, ඒ දැව රජහු විසින් කුම්භකාර පුත්‍ර වූ ධනිය ආර්‍ය්‍යයන් වහන්සේට දෙන ලදි”. හේ කීය….





3.9. විසාලක්‌ඛි විමානය(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > විමාන වස්තු > 3. පාරිච්‌ඡත්‌තක වර්ගය



667. මහත් ඇස් ඇති දෙව්දුව, තී පෙර අත්බැව්හි කවර නැමැත්තියක් වූවාද? දිවසරන් සමූහයෙන් පිරිවරන ලද්දී සිත්කලු සිතුලිය වෙනෙහි හාත්පස හැසිරෙයි.



668. යම් කාලෙක තව්තිසා වැසි දෙවියෝ මේ සිතුලිය වනයට පිවිසෙත්ද, එකල මෙහි පැමිණියා වූ යාන සහිතවූ රිය සහිතවූ සියල්ලෝම විසිතුරු අයුරු ඇත්තෝ වෙත්.



669. මෙහි පැමිණි මේ උයනෙහි හැසිරෙන තීගේ සිරුරෙහි පුෂ්පාදීන් අමුතු විසිතුරෙක් නොපෙනේ. තීගේ රූපය මෙබඳු පැහැපත් වූයේ කවර පිනෙකින් ද? එම්බා දෙව්දුව, විචාරණ ලද්දී මේ විපාකය කවර පුණ්‍යකර්මයක්හුගේ දැයි කියව.



670. දෙවිඳුනි, යම් පිනෙකින් මාගේ මේ රූපයත් දිව්‍යගතියත් දිව්‍යර්ධියත් දිව්‍යානුභාවයත් වීද, සක්දෙව්ඳුනි, එය අසනු මැනවි.



671. මම පෙරැ මනරම්වූ රජගහ නුවරැ ශ්‍රද්ධායෙන් හා ශීලයෙන් යුක්ත වූ සියලු කල්හි දන්දීමෙහි ඇලුනු සුනන්දා නම් උපාසිකාවක් වීමි.



672. එකලැ මම වස්ත්‍ර ද ආහාර ද සෙනසුන් ද පහන් ද සෘජුගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.



673-74. මම පක්ෂය පිළිබඳ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍යපක්ෂය ද යන පොහෝ දිනයන්හි අටඟින් යුත් පෙහෙවස් වීසිමි. සියලු කල්හි නිති සිල්හිද පිහිටියෙමි. කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා බෙදා දෙන්නී ගෙහි විසීමි.



675. එකල්හි මම පණිවායෙන් දුරුවීමි, මුසවායෙන් සංයතවීමි. අයිනාදනින්ද මිසහසරින්ද රහමෙර පීමෙන්ද දුරුවීමි.



676. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්‍ය්‍යසත්‍යයෙහි දක්ෂවූ මම යසස් ඇති පසැස් ඇති ගෞතම බුදුරජුන්ගේ උපාසිකාවක් වීමි.



677. ඒ මට දිනපතා නෑ කුලයෙන් දැස්සක් මල්මාලා ගෙන එයි. මම ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍යයට පූජා කෙළෙමි.



678. පොහෝ දිනයෙහි ගොස් මම පහන් සිත් ඇත්තී සියතින් ම මල් ගඳ විලවුන් සෑයට පිදුවෙමි.



679. දෙව්ඳුනි (ශක්‍ර දෙව්‍ රජු ආමන්ත්‍රණය කෙරේ), යම් මාලාවක් පූජා කෙළෙම් ද, ඒ කුශලකර්‍මයෙන් මාගේ රූපයත් දිව්‍යගතියත් දිව්‍යර්ධියත් දිව්‍යානුභාවයත් විය.



680. යම් හෙයකින් මම සිල්වත් වීම්ද ඒ රැකි ශීලය මෙතෙක් විපාක නොදුන්නේ වෙයි. (අශ්ටාංග ශීලය ආදී ඈ රැකි උසස් ශීලයේ පින නොව වෙනත් පිනක් මේ මොහොතේ ඇයට විපාක දෙමින් ඇත යනුයි) දෙව්ඳුනි, කෙසේ නම් මම සකෘදාගාමිනියක් වන්නෙම් දැයි මාගේ පැතුමෙක්ද වන්නේයි….





4.1.10. දසවන සිකපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාචිත්‌තියපාළිය > භික්‌ඛුනී විභඞ්‌ය > පාචිත්‌තියකාණ්ඩය > 1. ලසුනවර්ගය



1. එසමයෙහි භාග්‍යවත් බුදු රජුන් රජගහ නුවරැ වෙළුවන (Venuvana) නම් කලන්දක නිවාපයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි රජගහ නුවරැ ගිරග නැටුමෙක් වෙයි. සවග මෙහෙණෝ ගිරග නැටුම දකිනු පිණිස ගියහ. මිනිස්සු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණියෝ ගෘහී කාමභොගිනීන් මෙන් නැටුම්ද ගැයුම්ද වැයුම්ද දකිනු පිණිස ආවාහු දැ”යි….





6.4.4. කාණමාතු ශික්ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාචිත්‌තියපාළිය > භික්‌ඛු විභඞ්‌ය > පාචිත්‌තියකාණ්ඩය > 4. භෝජන වර්ගය



3. එසමයෙහි වනාහි එක්තරා ගැල්සාත්තුවක් රජගහ නුවරින් පැසුළු දිගට යනු කැමැත්තේ වෙයි. එක්තරා පිඬුසැරි මහණෙක් ඒ ගැල්සාත්තුව වෙතැ පිඬු පිණිස පැමිණියේයැ. එක්තරා උවසුවෙක් ඒ මහණහට අත්සුණු දෙවීයැ….





6.4.7. විකාලභොජන ශික්ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාචිත්‌තියපාළිය > භික්‌ඛු විභඞ්‌ය > පාචිත්‌තියකාණ්ඩය > 4. භෝජන වර්ගය



1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්දකනිවාප නම් වූ වේළුවන අරම්හි (Venuvana)වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි රජගහ නුවරැ ගිරග්ගසමජ්ජ නම් නෘත්‍යයෙක් වෙයි. සප්තරස වර්ග්ගීය භික්ෂූහු ගිරග්ගසමජ්ජ නම් නෘත්‍යය බැලීමට ගියහ. මිනිස්සු සප්තරස වර්ග්ගීය භික්ෂූන් දැකැ නහවා විලෙවුන් ගල්වා වළඳවා කෑයුතු දෑ දුන්හ. සප්තරස වර්ග්ගීය භික්ෂූහු කෑයුතු දෑ ගෙනැ ආරාමයට ගොස් ෂඩ්වර්ග්ගීය භික්ෂූන්හට මෙය කීහු. ගනිවු ඇවැත්නි, කෑ යුතු දෑ වළඳන්නැයි. ඇවැත්නි, තොප විසින් කොයින් කෑ යුතු දෑ ලබන ලද දැයි. සප්තරස වර්ග්ගීය භික්ෂූහු ෂඩ්වර්ග්ගීය භික්ෂූන්හට මෙකරුණ දැන්වූහ. කිමෙක් ද ඇවැත්නි, තෙපි විකාලයෙහි බොජුන් වළඳවු දැයි. එසේ යැ ඇවැත්නි. සවග මහණහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. "කෙසේ නම් සප්තරස වර්ග්ගීය භික්ෂූහු විකල්හි බොජුන් වැළඳූහු දැ"යි….





4.2.1. පාසාණ සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 4. මාර සංයුත්‌තය > 2. රජ්ජ වර්ගය



147. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළු පවුවෙහි (Gridhra-kuta)

වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොල්අඳුරුයෙහි අබවස (එළිමහනේ) වැඩහුන්නාහු වෙති. වැස්සද එකි එකි පොද හෙළයි.



එකල්හි පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේට බිය තැතිගැණුම ලොමුදැහගැණුම උපදවනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි මහත් මහත් ගල් විහිටි. (මාරයාගේ ඍධියෙන් ගල් උදුරා විසි කළේය)



එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මාරයා යී දැන පවිටු මාරයාහට ගාථායෙන් වදාළ සේක:



ඉදින් මේ මුළු ගිජුකුළුපවුව ම සලනෙහි නම්, මොනොවට මිදුනු බුදුවරයන්ට කම්පනයෙක් නහමක් ඇත් මැ ය.



ඉක්බිති පවිටු මාරයා භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පත් වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් විය….





2.4. සිවුවන පරිජිය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 2. පාරාජිකකාණ්ඩය > සිවුවනපාරාජිකය



30. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වූ වෙළුවනාරාමයෙහි වසන සේක. එසමයෙහි ආයුෂ්මත් ලක්ෂණ තෙරණුවෝ ද, ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද ගිජුකුළු පව්වෙහි වෙසත්. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ පෙරවරු වේලෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන ආයුෂ්මත් ලක්ෂණ තෙරුන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ලක්ෂණ තෙරුණුවන්ට මෙය කීහ: “ඇවැත් ලක්ෂණය, යම්හ. රජගහනුවරට පිඬු පිණිස පිවිසෙන්නම්හ”යි. “ඇවැත්නි, එසේ” යි ආයුෂ්මත් ලක්ෂණ තෙමේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් දුනි….





2.3.9 චූළසකුලුදායි සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 3. පරිබ්බාජක වර්ගය



මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර නිසා කලන්‍දකනිවාප නම් වූ වේළුවන විහාරයෙහි වැඩ වසන සේක. එසමයෙහි සකුලුදායී පරිව්‍රාජක මහත් වූ පිරිවැජිපිරිස් හා සමග මොරනිවාප නම් පරිව්‍රාජකාරාමයෙහි වෙසෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරබත් වේලෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පිවිසියහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේට තෙල සිත විය: “රජගහනුවරට පිඬුසිඟා යන්නට තව ඉතා උදෑසන. මම් මොරනිවාප නම් පරිව්‍රාජකාරාමයෙහි සකුලුදායී පරිව්‍රාජක වෙත එළැඹෙන්නෙම් නම් මැනැවැ”යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මොරනිවාප නම් පරිව්‍රාජකාරාමය කරා එළැඹියහ. එසමයෙහි සකුලුදායී පරිව්‍රාජක උද්ගත නාද ඇති උස්හඬින් මහහඬින් අනේකවිධ තිරිසන් කථා කියන මහත් වූ පරිව්‍රාජක පිරිස් හා සමග හුන්නේ වෙයි. ඒ කවර තිරිසන් කථා යැ යත්: රජුන් පිලිබඳ කථා යැ සොරුන් පිලිබඳ කථා යැ මහඇමැතියන් පිලිබඳ කථා යැ සේනාකථා යැ භයකථා යැ යුද්ධකථා යැ අන්නකථා යැ පානකථා යැ වස්ත්‍රකථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්ධකථා යැ ඥාතිකථා යැ යානකථා යැ ග්‍රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්‍රීකථා යැ ශූරකථා යැ වීථි පිලිබඳ කථා යැ කුම්භස්ථානකථා යැ පූර්‍වප්‍රේත කථා යැ නානාත්ව කථා යැ ලෝකාඛ්‍යානකථා යැ සමුද්‍රාඛ්‍යානකථා යැ මෙසේ වෘද්ධිහානි වෙයි යන කථා යි. සකුලුදායී පරිව්‍රාජක දුරින් මැ වඩනා භාග්‍යවතුන් වහන්සේ දුටුයේ යැ. දැක සිය පිරිස් සන්හුන් කරවී: “භවත්හු නිහඬ වෙත්වා, භවත්නි, තෙපි නහමක් හඬ නගවු. මේ ශ්‍රමණ ගෞතම එයි, එ ආයුෂ්මත් වූකලි නිහඬ බැව් කැමැත්තේ යැ. නිහඬ බැව්හි ගුණ කියන්නේ යැ. නිහඬ පිරිස් දැන එළැඹියයුතු කොට සිතා නම් මැනැවැ” යි. ඉක්බිති ඒ පිරිවැජියෝ නිහඬ වූහ….





1.4.8. සකලික සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 1. දේවතා සංයුත්‌තය > 4. සතුල්ලපකායික වර්ගය



38. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි මද්දකුච්ඡි නම් මුවවෙනෙහි වැඩවසන සේක.



එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ පාදය ගල්පතුරෙකින් පහළේ වේ. භාග්‍යවතුන් වහන්සේට දුක්වූ දැඩිවූ රළුවූ තියුණුවූ නොමිහිරිවූ අමනාපවූ බලවත් ශාරීරික වේදනාවෝ පවතිත්. භාග්‍යවතුන් වහන්සේ සිහි ඇතිව මනා නුවණ ඇතිව නොපෙළෙමින් ඒ වේදනාවන් ඉවසන සේක.



එකල්හි භාග්‍යවතුන් වහන්සේ සඟල සිවුර සිවුගුණු කොට පණවා දකුණු පයෙහි වම් පය මඳක් මෑත් කොට තබා දකුණු පසින් සිංහශය්‍යාව කරණ සේක.



ඉක්බිති මනා ඡවිවර්ණ ඇති පන්සියක් සතුල්ලපකායික දේවතාවෝ රෑ පෙරයම (මුල් කොටස) ඉක්ම ගිය කල්හි මුළු මද්දකුච්ඡිය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේය:



භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් නාගයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරිරක වේදනාවන් නාග බැවින් ම සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඉවසයි.



ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:



භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් සිංහයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් සිංහ බැවින් ම මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඉවසයි.



ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:



භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් ආජානීයයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් ආජානීය බැවින් ම සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඉවසයි.



ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:



භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ නිසභයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් නිසභ බැවින් ම සිහි ඇති ව මනා නුවණැති ව නොපෙළෙමින් ඉවසයි.



ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:



භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් ධොරය්හයෙකි (ධුර ඉසිලීමෙහි සමර්ථයෙකි). දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් ධොරය්හ බැවින් ම සිහි ඇති ව මනා නුවණැති ව නොපෙළෙමින් ඉවසයි.



ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:



භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් දාන්තයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් දාන්ත බැවින් ම සිහි ඇති ව මනා නුවණැති ව නොපෙළෙමින් ඉවසයි.



ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:



බල, සමාධි මොනවට වඩන ලදී. සිතද සුවිමුක්ත ය. (රාගනුගත වශයෙන්) පෙරට නැමුනේ නොද වෙයි. (දොෂානුගතවශයෙන්) විමුඛ ව නැමුනේ නො ද වෙයි. (අල්පගුණසාස්‍රව සමාධිය සෙයින්) සප්‍රයොගචිත්තයෙන් ප්‍රත්‍යනීකධර්මයන් නිගෙන කෙලෙස් වළහා සිටියේ ද නො වෙයි. යමෙක් මෙබඳු පුරුෂනාගයකු පුරුෂසිංහයෙකු පුරුෂාජානීයකු පුරුනිෂභයකු පුරුෂධෞරෙයකු, පුරුෂදාන්තයකු ඝැටියයුතු කොට ගඟනේ නම් නුනුවණ හැර අන් කිමෙක.



වේද පස දරණ සියක් වසක් මුළුල්ලෙහි තපස් ඇති ව හැසිරෙන බ්‍රාහ්මණයෝ වෙත් ද, ඔවුන්ගේ සිත ද මැනවින් නො මිදුනේ ය. ලාමක ස්වභාව ඇති ඔහු පරතෙරට නො යන්නෝ ය.



තෘෂ්ණායෙන් මඩනා ලද වුත ශීල දෙකින් බැඳුනු සියක් වසක් මුළුල්ලෙහි රූක්ෂ තපස් කරණ (යම් බමුණෝ වෙත්ද,) ඔවුන්ගේ සිතද මැනවින් නො මිදුනේ ය. හීනාත්මස්වභාවය ඇති ඔහු පරතෙරට නොයන්නෝය.



මෙහි මානය කැමැත්තහුට දමයෙක් නැත. සමාධියක් නැත්තහුට මෞනයෙක් නැත. වනයෙහි හුදෙකලා ව ප්‍රමත්ත ව වසන්නේ සසර පරතෙරට හෙවත් නිවණට නොපැමිණෙන්නේය.



[භගවත්හු:]



මානය දූර ලා මැනවින් එකඟ වූ සිත් ඇති සියලු උපධීන්ගෙන් මිදුනු අප්‍රමත්තව හුදෙකලාව වෙනෙහි වෙසෙන හෙ තෙමේ සසර පරතෙරට පැමිණෙන්නේය….





විනිශ්චිත කථාවස්තු

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 2. පාරාජිකකාණ්ඩය > ප්‍රථමපාරාජිකය



18. එසමයෙහි රජගහනුවරින් පැවිදි වූ සුන්‍දර නම් මහණ තෙමේ වීථියෙහි යෙයි. එක්තරා ස්ත්‍රියක් “වහන්ස, මොහොතක් නවතිනු මැනව. වඳින්නෙමි”යි කීවා ය. වඳින්නී අඳනය ඔසවා (එකෙණෙහිම) රහසඟ මුවින් ගත්තී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ තෝ ඉවසූයෙහි දැ”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම් නො ඉවසීමි”යි හේ කි ය. “මහණ නොඉවසන්නහුට ඇවැත් නො වේ.”….





2.5.7 ධනඤ්ජානි සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 5. බ්‍රාහ්මණ වර්ගය



ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ දක්ඛිණාගිරි දනවියෙහි කැමැති තාක් වාසය කොට රජගහනුවර කරා චාරිකා කොට ගියහ. පිළිවෙළින් සැරිසරනුවෝ රජගහ නුවර කරා වැඩියෝ, එහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ රජගහනුවර කළන්‍දකනිවාප නම් වේළුවන වෙහෙරෙහි විහරණ කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරුයෙහි සකසා හැඳ පාසිවුරු ගෙන රජගහාවට පිඬු පිණිස වැඩියෝ….





3.4.3 මහාකච්චාන භද්දේකරත්ත සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > උපරි පන්නාසකය > 4. විභඞ්‌ග වර්ගය



මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර තපොදා වනයෙහි වැඩ වසන සේක. එකල සමිද්ධි තෙරණුවෝ රෑ අලුයම නැඟීසිට ගාත්‍රපරිෂෙකයට තපොද භ්‍රදය කරා එළැඹියහ. තපොද භ්‍රදයෙහි ගාත්‍රපරිෂෙක කොට නැඟී ශරීරාවයව වියළවමින් එක් සිවිරි වැ සිටියහ. එකල එක්තරා දෙව්දුවක් රැය ඉක්මැගිය කල්හි විශිෂ්ට ඡවිවර්ණ ඇත්තී මුළු තපොද දහතලාව බබුළුවා සමිද්ධි තෙරණුවන් කරා එළැඹියා. එළැඹ එකත්පස් වැ සිටගතු. එකත් පස් වැ සිටි ඒ දෙව්දු සමිද්ධි තෙරණුවනට තෙල කියූ:





3.1.7 ගණකමොග්ගල්ලාන සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > උපරි පන්නාසකය > 1. දේවදහ වර්ගය



නැවත රජගහ යනු කැමැති දෙවන පුරුෂයෙක් එන්නේ ය, හේ තා වෙත එළැඹැ මෙසේ බෙණෙයි: ‘වහන්ස, මම රජගහ යන්නට කැමැතියෙමි, මට රජගහනුවරට මං කියව’යි, තෝ තෙල පුරුෂ හට මෙසේ කියහි, ‘එම්බා පුරුෂය, එ, මේ මග රජගහ නුවරට යෙයි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් මෙනම් ගම දක්නෙහි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් මෙනම් නියම්ගම දක්නෙහි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් රජගහනුවර අරම්රමණිය වනරමණිය බිම්රමණිය පොකුණුරමණිය දක්නෙහි’ යි. හේ තා විසින් මෙසේ අවවාද කරනු ලබනුයේ මෙසේ අනුශාසනා කරනු ලබනුයේ සුවසේ රජගහනුවරට යන්නේය….





4.1.9. පඨම ආයු සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 4. මාර සංයුත්‌තය > 1. ආයු වර්ගය



145. මා විසින් මෙසේ අසන ලදී: එකල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:



මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂය අල්පය, පරලොව යා යුතුය, (එබැවින්) කුසල් කටයුතුය, බඹසර හැසිරිය යුතු ය, උපනුන්ට නොමැරීමෙක් නැත. මහණෙනි, යමෙක් බොහෝ කලක් ජීවත් වේ නම් හෙතෙමේ සියක් වසක් ජීවත් වෙයි. බෙහෙවෙක් වේ නම් අල්පයෙක් හෝ වේ.



එකල්හි පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:



මිනිසුන්ගේ ආයුෂ දිග ය. සත්පුරුෂ තෙමේ එය හෙලා නො දක්නේ ය. තනපා මතුයෙන් වැටෙන (සත්තන්ධය) ලදරුවකු මෙන් හැසිරෙන්නේ ය. මරණයාගේ ඊමෙක් නැත.



[භගවත්හු:]



මිනිසුන්ගේ ආයුෂය අල්පය. සත්පුරුෂ තෙමේ එය හෙලා දක්නේය. හිස ගිනි ගත්තකු මෙන් හැසිරෙන්නේය. මරණයාගේ නොඊමෙක් නැත.



ඉක්බිති පවිටු මාරයා … එහි ම අතුරුදහන් විය….





2.3.4 දීඝනඛ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 3. පරිබ්බාජක වර්ගය



මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර නිසා ගිජුකුළුපව්වෙහි සූකරඛත ලෙන්හි වැඩ වාසය කරන සේක. එකල්හි දීඝනඛ නම් පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් වැ සිටියේ යැ. එකත්පස් වැ සිටි දීඝනඛ පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කී:





1.2.10. සමිද්ධි සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 1. දේවතා සංයුත්‌තය > 2. නන්දන වර්ගය



20. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර තපෝදාරාමයෙහි වැඩ වසන සේක….





3.4.10 ධාතුවිභඞ්ග සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > උපරි පන්නාසකය > 4. විභඞ්‌ග වර්ගය



මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධ දනවියෙහි සැරිසරනසේක් රජගහනුවර කරා වැඩිසේක. වැඩ භග්ගව කුම්භකාරයා කරා එළැඹිසේක. එළැඹ භග්ගව කුම්භකාරයාහට තෙල වදාළෝ: භාර්ගවය, ඉදින් තොපට නො බර වී නම් එක් රැයක් කුඹල්හලෙහි වසම්හ’යි….





3.6. කුටිකාරශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 3. සඞ්ඝාදිසේසකාණ්ඩය



2. එකල්හි මහකසුප් තෙරණුවෝ රජගහනුවර වස් වැස පවරා අළවු නුවරට වැඩියහ. එසමයෙහි මහසුප් තෙරණුවෝ අළවු නුවරට නොදුරු නොළං තන්හි වූ අග්ගාලව නම් චෛත්‍යස්ථානයෙහි වෙසෙත්. ඉක්බිති මහසුප් තෙරණුවෝ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ අළවු නුවරට පිඬු පිණිස පිවිසියහ. මිනිස්සු තෙරුන් දැක උද්වීග්න වෙත්. තැති ගණිත්. පලා යෙත්. මඟ වළහා යෙත්. මුහුණ අන් අතකට ද පෙරළත්. දොර ද පියත්. ඉක්බිති මහසුප් තෙරණුවෝ අළවු නුවර පිඬු පිණිස හැසිර පිඬුවායෙන් වැළකුණෝ පසුබත්හි භික්‍ෂූන් අමතා මෙසේ වදාළහ:





3.8. පඨමදුට්‌ඨදොසශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 3. සඞ්ඝාදිසේසකාණ්ඩය



1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වාසය කරණ සේක. එසමයෙහි උපතින් සත්වැසි වූ මල්ල රාජපුත්‍ර දබ්බ තෙරුන් විසින් අර්‍හත්වය පසක් කරණ ලද වෙයි. ශ්‍රාවකයක්හු විසින් ලැබියයුතු (ත්‍රිවිද්‍යාදී) යම්කිසි ගුණජාතයෙක් වේ ද ඒ සියල්ල ඔවුන් විසින් ලබන ලද වෙයි. ඔවුන් විසින් මත්තෙහි කටයුත්තෙක් හෝ කරණ ලද්දහුගේ වටාලා වැඩීමෙක් හෝ නැත්තේද වෙයි. එකල්හි ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍රයන්ට රහසිගතව විවෙකව හුන්නවුන්ට මෙබඳු වූ චිත්තපරිවිතර්‍කයෙක් උපන. ‘උපතින් සත්හැවිරිදි වූ මා විසින් රහත් බව පසක් කරණ ලද. ශ්‍රාවකයක්හු විසින් ලැබියයුතු යම්කිසි ගුණජාතයෙක් වේ නම් ඒ සියල්ල මා විසින් ලබන ලද. මා විසින් මත්තෙහි කටයුත්තෙක් හෝ කරණ ලද්දහුගේ වැඩීමෙක් හෝ නැත්තේ ද වෙයි. මම් සඟනට කිනම් වතාවතක් කෙරෙම් දෝ හෝ’යි. ඉක්බිති ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයනට මේ සිත විය. ‘මම් සඟනට සෙනසුන් ද පනවම් නම් බත් ද උදෙසම් නම් මැනැවැ’යි….





3.1.9 මහාපුණ්ණම සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > උපරි පන්නාසකය > 1. දේවදහ වර්ගය



මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි මිගාරමාතෘප්‍රසාද නම් වූ පූර්‍වාරාමයෙහි වැඩවාස කරන සේක, තවද එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ එදවස් පණුරැසි පොහොයෙහි මස් පිරුණු රාත්‍රියෙහි භික්ෂුසංඝයා විසින් පිරිවරන ලද්දාහු අභ්‍යාවකාශයෙහි වැඩහුන් සේක….





2.1.5 ජීවක සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 1. ගහපති වර්ගය



මා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කෞමාරභෘත්‍ය ජීවකයන්ගේ අඹවන උයන්හි ව වැඩවසනසේක. එකල්හි කෞමාරභෘත්‍ය ජීවක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ වැඳ එකත්පස්වැ හින. එකත්පස්වැ හුන් කෞමාරභෘත්‍ය ජීවක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කළේය:





2.1.8 අභයරාජ කුමාර සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 1. ගහපති වර්ගය



මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි බිම්බිසාර මහරජහු පිත් අභය රාජකුමාර නිගණ්ඨ නාතපුත්‍රයා කරා එළැඹ වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අභය රාජකුමාරයාහට නිගණ්ඨ නාතපුත්‍ර තෙල කී: “එව රාජකුමාරය, තෙපි ශ්‍රමණ ගෞතමයන්හට වාදාරොපණය කරව, අභය රජකුමරහු විසින් මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන්හට වාදාරොපණ කරන ලදැ’යි මෙසේ තොප ගේ කල්‍යාණ වූ යසගොස උස් ව නැඟේ” යයි. වහන්ස, මම මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන්හට කිසෙයින් වාදාරොපණය කෙරෙම් දැ’යි….





3.10. ප්‍රථමසඞ්ඝභේදශික්ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 3. සඞ්ඝාදිසේසකාණ්ඩය



1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවර කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි දෙව්දත් තෙම කටමොරකතිස්සක නම් කොකාලික යම් තැනෙක්හිද ඛණ්ඩදෙවියගේ පුත් සමුද්දදත්ත යම් තැනෙක්හි ද එතැන්හි එළඹ කටමොරකතිස්සක කොකාලිකට ද ඛණ්ඩදෙවියගේ පුත් සමුද්දදත්තට ද මෙසේ කී ය: “එව ඇවැත්නි, අපි මහණ ගොයුම්හට සඞ්ඝභේදය කරම්හ. චක්‍රභේදය කරම්හ” යි. මෙසේ කී කල්හි කොකාලික දෙව්දත්හට මේ කී ය: ඇවැත්නි, මහණ ගොයුම්හු මහත් ඍද්ධි ඇත්තාහ, මහත් අනුභාව ඇත්තාහ. කිසෙයින් අපි මහණ ගොයුම්හට සඞ්ඝභේදය කරමෝද චක්‍රභේද කරමෝ දැ?යි. එව ඇවැත්නි, අපි මහණ ගොයුම්හු කරා එළඹ පඤ්චවස්තූන් ඉල්ලා සිටුම්හ: ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, නොයෙක් අයුරින් අල්පේච්ඡ බව, සන්තුෂ්ට බව, සල්ලේඛය, ධූතගුණය, ප්‍රසාද එළවන බව, අපචය, වීර්‍ය්‍යාරම්භය පිළිබඳ ගුණ කියන සුල්ලහ. ස්වාමීනි, මේ පඤ්චවස්තූහු අල්පේච්ඡ බවට සන්තුෂ්ටියට සල්ලේඛයට ධූතගුණයට ප්‍රසාද එළවන බවට අපචයට වීර්‍ය්‍යාරම්භයට වැටෙත්….





1.3.4 රථවිනීත සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මූල පන්නාසකය > 3. ඕපම්ම වර්ගය



5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමැති තාක් කල් රජගහනුවර වැඩවාසය කොට පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙණසේක් සැවැත්නුවරට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ඒ සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණ සේක. “භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරට වැඩ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙර වාසය කරණසේක් ලැ”යි මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පූර්ණ ස්ථවිරයන් වහන්සේ ඇසූහ….





2.2.1 අම්බලට්ඨිකරාහුලෝවාද සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මජ්ඣිම පන්නාසකය > 2. භික්ඛු වර්ගය



මා විසින් මෙසේ අසනලද. එක්කලෙකැ බුදුහු රජගහනුවර නිසා කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් රාහුලභද්‍රයෝ අම්බලට්ඨිකා නම් පහයෙහි වාසය කෙරෙති. භාග්‍යවතුන් වහන්සේ සවස්වේලෙහි ඵලසමවතින් නැඟී සිටිසේක් අම්බලට්ඨිකායෙහි ආයුෂ්මත් රාහුලයන් වෙත එළැඹිසේක. රාහුලායුෂ්මත්හු දුරින් මැ වඩනා භාග්‍යවතුන් වහන්සේ දැක අසුන් පනවා පාදෝනා පිණිස දිය ද එළැවූහ. බුදුහු පැනවූ අස්නෙහි වැඩහිඳ පා දෙවූහ. ආයුෂ්මත් රාහුලභද්‍රයෝ ද බුදුන් වැඳ එකත්පස් වැ හුන්හ….







3.11. ද්විතීයසඞ්ඝභේදශික්ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 3. සඞ්ඝාදිසේසකාණ්ඩය



1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවර සමීපයෙහි වූ කලන්දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වාසය කෙරෙති. තවද එසමයෙහි දෙව්දත් තෙම සඞ්ඝභේදය පිණිස චක්‍රභේදය පිණිස යතන කෙරෙයි. භික්ෂූහු මෙසේ කීහු: ‘දෙව්දත් අධර්‍මවාදී යැ, දෙව්දත් අවිනයවාදී යැ. කෙසේ නම් දෙව්දත් සඞ්ඝභේදය පිණිස චක්‍රභේදය පිණිස යතන කෙරේ දැ’යි. මෙසේ කී කල්හි කටමොරකතිස්සක නම් කොකාලික තෙමේ ද ඛණ්ඩදෙවියගේ පුත් සමුද්දදත්ත තෙමේ ද ඒ භික්ෂූන්ට මෙසේ කීහු: ‘ආයුෂ්මත්නි, නහමක් මෙසේ කියවු, දෙව්දත් ධර්‍මවාදී යැ, දෙව්දත් විනයවාදී යැ, දෙව්දත් අපගේ ද ඡන්දයත් රුචියත් ගෙණ ව්‍යවහාර කෙරෙයි. අපගේ (ඡන්දාදිය) දනී. (දැන) කියයි තෙල අපට ද රුචි වේ’ ය යි. යම් භික්ෂු කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු අවමන් කෙරෙති, නුගුණ කියති, දොස් පහළ කෙරෙති: ‘කෙසේ නම් භික්ෂූහු සඞ්ඝභේදය පිණිස යතන කරණ දෙව්දත්හට අනුවර්‍තක වූවාහු වර්‍ගවාදක වූවාහු වෙත් දැ’යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ... ‘සැබෑව ද මහණෙනි, භික්ෂූහු සඞ්ඝභේදය පිණිස යතන කරණ දෙව්දත්හට අනුවර්‍තක වූවාහු ද? අනුවර්‍තක වූවාහු වර්‍ගවාදක වූවාහු වෙත් දැ’යි. ‘සැබෑව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගැරහූහ. ... ‘කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ සඞ්ඝභේදය පිණිස යතන කරණ දෙව්දත්හට අනුවර්‍තක වූවාහු වර්‍ගවාදක වූවාහු වෙත් දැ. මහණෙනි, තෙල නො පහන් වූවන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි. ... තව ද මහණෙනි, මෙසේ මේ ශික්ෂාපදය උදෙසවු:





5.2.8. රූපිය ශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 5. නිසැඟිකාණ්ඩය > 2. කෝසිය වර්ගය



1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ රජගහනුවර එක්තරා කුලයක්හුගේ කුලුපගවූයේ නිච්චභත්තික වෙයි. ඒ කුලයෙහි කෑ යුතු හෝ බුදිය යුතු යමක් උපදී නම් ඉන් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ගේ කොටස තබනු ලැබේ. එකල්හි ඒ කුලයෙහි සවස මසක් උපන්නේ වෙයි. එයින් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ගේ කොටස තබන ලද්දේ වෙයි. එකුලෙහි දරුවෙක් රෑ අලුයම නැගිට “මට මස් දෙවයි” යි හඬයි. ඉක්බිති ඒ පුරුෂ තෙමේ බිරිඳට මෙසේ කීය. “ආර්‍යය්‍යන් වහන්සේගේ කොටස දරුහට දෙව. අන් මසක් විකොට ගෙණ ආර්‍යය්‍යන් වහන්සේට දෙන්නෙමු ”යි. ඔහුට එය දුනි….





3. මහාපරිනිර්වාණ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > මහා වර්ගය > 3. මහාපරිනිර්වාණ සූත්‍රය



මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එසමයෙහි වෛදේහීපුත්‍ර වූ මගධදේශාධිපති අජාසත් රජ වැදෑ රජුන් මැඩැ ලනු පිණිස යනු කැමැත්තේ වෙයි. හෙ තෙම ‘මම් වූ කලි මේසා මහත් රාජර්ධියෙන් සමන්විත මේසා මහත් ආනුභාව ඇති ‍වැදෑ රජුන් මුලින් සිඳලන්නෙමි, වජ්ජීන් වනසන්නෙමි, වජ්ජීන් අනයව්‍යසනයට පමුණුවන්නෙමි’ යි මෙසේ කියයි….





5.3.3. භේසජ්ජ ශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 5. නිසැඟිකාණ්ඩය > 3. පත්ත වර්ගය



1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. එසමයෙහි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ ලෙනක් කරණු කැමැත්තාහු රජගහනුවර පවුබෙයදක් ශුද්ධ කරවති. එකල්හි මගධාධිපති සෙනිය බිම්බිසාර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් වෙත එළඹ වැඳ එකත්පස්ව හිඳ මෙය සැළ කෙළේය. “වහන්ස තෙරණුවෝ කුමක් කරවද්ද” යි “මහරජ ලෙනක් කරණු කැමැත්තෙම් පවුබෙයදක් ශුද්ධ කරවමි” යි “වහන්ස, හිමියනට ආරාමිකයකුගෙන් ප්‍රයෝජන දැ”යි “මහරජ භාග්‍යවතුන් වහන්සේ විසින් ආරාමිකයෙක් නො අනුදන්නා ලද්දේ ය” යි. එසේ වී නම් “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිළිවිස මට දන්වනසේක්වා” යි. “එසේ ය මහරජැ” යි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ මගධාධිපති සෙනිය බිම්බිසාර රජහට පිළිවදන් දුන්හ. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ මගධාධිපති සෙනිය බිම්සරරජුට දැහැමි කථාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. පැහැද වූහ. ඉක්බිති මගධාධිපති සෙනිය බිම්සර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දේ කුසල් දහම්හි සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ, පහදවන ලද්දේ හුනස්නෙන් නැගී ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවන් වැඳ පැදකුණු කොට නික්ම ගියේය….





සංගීති නිදානය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 11. පඤ්‌චසතිකක්‌ඛන්‌ධකය



4. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ද තෝරාගත්හ. ඉක්බිති “අපි කොතැන්හි දී ධර්මය ද විනය ද සඞ්ගායනා කරමෝ දැ යි ස්ථවිර භික්‍ෂූන්ට මේ අදහස විය. "රජගහ නුවර වනාහි මහා ගොදුරුගම් ඇත්තේ ය. බොහෝ සෙනසුන් ඇත්තේ ය. අපි රජගහ නුවර වස් වසමින් ධර්මය ද විනය ද සඞ්ගායනා කරන්නෙමු නම් ඉතා මැනව. අනිත් භික්‍ෂූ කෙනෙක් රජගහ නුවර වස් නො එළඹෙන්නාහු නම් යෙහෙකැ’යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ සඞ්ඝයාට (මෙසේ දැන්වූහ.) “ඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් රජගහ නුවර වස් වසමින් ධර්මය ද විනය ද සඞ්ගායනා කිරීමට සඞ්ඝයා මේ පන්සියයක් භික්ෂුන් සම්මත කරන්නේ ය. අනිත් භික්‍ෂූන් විසින් රජගහ නුවර වස් නො විසියයුතු’ය. මේ ඥප්ති යි….





1.1. පාරාජික කාණඩය

ත්‍රිපිටකය > විනය පිටකය > පරිවාරපාළි 1 > මහාවිහඞ්ගය > 1. කත්‍ථපඤ්ඤත්තිවාරය > පාරාජික කාණඩය



2. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කැරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් යම් දෙවන පරිජි සිකපදයෙක් පණවන ලද නම් එය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහ නුවර දී පණවන ලදි….





මහාඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 1. මහාඛන්‌ධකය



1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගයාසීසයෙහි කැමැති තාක් වැඩ වාසය කොට සියල්ලන් ම පුරාණජටිලයන් වූ භික්‍ෂූන් දහසක් පමණ වූ මහත් භික්‍ෂුසඞ්ඝයා සමග රජගහනුවර බලා වැඩි සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණසේක් රජගහනුවරට වැඩ එහි රජගහනුවර සමීපයෙහි වැල්මීලිය වැලඳගත් තල්උයනෙහි සුප්පතිට්ඨචෙතිය නම් නුගරුක්මුල්හි වැඩ වසනසේක. මගධෙශ්වර වූ සෙනා ඇති බිම්බිසාර රජ තෙමේ “ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ භවත් ශ්‍රමණගෞතමයන් වහන්සේ රජගහනුවරට පැමිණ තල්උයනෙහි සුප්පතිට්ඨචෙතිය නම් වූ නුගරුක්මුල්හි වාසය කරණසේක. ගෞතමගොත්‍රයෙහි උපන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ කලණ වූ කීර්තිඝොෂාච උස් ව නැංගේ ය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අර්‍හත් වනසේක. මේ කාරණයෙන් සම්‍යක්සම්බුද්ධ වන සේක. මේ කාරණයෙන් අෂ්ටවිද්‍යායෙන් හා පසළොස්චරණධර්‍මයෙන් යුක්ත වන සේක. මේ කාරණයෙන් යහපත් ගමන් ඇති සේක. මේ කාරණයෙන් තුන්ලොව දත් සේක. මේ කාරණයෙන් නිරුත්තර වූ පුරුෂයන් දමනය කිරීමෙහි සාරථී වන සේක. මේ කාරණයෙන් දෙවිමිනිසුන්ට ශාස්තෘ වන සේක. මේ කාරණයෙන් බුද්ධ වන සේක. මේ කාරණයෙන් භාග්‍යවත් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලොකය ද මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ද තම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ සේක. මුල මැද අග යහපත් වූ අරුත් සහිත වූ බ්‍යඤ්ජන සහිත වූ හාත්පසින් සම්පූර්‍ණ වූ ධර්‍මය දෙශනා කරණ සේක. පිරිසිදු වූ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය වදාරණ සේක. එබඳු වූ රහතුන්ගේ දැකීම යහපත් වේ ය” යි ඇසුයේය….





2. උපෝසථක්‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 2. උපෝසථක්‌ඛන්‌ධකය



1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ ගිජුකුළුපව්වෙහි වසන සේක. එසමයෙහි අන්‍යතීර්‍ත්‍ථක (අන්‍යාගමික) පරිව්‍රාජකයෝ තුදුස්වක්හි ද පසළොස්වක්හි ද පක්‍ෂයේ අටවක්හි ද එක් තැන් වී දහම් (කටයුතු නො කටයුතු) කියා දෙත්. මිනිස්සු ඒ දහම් ඇසීමට ඔවුන් වෙත යත්. ඔහු අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයන් කෙරෙහි ප්‍රෙමය ලබත්. පැහැදීම ලබත්. අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයෝ පක්‍ෂබල ලබත්….





6. සේනාසනක්‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 6. සේනාසනක්‌ඛන්‌ධකය



14. එ සමයෙහි රජගහනුවර ගිරග්ගසමජ්ජ උත්සවය වෙයි. මිනිස්සු මහඇමැතියන් සඳහා ලොම් මෙට්ට (ලොම් පුරවා කළ මෙට්ට), රෙදි මෙට්ට, වැහැරිමෙට්ට තණ මෙට්ට යන (බොහෝ) මෙට්ට පිළියෙළ කරත්, සමජ්ජය අවසන් වූ කල්හි උර ගලවා ගෙනයත්. මහණහු සමද්‍යස්ථානයෙහි (උළෙල පැවැති තැනැ) හැරදමන ලද බොහෝ ලොම් ද රෙදි ද වැහැරි ද තණ ද කොළ ද දුටුහ. දැක භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ….





7. සඞ්‌ඝභේදක‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 7. සඞ්‌ඝභේදක‌ඛන්‌ධකය



14. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරණුවන් අමතා, ‘එසේ වී නම් ශාරිපුත්‍රයෙනි, තෙපි රජගහනුවරැ දෙව්දතුන් පිළිබඳ ප්‍රකාශනක කර්මය කරවු’ යැ යි වදාළසේක….





4.1. කඨින වර්ගය

ත්‍රිපිටකය > විනය පිටකය > පරිවාරපාළි 1 > මහාවිහඞ්ගය > 1. කත්‍ථපඤ්ඤත්තිවාරය > නිස්සගිය කාණ්ඩය



5. නො නෑ මෙහෙණක අතින් සිවුරක් පිළිගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: රජගහනුවරැ දී පණවන ලදී….





4.2. කෝසිය වර්ගය

ත්‍රිපිටකය > විනය පිටකය > පරිවාරපාළි 1 > මහාවිහඞ්ගය > 1. කත්‍ථපඤ්ඤත්තිවාරය > නිස්සගිය කාණ්ඩය



8. රන් රිදී මසුකහවණු පිළිගන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද ද යත්: රජගහනුවරැ දී පණවන ලදි….













කෝසම්බි නගරය:

ත්‍රිපිටකයේ කෝසම්බි නගරය ගැන තොරතුරු දැක්වෙන තැන් කිහිපයක්:



Kaushambi is a historically significant district located in the state of Uttar Pradesh, India. It holds importance due to its ancient past and association with various kingdoms and civilizations. The region of Kaushambi finds mention in ancient Indian texts such as the Mahabharata and Buddhist scriptures. It was part of the Kosala Mahajanapada, one of the sixteen great kingdoms or republics in ancient India. Emperor Ashoka considered Kaushambi important, and placed a pillar there with inscriptions in Pali language. 



කෝසම්බි යනු ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. එය කෝසල මහා ජනපදයේ කොටසක් විය. අශෝක අධිරාජයා විසින් කෝසම්බිය හෙවත් කොසඹෑ නුවර වැදගත් කොට සැලකූ අතර එහි ගල් කණුවක් ගොඩ නංවා පාලි භාෂාවෙන් ශිලා ලේඛනයක්ද පිහිටුවිය.



Once it was the capital of the Vatsa Mahajanapada, one of the sixteen mahajanapadas (great kingdoms) of ancient India. The Vatsa kingdom was ruled by the Vatsa dynasty and was known for its prosperity and cultural achievements. Over time, the fortunes of Kaushambi declined, and it was eventually abandoned. However, its historical and archaeological significance remains, with numerous ruins and artifacts dating back to ancient times scattered across the district.



එක්තරා කාලයකදී කෝසම්බිය වත්ස රාජධානියේ අග නගරයද විය.



Today, Kaushambi district is primarily known for its archaeological sites, which attract scholars, historians, and tourists interested in exploring India's rich ancient past. These sites offer insights into the political, religious, and cultural landscape of ancient India, making Kaushambi an important destination for those interested in history and archaeology.





7.1.4.12. දෙවැනි නිද්‌දසවත්ථු සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > සත්තක නිපාතය > 4. දේවතා වර්ගය



43. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝොෂිතාරාම (Ghositarama monastery)යෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ කොසම්බියෙහි පිඬු සඳහා පිවිසියහ. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්හට තෙලෙ සිත් විය: “තව ම කොසඹෑහි පිණ්ඩපාතය සඳහා වදනට අලුයම බොහෝ වෙයි. මම කොසම්බියෙහි අන්‍යතීර්ථක පරිව්‍ර‍ාජකයන්ගේ අසපුව කරා යෙම් නම් මැනැවැ”යි….



1.5.8 කෝසම්බිය සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > මූල පන්නාසකය > 5. චූල යමක වර්ගය



1. මා විසින් මෙසේ අසන ලද: එක්සමයෙක්හි භගවත්හු කොසැඹෑ නුවර ඝෝසිත සිටුහු කළ ඝොසිතාරාමයෙහි වැඩවාස කෙරෙති. එසමයෙහි කොසැඹෑයෙහි (Kaushambi district)භික්‍ෂූහූ හටගත් කලහපූර්‍වභාග සටන් ඇතියෝ, හටගත් (හස්තපරාමර්‍ෂ-පාත්‍රචීවරනීහරණාදි) කලහ ඇතියෝ, පැමිණි විරුද‍ධවාද ඇතියෝ, උනුන් තෙපුල් සැතින් විදුනාහු වාස කෙරෙති. ඔහු (අර්ත්‍ථ හා කාරණ හා දක්වා) උනුන් නො ම හඟවත්. (ඉදින් හඟවන්නට නිසි වුව ද) සංඥප්තියට (හඟනට) නො එළඹෙති. (දන්නට නො කැමැති වෙති.) උනුන් නො ම සිතවත්. සිතීමට නො එළඹෙති.



2. එක්බිති අන්‍යතර (නොපාළ) මහණෙක් භගවත්හු කරා එළඹිණ. එළඹ භගවත්හු සකසා වැඳ එකත්පස් ව හින. එකත් පස් ව හුන් ඒ මහණ භගවත් හට තෙල සැළකෙළේ: “වහන්ස, කොසැඹෑ නුවර (කොසම්බි) නිවැසි භික්‍ෂූහු උපන් ඩබර ඇත්තාහු, (හස්තපරාමර්‍ෂාදි විසින්) උපන් මුදුන්පත් කලහ ඇත්තාහු, විරුද්ධවාදයට ගියාහු, උනුන් මුව සැතින් විදුනාහු වාස කෙරෙති. ඔහු උනුන් නො ම හඟවත්. සංඥප්තියට නො වැටෙති. උනුන් නොම සිතවති. සිතීමට නො වැටෙති” කියායි….





2.3. ද්විතීය පාරාජිකය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 2. පාරාජිකකාණ්ඩය > ද්විතීයපාරාජිකය



82. එසමයෙහි පණ්ඩුකය කපිලය යි යහළු භික්ෂූහු දෙනමක් වෙත්. එක් නමක් ගමක වෙසෙයි. එක් නමක් කොසම්බි නුවර වෙසෙයි. ඉක්බිති ගමින් කොසඹෑ නුවරට (Kaushambi district)යද්දී අතර මඟ නදියක් තරණය කරන්නා වූ ඒ මහණහුගේ පාදයෙහි හූරු වැද්දන්ගේ අතින් ගිළිහුනු වුරුණු තෙල් වැටිය ලැගුනේ වෙයි. ඒ මහණ තෙමේ “හිමියන්ට දෙන්නෙමැ” යි එය හැර ගත්තේ ය. හිමියෝ ඒ මහණහට “තෝ අශ්‍රමණ වෙහි” යි චෝදනා කළාහු ය. එතර වූ ඒ මහණ දැක එක් ගෙවිලියක් මෙසේ කීවා ය. “වහන්ස, එනු මැනවි. මෙවුන්දම් සේවනය කරන්නැ” යි. හෙතෙමේ “මම පියොවිනිදු අශ්‍රමණයෙමි” යි ඇය හා මෙවුන්දම් සේවනය කොට කොසඹෑ නුවරට ගොස් භික්ෂූන්ට තෙල පවත් සැල කළේ ය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැල කළාහු ය. ... “මහණෙනි, අයිනාදනින් පරිජිඇවැත් නො වේ. මෙවුන්දම් සෙවීමෙන් පරිජිඇවැත් වේ”….





10. කොසම්‌බක්‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 10. කොසම්‌බක්‌ඛන්‌ධකය



1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පොරොවා පාසිවුරු ගෙණ පිඬු පිණිස කොසඹෑ නුවරට පිවිසිසේක. කොසඹෑ නුවර පිඬු පිණිස හැසිර පස්වරු පිණ්ඩපාතයෙන් හැරී ආ සේක් සෙනසුන් තැන්පත් කොට පා සිවුරු ගෙණ සඟමැද සිටිසේක් ම මේ ගාථාවන් වදාළසේක:





5.1.2. ද්විතීයකඨිනශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 5. නිසැඟිකාණ්ඩය > 1. චීවර වර්ගය



2. එසමයෙහි කොසම්බි නුවර (Kaushambi district)එක්තරා මහණෙක් ගිලන් වූයේ වෙයි. නෑයෝ ඒ භික්‍ෂූහුගේ සමීපයෙහි දූතයකු එවූහ. ‘වහන්සේ (මෙහි) එත්වා අපි උවටැන් කරම්හ’යි. භික්‍ෂූහු ද මෙසේ කීහු: ‘යා ඇවැත්නි, නෑයෝ තොපට උවටැන් කරන්නාහ’ යි. හේ මෙසේ කී ය: ‘ඇවැත්නි, භාග්‍යවතුන් විසින් ‘තුන් සිවුරින් නොවෙන් ව විසියයුතු ය’ යි සිකපද පණවන ලද: ‘මම ද ගිලන්මි. තුන්සිවුරු ගෙණ නික්ම යන්නට නො පොහොසත්මි. මම නො යෙමි’ යි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ:





6.2.2. අඤ්ඤවාදක ශික්ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාචිත්‌තියපාළිය > භික්‌ඛු විභඞ්‌ය > පාචිත්‌තියකාණ්ඩය > 2. භූතගාම වර්ගය



1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑ නුවරැ ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් ඡන්න තෙමේ අනාචාරයෙහි හැසිරැ සඟමැද ඇවැතින් අනුයොගවතට නංවනු ලබන්නේ 'කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි ඇවතට පැමිණි යෙම් ද? කෙසේ ඇවැතට පැමිණියෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවු දැ'යි අනෙකකින් අනෙකක් වසාලයි. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු දොස් නඟති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආයුෂ්මත් ඡන්න සඟමැද ඇවතින් අනුයොගවතට නංවනු ලබන්නේ ‘කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි ඇවතට පැමිණියෙම් ද? කෙසේ ඇවතට පැමිණියෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවූ දැ’යි අනෙකකින් අනෙකක් වසාලී ද … කිම සැබෑ ද, ඡන්න තෙපි සඟමැද ඇවතින් අනුයොගවතට නංවනු ලබන්නහු ‘ කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි ඇවතට පැමිණියෙම් ද? කෙසේ පැමිණියෙම් ද? කවරක්හට බෙණෙහු ද? කුමක් බෙණෙවු දැ'යි අනෙකකින් අනෙකක් වසාලවූ ද. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ … කෙසේ නම් හිස්පුරුෂය, තෙපි සඟමැදහි ඇවතින් අනුයොගවතට නංවනු ලබන්නහු ‘ කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි පැමිණියෙම් ද? කෙසේ පැමිණියෙම් ද? කවරක්හට බෙණෙවූ ද? කුමක් බෙණෙවු දැ'යි. අනෙකකින් අනෙකක් වසාලූවහු ද, හිස්පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි … ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූහ. ඒ කරුණෙන් ම මහණෙනි, සඞ්ඝ තෙමේ ඡන්න භික්ෂූහට අඤ්ඤවාදක සම්මුතිය පිහිටුවාවා. මෙසේ ද මහණෙනි, පිහිටුවාලිය යුත්තී ය, ප්‍රතිබල වූ ව්‍යක්ත වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි….





6.2.9. මහල්ලක විහාර ශික්ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාචිත්‌තියපාළිය > භික්‌ඛු විභඞ්‌ය > පාචිත්‌තියකාණ්ඩය > 2. භූතගාම වර්ගය



1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසම්බි නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් ඡන්නයන්ගේ උපස්ථායක වූ මහාමාත්‍රයෙක් ආයුෂ්මත් ඡන්නහට වෙහෙරක් කරවයි. එකල්හි ආයුෂ්මත් ඡන්න කළ නිමාම් ඇති වෙහෙර පුන පුනා සෙවෙනි කරැවී. පුන පුනා අලෙව් දෙවී. ඉතා බර වූ වෙහෙර ඇද වැටිණ. එකල්හි ඡන්න තෙමේ තණ ද දර ද ඇද රැස් කරනුයේ එක්තරා බමුණක්හුගේ යව කෙත වැනසී ය. එකල්හි ඒ බමුණු ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: කෙසේ නම් පින්වත්හු අපගේ යව කෙත වැනැසූ දැ යි භික්ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරු වන ඒ බමුණක්හුගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු….





6.6.1. සුරාපාන ශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාචිත්‌තියපාළිය > භික්‌ඛු විභඞ්‌ය > පාචිත්‌තියකාණ්ඩය > 6. සුරාපාන වර්ගය



2. ඉක්බිති භාග්‍යවත් බුදුහු පිළිවෙළින් සැරි සරනුවෝ භද්දවතිකා නම් ග්‍රාමයට වැඩමකළහ. බුදුහු ඒ භද්දවතිකායෙහි වැඩැවෙසෙති. එකල්හි ආයුෂ්මත් සාගත ස්ථවිර තෙමේ අම්බතීර්ථයෙහි ජටිලයාගේ අසපුවට එළැඹියේ යැ. එළැඹැ ගිනිහල්ගෙට පිවිස තණ ඇතිරියක් පනවා පලඟ බැඳ උඩුකය ඉදීව තබා කමටහනට අබිමුව කොට සිහි එළවා හුන්නේ යි. එකල්හි ඒ නාගයා පිවිසි ආයුෂ්මත් සාගත තෙරුන් දැක දුකට පැමිණියේ නො සතුටු වූයේ දුමාලී යැ. ආයුෂ්මත් සාගත ස්ථවිර තෙමේත් දුමාලී යැ. එකල්හි ඒ ඕපපාතික දිව්‍ය නාගයා ක්‍රොධය නො ඉවසන්නේ දිලිහී ගියේ යැ. ආයුෂ්මත් සාගත ස්ථවිර තෙමේත් තෙජොධාතුවට සමවැද දිලිහී ගියේ යි. ඉක්බිති ආයුෂ්මත් සාගත ස්ථවිර තෙමේ ඒ නාගයාගේ තෙද (තමාගේ) තෙදින් මැඩැගෙන භද්දවතිකා ග්‍රාමයට එළැඹියේ යි. ඉක්බිති භාග්‍යවත් බුදුහු භද්දවතිකායෙහි කැමැතිතාක් විහරණය කොට කොසඹෑනුවර (Kaushambi district)බලා සැරි සැරූහු කොසඹෑනුවරැ වූ උවසුවෝ “ආර්‍ය්‍ය සාගතස්ථවිර තෙමේ අඹතොටැ නාගයා හා සමඟ යුද කෙළේ යැ” යි ඇසූහු….





9.2 සඞ්ඝාදිශෙෂ කාණ්ඩාදිය

ත්‍රිපිටකය > විනය පිටකය > පරිවාරපාළි 1 > මහාවිහඞ්ගය > 9. කත්‍ථපඤ්ඤත්තිවාරය



12. දුර්වව මහණහට තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි දෘෂ්ටිය නො හැරීම් හෙතුයෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: කොසඹෑ නුවරැ දී පණවන ලදී. කවරක් හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න තෙරුන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න තෙරහු භික්ෂූන් විසින් සකාරණයෙන් කියනු ලබන්නාහු තමා නො කියයුත්තක්හු කළහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී….





8. චීවරක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 8. චීවරක්‌ඛන්‌ධකය



48. ඉක්බිති කාක දාස තෙමේ අතරමග කොසඹෑ නුවර දී උදාසන අහර ගන්නා ජීවකයා දුටුයේ ය. එකල්හි කාක දාස තෙමේ “ආචාර්‍ය්‍යයෙනි, රජ තෙමේ ඔබ නවත්වා” යයි ජීවක කොමාරභච්චයාහට කීයේ ය. “කොල කාකය, අනුභව කරමි. ඒ තාක් බලාපොරොත්තු වෙව. කොල කාකය, තෝ ද අනුභව කරව”. ආචාර්‍ය්‍යයෙනි, කම් නැත. ‘කාකය මේ වෙද්දු නම් බොහෝ මායා ඇත්තාහු ය. ඔහු දෙන කිසිවක් නො පිළිගණුව’යි රජු විසින් අණ කරණ ලද්දෙම් වෙමි”යි කාකදාසයා කී ය….





12. සත්‌තසතිකක්‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 12. සත්‌තසතිකක්‌ඛන්‌ධකය



8. වහන්ස, ජලොගිය බොන්නට කැප වේ දැ යි. ඇවත්නි, ඒ ජලොගිය නම් කවරේ දැ යි. වහන්ස, යම් සුරාවක් නොපැසුණාද, මද්‍ය බවට නොපැමිණියාද එය බොන්නට කැපවේ දැ?යි ඇවැත්නි, නොකැපවෙයි. කොතැනදී ප්‍රතික්‍ෂෙප කරන ලද දැ?යි. කොසඹෑ නුවරදීය. (Kaushambi district) සුත්තවිභඞ්ගයෙහි යැයි. කවර ඇවතකට පැමිණේ දැ?යි. රහමෙර පීමෙහි පවිති ඇවතටය. වහන්ස, සඞ්ඝයා මබස් අසාවා. මේ අටවැනි වස්තුව සඞ්ඝයා විසින් විනිශ්චය කරන ලදී. මෙසේ මේ වස්තුවද ධර්මයෙන් බැහැර කරන ලද්දකි. (මේ අධර්මය යැයි සම්මත කරන ලදී) විනයෙන් බැහැර කරන ලද්දකි, ශාස්තෘශාසනයෙන් ඉවත් කරන ලද්දකි. (එහෙයින්) මේ අටවැනි සලාකය බහාතබමි….



විශාලා නගරය:

ත්‍රිපිටකයේ විශාලා නගරය ගැන තොරතුරු දැක්වෙන තැන් කිහිපයක්:



විශාලා නගරය ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටා ඇත.



Vaishali, Vesali or Vaiśālī was a city in present-day Bihar, India, and is now an archaeological site. It is a part of the Tirhut Division.



It was the capital city of the Vajjika League of Vrijji mahajanapada, considered one of the first examples of a republic around the 6th century BCE. Gautama Buddha preached his last sermon before his death in c. 483 BCE, then in 383 BCE the Second Buddhist council was convened here by King Kalasoka, making it an important place in both Jain and Buddhist religions. It contains one of the best-preserved of the Pillars of Ashoka, topped by a single Asiatic lion.





8.1.7.10. භූමිචාල සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > අට්ඨක නිපාතය > (7) 2. චාපාල වර්ගය



ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විශාලා නගරයේ චාපාල චෛත්‍යයේ ස්මෘති ඇත්තාහු සම්ප්‍ර‍ජන්‍යය ඇත්තාහු ආයු සංස්කාරය හළ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් ආයු සංස්කාරය හළ කල්හි බිහිසුණු වූ ලොමුදහගන්වන මහා භූමිකම්පනයෙක් විය. මේඝයෝ වැටුණාහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තෙල අරුත් දැන ඒ වේලායෙහි මේ උදානය ඇනූසේක….





7.1.3.1. සාරන්‌දද සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > සත්තක නිපාතය > 3. වජ්‌ජිසත්‌තක වර්ගය



21. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වේසාලී නගරයෙහි සාරන්‍දද චෛත්‍ය ස්ථානයේ වැඩ වසනසේක….





2.3. ද්විතීය පාරාජිකය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 2. පාරාජිකකාණ්ඩය > ද්විතීයපාරාජිකය



චම්පා නුවර, රජගහ නුවර, විසල්පුර, අජ්ජුක, බරණැස, කෝසම්බි නුවර (Kaushambi district), සාගලපුර, දල්හික යයි වත්ථු සයෙකි….





3.2.3.4. නිගණ්‌ඨ සූත්‍රය(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > තික නිපාතය > (8) 3. ආනන්‌ද වර්ගය



24. එක් කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ විශාලා මහනුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි (කැණි දී නැගූ කුළාරපහයෙහි) වැඩ වෙසෙති. එක්බිති අභය ලිච්ඡවී හා පණ්ඩිතකුමාර ලිච්ඡවී හා දෙදෙන ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් අභය ලිච්ඡවී ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට තෙල කීය.



වහන්ස, නිගණ්ඨනාතපුත්‍ර ‘ඇවිදුනා වූත් සිටුනා වූත් නිදන්නා වූත් නිදිවරන්නා වූත් මට නරතුරු ඥානදර්‍ශනය එළඹ සිටිති’යි සර්‍වඥ යැයි සර්‍වදර්ශී යැ යි නිඃශේෂඥානයක් පිළින කෙරෙයි. හේ පුරාණ කර්‍මයන්ගේ තපසින් විගතාන්තභාවය පණවයි. නව කර්‍මයන්ගේ නොකිරීමෙන් සෙතුඝාතය පණවයි. මෙසේ කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි. වේදනාක්‍ෂය හේතුයෙන් සර්‍වදුඃඛය නිර්ජිර්‍ණ වෙයි. මෙසේ තෙල සාන්දෘෂ්ටිකනිර්ජරාවිශුද්ධියෙන් භවසමතික්‍රමණය වේයයි කියායි.



වහන්ස, මෙහි ලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරණ සේක්ද?



අභයයෙනි, සත්ත්‍වයන්ගේ විශුද්ධිය සඳහා ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය සඳහා දුඃඛදෞර්‍මනස්‍යයන්ගේ අස්තඞ්ගමය සඳහා මාර්‍ගයාගේ අධිගමය සඳහා නිර්‍වාණයාගේ ප්‍ර‍ත්‍යක්‍ෂ කරණය සඳහා අනාවරණඥානයෙන් සියල්ල දන්නා වූ සමන්තචක්‍ෂුසින් සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුදධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ තුන් වැදෑරුම් නිර්ජරා විශුද්ධීහු මොනොවට වදාරණ ලදහ.



කවර තුන් දෙනෙක යත්: අභයෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි. ... මොනොවට ගෙණ ශික්‍ෂාපදයෙහි හික්මෙයි. හේ නූතන වූත් කර්‍ම නොකෙරෙයි. පුරාණ වූත් කර්‍ම පුනපුනා විපාක ස්පර්‍ශ කොට විගතානත කෙරෙයි. (තෙල) අකාලික වූ ‘එව, බලව’ යන විධියට යෝග්‍ය වූ උපනයනාර්‍හ වූ නුවණැතියන් විසින් තමා කෙරෙහි එළවා වෙදිතව්‍ය වූ සාන්දෘෂ්ටික නිර්ජරා විශුද්ධියයි.



අභයෙනි, ඒ මහණ මෙ පරිදි සිල් ඇතියේ කාමයන් කෙරෙන් වෙන් ව ම ... චතුර්‍තථධ්‍යානයට සමවැද වෙසෙයි. හේ නූතන වූත් කර්‍ම නො කෙරෙයි. පුරාණ වූත් කර්‍ම විපාක විසින් පුනපුනා ස්පර්‍ශ කොට විගතාන්ත කෙරෙයි. (තෙල) අකාලික වූ ‘එව, බලව’ යන විධියට යෝග්‍ය වූ උපනයනාර්‍හ වූ නුවණැතියන් විසින් තමා කෙරෙහි එළවා වෙදිතව්‍ය වූ සාන්දෘෂ්ටික නිර්ජරා විශුද්ධිය යි.



අභයයෙනි, ඒ මහණ මෙපරිදි සිල් ඇතියේ මෙපරිදි සමාධි ඇතියේ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චෙතොවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ගෙණ උපයා වෙසෙයි. හේ නූතන වූත් කර්‍ම නොකෙරෙයි. පුරාණ වූත් කර්‍ම ස්පර්‍ශ කොට කොට විගතාන්ත කෙරෙයි. (තෙල) අකාලික වූ ‘එව, බලව’ යන විධියට යෝග්‍ය වූ උපනයනාර්‍හ වූ නුවණැතියන් විසින් තමා කෙරෙහි එළවා වෙදිතව්‍ය වූ සාන්දෘෂ්ටික නිර්ජරා විශුද්ධිය යි.



අභයයෙනි, සත්ත්‍වයන්ගේ විශුද්ධිය සඳහා ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය සඳහා දුඃඛදෞර්‍මනස්‍යයන් හතයට යනු සඳහා අර්හත්ත්‍වමාර්‍ගයාගේ අධිගමය සඳහා නිර්‍වාණයාගේ ප්‍රත්‍යක්‍ෂකරණය සඳහා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ තුන් වැදෑරුම් නිර්ජරාවිශුද්ධීහු මොනොවට වදාරණ ලදහ.



මෙසේ වදාළ කල්හි පණ්ඩිතකුමාර ලිච්ඡ්වී අභය ලිච්ඡ්වීහට තෙල කීය:



යහළු අභයයෙනි, කිම, තො ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගේ සුභාෂිතය සුභාෂිත විසින් නො අනුමෙවුනෙහි ද?



යහළුව, කිමෙක, මම ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගේ සුභාෂිතය සුභාෂිත විසින් නොඅනුමෙවුනෙම් වෙම් ද, යමෙක් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ගේ සුභාෂිතය සුභාෂිත විසින් නොඅනුමෙවුනේ වේ නම් ඔහුගේ හිසත් ඇදහෙන්නේය….





5.1.1. ප්‍රථමකඨිනශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 5. නිසැඟිකාණ්ඩය > 1. චීවර වර්ගය



1. එසමයෙහි භාග්‍යවත් බුදුහු විශාලා නගරයේ ගෝතමක චෛත්‍ය ස්ථානයෙහි වැඩ වෙසෙති. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් සිවුරු අනුදන්නා ලද ‍වෙයි. සවග මහණහු “භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් සිවුරු අනුදන්නා ලදැ’යි අනිත් ම තුන් සිවුරකින් ගම් වදිති, අනිත් ම තුන් සිවුරකින් අරමෙහි හිඳිත්, අනිත් ම තුන් සිවුරකින් නහන තොටට බසිත්. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් නම් ඔහු අවඥා කෙරෙති, අගුණ කියති, දොස් පහළ කෙරෙත්: කිසෙයින් නම් සවග මහණහු අයිරා සිවුරු ධරත් දැ” යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ ට මේ පවත් සැළ කළහ ... “සැබෑද මහණෙනි, තෙපි අයිරා සිවුරු ධරවු ලැ? යි. භගවත්හු පුළුවුත්හ. සැබැව භාග්‍යවතුන් වහන්ස” යි ඔහු කීහ. භාග්‍යවත් බුදුහු ගැරහුහ: කිසෙයින් නම් තුච්ඡ පුරුෂයෙනි, තෙපි අයිරා සිවුරු ධරවුද? තුච්ඡ පුරුෂයෙනි, ‍තෙල නො පහනුන්ගේ පහන් බව පිණිස හෝ නො වෙයි ... තව ද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:





7.1.3.2. වස්‌සකාර සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > සත්තක නිපාතය > 3. වජ්‌ජිසත්‌තක වර්ගය



එක්බිති, භාග්‍යවතුන් වහන්සේ වස්සකාර මගධ මහමාත්‍ර‍යා ඇමැතූසේක: බමුණ, මම එක් සමයෙක්හි මේ විසල්පුරයෙහි සාරන්‍දද චෛත්‍ය ස්ථානයේ වසමි. බමුණ එහි දී මම වජ්ජීනට මේ සප්ත අපරිහානිය ධර්‍මය දෙසීමි. බමුණ යම් තාක් මේ සප්ත අපරිහානී ධර්‍මයෝ වජ්ජීන් කෙරෙහි සිටුත් නම්, මේ සප්ත අපරිහානීයධර්‍මයන්හි වජ්ජීහුද පැණෙත් නම්, බ්‍රාහ්මණය, වජ්ජිනට වෘද්ධියම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු යයි….





1.4.9. පජඡුන්නධීතු සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 1. දේවතා සංයුත්‌තය > 4. සතුල්ලපකායික වර්ගය



39. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි පර්ජන්‍ය (වස්සවලාහක) දෙවිහුගේ දුව වූ මනා ඡවිවර්ණ ඇති කොකනදා තොමෝ මුළු මහවනය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියා ය. එකත්පසෙක සිටි පර්ජන්‍යයාගේ දුව වූ කොකනදා තොමෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කිවුය:



මම කොකනදා වෙමි. පර්ජන්‍යයාගේ දුව වූ කොකනදා (නම් වූ මම) විසල්පුර මහවනෙහි වැඩ වසන සත්ත්වයාට අග්‍ර වූ සර්වඥයන් වහන්සේ සකසා වඳිමි.



පසැස් ඇත්තාවූ බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය අවබෝධ කරණ ලද්දේ යයි මාවිසින් පෙර අසන ලද පමණෙක්ම විය. ඒ මම දැන් දහම් දෙසන සුගත් මුනිහුගේ ධර්මය ප්‍රත්‍යක්ෂ ලෙස දනිමි.



නුවණ නැත්තාවූ යම් කිසි කෙනෙක් ආර්ය ධර්මය ගරහමින් හැසිරෙද්ද, ඔහු දරුණුවූ රෞරව නිරයට පැමිණෙත්. බොහෝ කලක් දුක් අනුභව කෙරෙත්.



යම් කෙනෙක් ආර්යධර්මයෙහි ක්ෂාන්තියෙන් හා ව්‍යූපශමයෙන් යුක්ත වූවාහු ද, ඔහු මිනිස්සිරුර හැර පියා දෙව්පිරිස පුරා ලන්නාහ….





1. වේරඤ්ජකාණ්ඩය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 1. වේරඤ්ජකාණ්ඩය



48. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජාවෙහි රිසි තාක් වැස සොරෙය්‍ය, සඞ්කස්ස (Sankissa), කාන්‍යකුබ්ජ (Kannauj)යන නගරයන්ට නො පැමිණ ප්‍රයාගප්‍රතිෂ්ඨානයට (Prayagraj)එළඹි සේක. එළඹ ප්‍රයාගප්‍රතිෂ්ඨානයෙහි දී ගඞ්ගා නදිය තරණය කොට බරණැසට වැඩිසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බරණැස රිසි තාක් වැස විසල්පුර බලා සැරි සරා වැඩි සේක. පිළිවෙළින් සැරි සරණ සේක්, විසල්පුර යම් තැනෙක ද එහි වැඩි සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහාවනයෙහි කූටාගාරශාලාවෙහි වැඩ වෙසෙන සේක….

ශ්‍රාවස්ති නගරය:

ශ්‍රාවස්ති නගරය (Shravasti)හෙවත් සැවැත් නගරය ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පිහිටා ඇත. බුද්ධත්වයෙන් ලැබීමෙන් පසු බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් වාසය කළේ මේ නගරයේයි. 



Shravasti (Sanskrit: श्रावस्ती, IAST: Shrāvasti); Pali: 𑀲𑀸𑀯𑀢𑁆𑀣𑀻, romanized: Sāvatthī) is a town in Shravasti district in Indian State of Uttar Pradesh.



බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර සැවැත් නුවරදී දේශනා කරන ලදී. 



1.3. බ්‍රහ්මචරියකථා

ත්‍රිපිටකය > අභිධර්ම පිටකය > කථාවස්‌තුප්‍රකරණය 1 > 3. බ්‍රහ්මචරියකථා



ප. අනු: සැවැත් නුවරමැ (Shravasti)බඹසරවස් වෙයි, අන් තන්හි බඹසරවස් නැද්ද?….





විනිශ්චිත කථාවස්තු

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 2. පාරාජිකකාණ්ඩය > ප්‍රථමපාරාජිකය



32. එසමයෙහි එක්තරා මහණෙක් සැවැත් නුවර (Shravasti)අන්‍ධවනයෙහි දිවා විහාරයට ගියේ හොත්තේ (නිදා සිටියේ) වෙයි. එක්තරා ගොපලු ස්ත්‍රියක් ඔහු දැක ඔහුගේ අඞ්ගජාතය මත්තෙහි හිඳ ගත්තී ය. ඒ මහණ තෙමේ ප්‍රවේශය ඉවසීය. ප්‍රවිෂ්ටය ඉවසීය. ස්ථිතය ඉවසීය. උද්ධරණය ඉවසීය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය”…..





18.1. මනුස්සලොක කථා

ත්‍රිපිටකය > අභිධර්ම පිටකය > කථාවස්‌තුප්‍රකරණය 3 > 18. අෂ්ටාදශ වර්ගය



ස. අනු: “මහණෙනි, මම එක් කලෙක උක්කට්ඨා නුවර (Kosala Kingdom)සුභගවනයෙහි සාලරාජමූලයෙහි වාස කෙරෙමි”යි කියා ද “මහණෙනි, මම එක් කලෙක අභිසම්බුද්ධ වැ පළමු කොට උරුවෙල් දනවියෙහි අජපල් නුගරුක් මුල වාස කෙරෙමි” යි කියා ද, “මහණෙනි, මම එක් කලෙක රජගහ නුවර වෙළුවනයෙහි කලන්දක නිවාප නම ආරාමයෙහි වාස කෙරෙමි” යි කියා ද, “මහණෙනි, මම එක් කලෙක සැවැත් නුවර (Shravasti)ජෙතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වාස කෙරෙමි” යි කියා ද, “මහණෙනි, මම එක් කලෙක විසාලා මහනුවර මහාවනයෙහි කූටාගාරශාලායෙහි වාස කෙරෙමි” යි කියා ද බුදුන් විසින් වදාරනලද සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?…





7.1.5.6. විත්‍ථතසත්තසඤ්ඤා සූත්‍ර‍ය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > සත්තක නිපාතය > 5. මහායඤ්‌ඤ වර්ගය



මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නගරය (Shravasti)සමීපයහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. මහණෙනි, මේ සත් සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල මහානිසංස ඇත්තාහු අමෘතවගාහ වූවාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇතියාහු වෙත්. කවර සත් දෙනෙක යත්:



අසුභසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූලසඤ්ඤා ය, සබ්බලොකයෙහි අනභිරතසඤ්ඤා ය, අනිච්චසඤ්ඤා ය, අනිච්චයෙහි දුක්ඛසඤ්ඤා ය, දුක්ඛයෙහි අනත්තසඤ්ඤා යි.



මහණෙනි, මෙ සප්ත සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු, මහත්ඵල මහානිශංස ඇතියාහු අමෘතවගාහ වූවාහු අමෘතපර්‍ය්‍යවසාන (නිර්වාණය) වූවාහු වෙතැයි….





3.3. දුට්ඨුල්ලවාචාශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 3. සඞ්ඝාදිසේසකාණ්ඩය



1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත් නුවර (Shravasti)ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වාසය කරණ සේක. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙමේ අරණෙහි වෙසෙයි. ඒ ආයුෂ්මත් උදායී තෙරුන්ගේ විහාරය මනරම් ය. දැකුම්කලු ය. ප්‍රසාද එළවන්නේ ය. එසමයෙහි බොහෝ ස්ත්‍රීහු සෙනස්න බැලියැටි වූවාහු ඒ අරමට පැමිණියාහු ය. ඉක්බිති ඒ ස්ත්‍රීහු ආයුෂ්මත් උදායී තෙරුන් කරා එළඹියාහු ය….





8.1.1. කූට සූත්‍රය(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 8. ඕපම්ම සංයුක්තය > 1. ප්‍රථම වර්ගය


383. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නගරය සමීපයහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.



එහිදී භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, යම් සේ කුළුගෙයක හැම ගොනැස්හුම කූටයෙහි (කැණිමඩලෙහි) පිවිසියාහු කූටයෙහි මුළුදුන්නාහුද කූටය බිඳීමෙන් ඒ හැම විනාශයට යෙත්ද, මහණෙනි, එසෙයින්ම යම් කිසි අකුසල්මුල් කෙනෙක් වෙත්ද, ඒ හැම අවිද්‍යාවෙහි පිවිසියාහු අවිද්‍යාවෙහි මුළුදුන්නාහු වෙත්. අවිද්‍යාව නැසීමෙන් ඒ සියලු අකුශල මූලයෝ විනාශයට යෙති.



එහෙයින් මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු. “අප්‍රමත්ත ව වසන්නමෝ ”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයි….





8.1.3. කුල සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 8. ඕපම්ම සංයුක්තය > 1. ප්‍රථම වර්ගය



385 මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර (Shravasti)සමීපයහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.



මහණෙනි, යම් සේ බොහෝ ස්ත්‍රීන් ඇති අල්ප පුරුෂයන් ඇති යම් කිසි කුලයෝ (පවුල්) වෙද්ද, ඔහු කළයෙහි සැඟවූ පහන් එළියෙන් සොරකම් කරණ කුඹු සොරුන් විසින් සුවසේ වෙහෙසිය හැක්කාහු වෙති. මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණකු විසින් මෙත්තාවේතොවිමුත්තිය (මෛත්‍රී සිත, මෛත්‍රී භාවනාව, මෛත්‍රීධ්‍යානය) නොවඩන ලදද, බහුල නො කරණ ලදද, හෙතෙමේ අමනුෂ්‍යයන් විසින් සුවසේ වෙහෙසිය හෙන්නේ වෙයි.



මහණෙනි, යම් සේ අල්ප ස්ත්‍රීන් ඇති බොහෝ පුරුෂයන් ඇති යම් කිසි කුලයෝ වෙද්ද, ඔහු කුඹු සොරුන් විසින් නො වෙහෙසිය හෙන්නාහු වෙති. මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණකු විසින් මෙත්තාවේතොවිමුත්තිය වඩන ලදද, බහුල කරණ ලදද, හෙතෙමේ අමනුෂ්‍යයන් විසින් නොවෙහෙසිය හෙන්නේ වෙයි.



මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “අප විසින් මෙත්තා වේතොවිමුත්තිය වඩන ලද්දී බහුල කරණ ලද්දී යුක්ත යානයක් මෙන් කරණ ලද්දී ප්‍රතිෂ්ඨාර්ථයෙන් වාස්තුවක් මෙන් කරණ ලද්දී එළඹ සිටියක් කරණ ලද්දී පුරුදු කරණ ලද්දී මැනවින් පිරිපුන් කරණ ලද්දී වන්නී ය” යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයි….





8.1.2. නඛසිඛා සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 8. ඕපම්ම සංයුක්තය > 1. ප්‍රථම වර්ගය 



384. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නගරය (Shravasti)සමීපයහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.



එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිය සිළෙහි (නියපොත්තට) පස් බුඳක් (පස් බිඳක්) නගා භික්ෂූන් ඇමතූ සේක. “මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝද? මා විසින් නියසිළෙහි නගන ලද මේ පස් බිඳද, නොහොත් මේ මහ පොළොව දැ”යි.



වහන්ස, යම් මේ මහපොළවක් වේද, එය ම ඉතා බොහෝය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස් බුඳ ස්වල්පය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බුඳ මහපොළොව හා සැසඳීමෙහි දී ගණනකටද නො පැමිණේ. උපමාවටද නොපැමිණේ. සොළොස්වැනි කලාවෙන් කලාවටද නො පැමිණේ. මහණෙනි, එසෙයින්ම යම් කෙනෙක් මිනිසුන් කෙරෙහි උපදිද්ද, ඒ සත්ත්වයෝ ඉතා අල්පය. වැලි යම් කෙනෙක් මිනිස්ලොවින් අන් තන්හි උපදිත්ද, ඒ සත්ත්වයෝම ඉතා බොහෝය. (මිනිස් ලොවින් චුතවූ යමෙක්, එම මිනිස්ලොව හැරදමා සතර අපායෙහි උපදින්නේද එබඳු සත්ත්‍වයෝ මහපොළවේ පස් මෙන් අති බහුලය යනුයි.) 



එහෙයින් මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු. “නො පමා ව වෙසෙන්නමෝ”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයි…. 





8.1.4. ඔක්‌ඛාසත සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > නිදාන වර්ගය > 8. ඕපම්ම සංයුක්තය > 1. ප්‍රථම වර්ගය



386. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නගරය (Shravasti)සමීපයහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.



මහණෙනි, යමෙක් පෙරවරු මහබත් සැළි සීයක් දන් දෙන්නේද, යමෙක් මද්දහනෙහි මහබත් සැළි සීයක් දන් දෙන්නේද, යමෙක් සවස් කල මහබත් සැළි සීයක් දන් දෙන්නේද, යමෙක් පෙරවරු යටත් පිරිසෙයින් ගෝදෝනා (දෙනගේ තනපුඬු එක් වරක් අදනා) කල් පමණකුදු මෙත් සිත වඩන්නේ ද, යමෙකුත් මද්දහනෙහි යටත් පිරිසෙයින් ගෝදෝනා කල් පමණකුදු මෙත් සිත වඩන්නේද, යමෙක් සවස් වරු යටත් පිරිසෙයින් ගෝදෝනා කල් පමණකුදු මෙත් සිත වඩන්නේද, මෙය ඒ දනට වඩා මහත්ඵලය.



මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “අප විසින් මෙත්තාවේතොවිමුත්තිය (මෛත්‍රී භාවනාව) වඩන ලද්දී බහුල කරණ ලද්දී යානයක් මෙන් කරණ ලද්දී වාස්තුවක් මෙන් කරණ ලද්දී එළඹ සිටියක් මෙන් කරණ ලද්දී පුරුදු කරණ ලද්දී මැනවින් පිරිපුන් කරණ ලද්දී වන්නේය” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයි….





9.1.4.8. දෙවාසුරසඞ්‌ගාම සූත්‍රය(සම්පූර්ණයෙන් දක්වා ඇත)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > නවක නිපාතය > 4. මහා වර්ගය



මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නගරය (Shravasti)සමීපයහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.



මහණෙනි, යටගියදවස වූවක් කියමි: දෙවාසුර සංග්‍රාමයෙක් එළඹ සිටියේ විය. මහණෙනි, ඒ සඞ්ග්‍රාමයෙහි අසුරයෝ දිනූහ, දෙවියෝ පැරදුණහ. මහණෙනි, දෙවියෝ පැරදුණාහු උතුරදිශාභිමුඛ වැ පලාගියාහු ම ය. අසුරයෝ ලුහුබැඳියහ. මහණෙනි, ඉක්බිති දෙවියනට මෙබඳු සිතෙක් විය: අසුරයෝ ලුහුබඳිත් මැ යි, අපි අසුරයන් හා දෙවනවටත් යුද කරමෝ නම් යෙහෙකැ’යි. මහණෙනි, දෙවනවටදු දෙවියෝ අසුරයන් හා යුද වන්හ. මහණෙනි, දෙවනවටදු අසුරයෝ ම දිනූහ, දෙවියෝ පැරදුණහ. පැරදුණාහු ද දෙවියෝ බියපත්ව උත්තරාභිමුඛව පැන ගියහ. අසුරයෝ ලුහුබැඳියහ.



මහණෙනි, එකල්හි දෙවියනට මෙබඳු සිතෙක් විය: අසුරයෝ ලුහුබඳනාහු මැ යි, තෙවනවටදු අසුරයන් හා යුද කරමෝ නම් යෙහෙකැ’යි. මහණෙනි, තෙවනවටදු දෙවියෝ අසුරයන් හා සමග යුද වන්හ. මහණෙනි, තෙවනවටත් අසුරයෝ ම දිනූහ. දෙවියෝ පැරදුණාහ. මහණෙනි, පැරදුණාහු ද දෙවියෝ භීතව දෙවපුරයට ම වන්හ.



මහණෙනි, දෙව්පුරයට ගිය දෙවියනට ද තෙල සිත විය: ‘භීරුත්‍රාණයට (භය නැති තැනට) ගිය සිතින් අපි දැන් වාසය කරම්හ. අසුරයන් විසින් අකරණීය යම්හ (කිසිත් නොකළ යුත්තම්හ) යි. මහණෙනි, අසුරයනට ද තෙල සිත විය: දැන් දෙවියෝ භීරුත්‍රාණයට ගිය සිතින් වාස කරත්. අප විසින් අකරණීය (කිසිවක් නොකළ යුත්තාහ) වෙති යි.



මහණෙනි, පෙර වූවක් කියමි: දෙවාසුර සඞ්ග්‍රාමයෙක් එළැඹ සිටියේ ය, මහණෙනි, ඒ සඞ්ග්‍රාමයෙහි දෙවියෝ දිනූහ, අසුරයෝ පැරදුණහ. මහණෙනි, පැරදුනු අසුරයෝ දක්ෂිණාභිමුඛ වූවාහු පලාගියාහු ම ය. දෙවියෝ ලුහුබැඳියහ; මහණෙනි, එකල්හි අසුරයනට තෙල සිත විය: “දෙවියෝ ලුහුබඳිත්මැ”යි. “අපි දෙවියන් හා සමඟ දෙවනවටදු යුදවදනමෝ නම් යෙහෙකැ”යි. මහණෙනි, දෙවනවටත් දෙවියන් හා යුද වන්හ. මහණෙනි, දෙවනවටත් දෙවියෝ ම දිනූහ, අසුරයෝ පැරදුණහ. මහණෙනි, පැරදුණා වූ අසුරයෝ දක්ෂිණාභිමුඛ ව පැන ගියාහු ම ය. දෙවියෝ ලුහුබැඳියහ. මහණෙනි, එකල්හි අසුරයනට තෙල සිත විය: “දෙවියෝ ලුහුබඳිත්මැයි, අපි තෙවනවටදු දෙවියන් හා යුද වදිමුනම් යෙහෙකැ”යි. මහණෙනි, තෙවනවටත් අසුරයෝ දෙවියන් හා යුදවන්හ. මහණෙනි, තෙවනවටත් දෙවියෝ දිනූහ, අසුරයෝ පැරදුණහ. මහණෙනි, අසුරයෝ පැරදුණාහු ම බියපත් ව අසුරපුරයට ම වන්හ. මහණෙනි, අසුරපුරයට ගියා වූ අසුරයනට තෙල සිත විය: දැන් වනාහි අපි භීරුත්‍රාණගත වූ සිතින් වාසය කරමු. දෙවියන් විසින් අකරණීය යම්හ”යි. මහණෙනි, දෙවියනට තෙල සිත විය: මෙකල්හි අසුරයෝ භීරුත්‍රාණගත සිතින් වාසය කරත්. අප විසින් අකරණීය වෙත්”යි.



මහණෙනි, එ පරිදි ම යම් සමයෙක්හි මහණ කාමයන්ගෙන් වෙන්ව ම … ප්‍රථමධ්‍යානයට එළැඹ වාස කරයි ද, මහණෙනි, එකල්හි මහණහට මෙබඳු සිතෙක් වෙයි: මෙකල්හි මම් භීරුත්‍රාණගත චිත්තයෙන් වාසය කරමි. මාරයා විසින් අකරණීය වෙමි’යි.



මහණෙනි, පාපී මාරයාහට ද තෙල සිත වෙයි, දැන් මෙ සමයෙහි මහණ භීරුත්‍රාණගත චිත්තයෙන් වාස කරන්නේ ය, මා විසින් අකරණීය වෙයි.



මහණෙනි, යම් සමයෙක්හි මහණ විතර්ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් ද්විතීය ධ්‍යානයට … තෘතීය ධ්‍යානයට … චතුර්ථධ්‍යානයට … එළැඹ වෙසෙයි ද, මහණෙනි, එසමයෙහි මහණහට මෙබඳු සිතෙක් වෙයි: දැන් මෙසෙමෙහි මම් භීරුත්‍රාණගත චිත්තයෙන් වාස කරමි. මාරයා විසින් අකරණීය වෙමි”යි. මහණෙනි, මාරහට ද මෙබ ඳු සිතෙක් වෙයි: දැන් මෙ සෙමෙහි මහණ භීරුත්‍රාණගත චිත්තයෙන් වාස කරයි. මා විසින් අකරණීය වෙයි.



මහණෙනි, යම් කලෙක මහණ සර්වථායෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්වසංඥාවන්ගේ අමනසිකාරයෙන් “ආකාසය අනන්ත”යි ආකාසානඤ්චායතනයට එළැඹ වාස කරයි, මහණෙනි, මෙ මහණ මරහු අන්ත කෙළේ යි ද මාරචක්ෂුස නිරවශේෂ කොට වනසා පාපිමත්හුගේ අදර්‍ශනයට ගියේයි ද කියනු ලැබේ.



මහණෙනි, යම් සමයෙක්හි මහණ සර්‍වථායෙන් ආකාසානඤ්චායනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත’යි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වාස කරයි … සර්වථායෙන් විඤ්ඤාණඤ්චායතනයට ඉක්මැ ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනට එළැඹ වාස කරයි ද … සර්වථායෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාස කරයි … සර්වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරොධයට එළැඹ වාස කරයි, ප්‍රඥායෙනුදු දැක ඔහුගේ ආස්‍රවයෝ පරික්ෂීණ වෙත්. මහණෙනි, මේ මහණ මාරයා අන්ත කෙළේ යයි ද මාරචක්ෂුස නිරවශෙෂ කොට නසා පාපිමත්හුගේ අදර්‍ශනයට ගියේ ලොකයෙහි විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කෙළේ යයි ද කියනු ලැබේ.



8. විපර්‍ය්‍යාසකථා(සම්පූර්ණ සූත්‍රය)

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > පටිසම්භිදාමග්ගප්පකරණ > මහා වර්ගය > 8. විපල්ලාසකථා 



සැවැත් නිදාන යි ... මහණෙනි, මොහු සතරදෙන සංඥාවිපර්‍ය්‍යාසයෝ යැ චිත්තවිපර්‍ය්‍යාසයෝ යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ යි, කවර සතරදෙනෙකැ යත්: මහණෙනි, අනිත්‍ය (වස්තු) යෙහි නිත්‍ය යැ යන සංඥාව සංඥාවිපර්‍ය්‍යාස යැ චිත්ත විපර්‍ය්‍යාස යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි. මහණෙනි, දුඃඛයෙහි සුඛ යැ යනු සංඥාවිපර්‍ය්‍යාස යැ චිත්තවිපර්‍ය්‍යාස යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි. මහණෙනි, අනාත්මයෙහි ආත්ම යැ යනු සංඥාවිපර්‍ය්‍යාස යැ චිත්තවිපර්‍ය්‍යාස යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි. මහණෙනි, අශුභයෙහි ශුභ යැ යනු සංඥාවිපර්‍ය්‍යාස යැ චිත්තවිපර්‍ය්‍යාස යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි. මහණෙනි, මොහු සතරදෙන සංඥාවිපර්‍ය්‍යාසයෝ යැ චිත්තවිපර්‍ය්‍යාසයෝ යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ යි.



මහණෙනි, මොහු සතරදෙන සංඥාවිපර්‍ය්‍යාසයෝ නො වෙති, චිත්තවිපර්‍ය්‍යාසයෝ නො වෙති, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ නො වෙත්. කවර සතරදෙනෙකැ යත්: මහණෙනි, අනිත්‍යයෙහි අනිත්‍ය යැ යනු සංඥාවිපර්‍ය්‍යාස නො වෙයි, චිත්තවිපර්‍ය්‍යාස නො වෙයි, දෘෂ්ටිවිපර්‍ය්‍යාස නො වේ. මහණෙනි, දුඃඛයෙහි දුඃඛ යැ යනු සංඥාවිපර්‍ය්‍යාස නො වෙයි, චිත්තවිපර්‍ය්‍යාස නො වෙයි, දෘෂ්ටිවිපර්‍ය්‍යාස නො වේ. මහණෙනි, අනාත්මයෙහි අනාත්ම යැ යනු සංඥාවිපර්‍ය්‍යාස නො වෙයි, චිත්තවිපර්‍ය්‍යාස නො වෙයි, දෘෂ්ටිවිපර්‍ය්‍යාස නො වේ. මහණෙනි, අශුභයෙහි අශුභ යැ යනු සංඥාවිපර්‍ය්‍යාස නො වෙයි, චිත්තවිපර්‍ය්‍යාස නො වෙයි, දෘෂ්ටිවිපර්‍ය්‍යාස නො වේ. මහණෙනි, මොහු සතරදෙන සංඥාවිපර්‍ය්‍යාසයෝ නො වෙති, චිත්තවිපර්‍ය්‍යාසයෝ නො වෙති, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ නො වෙත්.



(1) අනිත්‍යයෙහි නිත්‍ය යැ යන සංඥා ඇති දුඃඛයෙහි දු සුඛසංඥා ඇති අනාත්මයෙහි දු ආත්ම යැ යන සංඥා ඇති අශුභයෙහි දු ශුභසංඥා ඇති මිසදිටුයෙන් මඩනාලද භ්‍රාන්ත වූ සිත් ඇති විපරීතසංඥා ඇති යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද,



(2) ඒ සත්ත්‍වයෝ යෝගක්‍ෂෙම සඞ්ඛ්‍යාත නිවනට නො පැමිණියාහු මාරයාගේ යෝගයෙහි යෙදුණාහු වෙති. එ මැ සත්ත්‍වයෝ සසර සැරිසරති, (ඔහු) ජාතිමරණයට පැමිණියාහු ද එහෙයිනි.



(3) යම් කලෙක ප්‍රඥාලෝකය කරන්නා වූ සර්‍වඥ බුදුවරයෝ ලොවැ උපදිත් ද ඒ බුදුවරයෝ දුක්ඛූපසම සඞ්ඛ්‍යාත නීවනට යන මේ දහම ප්‍රකාශ කෙරෙත්.



(4) සප්‍රාඥ වූ ජනයෝ ඒ බුදුවරයන්ගේ දහම අසා ස්වචිත්තය ලැබ අනිත්‍යය අනිත්‍ය හෙයින් දුටුවාහු යැ. දුඃඛය දුක් හෙයින් දුටුවාහු යැ.



(5) අනාත්මයෙහි අනාත්ම යැ යි දුටුවාහු යැ අශුභය අශුභ හෙයින් දුටුවාහු යැ සමාදන් කළ සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සියලු වර්‍තදුඃඛය ඉක්මවූවාහු යයි.



මේ සතර විපර්‍ය්‍යාසයෝ දෘෂ්ටිසම්පන්න (සෝවන්) පුද්ගලයාහට ප්‍රහීණ වූවාහු ද අප්‍රහීණ වූවාහු ද යත්: කිසි විපර්‍ය්‍යාස කෙනෙක් ප්‍රහීණයහ. කිසි විපර්‍ය්‍යාස කෙනෙක් අප්‍රහීණයහ. අනිත්‍යයෙහි නිත්‍ය යැ යන සංඥාවිපර්‍ය්‍යාසය චිත්තවිපර්‍ය්‍යාසය දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, දුඃඛයෙහි සුඛ යැ යන සංඥාව උපදී, චිත්තය උපදී. දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, අනාත්මයෙහි අනාත්ම යැ යන සංඥාවිපර්‍ය්‍යාසය චිත්තවිපර්‍ය්‍යාසය දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, අශුභයෙහි ශුභ යැ යන සංඥාව උපදී, චිත්තය උපදී. දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යි.



(අනිත්‍යයෙහි නිත්‍ය යැ අනාත්මයෙහි ආත්ම යැ යන) දෙවත්හි විපර්‍ය්‍යාසයයෝ සදෙනෙක් ප්‍රහීණයහ. (දුඃඛයෙහි සුඛ යැ අශුභයෙහි ශුභ යැ යන) දෙවත්හි විපර්‍ය්‍යාසයයෝ දෙදෙනෙක් ප්‍රහීණයහ, විපර්‍ය්‍යාසයයෝ සතර දෙනෙක් අප්‍රහීණයහ. සතර වත්හි විපර්‍ය්‍යාසයයෝ අට දෙනෙක් ප්‍රහීණයහ. විපර්‍ය්‍යාසයෝ සතර දෙනෙක් අප්‍රහීණයෝ යි.



කුසිනගර් නගරය:

ඉන්දියාවේ වර්තමානයේදී කුසිනගර් ලෙස හැඳින්වෙන කුසිනාරා නුවර ගැන ත්‍රිපිටකයේ සඳහන්වන තැන් කිහිපයක්:



කුසිනගර් ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ පිහිටා ඇත.



Kushinagar (Pali: Kusinārā; Sanskrit: Kuśinagara) is a town in the Kushinagar district in Uttar Pradesh, India. Located 53 kilometres (33 miles) east of Gorakhpur on National Highway 27. During the medieval period, Kushinagar was under the suzerainty of Kalachuri kings. The city was largely abandoned after the Islamic invasions of the 12th century, although the region was ruled over by a Rajput king named Madan Singh in the 15th century.



6. භේසජ්ජක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 6. භේසජ්‌ජක්‌ඛන්‌ධකය



46. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කෙණිය ජටිලයාට මේ ගාථාවන් ගෙන් අනුමොදනා කොට හුනස්නෙන් නැගිට වැඩි සේක. නැවත භාග්‍යවතුන් වහන්සේ එක්දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග ආපණයෙහි කැමැති තාක් කල් වාසය කොට කුසිනාරාව බලා චාරිකාවෙහි වැඩි සේක….





534. දබ්බ ස්ථවිරාවදානය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > අපදාන පාලි - භික්ඛූ අපදාන 2 > 54. කච්‌චායන වර්ගය



5803. මම මල්ල රට කුසිනාරායෙහි (Kushinagar)උපන්මි. මා ගැබැවත්ම මවු මළා ය. ඈ චිතකයට නංවන ලදු. එයින් මම ගිලිහී වැටුනෙමි….





ධාතුභාජනීය කථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > බුද්ධවංස පාළි > ධාතුභාජනීයකථා



1. ශීලාදිගුණයෙන් මහත් වූ ගෞතම නම් සර්‍වඥයන් වහන්සේ කුසිනාරා නගරයෙහි පිරිනිවියහ. උන් වහන්සේගේ ධාතූන් වහන්සේ ඒ ඒ පෙදෙස්හි පතළාහ….





18.1. මනුස්සලොක කථා

ත්‍රිපිටකය > අභිධර්ම පිටකය > කථාවස්‌තුප්‍රකරණය 3 > 18. අෂ්ටාදශ වර්ගය



ස. අනු: බුදුහු ලුම්බිනී සල්වෙනෙහි උපන්නාහු නො වේ ද? බොධිමූලයෙහි අභිසම්බුද්ධ වූවාහු නොවේද, බරණැස දී බුදුන් විසින් දම්සක් පවත්වන ලද නොවේද, චාපාල චෛත්‍යයෙහි දී ආයුසංස්කාර හරන ලද නොවේද, බුදුහු කුසිනාරායෙහි දී පිරිනිවියාහු නොවේද? 

ප. පටිඤ්‍ඤා: එසේයැ.



ස. ඨ: ඉදින් බුදුහු ලුම්බිනියෙහි උපන්නාහු නම් … බුදුහු කුසිනාරායෙහි පිරිනිවියාහු නම්,



ස. පා: භවත, එකරුණින් ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි කියැයුතු මැ යැ.



3. ස. පු: ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි නො කියැයුතු වේ ද?



ප. පටිඤ්‍ඤා: එසේ යැ.



ස. අනු: “මහණෙනි, මම එක් කලෙක උක්කට්ඨා නුවර සුභගවනයෙහි සාලරාජමූලයෙහි වාස කෙරෙමි”යි කියා ද “මහණෙනි, මම එක් කලෙක අභිසම්බුද්ධ වැ පළමු කොට උරුවෙල් දනවියෙහි අජපල් නුගරුක් මුල වාස කෙරෙමි” යි කියා ද, “මහණෙනි, මම එක් කලෙක රජගහ නුවර වෙළුවනයෙහි කලන්දක නිවාප නම ආරාමයෙහි වාස කෙරෙමි” යි කියා ද, “මහණෙනි, මම එක් කලෙක සැවැත් නුවර ජෙතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වාස කෙරෙමි” යි කියා ද, “මහණෙනි, මම එක් කලෙක විසාලා මහනුවර මහාවනයෙහි කූටාගාරශාලායෙහි වාස කෙරෙමි” යි කියා ද බුදුන් විසින් වදාරනලද සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?



ප. පටිඤ්‍ඤා: එසේ යැ….





3.1.3 කින්ති සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > මජ්‌ඣිම නිකාය > උපරි පන්නාසකය > 1. දේවදහ වර්ගය



මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නම් ජනවියෙහි (භූතයනට බිලි එළවනුයෙන්) බලිහරණ නම් වනළැව්හි වැඩ වසනසේක. එතන්හි දී භාග්‍යවත්හු ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූහ. ‘වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළහ….





සංගීති නිදානය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 11. පඤ්‌චසතිකක්‌ඛන්‌ධකය



1. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක. ඇවැත්නි, මම එක් සමයෙක පන්සියයක් පමණ භික්‍ෂූන් ඇති මහත් භික්‍ෂූ සඞ්ඝයා සමග පාවා නුවරින් කුසිනාරා නුවර කරා දීර්ඝ මාර්ගයට පිළිපන්නෙමි. ඇවැත්නි, ඉක්බිති මම මඟින් ඉවත් ව එක්තරා රුක් මුලෙක හුන්නෙමි. එසමයෙහි එක්තරා ආජීවකයෙක් මදාරා මලක් ගෙන කුසිනාරා නුවර සිට පාවා නුවර කරා දීර්‍ඝ මාර්ගයට පිළිපන්නේ ය. ඇවැත්නි, මම එන්නා වූ ඒ ආජීවකයා දුරදීම දුටිමි. දැක ඒ ආජීවකයාට මෙය කීමි. ඇවැත්නි, අපගේ ශාස්තෘන් වහන්සේ දන්නෙහි දැයි. එසේය. ඇවැත්නි, දනිමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිනිවී අදට සත් දවසෙකි. මා විසින් මේ මඳාරාමල එතැනින් ගන්නා ලදැයි….





4. 2. උද්‌ධත සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > උදානපාළි > 4. මෙඝිය වර්ගය



1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර සමීපයේ මල්ල රජුන්ගේ උපවර්‍තන නම් සල්වෙනෙහි වැඩ වසන සේක. එ සමයෙහි බොහෝ භික්‍ෂූහු නොසංහුන් වූවෝ, ඔසොවා ගත් මාන නළ ඇත්තෝ, පාසිවුරු සැරැසීම් ආදි වූ චපල බැවින් යුත් වූවෝ, පරොස් බස් ඇත්තෝ, (තිරිසන් කථා බහුල බැවින්) ව්‍යාකූල කථා ඇත්තෝ, මුළා සිහි ඇත්තෝ, සම්පජඤ්ඤ රහිතයෝ, අසමාහිතයෝ, විභ්‍රාන්ත සිතැත්තෝ, අසංයත ඉන්‍ද්‍රිය ඇත්තෝ, භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි අරණ්‍යකුටිකායෙක වෙසෙත්….





වස්තුගාථා

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > සුත්ත නිපාතය > 5. පාරායන වර්ගය



1016. කෝසම්බි නුවරටද (Kaushambi district)වැලිත් සාකේත නගරයට (Saketa)ද උතුම් සැවැත් නුවරටද සෙතව්‍ය නගරයටද කපිලවත්‍ථු පුරයටද කුසිනාරා නගරයටද….





3. මහාපරිනිර්වාණ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > මහා වර්ගය > 3. මහාපරිනිර්වාණ සූත්‍රය



102. එ සමයෙහි කුසිනාරාවාසී මල්ලයෝ කිසි කරුණෙකින් සන්ථාගාරයෙහි (කාරණාකාරණ විචාරණ පිණිස රැස් වන හලෙහි) කැටි වූවාහු වෙත්. එකලැ අනඳ තෙරණුවෝ කුසිනාරා වැසි මල්ලයන්ගේ සන්ථානාගාරය වෙත වැඩියාහ. වැඩ, “වාසිෂ්ටයෙනි, අද රෑ පැසිම් යම්හි තථාගතයන් වහන්සේගේ පිරිනිවන වන්නේය. වාසිෂ්ටයෙනි, නික්මැ යවු. වාසිෂ්ටයෙනි, නික්මැ යවු. ‘අප ගම්කෙතැ තථාගතයන් වහන්සේගේ පිරිනිවන වීය. අපි පැසීම් සමයෙහි තථාගතයන් වහන්සේ දක්නට නො ලදුම්හ’ යි පසු වැ විපිළිසර ඇතියෝ නොවවු” යි කුසිනාරා වැසි මල්ලයනට සැළ කළහ….





6.2.5. පරිනිබ්බාණ සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > සංයුත්‌ත නිකාය > සගාථා වර්ගය > 6. බ්‍රහ්‌ම සංයුත්‌තය > 2. පරිනිබ්බාණ වර්ගය



186. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් සමයෙහි කුසිනාරානුවර උපවත්තන නම් වූ මල්ල රජුන්ගේ සල් උයනෙහි සල් ගස් යුවල අතරෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, දැන් වනාහි තොප අමතමි. සංස්කාරයෝ නැසෙන සුල්ලහ. අප්‍රමාදයෙන් සම්පාදනය කරව්. මෙය තථාගතයන් වහන්සේගේ අන්තිම වචනයයි….





10.1.5.4. කුසිනාර සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > අඞ්‌ගුත්‌තර නිකාය > දසක නිපාතය > 5. අක්‌කෝස වර්ගය



එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරායෙහි බලිහරණ නම් වන ලැහැබ්හි වාසය කරනසේක.එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. වහන්සැයි ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ….





8. 5. චුන්‌ද සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > උදානපාළි > 8. පාටලිගාමිය වර්ගය



8. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා, ‘අනඳ යෙනි, එව, යමු. කුසිනාරාව කරා එළැඹෙන්නෙමු’යි වදාළ සේක. ‘එසේය, වහන්සැ’යි කියා ම ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ….





4. මහාසුදස්සන සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > මහා වර්ගය > 4. මහාසුදස්සන සූත්‍රය



1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක පිරිනිවන් සමයෙහි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර සමීපයෙහි වූ මල්ල රජුන්ගේ උපවර්තන නම් සල් වෙනෙහි යමා සල්‍ රුක් අතරැ වැඩ වසන සේක….



නිගමනය:



පර්යේෂණ අවසාන නිගමනය – ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ උපත ලබන ලදී. එහෙත් අපට උන්වහන්සේ ඇමරිකන් ජාතිකයෙක් වුවද, රුසියන් ජාතිකයෙක් වුවද, නේපාල ජාතිකයෙක් වුවද, චීන ජාතිකයෙක්, බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වුවද කමක් නැත. මක්නිසාද යත්, අප බුද්ධිමත් බැවිනි. 



ධර්මයට අගෞරව කරන්නෝ, මුනිවරුන්ට අපහාස කරන්නෝ, ධර්මය විකෘති කරන්නෝ මෙලොවදීම පිළිකා රෝගීහූ වෙති. මරණින් මතු අපායේ උපදිති.



{බුදුරජාණන් වහන්සේගේ ධර්මයට විරුද්ධ අන්‍යාගමික සතුරෝ විසින් ප්‍රථමයෙන් බුදුරජාණන් වහන්සේ උපන් තැන ඉන්දියාව නොවන බවත්, එය වැරදි බවත් කීවේය. දෙවෙනියට අන්‍යාගමික සතුරන් විසින් බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය දැක්වෙන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයත් එම ධර්මය සඳහන් ත්‍රිපිටකයත් ප්‍රතික්ෂේප කරන්නේය. තුන්වෙනියට බුදුරජාණන් වහන්සේ විසින් සොයාගත් එම විශ්ව ධර්මතාවයන් ලියා ඇති අභිධර්ම පිටකය, සූත්‍ර පිටකය, විනය පිටකය ලෝකයෙන් සම්පූර්ණයෙන් අතුරුදහන් වන්නේය. මෙසේ සියල්ල දන්නා, සියල්ල දක්නා බුදුරජාණන් වහන්සේට විරුද්ධ සතුරෝ ජයග්‍රහණය කරන්නේය. ධර්මය අතුරුදහන් කරවීමෙන් ඔවුන් ජය පැන් බොන්නේය.}



(ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති යම් යම් පරිවර්තන දෝෂ හේතුවෙන් බොහෝ දෙනා අතර මිත්‍යා මත ඇතිවී තිබෙනු දැකිය හැකිය. බණ කියන ඇතැම් භික්ෂුන් වහන්සේලාද ධර්ම කරුණු වැරදි ලෙස හෝ අසම්පූර්ණ ලෙස ප්‍රකාශ කරන බැවින් බොහෝ මිනිසුන් වැරදි අදහස් වලට පැමිණෙති. එක් සුළු අතපසු වීමකින් පවා ධර්මයේ අර්ථයන් විකෘති වන්නේය. බොහෝ මිනිසුන්ට නිවැරදිව අර්ථ අවබෝධ කිරීමේ ශක්තිය නැත. බොහෝ මිනිසුන්ට උසස් ප්‍රඥාව සඳහා කර්ම නැත. මේ එයට හේතුයි. ඒ මිනිසුන් විසින් උසස් ධර්ම අවබෝධය අනාගතයේ හෝ ඇති කරගැනීමට පුණ්‍ය කර්ම ප්‍රඥාව ඉලක්ක කරමින් කළ යුතුය.)





දැන ගත යුතු කරුණක්: 



මම ධර්මය පාලනය කරමි” යැයි මෙසේ සිතීමට මහණවූ අයෙක්ට, භික්ෂුවකට හැකිද? එසේ කළ නොහැක.



මහණවූ අයෙක් විසින් ධර්මය පිළිපදින්නේ නැතිනම් ඔහු හැදින්වීමට සුදුසු වචනයක් වන්නේ කුමක්ද? චීවරධාරියා යන වචනයයි. මෙහි අර්ථය “සිවුරක් දරාගෙන සිටින පුද්ගලයා” යන්නයි.



සංඝයා යනු කවුරුන්ද? අශ්ට ආර්ය පුද්ගලයෝවේ. මේ පිළිබඳ සංඝයාගේ ගුණයන් දැක්වෙන ගාථාවේ දක්වා ඇත. (එනම් සෝවාන් ආදී ලෝකෝත්තර මාර්ග ඵල සතර ලබාගැනීමේ අරමුණින් ධර්ම ප්‍රතිපත්ති පුරන පුද්ගලයින් 4 දෙනා සහ එම මාර්ග ඵල ලබාගත් පුද්ගලයින් 4 දෙනා, සංඝරත්‍නය යනු මේ පුද්ගලයෝ අට දෙනායි.)



භික්ෂූන් වහන්සේලා මෙන් පෙනී සිටින ව්‍යාජ චීවරධාරීන් ආර්ය සංඝයා යන සංඛ්‍යාවට යේද? නැත.



මේ සඳහා උදාහරණ ත්‍රිපිටකය තුළ විවිධ තැන් වල ඇත. බුදුරජාණන් වහන්සේ විසින්ම එය ප්‍රකාශ කරන තැනක් මෙහි අපි ඔබට දක්වමු.



ධර්ම විනයෙහි ආශ්චර්ය ධර්මයෝ අට

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 9. පාතිමොක්‌ඛට්‌ඨපන‌ඛන්‌ධකය



4. මහණෙනි, මහමුහුද යම්සේ මළකුණු හා එක්ව නොවෙසේද, මහමුහුද යම් මළකුණෙක් වේ නම්, එය වහා තීරයට පමුණුවාද, ගොඩට ඔසොවා දමාද, මහණෙනි, එසේම පාප ස්වභාව ඇති, අපිරිසිදු වූ සැකයෙන් සිහි කටයුතු හැසුරුම් ඇති, සැඟැවුණ ක්‍රියා ඇති (මම) මහණවූ අයෙක් වෙමියි ප්‍රතිඥා කරන නොමහණෙක්වූ, ඇතුළත කුණුවූ, කෙලෙසුන්ගෙන් තෙත්වූ හටගත් කෙලෙස් කසළ ඇති, යම් දුශ්ශීලයෙක් වේද, සංඝයා ඔහු හා එක්ව නොවසයි. ඔහු සඟමැද උන්නත් සංඝයා රැස්ව වහාම ඔහු ඔසොවා දමයි. තවද ඔහු සංඝයාගෙන් ඈත්හිමවේ. සඞ්ඝයාද ඔහු ගෙන් ඈත්හිවේ... මහණෙනි, මේ.... මේ සස්නෙහි තුන් වන ආශ්චර්ය අද්භූත ධර්මය වේ….





ගිහියෙක්ට වැරදි කරන භික්ෂුවක්ට අවවාද දීමට හැකිද? එසේ කිරීමේ වරදක් නැත. වර්තමාන භික්ෂූන් මුනිවරුන්ට නොව වඩාත් සමාන වන්නේ රජවරුන්ටය. කුමක් නිසාද යත් රජවරුන් මෙන් ආධිපත්‍ය අනෙක් පැවිද්දන් මත සහ ගිහියන් මත එම භික්ෂූන් පතුරවන බැවිනි. තවද අනුන්ට ඉරිසියා කිරීම අතින් ස්ත්‍රීන්ට සමාන වෙයි. එබඳු භික්ෂුන් කෙරෙහි කරුණාවෙන් ගිහියන් පෞද්ගලිකව ඔවුන්ට අවවාද දීම සුදුසුය. එයට සමාන කරුණු කිහිපයක් ත්‍රිපිටකයෙන් ගෙන ඔබට පෙන්වමි. 





(විශාකා ගිහි උපාසිකාව විසින් භික්ෂූන්ට දොස් කී අවස්ථාවක්.)



3. වස්සූපනායිකක්ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > මහාවග්‌ගපාළිය > 3. වස්‌සූපනායිකක්‌ඛන්‌ධකය



36. එකල්හි භික්‍ෂූහු සැළියෙහි වස් එළැඹෙත්. මිනිස්සු (මොවුන්) “තීර්‍ත්‍ථකයන් සේය” යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, සැළියෙහි වස් නොඑළැඹිය යුතුය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළා අ‍ැවැත්වේ.”



37. එකල්හි සැවැත් නුවරදී සඞ්ඝයා විසින් “වස ඇතුළත පැවිදි නොකළ යුතුය” යි කතිකාවක් කරණ ලද්දීය. මිගාරමාතු වූ විශාඛාවගේ මුනුබුරෙක් භික්‍ෂූන් කරා එළඹ පැවිද්ද ඉල්ලීය. භික්‍ෂූහු ‘ඇවැත්නි, ‘වස ඇතුළත පැවිදි නොකළ යුතුය.’ යි සඞ්ඝයා විසින් කතිකාවක් කරණ ලද්දීය. ඇවැත්නි, භික්‍ෂූහු යම් තාක් වස් වැස නිමවත්ද ඒ තාක් බලාපොරොත්තු වෙව, වස් වැස නිම කළාහු පැවිදි කරන්නාහු” යි මෙසේ කීහ.



38. ඉක්බිති ඒ භික්‍ෂූහු වස් වැස නිම කළාහු මිගාර මාතු වූ විශාඛාවගේ මුණුබුරාට “ඇවැත්නි, දැන් එව, පැවිදි වෙව” යි කීහ. හෙතෙමේ “ස්වාමීනි, මම පැවිදි වූයේ වීම් නම්, මම (සසුනෙහි) සිත් අලවා වසන්නෙමි. ‘ස්වාමීනි, මම දැන් පැවිදි නොවන්නෙමි’ යි මෙසේ කීයේය. මිගාරමාතෘ වූ විශාඛා තොමෝ ‘පින්වතුන් වහන්සේලා කෙසේ නම් වස ඇතුළතදී පැවිදි නොකටයුතුය’ යි මෙබඳු කතිකාවක් කරත්ද? “කිනම් කලෙක ධර්‍මය තෙමේ නොහැසිරිය යුතුදැ?’ යි අවමන් කරයි. නින්දා කරයි. දොස් කියයි.



39. භික්‍ෂූහු අවමන් කරණ නින්දා කරණ දොස් කියන මිගාර මාතෘවූ විශාඛාවගේ ඒ කතාව ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ‘වස ඇතුළත දී පැවිදි නො කට යුතුය’ යි මෙබඳු කතිකා නො කට යුතු ය. යමෙක් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ…. (ත්‍රිපිටකයේ මේ කොටසින් අනාවරණය වන පැහැදිලිම කරුණ වන්නේ භික්ෂුන් වහන්සේලාට ධර්මයට ඉහළින් බලයක් නොමැති බවත්, භික්ෂුන් වහන්සේලා සිටින්නේ ධර්මයට පහළින් බවත්, ධර්මය පිළිබඳ කිසිම ආකාරයක සර්ව බලධාරීත්වයක් භික්ෂූන් වහන්සේලාට නොමැති බවත්ය.)





(බුදුරජාණන් වහන්සේ වැරදි වැඩක් කළ භික්ෂුන් වහන්සේ කෙනෙකුට ගිහියෙකුගෙන් සමාව ගන්න යැයි කියූ අවස්ථාවක්.)



4. පටිසාරණීයකර්මය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 1. කම්‌මක්‌ඛන්‌ධකය



4. පටිසාරණීයකර්මය


1. එසමයෙහි ආයුෂ්මත් සුධර්‍ම නම් ස්ථවිර තෙම මච්ජිකාසණ්ඩ නම් නුවර චිතත නම් ගැහැවිහුගේ ආවාසයෙහි වසන්නේ නවකම්හි යෙදුනේ නිති බත් ලබන්නේවේ. යම් කලෙක චිත්ත ගැහැවි තෙම සඞ්ඝයා හෝ ගණයා හෝ පුද්ගලයකු හෝ පවරණු කැමැති වේද, එකල්හි ආයුෂ්මත් සුධර්‍ම ස්ථවිරයන් නොවිචාරා සංඝයා හෝ ගණයා හෝ පුද්ගලයකු හෝ නොපවරයි. නොකැඳවයි (නොඅමතයි).



2. එ සමයෙහි බොහෝ ස්ථවිර භික්‍ෂූහු (එ නම්) – ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරණුවෝද, ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝද, ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝද, ආයුෂ්මත් මහාචුන්ද තෙරණුවෝද, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝද, ආයුෂ්මත් රෙවත තෙරණුවෝද, ආයුෂ්මත් උපාලි තෙරණුවෝද, ආයුෂ්මත් අනඳ තෙරණුවෝද, ආයුෂ්මත් රාහුල තෙරණුවෝද කසීරට සැරි සරන්නාහු මච්ජිකාසණ්ඩ නම් නුවරට පැමිණියහ.



3. චිත්ත ගෘහපති තෙමේ ‘ස්ථවිරභික්‍ෂූහු මච්ජිකසණ්ඩනගරයට පැමිණියාහු ලැ’ යි ඇසීය. ඉක්බිති චිත්ත ගෘහපති තෙමේ ස්ථවිර භික්‍ෂූන් කරා එළැඹියේ ය. එළැඹ ඔවුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් චිත්ත ගෘහපතිහට ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ දැහැමි කථායෙන් කරුණු දැක්වුහ. කුශලධර්‍මයෙහි සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. (කුසල් දහම් වැඩීමෙහි) මනාව සතුටු කළහ. ඉක්බිති චිත්ත ගෘහපති තෙමේ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් විසින් දැහැමි කථාවෙන් දෙලෝ වැඩ දක්වන ලද්දේ, කුසල්දහම්හි සමාදන් කරවන ලද්දේ, තෙද ගන්වන ලද්දේ (උත්සාහී කරණ ලද්දේ), මනා ව සතුටු කරණු ලැබුයේ ස්ථවිර භික්‍ෂූනට මෙසේ සැළ කළේය: "ස්වාමීනි, ස්ථවිරවරුන් වහන්සේ හෙට දවසට මාගේ ආගන්තුක බත ඉවසන සේක්වා" යි. ස්ථවිරභික්‍ෂූහු නිශ්ශබ්ද භාවයෙන් ඉවැසූහ.



4. ඉක්බිති චිත්ත ගෘහපති තෙම ස්ථවීර භික්‍ෂූන්ගේ ඉවැසීම දැන (අයැදුම පිළිගත් බව දැන) හුනස්නෙන් නැගිට ස්ථවිරභික්‍ෂූන් වැඳ පැදකුණු කොට ආයුෂ්මත් සුධර්‍ම තෙරුන් කරා එළඹ උන්වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි චිත්ත ගැහැවි තෙම ආයුෂ්මත් සුධර්‍ම ස්ථවිරයන් අමතා, “ස්වාමීනි, සුධර්‍ම ආර්‍ය්‍යයන් වහන්සේ සෙට දවස මාගේ බත ස්ථවිරභික්‍ෂූන් සමග ඉවසන සේක් වා” යි කීය.



5. ඉක්බිති ආයුෂ්මත් සුධර්‍ම ස්ථවිර තෙම "මේ චිත්ත ගෘහපතියා පෙර යම් දිනක සංඝයා හෝ ගණයා හෝ පුද්ගලයකු හෝ නිමතනු කැමැත්තේ නම්, එ කල මා නො විචාරා සංඝයා හෝ ගණයා හෝ පුද්ගලයකු හෝ නො පවරයි. එහෙත් හෙතෙම දැන් මා නො විචාරා ස්ථවිර භික්‍ෂූන් පැවැරී ය. මේ චිත්ත ගහපති තෙම දැන් මා කෙරෙහි දූෂිත සිතැත්තේ වන, බලාපොරොත්තු නැත්තේ වන, මා කෙරෙහි කලකිරුණේ වනැ” යි සිතී ය. සිතා චිත්ත ගෘහපතිහට 'ගෘහපතිය, කම් නැත, නො ඉවසමි’ යි කී ය. දෙවනුත්... තෙවනුත් චිත්ත ගෘහපති තෙම සුධර්‍ම ස්ථවිරයනට "ස්වාමීනි, සුධර්‍ම ආර්‍ය්‍යයන් වහන්සේ හෙට දවස පිණිස මාගේ බත ස්ථවිර වරුන් වහන්සේ සමග ඉවසන සේක් වා” යි කී ය. 'ගෘහපතිය, කම් නැත, නො ඉවසමි’ යි සුධර්‍ම තෙර කී ය. ඉක්බිති චිත්ත ගෘහපති තෙම 'ආර්‍ය්‍ය සුධර්‍ම තෙමේ ඉවසන්නේ හෝ නොඉවසන්නේ හෝ මට කුමක් කරන්නේ දැ’ යි ආයුෂ්මත් සුධර්‍ම ස්ථවිරයන් වැඳ පැදැකුණු කොට නික්ම ගියේ ය.



6. ඉක්බිති චිත්ත ගෘහපති තෙමේ ඒ රාත්‍රිය ඇවෑමෙන් ස්ථවිර භික්‍ෂූන් සඳහා ප්‍රණිත වූ කෑ යුතු බුදිය යුතු ආහාරපාන පිළියෙල කරවූයේ ය. ඉක්බිති ආයුෂ්මත් සුධර්‍ම තෙම ‘චිත්ත ගෘහපති විසින් ස්ථවිර භික්‍ෂූනට පිළියෙල කරණ ලද්ද දක්නෙම් නම් ඉතා යෙහෙකැ'යි පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ චිත්ත ගෘහපතියාගේ නිවෙස්න කරා පැමිණියේ ය. පැමිණ පැණවූ අස්නෙහි වැඩ හුන්නේය.



7. ඉක්බිති චිත්ත ගෘහපති තෙම ආයුෂ්මත් සුධර්‍මයන් කරා පැමිණියේය. පැමිණ ආයුෂ්මත් සුධර්‍ම ස්ථවිරයන් වැඳ එකත්පසෙක හුන්නේ ය. එක් පසෙක හුන් චිත්ත ගෘහපතියාට ආයුෂ්මත් සුධර්‍ම ස්ථවිර තෙම "ගෘහපතිය, ඔබ විසින් බොහෝ වූ මේ කෑ යුතු වූ ද බුදිය යුතු වූ ද ආහාරපාන පිළියෙල කරණ ලද්දේ වෙයි. තලසඟළා නම් එක ම දැයක් පමණක් මෙහි නැතැ”යි කී ය. (එවිට ගැහැවි මෙසේ කී ය:) "ඒකාන්තයෙන් රුවන් වැනි බොහෝ බුදුවදන් ඇති කල්හිත් සුධර්‍ම ආර්‍ය්‍යයන් වහන්සේ විසින් 'තලසඟළා' යැ යි සුලු දැයක් ම කියන ලදි."



8. ස්වාමීනි, පෙර වූවක් කියමි. දක්‍ෂිණාපථයෙහි වැසි වෙළෙන්දෝ වෙළෙඳාම පිණිස පෙරදිග ජනපදයට ගියෝ ය. ඔහු එ දෙසින් කිකිළියක ගෙණාවෝ ය. ස්වාමීනි, ඉන් පසු ඒ කිකිළි කවුඩකු හා සංවාස කළා. ඕ තොමෝ පැටියකු වැදුවා. "ස්වාමීනි, යම් විටෙක ඒ කුකුළු පැටියා කවුඩුහඬ කරණු කැමැති වේද, එ කල්හි ‘කාකකුක්කුට’ ය යි හඬ ලයි. යම් කලෙක කුකුළු හඬ හඬ ලනු කැමැති වේ ද, එ කල්හි 'කුක්කුටකාක' ය යි හඬලයි. ස්වාමීනි, එ පරිද්දෙන්ම ඒකාන්තයෙන් රුවන් වැනි බොහෝ බුද්ධ වචන ඇති කල්හි සුධර්‍ම ආර්‍ය්‍යයන් වහන්සේ විසින් යම් ඒ 'තලසඟළා' යයි කිසිවක් ම කියන ලදැ” යි කීය.



9. "ගෘහපතීය, තෝ මට ආක්‍රොශ කෙරෙහිය. ගෘහපතිය, තෝ මට පරිභව බෙණෙහිය. ගෘහපතිය, (මෙන්න,) තෙල තොපගේ ආවාසය, මම නික්ම යන්නෙමි”යි කීය. "ස්වාමීනි, ආර්‍ය්‍ය සුධර්‍මයන් වහන්සේට මම ආක්‍රොශ නොකරමි. පරිභව නොකරමි. ස්වාමීනි, ආර්‍ය්‍ය සුධර්‍මයන් වහන්සේ මච්ජිකාසණ්ඩ නගරයෙහි වසන සේක්වා. මේ ඇඹැල්ල වනය සිත් අලවනසුලුය. මම ආර්‍ය්‍ය සුධර්‍මයන් වහන්සේට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකර පිණිස ඊහා කරමි"යි ගෘහපති තෙම කීය. දෙවනුත් සුධර්‍ම ස්ථවිර තෙමේ චිත්ත ගෘහපතිහට "ගැහැවිය, තෝ මට ආක්‍රොශ කෙරෙහිය. පරිභව කෙරෙහිය. මෙන්න, තොපගේ ආවාසය, මම මෙයින් බැහැර මි"යි කීය. "ස්වාමීනි, ආර්‍ය්‍ය සුධර්‍මයන් වහන්සේ කොහි වඩිනසේක් දැ"යි හේ ඇසීය. "ගැහැවිය, මම භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස සැවැත් නුවරට යන්නෙමි" යි තෙරණුවෝ කීහ. "ස්වාමීනි, එසේ නම් තමන් වහන්සේ විසින් යමක් කියන ලද ද, මවිසිනුත් යමක් කියන ලදද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කළ මැනවි. ස්වාමීනි, යම් හෙයකින් සුධර්‍ම ආර්‍ය්‍යයන් වහන්සේ නැවතත් මච්ජිකාසණ්ඩයට පෙරළා එන්නාහ යන මේ කාරණය නම් පුදුමයක් නොවන්නේ ය”යි ගැහැවි කීය.



10. ඉක්බිති ආයුෂ්මත් සුධර්‍ම ස්ථවිර තෙමේ සෙනසුන් තැන් පත් කොට පාසිවුරු රැගෙණ සැවැත් නුවර බලා නික්මිණ. පිළිවෙළින් සැවැත් නුවර දෙව්රම් වෙහෙර භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් සුධර්‍ම ආයුෂ්මත් තෙමේ යමක් තමා විසින් කියන ලදද, යමක් චිත්ත ගෘහපතියා විසින් කියන ලදද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේය.



11. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගර්‍හා කළ සේක: "හිස් පුරුෂය, නොනිසිය, නොසුදුසු ය, නොගැළපෙන්නේය. මහණදමට නොතරම්ය. නොකැප වූවකි. නොකටයුත්තකි. හිස් පුරුෂය, තෝ කෙසේ නම් සැදැහැති පැහැදුනු දායකවූ කැපකරුවූ සංඝයාගේ උපස්ථායක වූ චිත්ත ගෘහපතිහට ලාමක වචනයෙන් නින්දා කෙළෙහිද? පහත් වචනයෙන් ගර්‍හා කෙළෙහිද? හිස් පුරුෂය, මේ කාරණය නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ පැහැදුනවුන්ගේ ප්‍රසාද බහුල්‍යය පිණිස හෝ නොවෙයි. වැලිදු හිස් පුරුෂය, මෙය නොපහන් වූවන්ගේ නොපහන්බව පිණිසද, පහන් වූද ඇතැමුන්ගේ වෙනස් බව පිණිසද පවතියි."... සුධර්‍ම භික්‍ෂුහට ගරහා තදනුරූප දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක:



12. මහණෙනි, එහෙයින් සංඝ තෙමේ සුධර්‍ම භික්‍ෂුහට 'නුඹ විසින් චිත්ත ගෘහපති තෙමේ ක්ෂමා කරවිය යුත්තේ ය' යි කියා පටිසාරණීය කර්‍මය කෙරේවා….





(විශාකා ගිහි උපාසිකාව විසින් භික්ෂුවකට අවවාද කිරීමේ අවස්ථාවක්.)



4.1. පළමු අනියතශික්‍ෂාපදය

ත්‍රිපිටකය > විනය පිටකය > පාරාජිකපාළිය > 4. අනියතකාණ්ඩය



3. එසමයෙහි මෘගාරිමාතාවූ විශාඛාවෝ බොහෝ දූ පුතුන් ඇතියහ. බොහෝ මුනුබුරන් ඇතියහ. නීරෝග දූ පුතුන් ඇතියහ. නීරෝග මුනුබුරන් ඇතියහ. උත්තම මඞ්ගල සම්මතයහ. මිනිස්සු දාන ප්‍රදානයෙහි දී දින නියම ඇති ආවාහ විවාහ ආදි සැණෙහිදී දින නියම නැති (ඇසළ ඈ) මහ සැණෙහි දී මෘගාරිමාතෘ විශාඛාවන් පළමු කොට වළඳවත්. එසඳ මෘගාරිමාතෘ විශාඛාවෝ කැඳවන ලදුව එකල කරා ගියහ. මෘගාරිමාතෘ විශාඛාවෝ එකලාව සිටි ඒ කුමරිය හා සමඟ ආයුෂ්මත් උදායී තෙරණුවන් රහසිගතව මෛථුනකර්‍මයට යෝග්‍ය වූ පිළිසන් අස්නෙක එකලාව හුන්නවුන් දුටහ. දැක ආයුෂ්මත් උදායී තෙරණුවන්ට මෙපවත් සැළ කළහ:



“යම් හෙයකින් හිමිහු එකලාව සිටි මිනිස් මාගමක (ස්ත්‍රියක) හා සමඟ රහසිගතව මෙවුන්දමට යෝග්‍යවූ පිළිසන් (වැසුණු) අස්නෙක එකලාව සිට නිෂද්‍ය කෙරෙත්ද, වහන්ස, තෙල අයෝග්‍යය, නුසුදුසුය. වහන්ස, හිමිහු ඒ මෙවුන්දමින් අර්‍ථ නැති වුවද වැලිත් නොපහන් මිනිස්සු පහදහවාලිය නොහෙති ” යි..…





දැනගත යුතු වෙනත් කරුණු:



භික්ෂුන් වහන්සේලාට ධර්මය පිළිබඳ සර්ව බලධාරීත්වය ඇතිද? භික්ෂූන්ට ධර්මය පිළිබඳ සර්ව බලධාරීත්වයක් නැත. භික්ෂුන් වහන්සේලාට සර්වඥතා ඥානය නැත. හික්ෂුන් වහන්සේලා සියලුදේ දන්නේ නැත. ඔවුන්ට වරදින දේ බොහෝ ඇත. එබැවින් ධර්මයට විරුද්ධ ලෙස භික්ෂූන්ට ඕනෑ ඕනෑ දේ කිරීමට නොහැක. භික්ෂූන්ට ධර්මයට ඉහළින් යන බලයක් නැත.



ධර්මය හෝ භික්ෂූන් යන මේ දෙකින් කුමක් වඩාත් උසස්ද? ධර්මය භික්ෂූන්ට වඩා සැම කල්හී උසස්‍ වේ. ධර්මය ශ්‍රේෂ්ඨ වේ. ධර්මයට වඩා ශ්‍රේෂ්ඨ සර්වඥතා ඥානය සහිත බුදුවරයෙක් පමණි.



ධර්මයට වඩා ශ්‍රේෂ්ඨ ධර්මතාවක් ඇත්ද? එසේය. එය ප්‍රඥාවයි. ධර්මය, ධනය, බලය, අධ්‍යාපනය සහ සියල්ල ප්‍රඥාව සහිත පුරුෂයා අනුව යන්නේය. ප්‍රඥාව සහිත තැනැත්තාම ධර්මයද පිළිපදින්නේය. සියල්ලට මුදුනේ සිටින බැවින් ප්‍රඥාව අග්‍ර වන්නේය.



ගිහියෙක් හෝ පැවිද්දෙක් තවත් අයෙක්ට ධර්ම කරුණු උගන්වයිනම් හෝ භාවනා ක්‍රම උගන්වයිනම් එයට විරුද්ධ වීමට භික්ෂූන්ට හැකිද? තමාට පමණක්ම ධර්මය ඉගැන්වීමට හැකියි කියා අනෙකෙක් එම කරුණෙන් වැළැක්වීමට කිසිදු භික්ෂුවකට බලයක් නැත. යම් භික්ෂුවක් එසේ කරයිද, එය වැරදිවූද අධර්මිෂ්ඨවූද ක්‍රියාවකි.



ගිහියෙක්ට සංඝ භේදය කළ හැකිද? ගිහියෙක්ට සංඝ භේදය කළ නොහැක. සංඝ භේදය කළ හැක්කේ උපසම්පදා භික්ෂුවකටම පමණි. ඒ සම්බන්ධව ත්‍රිපිටකයේ දක්වා ඇති තොරතුරු වෙත අවධානය යොමු කරන්න.



7. සඞ්‌ඝභේදක‌ඛන්‌ධකය

ත්‍රිපිටකය > විනය පිටකය > චුල්ලවග්ගපාළිය > 7. සඞ්‌ඝභේදක‌ඛන්‌ධකය



“උපාලි, මෙහෙණක් සඞ්ඝභේදය නො කෙරෙයි වැලිදු සඬ්ගභේදය පිණිස තැත් කෙරෙයි. ශික්‍ෂාමාණාව ද සංඞ්ඝභේදය නො කෙරෙයි. වැලිදු එයට තැත් කෙරෙයි. හෙරණෙක් (සාමණේර) සඬ්ග හෙදය නො කෙරෙයි, වැලිදු එයට තැත් කෙරෙයි. හෙරණික් සඬ්ගභේදය නො කෙරෙයි, වැලිදු එයට තැත් කෙරෙයි. උපාසකයෙක් (ගිහියෙක්) සඞ්ඝභේදය නො කෙරෙයි, වැලිදු එයට තැත් කෙරෙයි. උපාසිකාවක් සඬ්ග භේදය නො කෙරෙයි: වැලිදු සඬ්ග භේදයට වැයම් කරයි. උපාලි, සමාන සංවාසක වූ පුවතත් (පියෙවි මහණදම ඇති) මහණ තෙමේම සමාන සංවාස සීමායෙහි සිටියේ සඬ්ඝභේදය කෙරෙයි” වදාළසේක….





කෙනෙක් සිවුරක් පොරවාගෙන සිටි පමණින් හෝ මහණවූ පමණින් හෝ ධර්මයට ඉහළින් බලයක් නැති බවත්, ධර්මය වෙනස් කිරීමට නොහැකි බවත්, අන්‍ය ගිහියන් හෝ පැවිද්දන් ධර්මය උගන්වන විට බාධා කිරීමට බලයක් නොමැති බවත්, සිවුරු පොරවාගෙන සිටින හොර චීවරධාරීන් සමඟ අන්‍ය මිනිසුන් ගනු දෙනු කළයුතු ආකාරය පිළිබඳවත්, පව්කාර නරක භික්ෂූන් මරණින් පසු නිරයේ උපදින බවත් දැක්වෙන ත්‍රිපිටක බුද්ධ වචන සුළු ප්‍රමාණයක් මෙහි ඔබගේ දැන ගැනීම පිණිස සඳහන් කරන්නෙමු. 





2 - 6 කපිල සූත්‍රය

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > සුත්ත නිපාතය > 2. චූල වර්ගය



276. ධර්ම චර්යාව සහ බ්‍රහ්ම චර්යාව හා යන මේ දෙකරුණ උතුම් මැණික් යැයි උත්තමයෝ පැවසූහ. ගිහි ගෙයින් නික්ම අනගාරියවූ (නිවාස රහිත) පැවිදිවූ අයෙක් වේනම්,



277. ඉදින් හේ පරොස් බස් ඇත්තේ වේද, අනුන් වෙහෙසීමෙහි නියලුනේ, (පවට ලැජ්ජාවක් හෝ බයක් නැති හෙයින්) තිරිසන් සතෙක් බඳු වේද, ඔහුගේ ජීවිතය ලාමක වෙයි. තමාගේ රාගාදී කෙලෙස් වර්ධනය කරයි.



278. කලහයෙහි නියැලුනු ඒ මහණ අවිද්‍යා සඞ්ඛ්‍යාත මෝහ ධර්මයෙන් ආවරණය වූයේ, බුදුවරයා විසින් දේශනා කරන ලද ධර්මය නොදනී.



279. අවිද්‍යාවෙන් මෙහෙයන ලද්දේ, වඩන ලද සිත් ඇත්තෝ වෙහෙසන්නේ, කෙලෙස් සහිතවූ ඒ නිරයට යන මාර්ගය නොදනියි.



280. සතර අපාය යැයි කියන ලද විනිපාතයට පැමිණි ඒ මහණ ඒකාන්තයෙන් මවුකුසින් මවුකුසටද අඳුරෙන් අඳුරටද යමින් පරලොව දුකට පැමිණේ.



281. ඉක්ම ගිය බොහෝ හවුරුදු ගණන් ඇති පිරුණු වැසිකිළි වළක් යම්සේ පිරිසුදු කළ නොහැක්කේ වේද, එබඳුවූ යම් පුද්ගලයෙක් වේ නම් හේ පිරුණු කෙලෙස් ඇත්තේ නැවත පිරිසිදු කළ නොහැකි වන්නේමය.



282. මහණෙනි, පංච කාම ගුණ ඇසුරු කළාවූ, ලාමක ඊර්‍ෂ්‍යා ගති ඇති, පාප විතර්ක ඇති, පවිටු ආචාර ගෝචර ඇති යමෙක් දනිවු නම්,



283. හැම දෙන සමඟව එක්ව ඔහු වර්ජනය කරවු. කසළක් බඳු ඔහු බැහැර කරවු. කෙලෙස් කසට සහිත ඔහු නෙරපාලවු.



284. එහෙයින් අශ්‍ර‍මණවූ එහෙත් ශ්‍ර‍මණයෙක්මියි හඟනාවූ බොල් පුද්ගලයෝ පිඹ හරිවු. ලාමක පාප ඉච්ඡා (කැමැතිවීම්) ඇති පවිටු අචාර-ගෝචර ඇති ඔවුන් බැහැර කොට,



285. (ශ්‍රමණ බ්‍රාහ්මණ ගුණයන්ගෙන්) පිරිසිදු වී (තමා මෙන්) පිරිසිදු පුද්ගලයින් සමගම සමාන සංවාසය කරවු. ඉක්බිති මුහුකළ නුවණ ඇත්තාහු (ධර්මයෙන් යුතු වුවාහු) දුක් කෙළවර කරවු….



මේ කපිල සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළේ මාළුවෙක් නිසායි. 



කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කාලයේ එක්තරා පවුලක පුත්‍රයෝ දෙදෙනෙක් මහණවූහ. ඔවුන්ගෙන් වැඩිමහල් තැනැත්තා සොධන නම් විය. බාල පුතා කපිල නම් විය. තවද ඔවුන්ගේ මව සහ නංගීද මෙහෙණි සසුනේ පැවිදිවිය. මව සාධනී නම් විය. බාලම දුව තාපනා නම් විය. සොධන නම් වැඩිමල් පුතා මහණවී පස් වසරකට පසුව වනාන්තරයට ගොස් හුදෙකලාවේ භාවනා කර රහතන් වහන්සේ කෙනෙක් බවට පත්විය. කපිල නම් මද්දුම පුතා ත්‍රිපිටකය අධ්‍යනය කිරීම පමණක් කළේය. 



කපිල නම් භික්ෂුන් වහන්සේ ධර්මය බොහෝ උගත් බැවින් ලාභ සත්කාර කීර්ති ප්‍රසංශා ගෞරව ලැබීය. එම නිසා බහුශ්‍රැත පුද්ගලයෙක් ලෙස මානයෙන් මත්ව ධර්මය අධර්මය ලෙස ඇතැම් විට වෙනස් කළේය. අකැප දේ කැප ලෙසත් ඇතැම් විට වෙනස් කළේය. ධර්මයේ අර්ථ තමාට අවශ්‍ය ලෙස වෙනස් කළේය. සිල්වත් ප්‍රඥාවන්ත ධර්මකාමී භික්ෂුන් වහන්සේලා මෙසේ කරන්නට එපා යැයි කියුවත් ඔහු එය ඇසුවේ නැත. ඔහුගේ සහෝදර ස්වාමින් වහන්සේද ඔහුට අවවාද දී මෙසේ පව්කම් කරන්නට එපා කිව්වත් ඔහු ඇසුවේ නැත. යහපත් භික්ෂුන් වහන්සේලා අවවාද දෙන විට “හිස් මුට්ටියක් වැනි ඔබලා කුමක් දනීද” යනුවෙන් ප්‍රකාශ කර දොස් නගමින්, උන්වහන්සේලාට අගෞරව කරමින් හැසිරුණේය. ඔහු මෙසේ කාශ්‍යප සර්වඥයන් වහන්සේගේ බුද්ධ ශාසනය විනාශ කර දැමීමට උපකාරී විය. ඔහුගේ මව සහ නංගීද ඔහුව අනුකරණය කළේය. කාශ්‍යප දස බලධාරීන් වහන්සේගේ බුද්ධ ශාසනය විනාශ කර දැමීමට හවුල්වූ එම තිදෙනා මරණින් මතු නිරයේ ඉපදුනි.



පසු කාලයක කපිල නිරයෙහි පැසුණු කාලය අවසන්ව, අචිරවතී ගංඟාවේ, රන්වන් පැහැ ශරීර වර්ණ ඇති, මුවින් දුගඳ හමන මාළුවෙක්ව උපන්නේය. දිනක්, සියළු මසුන් මරන දරුවෝ දැල් ගෙන, ‘මසුන් අල්ලා ගන්නෙමු’යි ගඟට ගොස් දැල් දැමූහ. ඔවුන්ගේ දැලට ඒ මාළුවා ඇතුළු විය. ඒ දුටු සියළු ධීවර ගම්වාසීහු ‘අපේ පුතුන් අල්ලා ගත්තේ රන් මාළුවෙකි, එය ඒ දරුවන්ගේ දියුණුවට හේතුවෙයි. දැන් රජතුමා ඔවුන්ට සෑහෙන තරම් ධනය දෙනු ඇතැ’යි මහ හඩින් කෑගැසූහ. ඒ දරුවෝ මාළුවා රජතුමා වෙත ගෙන ගියහ. රජු එය දැක, ‘දරුවනි, කුමක්දැ’යි ඇසීය. ‘දේවයන් වහන්ස, මාළුවෙකැ’යි කීහ. රජු රන්වන් වර්ණ ඇති මාළුවා දැක, මාළුවා රැගෙන බුදුරජාණන් වහන්සේ කරා ගියේය. මාළුවා මුව විවර කරනවිට, ජේතවන විහාර ප්‍රදේශයේ තද දුර්ගන්ධයක් පැතිරුණි.

රජු බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කළේය. ස්වාමීනි, වහන්ස, මේ මාළුවා රත්තරන් පැහැ වීමට හේතුව කුමක්ද, මේ මාළුවා කට අරින විට මේ තරම් දුර්ගන්ධයක් පැතිරෙන්නට හේතුව කුමක්ද?



සියල්ල දන්නා සියල්ල දක්නා බුදුරජාණන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළේය. ‘මහරජ, මේ මාළුවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි, කපිල නමින් පැවිදිව සිටියේය. දහමෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති අයෙක් විය, තම වචනය පිළිනොගන්නා මහණුන්ට නින්දා අපහාස කරමින් ශාසනය වැනසීය. ඒ කර්ම විපාකයෙන් අවීචි මහා නිරයෙහි උපන්නේය. එහි ඉතිරි විපාක ලෙසින්, දැන් මසෙක්ව උපනි. කලක් බුද්ධ වචනය අනුන්ට කියා දුන් බැවින්ද, බුදුවරයෙක්ගේ ගුණ කී බැවින්ද ඒ කර්ම විපාකය අනුව මෙබඳු පැහැය ලැබීය. එහෙත් මහණුන්ට බැන වැදී, නින්දා අපහාස අගෞරව කළ හෙයින් මුවින් දුගඳ හමයි. මහරජ, මොහු ලවාම එය ඉදිරිපත් කරවන්නට හැකිය’.



ඉක්බිති බුදුරජාණන් වහන්සේ විසින් ඍධි බලය භාවිතා කර මෙසේ මාළුවාගෙන් ප්‍රශ්න කළේය. ‘ඔබ කපිල නේද?’ භාග්‍යවතුන් වහන්සේ මාළුවාට ආමන්ත්‍රණය කළ සේක. එහිදී මෙබඳු සංවාදයක් සිදුවිය.



 ‘එසේය හිමියනි, මම කපිල වෙමි.’ ‘කොහි සිට පැමිණියෙහිද?’ ‘භගවත් හිමියනි, අවීචි මහා නිරයෙහි සිටය.’ ‘සෝධන කොහි ගියේ ද?’ ‘භගවත් හිමියනි, පිරිනිවන් පෑවේය.’, ‘සාධනී ගියේ කොහේද?’ භගවත් හිමියනි, නිරයේ ඉපදුණාය’, ‘තපනා කොහි ගියේද?’ ‘මහා නිරයෙහි උපන්නේය’, ‘දැන් ඔබ යන්නේ කොහේටද?’ ‘භගවත් හිමියනි, මහා නිරයටයි’…



මෙදින බුදුරජාණන් වහන්සේ විසින් කපිල සූත්‍රය දේශනා කරන ලදී.



Educational videos:

Here are some educational videos related to buddhism or ancient sites. 



Oldest Buddha shrine excavated - https://youtu.be/w9HAP-w-GBY?si=eqslY1_9Rhx2vgMR



This Giant Buddha Was Built to Protect Passing Boats - https://youtu.be/vVUqYqMNkw4?si=Nt0MYaOkiKYhpZwT 



Scientists Discovered A Lost Ancient City Hidden Underwater That Shouldn't Exist - https://youtu.be/HC4_P_95hPM?si=Y6_0mfrJce67TNyQ 



Takhat-i Bahi Gandharan Buddhist Stupa and Monastery - https://youtu.be/ukJUuTTSaHI?si=YuTewzgoOMENO7OH 



Archaeologists Uncover 2,000-Year-Old Buddhist Site In Pakistan - https://youtu.be/eyzIkDlc7-8?si=99tdmGOX9FYCKCFE 



Afghanistan's destroyed Buddhas to return - https://youtu.be/T00dhVsRZdI?si=t9VY5Nb-tV5p7njv 



Ruins Of Ancient Buddhist Temple Set To Open In Kyrgyzstan - https://youtu.be/lvYDNLUy7sA?si=vWLm2wu6P1z9rA9E 



Top 10 Houses and Caves where Buddha has lived - https://youtu.be/DvPshpC7djU?si=kzji9EAlxb-pQOtg 



Buddha Statue in Egypt - https://youtu.be/qMdiaerhN84?si=IPFOrN753LeqNMQh



Angkor Wat (Full Episode) | Access 360 World Heritage - https://youtu.be/C5jpbwizxBs?si=Qu-mOp63myFqBLfc 



Buddhism in China - https://youtu.be/TlksQYTzkFU?si=LD-gVEwaOw21If1i 



The Buddhist Heritage of Pakistan - https://youtu.be/x6eYa2OCm_A?si=DpkATS8YO3lxNkaq 



Eternal smiles Discover the beauty of China's Buddhist sculptures - https://youtu.be/TEKtJrY-z08?si=cHlRXuFR1p-ImZ50 



An Ancient Pyramid? The World’s Largest Buddhist Temple: Borobudur, Indonesia - https://youtu.be/tJ6-6TUahA0?si=lbYpY4wYOApEe7Mr 



Towards a sustainable Lumbini, the birthplace of Lord Buddha - https://youtu.be/rsDpDvuXGjo?si=UTcbIJvwZor-KfT5 



Virtual Tour - Beyond Boundaries: Buddhist Art of Gandhara - https://youtu.be/8pazBSBN6yk?si=_eBY4lZF0ODZm_xz 



The Ancient University of Nalanda - https://youtu.be/O67m2k70JLA?si=3N2FlMJk7FzSIWJN 



How did Japan become Buddhist? - History of Religions DOCUMENTARY - https://youtu.be/u0Zrwqh3GEc?si=J3CZjEGw1yJxvgS7 



Afghanistan's Buddhas: The Ancient Art of Gandhara - https://youtu.be/lRnsjaJLoCw?si=X67ShDDkbmN1onTy 



Discovery: Buddha's Birth Earlier Than Thought | National Geographic - https://youtu.be/e1wuCf7ReXQ?si=K8m6JKEHRVzPon2I 



Bimbisara jail in Rajgir - https://youtu.be/dCUtR4vrA2M?si=TqZpjXEi45vSGlgE 



The Giant Buddha Statues Of Afghanistan - https://youtu.be/vhCp2zRrEz4?si=n4SktqJq6DHC_OSi 



India - The Land of Buddha - https://youtu.be/SzCWkXEKUAo?si=q32ToljlzoyN19CA 



Afghanistan: 20 years of Bamiyan Buddha statue havoc | Cultural Genocide - https://youtu.be/r_1kQXeaOk4?si=yda4q6TF3GXJ146J 



How a Thousand Year-Old Buddhist Temple Shapes North Korea | NBC Nightly News - https://youtu.be/lqkiWiT_kGI?si=RZkGQPAQ0lYc0OgT 



Ancient Chinese Monk Describes Ancient India // 4th century Faxian - https://youtu.be/_zy1IowqaDE?si=t0urYEmluYfOTNgS 



Ashokan pillar from the 3rd century B.C - https://youtu.be/tG43GkD9Qok?si=LYS-T0aGefyagsAH 



Chinese Buddhist Cave Shrines - https://youtu.be/UH3X1H6pYjY?si=30kwGyj-5CgVb0tN 



HIUEN TSANG memorial hall in Nalanda - https://youtu.be/ck3DFRhPsNc?si=-598WKWSO3DWpn5I 



5 ancient sites ISIS has destroyed - https://youtu.be/9qtICrgZM7o?si=7Wk1BW88efWxkmKn 



Beauty and Significance of Mes Aynak | Afghanistan - https://youtu.be/SAHVseE8Cks?si=rCL0FxHb_qL08kDe 



Vaishali Archeological Site - https://youtu.be/TZn9ejMhFHQ?si=9IBjG3gME06dutZo 



Uzbekistan life: The Buddhist legacy of Termez - https://youtu.be/FeCvMOAS_l4?si=_qtFVdcTCL9MNPda 



Kalmykia - Europe's Only Buddhist Region - https://youtu.be/Ys4DqKOjxpE?si=OThle_6d0zCGBoyf 



A monk’s life in Mongolia's most ancient sanctuary - https://youtu.be/zcU5SotFmdc?si=PKTQpJIHeWHukwXn



Lord Buddha's relics displayed in Mongolia - https://youtu.be/bqGVLHIS_-Q?si=6o0LJ4IBtsTdmXXx 



Kesariya Stupa - https://youtu.be/Ju_Ec3JaLRc?si=6D71pPcK_8JT7COy 



Mongolians rediscover religion after its outlaw - https://youtu.be/tfMhDkB9yjg?si=GUJ0sk2vrpFCAh9H 



Gandhara, the Birthplace of Buddhist Statues - https://youtu.be/NGFIpVd6PGo?si=yoz5RfiSrKH1C4Nl 



The Lion capital of Ashoka at Sarnath - https://youtu.be/7g87sEooxsc?si=ijkKpyTY9J9HNLvW 



Pakistan Ancient Buddha Stupa - https://youtu.be/1QH0PRrSenk?si=agGJxv4-aO5v18Bv 





මහාපරිනිර්වාණ සූත්‍රය:

ත්‍රිපිටකය > සූත්‍ර පිටකය > දීඝ නිකාය > මහා වර්ගය > 3. මහාපරිනිර්වාණ සූත්‍රය(සම්පූර්ණ සූත්‍රය මෙහි දක්වා ඇත)



මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එසමයෙහි වෛදේහීපුත්‍රවූ මගධදේශාධිපති අජාසත් රජ (King Ajatashatru)වැදෑ රජුන් මැඩැ ලනු පිණිස යනු කැමැත්තේ වෙයි. හෙතෙම ‘මම් වූ කලි මේසා මහත් රාජර්ධියෙන් සමන්විත මේසා මහත් ආනුභාව ඇති ‍වැදෑ රජුන් මුලින් සිඳලන්නෙමි, වජ්ජීන් විනාශකරන්නෙමි, වජ්ජීන් අනයව්‍යසනයට පමුණුවන්නෙමි’ යි මෙසේ කියයි.



2. ඉක්බිත්තෙන් වෛදේහීපුත්‍ර මගධදේශාධිපති අජාසත් රජ මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණහු බැණැවීය:



“බමුණාණනි, මෙහි එන්න, භාග්‍යවතුන් වහන්සේ වෙත යවු. ගොස් මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් (පාමුල හිස තබා) වඳිවු. ‘වහන්ස, වෛදේහීපුත්‍රවූ මගධාධිපති අජාසත් රජ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිස තබා වඳියි. භාග්‍යවතුන් වහන්සේගේ නිරාබාධ බව, නිරෝග බව, හෑල්ලු පවැත්ම, කායබලය, සැප විහරණය විචාරා’ යැ යි නිරාබාධ බව, නීරෝග බව, හෑල්ලු පැවැත්ම, කාය බලය, සිප විහරණය විචාරන්න.



‘වහන්ස, වෛදේහීපුත්‍ර මගධෙශ්වර අජාසත් රජ වැදෑරජුන් (Vajjika League)මඩිනුවට යනු කැමැත්තේ වෙයි. හෙතෙම ‘මේසා මහඉදුමත් මේසා මහතෙදැති වැදෑ රජුන් මුල්සුන් කරන්නෙමි, වැදෑ රජුන් වනසන්නෙමි, වැදෑ රජුන් අනයව්‍යසනයට පමුණුවන්නෙමි’ යි මෙපරිද්දෙන් කියා’ යැ යි මෙසේත් කියන්න. භාග්‍යවතුන් වහන්සේ ඔබට යම්සේ වදාරන සේක්ද, එය මොනොවට ඉගෙන මට සැළ කරන්න. තථාගතවරු නොසැබෑ බසක් නොබෙණෙත්” යැයි කීය.



3. ‘එසේය, පින්වතාණනි’ යි කියා මගධමහාමාත්‍රවූ වස්සකාර බමුණු වෛදේහීපුත්‍රවූ මගධෙශ්වරවූ අජාසත් රජුට පිළිවදන්දී, මනාප මනාප යානයන් යොදවා, මනාප යානයක් නැඟ, මනාප මනාප යානයන් ගෙන් උපලක්‍ෂිතව රජගහපුරයෙන් නික්මියේය. ගිජුකුළු පව්ව වෙත එළැඹියේය. යානයෙන් යෑමට සුදුසු බිම යම් තාක්ද, ඒ තාක් ගොස් යානයෙන් බැස පාගමන් ඇත්තේම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු විය. සතුටට කරුණුවූ, සිතැ රැඳැවිය යුතුවූ කථාව අවසන් කොට එක් පසෙක හිඳගත. එක් පසෙක හුන්නාවූ මගද මහමැති වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය:



“භවද් ගෞතමයිනි, වෛදේහීපුත්‍රවූ මගධාධිපති අජාසත් රජ හිස නමා භවද් ගෞතමයන්ගේ පා වඳී. ඔබ නිරාබාධ නියා, නීරෝග නියා, හෑල්ලු පැවැතුම් ඇති නියා, කාබල ඇති නියා, සුව විහරණ ඇති නියා විචාරයි. භවද් ගෞතමයිනි, වෛදේහීපුත්‍ර මගධෙශ්වර අජාසත් රජ වැදෑ රජුන් මඩින්නට යනු කැමැත්තේ ය. ‘මෙසේ වූ මහත් රාජර්ද්ධි ඇති මෙසේ වූ මහත් අනුභාව ඇති මේ වැදෑ රජුන් මුල්සුන් කරන්නෙමි යි, මේ වැදෑ රජුන් (Vajjika League)වනසන්නෙමියි, මේ වැදෑ රජුන් අනයව්‍යසනයට පමුණුවන්නෙමි’ යි මෙසේ කියා” යි භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේය.



වජ්ජීන් පිළිබඳ අපරිහානිය දහම් සත:



4. ඒ වේලෙහි අනඳ තෙ‍රණුවෝ භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් පිටුපසින් සිටියාහු වෙති. එකලැ භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් ඇමතූ සේක:



“අනඳයෙනි, වැදෑ රජුහු නිරතුරු (දවස තෙවරක්) රැස් වන්නාහුය, රැස් වනු බහුල කොට ඇත්තාහ යි මෙය තොප විසින් අසන ලදදැ?” යි අසා වදාළ සේක.



“වහන්ස, වැඳැ රජුහු නිරතුරු රැස්වන්නාහ, රැස් වනු බහුල කොට ඇත්තාහ’ යි මෙය මා විසින් අසන ලදැ” යි අනඳ තෙරණුවෝ පිළිතුරු දුන්හ.



“අනඳයෙනි, වැදෑ රජුහු යම්තාක් එක්වන් රැස්වීම් ඇත්තාහු ද, රැස් වනු බහුල කොට ඇත්තෝ වන්නාහු ද, ඒතාක් අනඳයෙනි, වැදෑ රජුන්ගේ වැඩීම ම ඇවෙක්සිය (කැමැතිවිය) යුතු, පිරිහීම නොඇවෙක්සිය යුතු.” (1)



“අනඳයෙනි, වැදෑ රජුහු සමඟ වැ රැස් වෙත්ය, සමඟවැ නැගී සිටිත් ය, සමඟවැ වැදෑකරණී කෙරෙත් යැයි මෙය තොප විසින් අසන ලදද?”



“වහන්ස, වැදෑ රජුහු සමගි වැ රැස් වෙත්, සමගි වැ නැඟී සිටිත්, සමගි වැ වැදෑකරණී කෙරෙත් යැයි මෙය මා විසින් අසන ලදි.”



“අනඳයෙනි, යම්තාක් වැදෑ රජුහු සමගි වැ රැස් වන්නාහු ද, සමගි වැ නැගීසිටින්නාහු ද, සමගි වැ වැදෑකරණී කරන්නාහු ද, අනඳයෙනි, ඒතාක් ම වැදෑ රජුන්ගේ වැඩීම ම අවෙක්සිය යුතු, පිරිහීම නොඇවෙක්සිය යුතු.” (2)



“අනඳයෙනි, වැදෑ රජුහු (පෙර තම පරපුරෙහි රජුන්) නො පනවන ලද්දක් නො පනවත්, පනවන ලද්ද නොසිඳිත්, පනවන ලද පොරණ වැදෑ දහම්හි පිහිටා පවතිත් යැයි මෙය තොප විසින් අසන ලද ද?”



“වහන්ස, වැදෑ රජුහු පෙර තම පරපුරෙහි රජුන් නො පැනැවූවත් නො පනවත්, පැනැවූවක් නො සිඳිත්, පනවන ලද පොරණ වැදෑ දහම්හි පිහිටා සිටිත් යැයි මෙය මා විසින් අසන ලදි.”



“අනඳයෙනි, යම්තාක් වැදෑරජුහු පෙර වැදෑරජුන් නො පැනැවූවක් නොපනවන්නාහුද, පැනැවූවක් නොසිඳින්නාහුද, පනවන ලද පොරණ වැදෑ දහම්හි පිහිටා සිටින්නාහුද, ඒතාක්ම අනඳයෙනි, වැදෑ රජුන්ගේ වැඩීමම ඇවෙක්සිය යුතු, පිරිහීම නොඇවෙක්සිය යුතු.” (3)



“අනඳයෙනි, වැදෑ රජුන් අතුරෙහි යම් මහළු වැදෑ කෙනෙක් වෙත් නම්, වැදෑ රජුහු ඔවුනට සත්කාර කෙරෙත්, ගුරුකාර කෙරෙත්, බුහුමන් කෙරෙත්, පූජා කෙරෙත්, ඔවුන් බස් ඇසිය යුතු කොට සිතත් යැයි මෙය තොප විසින් අසන ලදද?”‍‍



“වහන්ස, වැදෑ රජුන් අතුරෙහි යම් මහළු වැදෑ කෙනෙක් වෙත් නම්, වැදෑරජුහු ඔවුනට සත්කාර කෙරෙත්, ගුරුකාර කෙරෙත්, බුහුමන් කෙරෙත්, පූජා කෙරෙත්, ඔවුන් බස් ඇසිය යුතු කොට සිතත් යැයි මෙය මා විසින් අසන ලදි.”



“අනඳයෙනි, යම් තාක් වැදෑ රජුහු සිය මහළු වැදෑවනට සත්කාර ගුරුකාර මානන පූජන කරන්නාහු නම්, ඔවුන් බස් ඇසිය යුතු කොට සිතන්නාහු නම්, ඒ තාක් අනඳයෙනි, වැදෑවනට වැඩීමම ඇවෙක්සිය යුතු, පිරිහීම නොඇවෙක්සිය යුතු.”‍‍ (4)



“අනඳයෙනි, යම් කුලවමියෝ කුලදැරියෝ වෙත් ද, වැදෑ රජුහු ඔවුන් ඇදැගෙන ගොස් බලාත්කාරයෙන් තමන් කෙරෙහි නොවස්වත් යැයි මෙය තොප විසින් අසන ලදද?”‍‍‍



“වහන්ස, යම් කුලවමියෝ කුලදැරියෝ වෙත් නම්, වැදෑ රජුහු ඔවුන් ඇදැගෙන ගොස් බලාත්කාරයෙන් තමන් කෙරෙහි නොවස්වත් යැයි මෙය මා විසින් අසන ලදි.”



“අනඳයෙනි, යම් තාක් වැදෑරජුහු කුලවමියන් කුලදැරියන් ඇදැ ගෙන ගොස් බලාත්කාරයෙන් තමන් වෙතැ නො වස්වන්නාහු ද, ඒ තාක් ම අනඳයෙනි, වැදෑවනට වැඩිමම ඇවෙක්සිය යුතු (බලාපොරොත්තු විය යුතු), පිරිහීම නොඇවෙක්සියැ යුතු.” (5)



“අනඳයෙනි, නුවර ඇතුළතද පිටතද වැදැ රජුන්ගේ යම් වැදෑ දෙවොල් කෙනෙක් වෙත් නම්, වැදෑහු එයට සත්කාර කෙරෙත්, ගුරුකාර කෙරෙත්, බුහුමන් කෙරෙත්, පූජා කෙරෙත්, එයට දුන් විරූ, කළ විරූ දැහැමි බිලියම් නො පිරිහෙළත් යැයි මෙය තොප විසින් අසන ලදද?”



“වහන්ස, නුවර ඇතුළත ද බැහැර ද වැදෑ රජුන්ගේ යම් වැදෑ දෙවොල් කෙනෙක් වෙත් නම්, වැදෑ රජුහු එයට සත්කාර ගුරුකාර බුහුමාන පූජා කෙරෙත්, එයට දුන් විරූ කළ විරූ, දැහැමි බිලියම් නොපිරිහෙළත් යැයි මෙය මා විසින් අසන ලදි.”



“අනඳයෙනි, නුවර ඇතුළතත් බැහැරත් වැදෑ රජුන්ගේ යම් වැදෑ දෙවොල් කෙනෙක් වෙත් නම්, එයට වැදෑ රජුහු යම් තාක් සත්කාර බහුමාන පූජා කරන්නාහු නම්, එයට දුන් විරූ දැහැමි බලි නො පිරිහෙලන්නාහු නම්, ඒ තාක් ම වැදෑවනට වැඩිම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නො ඇවෙක්සිය යුතු” (6)



“අනඳයෙනි, ‘කෙසේ නම් සිය රටට නොආ රහත්හු එන්නාහුද, ආ රහත්හුත් සිය රටෙහි පහසුවෙන් වසන්නාහු දැ’ යි වැදෑ රජුන් විසින් රහතුන් කෙරෙහි (මහණබමුණන් කෙරෙහි) දැහැමි රකවළ මොනොවට පිහිටුවන ලද යැයි තොප විසින් මෙය අසන ලදද?”



“වහන්ස, ‘කෙසේ නම් සිය රටට නොආ රහත්හු එන්නාහුද, ආ රහත්හුත් සිය රටෙහි පහසු සේ වසන්නාහු දැ’ යි වැදෑ රජුන් විසින් රහතුන් කෙරෙහි (මහණබමුණන් කෙරෙහි) දැහැමි රැකවළ මොනොවට පිහිටුවන ලදුයේ යැයි මෙය මා විසින් අසන ලදි.”



“අනඳයෙනි, යම් තාක් සිය රටට නොආ රහත්හු ‘කෙසේ නම් එන්නාහු දැ යි, ආ රහත්හු කෙසේ නම් පහසු සේ වසන්නාහු දැ’ යි, වැදෑ රජුන් විසින් රහතුන් කෙරෙහි දැහැමි රකවළ මොනොවට පිහිටුවන ලද්දේ වන්නේ ද, අනඳයෙනි, ඒතාක් ම වැදෑවනට වැඩිම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු.” (7)



5. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මගධ මහඇමැති වස්සකාර බමුණා අමතා, “බමුණ, එක් සමයෙක මම් විසල්පුරැ සාරන්දද චෛත්‍ය විහාරයෙහි විසීමි. එහිදී මම් වැදෑ රජුනට මේ අපරිහානිය දහම් සත දෙසීමි. බමුණ, යම්තාක් කල් මේ සත් අපරිහානිය දහම්හු වැදෑවන් කෙරෙහි සිටින්නාහු ද, වැදෑවෝ මේ සත් අපරිහානිය දහම්හි (සිටියාහු) දක්නා ලැබෙත් ද, බමුණ, ඒ තාක් ම වැදෑවනට වැඩීම ම අවෙක්සිය යුතු, පිරිහීම නො ම අවෙක්සිය යුතු’ යැ යි (මෙයින් වජ්ජීන්ගේ විනාශය කල් යන බව දැන) වදාළ සේක.



1. මේ වජ්ජීන් පිළිබඳ අපරිහානිය දහම් සතය.



6. “මෙසේ (වජ්ජීන් කෙරෙහි අනුකම්පාවෙන්) වදාළ කලැ (මෙයින් වජ්ජීනාසයට ක්‍රමයක් සිතාගත්) මගධ මහඇමැති වස්සකාර බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට “භවද් ගෞතමයෙනි, මේ එක් එක් අපරිහානිය දහමෙකිනුදු යුත් වූ වැදෑවනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. අපරිහානිය දහම් සතෙකින් යුත් වූ කලැ කියනුම කවර යැ. භවද් ගෞතමයෙනි, වෛදේභීපුත්‍ර මගධාධිපති අජාසත් රජුහු විසින් වැදෑරජුහු සිත්ගැන්මෙන් හෝ උනුන් බිඳුවාලීමෙන් හෝ විනා යුද්ධයෙකින් වූ කලී ගත නො හැක්කාහු ම ය.



‘භවද් ගෞතමයෙනි, දැන් අපි යම්හ. අපි බොහෝ කෘත්‍ය ඇත්තම්හ’ යි කී ය.



“බමුණ, යම් ගමනකට සිතහි නම්, මේ එයට කලැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.



ඉක්බිත්තෙන් මගද මහමැති වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන (සිතින් නොව වචනයෙන්) අනුමෝදන්ව හුනස්නෙන් නැගී නික්මැ ගියේය.



7. මගධ මහඇමති වස්සකාර බමුණා නික්මැ ගිය නොබෝ වේලායෙහි භාග්‍යවතුන් වහන්සේ අනඳතෙරුන් බණවා, “අනඳයෙනි, තෙපි යවු. යම් පමණ මහණහු රජගහ නුවර නිසා වෙසෙත් නම්, ඒ හැම උවටන්හලට එක්රැස් කරවු” යැයි වදාළ සේක.



‘එසේ ය, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ට පිළිවදන් දී රජගහනුවර නිසා වසන තාක් සියලු මහණුන් උවටන්හලැ රැස් කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ වැඳැ පසෙක සිටියහ. පසෙක සිටියා වූ අනඳ තෙරණුවෝ “වහන්ස, යමකට භාග්‍යවතුන් වහන්සේ දැන් කලැයි සිතන සේක් නම්, දැන් ඒ භික්‍ෂුසඞ්ඝසන්නිපාතය කරන ලදැ” යි සැළ කළහ.



[1. භික්ඛූනං සත්ත අපරිහානියා ධම්මා:]



8. එකල්හි භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගී උවටැන්හල කරා එළැඹි සේක. එළැඹ පණවන ලද අස්නැ වැඩහුන් සේක. වැඩහිඳ භික්‍ෂූන් අමතා ‘මහණෙනි, තොපට සත් අපරිහානි දහම් දෙසන්නෙමි. එය අසවු, මොනොවට සිත්හි දරවු, කියන්නෙමි’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූ හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:



“මහණෙනි, යම්තාක් මහණහු එක්වන් රැස්වන්නාහු, රැස්වීම් බහුල කොටැත්තෝ වන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩිමම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (1)



මහණෙනි, යම්තාක් මහණහු සමග වැ රැස් වන්නාහු ද, සමගිවැ නැගී සිටින්නාහු ද, සමග ව සංඝකාර්ය කරන්නාහු ද, මහ‍ණෙනි, ඒ තාක් මහණනුට වැඩීම ම ඇවෙක්සියැ යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (2)



මහණෙනි, යම්තාක් මහණහු නොපැනැවුණක් නො පනවන්නාහු ද, පැනැවුණු දෑ නො සිඳින්නාහුද, පැනැවූ තාක් සිකපද සමාදන් ව ගෙන පවත්නාහු ද, ඒතාක් මහණුනට වැඩීමම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (3)



මහණෙනි, චිරරාත්‍රඥ වූ, පැවිදි වූ බොහෝ කල් ඇති, සඞ්ඝපිතෘ වූ, සඞ්ඝපරිනායක වූ යම් තෙරහු වෙත් ද, ඔවුනට මහණහු යම්තාක් සත්කාර කරන්නාහු ද, ගරුකාර කරන්නාහු ද, බුහුමන් කරන්නාහු ද, ඔවුන් පුදන්නාහු ද, ඔවුන් බස ඇසියැ යුතු කොට සිතන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුනට වැඩිමම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (4)



මහණෙනි, යම්තාක් කල් මහණහු පුනර්භවය පිණිස පවත්නා, තමන් කෙරෙහි උපන් තෘෂ්ණාවගේ වශයට නො යෙත් ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩිම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (5)



මහණෙනි, මහණහු යම් තාක් වන සෙනසුන්හි අපේක්‍ෂාසහිත වන්නාහු ද, ඒ තාක් මහණුනට වැඩිමම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (6)



මහණෙනි, යම්තාක් මහණහු ‘කෙසේ නම් (තමන් සෙනස්නට) නොආ ප්‍රියශීල සබ්රම්සරුහු එන්නාහු ද, ආ ප්‍රියශීල සබ්රම්සරුහු සැප සේ වසන්නාහු දැ’ යි තමන් තමන් කෙරෙහි ම සිහිය එළවා තබන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩිම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු‍. (7)



මහණෙනි, යම් තාක් මේ සත් අපරිහානි ධර්මයෝ මහණුන් කෙරෙහි සිටින්නාහු ද, මහණහු මේ අපරිහානිය ධර්ම සතෙහි දක්නා ලැබෙන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩිමම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු.



2. අනෙකුදු අපරිහානිය දහම් සතක්:



9. මහණෙනි, තොපට අන් අපරිහානිය දහම් සතක් දෙසන්නෙමි. එය අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:



මහණෙනි, මහණහු යම්තාක් කර්මාරාම (උද්දේසාදි‍ය හැර සිවුරු කිරීම් ආදි කටයුත්තෙහි පමණක්ම යෙදුණෝ) නොවන්නාහුද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩිමම ඇවෙක්සිය යුතු, පිරිහීම නොඇවෙක්සිය යුතු. (1)



මහණෙනි, යම් තාක් මහණහු භස්සාරාම (ස්ත්‍රීපුරුෂවර්ණනාදිකථායෙහි, කෙළිකවට බස්හි යෙදුණෝ) නොවන්නාහුද, භස්සරත නොවන්නාහුද, මහණෙනි, ඒ තාක් මහණනුට වැඩිමම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (2)



මහණෙනි, යම්තාක් මහණහු නිද්‍රාරාම (නින්දෙහි බෙහෙවින් යෙදුණෝ) නොවන්නාහු ද, නිද්‍රාරත නොවන්නාහුද, නිද්‍රාරාමතායෙහි යෙදුණෝ නොවන්නා හුද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නොඇවෙක්සිය යුතු. (3)



මහණෙනි, යම් තාක් මහණහු ගණසඞ්ගණිකාරාම (බොහෝ දෙනා හා එක් වැ විසීමේ යෙදුණෝ) නොවෙත් ද, ගණසඞ්ගණිකායෙහි ඇලුණෝ නො වෙත් ද, ගණසඞ්ඝණිකාරාම බව්හි යෙදුණෝ නො වෙත් ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (4)



මහණෙනි, යම් තාක් මහණහු පාපිච්ඡ (ලාමක ඊප්සා ඇත්තෝ) නො වන්නාහුද, ලාමක ඊප්සාවනට වසඟ නො වන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩිම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (5)



මහණෙනි, යම් තාක් මහණහු පාපමිත්‍රයන් ඇත්තෝ නො වන්නාහු ද, පාප සහායයන් ඇත්තෝ නො වන්නාහු ද, පාපයනට නැමුණෝ නො වන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (6)



මහණෙනි, මහණහු යම් තාක් අල්පමාත්‍ර වූ විශේෂාධිගමයෙන් (රහත්බවට වො පැමිණ) අතරැ නිමියා වූ කෘත්‍ය ඇති බවට (ධ්‍යානාදී අල්පමාත්‍රලාභයෙන් තෘප්තියට) නො පැමිණෙන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩිමම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (7)



මහණෙනි, යම් තාක් මේ සත් අපරිහානිය ධර්මයෝ මහණුන් කෙරෙහි සිටුනාහු ද, මේ සත් අපරිහානිය ධර්මයන්හි මහණහු දක්නා ලැබෙන්නාහ ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීමම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු.



3. අනෙකුදු අපරිහානිය දහම් සතක්:



10. මහණෙනි, තොපට අන් අපරිහානිය ධර්ම සතක් ද දෙසන්නෙමි. එය අසවු. මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේ ට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:



මහණෙනි, යම්තාක් මහණහු සැදැහැ ඇත්තෝ වන්නාහු ද, මහණෙනි, ඒතාක් ම මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. මහණෙනි, යම්තාක් මහණහු පවට පිළිකුල් සිතැතියෝ වන්නාහු ද … පවට බිය ඇත්තෝ වන්නාහු ද ... බොහෝ ඇසූ පිරු තැන් ඇතියෝ වන්නාහු ද, ... ඇරැඹූ වැර ඇතියෝ වන්නාහු ද ... එළැඹැ සිටි සිහි ඇතියෝ වන්නාහු ද, ... ප්‍රඥා ඇතියෝ වන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුනට වැඩීමම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු.



මහණෙනි, යම්තාක් මෙ කී සත් අපරිහානිය ධර්මයෝ මහණුන් කෙරෙහි සිටුනාහු ද, මහණහු මේ සත් අපරිහානිය ධර්ම කෙරෙහි දක්නා ලැබෙන්නාහු ද, මහණෙනි, මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.



4. අනෙකුදු අපරිහානිය දහම් සතක්



11. මහණෙනි, තොපට අන් අපරිහානිය දහම් සතක් ද දෙසන්නෙමි. එය අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.



මහණෙනි, යම්තාක් මහණහු සතිසම්බොජ්ඤඞ්ගය වඩන්නාහු ද ... ධම්මවිචයසම්බොජ්ඤඞ්ගය වඩන්නාහු ද ... විරියසම්බොජ්ඤඞ්ගය වඩන්නාහු ද ... පීතිසම්බොජ්ඤඞ්ගය වඩන්නාහු ද ... පස්සද්ධිසම්බොජ්ඤඞ්ගය වඩන්නාහු ද ... සමාධිසම්බොජ්ඤඞ්ගය වඩන්නාහු ද ... උපේක්ඛාසම්බොජ්ඤඞ්ගය වඩන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.



මහණෙනි, යම්තාක් මේ සත් අපරිහානිය ධර්මයෝ මහණුන් කෙරෙහි සිටුනාහුද, මහණහු මේ සත් අපරිහානිය ධර්මයන්හි දක්නා ලැබෙන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීමක් නො ම ඇවෙක්සිය යුතු.



5. අනෙකුදු අපරිහානිය දහම් සතක්



12. මහණෙනි, තොපට අන් අපරිහානිය දහම් සතක් ද දෙසන්නෙමි. එය අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:



මහණෙනි, මහණහු යම්තාක් අනිත්‍යසංඥාව වඩන්නාහු ද … අනාත්මසංඥාව වඩන්නාහු ද ... අශුභසංඥාව වඩන්නාහු ද ... ආදීනව සංඥාව වඩන්නාහු ද ... ප්‍රහාණසංඥාව වඩන්නාහු ද ... විරාගසංඥාව වඩන්නාහු ද ... නිරෝධසංඥාව වඩන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩිමම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු.



මහණෙනි, යම්තාක් මේ සත් අපරිහානිය ධර්මයෝ මහණුන් කෙරෙහි සිටුනාහු ද, මහණහු මේ සත් අපරිහානිය ධර්මයන්හි දක්නා ලැබෙන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුන් විසින් වැඩීමම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු.



6. අනෙක් අපරිහානිය දහම් සයක්:



13. මහණෙනි, අන් අපරිහානිය ධර්ම සයක් දෙසන්නෙමි. එය අසවු. මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිලිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:



මහණෙනි, මහණහු යම්තාක් සබ්රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නොහමුයෙහිත් මෛත්‍රීමය කායකර්මය එළවා තබන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (1)



මහණෙනි, යම්තාක් මහණහු සබ්රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නොහමුයෙහිත් මෛත්‍රීමය වාක්කර්මය එළවා තබන්නාහු ද ... සබ්රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නොහමුයෙහිත් මෛත්‍රීමය මනඃකර්මය එළවා තබන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුන් විසින් වැඩීමම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (2 - 3)



මහණෙනි, යම්තාක් යටත්පිරිසෙයින් පාත්‍රයෙහි ඇතුළත් ආහාර මාත්‍ර වූ දෑ යැ යි දැහැමි වූ දැහැමෙන් ලත් යම් ලාභ කෙනෙක් වෙත් නම්, එබඳු ලාභයන් බෙදා නොදී නො වළඳන්නෝ සිල්වත් සබ්රම්සරුන් හා සාධාරණභෝගී වන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුන් විසින් වැඩීමම ඇවෙක්සිය යුතු පිරිහීම නො ඇවෙක්සිය යුතු. (4)



මහණෙනි, නොකඩ වූ නොසිදුරු වූ සබල නොවූ, නොකැලැල් වූ තෘෂ්ණාදාසත්වයෙන් මිදුණා වූ, පැණවතුන් විසින් පසස්නා ලද්දා වූ, තෘෂ්ණාදෘෂ්ටීන් අපරාමෘෂ්ට වූ සමාධිය පිණිස පවත්නා වූ යම් සිල් කෙනෙක් වෙත් ද, එබඳු ශීලයන්හි සබ්රම්සරුන් හා හමුයෙහිත් නොහමුයෙහිත් යම්තාක් ශීලසාමාන්‍යගත වැ (ශීලයෙන් සමාන බවට පැමිණ) වාස කරන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුන් විසින් වැඩීමම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (5)



මහණෙනි, ආර්ය වූ (නිදොස් වූ) නෛර්යාණික වූ යම් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, යමෙක් තථාකාරී වූවහුගේ සියලු දුක් නැසීමට යේ ද, මහණහු යම්තාක් එසේ වූ දෘෂ්ටියෙන් සබරම්සරුන් හා හමුයේත් නො හමුයේත් දෘෂ්ටිසාමාන්‍යගත වැ (සම්දිටුයෙන් සමාන බවට පැමිණ) වසන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුන් විසින් වැඩීමම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (6)



මහණෙනි, යම්තාක් මේ අපරිහානිය ධර්ම සදෙන මහණුන් කෙරෙහි සිටුනාහු ද, මහණහු මේ අපරිහානිය ධර්ම සයෙහි දක්නා ලැබෙන්නාහු ද, ඒ තාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.



භික්‍ෂූනට දෙසූ දැහැමි කථා:



14. භාග්‍යවතුන් වහන්සේ එහි රජගහ නුවරැ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක් “සිල් මෙබඳු ය, සමාධිය මෙබඳු ය, ප්‍රඥාව මෙබඳු ය. ශීලයෙන් වඩන ලද සමාධිය මහත්පල ඇත්තේ මහත් අනුසස් ඇත්තේ වේ. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත් පල ඇති වේ. මහත් අනුසස් ඇති වේ. ප්‍රඥායෙන් වඩන ලද සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මොනොවට මිදේ” යැ යි ශීල සමාධි ආදි වූ මේ දැහැමි කතාව ම බහුල කොට වදාරන සේක.



15. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ කැමැති තාක් කල් රජගහ නුවරැ වැස, අනඳ තෙරුන් අමතා “අනඳයෙනි, යම්හ, අඹයැටිඋයන කරා එළැඹෙන්නම්හ” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් මහණමුළුවක් හා අඹයැටිඋයන වෙත එළැඹි සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ අඹයැටි වෙනෙහි රාජාගාරයෙහි වැඩ වසන සේක් - “ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය. ශීලයෙන් වඩන ලද සමාධිය මහත්පල ඇත්තේ මහත් අනුහස් ඇත්තේ වෙයි. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත්පල ඇත්තේ මහත් අනුහස් ඇත්තේ වෙයි. ප්‍රඥායෙන් පුරුදු කරන ලද චිත්තය කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මොනොවට මිදේ” යැ යි මහණුනට මේ දැහැමි කතාව ම බහුල කොට කරන සේක.



16. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අඹයැටියෙහි කැමැති තාක් කල් වැස අනඳතෙරුන් අමතා ‘අනඳයෙනි, එවු, නාලන්‍දාව කරා යම්හ’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන කැටුව නාලන්‍ද නුවරට වැඩිසේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දා නුවරැ පාවාරික අඹවෙනෙහි වැඩ වසන සේක.



ශාරීපුත්‍ර සිංහනාදය:



17. ඒ කල්හි සැරියුත් තෙ‍රණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්හ. එක් පසෙක හුන්නාවූ සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, සම්බෝධි (රහත්මග නුවණ) නම් වූ යමෙක් ඇද්ද, එයින් භාග්‍යවතුන් වහන්සේට වඩා අහිඥතර වූ (උත්තරීතර ඥානයෙන් යුක්ත වූ) අන් මහණෙක් හෝ බමුණෙක් හෝ ඉකුත් කල්හි නො වී ය. මතුත් නො වන්නේ ය. දැනුදු නැතැ යි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම් මෙසේ ප්‍රසන්නයෙමි” යි සැළ කළහ. එවිට “ශාරිපුත්‍රයෙනි, සම්බෝධිඥානයෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා අහිඥතර වූ අන් මහණෙක් හෝ බමුණෙක් හෝ ඉකුත් කල්හි නො වී ය, මතුත් නො වන්නේ ය, දැනුදු නැතැ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම් ප්‍රසන්නයෙමි” යි තොප විසින් කියන ලද මේ ශ්‍රෙෂ්ඨ වචනය මහත් ම එකෙක. මෙහි ලා තොප විසින් ඒකාන්තය ගන්නා ලද්දේ ය (ප්‍රත්‍යක්‍ෂඥානයෙන් දැන කීවාක් සේ ඒකාන්ත නිශ්චය කථාවෙක් ම කියන ලද්දේ ය.) සිංහනාදය පවත්‍වන ලද්දේ ය.



ශාරිපුත්‍රයෙනි, කිමෙක්ද, ඉකුත් කලැ යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වූහු නම්, ඒ භගවත්හු මෙබඳු සිල් ඇත්තෝ වූහ යි කියා ද, ඒ භගවත්හු මෙබඳු දහම් ඇත්තෝ, මෙබඳු ප්‍රඥා ඇත්තෝ, මෙබඳු විහරණ ඇත්තෝ, මෙබඳු විමුක්ති ඇත්තෝ වූහ යි කියාත් ඔබ සිත් තමන් සිතින් පිරිසිඳ ඒ සියලු භගවත්හු තොප විසින් දන්නා ලද්දාහු දැ? යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.



“වහන්ස, මෙය එසේ නොදන්නා ලද්දේමයැ” යි සැරියුත් තෙරණුවෝ වදාළහ.



කිමෙක් ද ශාරිපුත්‍රයෙනි, මතු කල්හි යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වන්නාහු නම්, ඒ භගවත්හු මෙබඳු සිල් ඇත්තෝ වන්නාහ, මෙබඳු දහම් ඇත්තෝ, මෙබඳු ප්‍රඥා ඇත්තෝ, මෙබඳු විහරණ ඇත්තෝ, මෙබඳු විමුක්ති ඇත්තෝ වන්නාහයි ඔබ සිත් සිය සිතින් පිරිසිඳ ඒ සියලු භගවත්හු තොප විසින් දන්නා ලදහුදැ? යි භාග්‍යවතුන් වහන්සෝ වදාළ සේක.



“වහන්ස, මෙය එසේ නොදන්නා ලදැ” යි සැරියුත් තෙරණුවෝ වදාළහ.



ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, භගවත් තෙමේ මෙබඳු සිල් ඇත්තේ යැයිද, භගවත් තෙමේ මෙබඳු දහම් ඇත්තේ ය යි, මෙබඳු ප්‍රඥා ඇත්තේ යැයි, මෙබඳු විහරණ ඇත්තේ යැ යි, මෙබඳු විමුක්ති ඇත්තේ යැයිද කියා මා සිත තොප සිතින් පිරිසිඳ, මෙ කලැ අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ මම් තොප විසින් දන්නා ලදුයෙම් දැ? යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.



“වහන්ස, මෙය එසේ නොම දන්නා ලදැ” යි සැරියුත් තෙරණුවෝ වදාළහ.



ශාරිපුත්‍රයෙනි, මෙ කරුණෙහි ලා තොපට අයුඅනාවත්මන් යන තෙකලට අයත් වූ රහත් සම්මාසම්බුදුවරුන් විෂයයෙහි චෙතස්පර්යායඥානයෙක් නැත. ශාරීපුත්‍රයෙනි, එසේ කලැ තොප විසින් “වහන්ස, සම්බෝධියෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා අභිඥතර වූ අන් මහණෙක් හෝ බමුණෙක් හෝ ඉකුත් කල්හි නො වී ය, මතු කල්හිත් නො වන්නේ ය, දැනුදු නැතැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ මම් ප්‍රසන්නයෙමි” යි මේ මහත් අභීත වචනය කවර කරුණෙකින් කියන ලද ද? ඒකාන්තය ගන්නා ලද ද? සිංහනාදය පවත්වන ලද දැ?” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.



18. “වහන්ස, අයුඅනාවත්මන් යන තෙකලට අයත් රහත් සම්මා සම්බුදුවරුන් විෂයයෙහි චෙතස්පර්යාය ඥානයෙක් මට නැත. එතෙකුදු වූවත් ධර්මාන්වයය (සර්වඥතාඥානදිධර්ම පිළිබඳ අනුබෝධ ඥානය) මා විසින් ලබන ලද්දේ ය.



වහන්ස, යම්සේ තර වූ පවුරුපා ඇති, දැඩි වූ පවුරු හා තොරණ ඇති, එක් ම දොරක් ඇති පසල් නුවරෙක් වේ ද, පණ්ඩිත වූ කීමෙහි බිණීමෙහි හුරුබුහුටි වූ, තැනට නිසි නුවණ ඇති, තමා නො දන්නවුන් නුවරට එනු නොදී වළක්වාලන, දන්නවුන් නුවරට පිවිස්වන දොරොටුපල්ලෙක් වන්නේ ද, හෙතෙම නුවර පවුරුමගැ හැවිදුනේ, යටත් පිරිසෙයින් බළලකුට නික්මිය හැකි තරම් වූ ප්‍රාකාරසන්ධියක් (ගඩොල් බැම්ම ඇද හැලුණු තැනක්) හෝ පවුරැ සිදුරු වූ තැනක් හෝ නො දක්නේ ද, ඔහුට ‘යම් මහත් සිරුර ඇති සත්ත්ව කෙනෙක් මෙ නුවර වදිත් හෝ මෙයින් නික්මෙත් හෝ ඒ සියල්ලෝ ම මේ මහ වහසල්දොරින් ම පිවිසෙන්නාහු හෝ නික්මෙන්නාහු හෝ වෙති’ යි මෙසේ සිතෙක් වන්නේ ද, වහන්ස, එ පරිද්දෙන් ම ‘ඉකුත් කල්හි යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වූහු ද, ඒ සියලු භගවත්හු සිත කෙලෙසන, ප්‍රඥාව දුබල කරන පස් වීවරණයන් පහ කොට, සතර සීවටන්හි මොනොවට පිහිටි සිත් ඇති ව, සත් සම්බොධ්‍යඞ්ගයන් තත් වූ පරිදි බවා නිරුත්තර සම්‍යක්සම්බෝධිය සමධිගත කළහ. වහන්ස, මතු කල්හි යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වන්නාහු නම්, ඒ සියලු භගවත්හු සිත කෙලෙසන, ප්‍රඥාව දුබල කරන පංච නීවරණයන් පහ කොට, සතර සීවටන්හි මොනොවට පිහිටි සිතැත්තාහු, සත් සම්බොදහ තත් වූ පරිදි වඩා, නිරුත්තර සම්‍යක්සම්බෝධිය සමධිගත කරන්නාහ. වහන්ස, මෙ සමයෙහි රහත් සම්මාසම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ ද සිත කෙලෙසන නුවණ දුබල කරන පංච නීවරණයන් පහ කොට, සතර සීවටන්හි මොනොවට පිහිටි සිතැති සේක්, තත් වූ පරිදි සත් සම්බොදඟ වඩා නිරුත්තර සම්‍යක්සම්බෝධිය සමධි ගතකළ සේකැ යි මා විසින් ධර්මානුබෝධය ලබන ලද්දේ යැ” යි සැරියුත් තෙරණුවෝ කීහ.



19. එසමයෙහි ද භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවරැ පාවාරික අඹවෙනෙහි වැඩ වසන සේක්, “ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය. ශීලයෙන් වඩන ලද සමාධිය මහත් පල මහත් අනුසස් ඇත්තේ වේ. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත් පල මහත් අනුසස් ඇත්තේ වේ. ප්‍රඥායෙන් වඩන ලද සිත කාමස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන සියලු ආස්‍රව කෙරෙන් මොනොවට මිදේ” යැ යි භික්‍ෂූනට බෙහෙවින් මේ දැහැමි කතාව ම කරන සේක.



20. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවරෙහි කැමැති තෙක් කල් වැස අනඳ තෙරුන් අමතා “අනඳයෙනි, එවු, පළොල්ගමට (පාටලිග්‍රාමයට) (Pataliputra) යම්හ” යි වදාළ සේක. ‘එසේ ය, වහන්ස’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන හා පළොල්ගමට ‍වැඩි සේක. පළොල්ගම් වැසි උවසුවෝ ‘භාග්‍යවතුන් වහන්සේ පළොල්ගම් වැඩි සේක් ල’ යි ඇසූහ. ඉක්බිති පළොල්ගැමි උවසුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්හ. එක් පසෙක උන්නාවූ පළොල්ගැමි උවසුවෝ ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපගේ ආවාස ගෙය ඉවසා වදාරන සේක් වා’ යි භාග්‍යවතුන් වහන්සේට මෙ බස් කීහ. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසා වදාළ සේක.



21. ඉක්බිති පළොල්ගැමි උවසුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවැසීම දැන හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු ‍කොට නික්මැ ගියහ. ගොස් ආවාස ගෙය හැම බුමුතුරුණු අතුරා, අසුන් පණවා, දියසැළක් තබා, තෙල් පහනක් නංවා, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියහ. එක් පසෙක සිටියාවූ පළොල්ගැමි උවසුවෝ “වහන්ස, ආවාසගෙය හැම බුමුතුරුණින් වසන ලද්දේ ය. අසුන් පණවන ලද්දේ ය. දියසැළෙක් තබන ලද්දේ ය. තෙල් පහනෙක් නැංවිණ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් ගමනකට බලාපොරොත්තු සේක් ද, එයට කල් වේ” යැ යි මෙ බස් කීහ.



22. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි හැඳ පෙරෙවැ පා සිවුර ගෙන බික්සඟුන් හා අවාස ගෙය කරා වැඩි සේක. වැඩ, පා දෙවැ ආවාස ගෙට පිවිසැ මැදුම් ටැඹ නිසා පෙරදිගට මුහුණ ලා වැඩහුන් සේක. බික්සඟහු ද පා දෙවැ ආවාස ගෙට වැද පැසිම් බිත නිසා පෙරදිගට මුහුණ ලා භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හිඳගත්හ. පළොල්ගැමි උවසුවෝ ද පා දෙවැ ආවාස ගෙට වැද පෙර දිගැ බිත නිසා පැසිම් දිගට මුහුණ ලා භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හිඳගත්හ.



පළොල්ගම උවසුන්ට අවවාද:



23. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පළොල්ගැමි උවසුවන් අමතා මෙසේ වදාළ සේක: ගැහැවියනි, දුසිල්හුගේ සිල්විපත්හි මේ දොස් පසෙක. කවර පසෙක් ද?



ගැහැවියෙනි, මෙහි සිල්විපන් දුසිල් තෙමේ පමා කරුණෙන් මහත් භෝගහානියට (භෝගයෙන් පිරිහීමට) යෙයි. මේ දුසිල්හු සිල්විපතැ පළමු දොස වෙයි.



තවද, ගැහැවියනි, සිල්විපන් දුසිල්හට ලාමක කිත්හ‍‍‍ඬෙක් (අපවාද කථාවෙක්) උස් වැ නැ‍ඟෙයි. මේ දුසිල්හු සිල්විපතැ දෙවෙනි දොස වෙයි.



තව ද ගැහැවි‍යනි, සිල්විපන් දුසිල් තෙම කැත්පිරිස කරා හෝ බමුණු පිරිස කරා හෝ ගැහැවිපිරිස කරා හෝ මහණපිරිස කරා හෝ යම් යම් පිරිසක් කරා එළැඹේ නම්, බිය සැක ඇත්තේ, තෙද නැත්තේ එළැඹෙයි. මේ දුසිල්හු සිල් විපත්හි තෙවැනි දොස ය.



තව ද ගැහැවියෙනි, සිල්විපන් දුසිල් තෙම සිහිමුළා වූයේ කලුරිය කෙරෙයි. මේ දුසිල්හු සිල්විපත්හි සිවුවන දොස ය.



තව ද ගැහැවියෙනි, සිල්විපන් දුසිල් තෙම කා බුන් මරණින් මතු සුවයෙන් පහ වූ, දුකට කරුණු වූ, විවසවැ පතිත වන තැන වූ නිරයට උත්පත්ති විසින් පැමිණෙයි. මේ දුසිල්හු සිල්විපතැ පස්වන දොස වෙයි.



ගැහැවියනි, දුසිල්හු සිල්විපත්හි මේ දොස් පස වෙයි.



24. ගැහැවියනි, සිල්වත්හුගේ සිල්සම්පත්හි මේ අනුසස් පසෙකි. කවර පසෙක්ද?



ගැහැවියෙනි, මෙහි සිල්සපන් සිල්වත් තෙම නොපමා කරුණින් භෝග රැසක් ලබයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි පළමු අනුහස ය.



තව ද, ගැහැවියනි, සිල්සපන් සිල්වත්හු පිළිබඳ කලණ කිත්හ‍ඬෙක් උස් වැ නැ‍ඟෙයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි දෙවෙනි අනුහසය.



තව ද ගැහැවියනි, සිල්සපුව ඇති සිල්වත් තෙමේ කැත්පිරිසක් හෝ බමුණුපිරිසක් හෝ ගැහැවි පිරිසක් හෝ මහණපිරිසක් හෝ යම් යම් පිරිසක් කරා එළැ‍‍ඹේ ද, නොබිය වැ තෙදැති වැ එළැඹෙයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි තෙවෙනි අනුහසය.



තව ද ගැහැවියනි, සිල්සපුව ඇති සිල්වත් තෙමේ සිහි මුළා නොවී කලුරිය කෙරෙයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි සිවුවන අනුහසය.



තව ද ගැහැවියනි, සිල්සපුව ඇති සිල්වත් තෙමේ කාබුන් මරණින් මතු ශෝභන ගති ඇති සග ලොවට යෙයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි පස්වැනි අනුහස යි.



ගැහැවියනි, සිල්වත්හුගේ සිල්සපුයෙහි මේ අනුසස් පස ය.



25. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පළොල්ගැමි උවසුවනට රෑ බොහෝ වේලාවක් දෙලෝ වැඩ දක්වා, දැක්වූ වැඩෙහි සිත් ගන්වා, එහි සිත් තියුණු කොට, එහි (යහපතැ යි) සිත සතුටු කොට, “ගැහැවියෙනි, රැය බොහෝ ඉක්මිණ. යම් ගමනක් යෑ යුතු නම් එයට කල් දනිවු” යි නික්ම යෑමට උද්‍යෝගවත් කළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා ඒ පළොල්ගැමි උවසුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැඟී ඔබ වැඳ පැදකුණු කොට නික්මැ ගියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පළොල්ගැමි උවසුන් නික්මුණු නොබෝ කල්හි ශුන්‍යාගාරයට පිවිසි සේක.



පාටලීනගරය මැවීම:



26. එ සමයෙහි මගද මහමැති සුනීධ වස්සකාර යන දෙබමුණෝ වැදෑ රජුන් පිළිබහනු පිණිස (වැදෑ රජුන්ගේ) ආයමුඛ (අය ලැබෙන දොරටු පසිඳින පිණිස) පළොල්ගමැ නුවරක් කෙරෙති. එකලැ දහස දහස (වර්ග වශයෙන්) දේවතාවෝ පළොල්ගමැ ගෙවතු තම තමනට වෙන් කොට ගනිත්. යම් පෙදෙසෙක මහ තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් කරන්නට මහ තෙදැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක මැදුම් තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් නංවන්නට මැදුම් රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක හීන තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් නංවන්නට හීන තෙද ඇති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ.



27. භාග්‍යවතුන් වහන්සේ මිනිසැස ඉක්මි පිරිසිදු දිවැසින් පළොල්ගමැ ගෙවතු පිරිසඳ ගන්නා දහස් දහස් ගණන් දේවතාවන් දුටු සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයමැ නැගී සිට අනඳ තෙරුන් අමතා “අනඳයෙනි, කවරහු පළොල්ගමැ නුවරක් කෙරෙද් දැ?” යි අසා වදාළ සේක. “වහන්ස, මගද මහමැති සුනීධ - වස්සකාර යන දෙබමුණෝ වැදෑ රජුන් පිළිබහනුවට පළොල්ගමැ නුවරක් (Pataliputra) මවති” යි අනඳ තෙරණුවෝ සැළ කළහ.



28. “අනඳයෙනි, තව්තිසාවැසි දෙවියන් හා මන්ත්‍රණය කොට මවන්නාක් මෙන් මගදමහමැති සුනීධ - වස්සකාර දෙ බමුණෝ වැදෑවන් පිළිබහනුවට (වැදෑරජුන්ගේ අයමුඛ වසනු සඳහා) පළොල්ගමැ නුවරක් මවත්. අනඳයෙනි, මෙහි මම් මිනිසැස් ඉක්මි පිරිසිදු දිවැසින් පළොල්ගමැ ගෙවතු පිරිසිඳ ගන්නා බොහෝ දහස් දහස් ගණන් දේවතාවන් දිටිමි. යම් පෙදෙසෙකැ මහ තෙදැති දේවතාවෝ ගෙවතු අරක්ගනිත් ද, එහි නිවෙස් මවන්නට මහ තෙදැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක මැදුම් තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් මවන්නට මැදුම් තෙදැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක හීන තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් මවන්නට හීන තෙදැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. ආර්‍ය්‍යන්ගේ ආයතනය (රැස්වෙන තැන) යම්තාක් ද, වණික්පථය (ගනුදෙනු කරන වෙළෙඳුන් වසන තැන) යම්තාක් ද ඔවුනතුරෙන් මේ පැළලුප් නුවර (නොයෙක් රටින් ගෙනෙන වෙළෙඳ) බඩුපොදි ලිහා තබන අග්‍ර නගරය වන්නේ ය. අනඳයෙනි, මේ පැළලුප්නුවරට ගින්නෙන් හෝ, දියෙන් හෝ, අන්‍යොන්‍යය භේදයෙන් හෝ (තුන් පරිද්දෙකින්) අන්තරාය තුනෙක් වන්නේ යැ” යි වදාළ සේක.



29. එ කලැ මගදමහමැති සුනීධ - වස්සකාර දෙබමුණෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹීයහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටු විය යුතු සිතැ රැඳවියැ යුතු කථා අවසන්‍ කොට එක් පසෙක සිටියහ. එක් පසෙක සිටියාවූ මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙන “භවද් ගෞතමයෝ බික්සඟුන් හා අප‍ගේ බත අදට ඉවසත්ව” යි මෙබස් කීහ. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් එය ඉවසා වදාළ සේක.



30. ඉක්බිත්තෙන් මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙන භාග්‍යවතුන් වහන්සේ ඉවැසූ නියා දැන සිය ආවාස ගෙය කරා ගියහ. ගොස් සිය ආවාසයෙහි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙල කරවා ‘භවද් ගෞතමයිනි, දැන් කල් වෙයි. බත පිළියෙල කොට නිමියේ යැ’ යි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වා යැවූහ.



31. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන බික්සඟුන් කැටුව මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙනාගේ ආවාස ගෙය කරා එළැඹි සේක. එළැඹ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. ඉක්බිති මගද මහමැති සුනීධ - වස්සකා‍ර දෙදෙන සියතින් ම ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් බුදුපාමොක් බිකසඟුන් සැතැප්වූහ, පෙරැත්ත කොට වැළැඳැවූහ.



32. ඉක්බිති මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙන වැළැඳූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේට එක් පසෙක එක්තරා මිටි අස්නක් ගෙන හුන්හ. එක් පසෙක හුන්නාවූ මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙනාට භාග්‍යවතුන් වහන්සේ මේ ගාථායෙන් අනුමෝදනා වශයෙන් දහම් දෙසූසේක:



පණ්ඩිත ස්වභාව ඇති තැනැත්තේ යම් පෙදෙසෙක වාසය කෙරේ ද, එ තන්හිදී සංයත වූ බඹසර රක්නා සිල්වතුන් වළඳවා, එහි යම් දේවතා කෙනෙක් වූවාහු නම්, ඔවුනට ඒ දානමය පින පමුණුවන්නේ ය. මෙසේ පින්දීමෙන් පුදන ලද ඒ දේවතාවෝ ඒ පින් දුන්නාහු (ආරක්‍ෂා කිරීම් වශයෙන්) පුදත්. කලින් කලැ බිලියම් කරීම් වශයෙන් මානිත වූ ඒ දේවතාවෝ (ඔහුගේ උවදුරු දුරු කිරීම් වශයෙන්) ඔහුට බුහුමන් කෙරෙත්. ඒ පින් අනුමෝදන් වීමෙන්, මවක් තම කුසින් උපන් දරුවකුට සෙයින් ඔහුට අනුකම්පා කෙරෙත්. මෙසේ දේවතාවන් විසින් අනුකම්පා කරන ලද පුරුෂ තෙම හැම කල්හි යහපතම දකී.



ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මගධ මහඇමැති සුනීධ - වස්සකාර දෙදෙනාට මේ ගාථායෙන් අනුමෝදනා බණ වදාරා හුනස්නෙන් නැගී වැඩි සේක.



33. එ කල්හි මගධ මහඇමැති සුනීධ - වස්සකාර දෙදෙනා ‘ශ්‍රමණ ගෞතමයෝ යම් දොරෙකින් අද නික්මෙන්නාහු නම්, එය ගෞතමද්වාර නම් වන්නේ ය. යම් තොටෙකින් ගංගානදිය තරණය කරන්නාහු නම්, එය ගෞතමතීර්ථ නම් වන්නේ යැ’ යි කියා භාග්‍යවතුන් වහන්සේ පසු පස්සෙන් ගියාහු වෙති.



ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යම් දොරෙකින් නික්මුණු සේක් ද, ඒ ගෞතමද්වාර නම් විය. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ගංගානදිය වෙත වැඩි සේක. එ සමයෙහි ගංගානදිය දෙගොඩ තළා ගළනුයේ, කවුඩන් විසින් සුවසේ පිය හැකි සේ පිරුණේ විය. මෙතෙරින් එතෙර යනු රිසි ඇතැම් මිනිස්සු නැව් සොයත්. ඇතැම් කෙනෙක් පසුරු සොයත්. ඇතැම් කෙනෙක් පසුරු බඳිත්. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ කාබලැතියක්හු යම්සේ වක් කළ අත දික් කරන්නේ ද, දික් කළ අත හෝ වක් කරන්නේ ද, එසේ ම ගංගානදියේ මෙතෙරැදී බික්සඟන හා අතුරුදහන් වූ සේක් එතෙරැ වැඩ සිටි සේක.



භාග්‍යවතුන් වහන්සේ මෙතෙරින් එතෙර යනු කැමැති වූ ඇතැම් මිනිසුන් නැව් සොයන්නවුන් ද ඇතැම් මිනිසුන් පසුරු සොයන්නවුන් ද ඇතැම් මිනිසුන් පසුරු බඳනාවුන් ද දුටු සේක් ම ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලෙහි මෙ උදන් ඇනූ සේක:‍‍



“යම් කෙනෙක් ගැඹුරු වූ පුළුල් වූ තෘෂ්ණානදිය තරිත් ද, ඔහු ආර්‍ය්‍යමාර්ග නැමැති හෙය කොට දිය කඩිති නො ඇක්ම එ තෙර (නිවන කරා) යෙත්. එහෙත් මේ කුඩා නදියක් තරනුවට මේ ජන තෙම පසුරක් බඳී. ඒසා තෘෂ්ණා මහා නදිය තිණූ ප්‍රඥා ඇති ජනයෝ මේ සුළු නදිය සැණින් තැරූහ.”



පළමු බණවර නිමියේ ය.



ආර්‍ය්‍යසත්‍ය ප්‍රතිවේධ කථා:



34. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා “අනඳයෙනි, එවු, කොටිග්‍රාමයට යම්හ” යි වදාළ සේක. ‘එසේ ය වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් මහණමුළුවක් හා කොටිග්‍රාමය කරා වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි කොටිග්‍රාමයෙහි වැඩ වසන සේක. එහිදී භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක:



මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන් අනුබෝධ නො කළ හෙයින්, ප්‍රතිවේධ නො කළ හෙයින් මාගේ ද තොපගේ ද මෙසේ මේ දික් කලක් සසරැ දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය. කවර සතර සත්‍යයන් ද? යත්:



“මහණෙනි, දුඃඛාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ නො කළ හෙයින් මාගේ ද තොපගේ ද මෙසේ මේ දික් කලක් සසරැ දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය. මහණෙනි, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ නොකළ හෙයින් මාගේ ද තොපගේ ද මෙසේ මේ දික් කලක් සසරැ දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය. මහණෙනි, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ නොකළ හෙයින් මාගේ ද තොපගේ ද මෙසේ මේ දික් කලක් සසරැ දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය. මහණෙනි, දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ නොකළ හෙයින් මාගේ ද ‍තොපගේ ද මෙසේ මේ දික් කලක් සසරැ දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය.



මහණෙනි, ඒ දුඃඛාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදි. දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදි. දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදි. දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදි. භවතෘෂ්ණාව මුල් සිඳින ලදි. භවනෙත්‍රිය (සතුන් භවයට පමුණුවන තෘෂ්ණා රැහැන) ක්‍ෂීණ විය. දැන් යලි භවෝත්පත්තියෙක් නැත.”



භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ශෝභන ගති ඇති ශාස්තෘන් වහන්සේ මෙය වදාරා එයින් මත්තෙහි (ගාථාබන්ධන වශයෙනුදු) මෙය වදාළ සේක:



“සතර සත්‍යයන් තත් වූ පරිදි නොදැක්මෙන් ඒ ඒ ජාතීන්හි දික් කලක් ම හැසිරීම විය. දැන් සතර සත්‍යයෝ දක්නා ලදුහ. භවනියන්ත්‍රිය (තෘෂ්ණාව) වැනැසිණ. දුක්මුල සිඳිණ. දැන් මෙයින් මතු භවයෙක් නැත”.



35. භාග්‍යවතුන් වහන්සේ එහි ද කොටිග්‍රාමයෙහි වැඩවසන සේක්, “ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය. ශීලයෙන් පුරුදු කරන ලද සමාධිය මහත් පල මහත් අනුසස් ඇත්තේ වෙයි. සමාධියෙන් පුරුදු කරන ලද ප්‍රඥාව මහත්පල මහත් අනුසස් ඇත්තේ වෙයි. ප්‍රඥායෙන් පුරුදු කරන ලද සිත මොනොවට කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මිදේ” යැයි බොහෝ සේ මේ දැහැමි කතාව ම වදාරන සේක.



ධර්මාදර්ශ ධර්මපර්‍ය්‍යාය:



36. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ කොටිග්‍රාමයෙහි කැමැති තාක් වැස, අනඳ තෙරුන් බණවා, “අනඳයෙනි, එවු, නාදිකා ගමට යම්හ” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන හා නාදිකා ගමට වැඩි සේක. වැඩ එහි නාදිකා ගමැ ගඩොළුයෙන් කළ ආවාසයෙහි වසන සේක. එකලැ අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ ඔබ වැඳ පසෙක හුන්හ. පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙ බස් පැවැසූහ:



වහන්ස, නාදිකායෙහි සාළ්හ නම් භික්‍ෂු කලුරිය කෙළේය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, නන්‍දා නම් මෙහෙණ නාදිකා ගමැ කලුරිය කළා ය. ඇයගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කරව යැ? වහන්ස, සුදත්ත නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, සුජාතා නම් උවැසි නාදිකායෙහි කලුරිය කළා ය. ඇයගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, කකුධ නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, කාලිංග නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, නිකට නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, කටිස්සහ නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, තුට්ඨ නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය ... සන්තුට්ඨ නම උවසු ... භද්‍ර නම් උවසු … සුභද්‍ර නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ?”.



37. “අනඳයෙනි, සාළ්හ මහණ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵල සමාධිය ද ඵලප්‍රඥාව ද මෙ අත්බවෙහි ම තෙමේ වෙසෙසි නුවණින් දැන පසක් කොට සපයා විසී ය. අනඳයෙනි, නන්‍දා මෙහෙණ ඔරම්භාගිය සඤ්ඤාේජන පස ක්‍ෂය කිරීමෙන් (ශුද්ධාවාසයෙහි) උපපාදුක වූවා, එහි පිරිනිවෙන්නී, එ බඹලොවින් පෙරළා මෙහි නොඑන ස්වභාවය ඇත්තී ය. අනඳයෙනි, සුදත්ත උවසු තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන්, රාග ද්වේශ මොහ තුනී වූ බැවින් සකෘදාගාමී වූයේ, එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කරන්නේ ය. අනඳයෙනි, සුජාතා උවැසි තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් සෝවාන් වූවා, අවාදුකට නො වැටෙන සුලු වූවා, ධර්මනියමයෙන් රහත්බව් ලබනුවට නියත වූවා, සම්බෝධිපරායණ (ඉහළ තුන් මගට අවශ්‍යයෙන් ම පැමිණිය යුතු) වූවා ය. අනඳයෙනි, කකුධ නම් උවසු ඔරම්භාගිය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් ශුද්ධාවාසයෙහි උපපාදුක වූයේ, එහිදී පිරිනිවෙන සුලු වූයේ, එ ලොවින් මෙහි පෙරළා නො එන ස්වභාවය ඇත්තේ ය. අනඳයෙනි, කාලිංග උවසු තෙම ... නිකට උවසු තෙම ... කටිස්සහ උවසු තෙම ... තුට්ඨ උවසු තෙම ... සන්තුට්ඨ උවසු තෙම ... භද්‍ර උවසු තෙම ... සුභද්‍ර උවසු තෙම ඔරම්භාගිය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් ශුද්ධාවාසයෙහි උපපාදුක වූයේ, එහි පිරිනිවෙන සුලු වූයේ, එ ලොවින් මෙහි පෙරළා නො එන සුලු වෙයි.



අනඳයෙනි, නාදිකායෙහි පනසකට වැඩි දෙනෙක් උවසුවෝ කලුරිය කළාහු, ඔරම්භාගිය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් ශුද්ධාවාසයෙහි උපපාදුක වූවාහු, එහි පිරිනිවෙන සුලු වූවාහු, එ ලොවින් මෙහි පෙරළ නො එන සුලු වෙත්.



අනඳයෙනි, වැඩියක් සහිත අනූ දෙනෙක් නාදිකායෙහි කලුරිය කළාහු තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන්, රාගද්වේශමෝහයන් තුනී බැවින් සකෘදාගාමී වූවාහු, එක් වරක් ම උත්පත්ති වශයෙන් මෙ ලොවට අවුත් දුක් කෙළව‍ර කරන්නාහ.



අනඳයෙනි, වැඩියක් සහිත පන්සියක් නාදිකායෙහි උවසුවෝ කලුරිය කළාහු, තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් සෝවාන් වූවාහු, අවාහි නොවැටෙන සුලු වූවාහු, රහත්බවට නියත වූවාහු, සම්බෝධිපරායණ (ඉහළ තුන් මඟට අවශ්‍යයෙන් පැමිණිය යුතු) වූහ.



38. අනඳයෙනි, විස්මය ජනක ය! යම් හෙයකින් මිනිස් වූයෙක් කලුරිය කරන්නේ නම්, ඉදින් ඒ ඒ මිනිසා කලුරිය කළ කල්හි තථාගතයන් කරා එළැඹ මෙ කරුණ විචාරන්නාහු නම්, ඒ (හැම එකක්හුගේම පරලොව ගතිය කීම) තථාගතයන්ගේ කයට වෙහෙසෙක් ම ය. අනඳයෙනි, එහෙයින් යමෙකින් සමන්විත ආර්‍ය්‍යශ්‍රාවක කැමැත්තේ ‘ක්‍ෂය කළ නිරය ඇත්තෙමි’ යි, ‘ක්‍ෂය කළ තිරිසන් යොන් ඇත්තෙමි’ යි ‘ක්‍ෂය කළ ප්‍රේතවිෂය ය ඇත්තෙමි’ යි, ‘ක්‍ෂය කළ අපාය දුර්ගති විනිපාතයන් ඇත්තෙමි’ යි, ‘මම් අවාහි නොවැටෙන සුලු, නියත වූ සම්බෝධිපරායණ වූ සෝවාන් පුඟුලෙකිම් වෙමි’ යි තෙමේ ම තමා ප්‍රකාශ කළ හැකි වන්නේ ද, එසේ වූ ධර්මාදර්ශ නම් ධර්මක්‍රමය දෙසන්නෙමි.



අනඳයෙනි, යමෙකින් සමන්විත අරි සවු තෙම කැමැත්තේ ‘මම් ක්‍ෂීණ නිරය ඇත්තෙමි, ක්‍ෂීණ තිරශ්චිනයෝනි ඇත්තෙමි, ක්‍ෂීණ ප්‍රේතවිෂය ඇත්තෙමි, ක්‍ෂීණ අපාය දුර්ගති විනිපාත ඇත්තෙමි, අවිනිපාත ස්වභාවය ඇති, නියත වූ, සම්බෝධිපරායණ වූ සෝවාන් පුඟුලෙකිම් වෙමි’ යි තෙමේ ම තමා පැවැසි යැ හැකි වන්නේ නම්, ඒ ධර්මාදර්ශ ධර්මපර්‍ය්‍යාය කවරේ ද:



අනඳයෙනි, මෙහි අරි සවු තෙම “ඒ භාග්‍යවත් තෙම මේ මේ කරුණින් අර්හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණසම්පන්න ය, සුගතය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථී ය, දෙව්මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ”යි බුදුන් කෙරෙහි ගුණ පැහැදීමෙන් සමන්විත වෙයි.



“භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනා කොට කියන ලද. තමන් විසින් ම දැක්ක යුතු ය. ඵල දෙනුවට කාලාන්තරයක් ඇති නො වේ. ‘එව, බලව’ යි කීමට නිසි ය. භාවනා වසයෙන් තමසිත්හි එළවනුවට සුදුසු ය. විඥයන් විසින් තමතමා කෙරෙහි දැක්ක යුතු යැ” යි ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් සමන්විත වෙයි.



“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙම සුපිළිපන් ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම සෘජු ව පිළිපන්නේ ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙම න්‍යායප්‍රතිපන්න ය (නිවන් පිණිස පිළිපන්නේ ය). භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙම සාමිචිප්‍රතිපන්න ය. යම් මේ ප්‍රථම මාර්ගස්ථ, ප්‍රථම ඵලස්ථ ආදි විසින් පුරුෂයුග සතර දෙනෙක් ඇද්ද, මේ නියායෙන් පුරුෂ පුද්ගලයෝ අට දෙනෙකි. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවකසංඝ තෙම දුරැ සිට ද ගෙනවුත් සිල්වත්නට පිරිනැමියැ යුතු සිවුපස පිළිගනුවට සුදුසු ය. අමුත්තනට පිළියෙල කළ දානය පිළිගන්නට සුදුසු ය. පරලොව සුව පතා දෙන දන් පිළිගන්නට සුදුසු ය. දෝත් මුදුන් තබා වැන්ද යුත්තේ ය. ලොව නිරුත්තර වූ පින්කෙත යැ” යි. සංඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් සමන්විත වෙයි.



කඩ නොවූ, සිදුරු නො වූ (තැනින් තැන සිකපද බිඳීමෙන්) සඛල නො වූ, කැලැල් රහිත වූ, නිදහස් වූ (තෘෂ්ණාදාසත්වයෙන් මිදුණු), නුවණැතියන් විසින් පසස්නා ලද, තෘෂ්ණාදෘෂ්ටි දෙකින් අපරාමෘෂ්ට වූ, උපචාර අර්පණා මාර්ග ඵල සමාපත්ති පිණිස පවත්නා වූ ආර්‍ය්‍යයනට ප්‍රිය මනාප වූ ශීලයන්ගෙන් සමන්විත වෙයි.



අනඳයෙනි, යමෙකින් සමන්විත අරි සවු තෙම කැමැත්තේ, ‘මම් ක්‍ෂීණ නිරය ඇත්තෙමි, ක්‍ෂීණ තිරශ්චීන යෝනි ඇත්තෙමි, ක්‍ෂීණ ප්‍රේතවිෂය ඇත්තෙමි, ක්‍ෂීණ අපාය දුර්ගති විනිපාත ඇත්තෙමි. අවිනිපාත ස්වාභාවය ඇති, නියත වූ සම්බෝධිපරායණ වූ, සෝවාන් පුඟුලෙකිමි’ යි තෙමේ ම තමා පවසනු හැක්කේ නම්, මේ ඒ ධර්මාදර්ශ ධර්මපර්යාය වේ.



39. භාග්‍යවතුන් වහන්සේ එහි ද නාදිකා ගමෙහි ගඩොළුයෙන් කළ ආවාසයෙහි වසන සේක්, “ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය. ශීලයෙන් පුරුදු කරන ලද සමාධිය මහත් ඵල මහත් අනුසස් ඇත්තේ ය, සමාධියෙන් පුරුදු කරන ලද ප්‍රඥාව මහත් පල මහත් අනුසස් ඇත්තේ ය, ප්‍රඥායෙන් පුරුදු කරන ලද සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මිදේ යැ” යි භික්‍ෂූනට බෙහෙවින් මේ දැහැමි කතාව ම කරන සේක.



[අම්බපාලිවනයෙහි සීවටන් දෙසීම]



40. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ඥාතිකා ගමෙහි කැමැති තාක් වැස, අනඳ තෙරුන් බණවා, ‘අනඳයෙනි, එවු, විසල්පුර කරා එළැඹෙන්නමු’ යි වදාළ සේක. ‘එසේ යැ, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟුන් හා විසල්පුරට වැඩි සේක. එහි විසල් පුරැ අම්බපාලි වනයෙහි වැඩ වසන සේක. එහි දී භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක.



“මහණෙනි, මහණහු සිහි ඇති වැ සම්‍යක් ප්‍රඥා ඇති වැ විසිය යුතු. මේ තොපට අප‍ ගෙ අනුශාසනය වේ.”



මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් සිහි ඇත්තේ වේ ද: මහණෙනි, මෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇත්තේ, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොවැ (මේ කයෙහි) කාමච්ඡන්දය හා දොම්නස හා සන්හිඳුවා, කයෙහි විදසුන් නුවණින් කය අනුව බලනුයේ වාස කෙරෙයි. කෙලෙස් තවන වැර ඇත්තේ, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, වේදනා ලොවැ කාමච්ඡන්දය හා දොම්නස හා සන්හිඳුවා, වේදනාවන්හි විදසුන් නුවණින් වේදනාව අනුව බලනුයේ වාස කෙරෙයි. කෙලෙස් තවන වැර ඇත්තේ, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොවැ කාමච්ඡන්දය හා දොම්නස හා සන්හිඳුවා සිත්හි විදසුන් නුවණින් සිත අනුව බලනුයේ වාස කෙරෙයි. කෙලෙස් තවන වැර ඇත්තේ, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොවැ කාමච්ඡන්දය හා දොම්නස හා සන්හිඳුවා, නීවරණාදී ධර්මයන්හි විදසුන් නුවණින් නීවරණාදිය අනුව බලනුයේ වාස කෙරෙයි. මහණෙනි, මෙසේ මහණ තෙම සිහි ඇත්තේ වේ.



මහණෙනි, මහණතෙම කෙසේ නම් සම්‍යක්ප්‍රඥා ඇත්තේ වේ ද: මහණෙනි, මෙහි මහණ තෙම ඉදිරි ගමනෙහි පෙරළා ඊමෙහි (කය නම් ලත් ඇටසැකිල්ලෙක් යෑම් ආදිය කරන්නේ යැයි) නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. ඉදිරි බැලීමෙහි දෙපස බැලීමෙහි නුවණින් සලකා දැන ම එය කරන්නේ වෙයි. අත් පා හැකිලීමෙහි දිගු කි‍රීමෙහි නුවණින් දැන ම එය කරන්නේ වෙයි. සංඝාටිය ද පාත්‍රය ද සිවුරු ද දැරීමෙහි නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. බොජුන් වැළැඳීමෙහි ද පැන් පීමෙහි ද විකා කෑ යුතු දැය කෑමෙහි ද මී සකුරු ආදීන් රසවිඳීමෙහි ද නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. මල මූ පහ කිරීමෙහි නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. යෑමෙහි ද සිටීමෙහි ද හිඳීමෙහි ද නිදි ගැන්මෙහි ද නිදිවැරීමෙහි ද කීමෙහි ද නිහඬ වීමෙහි ද නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. මහණෙනි, මහණ තෙම මෙසේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ වෙයි.



මහණෙනි, මහණ සිහි ඇති වැ නුවණ ඇති ව විසිය යුතු. මේ තොපට අපගේ අනුශාසනය යි.



[අම්බපාලි ආරාමය පිළිගැනීම]



41. අම්බපාලී ගණිකා තොමෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසල් පුර වැඩ විසල්පුරට නොදුරු වූ මාගේ අඹවෙනෙහි වසන සේකැ’ යි ඇසුවා ය. ඉක්බිති ඕ තොම සොඳුරු සොඳුරු යානයන් යොදවා, සොඳුරු යානයකට නැඟ, සොඳුරු සොඳුරු යානයන්ගෙන් උපලක්‍ෂිත වැ විසල්පුරෙන් නික්මුණා ය. සිය අරම කරා එළැඹියා ය. යානයට බිම යම් තාක් ද ඒ තාක් යානයෙන් ගොස් එයින් බැස පාගමන් ඇත්තී ම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නා ය. එක් පසෙක හුන් අම්බපාලිගණිකාවට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් දොලෝවැඩ දක්‍වා වදාළ සේක. එය සිතට ගැන්වූ සේක. එහි සිත් තියුණු කළ සේක. එහි සිත සතුටු කරැවූ සේක. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්‍වන ලද, එය සිතට ගන්නව ලද, එහි සිත තියුණු කරන ලද, එහි සතුටු කරන ලද අම්බපාලි ගණිකා තොමෝ ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන සමඟ ව සෙට දිනට මගේ බත ඉවසන සේක් වා’ යි අයැද සිටියා ය. භාග්‍යව‍‍‍තුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසා වදාළ සේක. ඉක්බිති අම්බපාලි ගණිකා තොම භාග්‍යවතුන් වහන්සේ තම අයැදුම ඉවැසූ නියා දැන හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මියා ය.



42. විසල්පුර වැසි ලිච්ඡවි රජදරුවෝ භාග්‍යවතුන් වහන්සේ විසල් පුර වැඩිසේක් විසල්පුර අම්බපාලිවනයෙහි වසන සේක් ලැ යි ඇසූහ. ඉක්බිති තෙල ලිච්ඡවීහු උතුම් උතුම් යාන යොදවා, උතුම් උතුම් යාන නැඟ, උතුම් උතුම් යානයන්ගෙන් උපලක්‍ෂිත වැ විසල්පුරයෙන් නික්මුණාහ. ඔවුන් අතුරෙහි ඇතැම් ලිච්ඡවීහු නිල් අඟරා ඇත්තාහු නිල් වත් දරන්නාහු නිල්මිණෙන් හා නිල්මලින් සැරහුණා හු නිල්වන් වෙති. ඇතැම් ලිච්ඡවීහු රන්වන් අඟරා ඇත්තාහු රන්වන් වත් දරන්නාහු රන්වන් මිණෙන් හා රන්වන් මලින් සැරහුණාහු රන්වන් වෙති. ඇතැම් ලිච්ඡවීහු රත් අඟරා ඇත්තාහු රත් වත් දරන්නාහු රත් මිණෙන් හා රත් මලින් සැරහුණාහු රත්වන් වෙති. ඇතැම් ලිච්ඡවීහු සුදු අඟරා ඇත්තාහු සුදු වත් දරන්නාහු සුදුමිණෙන් හා සුදු මලින් සැරහුණාහු සුදු වන් වෙත්.



43. ඉක්බිති අම්බපාලි ගණිකා තොම තමාට ඉදිරියෙන් රිය නැඟ යන තරුණ ලිච්ඡවීන්ගේ යාන තම රියහිසින් ඔවුන් රියහිස් ද, තම රියසකින් ඔවුන් රියසක් ද, තම රියැ වියගසින් ඔවුන් රියැ වියගස් ද හැන ඉවත් කෙරෙමින් ගියා ය. එකලැ ලිච්ඡවීහු අම්බපාලි ගණිකාවට ‘හෙම්බා අම්බපාලිය, තරුණ තරුණ ලිච්ඡවීන්ගේ රියහිසින් රියහිස ද රියසකින් රියසක ද රියවියෙන් රියවිය ද ගටා ඉවත් කෙරෙමින් යුහු යුහු ව කුමට යෙයි ද?’ යි විචාළාහ. “ආර්‍ය්‍යපුත්‍රයිනි, එසේම ය. සෙට බතට මා විසින් බික්සඟන හා භාග්‍යවතුන් වහන්සේ නිමතන ලද සේකැ” යි ඕ කිවූ ය. ‘හෙම්බා අම්බපාලි ය, මේ බත (මේ බතට කළ නිමන්ත්‍රණය) කහවණු ලක්‍ෂයක් ගෙන අපට දෙව’ යි ලිච්ඡවීහු කීහ.‘ආර්‍ය්‍යපුත්‍රයිනි, මම දනවු සහිත විසල්පුර දෙන්නහු නුමුදු මෙසේ මහත් අනුසස් ඇති මෙ බත (බතට කළ නිමන්ත්‍රණය) ඔබට පවරා නො දෙමි’යි ඕ කිවු ය. එ කලැ ඒ ලිච්ඡවීහු ‘පින්වත්නි, ඒකාන්තයෙන් අපි ස්ත්‍රියක විසින් දිනන ලදුම්හ, පින්වත්නි, ඒකාන්තයෙන් අපි ස්ත්‍රියක විසින් දිනන ලදුම්හ’ යි ඇඟිලි පෙළුහ. (අසුර ගැසූහ.)



44. ඉක්බිති ඒ ලිච්ඡවීහු අම්බපාලිවනය කරා ගියහ. භාග්‍යවතුන් වහන්සේ දුරින් ම එන ඒ ලිච්ඡවීන් දුටු සේක් ම ය. දැක භික්‍ෂූන් අමතා ‘මහණෙනි, යම් භික්‍ෂු කෙනෙකුන් විසින් තවුතිසාවැසි දෙවියෝ නො දක්නා ලදහු ද, මහණෙනි, ඒ තෙපි තෙල එන ලිච්ඡවී පිරිස බලවු. තෙල ලිච්ඡවි පිරිස පුනපුනා බලවු. තෙල ලිච්ඡවි පිරිස තවුතිසා වැසි දෙවි පිරිසට ළං කොට (සම කොට) සලකවු’ යැ යි වදාළ සේක.



45. ඉක්බිති ඒ ලිච්ඡවීහු යානයට යෝග්‍ය බිම යම්තාක් ද, ඒ තාක් යානයෙන් ගොස්, යානයෙන් බැස, පාගමන් ඇත්තාහු ම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්හ. පසෙක හුන් ඒ ලිච්ඡවීනට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් දෙලෝ වැඩ දැක්වූ සේක. එහි සමාදන් කරවූ සේක. එහි සිත් තියුණු කරවූ සේක. එහි සතුටු කරවූ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වන ලද, එහි සමාදන් කරවන ලද, එහි සිත් තියුණු කරවන ලද, එහි සතුටු කරවන ලද ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා සෙට දවසට අපගේ බත ඉවසන සේක්ව’ යි කීහ. ‘ලිච්ඡවීනි, මා විසින් සෙට දවසට අම්බපාලී ගණිකාවගේ බත ඉවසන ලදැ’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එකල්හි ඒ ලිච්ඡවීහු ‘භවත්නි, ඒකාන්තයෙන් ස්ත්‍රියක විසින් දිනන ලද්දම්හ. භවත්නි, ඒකාන්තයෙන් ස්ත්‍රියක විසින් දිනන ලද්දම්හ’ යි ඇඟිලි පෙළුෑහ. ඉක්බිති ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේ‍ගේ වචනය පිළිගෙන, අනුමෝදන් ව, හුනස්නෙන් නැඟී, භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට නික්මැ ගියහ.



46. ඉක්බිති අම්බපාලි ගණිකා බුදුපාමොක් බික්සඟන ප්‍රණීත ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සැතප්වූවා ය. පෙරැත්ත කොට වැළැඳවූවා ය. ඉක්බිත්තෙන් අම්බපාලි ගණිකා තොම බොජුන් වැළැඳු, පාත්‍රයෙන් ඉවතට ගන්නා ලද අත් ඇති භාග්‍යවතුන් වහන්සේට එකත්පස් වැ එක්තරා මිටි අස්නක් ගෙන උන්නා ය. එසේ එකත්පස්වැ හුන් අම්බපාලි ගණිකා තොම භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, මේ අරම බුදුපාමොක් බික්සඟනට දෙමි’ යි කීවා ය. භාග්‍යවතුන් වහන්සේ අරම පිළිගත් සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බපාලි ගණිකාවට දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වා, එහි ඇය සමාදන් කරවා, එහි උත්සාහවත් කරවා සිත සතුටු කරවා හුනස්නෙන් නැගී වැඩි සේක.



47. භාග්‍යවතුන් වහන්සේ ඒ අම්බපාලිවනයෙහිදු වසමින් “ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙ‍සේ ය, ශිලයෙන් පුරුදු කරන ලද සමාධිය මහත් පල මහත් අනුසස් ඇත්තේ ය, සමාධියෙන් පුරුදු කරන ලද ප්‍රඥාව මහත් පල මහත් අනුසස් ඇත්තේ ය, ප්‍රඥායෙන් පුරුදු කරන ලද සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මිදේ” යැ යි වදාළ සේක.



[බේලුවගම්හි ජීවිතසංස්කාර - අධිෂ්ඨානය]



48. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අම්බපාලිවනයෙහි කැමැති තාක් වැස, අනඳ තෙරුන් බණවා, ‘අනඳයෙනි, එවු, බේලුවගම කරා යන්නෙමු’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්ස’ යි අනඳ තෙරණුවෝ පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන හා බේලුව ගමට වැඩි සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ එහි බේලුව ගමෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා “මහණෙනි, තෙපි මෙහි එවු. විසල්පුර හාත්පසැ ඒ ඒ මිතුරු පැවිද්දන් ද, දැක හඳුනන පැවිද්දන් ද, දැඩිමිතුරු පැවිද්දන් ද වසන තන්හි වස් එළැඹෙවු. මම මේ බේලුව ගමෙහි ම වස් එළැඹෙමි” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ මහණහු විසල්පුර හාත්පසැ ඒ ඒ මිතුරන් දැක හඳුනන්නන් දැඩි මිතුරන් වසන තන්හි වස් එළැඹියහ. භාග්‍යවතුන් වහන්සේ ඒ බේලුව ගමෙහි වස් එළැඹි සේක.



49. එකල්හි වස් එළැඹි භාග්‍යවතුන් වහන්සේට දරුණු ආබාධයෙක් උපන. මරණය වෙතට පැමිණැවීමෙහි සමත් වූ දැඩි වේදනා පැවැත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ සිහි ඇති ව නුවණින් සලකමින් එයින් නො පෙළෙමින් ඒ වේදනාව ඉවැසූ සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේට ‘යම්බඳු වූ මම් උවටුවන් නො අමතා බික්සඟනට නො දන්වා පිරිනිවෙන්නෙම් නම් එය මට නො සුදුසු ය. මම මේ ආබාධය වීර්‍ය්‍යයෙන් මැඩලා ජීවිතසංස්කාරය (දිවි පවත්වනුවට සමත් පලසමවත) ඉටා වසන්නෙම් නම් මැනැවැ’ යි මේ සිත විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ ආබාධය වීර්‍ය්‍යයෙන් මැඩ ජීවිතසංස්කාරය ඉටා වුසූ සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේගේ ඒ ආබාධය සන්හිඳුණේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගිලන් බැවින් නැගී සිටි සේක්, ගිලන් බැවින් නැගි නොබෝ කල් ඇති සේක්, වෙහෙරෙන් නික්මැ වෙහෙර ඉදිරිපසැ සෙවණෙහි පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක.



50. එකල්හි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියෝ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්හ. එක් පසෙක හුන් අනඳ තෙරණුවෝ වහන්ස, “භාග්‍යවතුන් වහන්සේගේ පහසුව දක්නා ලදි. භාග්‍යවතුන් වහන්සේගේ සහනය දක්නා ලදි. එහෙත් මගේ සිරුර හටගත් තද බව ඇත්තක්හු මෙන් විය. භාග්‍යවතුන් වහන්සේගේ ගිලන් බව හේතු කොට ගෙන දිශාවෝ ද මට නො පෙනෙත්. සතිපට්ඨාන ධර්මයෝ ද මට නොවැටහෙත්. වහන්ස, එතෙකුදු වුවත් යම්තාක් භාග්‍යවතුන් වහන්සේ බික්සඟන ඇරැබ කිසි පශ්චිමාවවාදයක් වදාරන සේක් ද, ඒතාක් ම නො පිරිනිවෙන සේකැ යි කිසි ආස්වාදමාත්‍රයෙක් මට වී යැ” යි සැළ කළහ.



51. අනඳයෙනි, භික්‍ෂුසංඝ තෙම මා කෙරෙහි කුමක් නම් අපේක්‍ෂා කෙරෙයි ද? අනඳයෙනි, මා විසින් අභ්‍යන්තර බාහිර යැ යි (ධර්ම වශයෙන් හෝ පුද්ගල වශයෙන් දෙ කොටසක් නො කොට) දහම් දෙසන ලදි. අනඳයෙනි, ධර්මවිෂයයෙහි තථාගතයන්ගේ ආචාර්‍ය්‍යමුෂ්ටියෙක් නැත. අනඳයෙනි, යමකුට ‘මම් බික්සඟන පරිහරණය කරන්නෙමි’ කියා හෝ ‘බික්සඟන මා උදෙසා වසන්නේ වේව’ යි කියා හෝ මේ සිත වන්නේ ද, අනඳයෙනි, හෙ තෙම බික්සඟන ඇරැබ කිසිවක් ම කියන්නේ ය. අනඳයෙනි, තථාගතයනට “මම බික්සඟන පරිහරණය කරන්නෙමි” කියා හෝ “බික්සඟන මා උදෙසා ම (මා බලා ම) සිටුනේ වේ ව” යි කියා හෝ මෙසේ සිතෙක් නො ම වෙයි. අනඳයෙනි, කවර හෙයින් ඒ තථාගතයෝ බික්සඟන ඇරැබැ කිසිවක් නම් කියන්නෝ ද?



52. අනඳයෙනි, මම් දැන් ජීර්ණයෙමි, වෘද්ධයෙමි, මහලුයෙමි. දික් කලක් ඉක්මියෙමි, පැසිම් වියට පැමිණයෙමි. මා වයස දැන් අසූවෙක් වෙයි. අනඳයෙනි, දිරූ ගැලක් චක්‍රබන්ධනාදි පිළිසකරින් යැපෙන්නේ ද, එසේ ම තථාගතයන්ගේ කය රහත්පලසමවත් නැමැති පිළිසකරින් යැපෙන්නේ ය. අනඳයෙනි, තථාගතයෝ රූපනිමිත්තාදි සියලු නිමිති නො මෙනෙහි කිරීමෙන් ඇතැම් වේදනාවන්ගේ නිරෝධයෙන් නිමිති රහිත චිත්තවිමුක්තියට පැමිණ වෙසෙත් ද, අනඳයෙනි, එසමයෙහි තථාගතයන්ගේ කය අතිශයින් පහසු ඇතියෙක් වෙයි. අනඳයෙනි, එහෙයින් තෙපි (ඒ පලසමයත් පිණිස) තමන් ම ද්වීප (පිහිට) කොට ගෙන, තමන් ම ශරණ කොට ඇති ව, අනන්‍යශරණ ව (බාහිර සරණක් නැත්තෝ ව) වසවු. ධර්මය ම ද්වීප කොට ඇති ව, ධර්මය ම සරණ කොට ඇති ව, අනන්‍යශරණ ව (අන්සරණක් අපෙක්‍ෂා නොකරන්නෝ ව) වසවු.



53. අනඳයෙනි, මහණ තෙම කෙසේ නම් තමා ම ද්වීප කොට ඇත්තේ, තමා ම සරණ කොට ඇත්තේ, අනන්‍යශරණ ව, ධර්මය ද්වීප කොට ඇත්තේ, ධර්මශරණ ව අනන්‍යශරණ ව වෙසේ ද යත්: අනඳයෙනි, මෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇති ව, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොව කෙරෙහි අභිධ්‍යා ව්‍යාපාද දුරැ ලා කයෙහි කායානුපස්සී ව වෙසෙයි. වේදනාවන්හි වේදනානුපස්සී ව ... සිත්හි චිත්තානුපස්සී ව වෙසෙයි. කෙලෙස් තවන වැර ඇති ව, නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොවෙහි අභිධ්‍යා ව්‍යාපාද දුරැලා (නීවරණාදි) ධර්මයන්හි ධම්මානුපස්සීව වෙසෙයි.



54. අනඳයෙනි, මෙසේ මහණ තෙම තමා ද්වීප කොට ඇති ව, තමා ශරණ කොට ඇති ව අන් සරණක් නැති ව, ධර්මය ද්වීප කොට ඇති ව, ධර්මය ශරණ කොට ඇති ව අන්සරණක් නැති ව වෙසෙයි. අනඳයෙනි, යම් භික්‍ෂූ කෙනෙක් දැන් හෝ මා ඇවෑමෙන් හෝ තමන් ද්වීප කොට ඇත්තාහු තමන් සරණ කොට ඇත්තාහු අන් සරණක් නැත්තාහු, ධර්මය ද්වීප කොට ඇත්තාහු ධර්මය සරණ කොට ඇත්තාහු අන් සරණක් නැත්තාහු වසන්නෝ නම්, අනඳයෙනි, ශික්‍ෂාකාමී වූ සියලු භික්‍ෂූන් අතුරෙන් සතර සිවටන් වඩන ඒ මාගේ ශ්‍රාවක භික්‍ෂූහු තමොයොග සිඳ අග්‍රතම (අත්‍යග්‍ර) වන්නාහ.



දෙවෙනි බණවර නිමියේ ය.



චාපාල චෙතියෙහිදී ආයුසංස්කාර හැරලීම:



55. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස පිවිසි සේක. විසල්පුර පිඬු පිණිස හැසිරැ පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා වැඩි සේක්, අනඳතෙරුන් බණවා “අනඳයෙනි, නිසීදනය ගනුව, දිවාවිහරණය පිණිස චාපාල චෛත්‍යය කරා එළැඹෙන්නමු” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී නිසීදනය ගෙන භාග්‍යවතුන් වහන්සේ අනුව පසුපසින් ගියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාලචෛත්‍යය කරා එළැඹි සේක. එළැඹ පනවන ලද අස්නැ වැඩ හුන් සේක. අනඳ තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් අනඳ තෙරුනට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:



56. “අනඳයෙනි, විසල්පුර රම්‍ය ය, උදේන චෛත්‍යය (සමවත් සුවයට) රම්‍ය ය, ගෞතමක චෛත්‍යය රම්‍ය ය, සත්තම්බ චෛත්‍යය රම්‍ය ය, බහුපුත්‍ර චෛත්‍යය රම්‍ය ය, සාරන්‍දද චෛත්‍යය රම්‍ය ය, චාපාල චෛත්‍යය රම්‍ය ය. අනඳයෙනි, යමකු විසින් සතර ඉදුපාහු වඩන ලදහු ද, පුනපුනා වඩන ලදහු ද, යුක්ත යානයක් සේ කරන ලදහු ද, තහවුරු කොට පිහිටුවන ලදහු ද, අනුෂ්ඨිත ද, පුරුදු කරන ලදහු ද, මොනොවට සම්පූර්ණ කරන ලදහු ද, හේ කැමැත්තේ ආයුෂ්කල්පයක් හෝ ආයුෂ්කල්පයකට මඳක් වැඩි වූ කලක් හෝ සිටුනේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් සතර ඉදුපාහු භාවිතය හ, බහුලීකෘතය හ, යානීකෘතය හ, වාස්තුකෘතය හ, අනුෂ්ඨිතය හ, පරිචිතය හ, සුසමාරබ්ධය හ. අනඳයෙනි, ඒ තථාගතයෝ කැමැත්තාහු නම්, කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනාහ” යනු යි.



57. භාග්‍යවතුන් වහන්සේ විසින් (පිරිනිවන්පානා බවට) මෙසේ ඖදාරික නිමිති ඖදාරික අවභාස කරනු ලබන කල්හි දු, මරහු විසින් මඩනා ලද සිතැතියක්හු සේ, අනඳ තෙරණුවෝ එය දැන ගන්නට නො හැකි වූහ. ‘වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්ව’ යි, ‘සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්ව’ යි භාග්‍යවතුන් වහන්සේ නො යැදූහ.



58. භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වර ද ... තෙවෙනි වර ද “අනඳයෙනි, විසල්පුර සිත්කලු ය, උදේන චෛත්‍යය සිත්කලු ය, ගෞතම චෛත්‍යය සිත්කලු ය, සත්තම්බ චෛත්‍යය සිත්කලු ය, බහුපුත්‍ර චෛත්‍යය සිත්කලු ය, සාරන්‍දද චෛත්‍යය සිත්කලු ය, චාපාල චෛත්‍යය සිත්කලු ය. අනඳයෙනි, යමක්හු විසින් සතර ඉදුපාහු භාවිත ද, බහුලීකෘත ද, යානීකෘත ද, වාස්තුකෘත ද, අනුෂ්ඨිත ද, පරිචිත ද, සුසමාරබ්ධ ද, හේ කැමැත්තේ කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් සතර ඉදුපාහු භාවිතයහ, බහුලීකෘතයහ, යානීකෘතයහ, වාස්තුකෘතයහ, අනුෂ්ඨිතයහ, පරිචිතයහ, සුසමාරබ්ධයහ. අනඳයෙනි, ඒ තථාගතයෝ කැමැති වන්නාහු නම්, කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනාහ” යි අනඳ තෙරුනට වදාළ සේක.



59. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ ඖදාරික නිමිත්තය ඖදාරිකාවභාසය කරනු ලබන කල්හි දු මරහු විසින් මඩනා ලද සිතැත්තක්හු සෙයින් අනඳ තෙරණුවෝ එය දැනගන්නට නො හැකි වූහ. භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩසිටුනා සේක් වා. සුගතයන් වහන්සේ කල්පයක් වැඩසිටුනා සේක් වා” යි යාච්ඤා නො කළහ.



60. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙ‍රුන් බණවා, “අනඳයෙනි, දැන් යම් විවේකයකට කල් සලකවු නම්, ඒ සඳහා යවු” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, හුනස්නෙන් නැඟී, භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණු කොට, නොදුරෙහි එක්තරා රුක්මුලෙක හුන්හ. එ කල්හි අනඳ කෙරුන් ගිය නොබෝ කල්හි පවිටු වූ වසවත් මර තෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ මර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කී:



61. “වහන්‍ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක් වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කල් ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටු මරුව, යම්තාක් මාගේ භික්‍ෂූහු ව්‍යක්ත වූ විනීත වූ විශාරද වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ ධර්මානුධර්මප්‍රතිපන්න වූ සාමිචිප්‍රතිපන්න වූ අනුධර්මචාරිවූ ශ්‍රාවකයෝ නො වන්නාහු ද, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවෘත කොට නො දකවන්නාහු ද, බෙදා නො දක්වන්නාහු ද, ප්‍රකට කොට නො දක්වන්නාහු ද, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මැඩලා ප්‍රාතිහාර්‍ය්‍ය සහිත (නෛර්‍ය්‍යාණික කොට) දහම් නො දෙසන්නාහු ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි” යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්‍ෂූහු ව්‍යක්තහ, විනීතහ, විශාරදහ, බහුශ්‍රැතහ, ධර්මධරහ, ධර්මානුධර්මප්‍රතිපන්නහ, සාමිචිප්‍රතිපන්නහ, අනුධර්මාචාරීහ, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන කියත්, දෙසත්, පනවත්, පිහිටුවත්, විවෘත කෙරෙත්, විභාග කොට දක්වත්, හෙළි කෙරෙත්, උපන් පරප්‍රවාදය කරුණු සහිත ව මොනොවට මැඩ නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක් වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවනට කල් ය.”



62. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටු මරුව, යම්තාක් මගේ භික්‍ෂුණීහු ව්‍යක්ත වූ විනීත වූ විශාරද වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ ධර්මානුධර්මප්‍රතිපන්න වූ සාමිචිප්‍රතිපන්න වූ අනුධර්මචාරී වූ ශ්‍රාවිකාවෝ නො වන්නාහු ද, ස්වකීය ආචාර්‍ය්‍ය වාදය ඉගෙන‍ නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවෘත කොට නො දක්‍වන්නාහු ද, බෙදා නො දක්‍වන්නාහු ද, ප්‍රකට කොට නො දක්‍වන්නාහු ද, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මැඩලා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි’ යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා මෙහෙණියෝ ව්‍යක්ත හ, විනීත හ, විශාරද හ, බහුශ්‍රැත හ, ධර්මධර හ, ධර්මානුධර්ම ප්‍රතිපන්න හ, සාමීචිප්‍රතිපන්න හ, අනුධර්මචාරී හ, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන කියත්, දෙසත්, පනවත්, පිහිටුවත්, මතු කෙරෙත්, බෙදා දක්‍වත්, උපන් පරප්‍රවාදය කරුණු සහිත මොනොවට මැඩ නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා, වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කල් ය.”



63. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටු මරුව, යම්තාක් මගේ ශ්‍රාවක උපාසකයෝ ව්‍යක්ත විනීත විසාරද බහුශ්‍රැත ධර්මධර ධර්මානුධර්මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න අනුධර්මචාරීහු නො වන්නාහු ද, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවෘත කොට නො දක්‍වන්නාහු ද, බෙදා නො දක්‍වන්නාහු ද, නො හෙළි කරන්නාහු ද, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මැඩලා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි’ යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ උපාසකයෝ ව්‍යක්ත හ, විනීත හ, විශාරද හ, බහුශ්‍රැත හ, ධර්මධර හ, ධර්මානුධර්මප්‍රතිපන්න හ, සාමීචිප්‍රතිපන්න හ, අනුධර්මචාරී හ, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන කියත්, දෙසත්, පණවත්, පිහිටුවත්, මතු කෙරෙත්, බෙදා දක්‍වත්, උපන්පරප්‍රසාදය කරුණු සහිත ව මොනොවට මැඩ, නෛර්‍ය්‍යාණීක කොට දහම් දෙසත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා, සුගතයන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කල්ය.”



64. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටු මරුව යම්තාක් මගේ ශ්‍රාවිකා වූ උවැසියෝ ව්‍යක්ත විනීත විසාරද බහුශ්‍රැත ධර්මධර ධර්මානුධර්මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න අනුධර්මචාරීණීහු නො වන්නාහු ද, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නෝ ද, නො පණවන්නෝ ද, නොපිහිටුවන්නෝ ද, විවෘත කොට නො දක්‍වන්නෝ ද, බෙදා නො දක්‍වන්නෝ ද, නො හෙළි කරන්නෝ ද, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මැඩලා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නෝ ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි’ යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා වූ උවැසියෝ ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රැත ධර්මධර ධර්මානුධර්මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න, අනුධර්මචාරීණීහු වෙත්. ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන කියත්, දෙසත්, පණවත්, පිහිටුවත්, බෙදා දක්‍වත්. උපන් පරප්‍රවාදය කරුණු සහිත ව මොනොවට මැඩ නෛර්‍ය්‍යාණීක කොට දහම් දෙසත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට දැන් පිරිනිවෙන්නට කල් ය.”



65. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටුව, යම් තාක් මාගේ මේ ශාසනමාර්ගබ්‍රහ්මචර්‍ය්‍ය සමෘද්ධ නො වන්නේ ද, වෘද්ධිප්‍රාප්ත නො වන්නේ ද, විස්තීර්ණ නො වන්නේ ද, බොහෝ දෙනා විසින් දැන ගන්නා ලද්දක් නො වන්නේ ද, පෘථුල නො වන්නේ ද, ඇති තාක් නුවණැති හැම දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිත නො වන්නේ ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි” යි මේ වචනය වදාරන ලද්දේ ම ය. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනමාර්ගබ්‍රහ්මචර්‍ය්‍ය සමෘද්ධ ද වෘද්ධිප්‍රාප්ත ද විස්තෘත ද බාහුජන්‍ය ද පෘථුල ද ඇති තාක් නුවණැති දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිත ද වේ. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේන් වා. සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක් වා. දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට ලක් යැ” යි කීය.



66. මෙසේ කී කලැ භාග්‍යවතුන් වහන්සේ පවිටු මරදෙව්පුතුට “පවිට තෝ මන්දොත්සාහීවව. නොබෝ කල්හි තථාගතයන්ගේ පිරිනිවීම වන්නේ ය. මෙයින් තෙමසක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ” යි වදාළ සේක.



67. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යයෙහි දී සිහි ඇති සේක් මනානුවණින් දන්නා සේක් ම ආයුසංස්කාරය හළ සේක. (මෙ තැන් පටන් කොට තෙමසක් ම සමවත් සමවදිමින් දිවි පවත්වමි. එයින් මත්තෙහි සමවතට නො සමවදිමි’ සිත ඉපිදැවු සේක.) භාග්‍යවතුන් වහන්සේ ආයුස්සංස්කාරය හළ කෙණෙහි ම බිහිසුණු වූ ලොමුදහ ගන්වන මහත් භූමිකම්පනයෙක් විය. දෙව්බෙර පැළිණ (නොකල්හිවැසි වට). එකලැ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන ඒ වේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක:



“බුද්ධමුනි තෙම නිවන ද භවය ද තුලනා කරනුයේ (තීරණය කරනුයේ) භවසංස්කාරකර්මය (බොමැඩදීම) හළේ ය. විදර්ශනා විසින් නිජකාධ්‍යාත්මයෙහි ඇලුණේ ශමථ වශයෙන් සමාහිත වූයේ, (මෙ‍සේ ශමථ - විදර්ශනා බලයෙන්) කවචයක් (යුදසැට්ටයක්) මෙන් තම අත් බව වැළඳ සිටි සියලු කෙලෙස් බිඳ හළේ ය. (එහෙයින් අභීත ව ආයුසංස්කරාය හළේ ය.)”



(භූමිචලනයෙහි හේතු අට)



68. එකල්හි අනඳ තෙරුනට “භවත්නි, ආශ්චර්‍ය්‍ය ය, භවත්නි, අද්භූත ය. මේ භූමිචලනය මහත් ය. මේ භූමිකම්පනය ඉතා මහත් ය, බිහිසුණු ය, ලොමුදහ ගන්වන සුලු ය. දෙව්බෙර ද පැළිණ (නොකල් වැසි වට). මහත් භූමිචලනය ඇති වන්නට හේතු කවර ය, ප්‍රත්‍යය කවර යැ” යි මේ සිත විය. ඉක්බිති අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ වැඳ පසෙක හුන්හ. පසෙක හිඳ, “වහන්ස, ආශ්චර්‍ය්‍ය ය, වහන්ස, අද්භූත ය. වහන්ස, මේ භූමිචලනය මහත් ය, මේ භූමිචලනය ඉතා මහත් ය. බිහිසුණු ය, ලොමුදහ ගන්වන සුලු ය. දෙව් බෙර ද පැළිණ. වහන්ස, මහත් භූමිකම්පනයට හේතු කවර ය? ප්‍රත්‍යය කවර ය?” යි මෙය විචාළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:



69. අනඳයෙනි, මහද්භූමිකම්පනය ඇති වන්නට මේ හේතු අටෙක, ප්‍රත්‍යය අටෙක. කවර අටෙක්ද යත්:



අනඳයෙනි, මේ මහ පෙළොව දිය ආධාර කොට පිහිටියේ වෙයි. දිය වාතය ආධාර කොට පිහිටියේ වෙයි. වාතය අහසෙහි සිටියේ වෙයි. අනඳයෙනි, යම් විටෙක මහා වාතයෝ හමත් ද, මහා වාතයෝ හමන්නාහු දිය සොලොවත් ද, දිය සෙලැවුණේ පොළොව සොලොවා ද, එසේ වූ කාලයෙක් වෙයි. මහත් භූමිකම්පනය ඇති වනුවට මේ පළමු හේතුව, පළමු ප්‍රත්‍යය වෙයි. (1)



තවද අනෙකක් කියම්. අනඳයෙනි, සෘද්ධිමත් චිත්තවශිතා ලත් මහණෙක් හෝ බමුණෙක් වෙයි ද, මහත් සෘද්ධි ඇති මහානුභාව ඇති දෙවියෙක් හෝ වෙයි ද, ඔහු විසින් පෘථවිසංඥාව මඳ ලෙස වඩන ලද්දේ වේ ද, අප්සංඥාව අප්‍රමාණ කොට වඩන ලද්දේ වේ ද, හෙතෙම මේ පොළොව සොලොවයි. උඩු දෙසට සොලොවා යවයි. උඩු යට දෙදෙසට යවමින් හාත්පසින් සෙලොවයි. වඩාත් වෙවුල්වයි. මහත් භූමිකම්පනයට මේ දෙවෙනි හේතුව, දෙවෙනි ප්‍රත්‍යය වෙයි. (2)



තව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක්හි බෝසත් තෙම තුසී දෙව්නකායෙන් සැව, සිහි ඇත්තේ නුවණ ඇත්තේ මවු කුසට බසී ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, හාත්පස වඩාත් සැලෙයි, වෙවුලයි. මහද්භූමිකම්පනය ඇති වන්නට මේ තෙවෙනි හේතුව, තෙවෙනි ප්‍රත්‍යය වෙයි. (3)



තව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක බෝසත් තෙම සිහි ඇත්තේ නුවණ ඇත්තේ මවු කුසින් බිහි වේ ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, හාත්පසින් වඩාත් සැලෙයි, වෙවුලයි. මහද්භූමිකම්පනය පහළ වන්නට මේ සිවුවන හේතුව, සිවුවන ප්‍රත්‍යය වෙයි. (4)



තව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක තථාගත තෙම නිරුත්තර සම්‍යක්සම්බෝධිසමධිගමය කෙරේ ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, වඩාත් සැලෙයි, වෙවුලයි. මහද්භූමිකම්පනය ඇති වන්නට මේ පස්වන හේතුව, පස්වන ප්‍රත්‍යය වෙයි. (5)



තව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක තථාගත තෙම නිරුත්තර දහම්සක් පවත්වා ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, වඩාත් සැලෙයි, වෙවුලයි. මේ මහද්භූමිකම්පනය ඇති වන්නට සවන හේතුව සවන ප්‍රත්‍යය වෙයි. (6)



තව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක තථාගත තෙම සිහි ඇත්තේ මනා නුවණ ඇත්තේ ආයුසංස්කාරය හරී ද, එ කල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, වඩාත් සැලෙයි, වෙවුලයි. මේ මහද්භූමිකම්පනය ඇති වන්නට සත්වන හේතුව සත්වන ප්‍රත්‍යය වෙයි. (7)



තව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක තථාගත තෙම අනුපාදිශේෂ නිර්වාණධාතුයෙන් පිරිනිවෙයි ද, එකලැ මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි. වඩාත් සැලෙයි. වඩාත් සැලෙයි, වෙවුලයි. මේ මහද්භූමිකම්පනය ඇති වන්නට අටවැනි හේතුව, අටවැනි ප්‍රත්‍යය වෙයි.



අනඳයෙනි, මේ මහද්භූමිකම්පනය ඇති වන්නට හේතු වූ ප්‍රත්‍යය වූ කරුණු අට ය.



[පිරිස් අට]



70. අනඳයෙනි, මේ පිරිස් අටෙක. කවර අටෙක් ද යත්: කැත්පිරිස බමුණුපිරිස ගැහැවිපිරිස මහණපිරිස සියුමහරැජිපිරිස තව්තිසාපිරිස මරපිරිස බඹපිරිස යන මොහු ය.



අනඳයෙනි, මා නොයෙක් සිය ගණන් කැත්පිරිස් කරා එළැඹුණා දනිමි (සිහි කෙරෙමි). එහි ද මා විසින් හුන් විරූ ද, කතාබස් කළ විරූ ද, සාකච්ඡා කළ විරූ ද වෙයි. එහි ඔවුන්ගේ පැහැ යම් බඳු වේ ද මගේ පැහැ ද එබඳු වෙයි. ඔවුන්ගේ කටහඬ යම් බඳු වේ ද මගේ කටහඬ ද එබඳු වෙයි. එහි ඔවුනට දැහැමි කතායෙන් ද කරුණු දක්වමි, එය ඔවුනට ගන්වමි, එහි ඔවුන් තියුණු කෙරෙමි, එහි ඔවුන් තුටුපහටු කෙරෙමි. එසේ කියන මා ඔහු ‘මේ කවරෙක් කතා කෙරේ ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි නො දනිත්. දැහැමි කතායෙන් දරුණු දක්වා, කරුණු ගන්වා, එහි ඔවුන් තියුණු කොට, තුටු පහටු කොට අතුරුදහන් වෙමි. අතුරුදහන් වූ ද මා ‘කවරෙක් නම් මේ අතුරුදහන් වී ද දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි ඔහු නො දනිත්.



අනඳයෙනි, මා නොයෙක් සියගණන් බමුණුපිරිස් ... ගැහැවිපිරිස් ... මහණ පිරිස් ... සිවුමහරැජි පිරිස් ... තව්තිසාපිරිස් ... මරපිරිස් ..... බඹපිරිස් කරා එළැඹුණා දනිමි. එහි ද මා විසින් හුන්විරූ ද, කතාබස් කළ විරූ ද, සාකච්ඡා කළ විරූ ද වෙයි. එහි ඔවුන්ගේ පැහැ යම්බඳු වේ ද මගේ පැහැ ද එබඳු වෙයි. ඔවුන්ගේ කටහඬ යම්බඳු වේ ද මගේ කටහඬ ද එබඳු වෙයි. එහි ඔවුනට දැහැමි කතායෙන් ද කරුණු දක්වමි, එය ඔවුනට ගන්වමි, එහි ඔවුන් තියුණු කෙරෙමි, තුටුපහටු කෙරෙමි. එසේ කියන මා ඔහු ‘මේ කවරෙක් කියා ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි නො දනිත්. දැහැමි කතායෙන් කරුණු දක්වා, කරුණු ගන්වා, එහි ඔවුන් තියුණු කොට, තුටු පහටු කොට අතුරුදහන් වෙමි. අතුරුදහන් වූ ද මා ‘කවරෙක් නම් මේ අතුරුදහන් වී ද දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි ඔහු නො දනිත්. අනඳයෙනි, මේ අට පිරිස් ය.



[අභිභායතන අට]



71. අනඳයෙනි, මේ අභිභායතන අටෙකි. කවර අටෙක් ද? යත්:



එකෙක් අධ්‍යාත්ම රූපයෙහි පරිකර්ම වශයෙන් රූපසංඥා ඇත්තේ පිටත්හි සුවර්ණ හෝ දුර්වර්ණ හෝ පරිත්තාරම්මණ ප්‍රතිභාග නිමිති දකී. ඒ නිමිති මැඩ ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ පළමු අභිහායතනය යි. (1)



එකෙක් අධ්‍යාත්මයේ රූපසංඥා ඇත්තේ පිටත්හි අප්‍රමාණ වූ සුවර්ණ දුර්වර්ණ නිමිත්තරූපයන් දකි. ඒ රූප මැඩ ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ දෙවෙනි අභිහායතනය යි. (2)



එකෙක් අධ්‍යාත්ම අරමුණෙහි පරිකර්ම සංඥා නැත්තේ පිටත්හි වූ සුවර්ණ හෝ දුර්වර්ණ වූ පරිත්ත වූ පරිකර්ම නිමිති ද ප්‍රතිභාග නිමිති ද දකී. ඒ අරමුණු මැඩ ‘දනිමි යි දකිමි’ යි මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ තෙවෙනි අභිභායතන යි. (3)



එකෙක් අධ්‍යාත්ම අරමුණෙහි රූපසංඥා නැත්තේ පිටත්හි වූ අප්‍රමාණ වූ සුවර්ණ දුර්වර්ණ රූපයන් දකී. ඒ රූප අභිභවා ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සතරවන අභිහායතනය යි. (4)



එකෙක් අධ්‍යාත්ම රූපයෙහි පරිකර්මසංඥා නැත්තේ, නිල් වූ නිල්වන් නිල්දැකුම් ඇති නිල් පැහැ ඇති පිටත්හි රූප දකී. නිල්, නිල්වන්, නිල් දැකුම් ඇති, නිල් පැහැ ඇති දියමෙරලිය මලක් යම් සේ වේද, දෙපිට ම මොළොක් කසීවතෙක් යම්සේ නිල් වේ ද, නිල්වන් වේ ද, නිල් දැකුම් ඇත්තේ වේ ද, නිල් පැහැ වේ ද, එසේ ම එකෙක් අධ්‍යාත්මරූපයෙහි පරිකර්මසංඥා නැත්තේ නිල් වූ නිල්වන් වූ නිල්දැකුම් ඇති නිල් පැහැති බාහිර නීලකසිණාලම්බන රූප දකී. ඒ රූප අභිබවා ‘දනිමි දකිමි’ යි මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ පස්වන අභිභායතනය යි. (5)



එකෙක් අධ්‍යාත්මරූපයෙහි පරිකර්මසංඥා නැත්තේ, රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන්පැහැති බාහිර පීත රූප දකී. රන්වන් වූ රන්වන් දැකුම් ඇති, රන්පැහැ ඇති පීත වූ කිණිහිරි මලෙක් යම් සේ වේ ද, දෙපස මට සිලිටි වූ රන්වන් වූ රන්වන් දැකුම් ඇති රන්පැහැති පීත වූ කසීවතෙක් හෝ යම්සේ ද, එසේ ම එකෙක් අධ්‍යාත්මරූපයෙහි රූපසංඥා නැත්තේ, රන්වන්, රන්වන් දැකුම් ඇති රන්පැහැති බාහිර පීත කසිණ රූපයන් දකී. ඔවුන් මැඩැ ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සවන අභිභායතනය යි. (6)



එකෙක් අධ්‍යාත්මරූපයෙහි රූපසංඥා නැත්තේ රතු වූ රත්වන් වූ රත්වන් දැකුම් ඇති රත්පැහැති බාහිර රූපයන් දකී. රතු වූ රත්වන් වූ රත්වන් දැකුම් ඇති රත්පැහැ වූ බඳුවද මලෙක් යම්සේ වේ ද, දෙපසැ මට සිලිටි වූ රතු වූ රත්වන් වූ රත්වන් දැකුම් රත්පැහැ වූ කසීවතෙක් හෝ යම්සේ වේද, එසේම එකෙක් අධ්‍යාත්ම රූපයෙහි රූපසංඥා නැත්තේ, රතු වූ රතුවන් වූ රත්වන් දැකුම් ඇති, රත්පැහැ වූ බැහිර රූපයන් දකී. ඔවුන් මැඩ ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සත්වන අභිභායතනය යි. (7)



එකෙක් අධ්‍යාත්මරූපයෙහි රූපසංඥා නැත්තේ, සුදු වූ සුදුවන් වූ සුදුවන් දැකුම් ඇති සුදුපැහැ වූ බාහිර රූපාලම්බනයන් දකී. සුදු වූ සුදුවන් දැකුම් ඇති සුදු පැහැ වූ ඔසධී තාරකාව යම් සේ ද, දෙපසැ මට සිලිටි වූ සුදු වූ සුදුවන් දැකුම් ඇති සුදුපැහැති කසීවතෙක් හෝ යම් සේ වේ ද, එසේ ම සුදු වූ සුදුවන් වූ සුදුදැකුම් ඇති සුදුපැහැ වූ බාහිර කසිණ රූපයන් දකී. ඔවුන් මැඩ ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ අටවැනි අභිභායතනය යි. (8)



අනඳයෙනි, මොහු අටදෙන අභිභායතනයෝ ය.



[විමෝක්‍ෂ අට]



72. අනඳයෙනි, මේ විමෝක්‍ෂයෝ අට දෙනෙකි. කවර අට දෙනෙක් ද යත්:



රූපධ්‍යාන ඇත්තේ නීලකසිණාදි රූපයන් ධ්‍යාන ඇසින් දකී. මේ පළමුවන විමොක්ෂය යි. (1)



අධ්‍යාත්මයෙහි රූපසංඥා නැත්තේ බාහිර රූප දකී. මේ දෙවෙනි විමොක්ෂය යි. (2)



පිරිසිදු වූ කසිණ අරමුණු දහන් ඇසින් දක්නේ, ‘ශුභ ම යැ’ යි එහි ඇලුණේ වෙයි. මේ තෙවෙනි විමොක්ෂය යි. (3)



සර්වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මීමෙන් ප්‍රතිඝසංඥාවන් පහ වැ යෑමෙන් නානාත්වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘අහස අනන්තය’ යි ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි. මේ සිවුවන විමොක්ෂය යි. (4)



සර්වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මැ ‘විඥානය අනන්ත යැ’ යි විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි. මේ පස්වන විමොක්ෂය යි. (5)



සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සවන විමොක්ෂය යි. (6)



සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. ‍මේ සත්වන විමොක්‍ෂය යි. (7)



සර්වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සංඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙයි. මේ අටවන විමොක්ෂය යි. (8)



අනඳයෙනි, මොහු අෂ්ට විමෝක්ෂයෝ ය.



[මාර ආයාචනය]



73. අනඳයෙනි, එක් කලෙක මම බුදුවැ පළමු කොටම උරුවෙල් දනව්වෙහි නේරන්ජනා ගං තෙරැ අජපල් නුගරුක්මුලැ (නෙරඤ‍්ජරාය තීරෙ අජපාලනිග්‍රොධමූලෙ) වෙසෙමි. අනඳයෙනි, එ කලැ පවිටු මාරයා මා වෙත එළැඹියේ ය. එළැඹ එකත්පස්වැ සිටියේ ය. අනඳයෙනි, එකත්පස් වැ සිටියාවූම මාර දෙව් පුතු තෙම “වහන්ස, භගවත්හු දැන් පිරිනිවෙත් වා, සුගත්හු පිරිනිවෙත් වා, දැන් භගවත්නට පිරිනිවෙන්නට කල් ය” යි මෙ බස් කී ය.



අනඳයෙනි, මෙසේ කියන ලද මම් පවිටු මරහට මෙය කීමි. “පව්කාරය, මාගේ ශ්‍රාවක මහණහු යම්තාක් කල් ව්‍යක්තද විනීතද විසාරදද බහුශ්‍රැතද ධර්මධරද ධර්මානුධර්මප්‍රතිපන්නද සම්‍යක්ප්‍රතිපන්නද අනුධර්මචාරිද නොවන්නාහු නම්, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නොකියන්නාහු නම්, නොදෙසන්නාහු නම්, නොපණවන්නාහු නම්, නොපිහිටුවන්නාහු නම්, විවෘත නොකරන්නාහු නම්, බෙදා නොදක්වන්නාහු නම්, ප්‍රකට නොකරන්නාහු නම්, පහළවූ පරප්‍රවාදය කරුණු සහිත ව මොනොවට නිගහා නෛර්‍ය්‍යාණීක කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.”



මා සවු මෙහෙණහු යම්තාක් ව්‍යක්ත ද විනීත ද විසාරද ද බහුශ්‍රැත ද ධර්මධර ද ධර්මානුධර්මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්මචාරි ද නො වන්නාහු නම්, ස්ව ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පණවන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු දක්වා මොනොවට නිගහා නෛර්‍ය්‍යාණීක කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිවෙන්නෙමි.



මා සවු උවසුහු යම්තාක් ව්‍යක්ත ද විනීත ද විසාරද ද බහුශ්‍රැත ද ධර්මධර ද ධර්මානුධර්මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්මචාරි ද නො වන්නාහු නම්, ස්ව ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පණවන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත කොට මොනොවට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිවෙන්නෙමි.



මා සවු උවැසීහු යම්තාක් ව්‍යක්ත ද විනීත ද විසාරද ද බහුශ්‍රැත ද ධර්මධර ද ධර්මානුධර්මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්මචාරි ද නො වන්නාහු නම්, ස්ව ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පණවන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත කොට මොනොවට නිගහා නෛර්‍ය්‍යාණීක කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිවෙන්නෙමි.



යම්තාක් මගේ මේ සසුන්බඹසර සමෘද්ධ නො වන්නේ ද, ස්ථිත නො වන්නේ ද, විස්තාරිත නො වන්නේ ද, බොහෝ දෙනා අතරැ පැතුරුණේත් පෘථුභූතත් නො වන්නේ ද, යම්තාක් දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිතත් නො වන්නේ ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි” යි කීමි.



74. අනඳයෙනි, දැනුදු අදත් චාපාල චෛත්‍යයෙහි මාරයා තෙම මා කරා එළැඹියේ ය. එළැඹ එකත්පස් වැ සිටියේ ය. එකත්පස් ව සිටියේ ම ‘වහන්ස, භගවත්හු දැන් පිරිනිවෙත්වා, සුගත්හු පිරිනිවෙත්වා. දැන් භගවත්නට පිරිනිවෙන්නට කල්ය. වහන්ස, භාග්‍යවතුන්වහන්සේ විසින් “පව්කාරය, යම්තාක් මා සවු මහණහු ... මෙහණහු ... උවසුහු ... උවැසිහු ව්‍යක්ත ද විනීත ද ... නෛර්යාණිකකොට දම් නො දෙසන්නාහු නම් ඒ තාක් නො පිරිනිවෙන්නෙමි. යම්තාක් මගේ මේ සසුන්බඹසර සමෘද්ධ නො වන්නේ ද, ස්ථිත නො වන්නේ ද, විස්තාරිත නො වන්නේ ද, බොහෝ දෙනා අතරැ පැතුරුණේත් පෘථුභූතත් නො වන්නේ ද, යම් තාක් දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිතත් නොවන්නේ ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි” යි මේ වචන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය.



වහන්ස, දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සසුන් බඹසර සමෘද්ධ ද ස්ථිත ද විස්තාරිත ද බාහුජන්‍ය ද පෘථුභූත ද දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිත ද වේ. වහන්ස, සැන් භගවත්හු පිරිනිවෙත් වා, සුගත්හු පිරිනිවෙත් වා. වහන්ස, දැන් භගවත්නට පිරිනිවෙන්නට කල්වේ යැ” යි කීය.



අනඳයෙනි, මෙසේ කී කල්හි මම් “පවිට, තෝ මන්දොත්සාහ වව, නොබෝ කල්හි තථාගතයන්ගේ පිරිනිවන වන්නේ ය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ යි කීමි. අනඳයෙනි, අද මේ දැන් චාපාල චෛත්‍යයෙහි දී තථාගතයන් සිහි ඇතියවුන් නුවණින් දන්නවුන් විසින් ආයුසංස්කාරය හරන ලද්දේ යැ” යි වදාළහ.



(ආනන්ද - ආයාචනය)



75. මෙසේ වදාළ කලැ අනඳ තෙරණුවෝ ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස, හිත පිණිස, සුව පිණිස කපක් වැඩ සිටුනා සේක් වා, සුගතයන් වහන්සේ කපක් වැඩ සිටුනා සේක් ව” කීහ.



“අනඳයෙනි, කම් නැත, තථාගතයන් නො යදින්න, අනඳයෙනි, තථාගතයන් යදනට දැන් කල් නො වෙ” යි වදාළහ.



දෙවනු ද ... තෙවනු ද අනඳ තෙරණුවෝ “වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස ... කපක් වැඩ සිටුනා සේක් ව” යි කීහ.



එවිට භගවත්හු “අනඳයෙනි, තථාගතයන්ගේ බෝධිය හදහවු දැයි” අසා වදාළහ. “එසේය, වහන්සැ” යි අනඳ තෙරණුවෝ කීහ. “එසේ නම් අනඳයෙනි, තෙපි කවර හෙයින් තෙවෙනි වර තෙක් තථාගතයන් පෙළවු දැ?” යි අසා වදාළහ.



වහන්ස, “අනඳයෙනි යමක්හු විසින් සතර සෘද්ධිපාදයෝ වඩන ලද්දාහු, යානයක් බඳු කරන ලද්දාහු, වාස්තුවක් බඳු කරන ලද්දාහු, පිළිපදනා ලද්දාහු, පුරුදු කරන ලද්දාහු, මොනොවට පුරන ලද්දාහු නම්, හේ කැමැත්තේ කපක් හෝ කපකට වැඩිතරම් හෝ සිටිය හැකි වන්නේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් වනාහි සතර සෘද්ධිපාදයෝ භාවිත හ, බහුලීකෘත හ, යානීකෘත හ, වාස්තූකෘත හ, අනුෂ්ඨිත හ. පරිචිත හ, සුසමාරබ්ධ හ. අනඳයෙනි, ඒ තථාගතයෝ කැමැත්තෝ කපක් හෝ කපකට වැඩිතරම් කලක් හෝ සිටිය හැකි වන්නාහ” යන මේ වචනය භාග්‍යවතුන් වහන්සේ හමුයෙන් මා විසින් අසන ලදි, භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මා විසින් පිළිගන්නා ලදි” යි අනඳ තෙරණුවෝ කීහ.



“අනඳයෙනි, තෙපි මෙය හදහවුදැ?” යි බුදුරජුහු අසා වදාළහ. ‘එසේ ය, වහන්සැ’ අනඳ තෙරණුවෝ පිළිවඳන් දුන්හ.



“අනඳයෙනි, එබැවින් මෙහි තෙපි තථාගතයන් විසින් මෙසේ ඖදාරික නිමිති කරනු ලබන කල්හි, ඖදාරිකාවභාසය කරනු ලබන කල්හි, යම් හෙයෙකින් එය පිළිවිදිනුවට නො හැකි වූහු ද, ‘වහන්ස, භාග්‍යවත්හු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස කපක් වැඩ සිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත්වා’ යි තථාගතයන් නො යැදූහු ද, එය තොපගේ ම දුෂ්කෘතය, තොපගේ ම වරද ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදුහු නම්, තථාගතයෝ තොපගේ වචන දෙකක් පිළිකෙව්නාහ. වැලි තෙවැන්න ඉවසන්නාහ. එහෙයින් අනඳයෙනි, මෙහි මෙය තොපගේ ම දුෂ්කෘතය, තොපගේ ම වරද ය”.



76. අනඳයෙනි, එක් සමයෙක මම් රජගහ නුවරැ ගිජුකුළු පව්වෙහි වෙසෙමි. එහි දී ද මම් තොප බණවා “අනඳයෙනි, රජගහ පුර සිත්කලු ය. ගිජුකුළු පව්ව සිත්කළු ය. අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත බහුලීකෘථ යානිකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාරබ්ධ නම්, හේ කැමැත්තේ කපක් හෝ කපට වැඩියක් කල් සිටිය හැකි වන්නේ යැ” යි කීමි. අනඳයෙනි, මෙසේත් තථාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි, ඖදාරික අවභාසය කරනු ලබන කල්හි එය දැනගන්නට නො හැකි වූහු. තථාගතයනට “වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස භගවත්හු කපක් වැඩසිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත් වා’ යි යාචන නො කළහු ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදුහු නම්, තථාගතයෝ තොප වචන දෙකක් ම පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. අනඳයෙනි, එබැවින් මෙහි තොපගේ ම දුෂ්කෘත ය, තොපගේ ම වරද ය.



අනඳයෙනි, එක් සමයෙක්හි මම් ඒ රජගහ නුවරැ ම ගෞතම න්‍යග්‍රොධය මුලැ වෙසෙමි ... ඒ රජගහ නුවර ම චොරප්‍රපාතයෙහි වෙසෙමි ... ඒ රජගහ නුවර ම වෛහාර පර්වතපාර්ශවයෙහි සප්තපර්ණිගුහායෙහි වෙසෙමි - ඒ රජගහ නුවර ම සෘෂිගිරිපාර්ශ්වයෙහි කාලශිලායෙහි වෙසෙමි ... ඒ රජගහ නුවර ම ශීතවනයෙහි සප්පසොණ්ඩික පබ්භාරයෙහි වෙසෙමි … ඒ රජගහ නුවර ම තපෝදාරාමයෙහි වෙසෙමි ... ඒ රජගහ නුවරෙහි කලන්‍දක නිවාප නම් වූ වේළුවනයෙහි වෙසෙමි ... ඒ රජගහ නුවරෙහි ම මද්දකුච්ඡි මුවලැවුහි වෙසෙමි. අනඳයෙනි, එහි දී ද තොප බණවා ‘අනඳයෙනි, රජගහ පුර සිත්කලු ය, අනඳයෙනි, ගෞතම න්‍යග්‍රොධය සිත්කලු ය, ... චොරප්‍රපාතය සිත්කලු ය ... වෛහාරපාර්ශ්වයෙහි සප්තපර්ණීගුහාව සිත්කලු ය ... සෘෂිගිරිපාර්ශ්වයෙහි කාලශිලාව සිත්කලු ය ... ශීතවනයෙහි සප්පසොණ්ඩිකපබ්හාරය සිත්කලු ය ... තපෝදාරාමය සිත්කලු ය ... කලන්‍දකනිවාප නම් වූ වේළුවනය සිත්කලු ය ... මද්දකුච්ඡි මුවවනය සිත්කලු ය. අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත ද බහුලීකෘත ද යානීකෘත ද වාස්තුකෘත ද, අනුෂ්ඨිත ද පරිචිත ද සුසමාරබ්ධ ද හේ කැමැත්තේ කපක් හෝ කපකට වැඩියක් කල් හෝ සිටිය හැකි වන්නේ යැ’ යි කීමි.



අනඳයෙනි, මෙසේත් තථාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ... එය දැනගන්නට නො හැකි වූහ. ‘භගවත්හු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, ‍දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස කපක් හෝ කපකට වැඩියක් වැඩ සිටිත් වා’ යි තථාගතයන් නො ම යැදූහ. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදූහු නම්, තොපගේ වචන දෙකක් ම තථාගතයෝ පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. එහෙයින් අනඳයෙනි, මෙහි තොපගේම දුෂ්කෘතය වෙයි, තොපගේම වරද වෙයි.‍



77. අනඳයෙනි, එක් සමයෙක්හි මේ විසල්පුරෙහිම උදේන චෛත්‍යයෙහි වෙසෙමි. එහි දී ද අනඳයෙනි, තොප බණවා “අනඳයෙනි, විසල් පුර සිත්කලු ය, උදේන චෛත්‍යය සිත්කලු ය. අනඳයෙනි, යමක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත ... සුසමාරබ්ධ වී නම්, හේ කැමැත්තේ කපක් හෝ කපකට වැඩි කල් සිටිය හැකි වන්නේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් වනාහි සතර සෘද්ධිපාදයෝ භාවිත හ ... සුසමාරබ්ධ හ. ඔබ කැමැත්තාහු කපක් හෝ එයට වැඩියක් කල් හෝ සිටියැ හැකි වන්නාහ” යි කීමි. අනඳයෙනි, මෙසේ තථාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ... එය දැනගන්නට නො හැකි වූහ. එහෙයින් අනඳයෙනි, මෙහි මේ තොපගේම දෘෂ්කෘතය ය, මේ තොපගේම වරදය.



අනඳයෙනි, මම් එක් සමයෙක මෙහි විසල්පුරැ ගෞතමක චෛත්‍යයෙහි වෙසෙමි ... මේ විසල්පුරෙහි ම සප්තාමුචෛත්‍යයෙහි වෙසෙමි ... මේ විසල්පුරයෙහි ම බහුපුත්‍රක චෛත්‍යයෙහි වෙසෙමි ... මේ විසල්පුරයෙහි ම සාරන්‍දද චෛත්‍යයෙහි වෙසෙමි ... අනඳයෙනි, අද දැන් මේ චාපාල චෛත්‍යයෙහි දී තොප බණවා ‘අනඳයෙනි, විසල්පුර සිත්කලු ය, චාපාලචෛත්‍යය සිත්කලු ය. අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාරබ්ධ නම්, හේ කැමැත්තේ කපක් හෝ කපකට වැඩියක් කල් සිටියැ හැකි වන්නේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් සතර සෘද්ධිපාද භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වාස්තුකෘත ය, අනුෂ්ඨිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය. අනඳයෙනි, ඒ තථාගතයෝ කැමැත්තාහු නම් කපක් හෝ එයට වැඩියක් කල් සිටිය හැකි වන්නාහ’ යි කීමි. අනඳයෙනි, මෙසේත් තථාගතයන් විසින් ඖදාරික නිමිත්තය කරනු ලබන කල්හි, ඖදාරිකාවභාසය කරනු ලබන කල්හි, එය දැනගන්නට නො හැකි වූහු. ‘බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුග්‍රහ පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස, භගවත්හු කපක් වැඩසිටිත් වා, සුගත්හු කපක් වැඩසිටිත් ව’ යි තථාගතයන් නො යැදූහ. අනඳයෙනි, ඉදින් තෙපි යැදූහු නම්, තථාගතයෝ තොප කී බස දෙවරක්ම පිළිකෙව්නාහ. තෙවෙනි වරැ ඉවසන්නාහ. එහෙයින් අනඳයෙනි, මෙහි මේ තොපගේම දුෂ්කෘතය වෙයි, තොපගේම වරද වෙයි.



78. අනඳයෙනි, ප්‍රිය වූ මන වඩන්නාවූ සියලු දැය කෙරෙන් වෙන් වීම, ඉවත් වීම, අන් සැටියෙකින් වීම යන මෙය මා විසින් කල් තබා ම තොපට කියන ලද්දේ නො වේ ද? අනඳයෙනි, යමක් උපන්නේ ද, වූයේ ද, සැකැසුණේ ද, පලුදු වන සුලු ද, ‘එය පලුදු නො වේ වා’ යි යන මෙය කොයින් ලැබෙන්නේ ද? මෙ කරුණ විද්‍යාමාන නො වේ. අනඳයෙනි, යමක් තථාගතයන් විසින් හරන ලද ද, බැහැර කරන ලද ද, මුදන ලද ද, පහ කරන ලද ද, දුරැ ලන ලද ද, යම් ආයුසංස්කාරයෙක් හරන ලද ද, නොබෝ කල්හි තථාගතයන්ගේ පිරිනිවීම වන්නේ යැ යි. මෙයින් තෙමසක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ’ යි යම් ඒකාන්ත වචනයෙක් තථාගතයන් විසින් කියන ලද ද, ඒ වචනය තථාගතයෝ දිවි යෙහින් නුමුදු වළහන්නාහ යන මෙය නැත්තේ ය. මේ කාරණය අවිද්‍යාමාන ය.



79. ‘අනඳයෙනි, යමු, මහාවනය යම් තැනෙක ද, කුළාරහල වෙහෙර යම් තැනෙක ද, එ තැනට එළැඹෙන්නම්හ’ යි බුදුරජුහු වදාළහ. ‘එසේ ය වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භාග්‍යවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. එකල්හි භාග්‍යවත්හු ආයුෂ්මත් අනඳ තෙරුන් හා මහ වෙනෙහි කුළාරහල් වෙහෙර කරා වැඩියහ. වැඩ අනඳ තෙරුන් බණවා, ‘අනඳයෙනි, යවු, යම් පමණ මහණහු විසල්පුර නිසා වෙසෙත් ද, ඔවුන් හැම උවටන්හලැ රැස්කරවු’ යි වදාළහ. ‘එසේ ය, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ බුදුරජුනට පිළිවදන් දී විසල්පුර වසනා තාක් හැම මහණුන් උවටන්හලැ රැස් කොට භාග්‍යවත් බුදුරජුන් කරා එළැඹ වැඳ පසෙක සිටියාහ. පසෙක සිටියා වූ අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට ‘වහන්ස, බික්සඟ රැස් කරන ලද්දේ ය. යමක් පිණිස භාග්‍යවතුන් වහන්සේ දැන් කල් සිතන සේක් නම් මේ ඒ කලැ’ යි සැළ කළහ.



[බ්‍රහ්මචර්‍ය්‍යාචිරස්ථායි ධර්‍මදේශනා]



80. ඉක්බිති භගවත්හු උවටන්හල කරා එළැඹියහ. එළැඹ, පණවා තුබුණු අස්නැ වැඩහුන්හ. වැඩහිඳ ම මහණුන් බණවා, “මහණෙනි, යම් සේ මේ සසුන්බඹසර බොහෝ කල් පැවැත්ත හෙන්නේ ද, චිරස්ථිතික වන්නේ ද, එසේ මෙහි මා විසින් යම් ධර්ම කෙනෙක් වෙසෙසි නුවණින් දැන දෙසන ලද ද, තොප විසින් ඒ මොනොවට ඉගෙන ආසේවන කළ යුතු, භාවනා විසින් වැඩිය යුතු, බහුල වශයෙන් කළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිස්නට අර්ථ පිණිස, හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි, යම්සේ මේ සසුන් බඹසර බොහෝ කල් පැවැත්ත හෙන්නේ ද, චිරස්ථිතික වන්නේ ද, එය බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිස්නට අර්ථ පිණිස, හිත පිණිස, සුව පිණිස වන්නේ ද, එසේ ඒ යම් ධර්ම කෙනෙක් තොප විසින් මොනොවට ඉගෙන ආසේවන කළ යුතු ද, වැඩිය යුතු ද, බහුල කළ යුතු ද, මහණෙනි, මා විසින් වෙසෙසි නුවණින් දැන දෙසන ලද ඒ ධර්මයෝ කවුරු ද යත්: ඔහු නම් සතර සතිපට්ඨානයෝ ය, සතර සම්‍යක්ප්‍රධානයෝ ය, සතර සෘද්ධිපාදයෝ ය, පංච ඉන්ද්‍රි‍යයෝ ය, පඤ්ච බල ය, සප්ත බොධ්‍යඞ්ග ය, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ය යන මොහු ය.



මහණෙනි, මේ ධර්මයෝ වනාහි මා විසින් වෙසෙසි නුවණින් දැන දෙසන ලදහ. ඔහු තොප විසින් මේ සසුන්බඹසර බොහෝ කල් පවත්නා පිණිස, චිරස්ථිතික වනු පිණිස, මොනොවට ඉගෙන ආසේවන කළ යුතු, වැඩියැ යුතු, බහුල කල යුතු. එය ‍බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සැප පිණිස වන්නේ යැ” යි වදාළහ.



81. ඉක්බිති භගවත්හු භික්‍ෂූන් බණවා, “මහණෙනි, දැන් තොප අමතමි. සංස්කාරයෝ නැසෙන සුල්ලහ. නොපමායෙන් තුන්සික සපයවු. නොබෝ කල්හි තථාගතයන්ගේ පිරිනිවන වන්නේ ය. මෙයින් තුන් මස් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ” යි වදාළහ. භගවත්හු මෙය වදාළහ. සුගත්හු මෙය වදාරා ඉක්බිති ඒ ශාස්තෘහු ගාථාබන්ධන වශයෙන් අනෙකක් වූ මේ වචන ද වදාළහ:



“මගේ වයස මුහුකෙළේ ය. මගේ ජීවිතකාලය (තව) ස්වල්පයකි. තොප හැර යන්නෙමි. මා විසින් තමහට පිහිට කරන ලද්දේ ය.



මහණෙනි, නොපමා වවු, සිහි ඇත්තෝ වවු, සුසිල් වවු, මොනොවට පිහිටුවූ සම්‍යක්කල්පනා ඇත්තෝ තමන් සිත රැකගනිවු.



යමෙක් මේ සස්නෙහි නොපමා ව වෙසෙන්නේ නම්, හෙතෙම ජාතිසංසාරය (ඉපැත්ම ද සසර ද නොහොත් ජාතිසංඛ්‍යාත සසර) හැරැ ලා දුක් කෙළවර කරන්නේ ය.”



තෙවෙනි බණවර යි.



[ආර්‍ය්‍යධර්ම සතර]



82. ඉක්බිත්තෙන් භගවත්හු පෙරවරු සමයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන විසල්පුර පිඬු පිණිස පිවිසියහ. විසල්පුරැ පිඬු පිණිස හැසිර පසුබත්හි පිඬුවායෙන් පෙරළා වැඩියාහු, නාගාපලෝකනයෙන් විසල්පුර බලාවදාරා, අනඳ තෙරුන් බණවා, “අනඳයෙනි, මේ තථාගතයන්ගේ පහ්චිම වෛශාලිදර්ශනය වන්නේ ය. යමු, අනඳයෙනි, භාණ්ඩගාමය වෙත එළඹෙන්නමු” යි වදාළහ. ‘එසේ ය වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භගවත්හු මහත් බික්සඟන කැටුව භණ්ඩ ගම වෙත වැඩියහ. භගවත්හු එහි භණ්ඩ ගමෙහි වැඩවෙසෙති.



එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් බණවා, “මහණෙනි, සතර ධර්මයන් අනුබෝධ නොකිරීමෙන් ප්‍රතිවේධ නොකිරීමෙන් මෙසේ මේ දික් කලක් මගේ ද තොපගේ ද සසරැ සැරුම විය. කවර සතර ධර්මයන්ගේ (අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන්) ද යත්: මහණෙනි, ආර්‍ය්‍ය ශීලයාගේ අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන් මෙසේ මේ දික් කලක් මගේ ද තොපගේ ද සසරැ දිවැ හැවිදීම, සසරැ සැරීම විය. මහණෙනි, ආර්‍ය්‍ය සමාධිහුගේ අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන් මෙසේ මේ දික් කලක් මගේ ද තොපගේ ද සසරැ දිවැ හැවිදීම, සසරැ සැරීම විය. මහණෙනි, ආර්‍ය්‍ය ප්‍රඥාවගේ ... මහණෙනි, ආර්‍ය්‍ය විමුක්තියගේ අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන් මෙසේ මේ දීර්ඝ කාලයක් මගේ ද තොපගේ ද සසරැ දිව හැවිදීම, සසර සැරීම විය.



මහණෙනි, ඒ ආර්‍ය්‍ය ශීලය මා විසින් ද තොප විසින් ද අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ඒ ආර්‍ය්‍ය සමාධිය මා විසින් ද තොප විසින් ද අනුබද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ඒ ආර්‍ය්‍ය ප්‍රඥාව මා විසින් ද තොප විසින් ද අනුබද්ධ ය, ප්‍රතිවිද්ධ ය. භවතෘෂ්ණාව සිඳුනා ලදි, භවනෙත්තිය ක්‍ෂීණ විය. දැන් පුනර්භවයෙක් නැතැ” යි වදාළහ. භගවත්හු මෙය, වදාළහ. සුගත්හු මෙය වදාරා, යලිදු ගාථා බන්ධන විසින් අනෙකක් වූ මේ වචන වදාළහ:



“ලොවුතුරු ශීලය ද ලොවුතුරු සමාධිය ද ලොවුතුරු ප්‍රඥාව ද ලොවුතුරු විමුක්තිය ද යන මේ දහම්හු කීර්තිමත් ගෞතමයන් විසින් අනුබෝධ කරන ලදුහ.



මෙසේ බුදුහු වෙසෙසින් දැන මහණුනට දහම් දෙසූහ. පසැස් ඇති, දුක් නැසූ ඒ ශාස්තෘහු කෙලෙස් පිරිනිවනින් පිරිනිවියාහ.”



භාග්‍යවතුන් වහන්සේ ඒ භණ්ඩගාමයෙහි වසන සේක් “ශීලය මෙ බඳු යැ, සමාධිය මෙ බඳු යැ, ප්‍රඥාව මෙ බඳු යැ. ශීලයෙන් පරිභාවිත සමාධිය මහත් පල ඇත්තේ ය, මහත් අනුසස් ඇත්තේ ය, සමාධියෙන් පරිභාවිත ප්‍රඥාව මහත් ඵල ඇත්තේය, මහත් අනුසස් ඇත්තේ ය, ප්‍රඥායෙන් පරිභාවිත සිත කාමාස්‍රවය කෙරෙන් ද භවාස්‍රවය කෙරෙන් ද අවිද්‍යාස්‍රවය කෙරෙන් දැ යි මෙසේ මෙ කී ආස්‍රව කෙරෙන් මොනොවට ම මිදේ යැ” යැ යි භික්‍ෂූනට මෙය ම බහුල කොටැති ධර්මකථාවක් කරන සේක.



සතර මහා අපදේශ



ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භණ්ඩගාමයෙහි කැමැති තාක් රැඳී හිඳ, අනඳ තෙරුන් බණවා, ‘අනඳයෙනි, එවු යමු, හස්තිග්‍රාමය යම් තැනෙක ද එතැනට එළැඹෙන්නමු’ යි වදාළ සේක ... අම්බගාමය යම් තැනෙක ද එ තැනට ... ජම්බුගාමය යම් තැනෙක ද එ තැනට … භෝග නගරය යම් තැනෙක ද එහි යන්නමු’ යි වදාළ සේක. ‘එසේ යැ, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන කැටුව භෝග නගරය කරා වැඩි සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ භෝග නගරයෙහි ආනන්‍ද චෛත්‍යස්ථානයෙහි වැඩ වෙසෙන සේක.



83. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණුන් බණවා, “මහණෙනි, සතර මහා අපදේශයන් දෙසන්නෙමි. එය අසවු, මොනොවට සිත්හි කරවු, කියන්නෙමි” යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ ’ යි ඒ මහණහු භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, මෙහි මහණෙක්, ‘ඇවැත්නි, ධර්මය මේ යැ, විනය මේ යැ, ශාස්තෘශාසනය මේ යැ’ යි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සිට මා විසින් මෙය අසන ලද්දේ ය, භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී පිළිගන්නා ලද්දේ යැ’ යි මෙසේ කියන්නේ නම්, මහණෙනි, (එ පමණින්) එ මහණහුගේ වචනය නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යංජන මොනොවට ඉගෙන සූත්‍රයෙහි බහා ලියැ යුතු, විනයෙහි සැසැඳියැ යුතු. ඉදින් සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයයෙහි සසඳනු ලබන්නාහු සූත්‍රයෙහි නො බස්නාහු ද, විනයයෙහි නො සැසැ‍ඳෙන්නාහු ද, එ විටැ ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වේ, මෙය මේ මහණහු වරදවා ගත් දැයෙකැ’ යි මෙහි නිෂ්ඨාවට පැමිණියැ යුතු. මහණෙනි, මෙසේ මෙය බැහැරැ කරවු. ඉදින් ඒ පද ව්‍යඤ්ජනයෝ සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහිත් බැසැගනිත් ද විනයෙහිත් සැසැ‍ඳෙත් ද, එ විටැ ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යැ, යි මේ මහණහු විසින් මෙය මොනොවට උගන්නා ලදැ’ යි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ පළමු මහා අපදේශය සිත්හි ලා දරවු. (1)



මහණෙනි, මෙහි මහණෙක් ‘තෙරුන් සහිත ගණපාමොක් මහණක්හු සහිත භික්‍ෂුසංඝයා අසෝ නම් ආවාසයෙහි වෙසෙයි. ‘මේ දහමැ යි, මේ විනයැ යි, මේ ශාස්තෘශාසන යැ යි ඒ සඟන හමුයෙහි සිටි මා විසින් අසන ලදි, අසා ඒ සඟන හමුයෙහි මැ පිළිගන්නා ලදැ’ යි කියන්නේ වී නම් මහණෙනි, (එ පමණින්) ඒ මහණහුගේ වචනය නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යඤ්ජන මොනොවට ඉගෙන, සූත්‍රයෙහි බහාලියැ යුතු, විනයෙහි සැසැඳිය යුතු. ඔහු සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො ම බැස ගන්නාහු නම් විනයෙහි නො ද සැසැ‍ඳෙත් නම්, ‘ඒකාන්තයෙන් මේ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වේ’ යැයි ද ‘ඒ සඟන විසිනුත් වරදවා ගන්නා ලද්දෙකැ’ යි ද කියා මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මෙය ද බැහැර ලවු. ඉදින් ඔහු සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙකින් බැස ගනිත් නම්, විනයෙහිත් සැසැ‍ඳෙත් නම්, ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යැ මෙය ඒ සඟන විසිනුත් මොනොවට උගන්නා ලද්දේ යැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ දෙවෙනි මහ අපදේශය සිත්හි ලා දරවු. (2)



මහණෙනි, මෙහි මහණෙක් ‘අසෝ නම් ආවාසයෙහි බොහෝ ඇසූ පිරූ තන් ඇති, වාචෝද්ගත කළ ආගමය ඇති, ධර්මධර විනයධර මාතෘක ධර බොහෝ ස්ථවිර භික්‍ෂූහු වෙසෙත්. ‘මේ ධර්මයැ’යි ‘මේ විනයැ’ යි ‘මේ ශාස්තෘශාසනයැ’ යි ඒ තෙරුන් හමුයෙහි සිටි මා විසින් අසන ලදි. මා විසින් පිළිගන්නා ලදැ’ යි කියන්නේ නම්, මහණෙනි, ඒ මහණහුගේ වචනය නො මැ පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු, නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යඤ්ජන මොනොවට ඉගෙන, සූත්‍රයෙහි බහා ලියැ යුතු, විනයෙහි සැසැඳිය යුතු. ඔහු සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො බැසැගනිත් ද, විනයෙහි නො සැසැ‍ඳෙත් ද, එ විටැ ‘ඒකාන්තයෙන් මේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනය නො වේ, ඒ තෙරවරුන් විසින් ද මෙය වරදවා ගන්නා ලදසේ යැ’ යි මෙහි නිෂ්ඨාවට පැමිණියැ යුතු. මහණෙනි, මෙසේ මෙය බැහැරැ කරවු. ඉදින් ඔහු සූත්‍රයෙහ් බහාලනු ලබන්නාහු, විනයයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි බැසැ ගනිත් ද, විනයෙහි සැසැ‍ඳෙත් ද, ‘ඒකාන්තයෙන් මේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යි, ඒ තෙරවරුන් විසිනුත් මොනොවට උගන්නා ලද සේ යැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ තෙවෙනි මහා අපදේශය සිත්හි ලා දරවු. (3)



ම‍හණෙනි, මෙහි මහණෙක් ‘අසෝ නම් ආවාසයෙහි බොහෝ ඇසූ පිරූ තන් ඇති, වාචෝද්ගත ආගමය ඇති, ධර්මධර විනයධර මාතෘකාධාර එක් ස්ථවිර භික්‍ෂු නමෙක් වෙසෙයි. ‘මේ ධර්මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ’ යි ඒ තෙරුන් හමුයෙහි සිටි මා විසින් අසන ලදි, ඒ තෙරුන් හමුයෙහි මා විසින් පිළිගන්නා ලදැ’ යි මෙසේ කියන්නේ නම්, මහණෙනි, ඒ මහණහුගේ වචනය එ පමණින් නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යඤ්ජන මොනොවට ඉගෙන, සූත්‍රයෙහි බහා ලියැ යුතු, විනයෙහි සැසැඳියැ යුතු. ඉදින් ඔහු සූත්‍රයෙහි බහා ලනු ලබන්නාහු, විනයයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො ම බැසගනිත් ද, විනයෙහිත් නො ම සැසැ‍ඳෙත් ද, එ විටැ ‘මෙය ඒකාන්තයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වේ, ඒ තෙරහු විසින් ද වරදවා ගන්නා ලද්දෙකැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මෙය බැහැරැ කරවු. ඉදින් ඔහු සූත්‍රයෙහි බහා ලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි බැසගනිත් ද, විනයෙහිත් සැසැ‍ඳෙත් ද, එ විට ‘මෙය ඒකාන්තයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යැ. ඒ තෙරහු විසිනුත් මොනොවට ඉගෙන ඇති නියා යැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ සිවුවන මහා අපදේශය සිත්හි ලා දරවු. (4) මහණෙනි, මේ සතර මහා අපදේශයන් සිත්හි දරවු” යනුයි.



භාග්‍යවතුන් වහන්සේ ඒ භෝග නගරයෙහි අනඳ සෑයෙහි වසන සේක්, “සිල් නම් මෙසේ යැ, සමාධි නම් මෙසේ යැ, ප්‍රඥාව මෙසේ යැ, ශීලයෙන් පරිභාවිත සමාධිය මහත් පල හා මහත් අනුසස් හා ඇත්තේ වේ, සමාධියෙන් පරිභාවිත ප්‍රඥාව මහත් පල හා මහත් අනුසස් හා ඇති වේ, ප්‍රඥායෙන් පරිභාවිත සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රවකෙරෙන් මොනොවට මිදේ යැ” යි මහණුනට මේ ධර්මකථාව ම බහුල කොට කරන සේක.



චුන්ද කර්මාරපුත්‍ර කථාව:



84. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ භෝග නගරයෙහි කැමැතිතාක් කල් රැඳී සිට, අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, එවු, යමු, පාවා නුවර කරා යන්නම් හ’ යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන කැටුව පාවා නුවර කරා වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි පාවා නුවරැ චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ අඹ වෙනෙහි වැඩ වෙසෙන සේක. චුන්ද කර්මාර පුත්‍ර තෙම ‘භගවත්හු පාවා නුවරට වැඩියාහු, පාවා නුවරැ මගේ අඹවෙනෙහි වෙසෙත් ලු’ යි ඇසී ය. එ කලැ චුන්ද කර්මාර පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් ඔබ වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ ම චුන්ද කර්මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් දෙලෝ වැඩ දැක්වූ සේක. දැක්වූ වැඩෙහි සිත් ගැන්වූ සේක. එහි සිත තියුණු කළ සේක. එහි සිත සතුටු කළ සේක. එ කල්හි චුන්‍ද කර්මාර පුත්‍ර තෙම භගවත් බුදුරජුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වන ලදුයේ, දෙලෝ වැඩෙහි සිත ගැන්වුණේ, එහි සිත තියුණු කරන ලදුයේ, එහි සිත සතුටු කරන ලදුයේ, ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෙට දවසට බික්සඟන හා මා බත ඉවසන සේක් වා’ යි කීය. භාග්‍යවතුන් වහන්සේ නිහඬ බැවින් එය ඉවැසූ සේක. ඉක්බිති චුන‍්‍ද කර්මාර පුත්‍ර තෙම භගවත් බුදුරජුන්ගේ ඉවැසීම දැන, හුනස්නෙන් නැගී ඔබ වැඳ, පැදකුණු කොට නික්මියේ ය.



ඉක්බිති චුන්‍ද කර්මාර පුත්‍ර තෙම එ රැය ඇවෑමෙන් සිය ගෙහි ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍ය ද ‍ බොහෝ සූකරමාර්දව ද පිළියෙල කරවා, ‘වහන්ස, වඩනට කල් පැමිණියේ ය, බත පිළියෙළ කොට නිමැවිණැ’ යි කියා භගවත් බුදුරජුනට කාලය දන්වා යැවී ය. භාග්‍යවතුන් වහන්සේ ද පෙරවරු සෙමෙහි හැඳැ පෙරවැ පා සිවුරු ගෙන බික්සඟන කැටුව චුන්‍ද කර්මාර පුත්‍රයාගේ ගෙට වැඩි සේක. වැඩ ප්‍රඥප්ත අසුන්හි හිඳගත් සේක. හිඳැගෙන (ඒ සූකරමාර්දවය ඒ කිසිදු භික්‍ෂූනමක් විසින් දිරවා ගත නොහෙනු දැක), චුන්‍ද කර්මාර පුත්‍රයා බණවා, “චුන්‍දයෙනි, තොප විසින් යම් සූකරමාර්දවයෙක් පිළියෙල කරන ලද ද, එයින් මා වළඳවව, යම් අන් ඛාද්‍යයෙක් භෝජ්‍යයෙක් පිළියෙල කරන ලද ද, එයින් බික්සඟන වළඳවව’ යි වදාළ සේක. චුන්‍ද කර්මාර පුත්‍ර ද ‘එසේ යැ, වහන්සැ’ යි භගවත් බුදුරජුනට පිළිවදන් දී, පිළියෙල කරන ලද යම් සූකරමාර්දවයෙක් වී ද එයින් භගවත් බුදුරජුන් වැළැඳැවී ය. යම් අන් ඛාද්‍ය භෝජනයෙක්, පිළියෙල කරන ලද ද, එයින් බික්සඟන වැළැඳවී ය.



ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චුන්‍ද කර්මාරපුත්‍රයා අමතා, ‘චුන්‍දයෙනි, ‍තොප පිළීයෙල කළ යම් සූකරමාර්දවයෙක් ඉතිරි වැ ඇද්ද, එය වළෙකැ ලව. චුන්‍දයෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවැ, මහණ බමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්මුළුයෙහි, තථාගතයන් හැර අන් යමක්හු විසින් ඒ සූකරමාර්දවය වළඳන ලද්දේ ජඨරාග්නියෙන් මැනැවින් දිරීමට යන්නේ නම්, එ වැන්නක්හු මම් නො දකිමි’ යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි කියා ම චුන්‍ද කර්මාර පුත්‍ර භගවත් බුදුරජුනට පිළිවදන් දී, යම් ඉතිරි වැ තුබුණු සූකරමාර්දවයෙක්වී ද, එය වළෙකැ ලා භගවත් බුදුරජුන් කරා එළැඹියේ ය. එළැඹ ඔබ වැඳ පසෙක හුන්නේ ය. පසෙකැ හුන් චුන්‍ද කර්මාරපුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථායෙන් දන් අනුහස් දක්වා එහි සිත් ගන්වා, එහි සිත තියුණු කොට, එහි සිත සතුටු කොට, හුනස්නෙන් නැඟී වැඩි සේක.



ලෝහිත පක්ඛන්දිකා ආබාධය:



85.චුන්‍ද කර්මාරපුත්‍රයාගේ බොජුන වැළැඳූ භාග්‍යවතුන් වහන්සේට ක්‍රෑර වූ ලෝහිත පක්ඛන්දිකා රෝගයෙක් උපන. මරණය කෙළවර කොටැති ඉතා දැඩි දුක් වේදනාවෝ පවත්නාහ. භාග්‍යවතුන් වහන්‍සේ එළැඹැ සිටි සිහි ඇති සේක්, නුවණින් දන්නා සේක්. ඒ රෝගයෙන් නො ම ගැහැටෙන සේක්, ඒ දුක් වේදනාවන් ඉවැසූ සේක.



ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් ඇමැතූ සේක. අමතා, ‘අනඳයෙනි, එමු, කුසිනාරාව කරා යන්නමු’ යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ.



චුන්‍ද කර්මාරපුත්‍රයාගේ බත වැළැඳීමෙන් ධීර වූ බුදුරජුහු මරණය කෙළවර කොටැති ඉතා දැඩි ආබාධයක් ස්පර්ශ කළහ’ යි මා විසින් අසන ලදි.



සූකරමාර්දවය හා බොජුන් වැළැඳූ ශාස්තෲන් වහන්සේට ඉතා දරුණු වූ ව්‍යාධියෙක් උපන. භගවත්හු එක්වන් පැවැති ලෝහිත විරේචන ඇත්තාහු, මම් කුසිනාරා නුවර යමි’ යි වදාළහ.”



අනඳ තෙරුන් පැන් ගෙනැ ඊම:



86. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මඟින් ඉවත් වැ, එක්තරා රුකක් මුලට වැඩිසේක. වැඩ අනඳ තෙරුන් බණවා, අනඳයෙනි, මා සඟළ සිවුර සිවු ගුණ කොට පණවවු, ක්ලාන්තයෙමි, අනඳයෙනි, හිඳගන්නෙමි’ යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි අනඳ තෙරණුවෝ බුදුරජුනට පිළිවදන් දී, සඟළ සිවුර සිවුගුණ කොට පැණැවූ හ. එසේ පැණැවුණු අස්නෙහි භගවත්හු වැඩහුන්හ. භගවත්හු වැඩහිඳ ම ආයුෂ්මත් අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, තෙපි මට පැන් ගෙනෙවු, පවස් ඇතියෙමි, පැන් බොන්නෙමි’ යි වදාළ සේක. මෙසේ වදාළ කල්හි, අනඳ තෙරණුවෝ බුදුරජුනට “වහන්ස, පන්සියක් පමණ ගැල්හු ඉක්මියාහ. ගැල් සකින් සිඳුණු මඳ වූ ජලය කැලැඹුණේ බොරවැ ගලා යයි. වහන්ස, මේ කකුත්ථා නදිය නොදුරෙහි ය, පහන් දිය ඇත්තේ ය, මිහිරි දිය ඇත්තේ ය, සිසිල් දිය ඇත්තේ ය, මඩ නැත්තේ ය, මනා තොට ඇත්තේ ය, සිත්කලු ය. භාග්‍යවතුන් වහන්සේ ඒ මේ කකුත්ථා නදියෙහි දී පැන් වැළැඳිය හැකි වන සේක, ඇඟ සිසිල් කැරැගත හැකි වන සේකැ” යි කීහ. භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වර ද අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, මට පැන් ගෙනෙවු, පවස් ඇතියෙමි, පැන් බොන්නෙමි’ යි වදාළ සේක. දෙවෙනි වර ද අනඳ තෙරණුවෝ බුදුරජුනට, ‘වහන්ස, දැන් පන්සියක් පමණ ගැල්හු ඉක්මියාහ. ගැල්සකින් සිදුණු මඳ වූ ජලය කැලැඹුණේ බොර වැ ගලා යෙයි. වහන්ස, මේ කකුත්ථා නදිය නොදුරෙහි ය, පහන් දිය ඇත්තේ ය, මිහිරි දිය ඇත්තේ ය, සිසිල් දිය ඇත්තේ ය, මඩ නැත්තේ ය, මනා කොට ඇත්තේ ය, සිත්කලු ය, භාග්‍යවතුන් වහන්සේ ඒ මේ කකුත්ථා නදියෙහි දී පැන් වැළැඳියැ හැකි වන සේක, ඇඟ සිසිල් කැරැ ගත හැකි වන සේකැ’ යි කීහ.



තෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, තෙපි මට පැන් ගෙනෙවු. පවස් ඇතියෙමි, පැන් බොන්නෙමි’ යි වදාළ සේක. ‘එසේ යැ, වහන්සැ’ යි කියා ම අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දී, පාත්‍රය ගෙන ඒ කුඩා නදිය වෙතට වැඩියාහ. එ කල්හි ගැල් සකින් සිඳුණු ස්වල්ප ජලය ඇති, කැළැඹුණු, බොර වූ ඒ කුඩා නදිය ගලනුයේ, අනඳ තෙරුන් එළැඹෙන විටැ පහන් වැ, වෙසෙසින් පෑදුණු දියැති වැ කැලැඹුම් නැති වැ ගැලීය. එ විටැ අනඳ තෙරුනට භවත්නි, තථාගතයන් වහන්සේගේ මහර්ද්ධි ඇති බව මහත් අනුභාව ඇති බව ආශ්චර්‍ය්‍ය යැ, අද්භූත යැ. ස්වල්ප දිය ඇති, ගැල් සකින් සිඳුණු කැලැඹුණු, බොර වැ ගලන මේ නදිය මා එළැඹෙන විට පහන් විය, වෙසෙසින් පෑදුණු දිය ඇති විය, කැලැඹුම් නැති වැ ගලා යැ” යි මේ සිත විය. ඉක්බිති තෙරණුවෝ පාත්‍රයෙන් පැන් ගෙන භගවත් බුදුරජුන් වෙත එළැඹියාහ. එළැඹ ඔබට, “වහන්ස, තථාගතයන් වහන්සේගේ මහර්ධි ඇති බව, මහත් අනුභාව ඇති බව ආශ්චර්‍ය්‍ය යැ, අද්භූත යැ! වහන්ස, දැන් ගැල්සකින් සිඳී ගිය ජලය ඇති, ස්වල්ප ජලය ඇති, කැළැඹුණු බොර වැ ගලන ඒ කුඩා නදිය මා එළැඹෙන කලැ පහන් වැ, වෙසෙසින් පෑදුණු දිය ඇති වැ කැළැඹුම් නැති වැ බොර නැති වැ ගැලී ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පැන් වළඳන සේක් වා, සුගතයන් වහන්සේ පැන් වළඳන සේක් වා” යි කීහ. එ විටැ භාග්‍යවතුන් වහන්සේ පැන් වැළැඳූ සේක.



පුක්කුස මල්ල පුත්‍ර කථාව:



87. එකලැ වනාහි ආළාරකාලාම තවුසාණන්ගේ ශ්‍රාවක වූ පුක්කුස නම් මල්ල පුත්‍රයෙක් කුසිනාරායෙන් පාවා නුවරට යන දික් මඟට පිළිපන්නේ වෙයි. පුක්කුස මල්ලපුත්‍ර තෙමෙ එක්තරා රුකක් මුලැ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක ඔබ වෙතට ගියේ ය. ගොස් ඔබ වැඳ පසෙක හිඳ ගත. එක් පසෙක හුන්නා වූ ම පුක්කුස මල්ල පුත්‍ර තෙමෙ භගවත් බුදුරජුනට මෙසේ කී ය: වහන්ස, ආශ්චර්‍ය්‍යය! වහන්ස, අද්භූත ය!! වහන්ස, පැවිද්දෝ ශාන්ත වූ විහරණයෙන් වෙසෙත්. වහන්ස, පෙරැ වූවක් කියම්. “පෙරැ ආළාර කාලාමයෝ දික් මඟකට පිළිපන්නාහු, මඟින් ඉවත් වැ නොදුරෙහි වූ එක්තරා රුකක් මුලැ දිවාවිහරණය පිණිස හුන්හ. වහන්ස, එ කල්හි එක්තරා පුරුෂයෙක් ඒ ගැල්සාත්තුව පසු පයින් එනුයේ, ආළාර කාලාමයන් කරා එළැඹියේ ය. එළැඹ, ‘වහන්ස, (මෙ පෙදෙස) ගැටි ගැටි ඉක් මැ යන පන්සියයක් පමණ ගැල් දුටු සේක් දෝ?’යි විචාළේ ය. ‘ඇවැත්නි, මම් නො ම දිටිමි’යි ආළාරකාලාමයෝ වදාළහ. ‘වහන්ස, කිම? ගැල්සක් හඬ ඇසූ සේක දෝ?’ යි හේ විචාළේ ය. ‘ඇවැත්නි, ගැල්සක් හඬ ද නො ම ඇසීමි’ යි ආළාරකාලාමයෝ වදාළාහ. ‘වහන්ස කිමෙක් ද? නිද්‍රෝපගත වැ හොත් සේක් දෝ’යි හේ පුළුවුත. ‘ඇවැත්නි මම් නිද්‍රෝපගත ද නො වීමි’ යි ආළාරකාලාමයෝ වදාළහ. ‘කිමෙක් ද? වහන්ස, ඔබ සංඥා ඇති වැ හුන් සේක් දැ?’ යි හේ පුළුවත. ‘එසේ යැ, ඇවැත්නි’ යි ආළාර කාලාමයෝ වදාළහ. ‘වහන්ස, ඔබ සංඥා ඇති වන්නාහු ම, පිබිදැ හුන්නාහු ම ගැටි ගැටී ඉක්මැ යන පන්සියයක් පමණ ගැල් නො දුටුවාහ, ගැල්සක් හඬ නො ම ඇසුවාහ. වහන්ස, එහෙත් ඔබ සඟළ සිවුරු ධූලියෙන් වැකුණේ යැ!’ යි හේ කීය. ‘එසේ යැ ඇවැත්නි’ යි ආළාර කාලාමයෝ වදාළහ. වහන්ස, එ විටැ ඒ පුරුෂයාට මේ සිත විය. ‘භවත්නි, ආශ්චර්‍ය්‍ය යැ! භවත්නි, පුදුම යැ!! යමෙක් සංඥාව ම පිබිදැ හුන්නේ ම ගැටි ගැටි ඉක්මෙන පන්සියයක් පමණ ගැල් නො ම දිටී ද, ගැල් හඬක් නො ම ඇසී ද, එ බඳු වූ ශාන්ත විහරණයෙකින් මේ පැවිද්දෝ වෙසෙති!!!’ යි මේ සිත විය. හේ මෙසේ ආළාරකාලාමයන් කෙරෙහි මහත් ප්‍රසාදය පළ කොට එතැනින් නික්මියේ ය” යනු යැ.



“පුක්කුසයෙනි, එය තෙපි කිමැ යි සිත වු ද? යමෙක් සංඥීවන්නේ ම පිබිද ඉන්නේ ම දිව දී යන පන්සියයක් පමණ ගැල් නො ම දක්නේත් නො ම අසන්නේ ත් වේ ද, යමෙක් හෝ සංඥී වැ ම, පිබිදැ ඉන්නේ ම, (වියැලි ගැජුම් කොට අතරින් පතර) වැසි වස්නා කල්හි, මේ ගැජුම් පවත්නා කල්හි, විදුලිය නික්මෙන කල්හි, හෙණ පුපුරන කල්හි, එය නො ම දක්නේ ද, එහි හඬ හෝ නො ම අසන්නේ ද, මේ දෙකින් කිමෙක් නම් වඩා දුෂ්කර ද, වඩා දුර්ලභ දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.



“වහන්ස, පන් සියයෙක් හෝ හය සියයෙක් හෝ හත් සියෙක් හෝ අට සියයෙක් හෝ නව සියයෙක් හෝ දහසෙක් හෝ සිය දහසෙක් හෝ ගැල්හු කුමක් කරන්නාහු ද? වැලි දු යමෙක් සංඥී ව ම, පිබිදැ හිඳ ම, වැසි වස්නා කල්හි, මේ ගැජුම් පවත්නා කල්හි විදුලිය නික්මෙන කල්හි, හෙණ පුපුරන කල්හි එය නො දක්නේ නම්, එහි හඬත් නො අසන්නේ නම්, මෙය ම වඩා දුෂ්කර යැ, වඩා දුර්ලභ යැ” යි පුක්කුස කී ය.



එවිට, භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්, ‘පුක්කුසයෙනි, මම් එක් සමයෙක ආතුමා නම් නුවරැ පිදුරුකිළියෙකැ වෙසෙන්නෙම් වීමි. එ සමයෙහි වැසි වස්නා කලැ, මේ ගැජුම් පවත්නා කලැ, විදුලිය හැසිරෙන කලැ, සෙණ පුපුරන කලැ ඒ පිදුරු කිළීයට නොදුරෙහි ගොවිදෙබෑ කෙනෙක් ද ගොන්නු සිවු දෙනෙක් ද නැසුණහ. පුක්කුසයෙනි, එ කලැ ආතුමා වුනරින් මහජන මුළුවෙක් නික්මැ අවුත් ඒ මළා වූ ගොවි දෙබෑයන් ද සිවු ගවයන් ද හෝනා තැනට ආය. පුක්කුසයෙනි, එ වෙලෙහි මම්, පිදුරු කිළියෙන් නික්මැ, එහි දොර එළිමහනේ සක්මන් කෙරෙමි. පුක්කුසයෙනි, එ කලැ ඒ මහජන මුළුවෙන් එක්තරා මිනිසෙක් මා කරා ආ ය. අවුත් මා වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටි ඒ මිනිසා බණවා, “ඇවැත්නි, කවර හෙයින් මහජනමුළුවෙක් රැස් විණි දැ?” යි ඇසීමි. “වහන්ස, දැන් වැසි වස්නා කල්හි, මේ ගැජුම් පවත්නා කල්හි, විදුලිය නික්මෙන කල්හි, හෙණ වැටෙන කල්හි, දෙ බෑ ගොවි කෙනෙක්ද සිවු දෙනෙක් ගවයෝද නටහ. එහි තෙල මහජන මුළුව රැස් විය. වහන්ස, ඔබ කොහි වූ හු ද?” යි ඒ මිනිසා කී ය. “ඇවැත්නි, මම් මෙහි ම වීමි” යි මම් කීමි. “වහන්ස කිම? එය ඔබ නො දුටු සේක් දෝ?” යි හේ පුළුවුත. “මම් නොදිටිමි ඇවැත්නි” යි මම් කීමි. “කිමෙක් ද? වහන්ස, ඔබවහන්සේ ඒ හඬ ඇසූ සේක් දැ?” යි හේ පුළුවුත. “ඇවැත්නි, මම් ඒ හඬ නො ඇසීමි” යි කීමි. “කිමෙක් ද, වහන්ස, ඔබ සංඥී වූහු ද?” යි හේ පුළුවුත. ‘එසේ ය ඇවැත්නි’ යි මම් කීමි. “වහන්ස, ඒ ඔබ වහන්සේ සංඥී වන සේක් ම පිබිදැ හුන් සේක් ම, වැසි වස්නා කලැ මේ ගැජුම් පවත්නා කලැ, විදුලිය හැසිරෙන කලැ, සෙණ පුපුරන කලැ එය නොම දුටු සේක් ද? හඬ හෝ නො ම ඇසූ සේක් දැ?” යි හේ විචාළේ ය. “එ සේය, ඇවැත්නි” යි මම් කීමි. පුක්කුසයෙනි, එ විටැ, “භවත්නි, යමෙක් සංඥීව ම, පිබිදැ හුන්නේ ම, වැසි වස්නා කල්හි, මේ ගැජුම් පවත්නා කල්හි, විදුලිය හැසිරෙන කල්හි, සෙණ පුපුරන කල්හි එය නො ම දුටුයේ ද, එහි හඬත් නො ම ඇසුයේ ද, එ බඳු වූ ශාන්ත විහරණයෙකින් පැවිද්දෝ වෙසෙත්” යැයි ඒ පුරුෂයාට මේ සිත විය. ඉක්බිති හෙතෙම මා කෙරෙහි මහත් ප්‍රසාදය පහළ කොට, මා වැඳ පැදැකුණු කොට නික්මියේ යැ” යි වදාළ සේක.



මෙසේ වදාළ කල්හි, පුක්කුස මල්ලපුත්‍ර තෙම “වහන්ස, ආළාර කාලාමයන් කෙරෙහි මගේ යම් පැහැදීමක් වී ද, එය මහ සුළ‍‍ඟෙහි පොළා හරිමි. සැඩ දිය පාර ඇති නදියෙක හෝ පා කොට යවමි. වහන්ස, අභිකාන්ත යැ, වහන්ස, අභිකාන්ත යැ. වහන්ස, යම් සේ මුහුණින් නමා තබන ලද්දක් උඩුකුරු කොට තබන්නේ ද, පිළිසන් වූවක් හෝ විවෘත කරන්නේ ද, මං මුළා වූවකුට මඟ හෝ කියන්නේ ද, ‘ඇස් ඇතියන් රූප දකිති’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද, එසේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පැවැසිණ. “වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්මය ද බික්සඟන ද සරණයෙමි. අද පටන් කොට, දිවි හිමින් සරණ ගිය උවසුවකු කොට භාග්‍යවතුන් වහන්සේ මා සලකා වදාරන සේක් වා” යි කී ය.



ඉක්බිති පුක්කුස මල්ලපුත්‍ර තෙම එක්තරා පුරුෂයකු බණවා, “සගය යව, රන්වන් වූ මට සිලිටි වූ මඟුල් උළෙල ඈහි මා විසින් දැරියැ යුතු වූ වස්ත්‍ර යුගලය ගෙනෙව” යි කී ය. ‘එසේ යැ ස්වාමීනි’ යි කියා හේ පුරුෂ තෙම ඒ රන්වන් මට සිලිටි වත් යුවල ගෙනායේ ය. ඉක්බිති, පුක්කුස මල්ල පුත්‍ර තෙම රන්වන් මට සිලුටු (උත්සවාදීන්හි) දැරියැ යුතු ඒ වත් යුවල ගෙන, “වහන්ස, මේ රන්වන් වූ මට සිලුටු වූ, (උත්සවාදියෙහි මා විසින්) දැරියැ යුතු වූ වස්ත්‍ර යුග්මයෙක. වහන්ස, මා සතු වස්ත්‍ර යුග්මය මට අනුකම්පා සඳහා භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක් වා” යි එය භගවත් බුදුරජුනට එළැවී ය. “එසේ වී නම්, පුක්කුසයෙනි, එයින් එකෙකින් මා පුදව. අනෙකින් අනඳයන් පුදව” යි භගවත්හු වදාළහ. “එසේ යැ වහන්සැ” යි පුක්කුස මල්ල පුත්‍ර තෙම භගවත් බුදුරජුනට පිළිවදන් දී, එකෙකින් භගවත් බුදුරජුන් පිදී ය. (එකක් හඳනා පොරෝනා පිණිස භගවත් බුදුරජුනට දුන), එකෙකින් අනඳ තෙරුන් පිදීයි. (හඳනා පොරෝනා පිණිස එකක් අනඳ තෙරුනටද දුන). ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පුක්කුස මල්ල පුත්‍රයාට වස්ත්‍රානුමෝදනා ධර්මකථායෙන් කරුණු දැක් වූ සේක. එහි සිත් ගැන් වු සේක. එහි සිත් තියුණු කැරැවූ සේක, එහි සිත් සතුටු කැරැවූ සේක. මල්ල පුත්‍ර පුක්කුස තෙමේ ද භගවත් බුදුරජුන් විසින් දැහැමි කතායෙන් කරුණු දක්වන ලදුයේ, එහි සිත් ගැන්වුණේ, එහි සිත් තියුණු කරවන ලදුයේ, එහි සිත් සතුටු කරවන ලදුයේ, හුනස්නෙන් නැගී භගවත් බුදුරජුන් වැඳැ පැදැකුණු කොට නික්මැ ගියේ ය.



88. ඉක්බිති අනඳ තෙරණුවෝ පුක්කුස මල්ල පුත්‍රයා නික්මගිය නොබෝ කල්හි, ඒ (ඔහු විසින් උළෙල ඈහි) දැරිය යුතු වැ තුබුණු මට සිලිටි රන්වන් වත් යුවල භගවත් බුදු රජුන්ගේ සිරි සිරුරට එළැවී ය. එය භගවත් බුදුරජුන්ගේ සිරි සිරුරට එළවන ලදුයේ, පහ වූ සිළු ඇති ගිනි අඟුරු රැසක් මෙන් පැණෙයි.



එ කලැ අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට ‘වහන්ස, තථාගතයන් වහන්සේගේ ඡවිවර්ණය කොතරම් පිරිසිදු ද, කොතරම් ප්‍රභාස්වර ද යනු ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස, අද්භූත යැ. වහන්ස, මේ රන්වන් වූ, මට සිලිටි වූ ධාරණීය (උතුම් මංගල) වස්ත්‍ර යුගලය භාග්‍යවතුන් වහන්සේගේ කයට එළවන ලදුයේ, පහවූ සිළු ඇති, ගිනි අඟුරු රැසක් මෙන් පැනේ’ යැ යි කීහ.



“අනඳයෙනි, අවස්ථා දෙකෙක්හි ම තථාගතයන්ගේ සිරුර පිරිසිදු වෙයි, ඡවිවර්ණය ප්‍රභාස්වර වෙයි. කවර අවස්ථා දෙකෙක් හි ද යත්: අනඳයෙනි, යම් රැයෙක තථාගතයෝ නිරුත්තර සම්‍යක් සම්බෝධිය අධිගම කෙරෙත් ද, යම් රැයෙක තථාගතයෝ අනුපාදිශේෂ නිර්වාණධාතුයෙන් පිරිනිවෙත් ද, අනඳයෙනි, මේ අවස්ථා දෙක්හි ම තථාගතයන්ගේ සිරුර ඉතාම පිරිසිදු වෙයි, ඡවිවර්ණය ප්‍රභාස්වර වෙයි. අනඳයෙනි, අද වනාහි රෑ පැසිම් යම්හි කුසිනාරාහි උපවර්තන නම් මල්ල රජුන්ගේ සල් වෙනෙහි යමා සල් රුක් අතරැ තථාගතයන්ගේ පිරිනිවීම වන්නේ ය. අනඳයෙනි, එවු, යමු. කකුත්‍ථා නදිය කරා එළැ‍ඹෙන්නමු” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “එසේ යැ, වහන්සැ” යි අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ.



එහෙයින් සංගීතිකාරකයෝ කීහ:



“රන්වන් මට සිලිටි වත් යුවලක් පුක්කුස තෙමේ එළැවී ය.

එය හැඳැ පෙරැ වූ ශාස්තෘහු රන් පැහැ වූහු, හෙබියාහ.”



අඹවනයට එළැඹීම



89. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහ බික්සඟන කැටුව කකුත්ථා නදිය වෙතට වැඩි සේක. වැඩ, ඒ නදියට බැස, දිය සනහා, පැන් වළඳා, එයින් ගොඩ නැඟ, අඹ වනය කරා වැඩි සේක. වැඩැ (වෙතැ සිටි) චුන්දක තෙරුන් බණවා “චුන්‍දකයෙනි, මට සඟළ සිවුර සතර පට කොට පණවවු. චුන්‍දකයෙනි, ක්ලාන්තයෙමි, වැදැහෙන්නෙමි” යි වදාළ සේක. “එසේ යැ වහන්සැ” යි ම චුන්‍දක තෙරණුවෝ භගවත්නට පිළිවදන් දී, සඟළ සිවුර සතර ගුණ කොට පැනැවූ හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දකුණු සිරිපා හි වම් සිරි පා මඳක් මෑත් කොට පිහිටුවා, එළැඹැ සිටි සිහි ඇති සේක්, නුවණින් දන්නා සේක්, නැඟී සිටුනා සංඥාව සිත්හි කොට දකුණැළයෙන් සිංහශය්‍යාව කළ සේක. චුන්‍දක තෙරණුවෝ ද එහි ම භගවත් බුදුරජුන් ඉදිරියෙහි හුන්හ.



[එහෙයින් කීහු සංගීතිකාරකයෝ:]



“මෙ ලොවැ අප්‍රතිම ශාස්තෘ වූ තථාගත බුදු රජුහු කකුක්ථා නදිය කරා වැඩ, ඉතා ක්ලාන්ත ස්වභාවය ඇත්තාහු, එහි දියට බටහ.



ශාස්තෘහු දිය සනහා පැන් වළඳා, බික් සඟන මැද පෙරට වැ සිටියෝ, නදියෙන් ගොඩ නැංගාහ. මෙහි ධර්මයේ ප්‍රවක්තෘ වූ මහර්ෂි වූ භගවත් ශාස්තෘහු අඹවනයට වැඩියහ.



චුන්‍දක නම් මහණහු බණවා ‘මා සඟළ සිවුර සිවු ගුණ කොට අතුරවා වැදැහෙන්නෙමි’ යි වදාළහ. භාවිතාත්ම වූ ඒ බුදුරජුහු විසින් මෙහෙයන ලද ඒ චුන්‍දක තෙර වහා ම සඟළ සිවුර සිවු ගුණ කොට පැනැවී ය. ඉතා ක්ලාන්ත ස්වභාවය ඇති ශාස්තෘහු එහි සැතැපුණාහ. චුන්‍ද තෙර ද ඔබ ඉදිරියෙහි හුන්නේ ය.”



සමවිපාක ඇති පිණ්ඩපාත දෙක



90. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා මෙසේ වදාළ සේක: “අනඳයෙනි, චුන්‍ද කර්මාර පුත්‍ර හට ‘ඇවැත් චුන්‍දයිනි, තථාගතයෝ යමක්හුගේ අන්තිම පිණ්ඩපාතය (භෝජනය) වළඳා පිරිනිවියෝ ද, ඒ ඔබට (එයින්) අලාභයෝ යැ, ඒ තොප විසින් මිනිසත් බව නපුරු කොට ලබන ලද සේ යැ’ යි කිසිවෙක් විපිළිසරක් උපදවන්නේ ය යන්න වියැ හැක්ක. අනඳයෙනි, චුන්‍ද කර්මාර පුත්‍රයාගේ විපිළිසර මෙසේ දුරු කටයුතු ය:”



“යම් බඳු ඔබ‍ගේ පශ්චිම පිණ්ඩපාතය වළඳා තථාගතයෝ පිරිනිවියෝ ද, ඒ ඔබට ලාභයෙක, ඒ ඔබ විසින් මිනිසත් බව මොනොවට ලද සේ ය. අන් හැම පිණ්ඩපාතයනට වඩා ඉමහත් ඵල ඇති, වඩා ඉමහත් අනුසස් ඇති, හැම අයුරින් සම පල වූ සමවිපාක වූ මේ පිණ්ඩපාත දෙකෙද. කවර දෙකෙක් ද යත්: යම් පිණ්ඩපාතයක් වළඳා තථාගතයෝ අනුත්තර සම්‍යක් සම්බෝධියට පැමිණෙත් ද, යම් පිණ්ඩපාතයක් වළඳා තථාගතයෝ නිරුපාදිශේෂ නිර්වාණධාතුයෙන් පිරිනිවෙත් ද, මේ අන් හැම පිණ්ඩපාතයනට වඩා ඉතා ඉමහත් පල ඇති ඉතා මහත් විපාක ඇති හැම ලෙසින් ම සම ඵල ඇති, සම අනුසස් ඇති පිණ්ඩපාත දෙක ය.



‘මෙයින් ආයුෂ්මත් චුන්‍ද කර්මාර පුත්‍රයන් විසින් දීර්ඝායුෂ පිණිස පවත්නා කර්මයෙක් රැස් කරන ලද්දේ ය, ආයුෂ්මත් චුන්‍ද කර්මාර පුත්‍රයන් විසින් පැහැපත් බව පිණිස පවත්නා කර්මයෙක් රැස් කරන ලද්දේ ය, ආයුෂ්මත් චුන්‍ද කර්මාර පුත්‍රයන් විසින් සුවය පිණිස පවත්නා කර්මයෙක් රැස් කරන ලද්දේ ය, ආයුෂ්මත් චුන්ද කර්මාර පුත්‍රයන් ස්වර්ගය පිණිස පවත්නා කර්මයෙක් රැස් කරන ලද්දේ ය, ආයුෂ්මත් චුන්‍ද කර්මාරපුත්‍රයන් විසින් අධිපති බව පිණිස පවත්නා කර්මයෙක් රැස් කරන ලද්දේ යැ, ඇවැත් චුන්‍දයෙනි, භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙන් ම මා විසින් මෙය අසනලද්දේ ය, භාග්‍යවතුන් වහන්සේ හමුයෙන් ම මා විසින් මෙය පිළිගන්නාලද්දේ යැ යි කියා මෙසේ චුන්ද කර්මාර පුත්‍රයා විපිළිසර දුරු කටයුතු යැ” යනු යි.



ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වෙලෙහි මෙ උදන් ඇනූ සේක:



“දන් දෙන්නහුට පින් වැඩේ. සිල් රක්නහු සිතැ වෙර නො පවතී. නුවණැත්තේ වෙර (පව්) දුරැ ලයි. හේ මෙසේ (පව්) දුරැ ලා රාග ද්වේශ මොහ මුල් ඉදිරීමෙන් කෙලෙස් පිරිනිවනින් ද එයට පසු කඳ පිරිනිවනින් ද පිරිනිවියේ වෙයි” යනු යි.



සතර වැනි බණවර යි.



යමා සල්රුක්:



91. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ඇවැත් අනඳ තෙරුන් බණවා “අනඳයෙනි, යම්හ. හිරණ්‍යවතී නදිය පර තෙරට (නදියෙන් එගොඩට) එහි කුසිනාරා නුවරට, එහි මල්ල රජුන්ගේ උපවර්තන නම් සල්උයනට එළැඹෙන්නමු” යි වදාළ සේක. ‘එසේ ය වහන්සැ’ යි කියා ම අනඳ තෙරණුවෝ පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික් සඟන කැටුව හිරණ්‍යවතී නදියෙන් එතෙරැ කුසිනාරා නුවරැ මල්ලයන්ගේ උපවර්තන නම් සල්උයන කරා වැඩියාහ. වැඩ අනඳතෙරුන් අමතා “අනඳයෙනි, යමා සල් රුක් අතරැ හිස උතුරු දෙසට සිටුනා යේ කොට මට ඇඳක් පනවවු. අනඳයෙනි, ක්ලාන්තයෙමි, වැදැහෙනු කැමැත්තෙමි” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා ම අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දී, යමා සල්රුක් අතරැ උතුරු දෙසට හිස සිටුනා සේ කොට ඇඳක් පැනවූහ. ඉක්බිති භගවත්හු දකුණු පයින් වම් පය මඳක් ඉක්මැ බිහිටුවා සිහි නුවණින් යුතු වැ දකුණැලයෙන් සිංහ ශය්‍යාව කළාහ. (සිංහශය්‍යායෙන් සැතැපුණුසේක.) එ වේලෙහි වනාහි යමා සල් රුක් හු නොකල් මලින් මුළුල්ල ම ගැවැසුණාහු වෙත්. ඔහු තථාගතයනට පූජා විසින් ඔබ සිරුර මත්තෙහි වැටෙත්, විසිරෙත්, වෙසෙසින් විසිරෙත්. දිව මදාරා මලුදු අහසින් හෙයි. ඔහු තථාගතයනට පුද පිණිස ඔබ සිරුර මත වැටෙත්, විසිරෙත්, වෙසෙසින් විසිරෙත්. දිව සඳුන් සුණුදු අහසින් හෙයි. ඔහු තථාගතයනට පුද පිණිස ඔහ සිරුර මත හොත්, විසිරෙත්, වෙසෙසින් විසිරෙත්. දිව තුරුහු ද තථාගතයනට පුද පිණිස අහසැ වැයෙත්. දිව ගැයුම්හු ද තථාගතයනට පුද පිණිස අහසැ පැවැතෙත්.



92. එකලැ භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා “අනඳයෙනි, යමාසල්රුක්හු නොකල් මලින් මුළුල්ල හැසුණාහු ගැවැසුණාහු වෙත්. ඔහු තථාගතයනට පුද පිණිස ඔබ සිරුර මතැ හෙත්, විසිරෙත්, වෙසෙසින් විසිරෙත්. දිව මදාරා මලුදු අහසින් හෙයි ... දිව සඳුන් සුණු ද අහසින් හෙයි ... දිව තුරු ගොසු දු ... දිව ගැයුමුදු තථාගතයනට පුද පිණිස අහසැ වැටෙයි. අනඳයෙනි, මෙතෙකින් තථාගතයෝ සත්කෘත හෝ ගුරුකෘත හෝ මානිත හෝ පූජිත හෝ අපචිත හෝ නො වෙත්. අනඳයෙනි, යම් මහණෙක් හෝ මෙහෙණක් හෝ උවසුවෙක් හෝ උවැසියක් හෝ ධර්මානුධර්ම ප්‍රතිපන්න වැ සම්‍යක් ප්‍රතිපන්න වැ අනුධර්මචාරී වැ වෙසෙයි ද, හේ මැ පරම පූජායෙන් තථාගතයනට සත්කාර කෙරෙහි, ගරු කෙරෙයි, බුහුමන් කෙරෙයි, පූජා කෙරෙයි, අපචායන කෙරෙයි. අනඳයෙනි, එ බැවින් මෙහි ලා ධර්මානුධර්ම ප්‍රතිපන්න වැ සම්‍යක් ප්‍රතිපන්න වැ අනුධර්මචාරී ව වසන්නමෝ’ යි, මෙසේ ම තොප විසින් හික්මියැ යුතු” යි වදාළ සේක.



උපවාන තෙරණුවෝ:



93. එ සමයෙහි වනාහි උපවාණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පවන් සලනුවෝ ඔබ ඉදිරියේ සිටියාහු වෙත්. එ කලැ භාග්‍යවතුන් වහන්සේ උපවාණ තෙරුන් බණවා, ‘මහණ, ඉවත් වන්න, මා ඉදිරියේ නො සිටින්නැ’ යි උපවාණ තෙරුන් ඉවත් කළ සේක. එ විටැ, ‘මේ උපවාණ තෙරණුවෝ වූ කලි බොහෝ කලක් වෙතැ ගැවැසෙන, ළඟ හැසිරෙන, භාග්‍යවතුන් වහන්සේගේ උවටුවෙකි. එහෙත් පැසිම් සෙමෙහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, ඉවත්වන්න. මැ ඉදිරියේ නො සිටින්නැ’ යි උපවාණ තෙරුන් ඉවත් කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, ඉවත් වන්න. මා ඉදිරියේ නො සිටින්නැ’ යි උපවාණ තෙරුන් ඉවත් කළ සේක යන යමෙක් ඇද්ද, එයට හේතුව කවර යැ, එයට කරාණය කවර යැ, යි අනඳ තෙරුනට මේ සිත විය. ඉක්බිති අනඳ තෙරණුවෝ ‘වහන්ස, මේ උපවාණ තෙරණුවෝ බොහෝ කලක් වෙතැ ගැවැසෙන, ලඟ හැසිරෙන භාග්‍යවතුන් වහන්සේගේ උවටුවෙක. එතෙකුදු වූවත් භාග්‍යවතුන් වහන්සේ පැසිම් සමයෙහි ‘මහණ, ඉවත් වන්න, මා ඉදිරියේ නො සිටින්නැ’ යි උපවාණ තෙරුන් ඉවත් කරන සේක. වහන්ස, ... එයට හේතුව, එයට කාරණය කවර යැ?’ යි භගවත් බුදුරජුන් පුළුවුත්හ. “අනඳයෙනි, ලෝදා දස දහසෙක දෙවියෝ තථාගතයන් දක්නා පිණිස බොහෝ සෙයින් රැස්වූවාහු වෙත්. අනඳයෙනි, කුසිනාරා නුවර යම් පමණ ද, මල්ලවයන්ගේ උපවර්තන ශාලවනය යම් පමණ ද හාත්පස දොළොස් යොදුන් වූ ඒ සියලු පෙදෙස යම් පමණ ද, එහි මහායශස්ක දේවතාවන් වැද නොගත්, හිඳි අගක් එළාලන පමණ වූ ද ඒ තැනෙක් නැත. අපි වූ කලි භාග්‍යවතුන් වහන්සේ දක්නට දුරැ සිට ද ආම්හ. රහත් සම්මා සම්බුදු වූ තථාගතවරු (බොහෝ කල් ඉක්මැ) කිසි කලෙක්හි ම ලොවැ පහළ වෙත්. අද රෑ ම පැසිම්යම්හි තථාගතයන් වහන්සේගේ පිරිනිවීම වන්නේ ය, මේ මහ තෙදැති මහණ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ඔබ මුවහ කරනුයේ සිටියේ වෙයි. (එහෙයින්) අපි (මේ) පැසිම් සමයෙහි තථාගතයන් වහන්සේ දක්නට නො ලබමෝ’ යි දෙවියෝ (උපවාණ මහණහට) දොස් නඟත්” යැ යි භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුනට වදළ සේක.



94. ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙසේ වූ දේවතා කෙනකුන් මෙනෙහි කරන සේක් දැ?’ යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ.



‘අනඳයෙනි, අහසෙහි පෘථිවි යැ’ යි සංඥා ඇති දේවතා කෙනකුන් ඇත. ඔහු ‘ඉතා වහා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක, ඉතා වහා සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක.



ඉතා වහා ලොවැ ඇස අතුරු දහන් වන්නේ යැ’ යි හිස කෙස් මුදා හඬත්, දොහොත් නඟා හඬත්, මැදින් සිඳී වැටුණවුන් සේ වැටෙත්, පෙරැළෙන්නාහු වැටුණු තැනට ම එත්, වැටුණු තැනින් ඈතට ද පෙරැළී යෙත්.



යම් දේවතා කෙනෙක් පහ වූ රාගය ඇත්තාහු ද, ඔහු සිහි ඇත්තාහු නුවණින් දන්නාහු, ‘සංස්කාරයෝ අනිත්‍යය හ. එහෙයින් මෙහි ස්ථිරතාවෙක් කොයින් ලැබෙන්නේ දැ!’ යි ඉවසත් යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.



95. “වහන්ස, පෙරැ ඒ ඒ දෙසැ වස් වූසු භික්‍ෂුහු තථාගතයන් වහන්සේ දක්නට එත්. අපි මෙත් බවුන් විසින් සිත් වඩනා (සමාධිය වඩනා) ඒ භික්‍ෂූන් දක්නට ලබම්හ, එළැඹැ පිළිදග්නට ලබම්හ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් ඒ මෙත් බවුනෙත් සිත වඩනා භික්‍ෂූන් දක්නට නො ලබන්නමු. එළැඹැ පිළිදග්නට නො ලබන්නමු” යි අනඳ තෙරණුවෝ කීහ.



එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “අනඳයෙනි, සැදැහැවත් කුලපුතක්හට දක්නට සුදුසු, සංවේග උපදවන මේ තැන් සතරෙකි. කවර දතරෙක් ද? යත්:



‘අනඳයෙනි, ‘තථාගතයන් වහන්සේ මෙහි උපන් සේකැ’ යි (ඒ උපන් තැන) සැදැහැවත් කුල පුත්හට දක්නට සුදුසු සංවේග උපදවන තැනෙකි.



‘තථාගතයන් වහන්සේ මෙහි නිරුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කළ සේකැ’ යි, අනඳයෙනි, මෙය සැදැහැවත් කුලපුත්හට දක්නට සුදුසු සංවේගය උපදවන තැනෙකි.



‘මෙහි තථාගතයන් වහන්සේ විසින් නිරුත්තර ධර්‍මචක්‍රය පවත්වන ලදැ’ යි, අනඳයෙනි, මෙය සැදැහැවත් කුලපුතුහට දක්නට සුදුසු සංවේග උපදවන තැනෙකි.



‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණධාතුයෙන් පිරිනිවන් පෑ සේකැ’ යි, අනඳයෙනි, මෙය සැදැහැවත් කුලපුත් හට දක්නට සුදුසු සංවේග උපදවන තැනෙකි.



අනඳයෙනි, මොහු සැදැහැවත් කුලපුතක්හට දක්නට සුදුසු සංවේග උපදවන තැන් සතර ය.



අනඳයෙනි, සැදැහැවත් මහණහු ද මෙහෙණහු ද උවසුහු ද උවැසියෝ ද ‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේකැ’ යි ද, ‘මෙහි තථාගතයන් වහන්සේ නිරුත්තර සම්‍යක්සම්බෝධි අවබෝධ කළ සේකැ’ යි ද, ‘මෙහි තථාගතයන් වහන්සේ විසින් නිරුත්තර ධර්මචක්‍රය පවත්වන ලදැ’ යි ද, ‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණධාතුයෙන් පිරිනිවි සේකැ’ යි ද සලකා මේ තැන් කරා එන්නාහු ම ය. අනඳයෙනි, යම් කෙනෙක් වනාහි චෛත්‍යචාරිකාව කරන්නාහු (සෑ වඳිමින් පුදමින ඇවිදුනාහු) පහන් සිතැත්තෝ කලුරිය කරන්නාහු ද, ඒ සියල්ලෝ කාබුන් මරණින් මතු මනාප ගති ඇති සග ලොවට පැමිණෙන්නාහ.”



ආනන්ද පාච්ඡා කථාව:



96. ඉක්බිති, අනඳ තෙරණුවෝ “වහන්ස, අපි මාගම (ස්ත්‍රිය) කෙරෙහි කෙසේ පිළිපදුමෝ දැ” යි විචාළහ.



“අනඳෙයනි, මාගම නොදැක්ම යැ” යි භගවත්හු වදාළහ.



“භාග්‍යවතුන් වහන්ස, දැක්මක් ඇති කල්හි කෙසේ පිළිපැද්ද යුතු දැ?” යි අනඳ තෙරණුවෝ විචාළහ.



“අනඳයෙනි, ඇය හා කතා නො කිරීම යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.



(කතා කළ යුතුම තැනක් වුව) “වහන්ස, කතා කරන මහණහු විසින් කෙසේ පිලිපැද්ද යුතු දැ?” යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ.



“අනඳයෙනි, (ඇය ගේ) වයස අනුව මේ මව යැ යි හෝ සොහොයුරි යැ යි හෝ දූ යැ යි හෝ සලකා සිහිය එළැඹැවියැ යුතු යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.



“වහන්ස, අපි කෙසේ නම් තථාගතයන් වහන්සේගේ සිරුරෙහි පිළිපදුමෝ දැ” යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ.



“අනඳයෙනි, තෙපි තථාගතයන්ගේ සිරුර පුදනුයෙහි නිරුත්සාහ වවු. අනඳයෙනි, ‍තෙපි වූ කලි තමහට වැඩෙහි (රහත්බව් ලබනුයෙහි) තැත් කරවු, තමහට වැඩෙහි පුනපුනා යෙදෙවු (රහත්බව් පිණිස පිළිවෙත් කරවු, බවුන් බවවු), තමහට වැඩෙහි (රහත්බව් ලැබීමෙහි) නොපමා වූවාහු, කෙලෙස් තවන වැර ඇත්තාහු, නිවන් කරා මෙහෙයූ සිතැත්තාහු වසවු. අනඳයෙනි, තථාගතයන් කෙරෙහි වෙසෙසින් පහන් වූ නුවණැති කැත්හු ද, නුවණැති බමුණෝ ද, නුවණැති ගැහැවියෝ ද ඇත. ඔහු තථාගතයන්ගේ සිරුරට පූජා සත්කාර කරන්නාහ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.



“වහන්ස, (ඔවුන් විසින්) තථාගතයන් වහන්සේගේ සිරුරෙහි කෙසේ පිළිපැද්දැ යුතු දැ?” යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ.



“අනඳයෙනි, සක්විති රජක්හුගේ සිරුරෙහි යම්සේ පිළිපදිත් ද, තථාගතයන්ගේ සිරුරෙහි එසේ ම පිළිපැද්දැ යුතු යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “වහන්ස, සක්විති රජක්හුගේ සිරුරැ කෙසේ පිළිපදිත් දැ?” අනඳ තෙරණුවෝ පුළුවුත්හ.



“අනඳයෙනි, සක්විති රජක්හුගේ සිරුර අළුත් පිළියෙන් වෙළත්. අළුත් පිළියෙන් වෙළා පොළාලු (මොනොවට නඟා පාදන ලද) කපු පුළුනෙන් වෙළත්. පොළා ලූ කපුපුළුනෙන් වෙළා අළුත් පිළියෙන් වෙළත්. මෙ නයින් යුගල පන්සියෙකින් සක්විති රජුගේ සිරුර වෙළා, රන්මුවා දෙණෙක බහා අන් රන්මුවා දෙණෙකින් වසා, හැම වර්ගයේ සුවඳ දරින් චිතකයක් කොට එ සිරුර දවත්. සක්විති රජහට (සක්විති රජුගේ සිරුර දා ඉතිරි වූ ධාගු තැන්පත් කොට) සතර මං හන්දියෙක තුඹක් (ස්තූපයක්) කරත්. අනඳයෙනි, මෙසේ ම සක්විති රජුගේ සිරුරෙහි පිළිපදිත්. අනඳයෙනි, යම්සේ සක්විති රජුගේ සිරුරෙහි පිළිපදිත් ද, එ සේම තථාගතයන්ගේ සිරුරෙහි පිළිපැද්ද යුතු. තථාගතයනට සිවු මං සන්දියෙක තුඹක් කැරැවිය යුතු. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුවඳ සුණු හෝ නඟන්නාහු (පුදන්නාහු) හෝ වෙත් ද, ආදරයෙන් වඳින්නාහු හෝ වෙත් ද, සිත හෝ පහදවන්නාහු වෙත් ද, එය ඔවුනට බොහෝ කල් වැඩ පිණිස සුව පිණිස වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.



තුඹට සුදුසු පුඟුලෝ:



97. “අනඳයෙනි, තුඹ (ස්තූප) කොට පුදනු ලබන්නට සුදුසු වූ මේ පුඟුලෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක් ද යත්: අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගත තෙමේ තුඹින් (ස්තූපයෙන්) පුදනු ලබනුවට සුදුසු ය. පසේ බුදුරජ තෙමේ තුඹින් පුදනු ලබන්නට සුදුසු ය. තථාගත සම්මා සම්බුදුන්ගේ සවු තෙමේ තුඹින් පුදනු ලබන්නට සුදුසුය, සක්විති රජ තෙමේ තුඹින් පුදනු ලබන්නට සුදුසු ය.



අනඳයෙනි, කවර කරුණක් නිසා අර්හත් සම්‍යක්සම්බුද්ධ තථාගත තෙමේ තුඹින් පුදනු ලබනුවට සුදුසු වෙයි ද යත්: අනඳයෙනි, ‘මේ ඒ භගවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ස්තූප යැ’ යි බොහෝ දෙනා සිත පහදත්, සිත පහදා කාබුන් මරණින් මතු මනාගති ඇති සග ලොවට පැමිණෙත්.



අනඳයෙනි, මේ කරුණ නිසාම අර්හත් සම්‍යක්සම්බුද්ධ තථාගත තෙමේ තුඹින් පුදනු ලබනුවට සුදුසු ය. අනඳයෙනි, කවර කරුණක් නිසා පසේ සම්බුදුරජ තුඹින් පුදනු ලබනුවට සුදුසු ද යත්: අනඳයෙනි, මේ ඒ භගවත් පසේ බුදුරජුගේ ස්තූප යැ’ යි බොහෝ දෙනා සිත පහදත්. ඔහු එහි සිත පහදා කා බුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙත්. අනඳයෙනි, මෙ කරුණ නිසා ම පසේබුදු රජ තුඹින් පුදනු ලබනුවට සුදුසු ය.



අනඳයෙනි, කවර කරුණක් නිසා තථාගතයන්ගේ සච්චා තුඹින් පුදනු ලබන්නට සුදුසු ද යත්: අනඳයෙනි, ‘මේ ඒ භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ සව්වක්හුගේ ස්තූපයෙකැ’ යි බොහො දෙනා සිත පහදත්. ඔහු එහි සිත පහදා කා බුන් මරණින් මතු මනා ගති ඇති සගලොවට පැමිණෙත්. අනඳයෙනි, මෙ කරුණ නිසා ම තථාගතයන්ගේ සව්වා තුඹින් පුද ලබනුවට සුදුසු ය.



අනඳයෙනි, කවර කරුණක් නිසා සක්විති රජ තුඹින් පුදනු ලබනුවට සුදුසු වෙයි ද යත්: අනඳයෙනි, ‘මේ දැහැමි වූ දස රජ දහමින් ජනන් රැඳැවූ සක්විති රජුගේ ස්තූප යැ’ යි බොහෝ දෙනා සිත පහදත්. ඔහු එහි සිත පහ දා කා බුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙත්. අනඳයෙනි, මේ කරුණ නිසා සක්විති රජ තුඹින් පුද ලබනුවට සුදුසු ය.



අනඳයෙනි, මේ ස්තූපාර්හ පුද්ගල සතර දෙනා යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.



අනඳ තෙරුන්ගේ අසිරි දහම්:



98. ඉක්බිති අනඳ තෙරණුවෝ වෙහෙර වැද දොරැ අගුළුකණුවැ එල්බැ ගෙන “අහෝ! මම් රහත්බව ලබනුවට කළ යුතු දෑ ඇති ශෛක්ෂයෙකිම් වෙමි. මට අනුකම්පා කරන මගේ ශාස්තෲන් වහන්සේගේ පිරිනිවන ද වන්නේ යැ” යි හඬමින් සිටියේ ය. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ආනන්දයෝ කොහි දැ?” යි භික්‍ෂූන් අමතා වදාළ සේක. “වහන්ස, තෙල අනඳ තෙරණුවෝ වෙහෙර වැද දොරැ අගුළු කණුවැ එල්බැගෙන ‘අහෝ! මම් කළ යුතු දෑ ඇති ශෛක්ෂයෙකිම් වෙමි, මට අනුකම්පා කරන මගේ ශාස්තෲන් වහන්සේගේ පිරිනිවන ද වන්නේ යැ’ යි හඬමින් සිටියාහු” යැ යි භික්‍ෂූහු සැළ කළාහ. එ විටැ භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණක්හු බණවා “මහණ, මෙහි එව, ‘ඇවැත්නි, ශාස්තෘහු ඔබ කැඳවති’ යි කියා මගේ වචනයෙන් අනඳයන් කැඳවා ගෙනව” යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි එ මහණ භගවත් බුදුරජුනට පිළිවදන් දී, අනඳ තෙරුන් කරා එළැඹ, ‘ඇවැත්නි, අනඳයෙනි, ශාස්තෲන් වහන්සේ ඔබ කැඳවන සේකැ’ යි සැළ කළේ ය. ‘එසේ යැ ඇවැත්නි’ යි අනඳ තෙරණුවෝ එ මහණ හට පිළිවදන් දී, භගවත් බුදුරජුන් වෙත එළැඹියහ. එළැඹ ඔබ ආදර සහිත වැ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක හුන් ම අනඳ තෙරුනට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:



“අනඳයෙනි, හැඬීමෙන් වැඩෙක් නැත. ශෝක නො කරවු, නො හඬවු. අනඳයෙනි, ප්‍රිය මනාප සියලු දැයෙන් ඉවත් වීම, වෙන් වීම, අන් සැටියකට පෙරැළීම කල් තබා ම මා කීවා නො වේ ද? අනඳයෙනි, යමෙක් උපන්නේ නම්, වූයේ නම්, සකස් වූයේ න,ම් පලුදු වන සුලු වී නම්, ඒ ස්වභාවය ම ඇති තථාගත ශරීරය ද නො නැසේ ව යි පැතුව ද, එය කොයින් ලැබෙන්නේ ද? මෙ කරුණ අවිද්‍යාමාන ය (මේ නො වන දැයෙකි). අනඳයෙනි, තොප විසින් හිතවත් වූ, සුව ගෙන දෙන්නා වූ, දෙසැටියක් නැති, (මුව දෝනා පැන් එළැවීම් ආදි) අප්‍රමාණ වූ මෛත්‍රී සහගත කාය කර්මයෙන් තථාගත තෙමේ ප්‍රත්‍යුපස්ථිත (නිතර උවටන් කරනු ලදුයේ) වෙයි. හිතවත් වූ, සුව ගෙන දෙන, දෙසැටියක් නැති, (මේ මුවදෝනා කලැ යි සැලකිරීම් ආදි විසින් පැවැත්වුණු) අප්‍රමාණ වූ මෛත්‍රී සහගත වාක් කර්මයෙන් ද ... (මගේ ශාස්තෘන් වහන්සේ නිදුක් නීරෝග වන සේක්වා යන ආදි විසින් පැවැත් වුණු) අප්‍රමාණ වූ මෛත්‍රී සහගත මනඃකර්මයෙන් ද තථාගත තෙමේ ප්‍රත්‍යුපස්ථිත වී ය. අනඳයෙනි, තෙපි කෘතපුණ්‍යයහ (බොහෝ පින් කළ කෙනෙක), ප්‍රධන් වඩනුයෙහි යෙදෙවු. වහා රහත් වන්නාහු” (යනු යි.)



99. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහණුන් අමතා මෙසේ වදාළ සේක. “මහණෙනි, ගිය කලැ යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වූහු ද, ඒ භගවත් බුදුවරුනට ද, මට අනඳයන් සේ, මෙවැන්නක්හු පරම කොටැති උවටුවෝ වූහ. මහණෙනි, මතු දවසැ යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් පහළ වන්නාහු ද, ඒ භගවත් බුදුවරුනට ද, මට අනඳයන් සේ, මෙබන්දක්හු පරම කොටැති උවටුවෝ වන්නාහ. මහණෙනි, අනඳයෝ නුවණැත්තෝ ය. මහණෙනි, අනඳයෝ පියෙවියෙන් ම නැණවත් හ. ‘තථාගතයන් දක්නා පිණිස එළැඹෙන්නට මහණුනට සුදුසු කල් මේ යැ, මෙහෙණියනට සුදුසු කල් මේ යැ, උවසුවනට සුදුසු කල මේ යැ, උවැසියනට සුදුසු කල මේ යැ. රජක්හට, රජමහ මැත්තනට තොටුවනට, තොටු සව්වනට සුදුසු කල මේ යැ’ යි දනිති.



100. මහණෙනි, අනඳයන් කෙරෙහි මේ අසිරිමත් පුදුම සතර දහම් කෙනෙක් වෙත්. කවර සතර දෙනෙක් ද යත්: මහණෙනි, ඉදින් මහණ පිරිසෙක් අනඳයන් දක්නට එළඹෙයි නම්, ඔබ දැක්මෙන් ම එ පිරිස ආරාධිත සිතැති වෙයි. ඉදින් එහි අනඳයෝ දහම් සෙදත් නම්, ඔබ වචනයෙන් ද එ පිරිස සතුටු වෙයි. මහණෙනි, ඒ මහණ පිරිස අපිරියත් ම (අතෘප්ත ම) වෙයි. එ කල්හි අනඳයෝ නිහඬ වෙත්. මහණෙනි, ඉදින් මෙහෙණ පිරිසෙක්, උවසු පිරිසෙක්, උවැසි පිරිසෙක් අනඳයන් දක්නා වස් එළැඹෙයි ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එහි අනඳයෝ දහම් දෙසත් නම්, ඔබ දම් දෙස්මෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, උවැසි පිරිස අතෘප්තම වෙයි. එ කලැ අනඳයෝ නිහඬ වෙත්. මහණෙනි, මේ අසිරිමත් පුදුම සතර දෙනෙක් අනඳයන් කෙරෙහි වෙත්.



“මහණෙනි, මේ අසිරිමත් පුදුම දහම් සතර දෙනෙක් සක්විති රජක්හු කෙරෙහි වෙත්. කවර සතර දෙනෙක් ද යත්: මහණෙනි, ඉදින් කැත් පිරිසෙක් සක්විති රජුහු දක්නට එළැඹෙයි ද, එ පිරිස ඔහු දැක්මෙන් ම සතුටු වෙයි. එහි ඉදින් සක්විති රජ කතා කෙරෙහි නම්, ඔහු කතායෙනුදු එ පිරිස සතුටු වෙයි. මහ‍ණෙනි, කැත් පිරිස එයින් අතෘප්ත ම වෙයි. එ කල්හි සක්විති රජ නිහඬ වෙයි. මහණෙනි, ඉදින් බමුණු පිරිසෙක්, ගැහැවි පිරිසෙක්, මහණ පිරිසෙක්, සක්විති රජු දක්නට එළැඹෙයි ද, එ පිරිස ඔහු දැක්මෙන් ම සතුටු වෙයි. එහි ඉදින් සක්විති රජ ඔවුනට කතා කෙරෙයි ද, ඔහුගේ කතායෙනුදු එ පිරිස සතුටු වෙයි. එ මහණ පිරිස අතෘප්ත ම වෙයි. එකල්හි සක්විති රජ නිහඬ වෙයි. මහණෙනි, එසේ ම අනඳයන් කෙරෙහි මේ අසිරිමත් පුදුම දහම් සතර දෙනෙක් වෙත්. මහණෙනි, ඉදින් මහණ පිරිසෙක් අනඳයන් දක්නට එළැඹෙයි නම්, ඔබ දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. මහණ පිරිස (ඔබ දැක්මෙහි) අතෘප්ත ම වෙයි. එහි ඉදින් අනඳයෝ දහම දෙසත් නම්, දහම් කතායෙනුදු එ පිරිස සතුටු වෙයි. එ මහණ පිරිස අතෘප්ත ම වෙයි. එ කලැ අනඳයෝ නිහඬ වෙත්. ඉදින් මෙහෙණ පිරිසෙක්, උවසු පිරිසෙක්, උවැසි පිරිසෙක් අනඳයන් දක්නට එළැඹෙයි නම්, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි, එහි ඉදින් අනඳයෝ දහම් කියත් නම්, ඔබ දහම් කතායෙනුදු එ පිරිස සතුටු වෙයි, උවැසි පිරිස එහි ලා අතෘප්ත ම වෙයි. එ කල්හි යැ අනඳයන් නිහඬ වනුයේ. මහණෙනි, ‍මේ අසිරිමත් පුදුම සතර දහම් හු අනඳයන් කෙරෙහි වෙත්” යනු යි.



මහ සුදසුන් දෙසුම:



101. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කලැ අනඳ තෙරණුවෝ “වහන්ස, (ගල් සෙල් ආදියෙන් විසම බැවින්) රළු නුවරක් වූ (මහරුක්හි ශාඛාවක් බඳු) අතුනුවරක් වූ මේ කුඩා නුවරෙහි නො පිරිනිවෙන සේක්‍වා. වහන්ස, චම්පා, රජගහ, සැවැත්, සාකේත (Saketa), කොසොඹෑ (Kaushambi district), බරණැස් යන ආදි අන් මහ නුවරහු ඇත. ඒ එකෙක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක් වා. මේ නුවරන්හි තථාගතයන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පහන් වූ බොහෝ කැත් මහසල්හු ද බමුණු මහසල්හු ද ගැහැවි මහසල්හු ද ඇත. ඔහු තථාගතයන් වහන්සේගේ සිරුරට පූජාසත්කාර කරන්නාහ” යි සැළ කළහ.



“අනඳයෙනි, කුඩා නුවරෙකැ යි, රළු නුවරෙකැ යි, අතු නුවරෙකැ” යි මෙසේ නහමක් කියවු. අනඳයෙනි, බොහෝ පෙර දවසැ මෙහි මුදුනැ අබිසෙස් ලත්, සයු‍රහිම් සිවු මහදිවයිනට හිමි, පසමිතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත්‍රුවනින් සමාන වූ මහ සුදසුන් නම් කැත්‍රජෙක් විය.



අනඳයෙනි, මේ කුසිනාරා නුවර මහසුදසුන් රජුහුගේ කුශාවතී නම් රජදහන විය. අනඳයෙනි, කුශාවතී රජදහන පෙර දිගින් ද පැසිම් දිගින් ද අයමින් දොළොස් යොදුන් විය. උතුරු දිගින් ද දකුණු දිගින් ද විතරින් සත් යොදුන් විය. අනඳයෙනි, කුශාවතී රජදහන සමෘද්ධ ද සැපතින් පිරුණේ ද බොහෝ ජනයා ඇත්තේ ද මිනිසුන් ගෙන් ගැවැසුණේ ද සුලභ ආහාර පාන ඇත්තේ ද විය. අනඳයෙනි, දෙවියන්ගේ ආලකමන්දා රාජධානිය යම්සේ සමෘද්ධ ද, ස්ථිත ද, බහුජනවත් ද, යක්‍ෂාකීර්ණ ද, සුභික්ෂ ද, අනඳයෙනි, එසේ ම කුසාවතී රජදහනත් සමෘද්ධ ද ස්ථිත ද බහුජනවත් ද මනුෂ්‍යාකීර්ණ ද සුභික්ෂ ද විය. අනඳයෙනි, කුශාවතී රජදහන ඇත් හඬින් අස් හඬින් රිය හඬින් බෙර හඬින් මිහිඟුබෙර හඬින් වෙණ හඬින් ගී හඬින් සක් හඬින් කස් තල් හඬින් අත්තාලම් ඈ හඬින් ‘බුදිවු බොවු කවු’ යි දසවැනි හඬින් දැ යි දස හඬින් නිරතුරු විය. අනඳයෙනි, තෙපි යවු. කුසිනාරාවට පිවිස, කුසිනාරා වාසී මල්ලයනට “වාසිෂ්ටයෙනි, අද රෑ පැසිම් යම්හි තථාගතයන්ගේ පිරිනිවන වන්නේ ය, වාසිෂ්ටයෙනි, පිටත් වැ එවු. වාසිෂ්ටයෙනි, පිටත් වැ එවු. “අප ගම්කෙතෙහි තථාගතයන්ගේ පිරිනිවන වී ය. පැසිම් සෙමෙහි අපි ඔබ දක්නට නො ලදුම්හ’යි පසු වැ විපිළිසැරි නො වවු’ යි සැළ කරවු” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.



අනඳ තෙරණුවෝ ‘වහන්ස, එසේ යැ’ යි ම භගවත් බුදුරජුනට පිළිවදන් අස්වා, හැඳ පෙරවැ පා සිවුරු ගෙන තමා දෙවෙනි කොටැති ව කුසිනාරාවට වන්හ.



මල්ලයන්ගේ වැඳීම:



102. එසමයෙහි කුසිනාරාවාසී මල්ලයෝ කිසි කරුණෙකින් සන්ථාගාරයෙහි (කාරණාකාරණ විචාරණ පිණිස රැස් වන හලෙහි) කැටි වූවාහු වෙත්. එ කලැ අනඳ තෙරණුවෝ කුසිනාරා වැසි මල්ලයන්ගේ සන්ථානාගාරය වෙත වැඩියාහ. වැඩ, “වාසිෂ්ටයෙනි, අද රෑ පැසිම් යම්හි තථාගතයන් වහන්සේගේ පිරිනිවන වන්නේ ය. වාසිෂ්ටයෙනි, නික්මැ යවු. වාසිෂ්ටයෙනි, නික්මැ යවු. ‘අප ගම්කෙතැ තථාගතයන් වහන්සේගේ පිරිනිවන වී ය. අපි පැසීම් සමයෙහි තථාගතයන් වහන්සේ දක්නට නො ලදුම්හ’ යි පසු වැ විපිළිසර ඇතියෝ නො වවු” යි කුසිනාරා වැසි මල්ලයනට සැළ කළහ.



අනඳ තෙරුන්ගේ මේ වචන අසා, මල්ලයෝ ද මල්ල ලෙහෙලියෝ ද (විවා නො පත් මල්ල තරුණියෝ ද) මල්ල බිරියෝ ද දුක් ඇත්තාහු, දොම්නස් ඇත්තාහු, සිතැ උපන් ශෝක ඇත්තාහු, ‘ඉතා වහා භාග්‍යවතුන් වහන්සේ පිරි නිවෙන සේක, ඉතා වහා සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක, ඉතා වහා ලෝකයේ ඇස අතුරුදහන් වන්නේ යැ’ යි කෙහෙ උවා (කෙස් මුදා) හඬත්, දොහොත් හුවා (දෙ අත් හිසැ තබා) හඬත්, මැදින් බිඳුණවුන් සේ ඇද වැටෙත්, පෙරැළෙන්නාහු වැටි හොත් තෙනට ම පෙරැළී එත්, වැටී හොත් තැනින් ඉවතට ද පෙරැළී යෙත්.



ඉක්බිති මල්ලයෝ ද මල්ල පුත්හු ද මල්ල ලෙහෙලියෝ ද මල්ල බිරියෝ ද දුක් ඇත්තාහු, දොම්නස ඇත්තාහු, සිතැ උපන් ශෝකයෙන් යුක්ත වූවාහු, මල්ලයන්ගේ උපවර්තන නම් සල් වනයට, අනඳ තෙරුන් වෙතට එළැඹුණාහ. එ කල්හි, “ඉදින් මම් කුසිනාරා වැසි එකක් එකක්හු ලවා භාග්‍යවතුන් වහන්සේ වැන්දැවීම් නම්, කුසිනාරා පුරැ මල්ලයන් විසින් නො වඳනා ලද සේක් ම වන්නාහ. එ කල්හි මේ රෑ පාන් වන්නේ ය. මම් කුසිනාරා වැසි මල්ලයන් කුල පරම්පරා විසින් යි වෙන වෙන ම සිටුවා ‘වහන්ස, මෙ නම් මල්ල තෙම අඹුදරු සහිත වැ, පිරිස සහිත වැ, ඇමැත්තන් සිහිත වැ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිස බිමැ තබා වඳී’ යැ සැළ කෙරෙමින් භාග්‍යවතුන් වහන්සේ වැන්දෑවීම් නම් යෙහෙකැ” යි අනඳ තෙරුනට මේ සිත විය.



ඉක්බිති අනඳ තෙරණුවෝ කුසිනාරා වැසි මල්ලයන් කුල පරපුර විසින් වෙන වෙන ම සිටුවා ‘වහන්ස, මෙ නම් මල්ල තෙම දරුවන් සහිත වැ, බිරිය සහිත වැ, පිරිස සහිත වැ, ඇමැත්තන් සහිත වැ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිස බිමැ තබා වඳී’ යැ යි කියා භගවත් (බුදුරජුන්) වැන්දැවූ හ. එ කල්හි අනඳ තෙරණුවෝ මෙ නයින් පළමු යම්හි ම කුසිනාරා නුවරැ මල්ලයන් ලවා භගවත් බුදුරජුන් වැන්දවූහ.



සුභද්‍ර පරිව්‍රාජක වස්තුව:



103. එ සමයෙහි සුභද්‍ර නම් පිරිවැජියෙක් කුසිනාරායෙහි වෙසෙයි. “අද රෑ පැසීම් යම්හි ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පිරිනිවන වෙතැ” යි සුභද්‍ර පිරිවැජි ඇසුයේ ම ය. ඉක්බිති ඔහුට “කිසි කලෙක ම (කලාතුරෙකින් ම) තථාගත අර්හත් සම්මාසම්බුදුවරයෝ ලොවැ උපදනාහ” යි වයසින් වැඩි සිටි මහළු වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය පිරිවැජියන් කියන වචනයෙක් මා විසින් අසන ලද්දේ ම ය. අද රෑ ම පැසීම් යම්හි මහණ ගොයුමාණන් වහන්සේගේ පිරිනිවන වන්නේ ය. මට උපන් සැකයෙක් ද ඇත. යම්සේ මේ සැකය දුරැලියැ හෙම් ද එසේ මට දහම්දෙසන්නට මහණ ගොයුමන් වහන්සේ හැකි සේකැ’ යි “මෙසේ මම් මහණ ගොයුම් වහන්සේ කෙරෙහි පැහැදුණෙම් වෙමි” යි මේ සිත විය. ඉක්බිත්තෙන් සුභද්‍ර පිරිවැජි තෙම මල්ල රජුන්ගේ උපවර්තන සල්වනය යම් තැනෙක ද, අනඳ තෙරණුවෝ යම් තැනෙක ද, එ තැනට එළැඹියේ ය. එළැඹ අනඳ තෙරුන් අමතා “පින්වත් අනඳයෙනි, කිසි කලෙක්හි ම තථාගත අර්හත් සම්මාසම්බුදුවරයෝ ලොවැ උපදනාහ” යි වයසින් වැඩි සිටි මහළු වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය පිරිවැජියන් කියන මේ වචනය මා ඇසුවා ඇත. අද රෑ ම පැසිම් යම්හි මහණ ගොයුමන් වහන්සේගේ පිරිනිවන වන්නේ ය. මට උපන් සැකයෙක් ද ඇත. මේ සැකය මගෙන් දුරු වී යන පරිදි දහම් දෙසන්නට මහණ ගොයුමන් වහන්සේ හැකි සේකැ’ යි මෙසේ මහණ ගොයුමන් වහන්සේ කෙරෙහි මම් පැහැදුණෙකිම් වෙමි. පින්වත් අනඳයෙනි, මහණ ගොයුමන් වහන්සේ දක්නට ලබන්නෙම් නම් මැනැවැ’ යි මෙ වචන කී ය.



මෙසේ කී කල්හි අනඳ තෙරණුවෝ ‘ඇවැත් සුභද්‍රයෙනි, කම් නැත. තථාගතයන් වහන්සේ නො වෙහෙසන්න. භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්ත වැ හෝනැ සේකැ’ යි වදාළහ. දෙවෙනි වර ද සුභද්‍ර පිරිවැජි ... තෙවෙනි වර ද සුභද්‍ර පිරිවැජි අනඳ තෙරුනට “පින්වත් අනඳයෙනි, කිසි කලෙක්හි ම තථාගත අර්හත් සම්මාසම්බුදු වරු ලොවැ උපදනාහ’ යි වයෝවෘද්ධ වූ මහළු වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය පිරිවැජියන් කියන මෙ බස් මා ඇසුවා ඇත. අද රෑ ම පැසීම් යම්හි මහණ ගොයුමන් වහන්සේගේ පිරිනිවන වන්නේ ය. මට උපන් සැකයෙක් ද ඇත. මේ සැකය මගෙන් දුරු වන පරිදි දහම් දෙසන්නට මහණ ගොයුමන් වහන්සේ සමත් සේකැ’ යි මෙසේ ඔබ කෙරෙහි මම් පැහැදුණෙම් වෙමි. පින්වත් අනඳයෙනි, මහණ ගොයුමන් වහන්සේ දක්නට ලබන්නෙම් නම් මැනැවැ’ යි මෙ බස් පැවැසී ය. තෙවෙනි වර ද අනඳ තෙරණුවෝ සුභද්‍ර පිරිවැජියාට ‘ඇවැත් සුභද්‍රයෙනි, කම් නැත. තථාගතයන් වහන්සේ නො වෙහෙසන්න. භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්ත වැ හෝනා සේකැ’ යි වදාළහ.



104. සුභද්‍ර පිරිවැජියා හා පැවැති අනඳ තෙරුන්ගේ මේ කථා සංවාදය භගවත් බුදුරජුහු ඇසූහු ම ය. ඉක්බිති භගවත්හු අනඳ තෙරුන් බණවා, “අනඳයෙනි, කම් නැත. සුභද්‍රයා නහමක් වළක්වවු. සුභද්‍ර තෙමේ තථාගතයන් දක්නට ලබා වා. සුභද්‍රයා යම් කිසිවක් මා විචාරන්නේ ද, ඒ සියල්ල දැනගනුයෙහි අපේක්‍ෂා ඇත්තේ ම, වෙහෙසන අදහසක් නැත්තේ ම විචාරයි. විචාරනු ලැබූ මම් යමක් ඔහුට හෙළි කරන්නෙම් ද, යුහු ව ම හේ එය දැනගන්නේ යැ” යි වදාළ සේක.



එ කල්හි අනඳ තෙරණුවෝ සුභද්‍ර පිරිවැජියාට, “ඇවැත්නි, සුභද්‍රයෙනි, යන්නැ. ඔබට භාග්‍යවතුන් වහන්සේ අවසර දෙන සේකැ” යි කීහ. එවිටැ සුභද්‍ර පිරිවැජි තෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ ඔබ හා සතුටු වන්නට නිසි, සිතැ රැ‍ඳෙන්නට නිසි කථා නිම කොට එක් පසෙක ඉඳ ගත්තේ ය. එක් පසෙක හිඳ ම සුභද්‍ර පිරිවැජි තෙම භගවත් බුදුරජුනට කථා කොට “භවද් ගෞතමයිනි, ශ්‍රාවක සංඝයා ඇති, සවු ගණ ඇති, ගණැදුරු වූ, ප්‍රකට වූ, යශස් ඇති බොහෝ දෙනා විසින් සාධු යැ යි සම්මත වූ, කාශ්‍යපගෝත්‍රික පුරාණ, ගෝශාලමස්කරි, කේශකම්බල දැරු අජිත, කාත්‍යායන ගෝත්‍රික පකුධ, වෛරාටිපුත්‍ර සංයත, ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථ යන ‍යම් මේ තීර්ථංකර කෙනෙක් වූහු ද, ඔහු හැම දෙනා තමන් පිළිණ කළ සේ සත්‍යය දැන ගත්තාහු ද? ඔහු හැම දෙනාම එසේ නො ම දැන ගත්තාහු ද? නො හොත් (ඔවුන් අතුරෙන්) එක්තරා කෙනෙක් දැන ගත්තාහු එක්තරා කෙනෙක් නො ම දැන ගත්තාහු දැ?” යි මෙ පැණය විචාළේ ය.



“සුභද්‍රයෙනි, එයින් වැඩෙක් නැත. ‘ඒ සියලු දෙනා තමන් පිළින කරන පරිදි සත්‍යය දැන ගත්තාහු ද? සියල්ලෝම නොදැන ගත්තාහු ද? නොහොත් එක්තරා කෙනෙක් දැන ගත්තාහු, එක්තරා කෙනෙක් නො දැන ගත්තාහු ද?’ යන මේ කරුණ සිටි වා (ප‍සෙකැ තැබේ වා). සුභද්‍රයෙනි, තොපට දහමක් දෙසන්නෙමි. එය අසවු, මෙනෙහි කරවු. කියන්නෙමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “එසේ ය, වහන්සැ” යි ම සුභද්‍ර පිරිවැජි තෙම භගවත් බුදු රජුනට පිළිවදන් ඇස්වී ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:



105. “සුභද්‍රයෙනි, යම් ධර්ම විනයයෙක (යම් සස්නෙක) අරී අටැඟි මඟ නො ලැබෙයි ද, එහි (පළමු වන) සෝවාන් මහණ ද නො ලැබේ (නො මැත), ‍ දෙවෙනි සෙදැගැමි මහණ ද එහි නැත, තෙවෙනි අනැගැමි මහණ ද එහි නැත, සතර වන රහත් මහණ ද එහි නැත. වැලි දු සුභද්‍රයෙනි, යම් සස්නෙක අරී අටැඟි මඟ ඇද්ද, එහි (පළමු) සෝවාන් මහණ ද ඇත, දෙවෙනි සෙදැගැමි මහණ ද ඇත, තෙවැනි අනගැමි මහණ ද ඇත, සතරවන රහත් මහණ ද ඇත. සුභද්‍රයෙනි, මෙ (දහම් විනය ඇති) සස්නෙහි අරී අටැඟි මඟ ඇත. සුභදුයෙනි, මෙහි ම (පළමු) සෝවාන් මහණ ද ඇත, මෙහි ම දෙවෙනි සෙදැගැමි මහණ ද ඇත, මෙහි ම තෙවෙනි අනැගැමි මහණ ද ඇත, මෙහි ම සිවු වැනි රහත් මහණ ද ඇත. මේ සතර මහණුන්ගෙන් අන්‍ය වූ පරප්‍රවාදයෝ (පර තන්ත්‍රයෝ) සත්‍යයෙන් ශුන්‍ය හ. සුභද්‍රයෙනි, මේ මහණහු ද නිසි පරිදි වසන්නාහු නම් ලොව රහතුන් ගෙන් හිස් නො වන්නේ ය.”



“සුභද්‍රයෙනි, කුසල් නම් (නිවන් මඟ නම්) කිම් දැ යි සොයනුයෙම් මම් පැවිදි වීමි යන යමක් ඇද්ද, එය වයසින් එකුන්තිසක් ඇත්තෙම් කෙළෙමි. සුභදුයෙනි, යම් කලෙක මම් පැවිදි වීම් ද, එ දා සිට මෙ දෑතුරෙහි මඳක් වැඩි පස් පනස් වසෙක් ඉකුත් විය. අරීමඟ දහමැ විවසුන් වැඩීම් වශයෙන් ඒකදේශයෙක්හි දු (එක් කොටසෙක නමුදු) පවත්නා මහණෙක් මෙ සස්නෙන් බැහැරැ නැත. පළමු මහණ ද මෙ සස්නෙන් බැහැරැ නැත. දෙවෙනි මහණ ද නැත. තෙවෙනි මහණ ද නැත. සිවුවන මහණ ද නැත. මේ සතර මහණුන්ගෙන් අන්‍ය වූ පරප්‍රවාදයෝ හිස් හ. සුභද්‍රයෙනි, මේ මහණහු නිසි පරිදි (සම්‍යක්ප්‍රතිපන්න වැ) වසන්නා හු නම්, ලොව රහතුන් ගෙන් නොසිස් වන්නේ ය.”



106. මෙසේ වදාළ කල්හි සුභද්‍ර පිරිවැජි තෙම භගවත් බුදුරජුනට, “වහන්ස, දම් දෙසුම ඉතා මනා ය, වහන්ස, දම් දෙසුම ඉතා මනා ය. යම් සේ මුණින් නමා තුබූ බඳුනක් උඩුකුරු කොට තබන්නේ ද, වැසුණු දැයක් විවෘත කරන්නේ ද, මං මුළා වූවක් හට මඟ කියන්නේ ද, ඇස් ඇත්තන් රූප දකිති යි අඳුරෙහි තෙල් පහනක් හෝ දල්වන්නේ ද, එ සේම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් මට දහම් පැවැසිණ. වහන්ස එයැසූ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්මය ද භික්‍ෂූ සංඝයා ද සරණ යෙමි. වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතැ පැවිද්ද ලබම් වා, උපසපුව ලබම් වා” යි කී ය.



“සුභද්‍රයෙනි, පෙරැ අන් ‍තොටු වූයෙක් මෙ සස්නැ පැවිද්ද කැමැත්තේ නම්, උපසපුව කැමැත්තේ නම්, හේ සිවු මසක් පිරිවෙස් වෙසෙයි. සිවු මස ඇවෑමෙන් සතුටු වූ මහණහු ඔහු භික්‍ෂූත්‍වය පිණිස පැවිදි කෙරෙත්, උපසපන් කෙරෙත්. වැළිදු මෙහි ලා මා විසින් පුඟුල් වෙසෙස දන්නා ලද්දේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක, “ඉදින් වහන්ස, පෙරැ අන් තොටු වූවාහු මෙ සස්නැ පැවිද්ද පතන්නාහු, උපසපුව පතන්නාහු, සිවු මසක් පිරිවෙස් වසන්නාහු නම්, සිවු මස ඇවෑමෙන් සතුටු සිතැති මහණහු භික්‍ෂූත්වය පිණිස පැවිදි කරන්නාහු, උපසපන් කරන්නාහු නම්, මම් (සිවුමසක් නො ව) සිවුවසක් ම පිරිවෙස් වසන්නෙමි. සිවු වස ඇවෑමෙන් සතුටු වූ සිතැති මහණහු භික්ෂූභාවය පිණිස මා පැවිදි කෙරෙත් වා, උපසපන් කෙරෙත් වා” යි පිරිවැජි කී ය.



ඉක්බිති භගවත්හු අනඳ තෙරුන් බණවා, “අනඳයෙනි, එසේ වී නම් සුභද්‍රයා පැවිදි කරන්නැ” යි වදාළහ. “එසේ ය වහන්සැ” යි කියා ම අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. එ කල්හි සුභද්‍ර පිරිවැජි තෙම අනඳ තෙරුනට “ඇවැත් අනඳයෙනි, යම් කෙනෙක් මෙහි ශාස්තෘන් හමුයෙහි අන්තේවාසිකාභිසේකයෙන් අභිෂික්ත ද, ඒ ඔබට මහත් ලාභ කෙනෙක, ඒ ඔබ විසින් ලද සේ මැනැවැ” යි කී ය.



සුභද්‍ර පිරිවැජි තෙම භගවත් බුදුරජුන් වෙතැ පැවිද්ද ලැබී ය, උපසපුව ලැබී ය. ආයුෂ්මත් සුභද්‍ර තෙම උපසපන් වූ නොබෝ කල් ඇත්තේ ම හුදෙකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වැ නොපමා වැ කෙලෙස් තවන වැර ඇති වැ කමටහන කරා මෙහෙයූ සිතැති වැ වසනුයේ, යමක් පිණිස කුලදරුවෝ මනා ව ම ගිහිගෙන් නික්ම සසුන් වදනා හු ද, ඒ මඟබඹසරැ කෙළවර වූ ලොවුතුරා රහත් බව මේ අත් බව්හි ම නොබෝ කල්හි ම තෙමේ ම නුවණින් දැන පසක් කොට ලැබ විසී ය. හේ “ඉපැත්ම නැවැතිණ, මහ බඹසර වැස නිමැවිණ. කළ යුතු දෑ කොට නිමැවිණ. මේ රහත් බව පිණිස තව කළ යුතු දැයෙක් නැතැ” යි වෙසෙසින් දත්තේ ය. ආයුෂ්මත් සුභද්‍රයෝ රහතුන්ගෙන් එක්තරා කෙනෙක් වූ හ. ඔබ භගවත් බුදුරජුන්ගේ අන්තිම ප්‍රත්‍යක්ෂ ශ්‍රාවක (ඔබ ධරමාණ කල්හි ම රහත් වූ අන්තිම ශ්‍රාවක) වූහ.



පස් වන බණවර යි.



තථාගතයන් වහන්සේගේ අන්තිම වචනය:



107. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා මෙසේ වදාළ සේක:



“අනඳයෙනි, ප්‍රවචනය (පෙළ දහම) ඉකුත් වූ ශාස්තෘහු ඇති එකෙකැ යි ‘අපගේ ශාස්තෘහු නැතැ’ යි තොපට මෙ බඳු සිතක් ඇති විය හැක්කේ ම ය. අනඳයෙනි, එය එසේ දැක්ක යුතු නො වෙයි. අනඳයෙනි, මා විසින් යම් දහමෙකුත් විනයෙකුත් දෙසිණි ද පැණැවිණි ද එය මා ඇවෑමෙන් තොපට ශාස්තෘ වෙයි. අනෙකක් කියම්. අනඳයෙනි, දැන් මහණහු උනුනට ආවුසෝවාදයෙන් (ඇවැත්නි යි යන වචනයෙන්) කතා කෙරෙත් ද, මා ඇවෑමෙන් එසේ කතා නො කළ යුතු. අනඳයෙනි, (උපසපුයෙන්) වඩා මහළු වූ මහණහු විසින් (උපසපුයෙන්) වඩා බාල වූ මහණ තෙම සංඥානාමයෙන් හෝ ඔහු අයත් ගොත්‍රයේ නමින් හෝ ආවුසෝවාදයෙන් හෝ ඇමැතියැ යුතු. වඩා බාල මහණහු විසින් වඩා මහළු මහණ තෙම ‘වහන්සැ’ යි හෝ ‘ආයුෂ්මත්නි’ යි හෝ කියා ඇමැතියැ යුතු.



අනඳයෙනි, ඉදින් සංඝ තෙමේ කැමැති වන්නේ නම්, මා ඇවෑමෙන් කුඩා අනු කුඩා සික පද සමූහනනය කෙරේ වා (උදුරා ඉවත් කෙරේවා).



අනඳයෙනි, මා ඇවෑමෙන් ඡන්න මහණහට බ්‍රහ්මදණ්ඩනය දියැ යුතු. ‘වහන්ස, බ්‍රහ්මමදණ්ඩනය නම් කවරේ දැ’ යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ. ‘අනඳයෙනි, ඡන්න මහණ යමක් කැමැත්තෙන් ද එය කියා වා. මහණුන් විසින් හෙ තෙම කිසිවක් නො කියැ යුතු (ඔහු හා කතා නො කළ යුතු), නො ම ඔවා දියැ යුතු, අනුශාසනා නො ම කට යුතු. (බ්‍රහ්ම දණ්ඩන නම් මේ යැ.)’



108. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘මහණුන් බණවා වදාරනසේක්, ‘මහ‍ණෙනි, එක් මහණකුට නමුදු බුදුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ මාර්ගය කෙරෙහි හෝ පිළිවෙත කෙරෙහි හෝ සැකයෙක් හෝ විමතියෙන් ඇත් නම්, මහණෙනි, එය විචාරවු. ‘ශාස්තෘහු අපට හමු වූහ. අපි ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතින් විචාරන්නට නො හැකි වූ මු’ යි පසු වැ විපිළිසැරි නො වවු’ යි වදාළ සේක. මෙසේ වදාළකල්හි ඒ මහණහු නිහඬ වූහ. භගවත්හු දෙවෙනි වර ද ... තෙවෙනි වරද ‘මහණෙනි, එක් මහණකුට නමුදු බුදුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ මාර්ගය කෙරෙහි, පිළිවෙත කෙරෙහි හෝ සැකයෙක් හෝ විමතියෙක් හෝ ඇත් නම් එය විචාරවු. ‘ශාස්තෘහු අපට හමු වූහ, අපි ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතින් විචාරන්නට නො හැකි වූ මු’ යි පසු වැ විපිළිසැරි නො වවු’ යි වදාළහ. තෙවෙනි වරැ ද ඒ මහණහු නිහඬ වූහු. එ විට භාග්‍යවතුන් වහන්සේ මහණුන් බණවා, ‘මහණෙනි, ශාස්තෘහු කෙරෙහි ගෞරවයෙනුදු තොප නො විචාරනු විය හැක්ක. (එසේ කලැ) යහලු මහණ තෙමේ යහලු මහණකුට හෝ සැළ කෙරේ වා’ යි වදාළ හ. මෙසේ වදාළ කල්හි ද ඒ මහණහු නිහඬ වුහ.



එ කල්හි අනඳ තෙරණුවෝ ‘වහන්ස, ආශ්චර්‍ය්‍ය! වහන්ස, අද්භූත ය! වහන්ස, බුදුරජුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ මඟ කෙරෙහි හෝ පිළිවෙත කෙරෙහි හෝ එක් මහණක්හට දු සැකයෙක් හෝ විමතියෙන් හෝ නැතැ’ යි මෙසේ මේ භික්‍ෂූ සංඝයා කෙරෙහි මම් පැහැදුණෙමි’ යි භගවත් බුදුරජුනට සැළ කළහ.



“අනඳයෙනි, තෙපි පැහැදීමෙන් (ප්‍රසාදය හේතු කොට ගෙන) මෙසේ කියවු. අනඳයෙනි, තථාගතයන්ගේ වූකලි මෙ කරුණෙහි ලා ‘මෙ මහණ මුළුයෙහි එක් මහණකුට ද බුදුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ ම‍ඟෙහි හෝ පිළිවෙතෙහි හෝ සැකයෙක් හෝ විමතියෙක් හෝ නැත. අනඳයෙනි, මේ පන්සියක් මහණුන් අතුරැ යම් පැසිම් සවු මහණෙක් වේ ද, හේ සිවු අවාහි නො වැටෙන සුලු සම්‍යක්ත්‍ව නියමයෙන් නියත වූ, සම්බෝධිය (ඉදිරි මාර්ගත්‍රයය) ප්‍රතිෂ්ඨා කොට ඇත්තෙ මැ” යි දැනීම ඇත්තෙකු වි වදාළ සේක.



ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමැතූ සේක: “මහණෙනි. දැන් ‍තොප අමතමි (තොපට උපදෙස් දෙමි). සංස්කාරයෝ නැසෙන සුලු හ. (එබැවින්) නො පමායෙන් (එළැඹැවූ සිහියෙන්) රහත් බව පිණිස කළ යුතු දෑ සපය වූ (සපුරවු)”



මේ භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම වචනය විය.



භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීම:



109. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පළමු දහන් සම වැදුණු සේක. පළමු දැහැනෙන් නැඟී දෙවෙනි දහන් සම වැදුණු සේක. දෙවෙනි දැහැනෙන් නැඟී තෙවෙනි දහන් සම වැදුණු සේක. තෙවෙනි දැහැනෙන් නැඟී සිවුවැනි දහන් සමවන් සේක. සිවුවැනි දැහැනෙන් නැඟී ආකාසානඤ්චායතන දහන් සමවත් සේක. ආකාසානඤ්චායතන සමවතින් නැඟි විඤ්ඤාණඤ්චායතනයට සමවන් සේක. විඤ්ඤාණඤ්චායතන සමවතින් නැඟී ආකිඤ්චඤ්ඤායතනයට සමවන් සේක. ආකිඤ්චඤ්ඤායතන සමවතින් නැඟී නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන් සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවතින් නැඟී සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන් සේක.



එ කල්හි අනඳ තෙරණුවෝ ‘අනුරුද්ධයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී සේක් දැ?’ යි අනුරුත් තෙරුන් විචාළහ. ‘ඇවැත් අනඳයෙනි, භාග්‍යවතුන් වහන්සේ නො පිරිනිවි සේක. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන් සේකැ’ යි අනුරුත් තෙරණුවෝ වදාළහ.



ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැඟී සිට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන් සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවතින් නැඟී ආකිඤ්චඤ්ඤායතන සමවතට සමවන් සේක. ආකිඤ්චඤ්ඤායතන සමවතින් නැඟී විඤ්ඤානඤ්චායතනයට සමවන් සේක. විඤ්ඤානඤ්චායතන සමවතින් නැඟී ආකාසානඤ්චායතනයට සමවන් සේක. ආකාසානඤ්චායතන සමවතින් නැඟී සිවුවැනි දහනට සමවන් සේක. සිවුවැනි දැහැනෙන් නැඟී තෙවෙනි දහනට සමවන් සේක. තෙවෙනි දැහැනින් නැඟී දෙවෙනි දහනට සමවන් සේක. දෙවෙනි දැහැනින් නැඟී පළමු දහනට සමවන් සේක. පළමු දැහැනින් නැඟී දෙවෙනි දහනට සමවන් සේක. දෙවෙනි දැහැනින් නැඟී තෙවෙනි දහනට සමවන් සේක. තෙවෙනි දැහැනින් නැඟී සිවුවැනි දහනට සමවන් සේක. සිවුවැනි දැහැනින් නැඟී එයට අනතුරු වැ පිරිනිවි සේක.



110. භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි, පිරිනිවෙනු හා මැ බිහිසුනු වූ ලොමුදහ ගැනුම් ඇති කරන මහද් භූමිචලනයෙක් විය. දෙව්බෙර පැළිණ. භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි, පිරිනිවන හා මැ සහම්පති මහ බඹ “සබ්බේව නික්ඛිපිස්සන්ති ... සම්බුද්ධො පිරිනිබ්බුතො” යි මේ ගීය ගැයී ය.



එහි අදහස: “ලොවැ හැම සත්හු ම යම් සේ (ජීවිතේන්ද්‍රිය පරිහාණියෙන්) සිරුර හැරදමත් ද, එසේ ම දශවැදෑරුම් ඥාණබලයට පැමිණි, ලොවැ ඔබට සමපුඟුලක්හු නැති, තථාගත වූ සම්බුද්ධ වූ මෙ බඳු වූ ශාස්තෘන් වහන්සේ පිරිනිවි සේක.”



භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි, පිරිනිවෙනු හා මැ සක්දෙවිඳු “අනිච්චාවත සංඛාරා ... තෙසං වූපසමො සුඛො” යි මේ ගය කී ය.



එහි අදහස: “පසයෙන් හටගත් සියලු දෑ ඒකාන්තයෙන් ඉපැදෙන වැනැසෙන සුලු ය. ඔහු ඉපැද නැසෙත්. ඔවුන්ගේ සංසිඳීම සුව ගෙන දෙයි.”‍



භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි පිරිනිවෙනු හා මැ අනුරුත් තෙරණුවෝ “නාහු අස්සාසපස්සාසා ... විමොක්ඛො චෙතසෝ අහු” යි මේ ගාථා වදාළහ.



එහි අදහස: “තහවුරු සිතැති, අටලෝ දහමින් නොසැලෙන බුදුරජුන්ගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නැවැතුණාහ (නො පැවැත්මට පැමිණියාහ). ඒ මුනිහු තෘෂ්ණා නැතියාහු, නිවන් අරමුණු කොට කලුරිය කළාහ ඔබ (නො හැකුලුණු සිතින් මරණාන්තික) වේදනාව ඉවැසූහ. පහනක් නිවෙනු සෙයින් ඔබ සිතැ මිදීම විය.”



භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි ඔබ පිරිනිවෙන්නා හා මැ අනඳ තෙරණුවෝ මේ “තදාසි යං හිංසනකං ... සම්බුද්ධො පරිනිබ්බුතෙ” යි මේ ගය වදාළහ.



එහි අදහස: “(සිල් ආදි) සියලු උතුම් කරුණින් යුත් සම්මාසම්බුදු රජුන් පිරිනිවි කල්හි, එ කෙණෙහි මහත් බිහිසුනු පොළෝ සැලීමෙක් විය. එකෙණෙහි මහත් ලොමුදහ ගැන්මෙක් විය. ”



111. එහි නොපහ වූ රාගය ඇති යම් මහණ කෙනෙක් වූහු ද, ඔහු භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි, “භාග්‍යවතුන් වහන්සේ ඉතා යුහු වැ පිරිනිවි සේක! සුගතයන් වහන්සේ ඉතා යුහු වැ පිරිනිවි සේක!! ලොවේ ඇස ඉතා යුහු වැ අතුරුදහන් වී යැ!!!” යි ඇතැම් කෙනෙක් දොහොත් හුවා හඬත්, මැදින් බිඳී වැටුණවුන් සේ වැටෙත්. (පෙරැළෙන්නාහු) වැටුණ තැනට ම පෙරැළී එත්, වැටුණු තැනින් ඔබ්බට ද පෙරැළී යෙත්. යම් මහණ කෙනෙක් පහ වූ රාග ඇත්තාහු ද, ඔහු එළැඹැවූ සිහි ඇත්තාහු නුවණින් සලකන්නාහු, ‘සංස්කාරයෝ අනිත්‍යහ. ඔවුන් නොනැසෙන බවෙක් කොයින් ලැබෙන්නේ දැ’ යි සලකන්නෝ ඉවසත්.



112. ඉක්බිති අනුරුත් තෙරණුවෝ භික්ෂූන් අමතා, “ඇවැත්නි, හැඬුමෙන් වැඩෙක් නැත. නො ම සොවිවු. නො ම වැලැපෙවු. ප්‍රිය මනාප හැම දැයෙන් ඉවත් වීම, වෙන් වීම, අන් සැටියෙකින් වීම යන මෙය කල් තබා ම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදුයේ නො වේ ද? ඇවැත්නි, යමෙක් උපන්නේ ද, වූයේ ද පසයෙන් සකස් වූයේ ද, නැසෙන සුලු ද, එය නො නැසේ ව” යි යන්න කොයින් ලැබෙන්නේ ද? මෙ කරුණ අවිද්‍යමාන ය. ඇවැත්නි, දේවතාවෝ ද තොප හැඬුමට දොස් කියත්” යි වදාළහ.



“වහන්ස, අනුරුත් තෙරුනි, ඔබ කෙසේ වූ දේවතා කෙනකු මෙනෙහි කරත් දැ?” යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ. “ඇවැත් අනඳයිනි, අහ සැ පොළොවැ යි සංඥා ඇති දේවතා කෙනෙක් ඇත. ඔහු ‘භාග්‍යවතුන් වහන්සේ ඉතා වහා පිරිනිවි සේකැ යි, සුගතයන් වහන්සේ ඉතා වහා පිරිනිවි සේකයි, ලොවැ ඇස ඉතා වහා අතුරු දහන් වී යැ’ යි කෙහෙ මුදා වැලැපෙත්. හිසැ අත් හුවා වැලැපෙත්. මැදින් බිඳුණවුන් සේ ඇද වැටෙත්. බිමැ පෙරැළෙන්නාහු වැටී හොත් තැනට ම පෙරැළී එත්, වැටී හොත් තැනින් ඔබ්බට ද පෙරැළී යෙත්. අනඳයෙනි, පොළොවහි පොළොවැ යි සංඥා ඇති දේවතා කෙනෙක් ඇත. ඔහු “... අතුරුදහන් වී යැ” යි කෙසේ මුදා වැලැපෙත්. යම් දේවතා කෙනෙක් පහ වූ රාග ඇත්තෝ ද (අනාගාමී හෝ රහත් වූ වෝ ද), ඔහු “සංස්කාරයෝ අනිත්‍යහ, (ඔහු නො නැසෙත් යන) එය මෙහි කොයින් ලැබේ දෑ?” එළැඹැවූ සිහි ඇත්තාහු, නුවණින් දන්නාහු ඉවසත්. ”



113. එ කල්හි අනුරුත් තෙරණුවෝ ද අනඳ තෙරණුවෝ ද ඒ රැය ඉතිරි කොටස දැහැමි කතායෙන් ගෙවූහ. ඉක්බිති අනුරුත් තෙරණුවෝ අනඳ තෙරුන් අමතා, “ඇවැත්නි, අනඳයෙනි, කුසිනාරාවට යන්න. කුසිනාරාවට වැද, “‍වාසිෂ්ඨයිනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි සේක. එහි යම් ගමනකට අදහස් කරවු ද එයට (දැන් කාලය වේ යැ යි) කාලය දනිවු” යැ යි කුසිනාරාවාසී මල්ල රජුනට සැළ කරවු” යැ යි වදාළාහ. ‘එසේ යැ වහන්සැ’ යි ම අනඳ තෙරණුවෝ අනුරුත් තෙරුනට පිළිවදන් දී, පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන, තමා දෙවැනි ‍කොටැති වැ, කුසිනාරාවට පිවිසියාහ. එ සමයෙහි කුසිනාරා වැසි මල්ලයෝ ඒ කටයුත්තෙන් ම සන්ථාගාරයෙහි රැස්වූවාහු වෙත්. එ කලැ අනඳ තෙරණුවෝ කුසිනාරා වැසි මල්ලයන්ගේ සන්ථාගාරය කරා එළැඹියාහ. එළැඹ ඔවුනට ‘වාසිෂ්ඨයෙනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි සේක. එහි යම් ගමනකට අදහස් කරවු නම් එයට කල් දනිවු’ යැ යි සැළ කළාහ. අනඳ තෙරුන්ගේ මේ වචන අසා, මල්ල රජහු ද, මල්ල රජුන් පුත්තු ද, මල්ල රජුන් ලෙහෙළියෝ ද, මල්ල රජුන් බිරියෝ ද, දුක් ඇත්තාහු දොම්නස් ඇත්තාහු, සිත්හි උපන් දුකින් යුක්ත වූවාහු, “ඉතා වහා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී සේක! ඉතා වහා සුගතයන් වහන්‍සේ පිරිනිවි සේක!! ඉතා වහා ලොවැ ඇස අතුරුදහන් වී යැ!!!’ යි ඇතැම් කෙනෙක් කෙහෙමුදා හඬත්, ඇතැම් කෙනෙක් දොහොත් හුවා හඬත්, ඇතැම් කෙනෙක් මැදින් බිඳුණවුන් සේ ඇද වැටෙත්, වැටී ‍ හොත් තැනට පෙරැළී එත්, වැටී හොත් තැනින් ඔබ්බට පෙරැළී යෙත්.



114. එයට පසු කුසිනාරා වාසී මල්ලයෝ පුරුෂයන් බණවා “සගයෙනි, එසේ වී නම් තෙපි කුසිනාරායෙහි සුවඳ දෑ හා මල් ද සියලු තූර්‍ය්‍ය භාණ්ඩ ද රැස්කරවු යැ” යි ඇණැවූහ. ඉක්බිති කුසිනාරා පුරවැසි මල්ලයෝ සුවඳ ද මල් ද සියලු තූර්‍ය්‍ය භාණ්ඩ ද කාසික වස්ත්‍ර යුගල පන්සියයක් ද ගෙන මල්ලයන්ගේ උපවර්තන සල් උයන යම් තැනෙක ද, භගවත් බුදුරජුන්ගේ ශ්‍රී දේහය යම් තැනෙක ද, එ තැනට එළැඹියාහ. එළැඹැ, භගවත් බුදුරජුන්ගේ සිරි සිරුරට නැටුමින් ගීයෙන් වැයුමෙන් මලින් සුවඳින් සත්කාර කරන්නාහු, ගෞරව කරන්නාහු, බුහුමන් කරන්නාහු, පූජා කරන්නාහු මහඟු වතින් වියන් බඳනාහු, මඩුලුමල් පිළියෙල කරන්නාහු එක් දවසක් ගෙවූහ. ඉක්බිති කුසිනාරා වැසි මල්ලයනට ‘අද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහන කරන්නට ඉතා නො කල් ය. සෙට දවසැ අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහන කරන්නමු’ යි මේ සිත විය. එයට පසු කුසිනාරා වැසි මල්ලයෝ භගවත් බුදුරජුන් සිරි සිරුරට නැටුම් ගැයුම් වැයුම් මල් සුවඳ යන මෙයින් සත්කාර ගරුකාර කරන්නාහු, බුහුමන් කරන්නාහු, පූජා කරන්නාහු, මහඟු වතින් වියන බඳනාහු, මඬුලුමල් පිළියෙල කරන්නාහු, දෙවෙනි දවස ද ගෙවූහ, තෙවෙනි දවස ද ගෙවූහ, සතරවැනි දවස ද ගෙවූහ, පස්වැනි දවස ද ගෙවූහ, සවැනි දවස ද ගෙවූහ. ඉක්බිති සත්වැනි දවසෙහි කුසිනාරා වැසි මල්ලයනට “අපි භාග්‍යවතුන් වහන්සේගේ සිරි සිරුර නැටුම් ගී වැයුම් මල් සුවඳ යන මෙයින් සත්කාර ගරුකාර මානන පූජන කරන්නමෝ, නුවර දකුණු දෙසින් දකුණු දිගට වැඩම කරවා, (ඇතුළු නුවරට නො පිවිස්වා) නුවර බැහැරින් ම බැහැරට පමුණුවා, නුවරට දකුණු දිග්හි දී ආදාහන කරන්නෙමු” යි මේ සිත විය.



115. එ සමයෙහි පාමොක් මල්ල රජුහු අට දෙනෙක් ඉස් සෝදා නා අළුත් වස්ත්‍ර හැඳගත්තාහු, “අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ඔසොවා ගෙන යන්නම්හ” යි තැත් කරන්නාහු දු එය ඔසොවන්නට නො හැකි වෙත්. එ විට කුසිනාරා වැසි මල්ලයෝ ‘වහන්ස, අනුරුද්ධයෙනි, මේ පාමොක් මල්ලයෝ අට දෙන හිස් සෝදා නා අළුත් වත් හැඳ “අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ඔසොවන්නෙමු’ යි තැත් කරන්නාහු එය ඔසොවන්නට යම් හෙයෙකින් නො හැකි වෙත් ද, එයට හේතුව කවර යැ? එයට ප්‍රත්‍යය කවර යැ?” යි අනුරුත් තෙරුන් විචාළහ. “වාසිෂ්ඨයෙනි, තොප අදහස අන් සැටියෙක. දෙවියන් අදහස අන් සැටියෙකැ” යි අනුරුත් තෙරණුවෝ වදාළහ. “වහන්ස, දෙවියන් අදහස කෙසේ දැ?” යි මල්ලයෝ විචාළහ. “වාසිෂ්ඨයෙනි, ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ සිරි සිරුර නැටුම් ගී වැයුම් මල් සුවඳ යන මෙයින් සත්කාර ගුරුකාර බහුමාන පූජා කෙරෙමින් නුවරැ දකුණු දෙසින් දකුණු දිගට වැඩම කරවා නුවර බැහැරින් ම බැහැරට පමුණුවා නුවරට දකුණු දිග්හි දී ආදාහන කරන්නමු’ යි තොප අදහස ය. “අපි භාග්‍යවතුන් වහන්සේගේ සිරි සිරුර දෙව් නැටුමින් දෙව් ගැයුමින්, දෙව් මලින් දෙව් සුවඳින් සත්කාර ගුරුකාර බහුමාන පූජනා කෙරෙමින් නුවර උතුරින් උතුරු දිගට වැඩම කරවා, උතුරු දොරින් නුව‍ර‍ට පිවිස්වා, නුවරට මැදින් නුවර මැදට පමුණුවා, නැගෙනහිර දිගැ දොරින් පිටතට වැඩම කරවා, නුවරට පෙරදිගැ මල්ලයන්ගේ මුකුට බන්‍ධන නම් යම් සෑයෙක් ඇද්ද, එහි ආදාහනය කරන්නම්හ’ යනු දේවතාවන් ගේ අදහස යැ” යි අනුරුත් තෙරණුවෝ වදාළහ. “වහන්ස, දේවතාවන්ගේ අදහස යම්සේ ද එසේ වේ වා” යි මල්ලයෝ කීහ.



116. එ සමයෙහි වනාහි කුසිනාරා නුවර ගෘහසන්ධි ද වැසිකිළි කාණු ද කැලිකසල දමන තැන් ද දක්වා ම දනක් පමණ බහල කොට මදාරා මලින් අතුරන ලද්දේ විය. ඉක්බිති දෙවියෝ ද කුසිනාරා පුරැ මල්ල රජදරුවෝ ද භගවත් බුදු රජුන්ගේ ශ්‍රී ශරීරය දිව්‍ය වූ ද මානුෂක වූ ද නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් මලින් සුවඳින් සත්කාර කරන්නාහු, ගෞරව කරන්නාහු, බුහුමන් කරන්නාහු, පුදන්නාහු නුවරැ උතුරින් උතුරු දිගට වැඩම කරවා, උතුරු වහසල් දොරින් නුවරට පිවිස්වා, නුවරැ මැදින් නුවරැ මැදට පමුණුවා පෙරදිගැ වහසල් දොරින් පිටතට වැඩම කරවා, නුවරට පෙර දිගැ වූ මල්ල රජුන්ගේ මුකුටබන්ධන නම් යම් සෑයෙක් (මංගල ශාලාවෙක්) වී ද එහි තැන් පත් කළා හ.



117. ඉක්බිති කුසිනාරා පුරැ මල්ල රජුහු “අනඳ තෙරුන් වහන්ස, කෙසේ අපි තථාගතයන් වහන්සේගේ සිරි සිරුරෙහි පිළිපදිමු දැ?” යි අනඳ තෙරුන් විචාළහ. “වාසිෂ්ඨයෙනි, සක්විති රජුගේ සිරුරෙහි යම් සේ පිළිපදිත් ද, තථාගතයන් වහන්සේගේ සිරි සිරුරෙහි ද එසේ ම පිළිපැදියැ යුතු” යැ යි අනඳ තෙරණුවෝ වදාළහ. ‘අනඳ තෙරුන් වහන්ස, සක්විති රජුගේ සිරුරෙහි කෙසේ පිළිපදිත් දැ?’ යි මල්ල රජුහු විචාළහ. “වාසිෂ්ඨයිනි, සක්විත්තහුගේ සිරුර අළුත් වතින් වෙළත්. අළුත් වතින් වෙළා මොනොවට නඟා පෑදු කපුපුළුනින් වෙළත්. නඟා පෑදු කපුපුළුනින් වෙළා (යළි) අළුත් වතින් වෙළත්. මේ නයින් යුගල පන් සියෙකින් සක්විති රජුගේ සිරුර වෙළා, රන්මුවා තෙල් දෙණෙක බහා අන් රන්මුවා දෙණෙකින් වසා, සියලු වගයේ සුවඳ දරින් දර සෑයක් තනා, සක්විති රජුගේ සිරුර දවත්. සිවුමං හන්දියෙක සක්විති රජුට (ඔහු සිරුරැ ඉතිරි වූ අලු ඈ නිදන් කොට) ස්තූපයක් නංවත්. වාසිෂ්ඨයෙනි, සක්විති රජුගේ සිරුරෙහි මෙසේ පිළිපදිත්. වාසිෂ්ඨයෙනි, සක්විති රජුගේ සිරුරෙහි යම් සේ පිළිපදිත් ද ,එසේම තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයෙහි ද පිළිපැද්ද යුතු. සිවුමං හන්දියෙකැ තථාගතයන් වහන්සේ ට (ඔබ ශාරීරික ධාතූන් නිදහන් කොට ස්තූපක් කළ මනා ය. එහි යම් කෙනෙක් මල් හෝ සුවඳ හෝ ... නඟන්නාහු (පුදන්නාහු) හෝ වෙත් ද, ආදරයෙන් වඳින්නාහු හෝ වෙත් ද, සිත පහදවන්නාහු හෝ වෙත් ද, එය ඔවුනට බොහෝ කල් වැඩ පිණිස සුව පිණිස වන්නේ යැ” යි අනඳ තෙරණුවෝ වදාළහ.



ඉක්බිති කුසිනාරා පුර වැසි මල්ල රජුහු පුරුෂයන් බණවා ‘එසේ නම් සගයිනි, මල්ල රටැ ඇති නඟා පාදන ලද කපුපුළුන් එක් තැන් කරවු’ යැ යි ඇණැවූහ. එයට පසු කුසිනාරා පුරැ වැසි මල්ල රජුහු භගවත් බුදුරජුන් සිරි සිරුර අළුත් වතින් වෙළූහ. අළුත් වතින් වෙළා නඟා පාදන ලද කපු පුළුනෙන් වෙළූහ. නඟා පාදන ලද කපු පුළුනෙන් වෙළා, නවමු වතින් යලි වෙළූහ. මෙ නයින් යුගල පන්සියෙකින් භගවත් බුදුරජුන් සිරි සිරුර වෙළා, රන්මුවා තෙල් දෙණෙකැ බහා අන් රන්මුවා දෙණෙකින් වසා සියලු වගයේ සුවඳ දරින් චිතකයක් කොට, භගවත් බුදුරජුන්ගේ ශ්‍රී දේහය එයට නැඟූහ.



මහකසුප් තෙරුන් වැඩම කිරීම:



118. එසමයෙහි වූ කලි මහකසුප් තෙරණුවෝ පාවා නුවරින් කුසිනාරාව බලා පන්සියක් පමණ වූ මහ බික් සඟන කැටුවැ දික් මඟට පිළිපන්නාහු වෙත්. එ කලැ මහසුප් තෙරණුවෝ මහ මඟින් ඉවත් වැ, එක්තරා රුකක් මුලැ වැඩ හුන්හ. එ සමයෙහි එක්තරා ආජීවකයෙක් කුසිනාරා නුවරින් මදාරා මලක් ගෙන පාවා නුවර බලා අදන් මඟට පිළිපන්නේ වෙයි. මහකසුප් මහතෙරණුවෝ දුරැ ම එන ඒ ආජීවකයා දුටුහු. දැක “ඇවැත්නි, අප ශාස්තෲන් වහන්සේ දනිවු දැ” යි විචාළාහ. “එසේ ය, ඇවැත්නි, දනිමි. අදට මහණ ගොයුමාණෝ පිරිනිවී සත් දවසක් ඇත්තෝ යැ. මා විසින් එ තැනින් මේ මදාරා මල ගන්නා ලද යැ” යි ආජීවක කී ය. එහි යම් අවීතරාග මහණ කෙනෙක් වූහු ද, ඔහු “ඉතා වහා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී සේක, ඉතා වහා සුගතයන් වහන්සේ පිරිනිවී සේක, ඉතා වහා ලොව ඇස අතුරුදහන් වි යැ” යි ඇතැම් කෙනෙක් දෝත් හුවා හඬත්, ඇතැම් කෙනෙක් මැදින් බුන් රුකක් සෙයින් ඇද වැටෙත්, හොත් තැනට පෙරැළී එත් හොත් තැනින් ඔබ්බට පෙරැළි යෙත්. යම් විතරාග මහණ කෙනෙක් වුහු ද, ඔහු ‘සංස්කරයෝ අනිත්‍යහ. ඔහු ‍ නො නැසෙත් යන යමෙක් ඇද්ද, එය මෙහි කොයින් ලැබේ දැ!’ යි එළැඹැවූ සිහි ඇත්තාහු, නුවණින් දන්නාහු ඉවසා සිටිත්.



119. එ සමයෙහි සුභද්‍ර නම් වූ මහළු කලැ පැවිදි වූයෙක් එ පිරිසැ හුන්නේ වෙයි. එ විටැ සුභද්‍ර මහළු පැවිදි තැන ඒ භික්‍ෂූනට “ඇවැත්නි, කම් නැත. නහමක් සොවිවු. නහමක් වැලැපෙවු. අපි ඒ මහා ශ්‍රමණයා ගෙන් මොනොවට මිදුණම්හ. ‘මෙය තොපට කැප වෙයි, මෙය තොපට නො කැප වේ’ යැ යි අපි ඔහුගෙන් උපද්‍රැතයෝ වමු. දැන් වනාහි යමක් අපි කැමැති වන්නමෝ ද, එය කරන්නමු, යමක් නො කැමැති වන්නමෝ ද, එය නො කරන්නමු” යි කීය. එ කලැ මහසුප්‍ තෙරණුවෝ භික්‍ෂූන් අමතා “ඇවැත්නි, කම් නැත. නහමක් සොවිවු, නහමක් වැලපෙවු. ඇවැත්නි, ප්‍රිය මනාප හැම දැයින් ම ඉවත් වීම, වෙන් වීම, අන් සැටියෙකින් වීම යන යමෙක් ඇද්ද, මෙය කල් තබා ම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ නො වේ ද? යමෙක් උපන්නේ ද, වූයේ ද, සැකැසුණේ ද. පලුදු වන සුලු ද, එසේ වූ තථාගතයන් වහන්සේගේ සිරුර ද පලුදු නො වේව’ යි යන ඒ කරුණ කොයින් මෙහි ලැබෙන්නේ ද? මෙ කරුණ විද්‍යාමාන නො වේ” යැ යි වදාළහ.



120. එසමයෙහි පාමොක් මල්ල රජුහු සිවු දෙනෙක් හිස් සෝදා නා නවමු වත් හැඳ ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ චිතකයට ගිනි අවුලු වන්නම්හ’ යි (යත්න කරන්නාහු දු) ගිනි අවුලුවන්නට නො හැකි වෙත්. එ විට කුසිනාරාවාසී මල්ල රජුහු ‘වහන්ස, අනුරුත් තෙරුනි, මේ පාමොක් මල්ල රජුහු සතර දෙනා හිස් සෝදා නා නවමු වත් හැඳ ‘අපි භෘග්‍යවතුන් වහන්සේගේ චිතකයට ගිනි අවුලුවන්නම්හ’ යි යත්න කරන්නාහු දු, යම් හෙයෙකින් ගිනි අවුලුවන්නට නො හැකි වෙත් ද, ඒ හේතුව කවර යැ? ඒ ප්‍රත්‍යය කවර යැ?” යි අනුරුත් තෙරුන් විචාළහ. “වාසිෂ්ඨයෙනි, දේවතාවන්ගේ අදහස අන් පරිද්දෙකිනැ” යි අනුරුත් තෙරුණුවෝ වදාළහ. “වහන්ස, දේවතාවන්ගේ අදහස කෙසේ වේ දැ?” යි මල්ල රජුහු පුළුවුත්හ. “වාසිෂ්ඨයෙනි, මේ මහසුප් තෙරණුවෝ පාවා නුවරින් නික්මැ කුසිනාරාව බලා පන්සියක් පමණ වූ මහ බික්සඟන සමග අදන් මඟ පිළිපන්හ. ‘මහසුප් මහ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා නොවඳනා තාක් භාග්‍යවතුන් වහන්සේගේ චිතකය ගිනි නො ගනී වා’ යනු දේවතාවන්ගේ අදහස වේ යැ” යි අනුරුත් තෙරණුවෝ වදාළහ. “වහන්ස, දේවතාවන්ගේ අදහස යම් සේ ද, එසේ වේ වා” යි මල්ල රජුහු කීහ.



121. ඉක්බිත්තෙන් මහකසුප් තෙරණුවෝ කුසිනාරා නුවරැ මුකුට බන්ධන නම් මල්ලයන්ගේ චෛත්‍යය යම් තැනෙක ද, භාග්‍යවතුන් වහන්සේගේ චිතකය යම් තැනෙක ද, එතැනට එළැඹියාහ. එළැඹ සිවුර එකස් කොට දොහොත් නඟා තුන් වටක් චිතකය පැදකුණු කොට, හිස් නමා භගවත් බුදු රජුන්ගේ සිරි පා වැන්දාහ. ඒ පන්සියක් භික්‍ෂූහු ද සිවුර එකස් කොට දොහොත් නඟා තුන් වටක් චිතකය පැදකුණු කොට, හිස නමා භගවත් බුදුරජුන්ගේ සිරි පා වැන්දාහ. මහසුප් තෙරුන් විසින් ද ඒ පන්සියක් භික්‍ෂූන් විසින් ද භාග්‍යවතුන් වහන්සේගේ සිරි පා වඳනා ලද කල්හි, භගවත් බුදුරජුන්ගේ චිතකය තෙමේම ගිනි ගත.



122. දැවෙන්නා වූ, භගවත් බුදුරජුන් සිරි සිරුර සිවියැ යි හෝ සම යි හෝ මසැ යි හෝ නහරැ යි හෝ සඳමිදුලුයැ යි යමෙක් වී ද, එහි අළු නො ම පැනිණ, දැලි ද නො ම පැනිණ. ශාරීරික ධාතුහු ම ඉතිරි වූහ. යම් සේ දැවෙන ගිතෙලැ හෝ තලතෙලැ අළුයෙක් නො ම පැනේ ද, දැලියෙක් නො ම පැනේ ද, එසේ ම දැවෙන, භගවත් බුදුරජුන් සිරි සිරුරැ සිවි යැ යි හෝ සමැ යි මසැ යි නහරැ යි හෝ සඳමිදුලු යැ යි යමෙක් වී ද, එහි අළු ද නො පැනිණ, දැලි ද නො පැනිණ, ශාරීරික ධාතුහු ම ඉතිරි වූහ. ඒ පන්සියක් වස්ත්‍ර යුගලයන් අතුරෙන් ද යම් වස්ත්‍රයෙක් හැමට යැටින් වී ද, යම් වස්ත්‍රයෙක් හැමට පිටින් වී ද, ඒ වස්ත්‍ර දෙක ම නො දැවිණ. භගවත් බුදුරජුන් සිරි සිරුර දැවුණු කල්හි අහසින් දිය දහර පහළ වැ චිතකය නිවී ය. වටා සිටි සල් රුක් හි අතු පතරින් ද ජලය මතු වී චිතකය නිවී ය. කුසිනාරාවාසී මල්ල රජුහු ද හැම වර්ගයේ සුවඳ කැවු සුවඳ දියෙන් භගවත් බුදුරජුන්ගේ චිතකය නිවූහ.



ඉක්බිති කුසිනාරා වැසි මල්ල රජදරුවෝ සන්ථාගාරයේ අඩයැටි මැදිරියක් කොට දුනුපවුරක් වටා ලවා භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූන් එහි තුළට වැඩම කරවා නැටුමෙන් ගීයෙන් වැයුමෙන් මලින් සුවඳින් පුරා සත් දිනක් ගරු කළහ, බුහුමන් කළහ, පිදූහ.



ශාරීරික ධාතුන් බෙදීම:



122. වේදේහී පුත්‍ර වූ මගධාධිපති අජාසත් රජ ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවි සේක් ලැ’ යි ඇසී ය. එ කලැ වේදේහි පුත්‍ර මගධාධිපති අජාසත් රජ කුසිනාරා වැසි මල්ල රජදරුවනට “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රිය වූ සේක. මම ද ක්‍ෂ‍්‍ත්‍රියයෙකිමි. මම් ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් ගෙන් කොටසක් ලබන්නට සුදුස්සෙමි. මම් ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් පිණිස ස්තූපයක් ද පුද උළෙලක් ද කරන්නෙමි” යි කියා දූතයකු යැවී ය.



විසල් පුර වැසි ලිච්ඡවී රජචරුවෝ ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහිදී පිරිනිවි සේක් ලැ’ යි ඇසූහ. එ කලැ විසල් පුරැ වැසි ලිච්ඡවී රජුහු කුසිනාරා වැසි මල්ලයනට “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රිය යෝ ය. අපි දු ක්‍ෂත්‍රිය යම්හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් කොටසක් ලබන්නට සුදුස්සම්හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද කරන්නමු. පුද උළෙල ද කරන්නමු” යි දූතයකු යැවූහ.



කිඹුල්වත් පුරැ වැසි ශාක්‍ය රජදරුවෝ “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවි සෙක් ලැ” යි ඇසූහ. ඉක්බිති කිඹුල්වත් වැසි ශාක්‍යයෝ කුසිනාරාහි වැසි මල්ලයනට “භාග්‍යවතුන් වහන්සේ අපේ ශ්‍රේෂ්ඨ නෑයෝ ය. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් ගෙන් කොටසක් ලබන්නට සුදුස්සම්හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූනට ස්තූපයක් ද කරන්නෙමු, පුද උළෙලක් ද කරන්නෙමු” යි කියා දූතයකු යැවූහ.



අල්ලකප්ප රට වැසි බුලි රජුහු “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දි පිරිනිවි සේක් ලැ” යි ඇසූහ. ඉක්බිති අල්ලකප්ප රව වැසි බුලි රජදරුවෝ කුසිනාරාහි වැසි මල්ලයනට “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රියයෝ ය, අපි ද ක්‍ෂත්‍රියම් හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූන් කොටසකට සුදුසු වමු. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූනට ස්තූපයක් ද කරන්නමු, පුද උළෙල ද කරන්නමු” යි දූතයකු අත කියා යැවූහ.



රඹගම් නුවරැ වැසි කෝලිය රජුහු “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා හිදී පිරිනිවී සේක් ලැ” යි ඇසූහ. ඉක්බිති රඹගම් වැසි කෝලිය රජදරුවෝ “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රිය වූ සේක. අපි දු ක්‍ෂත්‍රියයම් හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් කොටසක් ලබන්නට සුදුසු වමු. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූනට ස්තූපයක් කරන්නමු, පුද උළෙලක් ද කරන්නමු” යි දූතයකු අතැ කියා යැවූහ.



වේඨදීප නගරාධිපති බ්‍රාහ්මණ තෙමේ “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවී සේක් ලැ” යි ඇසී ය. ඉක්බිති වේඨදීපක බමුණු තෙමේ “භාග්‍යවතුන් වහන්සේ වූ කලි ක්‍ෂත්‍රියයෙක. මම බමුණෙකිමි. මම් දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූන් කොටසක් ලබන්නට සුදුස්සෙමි. මම් දු භාග්‍යවතුන් වහන්සේගේ ධාතූනට ස්තූපයක් කරන්නෙමි, පුද උළෙල ද කරන්නෙමි” යි කියා කුසිනාරා පුරවැසි මල්ලයනට දූතයකු යැවී ය.



පාවා නුවරැ වැසි මල්ලරජහු “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවි සේක් ලැ” යි ඇසූහ. ඉක්බිති පාවා පුරැ වැසි මල්ලයෝ “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රිය වූ සේක. ඇපි දු ක්‍ෂත්‍රියයම් හ. ඇපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූන් කොටසක් ලබන්නට සුදුස්සම්හ. ඇපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූනට ස්තූපයක් කරන්නමු, පුද උළෙල ද කරන්නෙමු” යි කියා කුසිනාරා වැසි මල්ලයනට දූතයකු යැවූහ.



මෙසේ කී කල්හි කුසිනාරා වැසි මල්ල රජුහු ඒ රාජ සමූහයනට, ඒ රාජගණයනට “භාග්‍යවතුන් වහන්සේ අප ගම්කෙතෙහි පිරිනිවි සේක. අපි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතු කොටස් නො දෙන්නෙමු” යි කීහ.



123. මෙසේ කී කල්හි ද්‍රෝණ බ්‍රාහ්මණ තෙමෙ ඒ රාජසමූහයන් ඒ රාජගණයන් බණවා මෙ වදන් පැවැසී ය:



“පින්වත්නි, මගේ මේ එක් වචනය අසත් වා.



අප බුදුරජහු ක්‍ෂාන්තිවාද වූහ.

උතුම් පුඟුලක්හුගේ සිරුරු කොටස්

නිමිති කොට අවියෙන් ඇන කොටා ගැන්මෙක්

වන්නේ නම්, මෙය නො මැනැවි.



භවත්නි, අපි හැම දෙනා ම එක්සිත් වැ එකමුතු වැ,

සතුටු වෙමින් ධාතූන් අට කොටසක් කරමු.

ඒ ඒ දෙසැ ස්තූපයෝ පැතිර පවත්නෝ වෙත් වා.

(ඒ හැම දෙසැ) පසැසියාණන් වහන්සේට

පැහැදුණු බොහෝ ජනයෝ වෙත්” යනු යි.



124. (බමුණු මෙසේ කී කල්හි) “බමුණාණනි, එසේ වී නම් ඔබ ම භාග්‍යවතුන් වහන්‍සේගේ ශාරීර ධාතූන් අට කොටසකට සම සේ මනා කොට බෙදන්නැ” යි ඒ රජදරුවෝ කීහු. ‘එසේ යැ පින්වත්නි’ යි කියා ම ද්‍රෝණ බ්‍රාහ්මණ තෙම ඒ රජමුළුවනට ඒ ගණයනට පිළිවදන් දී, භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූන් සම සේ අට කොටසකට මොනොවට බෙදා ඒ රාජ සමූහයන් ගණයන් බණවා, “භවත්නි, මට මේ (ධාතු බෙදූ) නැළිය දෙත්වා. මම් ද මේ නැළියට ස්තූපයක් කරන්නෙමි. පුද උළෙලක් ද කරන්නෙමි” යි මේ බස් පැවැසී ය. ඔහු ද්‍රෝණ බ්‍රාහ්මණයාට නැළිය දුන්නාහු ම ය.



පිප්පලී වන නගර වාසී මෝරිය රජ දරුවෝ “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවි සේක් ලැ” යි ඇසූහ. ඉක්බිති පිප්පලිවන නුවරැ වැසි මෝරිය රජුහු කුසිනාරා වැසි මල්ල රජුනට “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රිය වූ සේක. අපි දු ක්ෂත්‍රියයම් හ. අපිදු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු කොටසක් ලබන්නට සුදුස්සම්හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූනට ස්තූපයක් කරන්නමු, පුද උළෙල ද කරන්නමු” යි කියා දූතයකු යැවූහ. “භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු කොටසක් (ඉතිරි වැ) නැත. භාග්‍යවතුන් වහන්සේගේ සියලු ශාරීර ධාතූහු බෙදා දෙන ලදහ. මෙයින් අඟුරු ගෙනයවු” යැ යි මල්ල රජුහු කියා යැවූහ. ඒ පිප්පලීවනික රජුහු ද (ආදාහනස්ථානයෙන්) අඟුරු ගෙන ගියහ.



දා සෑ පුද:



124. ඉක්බිත්තෙන් වෛදේහී පුත්‍ර වූ මගධාධිපති අජාසත් රජ රජගහ පුරයෙහි භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කෙළේ ය. විසල් පුරැ වැසි ලිච්ඡවීහු ද භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූනට විසල් පුරැ ස්තූපයක් ද පුද උළෙලක් ද කළහ. කිඹුල්වත් වැසි ශාකයෝ ද භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කිඹුල්වත් පුරැ කළාහ. අල්ලකප්ප රටැ බුලි රජුහු ද අල්ලකප්ප නුවරැ භගවත් බුදුරජුන‍්ගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. රඹගම් වැසි කෝලිය රජුහුද රඹගම් නුවරැ (Ramgram Municipality)භගවත් බුදුරජුන්ගේ ධාතූනට ස්තූපයක්ද පුද උළෙලක්ද කළාහ. වේඨදීප නුවරැ වැසි බමුණුද වේඨදීපයෙහි භගවත් බුදුරජුගේ ශාරීරික ධාතූනට ස්තූපයක්ද පුද උළෙලක් ද කළාහ. පාවා නුවරැ වැසි මල්ලයෝ ද පාවා නුවරැ භගවත් බුදුරජුන්ගේ ධාතූනට ස්තූපයක්ද පුද උළෙලක් ද කළාහ. කුසිනාරා පුරැ වැසි මල්ල රජුහු ද භගවත් බුදුරජුන්ගේ ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. ද්‍රෝණ බමුණු ද (ධාතූන් මිනූ) නැළියට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. පිප්ලීවන නුවරැ වැසි මොරිය රජුහු ද පිප්පලීවන නුවරෙහි (ආදාහන කළ තැනින් ගෙනා) අඟුරු පිණිස ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. මෙසේ ශාරීරික ධාතූන් තැන්පත් කළ ස්තූප අටෙක, නැළිය තැන්පත් කළ නව වැනි ස්තූපය, දස වැනි අංගාර ස්තූපයැ යි සියලු ස්තූප දශයෙක. මෙසේ මේ දස ස්තූප පළමුවෙන් වී ය.



125. පසැස් ඇති බුදුරජුන්ගේ සිරුරැ ධාතූහු ද්‍රෝණ අටෙකි. එයින් ද්‍රෝණ සතක් ධාතූන් දඹදිවැ පුදත්. පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ එක් ද්‍රෝණයක් ධාතූන් රඹගමැ නාරජුහු පුදති. එක් දළදායෙක් වූ කලි දෙවියන් විසින් පුදනු ලැබේ. එක් දළදායෙක් ගන්ධාර පුරයෙහි පුදනු ලැබේ. යලි තව ද දළදායෙක් කළිඟු රජුගේ රටෙහි පුදනු ලැබේ. තව එක් දළදාවක් (නාලොවැ) නා රජුහු පුදති. ඒ සතර දළදා වහන්සේගේ තෙදින් මේ මුළු පොළොව ශ්‍රේෂ්ඨ පූජෝත්සවයෙන් සැරැසුණේය. මෙසේ පසැසියාණන්ගේ සිරුරුදා සෙසු ජනයා විසින් මොනොවට සත්කාර කරනු ලැබේ. දෙවියන් විසින් ද රජුන් විසින් ද මනා ව සත්කෘත විය. දෙවිඳු විසින්ද නයිඳුන් විසින්ද නිරිඳුන් විසින් ද එසේම උතුම් මිනිසුන් විසින් ද පුදන ලද ඒ බුදු රජ තෙම ඒකාන්තයෙන් කල්ප සිය ගණනෙකිනුදු දුර්ලභ ය. දොහොත් මුදුනැ තබාගත්තෝ වැ ඔබ නමදි වු.



සම සාළිස් දන්තධාතූන්ද කේශ ධාතූන්ද ලෝමධාතූන්ද එක එකක් පාසා සක්වළ පිළිවෙළින් දෙවියෝ ගෙන ගියහ.





[නිමි.]



For non-commercial distribution only. - Free for republishing.